2012/07/05

ඊ ලඟ ඉබ්බා !

ඔන්න එකෝමත් එක රටක, එකෝමත් එක කැලෑවක, එකෝමත් එක විලක ඉබ්බෙක් ජීවත් උනා.

අවාසනාවට වගේ කතාව පටන් ගද්දි ම ඉබ්බා විල අත ඇරලා යන්නයි සුදානම් වෙන්නෙ. මේ හේතුව හින්දා විල ගැන වර්ණනාවක් කරන්න නම් අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඇරත් මේ වෙද්දි විල පිහිටලා තිබුනු පැත්තට චණ්ඩ හිරු රැස් පායලා විලේ වතුර ඔක්කොම වගේ ඉහලට ඇඳගෙනයි තිබුනේ. හරි විදිහට නම් ඉහලට ඇඳනු ජලකඳ මේ වෙද්දි වැස්ස විදිහට නැවත ලැබෙන්න කාලේ හරි. ඒත් මොකක් හරි වැරැද්දක් වෙලා වැස්ස හොඳටම ප්‍රමාද උනා. විලත් සීග්‍රයෙන් හීදීගෙන ගියා. අතිජාත කොක්කු දෙන්නෙක් උදව්වට නොපැමිණෙන්න, මේ වෙද්දිත් ඉබ්බා තමන්ගේ අවාසනාවන්ත, කටුක අවසානය එන තෙක් මඟබලාගෙනයි හිටියෙ.

“දුක් වෙන්න එපා යාලුවේ..... අපි ඔයාව මලින් පිරි විලකට ගිහිල්ලා ඇරවන්නම්.....ඔයාට එහේ රජෙක් වගේ ඉන්ඩ ඇහැකි...... එහේ ඔයාට ඉබි යාලුවොත් එමට...!“

“ඒත් කොහොමද මම එච්චර දුරක් යන්නෙ....අහසින් යන්ඩ කියලද කියන්නෙ......?“

“ඔව් අපි එක්කගෙන යන්නම්.......“

“හපොයි..... ඒ ගැන මතක් කරන්න එපා........ මතකනේ අපේ මුතුන් මිත්තන්ට වෙච්ච දේවල්.... ආයිත් ඒ වගේ දෙයක් ගැන නම් මට හිතන්ඩ බෑ!“

“මේ අහන්න මිත්‍රයා...... දැන් කාලේ අලුත් නොවැ. අපිට අහසින් ගමන් කරන්න බොහොම ආරක්ෂාකාරි ක්‍රමයක් පිළියෙල කර ගන්න බැරි වෙන එකක් නෑ.....“

“අනේ මන්දා............“

ඉබ්බෙකුට අහසින් යන්න පුලුවන් ආරක්ෂාකාරීම ක්‍රමය මොකක්ද? වියත් කොකුන් එක්වෙලා සාකච්ඡා කලා. අන්තිමේ එයාලා අසාර්ථක වූනු පැරණි ක්‍රමයේ නිවැරදි කොටස් අරගෙන වඩාත් ආරක්ෂාකාරී ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කලා.

මේ ක්‍රමයට ඉබ්බෙක් බිමට වැටීමට ඉඩ තියෙන සම්භාවිතාවය බොහොම අඩුයි. ඇත්තටම ඒක 0.1% කටත් වඩා අඩු ප්‍රතිශතයක්.

දිනය උදාවුනා.

“අද දවස අපේ ඉතිහාසයට එකතුවෙන්නෙ මකන්න බැරි දවසක් හැටියට. මේ වෙද්දි ඉතාම ආරක්ෂාකාරීව ඉබ්බෙකුට ගුවන්ගත වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉබ්බන්ගෙත්, කොකුන්ගෙත් චිරාත්කාලීන මිතුදමට මේක හොඳ උදාහරණයක්.“ උත්සව සභාව අමතපු කොකුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වෙලා ඉන්න විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානියා කිව්වා. හැමෝම ඒකට එකග උනා. ඉබි නයිදේ ගෞරවාන්විතව හිස සැලුවා.

සරළව කිව්වොත් ක්‍රමවේදය මෙහෙමයි. මුලින්ම කොකුන් දෙදෙනෙකුගේ අතේ දුරට, ඇත්ත වශයෙන්ම තටුවෙ දුරට සමාන වානේ දණ්ඩක් තියෙනවා. ඒ දන්ඩෙ මැද තමා අපේ ඉබි නයිදෙ එල්ලිලා යන්නෙ. දෙපැත්තෙන් කොකුන් දෙන්නා දණ්ඩ ඩැහැගෙන ඉන්නවා. අතීතයෙ දි වගේ ඉබ්බගේ කට යන්තමින් හෝ විවර වෙලා දණ්ඩෙන් ගිලිහිලා ගියාට දැන් බය වෙන්න දෙයක් නෑ. මොකද චීන සර්කස් කණ්ඩායම් වල සගයෝ, උඩ කරනම් වලට සුදානම් වෙද්දි පළදිනවා වගේ ඉබ්බගේ ඉනෙත් බඳ පටියක් බැඳලා තියෙන්නෙ. ඒක රැහැනකින් සම්බන්ධ කරලා තිබුනෙ වානේ දණ්ඩට. ඊට අමතරව මේ තුන් දෙනාට යටින් ලේසියෙන් කැඩෙන්නෙ නැති ශක්තිමත් රැහැන් වලින් වියපු දැලක් අරගත්තු තවත් කොකුන් හතර දෙනෙක් ගමන් කලා. යම් විදිහකින් ඉබ්බාට දණ්ඩ අතඇරුනොත් මේ දැලට නොවැ එතකොට වැටෙන්නෙ.

අන්තිමේ ගුවන් ගත වෙන මොහොත උදා උනා. ඉබ්බා අවසාන වතාවට දිය සිඳුනු විල දිහා හැරිලා බැලුවා. සියල්ලන්ගෙ ඔල්වරසන් මැද්දෙ කාණ්ඩෙ ගුවන් ගත උනා.

ගුවන් ගත වෙලා සුලු මොහොතක් යද්දි ම ඉබ්බට වැටහුනා මේ ගමන ඉතාම ආරක්ෂාකාරී එකක් ය කියලා. ඒ එක්කම තම අතිජාත මිතුරු කොකුන් කෙරෙහි ලොකු ගෞරවයක්. ඇයි කව්රු හරි මේ වගේ උදව්වක් කරාවියැ යටි අරමුණක් නැතිව.

තවත් ටිකක් ඉදිරියට යද්දි පාසල් ළමුන් කාණ්ඩයක් විවේක කාලෙක සෙල්ලම් කරනවා හරි අපූරුවට පේන්න ගත්තා. හරියට අතීතයේ ඒ අවිනිශ්චිත දවසේ තමන්ගේ මී මුත්ත දැක්කා වගේ. එතැන හිටපු එක් කටකාර දරුවෙක්,

“ආන්න බලාපල්ලා........ ආදිකාලේ වගේ ඉබ්බෙක් අහසින් යනවා......“ කොල්ලා කෑ ගැහුවා.

“හැබැයි ටිකක් වෙනස් නේද......?“ තවකෙක් අගුල්පත් තිබ්බා.

මේ අවස්ථාවේ දී ඉබ්බා නොසැලි හිටියා. ඇයි තමන් හොඳටම දන්නවා පුරාවෘතවල තමන්ගේ මීමුත්තන්ට වෙච්ච අකරතැබ්බ වල මහත!

ඉබ්බා ගැන හැමෝටම සතුටුයි.

“ඇත්තටම අර යල් පැන ගිය පැරණි ක්‍රමයට උණත් මේ වගේ බුද්ධියක් තියෙන ඉබ්බෙකුට ලේසියෙන් අහසින් ගමන් කරන්න පුලුවන් - නැද්ද හොඳයි?‘ මේ අවස්ථාව සහසුද්දෙන් බලාගෙන හිටපු අර ශක්තිමත් දැල අරගෙන යන කොකුන්ගෙන් ඉදිරි පේලියෙ කොකෙක් කිව්වා.

“හැබෑ නේන්නම්.....“ තවත් කොකෙක් ඒකට එකඟ වුනා.

 “ඉබ්බො අහසින් ගිය පැරණිම ක්‍රමය හරිම විහිලු සහගතයි......!“ පිටුපස පේලියේ එක කොනක් අරගෙන යන පරිනත කොකෙක් කියන්න උනා. “ඉතින් අපිටත් දැගනත්න එක්කලා කියන්නකෝ....... තව සෑහෙන දුරක් යන්නත් එපැයි......“ ආධුනික කොකෙක් වන අන්තිමයා ඉල්ලීමක් කලා. අනිත් දෙදෙනත් ඒක අනුමත කලා.

“හ්ම්.....මුලින්ම ඉබ්බෙක් අහසින් ගියේ නිකම්ම නිකං දණ්ඩක..... ඒකනෙ කට ඇරියේ හැටියෙ බිම ඇද වැටුනේ.... ඊලග පරම්පරාවෙදීත් ඉබ්බා නැහුනෙ කට හින්දා. තුන්වැනි පරම්පරාවෙ දි, ඒ කියන්නෙ අපේ ආධුනික කාලේ දි, මේ වගේම ඉබ්බෙක් අහසින් ගියා නොවැ. ළමයිගෙ සද්දෙට ඉබ්බා කලබල වෙයි කියලා හිතපු අපේ කොකෙක් කියාපි, යාලුවේ, මොන දේ උනත් බිමට බහින තුරු කතා එපාය කියලා. අවාසනාවට එතකොට කොකාගෙ කටින් දණ්ඩ ගිලිහුනා. ඉබ්බා හොදටම බය වෙච්ච බව දැනගත් අනිත් කෝකා “කිසිදේකට බය වෙන්ඩ එපා ඉබි නයිදෙ මම ඉන්නවා නෙව ඕන දේකට කිව්වා. හපොයි........"

"හැබැයි අපේ හොඳ කාලේ එද්දි හැමෝම ඇති පදම් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තිබුනේ. ඒ කාලෙ මම සෑහෙන්ඩ පළපුරුදු ඇත්තෙක්. මුලින්ම ආරක්ෂක දැලක් අරගෙන ගියෙත් ඒ වතාවේ. වැඩේ කියන්නෙ එදා පාරත් මොකක් හරි වැරැද්දකින් ඉබ්බාට දණ්ඩ අතඇරුණා. ඇත්තටම නං කට ඇරුනා. ඒ වෙලාවේ දී තමා ඉබ්බා කෙලින්ම ඊට අඩි ගාණක් යටින් සමාන්තරව යන අපේ දැලට වැටුනේ. ඉබ්බා දැලට වැටුනු හැටියේ දැලේ රැහැනක් කටින් තදට අල්ලාගත්තා. එතනදි නම් හැමදේම හොඳ අතට වුනා තමා. ඒත් එක කොකෙක් කිව්වා නෙව “බලන්න පෙර සුදානමේ වැදගත්කම“ කියලා. අන්න එතනදී ඒ කොකාගෙ කටින් දැලේ එක කොනක් ගිලිහුනා. අනිත් පැත්තෙ කොක් හාමි ඕක දැකලා “අනේ.... කරුණාකරලා තව ටිකක් පලල් කරන්න“ අත ඇරුනු එකේ අඩුව මඟ ඇරගන්න අටියෙන් අනිත් කොකුන්ට බෙරිහන් දුන්නා. එතකොට වෙච්ච හරිය මම කියන්ඩ ඕනිද? හැබැයි ඔය සිද්ධිය බලාගෙහ හිටි අපේ දැල ගෙනියන කාණ්ඩෙ නායක කොකා “කතා කරන්න එපල්ලා!“ කියලා අණක් නිකුත් කලා. හැබැයි මම නං වචනයක් වත් කතා කලේ නෑ. මොකද දැල අතඇරුනොත් වෙන සංගෙඩිය සහසුද්දෙන් දන්න හන්දා. ඉතින් මම වගේ ඉතාම බුද්ධිමත් කොකෙක් දැක්කම කාටද අගය නොකර ඉන්න ඇහැකි. එදා වුනෙත් ඒකමයි. “හපොයි හොඳ වෙලාවට නොවැ උඔ වගේ බුද්ධිමතෙක් හිටියෙ......“ ඉබ්බා කිව්වා. ඔය විදිහට අහසින් යන්න ගිය එක ඉබ්බෙක්ටවත් ගමනාන්තෙට නං යන්න උනේ නෑ.

“අපුරු ඉතිහාස කතාවක්........“ ඒක අහගෙන හිටි අනිත් කොකුන් කියන්න උනා.

"ඇත්ත.........ඉතිහාස කතා කොහොමත් ලස්සනයි නොවැ....... ඒත් උඔලා රාජකාරිය හරියට නොකර ඉතිහාස කතා කියන එක නං බොහොම වැරදියි........දැන් බලාපල්ලා කෝ උඔලාගෙ දැල....." මේ කතාව අහගෙන හිටි ඉහලින් දණ්ඩ ඩැහැගෙන යන එක කොකෙක් කිව්වා. ආන්න ඒ මොහොතෙ දී කොකාගෙ අතින් දණ්ඩ ගිලිහුනා මේ වතාවෙත්.

"ඒයි අතඇරියා නේද දණ්ඩ........" ඉබ්බා කලබලෙන් කිව්වා. ඒ එක්කම ඉබ්බගෙ කටිනුත් දණ්ඩ ගිලිහුනා. ඒත් ආරක්ෂිත බදපටිය හන්දා කුරුමානම වැරදුන චීන සර්කස් කාරයෙක් වගේ ඉබ්බා දණ්ඩෙ පැද්දෙන්න උනා. ඒක දැකපු අනික් කොක් නයිදෙ "හොඳ වෙලාවට බදපටිය තිබුනේ" කියද්දිම මුල්ම ඉතිහාස කතාවට තවත් පරිච්ඡේදයක් එකතු කරමින් ඉබ්බා වැටෙන්න උනා.

"මේ කොටසෙදි නම් වැරැද්දෙන් සෑහෙන පංගුවකට වග කියන්න වෙන්නෙ කොකුන්ට. මොකද ඒ ගොල්ලයි මුලින්ම දැලත් අත ඇරියේ..........  ඒත් ඒගොල්ල සහසුද්දෙන්ම දන්නව ඉබ්බ ඇරුනම වෙන කව්රුත් මේ සිද්ධිය දැක්කෙ නෑ කියලා. ඒ හින්දා ඒ ගොල්ල ආපහු යන ගමනේ දී ඉතිහාසෙට එකතු වෙන්න නියමිත මේ පරිච්ඡේදය ඒ ගොල්ලන්ට වාසි වෙන විදිහට වෙනස් කරලා කියන්න කතා උනා." කියලා කතන්දර සීයා දැහැනකට සමවැදිලා වගේ, හරිම අපුරු විලාසෙකින් කියපු කතාව ඉවර කලා.

"ඒත් කොක්කු ඇයි එහෙම කලේ.................!"

"එහෙම තමා චුටිමහත්තයා.......ඒකට උත්තරයක් නං මමත් හරියට දන්නේ නෑ........ හැමෝම ගියේ උදව් කරන්න...... ඒත් ඕන්නැති කතාවක් හන්දා වැඩේ නොපිට පෙරලුනා නෙව.....‍හක් හක් හා......" කතන්දර සීයා හිනා උනා.

"එහෙම බලනකොට මුලින් ම අහසින් ගිය ඉබ්බත් එයාගෙ වරදින් වැටුනයි කියලා හිතන්න අමාරු නැද්ද......?" මම තර්කයක් ගෙනාවා.

"මොකද නැත්තෙ..... ඒ වෙච්ච හරිය දන්නෙත් ගිය අයම තමයි. රට්ටු මොන කතා කිව්වත් ඇත්ත කතාව දන්නෙ කීයෙන් කී දෙනාද?"

"හ්ම්...... ඊලග පාර යද්දිවත් ඉබ්බගේ පිටේ පැරිෂුට් මල්ලක් එල්ලන්නයි තියෙන්නෙ.......... එහෙම උනොත් වැටුනත් කරදරයක් නැතුව ගොඩබැස්සැකිනේ........"

"අතර මඟදී ඉබ්බා වැටුනේ නැතිනං කොහොමද මයෙ පුතේ අලුත් කතාවක් ගොතන්නෙ.........හෙහ් හෙහ් හේ........." කතන්දර සීයා මහ හයියෙන් හිනාවෙලා විටක් කොටන්න හිතාගෙන වංගෙඩිය පැත්තට හැරුනා.

................................................
- කෙහෙල්කොටුවේ චුටි මහත්තයා.

ප/ලි-
මේකට ලස්සන සිත්තර දෙක තුනක් තිබුන නම් පංකාදුයි කියලා මමත් පිළිගන්නවා. ඒත් චුටි මහත්තයගේ කතා කියවපු මහත්තැන් කෙනෙක්ගෙ හිත උනුවෙලා මට අරගෙන දීපු ඒ "ඉලෙක්ට්‍රොනික් උපකරණය" අද ගේන්න අමතක උනා ‍නොවැ. සමාවෙන්ඩලා හොදේ!
...............
- විදෙස් සිත්තරා.


ප/ප/ලි -
සොත්ති සපත්තුව අනුග්‍රාහකත්වය තවමත් ඔබ ලබා ගත්තෙ නැත්ද? එහෙනම් දැන්ම පිවිසෙන්න>>>
.....................
- යුරෝ දෙකේ වීරයා.

115 ක් කියන්නේ !:

  1. අතීතේ කතාවෙ කොච්චර වර්ෂන් තිබ්බත් ඉබ්බ අහසින්ම නොවැ යන්නෙ. දැන් කාලෙ ඉතින් බස් එකේ නැගල ගියා නං ඔය ප්‍රශ්නෙ ඉවරයි!

    ReplyDelete
    Replies
    1. මුහුදු,

      අපොයි මුහුදු උඔට ඔය ටික හිතන්න බැරිද? ඉබ්බා කොහොමද බස් එකට නගින්නෙ... පලවෙනි පඩිය නගින්නෙ ඉනිමං බැඳලද......?

      Delete
  2. මේ ඔක්කොටම වැරැද්ද අර පල්ලෙහා ෆුට් බොල් සෙල්ලම් කර කර හිටිය කෙහෙල් කොරොට්ටෙ කොල්ලො රැල තමා..!!
    එයාලා එක එක කතා කිව්නෙ නැත්තං කොක්කුන්ගේ අවධානය වෙනස්වෙන්නෑනෙ..

    //අතර මඟදී ඉබ්බා වැටුනේ නැතිනං කොහොමද මයෙ පුතේ අලුත් කතාවක් ගොතන්නෙ//
    මේ කතාවට නම් සීයාගේ කටේ චොකලට් බාර් එකක් දාන්න ඕන..

    ReplyDelete
    Replies
    1. රූ,
      ඒ හිටියේ අපිලුද? බලන්ඩකෝ එකෙත් හැටි.

      සියා හිටියනම් තව කොච්චර දේවල් කරන්න දැනගන්න තිබුනද? අනිච්චෙ දුක්ඛෙ....

      Delete
  3. කොක්කු ඉබ්බට කොකාම පෙන්නලා වගේ...

    ReplyDelete
    Replies
    1. තරියා අ‍බේ,
      මිනිස්සු කොකා පෙන්නන එකේ කොක්කු කොකා පෙන්නුවාම මොකො නේද?

      Delete
  4. මම හිතුවේ කට හින්දා නහින්නේ මාලුවෝ විතරයි කියලා. බලාගෙන යද්දි ඉබ්බෝ තමයි මුලට ඇවිත් තියෙන්නේ නේද?

    ඔය කොක්කු ඔහොමමයි අප්පා. කරන්ට යන වැඩේ මතක නෑ කටවල් අරින්ට ගත්තාම.

    හැබැයි අතීත කතාව කෙසේ වෙතත්, වර්තමාන කතාව තේරුනේම නැත. කමෙන්ට් දැමීමට කලින් තුන් පාරක් කියවීමටද සිදු විය. (මට කෝපි කෝප්පයක්ම බොන්ට තිබුනු වෙලාව...දුකේ බෑ)

    ReplyDelete
    Replies
    1. වර්තමාන කතාව නේද.?? පොඩ්ඩක් වටපිට බලාන්ට‍කෝ.. :D

      Delete
    2. අතීතෙත් එකයි, වර්තමානෙත් එකයි . ඒ මොකද කොකා , කොකාමයි ඉබ්බ ඉබ්බාමයි :))))

      Delete
    3. අතීතෙත් එකයි, වර්තමානෙත් එකයි . ඒ මොකද කොකා , කොකාමයි ඉබ්බ ඉබ්බාමයි :))))

      Delete
  5. අනේ මන්දා බුද්දි අය්ය කොහෙටද මන්දා ගහල කියලමයි හිතෙන්නේ.. ඒත් පුස්නේ ගහපු තැන හොයාගන්න බැරි වෙච්ච එක

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි, බූරා, මී ගොඩයා,

      අන්තිම සතියේ ආපු දින තුනක නිවාඩුවේ අපි ඇවිදින්න ගියෙමු. ගමන ගිහිල්ලා ආපසු එන ගමනෙදී රියදුරු අසුනට හිරවීම නිසා දැනුනු තෙහෙට්ටුව හා නිදිමත නැති කරගැනීමට අපි පරන කතා කිව්වෙමු.

      මේ කතාව එදා චුටි මහත්තයට ගොතලා කිව්වෙ කතන්දර සීයායි. මම මගෙත් සෙසු අයගේත් විඩාව සංසිදුවා ගැනීම උදෙසා පැරණි කතා ඇදබාමින් සිටියදී මේක මතක් විය. ඒ අනුව මම ඒ කතාව කියවා අවසානයේ එය නොසිතු ලෙස ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තේය. ඒ නිසා මේ කතාව තවත් ඉදිරියට ගොතමින් පැය ගානක් ඇද්දෙමි. ඒ අනුව මා විසින් ඉබ්බා ගෙන යන හරස් දණ්ඩඩ සෙන්සර් පද්ධතියක් සවිකර එය අති නවීන දණ්ඩක් බවට පත් කල අතර කොකුන්ගේ පාලක මධස්ථානයට රේඩාර් පද්ධතියක් ද සවි කලෙමි. නමුත් එවරද ඉබ්බා මඟදි බිම වැටිනි.

      ඉදින් හදිස්සියේ මට මතක් වූ ඒ කතාවේ නියමිත කොටස ගෙන මම අකුරු කර පසුදා මුදා හැරියෙමි.

      මෙහි නම් ගම් සියල්ල මනක්(තිත් දෙක ටයිප් කරන්නෙ කොහොමද මෙතෙන්ට එන?)කල්පිතය. සිද්ධිය මා ඇසු එකකි. හැබැයි ඒ කාලේ.

      කුමාරිහාමි තුන්වරක් කියවීම ගැන අතිශය සතුටට පත්වෙමි. ඒවගේ දේවල් වෙන්නෙ කලාතුරකිනි. කෝපි කෝප්පය බීමට නොහැකිවීම ගැන කණගාටුවෙමි. :P
      - යුරෝ දෙකේ වීරයා.

      (නොපැදිලි තැනක් ඇත්නම් කරුණාකර අමතන්න:))

      Delete
    2. මාලින්ද එකෙන්නම් තිත් දෙක ටයිප් කරන්නේ මෙහෙමයි..

      \h

      mana\hkalpitha

      Delete
    3. ඹ්හ්..... අපි විජේසේකර නෙ සෙන්නා....

      Delete
    4. මොකක්ද මේ හැමෝම කියන " විජේසේකර " ???!!!!@@@@####

      Delete
    5. වි‍ජේසේකර එකේ 'ඃ' ගහන්නෙ shift + x එකෙන් නේ බොලං.. නිකංම x ගැහු‍වොත් 'ං'..

      @සෙන්නා,

      විජේසෙකර අහලා නැද්ද බං, අර සිංදු කියන ලක්ෂ්මන් විජේසේකර.. :)

      Delete
    6. බුරා,
      ස්තුතියි....... බලමු ට්‍රයි කරලා මනඃකල්පිත.... හරිද?
      .............

      සෙන්නාට හොදවයින් රූප රාමු එක්කලා මම පැහැදිලි කිරීමක් යැව්වා.

      Delete
    7. බොහොත් ශුක්‍රියා බුද්ධි.. මම මේ ඒක අධ්‍යනය කරන ගමන්.. මම අහපු පුරස්නෙට උත්තර කෑල්ලක් එව්වොත් පින්..

      Delete
    8. ප්‍රස්ණයක් ඇවිල්ලා නැනේ.

      මෙන්න මේ ලින්ක් එකෙන් (http://www.siyabas.lk/sinhala_how_to_install.html)ගැලපෙන සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා කොම්පීටරේට ඉන්ස්ටෝල් කරගන්න. එතකොට ටාස්ක් බාර් එකේ දකුණු පැත්තෙ එයි EN/SI/TA කියලා. ඊට පස්සෙ SI සිලෙක්ට් කරන්න. එතකොට ටයිප් වෙන්නෙ විජේසේකර කීබෝඩ් එකේ අකුරුයි. EN/TA වලින් ඉංග්‍රිසි හා දෙමල ටයිප් කොලැකි.

      සැයු- සිංහල හෝ දෙමල සිලෙක්ට් වී තිබියදී පොටෝෂොප් වැනි සමහර සොෆ්ට්වෙයා වල ෂෝට් කට් වැඩකරන්නෙ නෑ. එතකොට මතක ඇතිව EN සිලෙක්ට් කරගන්න... කලබල වෙලා සොෆ්ට්වෙයා එක රෙපෙයාර් කරන්න කලින් හෙහ් හෙ.....

      Delete
    9. බොහොම ස්තූතියි බුද්ධි.. බඩු එලටම වැඩ.. ඒත් හම්බෝ ඒක පණ යන වැඩක්නෙ.. මම මේ කමෙන්ට් එක ඒකෙන් ටයිප් කරන්ඩ කියලා හැදුවෙ... හල් කිරීම හොයාගන්ඩම බැරි වුනානෙ.. අයෙ ඉතින් මාලින්ද ගොයියව හොයාගන ආවා..

      හිමීට පුරුදු වෙන්නම්... දෑනුවත් කලාට පින්.

      Delete
  6. අනේ සීයේ තව කතාවක් කියන්නකෝ....!!!!

    ReplyDelete
  7. අනේ සීයේ තව කතාවක් කියන්නකෝ...!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මාමා,
      අඩුම ගානේ ටිකිරි මාරියක් වත් දුන්නොත් කියනවා හෙහ් හේ...

      Delete
  8. කට පරිස්සමේ සියලුම වර්ෂන් මෙම ලිපියෙන් බලා ගත හැක.

    ReplyDelete
    Replies
    1. මහේෂ් මාමා,
      ඇත්තටම.... සියල්ලම තියෙනවද? හෙහ් හේ..

      Delete
  9. අපි බලපු සර්කස් එකේ නම් නංගිලා හරි අපුරුවට ලණුවල එල්ලිලා කරණම් ගැහුවා . හරියට රබර් වලින් හදපු අය වගේ . මටත් දැන් සැකයි ඔන්න . කොක්කු ඉතිහාසේ විකෘති කලාද කියල . මොනවා වුනත් මේකට වගකියන්න ඕන කොල්ලෝ කුරුට්ටෝ තමයි . නැත්නම් ඊ ළඟ පාර කොල්ලෝ බෝල ගහන්නේ නැති හයි වේ එකක් උඩින් යන්න ඕන .මට තේරෙන්නේ නැහැ මේක පොඩ්ඩක් . මුලදීම කට්ටිය නෙට් එක අත්හැරිය වගේ තේරුනා . ඊට පස්සේ ඉබ්බා වැටුනට පස්සෙත් නෙට් එක අත ඇරෙනවා . මට පේන විදිහද . ආයේ කියවලම බලන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. බිංදුමතී අක්කා,
      මට තේරෙන්නේ නැහැ මේක පොඩ්ඩක්. // කට ඇරිය හැටියෙ නෙට් එක වැටෙනවා නේද? එහෙම හිතලා කියවන්න.... එකම නෙට් එක දෙපාරක් වැටෙන්නෙ නෑ එතකොට.

      Delete
  10. එදාඉඳලම නහින්නෙඉබ්බොමයි.එකඉබ්බියෙක්නෑනෙ අසාවට.

    ReplyDelete
    Replies
    1. විමුක්ති මාමා,
      ඉබ්බා නැහුන ම, එයාලට කැමති ඉබ්බියෝ දුක් වෙනවා නේ නැද්ද හොඳයි

      Delete
  11. මේක හරියන වැඩක් නෙමෙයි.
    ඇයි ඔය ඉබ්බට කොක්කුත් එක්කම යන්න ඕන. දැන් ඕන තරං සී ප්ලේන් තියෙනවනෙ.

    මේකෙ ඊළඟ වර්ෂන් එකක මොකක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මාමා,
      ඊලග වඒෂන් එක හනතුරු අපි ඉවසා බලා සිටිමු.... ඒක නෙමේ අපි ගහමුද පොතක් ප්‍රසන්න ප්‍රින්ටස් එකේ ඉබ්බෙක් අහසින් යයි කියලා.

      Delete
  12. පව්..................ඉබ්බා... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ** සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! **

      ඉබ්බටද?

      Delete
    2. අඩවි රජ තුමනි,
      එසේම වේවා නේද?

      Delete
  13. අඩේ කතන්දර සීයා...!!! :( :(

    ReplyDelete
  14. ඒ ලින්ක් එක දාපන්කෝ ආයේ කියවන්න...

    ReplyDelete
    Replies
    1. කතන්දර සීයා http://cyberyaya.blogspot.com/2010/07/blog-post_31.html

      Delete
    2. බීටල මාමා, ස්තුතියි මේ පැත්තෙ ඇවිල්ලා කතා ව මතක් කරලා ගිය එකට

      Delete
  15. ඔච්චර ඉබි කතා වෙලා තියෙද්දිත් මේ ඉබ්බො ආයිත් යනවනෙ කොක්කු විශ්වාස කරගෙන... ඔව්වා කියල දෙන්න ඕනෙ මහ ඉබ්බො ඉබ්බියො පොඩි පැටවුන්ට නැද්ද හා ?

    ReplyDelete
  16. මේක දැවෙන ප්‍රශ්නයක්..

    ReplyDelete
    Replies
    1. දැවිල්ල කොහොම වෙතත් ඊට පස්සෙ ඉබිමස් ටික මුට්ටියෙ තැම්බෙන්නනං පුලුවං.

      Delete
    2. සම්මානී නැන්දා,
      නැද්ද හා?// ඔය විදිහට කතා කරලා ප්‍රස්න අහන ගැණු ළමයෙක් අපේ යාලුවො අතරත් ඉන්නවා. හරි බැරෑරුම් ප්‍රස්ණයක් අහද්දි තමා හා කෑල්ල අන්තිමට දාන්නෙ? ආ.... කේන්ති ගියාමත් දානවා.... නැන්දටත් දැන් මේ කේන්තියක් ඇහිල්ලද තියෙන්නෙ....!

      .............

      හරී මාමා,
      ඒකනං ඇත්ත තමා. හැමදාම ඉබ්බා වැටෙනවා... ඒකට අලුත් කතාවක් කියනවා හෙහ් හේ...
      ........

      ප්‍රසන්න,
      අනිවාරියෙන් මාමේ.... රට්ටු මොන කතා කිව්වත් ඉබ්බා මුට්ටියට යාමේ ප්‍රතිශතය වැඩියි තමයි..හෙහ් හේ

      Delete
  17. ඇත්තනෙ ඉබ්බා වැටුනෙ නැත්නම් කොහොමද කතාවක් තියෙන්නේ . එහෙම උනොත් කොහොමද චූටි මහත්තයා චිත්‍ර යක් අඳින්නෙ

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන් මාමා,
      අන්න දැක්කධ? මාමාට ඇත්ත යුත්ත තේරුම් ගිය හැටි!

      Delete
  18. ඇයි බන්,, අර "බයිට් එකට ගියත් කලින් ගේම දිනුම් ඩෝ" කියන හාව ඉබ්බා වර්ශන් එක දැම්මානම් ඉබ්බා චාටර් වෙන්නේ නෑනේ.....

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද අභීත මාමේ.... ඒ කතාව මම දන්නෙ නෑ.... ඉබ්බයි හාවයි රේස් ගිය කතාවේ දිගුවක්ද? :)

      Delete
  19. ඔය පුස්නෙට මුල මට හිතෙන හැටියට කොක්කු වර්ගයෙ වැ‍රැද්ද්ක් ඉතිහාසෙ කොතනක වත් ඔය කොක්කු වර්ගය ගැන කියල නෑනෙ.... මට හිතෙන්නෙ මුං ඔක්කොම පාලං කොක්කු

    X-Porter

    ReplyDelete
    Replies
    1. එක්ස්පෝටර් මාමා,
      සාදරයෙන් පිළිගන්නවා මුලින්ම! එදා පිලිගන්ඩ බැරිව ගියා නෙ.

      පාලං කොක්කුද? නැද්ද? ඔන්න අපිට විසඳගන්ඩ තියෙන ඊලග අභියෝගය..... මම නං ඒක කාලයට බාර දිලා නිකං ඉන්ඩයි කල්පනාව..!

      Delete
  20. ලංකාවේ වෙන්නෙත් ඉතින් ඔය දේම නෙ! එක් එක්කෙනාට වාසි විදිහට කතාව වෙනස් වෙනවා! චැනල් 4ක ප්‍රවෘත්ති 4ක් බැලුවොත් වැරැද්ද කරලා තියෙන්නේ 4 දෙනෙක්! :D

    ReplyDelete
    Replies
    1. සබිත් මාමා,
      කතාව ඇත්ත නේද? අදටත් වැඩේ වෙනසක් වෙලා නෑ ඒ කියන්නෙ...

      Delete
  21. ආදර්ශය: පාලං කොක්කු සමග කරන කොයි වැඩෙත් ඉවරවෙන්නේ ඔය ආකාරයෙන්ය.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඩූඩ්,

      මාමා අද්දැකීමෙන් කතා කරන සෙයක් පෙන්නුම් කරයි හෙහ් හේ...!

      Delete
  22. කොකි පළල් කරන්න කිව්වම මොකද උනේ කියන තැන මට ටිකක් පැහැදිලි මදි වගේ

    ReplyDelete
    Replies
    1. චාමි,
      හිස් තැන පුරවන්නයි!

      Delete
  23. ඊ ලඟ වර්ශන් එක මොකක්ද දන්නෑ...නේ

    ReplyDelete
    Replies
    1. වී මාමා,
      පුලුවන් නම් කියන්න ඔයාම!

      Delete
  24. අයියො සල්ලි ! එතකොට මේ කාලේ ඉබ්බෙක් උඩින් යන්නම වාසනාවක් නැද්ද?..

    ලන්කාවේ ප්‍රතම සින්හල වෙබ් අඩවි නාමාවලියට ඔබටත් ආරාදනා රොබින් කොල්ලො.
    http://site.myshouter.com

    ReplyDelete
    Replies
    1. රෂෝද් මාමා,
      වාසනාවද තියෙන්න ඕනෑ උත්සහයද?

      Delete
  25. මේක නොවිසඳුනු දැවන්ත ජාතික ප්‍රශ්නයක්... එදා ඉඳලම ඉබ්බො විල් මාරු කරන්ඩ හැදුවට සාර්තක නොවුනේ මොකද කියලා පිල් මාරු කරපු දේශපාලුවන්ගෙන් යුත් කොමිටියකට පවරන්න ඕනා..

    මේකට හේතුව චූටි මහත්තයා වැනි නොසන්ඩාල කතා කියන, කෑගහන කොල්ලොනම් ඒකටත් පියවරක් ගන්ඩ ඕනා..

    මට දැන් අතුරු ප්‍රශ්ණයක් ආව.. ඇයි අර කෝටුවක් එල්ලන් යන ගමන් යටින් දැලක් අරන් යන්නෙ.. ඉබ්බව දැලේම තියන් අරන් ගියානම් ඉවරනෙ.

    ReplyDelete
    Replies
    1. සෙන්නා මාමා,
      ඇයි අර කෝටුවක් එල්ලන් යන ගමන් යටින් දැලක් අරන් යන්නෙ.. ඉබ්බව දැලේම තියන් අරන් ගියානම් ඉවරනෙ.// ඕනැම දේකට නියමිත ක්‍රමයක් පටිපාටියත් තියෙනවානේ මාමා. කෝටුව කියන්නෙ යායුතු ක්‍රමය. ආරක්ෂක උපක්‍රමය තමයි දැල.... පොඩ්ඩක් හිතන්ඩකෝ මාමේ කෝටුවෙක් වැටුනොත් දැලට...... දැලේ යද්දි ඒකෙන් වැටුනොත් මොනද වෙන්නෙ කෙලින්ම බිමට නේද? දැං මාමා කියනවනම් ඊට යටින් තව දැලැක් අරගෙන යන්න ඕන කියලා... මට කියන්න පුලුවනි ඇයි උඩ දැලැක් යටදැලේම ගෙනිච්චැකි නේද කියලා.... එත‍කොට යට දැලෙන් වැටුනොත්! ඊට යටින් තවත් දැලක් ගෙනියන්න වෙනවා. දැන් තේරුනාද?

      Delete
  26. හොඳ වෙලාවට අපේ ඉබ්බන්ටයි කොක්කුන්ටයි කතා කරන්න බැරි උනේ නැත්තම් බැනුම් අහන්න වෙන්නේ රජාට අහසින් ඉබ්බබෝ වැටෙනවා කියලා :)

    ReplyDelete
    Replies
    1. අවතාර්,

      හෙහ් හේ..... නැ මේ ගොල්ලන්ට කතා කරන්න පුලුවන්නෙ...ඇයි කොකා උත්සව අවස්ථාව අමතලා කතා කලේ....!

      Delete
  27. ඕව සේරම කොක්කු ටික ඉබි මස් කන්න කරපු යටි මඩි වැඩ! :D

    ReplyDelete
    Replies
    1. නිරෝෂනී නැන්දා, කියන්ඩත් බෑ..... ඒ ගැන හොයන්න අපි ඉබි කොමිටියක් පත් කරමු.... හැබැයි ඒ ගොල්ලන්ගේ වැඩත් ඉබි ගමනින් වෙයිද දන්නෙ නෑ‍නේද?

      Delete
  28. හරිම වැඩතමයි ඉබ්බෝන්ට වෙන්නේ නේද ?

    ReplyDelete
    Replies
    1. රොබින් මාමා,
      අනේද කියන්නෙ..!:D

      Delete
  29. පට්ට! මාත් එය වගේ එකක් ලිය ලිය ඉන්නේ! දාන්නංකෝ! නියම කතාව!

    ReplyDelete
    Replies
    1. මාධව මාමා,

      හා ඉතින් ඉක්මනට ලියලා අපිටත් කියවන්න ලින්ක් එක දාන්නකෝ

      Delete
  30. කොක්කු වගේමයි හංසයොත්, කට ඇරියොත් විනාසයි වටේ ඉන්න උන්ටත් දෙයියන්ගෙ පිහිටයි..

    ReplyDelete
    Replies
    1. සුදාර මාමා,

      ඒ මොකෝ... හංසයොත් කට හින්දා කරදර කර ගන්නවාද?

      Delete
  31. මමත් මේ ලඟදි ඉබ්බා ගැන ලිව්වා. මෙතනින් බලන්න.
    http://jangun.wordpress.com/2012/06/06/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%85%e0%b6%bb%e0%b6%ba%e0%b6%9c%e0%b7%99-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%bd%e0%b7%8f/

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරකගේ මාමා,
      ලිපියට ගොඩවැදුනට කියෙව්වෙ නෑ. හිමීට කියවනවා.... දිග ලිපියක් නේ.....

      Delete
  32. අනේ පව් ඉබ්බො..පරිනාමයේ ඊළඟ ස්ටෙප් එකේදිවත් ඉබ්බන්ට පිහාටු එයිද මන්දා ?

    ReplyDelete
    Replies
    1. වෙනී මාමා,
      පිහාටු ඇවිදින් මදි ඉබ්බගේ බරට හරියන තටුයි එන්න ඕනේ නේද?

      Delete
  33. මොනා කලත් හැමදාම මේ දේ සිද්ද වේවි.. නැද්ද මම අහන්නේ... :)

    ReplyDelete
    Replies
    1. දිනේෂ් මාමේ,

      හැමදාම මේ දේ උනේ නැතිනං කෝමද අලුත් කතා හදන්නෙ.......... දිනෙිෂ් මාමා මොනවද නැද්ද කියලා ඇහැව්වේ......:P

      Delete
  34. ඉබ්බටන්ට කවදාවත් අහසින් යන්න වෙන්නේ නැහැ අෆ්ෆා.ඒත් හාවෝ නම් කොහොමහරි ඉබ්බා පරද්දලා දින්නා.

    ReplyDelete
    Replies
    1. මඩිස්සලේ මාමා,
      ඒ කොහොමද? අපි දන්නැනේ ඒ කතාව.

      Delete
    2. \\ඒත් හාවෝ නම් කොහොමහරි ඉබ්බා පරද්දලා දින්නා//

      පළමු කොමන්ටුවේ මෙම වදන් ටික ක්ලික් කරපංකෝ පුතේ..:P

      Delete
  35. මම හිතුව බ්ලොග් තීරුව වත් පලල් කරල ඇති කියලා.

    නැත්තම් අපි පහලට රෝල් කර කර වද විදින්න එපැයි :ඪී

    ReplyDelete
    Replies
    1. මමත් දැකපු ගමන් හිතුවේ ඒක ගැන මොකක් හරි කියලා.. බලද්දි මේ වෙන පලල් කිරීමක්..

      Delete
    2. නොකිව්වට මමත් හිතුවෙ ඒකමනේ. මීට කලිනුත් ඒක ගැන කෂ්ටිය කතාකරපු නිසා මම හිතුව අද බුද්ධි පළල් කරල ඇති කියල.

      Delete
    3. සෑම්, සෙන්නා, ඩීඩීටී මාමාලාට,
      ඒක කරන්න අමාරුයි. දෙපැත්තෙ එව්වා ටිකට අගය 970px දුන්නම අගේට දෙපැත්තට ගිහිං ඉඩ හදලා දෙනවා. මැද කෑල්ල හරියන්නෙ නෑ. ඔයදෙපැත්තෙ ඉරි දෙක ඉමේජ් එකක් හැටියටයි තියෙන්නෙ... මම ඕවා ගැන දන්නෙ නෑනෙව......ඉතින්

      Delete
  36. හොඳට නරකට දෙකට කටමය :D

    ReplyDelete
    Replies
    1. හසිතමාමා,
      හොඳට‍ නරකට දෙකට සිරසය!!!

      Delete
  37. ඇස් බී අංකල් පැවත එන්නෙත් ඔය කොක්කුන්ගෙන්ද මන්දා .... ?

    ReplyDelete
    Replies
    1. ශෂී අක්කා, අනේ මන්දා? ඔය කොක්කු කිව්වෙ මොන කොක්කුද හෙහ් හේ

      Delete
  38. කලින් කලට පාලනේ කරපු දෙස්පල් කොකුන් අපේ මහජන ඉබ්බාව වෙන වෙන ක්‍රම වලට සුරලෝකේ පෙන්නන්න අරන් ගිහින් දඩොරියන් කියල බිමට හෙලපු එක තමයි මට නම් මතක්වෙන්නේ.. ඉබ්බාගේ මොලේ නැති කම තමයි හේතුව.. ඒකනේ කට ඇරෙන්නේ..

    ReplyDelete
    Replies
    1. සරත් මාමා, වැඩේ කියන්නෙ තියෙන දේ වෙනුවට අපිට තොරගන්න තියෙන විකල්පයෙත් පාට විතරයි නෙව වෙනස්.....!

      Delete
  39. දැන් මේ කථා යන විධියට මේක නිකං අර මෙගා ටෙලියක් වගේ පොඩි පොඩි වෙනස්කම් සහිතව දිගටම කරන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ඉෂාර මාමා, ඔව් ඔව්. මේ ටින ඉවර උනාම ආය මුල ඉදලා දානවා... එකතොට හොයාගන්න අමාරුයි නේ......

      Delete
    2. සිරාවටම. ඕනේ පදම් ලියත හැකි.

      Delete
    3. ඔය ඉන්නෙ අද්දැකීම් තියෙන මාමාලා

      Delete
  40. ඉබ්බ වගේද කොකා ??? කොකාගෙ පන ඔබේ පන මෙන් රැකගන්න කියන්නෙ නිකංයැ

    ReplyDelete
    Replies
    1. ඒත් ඔය සමහරු කොකාගෙ පන නසන්නෙ ?

      Delete
    2. ඒ හිත්පිත් නැති අය වෙන්ඩැ.... සෙන්නා මාමා.

      Delete
  41. මට නං මොනවත් තේරෙන්නෙ නැහැ....ආයෙත් කියවලා බලලම එන්නං.

    ReplyDelete
    Replies
    1. ලකී අන්ලකී හෙහ්හේ..... හිමීට කියවන්න...මෙය දුටු වහාම අමතන්න....තොරතුරක් ඕනැ

      Delete
    2. මුණු පොතෙන් ඇමතුවා...ඕවර්. :)

      Delete
  42. ඇත්ත දැනගෙන නෙවෙයි තමා හැමෝම කතා කරන්නේ.
    නියමයි.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියන්ත මාමේ.

      ඇත්ත කියන්නෙ මොකද්ද කියලා හිතෙනවා... වෙලාවකට හිතාගෙන හිතාගෙන යද්දි.!

      Delete
  43. කාලය වෙනස් තාලය අලුත්!
    ඒත් දේශපාලනය එකමයි! ;)
    - මට තේරුණෙ එහෙම -
    කාලෙකට පස්සෙ ආයෙත් සයිබර් යායට ආවෙ!

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රජිත් මාමා විසිතුරු මාමා,
      ස්තුතියි අගය කිරීම ගැන

      Delete
  44. හිහි...හොද කතාවක්
    ඒත් ඉතින් හැමදාම ඉතින් ඉබ්බා නැසුන එක තමයි වුනේ....

    ReplyDelete
    Replies
    1. දම්මි අක්කා,
      ඉබ්බගෙ කට්ට හයිය හන්දා, ගොඩක් අය හිතන්නෙ ආරක්ෂාව වැඩියෙන් ලබා ගන්න පුලුවන් කෙනෙක් කියලා වෙන්ඩැති...... ඒත් ඒක එච්චර හයිය වුනේ ඇයි කියලා කව්රුත් දන්නෙ නෑ...

      Delete
  45. අදයි ආයුබොවන් මේ පැත්තට ආවෙ... ඉබ්බගේ කථාවෙ මේ වර්ෂන් එක ඇහුවෙ අද තමයි ඔන්න...

    ReplyDelete
    Replies
    1. සිරා මාමා,

      ස්තුතියි ගොඩවැදුනට. සයිබර් යායට සාදරෙන් පිළිගන්නවා ඔන්න...

      Delete
  46. රේස් දුවන්න පුලුවන්නම් ඉබ්බට පුලුවන්නේ පයින් යන්න..........

    ReplyDelete
    Replies
    1. හා පැටික්කී,
      ඉබ්බා රේස් දිව්වවේ නැනේ... හාවා නිදා ගත්තා මිසක්..... :D

      Delete
  47. නීතා නැන්දාගෙ කමෙන්ට් එකට මක්කා උනාද? මම දෙපාරක් පබ්ලිශ් කොලා නොවැ. ඒත් පේන්ඩ නෑ.

    කෝමත් ස්තුතියි නීතා නැන්දා!

    ReplyDelete
  48. ඕං මාත් ආවා. යක්කු ගස් නැගල බහින වෙලාවට.ඔය ඉබ්බ හැමදාම වැටෙන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා වෙන්න බැරි ද ?

    ReplyDelete
  49. ස්තුතියි චන්දන මහත්තයා!

    ReplyDelete
  50. කොමෙන්ට් ලිව්වාට වැඩක් තියේ ය... ඇපෘෘ වෙන්නෙ නැති කොට...!!

    ReplyDelete
    Replies
    1. ඔය ඇපෘ වෙන්නේ තීන්ත වේලෙන්නත් කලින්ම....:D

      Delete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...