2012/06/30

අද කාටුන් - 20 - ටෙන්ඩර් කැදවීමයි ! | බ්ලොග් ලියන ධනවතුන් හා ධනවතීලාට

01. priyantha June 28, 2012 4:41 PM

මේකේ සිත්තරේ නැද්දෝ...:(

03.අසේල June 28, 2012 1:04 PM
ඇයි චිත්‍රයක් නැත්තෙ.....

02.හසී June 27, 2012 9:48 PM
සිත්තරා නිවාඩු ගිහින් ද?

03.පරිකල්පන June 27, 2012 7:45 PM
කෝ සිත්තරේ...?

04.සෙන්නා June 27, 2012 3:32 PM
හැකියාවයි, උපකරනයි තියන එකේ, සිත්තරේකුත් දැම්මනම් නරකද.. ?

05.Beetle June 27, 2012 10:38 AM
මේකට සිත්තරයක් නැති එක නම් වස පාඩුවක්...

06. Sahan WeerasingheJune 27, 2012 9:34 AM
ඒකනේ දැං සිත්තර එන්න එන්නම අඩු වෙනවා,,, මටත් දැං එපාවීගෙන එන්නෙ...

07.වෙද ගෙදර මහ වෙදනාJune 27, 2012 9:12 AM
නරකද මේ ගැන ලස්සන රූපයක් ඇන්දොත්. විදෙස් සිත්තරා නම් කැමති ඇති.

මේ  පහුගිය දවසක පලවුනු වුනු සොත්ති සපත්තුව කතාවට ලැබුනු ප්‍රතිචාර කිහිපයක්.

කතාවලට සිත්තර නැති වුනු එක, සෙනසුරාදාට විතරක් සිත්තර පලවෙන එක ඉබේ සිද්ධ උනු දෙයක් නෙමේ. ඒ කාලෙ ඉදන් සයිබර් යායට ගොඩවෙලා මේකෙ වෙන දේවල් ගැන ඇහැගහගෙන ඉදලා සිත්තර ගැන මට උපදෙස් දුන්නු පොරක්ගෙ කියමනකට අනුවයි මේ දේවල් සිද්ද උනේ.

ඒ කාලේ මම එයාව එච්චර දන්නෑ. ඒත් දවසක් මට ලිඛිත මාර්ගයෙන් කතා කලා.

පොර - මසං... මම අහවල් බ්ලොග් එක ලියන අහවලා. මසං... මං පොඩි දෙයක් කියන්නං උඔ තරහ වෙනවද?
මම -  ඉතිං කියාපං.... මම මොකටද තරහා වෙන්නෙ......!
පොර -  මසං... උඔගේ ලියුම් වලට සිත්තර දැමිල්ල නැගලා යනවා නේද?
මම - නැතුව අපි වැඩක් කලොත් දන්නවනේ.......
පොර -  මසං... තව සිත්තර දෙක තුනක් දාලා ඕක නවත්තපන්....
මම -  වට් නොංසං... ආ යු මෑඩ්....!
පොර -  නෝ..මේට්! මේ අහපන්....එතකොට අගේ වැඩි වෙනවා. ඉදලා හිටලා එකක් දාපන්... ටික දවසක් යද්දි උඔගෙන් කට්ටිය "සිත්තර දාන්නෙ නැද්ද?, සිත්තර දාන්නෙ නැද්ද?" කියලා අහන්ඩ ගනියි. ඕක පොඩ්ඩක් ඩිමාන්ඩ් කරාපං.....!
මම - එහෙමද? ටැංකොයි!.... උඔලා වගේ අදහස් දක්වන අය ඉන්න එක මට ලොකු හයියක්. 


ඔය පොර ඔතනින් නැවතුනේ නෑ. ජාත්‍යන්තර මට්ටමේ කාටුන් වෙබ් අවඩි වල ලින්ක් එහෙමත් මහ ගොඩක් මට එව්වා. ඒවා බලලා ඉගෙන ගන්න කියලා.


ඉතින් මම මිනිහව විශ්වාස කලා. ඒ අනුව කතන්දර වලින් සිත්තර අයින් කරලා සෙනසුරාදාට විතරක් ඒවා දැම්මා. ඔන්න දැං මිනිහා කිව්ව විදිහට වැඩේ පත්තුවෙලා. සිත්තරේ නැතුව සමහරුන්ට කෑවත් නොකෑවා වගේලු. කිව්වට පිළිගන්ඩ මේල් සිය ගාණකින් මගේ ඉන්බොක්ස් එකත් පිරිලා මේ වගේ ඉල්ලීම් වලින්. (ඉන්බොක්ස් එක මට විතරයි නේද පේන්නෙ?)

වැදගත් ම දේ ඒ එක නෙමේ පින්වතුනි, මිනිහා ව මම මගේ සිත්තර උපදේශක තනතුරට පත්කර ගත්තා. අඩු වයසින් ම මිනිහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන ලකුණු පෙන්නුම් කරනවා. එකක් තමා මට එක උපදේශක් දීලා ජනතාව ඉදිරියේ, සොරි! ඕගොල්ල ඉදිරියේ ඕගොල්ලන්ගේ පැත්තට කතා කරන එක. ඔය ඉහල සිත්තර ඕනෑ කියලා කමෙන්ට් කරපු කට්ටිය අතර එයත් කමෙන්ට් කරලා. බලන්ඩකෝ හැමදේම මිනිහා හරි ඉක්මනට අල්ලගන්න හැටි.

ඉතින් මේ විදිහට භාණ්ඩයක හරි සේවාවක හරි ඉල්ලුම වැඩි වෙද්දි මොකද වෙන්නෙ. ඒකේ අගය ඉහල යනවා. එතකොට මොකද කරන්නෙ. එක්කෝ හොඳ ගාණකට විකුණලා දානවා. නැත්තම් අනුග්‍රාහකයෝ ‍කට්ටියක් අල්ලාගෙන වැඩේ ලාබ පිට කරගෙන යනවා.

ඔය විදිහට කල්පනා කරලා බලලා අපි තීරණය කලා "සොත්ති සපත්තුව" කතාවේ සිත් ගත් අවස්ථා කිහිපයක් ඇතුලත් කාටුන් සිත්තර ටිකක් ඇඳලා දාන්න. හැබැයි ඒවා පලකරන්නෙ ඒ ඒ අවස්ථාවන් හා චරිත වලට අනුග්‍රහකයෝ ටිකක් හොයාගන්න පුලුවන් උනොත් විතරයි.

ඔය ගැන කියලා අපි කෙටි දැන්වීමක් දැම්මා කමෙන්ට් එකක් හැටියට. ඒ අවස්ථාවේදීම මේ වැඩසටහනේ වටිනාකම තේරුම් ගත්තු ධනපති බ්ලොග්කාරයෝ ටිකක් වහාම අනුග්‍රහය දෙන්න ඉදිරිපත් උනා. වැඩේ කියන්නෙ හැමදේම ඉක්මනට තේරුම් යන බ්ලොග් ලියන ධනවතීලට ඒක තේරුම් ගන්ඩ ටිකක් වෙලා ගිහිල්ලා.

මේ තියෙන්නෙ ඒකට උදාහරණ.

01. අනුග්‍රහය දක්වන්නේ මොකටද අනේ. ඒකත් විස්තර කරලා දෙන්ට. (කමෙන්ට් මාර්ගයෙන්)
02. මොකද්ද අනේ ඒ කේෂ් එක.... චිත්තෙකුත් අඳින්ඩ ඕනිද? (චැට් මාර්ගයෙන්)
03. ආ... මං හිතුවා අපි එක එක්කෙනා ඇඳලා එව්වම ඔයා ඒ සංඝටක ටික එකට සම්පින්ඩනය කරලා දානවයි කියලා... හිකිස්..... (දුරකතන මාර්ගයෙන්)

ඔය හේතුව හන්දා අපි තීරණය කලා සම්පුර්ණ පැහැදිලි කිරීමක් එක්ක නියමිත ටෙන්ඩර් පටිපාටිට අනුගමනය කරලා ප්‍රසිද්ධ ලියමනක් දාන්ඩ. ඒ අනුව ඊයේ දවසේ චරිත මිල දී ගත්තු අයගේ ගනුදෙනු අවලංගු වෙනවා. ඒකට සමාවත් භජනය කරනවා.

අනික මේ වැඩේ නියමිත ක්‍රියාපටිපාටියට කලේ නැත්තං ඕගොල්ල කියයි,  "මේං මෙච්චි විතර දැන්වීමක් දාලා තිබුනේ... ඒක අපි දැක්කෙත් නෑ. වගකිවයුතු ආයතනයක් හැටියට මෙහෙමද ඕගොල්ල වැඩ කරන්නෙ.... නඩුත් හාමුදුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ..... වෙනටද පිටුවක් පුරෝලා ඇඩ් දානවා. මේකට මෙච්චිම මෙච්චි කොමෙන්ට් කෑල්ලක් ඉතරයි..... අපිට මේ සිද්ධි දාමය ගැන සාධාරණ මෙව්වා එක්ක පහල වෙනවා..... වහාම මේ ටෙන්ඩර් එක අවලංගු කරලා නැවත තියන්න" වගේ කතා.


ඒක හින්දා ඉතාමත් පැහැදිලිව නිරවුල් ව පහත දක්වලා තියෙන විස්තර කියවලා ඕගොල්ලන්ටත් පුලුවනි අනුග්‍රාහකයෙක් වෙන්න.

කොන්දේසි -
01. ඔබ කල යුත්තෙ පහතින් අප දක්වා ඇති චරිත හා අවස්ථාවන්ගෙන් ඔබ කැමති චරිතයක් හෝ අවස්ථාවක් තෝරාගෙන අනුග්‍රහය දැක්වීමයි.
02. රුපියල පාවෙන නිසා සියලු ගණුදෙනු යුරෝ මගින් සිදු කෙරේ.
03. එක් පුද්ගලයෙකුට ලබාගත හැක්කෙ එක් අනුග්‍රාහකත්වයක් පමණි. ඔබ කැමති දේට දැනටමත් අනුග්‍රහය දක්වා ඇති නම් ඔබට සම අනුග්‍රහය හිමිවේ.


අනුග්‍රාහකත්වය ලබා ගත හැකි චරිත, අවස්ථා හා ඒවායේ මිල ගණන්.
‍‍01. පන්ති නායක. :- යුරෝ - 2,500
02. පද්මිණී ටීචර්.:- යුරෝ - 4,500
03. පොර කන අවස්ථාවේදී නැගෙන දුවිල්ල සහ එයින් පිටවෙන ළමයා. :- යුරෝ - 4,500
04. සිත්තරයේ උඩින්ම යොදන මාතෘකාව.:- යුරෝ - 9,500
05. රබර් බෝලය. :- යුරෝ - 6,800
06. කලු කොටුව :- යුරෝ - 6,900
07 .ඉඳි ආප්ප භාජනය (ටීචර්ලාගේ අතුත් සමඟ). :- යුරෝ - 22,000
08. නව සොයා ගැනීම කියවෙන වැකිය. :- යුරෝ - 45,000
09. නිරූපා ටීචර්.:- යුරෝ - 65,000
10. සපත්තුවේ සිට ඇඳි කඩ ඉරි පේලිය. :- යුරෝ - 76,000
11. අවසන් ජවනිකාවට පණ පොවන නලින්.:- යුරෝ - 90,000
12. සපත්තුව. :- යුරෝ - 96,000
13. කෙහෙල්කොටුව පාපන්දු කණ්ඩායම. :- යුරෝ - 10,000,000
14. කෙහෙල්කොටුවේ චුටි මහත්තයා.:- යුරෝ - 1,000,000,000,000,000,000


උදාහරණ - මෙහි දැක්වෙන රූප බලන්න. ඹයිට හපං අනිත් එව්වා.




අනුග්‍රහය ලබා ගන්නා ආකාරය.
01. මුලින්ම ඔබ කැමති චරිතය තෝරාගන්න.
02  එහි අංකය සහ නම සටහන් කරන්න.
03. එම චරිතයට ඔබ අනුග්‍රහය දක්වන්නෙ ඇයි දැයි සටහන් කරන්න.
04. ඔබගේ අනුග්‍රහය සමග යෙදිය යුතු වැකියක් ඇතොත් සටහන් කරන්න.


උදා- 
අපි හිතමු සෙන්නා මහතා චුටි මහත්තයා දැක්වෙන සිත්තරේට අනුග්‍රහය දක්වනවයි කියලා. එතකොට වෙන්නෙ මෙහෙමයි.

14.කෙහෙල්කොටුවේ චුටි මහත්තයා. - මම මේ චරිතයට අනුග්‍රහය දක්වන්න තීරණය කලේ ඔහු හැබෑ දක්ෂයෙක් නිසයි. අනික හරිම ක්‍යුට් අනේ. ලොකු වෙද්දි රටට වැඩදායි පුරවැසියෙක් වෙනවා නොඅනුමානයි.
අනුග්‍රාහක වැකිය - සෙන්නා - කුරුන්දට ආවොත් ඉතිං සොරිම තමා.....!


(සැලකිය යුතුයි - මේ කොටස් හතර අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතු අතර අඩක් සම්පූර්ණ ඇති අනුග්‍රාහකයින් ඉවත් කෙරේ. ඔවුන් ගෙවා ඇති මුදල් මකර කටට බැර කෙරේ.)


ප්‍රචාරණය - 
මෙම අනුග්‍රාහක දැන්වීම් ඇතුලත් අලුත්ම ආකාරයේ කාටුනය ජූලි 06 වන සෙනසුරාදා උදේ 6.00 සිට විකාශය වේ.

වැඩි විස්තර - 
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න. cyberlipi@gmail.com
...............................
- යුරො දෙකේ වීරයා.

ප/ලි -
විශ්වාස කටයුතු ආරංචියක් ආවා කට්ටියක් සූදානම් වෙලා ඉන්නවලු “චුටි මහත්තයට“ අනුග්‍රහය නොදී අනික්වට විතරක් අනුග්‍රහය දීලා, චුටි මහත්තයගේ ජනප්‍රියත්වේ අන්තිමට බැහැලා කියලා බොරු ප්‍රචාරයක් යවන්න. ඕගොල්ල නං මේකට අහුවෙන්ඩ එපා හොදේ!

84 ක් කියන්නේ !:

  1. 13. කෙහෙල්කොටුව පාපන්දු කණ්ඩායම

    මම මේ කණ්ඩායමට අනුග්‍රහය දක්වන්න තීරණය කලේ වෙන මොකුත් නිසා නෙවෙයි.. ඔය කණ්ඩායම මගෙ අනුග්‍රහය යටතට ආපු ගමන් මම කරන්නෙ ඕකෙන් අර කෙහෙල් කො‍රොට්ටාව කපලා දාන එකයි.. ඕකා ඉන්නකං ඔය ටීම් එකට මේ සම්මජ්ජාතියෙ මැච් එකක් දිනන්ට බෑ.. බුවාගෙ කට විතරයි..

    අනුග්‍රාහක වැකිය: "දැක්කොත් බුරා - හද ඉපිලෙයි බුර බුරා"

    පලි: මේ වෙලාවෙ යුරෝ හොයන්න යන්න මට වෙලාවක් නෑ.. මං ඒ ගානට හරියන්ට පවුං වලින් එවඤ්ඤා.. උඹ යුරෝවලට මාරුකරගනිං.. :)

    ReplyDelete
    Replies
    1. හිතවත් ගණුදෙනුකරුව,
      ඔබගේ අනුග්‍රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.

      ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්‍රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!

      ස්තුතියි.

      Delete
  2. 03. පොර කන අවස්ථාවේදී නැගෙන දුවිල්ල සහ එයින් පිටවෙන ළමයා.... මගේ ඩුප්ලිකේට් එකක් නිසා ,.,
    සුද්දා- අදවත් චූටි මහත්තයා මගෙ බ්ලොග් එකේ කමෙන්ට්ස් එකක් දානවනන්,., මේ තව ඇඩ් එකක් මම ගන්නවා ඈ ,., සීමාවක් නැහැනේ

    ReplyDelete
    Replies
    1. හිතවත් ගණුදෙනුකරුව,
      ඔබගේ අනුග්‍රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.

      ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්‍රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!

      ස්තුතියි.

      Delete
  3. 14.කෙහෙල්කොටුවේ චුටි මහත්තයා. - වෙන මොනවද ඉතින් මිනිහා මඩ කාරයලුනේ බේරිලා ඉන්න අනුග්‍රහයක්වත් දෙන්න ඕනි කියල හිතුනා .
    අනුග්‍රාහක වැකිය - සුද්දා - සුද්දගෙ බ්ලොග් එකේ එක රැයක් :D .....!

    ReplyDelete
  4. මේ කමෙන්ට් එක පබ්ලිශ් කොරන්න ඕනි නැහැ මහත්තයෝ,.,., මේ ,., මේ ඇත්තටම සල්ලි දෙන්න ඕනි නැහැනේ ,., මගෙ අතේ.. යුරෝ - 4,500 තියා ටොපි බාගයක් ගන්න සත50ක්වත් නැහැ ,.,

    ReplyDelete
    Replies
    1. සුදු මහත්තයා,
      හිතවත් ගණුදෙනුකරුව,
      ඔබගේ අනුග්‍රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.

      ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්‍රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!

      ස්තුතියි.

      Delete
  5. අම්මට උඩු

    ReplyDelete
  6. පෝස්ටුව පවුලේ නීතිඥයා වෙත යොමු කරලා ඔහුගේ අනුමැතිය ලැබෙන කල් බලා ඉන්නවා. :D:D:D

    මේ කතා කරන්නේ යුරෝ රුපියල්වලින් වෙන්ට ඇතිනේද?:)

    ReplyDelete
    Replies
    1. පොකු,
      අනුමැතිය ලැබුනෙ නැතිද?

      Delete
  7. මසං... ඇයි බන් පද්මිණීගෙ ටීචර්ගෙ ගාන අඩු??

    ReplyDelete
    Replies
    1. සුලඟ,
      සෙසු චරිත නොවැ....

      Delete
  8. මං එක වෙන්න නම් බෑ. චූටි මහත්තැ දැන් කොමෙන්ටු ටික හංගලා වෙන්ටැ.......

    මම ඉතිං සාමාන්‍ය පහේ හාවියක් නිසා ඔය ධනවතී නැන්දලා කරන එව්වා කරන්න බෑ. ඔන්න අපේ වලව්වේ කුමාරිහාමිට නම් කරතැකි.......

    කල්පනා කොරලා කියන්නම්.....:)

    ReplyDelete
    Replies
    1. හා පැටික්කි,
      දැන් දවස් කීයක් ගියාද, තාම කල්පනා කරලා ඉවරනැතිද?

      Delete
  9. හැ ඒ පාර මොකාටද එන්න හදන්නේ

    ReplyDelete
    Replies
    1. ලොකුජෝන්,
      නෑ... ආයිබෝං.... මෙච්චර කල් ලිව්ව එකේ කීයක්හරි හොයාගන්ඩ කියලා බැලුවේ

      Delete
  10. මම සයිබර් යාය හැමදාම වගේ බැලුවට කොමෙන්ට් කරන්නේ කලාතුරකින්. කලාතුරකින් කීවේ දැනට ඕනෙනං එක කොමෙන්ට් එකක් දාලා ඇති මීට කලියෙන්.

    "අප්පට සිරි දැන් චුටි මහත්තයට ඉලක්කං ලියන්ඩත් පුළුවන්නේ"

    මේක තමයි මගේ හිතට මුලිම්ම ආවේ, තරහා ගන්ට කාරී නැහැ ඕං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිරොෂන් අයියේ, දැන් නං එහෙන් මෙහෙං අකුරක් දෙකකට අමතරව ඉලක්කමක් දෙකක් ලියා ගත්තැකි...

      Delete
  11. මන් නිරූපා ටීචර් ගැන ඇහැ ගහන් හිටියා..අපොයි ගාන වැඩී.. අතෑරලා දැම්මා ඕන්.. මට එපා...

    ReplyDelete
    Replies
    1. වෙනී මහත්තයා, සල්ලි ද වටින්නෙ අනුග්‍රාහයද? සල්ලි මදිනං පද්මිණී ටිටර්ව ගන්නකෝ.....

      Delete
  12. මං චූටිමහත්තයව ගන්නව හැබැයි ඒ ඊට යටිං 'මේක මහ වැඩකට නැති එකෙක්' කියල ලියන වැකියකුත් එක්ක.

    ReplyDelete
    Replies
    1. හිතවත් ගණුදෙනුකරුව,
      ඔබගේ අනුග්‍රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.

      ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්‍රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!

      ස්තුතියි.

      Delete
  13. Replies
    1. කොටස් විකුණුනේ නැතිනං සලකා බලනවා.. මීට වඩා පොඩ්ඩක් එහා මෙහා කරලා බලන්න.... කලබල වෙන්ඩ එපා ඊමේල් කවිකාරි

      Delete
  14. 14- කෙහෙල් කොටුවේ පොඩි එකා..
    මම මේ චරිතය ගන්න තීරණය කලේ වෙන මුකුත් හින්දා නෙවෙයි. කාඩ් පැක් එකේ ජෝකර් කොලේ නැතිවෙලා ඒකයි. :P

    අනුග්‍රාහක වැකිය - "බලධාරියා විසින් කපා හරින ලදී" :D

    ReplyDelete
    Replies
    1. ගිලි කුරුල්ල,
      ඔබගේ අනුග්‍රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.

      ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්‍රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!

      ස්තුතියි.

      Delete
  15. යකඩෝ අනුග්‍රාහකයොන්ගෙන් ඔය යුරෝ ටික හම්බවෙල ඒව ගනින්න ගියාම ආයෙ උඹට චිත්‍ර අඳින්න වෙලාවක් නැතිවෙයි කාලෙකට.
    උඹ දන්න ලොකුම ගාන ද බං අර 14. ට දාල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.........ඩීඩීටී ඔය දාලා තියෙන්නෙ වටිනාකමින් හරි අඩක් ඉතරයි.

      Delete
  16. 14. කෙහෙල්කොටුවේ චුටි මහත්තයාට අනුග්‍රහ දක්වන්න කැමතියි. ඒත් ගාණ කියොගන්න බෑනෙ. ඕක අකුරිනුත් දැම්මොත් සලකා බලන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. කලිකාල මහත්මා,
      ඔබගේ අනුග්‍රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.

      ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්‍රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!

      ස්තුතියි.

      Delete
  17. 07. ඉදිආප්ප බාජනය

    මේ තරගයේ මන්දගාමී එකම ජවනිකාව ටීචර්ලා දෙන්නාගේ ඉදි ආප්ප කෑම පමණක් නිසා... එය තෝරා ගැනීමට විශේෂ හේතුවක් වුනා...

    කාටූන් එකේ ඉදි ආප්ප බාජනේ එක්ක තියෙන පද්මිණී ටීචර්ගේ අතේ මගේ නමත්, නිරූපා ටීචර්ගේ අතේ මගේ බ්ලොග් එකේ නමත් ලස්සනට ලියව ගන්න ඕනෑ....
    (හෝව් හෝව්.....පච්ච කොටන්න එහෙම නෙවේ. ඔය වලල්ලක,මුද්දක,ඔර්ලෝසුවේ පේන විදිහට ලියන්න...)
    එතකොට මට බ්ලොග් එක හිට් කර ගත්තෑකි....

    ReplyDelete
    Replies
    1. එතකොට දම්මි නෝනා අනිත් අත් දෙකේ ඉඳආප්ප දෙකක් සිත්තම් කරන්නද? හෙහ් හේ.

      Delete
  18. ඈ බන් චූටි මහත්තයෝ,
    මේ ඔහේගේ ගණන් බොහොම වැඩිනේ. අපේ ෆූටි ගහන එවුන් වත් ඔය වගේ ලොකු අයකිරීම් කරන්නේ නෑ.
    ඔය තරම් දානපතියෝ ඉන්නවා නම් මම උඹගේ ඇඳුම් හෝදලා දෙන්න හරි එන්නම්. මට ඔය 2500€ වගේ වැටුපක් දුන්නා නම් ඇති කන්න බොන්න දීලා.

    ReplyDelete
    Replies
    1. පොත් ගුල්ලා මාමේ,

      රජ සැප ගන්න නොවේ මේ වැයම... තුන් වෙල කන්න.....:P

      Delete
    2. යකෝ, මොන එහෙකටද මාව අල්ල ගත්තේ?

      Delete
    3. මට පැටලීමක් වෙලා ද ඒ කියන්නෙ... සමාවන්ඩ පොත් ගුල්ලා මාමේ.

      Delete
  19. මම ගන්නවා සපත්තුව. (අංක 12: සපත්තුව)

    සපත්තුව ගන්නේ මේකනේ.. ඒකනේ කතාවේ භාණ්ඩේ.. අනික කෙහෙල්කොටුවේ සිත්තරයක් ගන්නවා කියන්නේ සෙල්ලංද කොල්ලෝ... මේකා ලව්වා සපත්තුවක් හරි ඇඳගන්න හරි අමාරුයි නේ.

    වැකිය : ඕනේ සපත්තුවකට රජ කකුලක්... ක්සැන්ඩර්!!

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් මහතා,
      ටෙන්ඩර් පත්‍රිකාව අනුමතයි අපන් සුබ පැතුම්

      Delete
  20. අංක 4 : සිත්තරයේ උඩින්ම යොදන මාතෘකාව.:- යුරෝ - 9,500

    ඕනම සිත්තරයක් බලද්දි මාතෘකාව කියවනවනේ.අනික සිත්තරේ මැද්දෙන් ඇඩ් දැම්මොත් ඇඩ් විතරයි ඉතුරුවෙන්නේ.ඒ නිසා මාතෘකාව හොඳා...

    වැකිය:ගැමියා - ගැමියාගේ පත් ඉරුවෙන් කෙරෙන තවත් සමාජ මෙහෙවරක්

    ඒක නෙමෙයි අයියේ... මේකටත් ක්‍රිකට් තරඟ විකාශන අයිතිය ගන්නකොට වෙච්චි වැඩේ වෙයිද දන්නෑ නේද

    ReplyDelete
    Replies
    1. ගැමියා,

      ඒක නෙමෙයි අයියේ... මේකටත් ක්‍රිකට් තරඟ විකාශන අයිතිය ගන්නකොට වෙච්චි වැඩේ වෙයිද දන්නෑ නේද// එව්වා කියන්ඩ බෑ... දෙපැත්තෙන්ම අස්සන නං ගහන්නෙ මමයි

      Delete
  21. 06. කලු කො‍ටුව - මම මේකට අනුග්‍රහය දක්වන්නෙ.. කෙහෙල් කොරොට්ටෙ සූටීකාලා ඇනොලට එන්ට නොදී කෙහෙල් කොරොට්ට කලුකොරං ඉන්නව ඉඳං පාලු ගෙදර වලං බිඳිනවට විරෝධය දක්වන්න. ඇනෝල ඇවිත් කක්කි කොරාම ඔය කොරොට්ට කොච්චර එලියද ඈ. අනික ඇනෝ බෙට්ටක් නැති සිත්තරේක ඇති ගතිය කිම. මේ දවස්වල ඔ‍ටුවොන්ට ඔලුව දාන්න බැරිවෙන්න කූඩාරංවල හිල් මහන නිසා යූරෝ වලට හරවන්න වෙලාවක් නැති බැවින් අනුග්‍රහය වලිං
    එවංඤං ඈ.......

    අනුග්‍රාහක වැකිය:- "බෙදං කනවද බදං කනවද... ඇනෝ කක්කිවලට ඉඩහැර ඔබේ බොගත් වයිවර්න කොරගන්න.."

    X-Porter

    ReplyDelete
    Replies
    1. එක්ස්පෝටර්, චීයා අනේ මොනවද මේ කියලා තියෙන්නෙ... කමන්නැ.... අනුග්‍රහය දක්වනනම් මොනවා කියන්න උනාම මොකෝ......

      ඔන්න අනුමතයි :P

      Delete
  22. මෙතන මිළ ගණන් ඉදිරිපත් කරපු ලිස්ට් එකට අලගල්ල ටීචර්ව ඇතුළත් නොකිරීම ගැන මගේ බලවත් විරෝධය!!! මොකද එයා තමයි මෙතන අතිශයින්ම තීරණාත්මක සාධකය! එයා උණ හැදිල නිවාඩු නොදැම්මනං, මේ කතන්දර මොකුත් නෑනෙ!! ඒ නිසා මං කැමතියි අලගල්ල ටීචර්ට අනුග්‍රහය දක්වන්න. කරුණාකරල ගාණ කියන්ඩ!!!

    ReplyDelete
    Replies
    1. සුමින්ද මහතාගේ දැඩි ඉල්ලීම නිසා අපි හොද ලන්සුවක් දෙන්න තීරණ්‍ය කලා අලගල්ල ටීචර්ට...

      අලගල්ල ටීචර්ට පුර්ණ අනුග්‍රහය දැක්වීමට - යුරෝ 180

      Delete
  23. යකෝ බෙකම්ටවත් ගෙවන්නේ නෑ ඔය වගේ ගානක් පුට් බෝල් ගහනවට,, ඇට බෝල ගහන චූටි මහත්තයට දාලා තියන ගාන යකෝ..
    හැබෑටම ඔය ගනන් ඌරෝ වලින්මද?

    ReplyDelete
    Replies
    1. ඩිලා +++++++++++

      Delete
    2. බෙකම් ලා වගේද චුටි මහත්තයා... ඔය දාලා තියෙන්නෙ නියම වටිනාකමින් බාගයයි...

      Delete
  24. ඔක්කොම අනුග්‍රාහකයෝ වුණාම මේක බලන්නේ මොක්කුද ?? මම මේක බලන කණ්ඩායටම බැඳෙනවා :D

    ReplyDelete
    Replies
    1. හසිත, අපි බලලා හොඳ ඔෆර් එකක් දෙන්නං මොකද කියන්නෙ.....

      Delete
  25. හෆොයි ගණන් බොහොම වැඩි නොවෑ.. අපි ඉතින් එදා වේල කාලා ඉන්න මිනිස්සු නේ.. හික් හික්

    අර 14. තියෙන ගානනම් අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. හසී, එදා වෙල තමා අපිත් එන්නෙ.... වෙන දවසක වේලක් කෑවැකි යෑ එදාට.... කමන්නෑ අනුග්‍රහයක් දක්වන්නකෝ අ‍නේ...

      Delete
    2. // එදා වෙල තමා අපිත් කන්නෙ.... වෙන දවසක වේලක් කෑවැකි යෑ එදාට //

      මේ උත්තරේට පට්ට ලයික්යැ.. (Y)

      Delete
  26. මම නොසැලී අංක 14 කෙහෙල් කොටුවෙ චූටි මහත්තයට අනුග්‍රහය දක්වනවා...

    මක් නිසාද යත්, එයාම කියන විදිහට එයා හරි කියුට් ලු, ලොකු වෙද්දි මොනවද වෙනවලු.. ඔන්න ඔය තව මොනවදලු.. ඉතින් එහෙම කෙනෙක්ට අහක බලන්නෙ කොහොමද...

    අනුග්‍රාහක වැකිය : සෙන්නා | කුරුන්ද : ලොමු දැහැගන්වන ගවේශණාත්මක මෙව්වා එක..

    අනුග්‍රහයට හිමි, කෙහෙල් කොටුවෙ චූටි මහත්තයාගේ නමට ලියවුන, "හෙට දිනැති" චෙක් පත යථා කාලයේදී ගුවන් තැපෑලෙන් ඔබ වෙතට ලැබෙනු ඇත..

    ReplyDelete
  27. මචං නාට්‍යයක් වගේ වුනා නම් මම එනවා කර්ටන් එකවත් දෙපැත්තට අදින්න :)

    ReplyDelete
  28. 08 නව සොයා ගැනීම කියවෙන වැකිය.
    චූටි මහත්තයාගේ මරු සොයා ගැනීමක් !!! මෙහෙම හිතන ළමයි රටට වාසනාවක් !

    අනුග්‍රාහක වැකිය - විඩාබර සිතට අස්වැසිල්ලක් !!!

    ReplyDelete
  29. // ජූලි 06 වන සෙනසුරාදා //

    ජූලි 06 සිකුරාදා.

    ReplyDelete
  30. උඹ මේ යුරෝ කියන්නේ සල්ලි වලටද බං?
    හම්මියෝ..

    ReplyDelete
  31. කතාව කියවපු ගමන්ම මටත් ඕනෙ උනා ඉඳිආප්ප භාජනේ ස්පොන්සර් කරන්න... ඒත් ඒක වෙන කවුද අරං නේ... අනික අනේ අම්මෝ මේ ගනං වල සැර...

    ReplyDelete
  32. ස්පොන්සර්ශිප් මෙච්චර ගණන්ද අප්පා..

    මම අර නලින් කොලුවට අනුග්‍රහහය දක්වන්නයි හිටියෙ..ඒත් මේකෙ ගණන් කියෙව්වාම දාඩියත් දැම්මා...!!

    කමක් නෑ සෙනසුරාදා/සිකුරාදා සිත්තරේට සුභ පතලා විතරක් යන්නම්..:)

    ReplyDelete
    Replies
    1. අමතක වුනා නෙව අහන්න..
      මේකට සල්ලි ගෙවන්න ඕන යුරෝ දෙකේ කාසි වලින්ද?

      එහෙනම් මට බැරියෝ..!!

      Delete
  33. මෙච්චර ගනන්ද? පික්ශු හැදෙනවා.. යුරෝ එකේ ගාන මම හොදටම දන්න නිසා අඩුවෙන්ම තියෙන පන්ති නායක එක මම ගන්නවා.. :D

    ReplyDelete
  34. මම ඉතින් 11වත් ගන්නං.... එදා ඕනේ කිව්ව එක නොලැබෙන පාටයි.. :(

    11-අවසන් ජවනිකාවට පණ පොවන නලින් - මම මේ චරිතය තෝරාගැනීමට හේතුව නලින් යනු මං වගේ බුද්ධිමත්,ක්‍රියාශීලී දරුවෙකු වීමය

    අනුග්‍රාහක වැකිය - රජාව දැක්කත් රාජ සම්පත!!!

    ReplyDelete
  35. බුද්ධි අයියට අර උපදෙස දුන්නෙ බීටලයන් විය යුතු යැයි හැඟේ... මැතිව් ඉන්මාන්ගෙ theoatmeal ගැනත් උන්නැහේ කියන්ඩ ඇතිනෙ?

    ReplyDelete
  36. චූට්ටං සුපියල් 2,500 කට කරගන්න දෙයක් නැද්ද?

    ReplyDelete
  37. මට පේන විදිහට චූටි මහත්තයත් එක පොටකට එන්නයි හදන්නේ:)

    අනිත් එක අපිට කොහෙන්ද අනේ යූරෝ...

    ReplyDelete
  38. මට පේන විදිහට චූටි මහත්තයත් එක පොටකට එන්නයි හදන්නේ:)

    අනිත් එක අපිට කොහෙන්ද අනේ යූරෝ...

    ReplyDelete
  39. මම කැමතී නීරූපා ටීචර්ට. මොකද නිරූපා ටීචර් හීනි ඉගසුග පුළුලුකුල මධ්ය්‍යම ලැම සහිත සෞම්ය්‍ය කලාපික බඩ ඉරිගු තීරය පේන්ට ඔසරි අදින තවම කසාද බැද නැති අලුතින් පත්වීම් ගත්ත ටීචර් කෙනෙක් වෙන්ට ඇතැයි අනුමාන කරන නිසා...පද්මිණී ටීචර්ට වඩා මේ ටීචර්ගේ ගානත් වැඩි ඒකනේ...අම්මපා මම නිරූපා ටීචර්ට අග්‍රහය දක්වනවා මගේ බ්ලොගය උකස්තියලා හරි......

    අනුග්‍රහක වැකිය....

    චූටි චීටර්ගේ චූටි චෝට් එක
    ටීචර් කැමති නම් මාත් කැමතී...

    ReplyDelete
    Replies
    1. අයියෝ මම පරක්කු වඩිද් මන්දා.... උඹ අර සම මොකක්ද එකට කැමතිද?

      Delete
  40. සල්ලි ගෙවන්න ඕනෙ කොහොමද? කෙහෙල් කොටුවෙ තැපැල් කන්තෝරුවෙන් මාරුකරගන්න මනි ඕඩර එව්වට කමක් නැද්ද?

    ReplyDelete
  41. දන්නවද වැඩක්....
    මයික්‍රොසොෆ්ට් එක වහල දාලා කියන්නෙ.....
    බිල් මහත්තයත් බ්ලොග්ක් ලියන්න පටන් අරන්න්ලු....

    ReplyDelete
  42. ඇයි නිරූපා ටීචර් ඔච්චර ගනන්.....

    හරි මම ගන්න කැමතියි අර රබර් බෝලෙ...

    අනුග්‍රාහක වැකිය තමයි....
    මෙලෝ බෝලයක් නොලියන-ඉදහිට ඇවිත් යන

    ReplyDelete
    Replies
    1. අපේ ටෙන්ඩර් අනුමත වෙලා නැහැ වගෙ..ඇඩ්මින් ගොයියා ජරාවක් කාලා වත්ද :D

      Delete
  43. අයියෝ සැලරි.......
    ඕකේ යුරෝ 2කට ගන්න මුකුත් නැද්ද????

    ReplyDelete
  44. අනේ මගේ සිම්පල් මොලේට ඔච්චර බැරෑරුම් දේවල් තේරෙන්නේ නැහැනේ.. ඒ හින්දා බලන් ඉන්න තීරණේ කළා ප්‍රේක්ෂකයෙක් වෙලා.

    ReplyDelete
  45. 10. සපත්තුවේ සිට ඇඳි කඩ ඉරි පේලිය.
    -------------------------------
    මම එම කඩ ඉරි පේලියට කැමති ඇයි ?
    -------------------------------
    ඇත්තටම මේම ජවනිකාවේ වැදගත්ම තත්පර කිහිපය ගත වෙන තැන පෙන්වන්න යොදා ගන්නා කඩ ඉරි පේලිය මේ චිත්‍රයේ වදාත් සිත් ගත් ස්ථානය වන බව මගේ විශ්වාසයයි.

    එහි සඳහන් කල යුතු වැකිය :
    -----------------------
    පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ. නවාතැන මගේ ඔබෙ හද තුලයි සොඳුරියේ.

    ReplyDelete
    Replies
    1. මේ වැකිය නිවැරදි කර ගන්න අවස්ථාවක් දෙන්න එතනට "පියඹා යනවා මා ආකාසයේ. අවසානයි ප්‍රේමාදරේ... කියල දාන්න.

      Delete
  46. 12.සපත්තුව(බූට් එක) : ගතට කෙසේ වෙතත් සිතට මේ තරම් සමීප දෙයක් ජීවීතේ තව තියෙන්න පුලුවන්ද! එක පාරක් කෑවොත් ඇති ජීවිතේටම!

    ReplyDelete
  47. ඇඩ්මින් තුමා බැහැරක් ගොස් ඇත. පැමිණි වහාම ඔබ අමතනු ඇත.
    -ස්තුතියි,
    මෙයට,
    පුද්ගලික ලේකම්.

    ReplyDelete
  48. මන් නම් රස්සාවක් නැති දුප්පතා . ඇඩ් බලන්නත් කට්ටිය එපාය

    ReplyDelete
  49. මේක යුරෝ වලින් නෙ කරන්නෙ. පවුම් වලින් කොලා නං මොකක් හරි කොරන්ට තිබ්බ. බලාගෙන බුද්ධියෝ, යුරෝ එක දැන් කවදා කඩන් වැටෙයි ද දන්නෙ නෑ

    ReplyDelete
  50. මම මේ මාසෙ පඩිය ගත්ත හැටියෙම සල්ලිත් අරගෙන උඹලෑ ගෙදර එනව . . . මම දැං ඉන්නෙ උඹලෑ ගෙදරට අහල පහල

    ReplyDelete
  51. මට සල්ලි නැති නිසා දුකෙන් සිටිමි

    ReplyDelete
  52. මේකෙත් ඇඩ් දාන්න පටන් අරන්ද?
    වහාම කියවන එක නවත්තන්න ඕන...

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...