2012/07/11

අද කාටුන් - 21 - කතන්දරකාරයාගේ තුන ඉවරයි | හුරේ...! අපි කලින්ම කිව්වා ඕක වෙයි කියලා.....

අද දවසේ වැදගත් කම මොකද්ද?

තල වැපිරුවොත් තල,  මුං වැපුරුවොත් මුං ලු! 

ඒක තමා අද වෙලා තියෙන්නෙ. මෙතුවක් කාලයක් බලාගෙන හිටියේ මේ දවස උදා වෙනකල්. මොකද, කව්රුහරි බ්ලොග් ලියන්නෙක් කතන්දරකාරයා වගේ වෙන්න දැඟලුවොත් ඒ ඕනම කෙනෙක් ට මුණ දෙන්න වෙන්නෙ මේ වගේ සිද්ධියකට තමයි.

අද කතන්දරකාරයාටත් ඒ සිද්ධියට මූණ දෙන්න වෙලා. එයා බ්ලොග් ලියන්න පටන් ගද්දි මේ වගේ දෙයක් වෙයි කියලා හීනෙන්වත් හිතන්න නැතුව ඇති. හරි සතුටුයි. අපිත් බලාගෙන හිටියෙ මේ වගේ අවස්ථාවල් එනකල් තමා. 

" තල වැපිරුවොත් තල,  මුං වැපුරුවොත් මුං " කිව්වට සමහර වෙලාවට පැණි දොඩම් පැලයක් හිටෙව්වාම ඒකෙ පලගන්නෙ ඇඹුල් දොඩම්. රන් තැඹිලි පැලයක් හිටවපු කාටද කියන්න පුලුවන් අවුරුදු ගාණකට පස්සෙ ඒක ගොන් තැඹිලි පීදෙන්නෙ නැහැමයි කියලා.



ඔන්න ඔහොමලු උනේ.

ඉතින් කතන්දරකාරයාගේ තුන අහවර වී කතන්දර බ්ලොගය සිව්වන වසරට පා තැබීමත්, ඕනමැන්ටල්ගේ උපන් දිනය එදිනට යෙදීමත් යන කරුණු කරණ කොටගෙන මගේ හිතේ බුර බුරා නැගුනු ආවේගය හන්දා ඇඳුනු සිත්තරෙයි ඔය තියෙන්නෙ. 

ඔතන තියෙන රුවන් වැකි ද, දෙබස් ද, අරව ද, මෙව්ව ද වලින් ගොඩක් දේවල් මීට හරියට අවුරුද්දකට කලින් ඒ ගොල්ලම කියපුවා හොදේ. ඕං අපි නං නෑ! 

බොරුනං මේ තියෙන්නෙ.
  • කතන්දරකාරයාගේ තුන ඉවරවීම ගැන වැඩිපුර තොරතුරු වලට මෙතැනින් යන්න.
  • ඕනමැන්ටල්ගේ උදාන වාක්‍ය සත්‍ය දැයි බලාගන්න මෙතැනින් යන්න.
  • මහා පඬි බීටල් බෙයිලියන්, රුවන් වැකිය ප්‍රකාශ කල ඒ ‍අසිරිමත් ‍මොහොත බලාගන්න මෙතැනින් යන්න.
  • වැදගත් - මෙම භාව ප්‍රකාශණය ගැන ඔබගේ වටිනා අදහස් පල කරන්න පහල ඇති කොටුවට යන්න. 

ඕං ඕකයි අද දවසේ වැදගත්කම.

නැවත හමුවෙමු!

................................................
-  විදෙස් සිත්තරා.

ප/ලි - 
ඊයේ රෑ හීනෙන් ග්‍රැෆික් අවහල් වලට අධිපති දේවතාවිය ඇවිල්ලා කිව්වා නියම කතාවක්. පහුගිය දවසක කතන්දරකාරයාගේ ගම් පැත්තට ආපු චණ්ඩ මාරුතයෙන් උන්දැගෙ කොන්ඩේ සේරම උඩු හුලඟට ගහගෙන ගියාලු. ඒක හින්දා තට්ටය හයිලයිට් වෙන්න අඳින එක නුවණට හුරුයිලු. ඕනමැන්ටල්ගෙ නම් නැත්තෙ තට්ටෙ විතරලු. ඔය දෙන්නව දැක්ක කව්රුහරි ඉන්නවනම් ඒ ගැනත් පොඩ්ඩක් කියලා යන්ඩකෝ.

91 ක් කියන්නේ !:

  1. කියල එනකම් ඔන්න එක ලකුණු කළා

    ReplyDelete
  2. ඕනයාට සුබ උපන් දිනයක්. කතන්දරට නම් ඉතින් ශෝක ප්‍රකාශ කරන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. බිංදුමතී අක්කා,

      ඇයි කතන්දරට සෝක ප්‍රකාශයක:P

      Delete
    2. ප්‍රකාශණ (මුල්ම කමෙන්ට් එක තාප්පෙට හෙහ් හේ)

      Delete
    3. 'ප්‍රකාශණ' නෙවෙයි බොල 'ප්‍රකාශන'.. 'ශ' නම් 'න' එන්න ඕන, 'ෂ' නම් 'ණ' එන්න ඕන.. :P

      Delete
    4. ඒකනෙ බූරා තාප්පෙට ගිහිල්ලා තියෙන්නෙ පලමු කොමෙන්ටුව...හෙහ් හේ....


      ඒත් ස්තුතියි මේ නීතිය කියා දුන්නට..... :D

      Delete
  3. දෙන්නටම සුබමෙව්වාඑකක්වේවා!!!

    ReplyDelete
  4. ඕනේ අයියාගේ උපන්දිනේ නම් අද කියලා බුකියෙන් දෑනගත්තානේ, කතන්දරගේ බ්ලොග් එක පෑත්තෙත් දෑන් යන්න ඕනා.. බුද්ධි අයියා ඔය වගේ වෑදගත් දවස් ඔක්කොම එකතු කරපු කෑලන්ඩරයක් වගේ එකක් හදලා ජනවාරි පලවෙනිදට දෙන්න බෑරිවෙයිද?

    ReplyDelete
    Replies
    1. දේවා,
      ඒ ගැන සලකා බලාගෙන යනවා. දැනට මී ලගට විශ්වයට උදාවෙන වැදගත් ම දවස තමයි දේවා 2012/10/27 දැන් ම කැලැන්ඩරේ මාක් ‍කොල්ලා තියා ගන්න. පැමිණියාට තුති!

      Delete
  5. මට පුරස්නයක් ආවා.. ඕනමැන්ටල්ගෙ තුන ඉවරවෙන්නෙ කවද්ද..!!??

    ReplyDelete
    Replies
    1. බූරා,

      මං හිතන්නැ ඒ ගැන වද වෙලා පලක් වෙයි කියලා බූරා...... කෝමත් දැනට මම හිතන්නෙ මිනිහගේ එක ඉවරයි වෙන්ඩැ...

      කෝමත් බූරා ඕනමැන්ටල්ගේ තුන ඉවරවෙන දවසට මේක මගුල් සක්වලක් වගේ තියෙයි නේද, උත්සව ද අරවද මේවවද වලින්.

      Delete
  6. සිත්තර තූනක් එක ගොඩට ඇදලා මරැනේ

    ReplyDelete
  7. ෂා නියමයි එකම දවසේ සිත්තර තූනක්ම ඇදලා

    ReplyDelete
    Replies
    1. අටං,
      එක දවසෙ සිත්තර තුනක් ඇදලා නෙමේයි තුනක් දාලා කියාපං....! පැමිණියාට තුති!

      Delete
  8. සිත්තර දෙක නම් හරිම ලස්සනයි. ඇත්තටම ඒ වගේම ඇඳලා තියනවා. ඒ ගොල්ලන් ඉස්සරහින් ඉඳගෙනද ඇන්ඳේ.:)

    //" තල වැපිරුවොත් තල, මුං වැපුරුවොත් මුං " කිව්වට සමහර වෙලාවට පැණි දොඩම් පැලයක් හිටෙව්වාම ඒකෙ පලගන්නෙ ඇඹුල් දොඩම්. රන් තැඹිලි පැලයක් හිටවපු කාටද කියන්න පුලුවන් අවුරුදු ගාණකට පස්සෙ ඒක ගොන් තැඹිලි පීදෙන්නෙ නැහැමයි කියලා.//

    චූටි මහත්තයාගේ කටේ දොඩම් ගෙඩියක් ඔබන්ට ඕනි මේ කතාවට. අපේ අප්පච්චි පැණි දොඩම් පැලයක් ගෙනත් වත්තේ හිටෙවා. ලේබලේ එහෙම තිබුනට, ආවේ ඇඹුල් දොඩම් ගෙඩි.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,
      ඒ වගේම ඇදලා තියෙනවා! TanQ කුමාරිහාමි. මට ඇඩෙන්ඩ වගේ....!!

      //අපේ අප්පච්චි පැණි දොඩම් පැලයක් ගෙනත් වත්තේ හිටෙවා. ලේබලේ එහෙම තිබුනට, ආවේ ඇඹුල් දොඩම් ගෙඩි.//

      ඒවා එහෙම තමා.

      200% විශ්වාසයි කියලා ඒ ගොල්ල සහතිකයක් දුන්නත්, ඒගොල්ල උනත් කවදාවත් එහෙම විශ්වාස කරන්නෙ නැතුව ඇති. හැබැයි කියද්දි එහෙමයි. ඒගොල්ල ඕ‍ගොල්ලන්ගෙ අප්පච්චිටත් දොඩම් පැ‍ලේ ගැන එහෙම කියලා දෙන්න ඇති. ඒක හන්දා අප්පච්චිගෙ හිත පොඩ්ඩකට එහෙ මෙහෙ වෙලා ඒක ගන්න ඇති. ලොකු විශ්වාසෙකුත් එක්කලා.
      ලෝක ස්වාභාවේ ඕකයි. සැලෙන්ඩ එපා.:D

      පැමිණියාට තුති!

      Delete
  9. අමතක උණා. කතන්දර තුනට පාස්වීමටත්, ඕනයාගේ උපන්දිනයටත් සුබ පතනවා.

    දෙන්නාටම සුබ උපන් දිනයක් වේවා....:D

    ReplyDelete
    Replies
    1. තුන ඉවරවුනාම හතරටනෙ පාස් වෙන්නෙ... පොඩ්ඩිගෙ ටීචර් මේ දවස්වල හොලිඩේද?

      Delete
    2. කිව්වත් වගේ පොඩ්ඩිට ගණන් බෑනේ. :D

      Delete
    3. පොකු,
      ඔව් කකා හතරටයි පාස් උනේ. ඒ කියන්නෙ තුන ඉවරයි!

      දන්නවනේ වරද්දන්න එපා. ස්කයි මෑන් අවධියෙන්!

      Delete
  10. හික් හික්.... කකාගෙ 3 ඉවරයි කීවම මම ඒත් බැලුවා කිඹුල්ලු ඉන්න විලකට නාන්නවත් ගිහිල්ලද කියලා.
    හෙහ් හෙහ් හෙහ්.....

    බීට්ල් ගෙ විශ්වයේ සමබරතාව‍ය රකින විදිය නම් එළකිරි. දැන්පෙන්නෙ නැද්ද මේ බ්ලොග් වලත් වෙන්නෙ ඕකමනෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් හරියට හරි, තරුවෝ උඹේ කටෙත් පොඩ්ඩිලගේ ගහෙන් කඩපු ඇබුල් දොඩමක් දාන ඕනෙ. D

      Delete
    2. තරු,
      ඹ්හ්... කකා දැන් විල් වලින් නාන්නෙ නැලුනෙ!

      බීටල් ඔය හිතා මතා කියපු දෙයක් නෙමේ වෙන්ඩැනි. හිතා මතා දෙයක් කිව්වනං මහ පොලව දෙදරුං කනවා... එච්චරට බරපතලයි උන්දැගේ කියමන්....

      බොරු නං ගූගල් වල "සරුංගල් විද්‍යාඥයා" කියලා සර්ච් කරලා කියවලා බලන්ඩකෝ.

      ...............

      කම්මල,
      ඉස්සර කතන්දර සීයා,
      ඇඹුල් දොඩම ලෙල්ල පිටින් හතරට පලලා මැදට ලුණු දාලා මතුරලා දෙනවා බඩේ ගාය හැදුනම හොඳ වෙන්න කියලා.

      Delete
  11. කතන්දරව දැකලා නෑ.. ඕනයව නම් දැකලාඅ තියේ.. දෙන්නටම සුබ පැතුම් මයෙ ගානෙ..! සිත්තරේ නම් ආයිමත් ටොප් ඉතින්..

    ReplyDelete
  12. කශුගේ තුන.. හයියෝ.. ඩොලර් !

    ReplyDelete
  13. ලෝකෙට හොඳම දේවල් බිහිඋනේ ජූලි මාසේලු. ඒකෙත් හැටි නේද...?
    දෙදෙනාටම සුබ පැතුම්...!!!!
    පඬිවැකිය නම් මරු, නියමයි කියන්න වචන නෑ....:D

    ReplyDelete
    Replies
    1. වෙනී භයියා,
      ස්තුතියි වෙනී අයියා, කතන්දරව ඇත්තට දැක්ක ගැල්ලමයෙක් කිව්වා උන්දැ මේ වගේමලු. හැන්සම්ලු! ෆේමස්ලු! හොඳපාටයිලු! හිනාවෙද්දි ලෂ්ෂණයිලු.
      ...............

      සෑම්,
      හය්යෝ ශල්ලි! තුන ඉවර එක හරි. හතර ඉවර වෙද්දි මොනා කියන්න කියලා හිතුවෙ.
      ..........

      ප්‍රියන්ත භයියා,
      පඬි වැකිය බීටලේට නිකං කියවුනු එකක්. මිනිහා හිතලා මතලා කියන දේවල් දැකලා ඇති නේද?

      Delete
  14. බුද්දියා, අවුරුදු 35ක් කියන්නෙ මිනිහෙක්ගෙ ජීවිතේ දඟකාරම, විසේකාරම, හිරිමල්, නවයොවුන් වයස . . .

    ReplyDelete
  15. දැන් ඔය රුවන් වැකියට අනුව අන්තිම චාටර් දේ සහ හොඳ දේ අර්ථකතනය කරන්නෙ කොහොමද?

    ReplyDelete
  16. @ඕනයා.
    ඇය් අවුරුදු 38 ඒකත් එහෙම තම‍ය්.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඕනමැන්ටල්,
      ඒ ගැන අපි නොදන්නවැයි! ඒකට හොඳම උදාහරනේ, වස්තු බීජය, ඒ ඔක්කොම ඔයාම තමයි අනේ...
      ............

      ප්‍රසා,
      ඒක නං මම කියන්නෙ ම නෑ.

      ................

      තරු,
      ඇයි කකාට 38 ද?

      Delete
  17. හයියෝ කතන්දරගේ තුන..!!!!
    හී..
    ඕනමැන්ටල්ටත් සුබ උපන්දිනයක් වේවා..!!!!!

    ReplyDelete
  18. දෙදෙනාටම සුබ පැතුම්!!!

    ReplyDelete
  19. හික්ස්ස් මරු කාටුන් එක... ඇත්තටම කකාගේ පෙනුම අර වගේද..
    කකාගේ වම් අත තියෙන තැන වෙනස් උනානම් හොඳයි කියල හිතුනා

    ඕනෙ අය්යේ සුභ උපන්දිනයක් ඈ

    ReplyDelete
    Replies
    1. මී ගොඩයා,
      ඇත්ත පෙනුමත් සාපේක්ෂයි නොවැ. මට හිතෙන්නෙ ඔය විදිහයි කියලා. ඒත් කකාව දැක්ක ගැල්ලමයිනං කියන්නෙ,

      එයා මාර හැන්ඩ්සම්ලු! හෙන ෆේමස්ලු! හොඳපාටලු! හිනා වෙද්දි ලස්සනලු. හෙහ් හේ........!!!

      //කකාගේ වම් අත තියෙන තැන වෙනස් උනානම් හොඳයි කියල හිතුනා/// වම් අතේ කේස් එක මට තේරුනේ නෑ.

      Delete
  20. කකාටයි ඕනයාටයි ඕල් රෙඩි සුභ පැතුවා... ඒක නෙමේ උඹ හොරා වගේ කාටූන් 21ක්ම ඇඳලා නේ...? ඔය ගැජමැටික් එකේ සායම් ඔච්චර තියෙනවද..?

    ReplyDelete
  21. ඕනයාටයි....
    කකාටයි....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බීටලේ,

      මේ ගැජමැටික් එකේ මං කැමතිම අංගෙ තමයි පාට ඉවර වෙන්නෙ නැති කම.

      ..............
      රජ,
      එසේම වේවා!

      Delete
  22. හොඳයි කකාගේ තුන හමාරයි කියල සෝක ප්‍රකාශයක් කරමුකෝ... එත් ඕනයගේ මොකක්ද ඉවර උනේ ? දැන් ඉතින් පුත්තලම් මල්ලිලා හතරපස් දෙනෙක්ගේ වයසත් ඇතිනේ..

    ReplyDelete
  23. රුවන්වැකියනං එලම කිරි ඈ...
    ඩබලටම ජයවේවා...!!!!!!!

    ReplyDelete
  24. කාකා ගේ 3ටයි, ඕනයගේ .... (කීයද දන් නෑ) ඔන්න සුභා කිවුවා...

    ReplyDelete
    Replies
    1. සරත් අයයා,

      තුනහමාරයි නෙමේ තුන ඉවරයි!:D ඕනමැන්ටල් නං කියන්නෙ මිනිහගේ හොඳම කාලේ මේකලු.
      ...................

      තරියා,මල්සරා,
      පැමිණියාට තුති.

      Delete
  25. ඕනයාට මගෙන් උපන්දින සුබ පැතුම්!

    ReplyDelete
  26. තට්ටය ගැණ කතන්දරේ මෙන්න මෙහෙමයි.
    මං මහන වුණු දවසේවත් තට්ටේ ගැවේ නෑ.
    1. http://kathandara.blogspot.com/2010/03/blog-post_09.html
    2. http://kathandara.blogspot.com.au/2010/03/blog-post_10.html
    3. http://kathandara.blogspot.com.au/2010/03/blog-post_11.html
    4. http://kathandara.blogspot.com.au/2010/03/blog-post_12.html

    පස්සේ ඒකේ විපාක ආවා.
    http://kathandara.blogspot.com.au/2010/03/blog-post_15.html

    මුලින්ම තට්ටේ ගැවේ ලියුකේමියා අරමුදලට ආධාර පිණිසයි.

    තට්ටෙන් සොමිය දිය හැකි බව දැනගත් නිසා දැන් දිගටම ගානවා.
    http://kathandara.blogspot.com.au/2010/07/blog-post.html

    හරිම කූල් මෙයාලා. ගාලා බලන්න.

    !!!

    ReplyDelete
    Replies
    1. මට එක පාරට මතකෙට එන්නෙ තට්ටෙන් සොමිය දීම විතරයි. තට්ට කාරයෝ බොහොමයක් කියන්නෙ තට්ටෙ නිසා සොමිය ලැබෙනවයි කියලා.

      Delete
  27. ඕනයා නොහොත් ඇන්ඩයියාව නම් සැට් උනා නොවැ. කකා නම් නහී. දෙදෙනාටම සුබ වේවා... ඇන්ඩාට උදේ එකපාරක් විස් කොලාද මන්දා... කකා අඩවිය පැත්තෙ නං ගියෙනෑ කීප දොහකිං...

    ReplyDelete
  28. සුබ උපන්දිනයක් ඕනේ !!!!

    ReplyDelete
    Replies
    1. ස්කයි මෑන්,
      පැමිණියාට තුති... කකාගේ පැත්තෙ යන්න පුලුවන් උඩිත් තියෙන ලින්ක් වලින්....

      ..............

      මධුරංග,
      පැමිණියාට තුති!

      Delete
  29. කතන්දරගෙ තුන ඉවර වීම පිළිබඳ උණුසුම් සුබ පැතුම් !

    ඕනයාගෙ තිස් පහ ඉවර වීම පිළිබඳ උණුසුම් සුබ පැතුම් !

    විදෙස් සිත්තරාගෙ නිර්මාණාත්මක හැකියාව පිළිබඳ හදවතෙහි බුර බුරා නැගෙන උණුසුම් සුබ පැතුම් ! ( අවුරුද්දකට කලින් දාපු කමෙන්ට් එකක් මතක් තියන් ඉඳලා ඒකෙන් ගැලපෙන සුපිරි නිර්මාණයක් කිරීම අගය කළයුතු අපූරු හැකියාවක්. )

    ප.ලි.

    වැඩිය උඩ ගිහින් මුරුන්ගා දඬුත් එක්ක කඩාගන වැටිලා අඩු කඩා ගැනීමේ වගකීම අපි බාර නොගනී.. :-)

    ReplyDelete
    Replies
    1. සෙන්නා ප/ලි කොටස සම්බන්ධව -

      මේ වාක්‍යයේ ව්‍යාකරණ වැරදියි.
      එක්කෝ අප බාර නොගනී.
      නැතිනම් අපි බාර නොගනිමු.

      වෙන්න ඕනැ.

      මතක නැද්ද පොඩිකාලේ ඉගෙන ගත්තා,

      මම හේතුහාමි. (මම කිව්වොත් මි යන්නනෙන් ඉවර වෙන්න ඕනේ.)

      අපි අපේ ගමේ ගම්මු (අපි කිව්වොත් මු යන්නෙන් ඉවර වෙන්න ඕනැ.)

      හ්ම් ආයි අමතක නොවෙන්නත් එක්කලා උඩ වාක්‍ය දෙක එකකින් විසි පහ ගානේ ලියාගෙන එමු බලන්ඩ......!:D

      Delete
    2. අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      අප බාර නොගනී.
      අපි බාර නොගනිමු.

      ඔන්න ලිව්වා... :-) ස්තූතියි ව්‍යාකරණ දෝශය හැදුවට.. ඔන්න ඉතින් බ්ලොග් එහෙකුත් ලියන එකෙක්ගෙ ව්‍යාකරණ දැනුම නේද.. ? සිංහල භාශාවට දෙවියන්ගේම පිහිටයි..මම වගේ බ්ලොග් කාරයො ඉන්නකම්..

      Delete
    3. සීංහල භාශාව නෙමෙයි ළමයා භාෂාව

      Delete
    4. ටීච,
      සෙන්නා හොර කරලයි හෝම් වර්ක් කරලා තියෙන්නෙ..
      හොඳට බලන්න එයා විසිපස් සැරයක් ලියන්නැතුව කොපි පේස්ට් කරලා..
      එහෙම ඔට්ටු නෑ..!!

      Delete
    5. අද
      චුටි මහත්තය උදේ ඉඳන් ව්‍යාකරණ වැරදි හදනව

      Delete
    6. @සෙන්නා,

      උඹ ඔය ගැන ඔච්චර හිතන්ට එපා.. ඔය මහා ‍ලොකු උපදෙස් දෙන උන්නැහේලාත් අකුරු වැරැදියට තමා ලියන්නෙ.. බොරු නං ආපහු උඩට ගිහිං සිත්තරේ දිහා හොදට බලපං.. අර මහා පඬි බීටල් බෙයිලියන්ගෙ රුවන් වැකිය ආ‍යෙමත් පරිස්සමින් කියවලා බලහං අකුරු ඔක්කොම හරිද කියලා.. :)

      Delete
    7. සෙන්නා,
      හොඳ ළමයා මෙන්න ළකුණු 100% ක්!
      ..............

      හරී,
      සීංහල භාශාව නෙමෙයි ළමයා භාෂාව//
      මෙතන "සීං"හල නෙමේ, සිංහල නේද... හැක් හැක්.....
      ..........

      රූ,
      කෝ බලන්ඩ....! ඇත්තද සෙන්නා මේ රූ ළමයා කියන්නෙ.... ඔයා කොපි පේස්ට් ද කලේ...? අදවත් ඉගෙන ගන්න දරුවෝ... ගැල්ලමයි ඉන්න තැන්වල හොරවැඩ නොකර ඉන්න....:P
      .........

      බිංදුමතී අක්කා,
      අපි එහෙමයි... බස මරණ්ඨ දෙන්ඩ පුලුවනැයි මේ විදිහට... මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ද කව්ද දන්නෙ....

      ............

      බුරා,
      වැරැද්දක් තියේනං පෙන්නලා දෙන එක හොඳ ළමයෙක්ගෙ ලක්ෂණයක් තමා. අනිත් එක සෙන්නාට වගේ මටත් ඕනැම වෙලාවක අකුරු වරදින්න පුලුවන්. මොකද කතාවක් තියෙනවා නෙව "ගුරුන්ටත් අකුරු වරදී" කියලා.... හේහ් හේ.... ඒත් බුරා දැං උඔ කියන වැරැද්ද කොහෙද තියෙන්නෙ කියලා මට පෙන්නාපන්....:P :P

      Delete
    8. හුටාස්! මූ ඒක ටක් ගාලා හදලා නේද කවුරුවත් දකියි කියලා.. :P

      Delete
    9. හෙහ්.. ඕකට තමා මොඩරේට් කොරන් ඉන්නෙ...

      Delete
  30. ජය හ්ම්ම්! :)

    ReplyDelete
  31. සුබපැතුවා දෙන්නටම
    චිත්තරේට ලකුණු 10/10

    ReplyDelete
    Replies
    1. හිරු,
      ස්තුතියි පැමිණියාට.

      පුබුදු,
      ස්තුතියි පැමිණියාට හා සිත්තරේ අගය කිරිම ගැන:D

      Delete
  32. "සොභාදහම ලෝකයට හොද දෙයක් දායද කරන විට තවත් තැනක අන්තිම චාටර් දෙයක් බිහි කර විශ්වයේ සමබාරතාව රකියි"

    ඒකනම් සිරාම කියමන..

    අදත් සිත්තරේ ලස්සනයි ලස්සනයි.. කතන්දරටත් ඕනයාටත් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,
      කෝ අද ඔයාගේ බොස්ට මේක පෙන්නුවෙ නැද්ද.. හරි හොඳ නෑ!!!!

      පැමණියාට තුති!

      (දැනමුතු කමක් ගන්නත් තියෙනවා)

      Delete
    2. මේ ටිකේ ලොක්කා නෑ... :)

      හෑ දැනමුතු කමක් මේ මගෙන්.. :/

      Delete
  33. ඔය කකා කියන්නෙ තට්ටයෙක් කියලා ෂුවර්ද, ටී ෂර්ට් අත නං හරි. තුන ඉවර වුනා නං කකාට වෙනම ජොක්කු ගන්න ඕනෙ වෙන එකකුත් නෑ කියලා කල්පනා වුනා. ඒක මේ සිතිවිල්ලක් විතරයි! :) කකා උණුසුම් සුභ පැතුම්!

    මැන්ටලයට මම බුකියෙන් සුබ පැතුවා. අඩෝ මැන්ටලයා, Life begins at forty" කියලා කවුදෝ කුප්ප කතාවක් කියලා තියෙනවනෙ. එහෙනං බය වෙන්න කාරි නෑ, තව කල් තියෙනවනෙ Naughty Forties වලට!

    සුභ උපන්දිනයක් ඕනයා!

    අඩේ බීටලයා එහෙම කතාවක් කිව්වද? ඌ එච්චරටම වැඩ්ඩෙක් බව මං දන්නෙ දැන්නෙ.
    ඌ ඒක ඕනයගෙ උපන්දිනය ගැන කිව්ව එකක් හැටියට අපිව නොමග යවන්නට උත්සාහ කරපු විදෙස් සිත්තරාට මගේ බලවත් විරෝධය අද උපන් දිනය සමරන (ඕනැ)මැන්ටලයක් කුමරු වෙනුවෙන්, (කොඳුරමින්) කතාව ඇත්ත උනාට.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඩූඩ්,
      කකා ඔය වගේ කියලා තමා එයා දැක්ක ගැල්ලමයි නං කියන්නෙ. ස්මාට්ලු!

      ඕනයා නං හැමදාම Naughty නේ!

      හෙහ් හේ..... බීටලේ කිව්වෙ කාගැනද එතකොට... පඬිවරයෙක් කියන ඒවා අපි උඔලා වගේ නිකම්ම කිකං පුරුතග්ජනයන්ට තේරෙන්නෙ බාගෙටනේ.. ඒකයි එය අවුල!!!!

      Delete
  34. ඕනයා අයියට සුබ උපන් දිනක්

    චිත්‍රෙ නම් සුපිරි ආයේ කියලා වැඩක් නැහැ.

    ReplyDelete
  35. සෑහෙන්න කල්පනා කෙරුවත් බීටලේගේ රුවන් වැකිය තේරුනේම නැත..

    කොහොම වුනත් කතන්දරටත් ඕනයාටත් මේ වගේ චිත්‍ර අඳින බුද්ධිටත් සුභ පැතුම්..

    ReplyDelete
  36. තුන ඉවරවූ කකාටත්, බර්ත් ඩේ බබාටත් මාගේ හද පතුලෙන් බුර බුරා නගින මෙව්ව එක !

    ReplyDelete
    Replies
    1. මඩිස්සලේ,
      TanQ විත්‍රෙ අගය කලාට.
      ...........

      ඩීඩීටී,
      පැමිණියාට තුති!
      ..............

      රෑ සුබ පැතුවට ගොඩක් ස්තුතියි. බීටල් කියන දේවල් එහෙම හැමොටම තේරෙන්නෙ නෑ.

      කමන්නැ. මේක කියෝලා බලන්න‍ තේරෙනවද කියලා.
      http://akurublog.blogspot.com/2011/11/38-kite-master.html

      Delete
    2. රෑ නේන්නම් සුබ පතලා තියෙන්නෙ ප.ව. 08:45 ට. hik :-)

      Delete
  37. එක පාරින් තුන් දෙනෙක්වම නොකවුට් කරලා :D

    ReplyDelete
    Replies
    1. හසිත,
      ඇයි බීටලේ ව උස්සලානෙව තියෙන්නෙ.... කව්ද බීටලේට මීට පෙර පඬිතුමායි කියලා ආමත්‍රණය කරලා තියෙන්නෙ හා......! මිනිහා මට ස්තුති කලත් එක්ක.

      Delete
  38. පරක්කු වෙලා ආවෙ. කතන්දරගේ තුන ඉවර වීමත්, ඕනයාගේ උපන්දිනයටත් සුභ පැතුම්. බුද්ධි ගෙ තුන ඉවර වෙන්න තව කල් තියෙනවනෙ නේද?

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා ආවෙ.// ඒකට කමන්නැ පුතා. තාම නං ලකුණු කරලා ඉවර නෑ.

      බුද්ධි ගෙ තුන ඉවර වෙන්න තව කල් තියෙනවනෙ නේද?// තුන කෙසේ වෙතත් එකයි දෙකයි දෙකම ඉවරයි ඕං මේ වෙද්දි!!!

      ස්තුතියි පැමිණියාට:P

      Delete
  39. තෙවන වර්ෂ පූර්ණයට කකාට උණුසුම් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ආනේ... කකාට විස් කරන්න හරි මීවනපලානේ උත්තමයත් මගේ කෙහෙල්කොටුවට ආ එකට ඉතින් කියන්න වචන නෑ ඕං.....

      කෝ අර වැවට ආ යානේ ගැන වැඩි විස්තර තාම කිව්වෙ නෑ නොවැ...

      Delete
  40. පරන ලිපි කියවන්න ලිපි ලයිස්තුව සහිත විජෙට්‍ටුව දාන්න පුළුවන්නම් ගොඩක් වටිනව.

    ReplyDelete
  41. ඇයි මිවනය ඔය දකුණු හස්ථය පැත්තෙ තියෙන්නෙ...ලේබල් කියලා. මවුස් පොයින්ටරය පතිත කරලා බලන්ඩකෝ......

    වම් පැත්තේ Blog Archive කියලා ඇති පිළිවෙලකට බලාගෙන යනවා නම්....

    කෝ මේ පොර උත්තමයා කණ්නාඩි යුග්මය නළලේ හොවාගෙන නොවැ බලලා තියෙන්නෙ....!!

    ReplyDelete
  42. අයියෝ කතන්දරගේ තුන කිව්වලු
    හැපි බර්ත් ඩේ

    ReplyDelete
  43. ඇඩෙනවා තනි ඇහැට. ඒ කියන්නේ - කතන්දර = ඕනයා කියලද? (සිංහල හදපු හින්දයි ගණන් හැදුවේ)

    ReplyDelete
  44. ඕනයා ට සහ කතන්දරට 3නේ සම්බන්ධ කම් වැඩියි නේද?

    ReplyDelete
  45. ටිකක් පමා උනා මේ පැත්තට එන්න . ඔන්න දෙන්නටම සුභ පැතුම් . සිත්තරේ වෙනද වගේම සුපිරි .

    ReplyDelete
  46. කාටූන් ශිල්පියාටත්, මට සුබ පැතූ සියළු දෙනාටම ඉතා ස්තුතියි.

    ReplyDelete
  47. සෑහෙන කාලෙකට පස්සේ ආවේ මේ පැත්තේ. අපරාදෙ කියන්න බෑ කාලයක් තිස්සේ මේ විස්තර කියවන්ට බැරි වෙච්චි මේ කිසිම දෙයක අගක් මුලක් නොතේරේ...

    කෙසෙල් කොටුවේ චූටි මහත්තයා ඇතුලු පිරිස හොදින් සිටිතියි සිතමි....:)

    ReplyDelete
  48. අඩේ කකා ඒ කියන්නෙ තුන ගෙවෙනකල්ම අපිට කතා කියල ඈ.. එලම තමයි. සුභ පැතුම් !!!
    ඕනයාටත් සුභම සුභ උපන්දිනයක් !!

    බීටලයගෙ කතාවට උගෙ කටේ මසුරං දාන්න ඕනෙ. අන්න බලමුකො කියමනටම ගැලපෙන සිද්ධි ඇතිවෙන හැටි හෙහ් හෙහ්. [හැමදාම වගේ අදත් මං අන්තිමද කොහෙද අන්තිමයට බොලා තෑගි දෙන්නෙ නැද්ද් ?]

    ReplyDelete
  49. පතපු ඔයාලට ඉස්තුතියි ඈ

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...