කෙටියෙන් කිව්වොත්, ඉදිරියෙදී වෙන්න යන වැඩක මුල් හෙලිදරව්වයි මේ.
වැඩේ තමයි මගේ හිතමිතුරු බ්ලොග් කරුවෝ දාන පෝස්ට් එකක හිත් ගත්ත තැනක් සැනින් එසැනින් කාටුන් බවට පත් කරලා උණු උණුවේ මේ පිටුවේ පලකරන එක. උණු බවේ අඩු වැඩිය තීරණය වෙන්නෙ, මට වැඩ අඩු වැඩි වෙන හැටියට. වැඩ වැඩි උනොත් සිත්තරේ ප්‍රවෘත්තිමය වටිනාකම අඩුවෙන්ඩ කලින් ඒ සතියෙ සෙනසුරාදා දාන්ඩයි කල්පනාව. නැත්තං එම තැන මෙතන වැටෙනවා.
“ඇයි ඔයා මේක දැම්මෙ මට කියන්නැතුව?“ කියලා කව්රුහරි ඇහැව්වොත් කතා කරලා ගොඩින් බේරගන්ඩ පුලුවන්, මමත් එක්ක වැලිකෙලියෙ ඉදලා බ්ලොග් කරපු කට්ටියගෙන් නම් මම අහ අහ ඉන්නැ. සුටුස් ගාලා දානවා මිසක්කා. අනිත් අයගෙන් නම් අනිවාර්යෙන් අවසර අරං දාන්ඩ තමා හිතාගෙන ඉන්නෙ.
පොඩි අදහසක් ගන්ඩත් එක්කලා මීට කලින් මගේ අතින් කාටුන් වෙච්ච අයගේ පින්තුර ටිකක් ඔන්න තියෙනවා.
මේ ඉන්නෙ මාරයා. එයා ඒ කාලෙ හිටපු ගෙදර ඉඳං, ඩිජිටල් ක්‍රමයට වෙලාපත්කඩයක් බලන හැටියි මේ. මම මේ ගෙදර බඩු මුට්ටු තියෙලා තියෙන හැටි විතරක් නෙමේ මාරයා ඉන්න ඈංගල් එකත් හරියටම ඇඳලලු. ඒක කොහොමද ඇන්දේ කියලා මාරයට තාම රහසක්.
මේ ඉන්නෙ දෙව්ලොවින් පැමිණි ළමයා. පොරට ඒ දවස් වල මුණුපොතේ අයිතිකාර මාක් අයියගේ වෝල් එකේ කුරුටු ගාන්න මාර ආසාවක් ඇවිල්ලා තිබුනා. හැබැයි මිනිහට ඒක කරගන්ඩ බැරි උනා. මේ ඊට පස්සෙ වෙච්ච දේ.
මේ ගැන නං අපි කව්රුත් දන්නවා. ඒ කාලේ අපි කව්රුත් එකතු වෙලා කරන්න ගියෙ මේකනෙ.
මේ මනුස්සය ගැන මම කියන්ඩ ඕන්නැ. තට්ටෙ පැදීලා තියෙන්නෙ ඇයි කියලා හිතාගත්තැකිනෙ.
මේ පොර තරුණ කාලේ හිරේ විලංගුවෙ වැටිච්ච වෙලාව.
මේ තියෙන්නෙ මං ඇඳපු සිත්තර වලින් මෝස්ට්ම කලර්ෆුල් සිත්තරේ. මොකක් ගැනද කින්ද මන්ද ඔක්කොම ඒකේ තියෙනවා.
ඔන්න ඊට පස්සෙ නියම වැඩක් වෙනවා. කොල්ලා මවුස් එකෙන් ඇඳලා ඇඳලා කොල්ලගෙ එක අතක් අවුල් වෙනවා. ඒක අතට අහුවෙන්නැති යාලුවෙක්ට කිව්වම පොර කියපි නං, “තන්තු“ වලද මොනාදෝ වල කේස් එකක්ය වහාම දොස්තර කෙනෙක් හම්බෙන්නය කියලා. කොල්ලත් හෙන බයේ ගියා දොස්තර කෙනෙක් හම්බුවෙන්න.
දොස්තර රබර් මිටියක් අරං අතේ තැං තැං වලට ගගහ ඇහැව්වා හිරි වැටෙනවද කියලා. මිටියෙං තලද්දි කාටද හිරි වැටෙන්නෙ නැතුව තියෙන්නෙ. මං ඔව් කිව්වා. පස්සෙ දොස්තර මහත්තයා කිව්වා, “බයවෙන්ඩ එපා පුතා, ඔයා දකුණු අත පාවිච්චි කරලා වැඩි වෙලයි මේක වෙලා තියෙන්නෙ. පොඩ්ඩක් අතට රෙස්ට් එකක් දෙන්ඩ“ කියලා.
ඔය අස්සෙ තමා කොල්ලට හිටි අඩියේ ග්‍රැෆික් අහවල් එකක් කඩා පාත්වෙන්නෙ.
මේ තියෙන්නෙ ඒකෙන් කරාපුවා. ඒක හින්දා තමා මට මේ අදහස ආවෙත්. ඉතිං එහෙම බලද්දි ග්‍රැෆික් අහවල් එක දෙයියො දුන්නා වගේ.
ඒක දුන්නු දෙයියා වගේ අයියට මගේ ප්‍රණාමය!!!
දෙයියනේ කියලා ඒකෙන් කාටුන් වෙච්ච කෙනා තමා මේ. මෙයාගෙන් නිසි අවසරේ අරගෙන නැති හින්ද මම කව්ද කියලා කියන්න යන්නැ. ඒත් බලන්ඩකො අඳුරගන්ඩ පුලුවන් වෙයි. එකක් කියන්නං. ඔය අතේ එල්ලං ඉන්නෙ කා... එකේ යතුර. බනියට නං පෙනුනෙ ඒක දැති කියතක් වගේලු.
මේක ගැන කියලා වැඩක් නෑනේ. පොර කියන්නෙ කොහොමද? මම අහවල් කෑම හදනවය, හරිම ලේසිය, ඕගොල්ලත් කරලා බලන්ඩය කියලා. ඒ උනාට රියැලිටි තත්තෙ තමා මේ තියෙන්නෙ.
අන්තිම එකනං මං කලේ සමාජ සේවයක් හැටියට. කතන්දරගෙ හෙළිදරව්වෙන් පස්සෙ. නැත්තං අපි පොඩි කාලෙ ඉඳලා බොහොම ආරස්සාවට රැකගත්තු අපේ පරම්පරා කුට්ටමට හෙන ගැහිලා යනවනේ....
දැං තේරෙනවනේ වැඩේ යන හැටි. ඕගොල්ල කැමති නම් කාටුන් කරන්න පුලුවන් රසවත් ලියුම් කියුම් වල ලින්ක් මට එවන්න. මමත් අරින්නැ කියෝනවා.
ඊට කලින් මම මේ පටන්ගත්තු සමාජ සද්කාරයට ඔබත් කැමති නම් පහල කොටුවේ අදහස ලියලා, ඕන්නං හිස් තැනකුත් තියලා පබ්ලිස් බටන් එක ක්ලික් කරලා යන්ඩත් අමතක කරන්ඩ එපා!
ඊ ලඟ දවසෙ හමුවෙමු.
බලාගෙන, මීලඟ ගොදුර ඔබ විය හැකියි!
......................
- මීට හිතවත් විදෙස් සිත්තරා.
කඩ(නො)වුන පොරොන්දුව........
2 years ago
ඇත්තටම මල්ලී... ඔබේ දක්ෂතාවය ගැන හරිම සතුටුයි . මේ වගේ හැකියාවක් ලැබීමම කොයි තරම් වාසනාවක්ද ?..ඇත්තටම ඔබේ හැම සිතුවමක්ද හිතේ ඇඳිල තියෙන තරමටම ලස්සනයි ..ඒ කිව්වේ ..සිඹිල් වෙත්තසිංහ මැතිණියගේ “සීයා“ ගැන කියද්දි ..එහෙම නැත්නම් “ටින් ටින්“ ගැන කියත්දි අපේ හිත් වල ඇඳෙන තරමටම කෙසෙල් කොරටුවේ චූටි මහත්තයාගේ චිත්‍රයක් කිව්වමත් ලස්සන රටාවක් ඇති සිතුවමක් හිතේ මැවෙනවා ..
ReplyDeleteපුංචි යෝජනාවක් කරන්නම් ..ඔය හැකියාවෙන් ලස්සන චිත්‍රකතාවක් දෙන්නකෝ අපිට..මේ තාක්ෂණ කරුණූ ගැන සහ ඔබට ඇති අවස්ථාවන් ගැන නොදන්නා කමින් කළ වැරදි ඉල්ලීමක් නම් මට සමාව දේවි කියල හිතනවා .. මගේ සුබ පැතුම් ....
ඇත්ත මහේෂෟ අයියේ, බුද්ධිට බ්ලොග් එකේ කාටුන් අඳිනවට වඩා දෙයක් කරන්න පුළුවන්... අපිත් බලං ඉම්මු !!!
Deleteනියම වැඩක් පටන් අරන් තියෙන්නේ. නියමයි විදෙස් සිත්තරා නියමයි !!!
ReplyDeleteඅනේ දෙය්යනේ!!! අර එක්කෙනෙක්ගේ අතේ තියන දැති කියත වගේ යතුර, මගේ කාරෙකේ යතුර වගේමයි. ඔය සිත්තරා කොහොමද ඒ යතුරේ ෆොටෝ එකක් හොයාගත්තේ. ඩෙනිම, ටීෂර්ට් එක , අර බෙල්ට් එකේ පාට පවා හරියටම හරි. ඔයා එක, එක්කෙනා පස්සේ පන්නනවද මේ අයගේ ෆොටෝ ගන්ට. එකමදේ තමා අර කරත්ත රෝදේ වගේ කනේ දාලා තියන දෙකයි, නිල් පාට කොණ්ඩෙයි නම් ඉතින් තාම දකින්ට නෑ...:D:D:D
ReplyDeleteපින්තූර ටික ඔක්කොම මාර ලස්සනයි.
කාලා හමාරයි වගේ..අමාරුවෙන් ලියන පෝස්ට් එකටත් ගේම දෙන්නයි වගේ බුද්ධි ලොක්කා හදන්නේ
ReplyDeleteරූ රැසේ අඳිනා ලෙසේ :-)
ReplyDeleteහඃ හඃ හා . . එල වැඩක් . . ..
ReplyDeleteනියමයි නියමයි . . කරගෙන යමු . .
ඕන් මින් පස්සේ මඩ පෝස්ට් විතරක් නෙමේ මඩ පින්තූරත් . .
www.technicsz.blogspot.com ඔකේ දන ඕන මගුලක් ඉස්සුවට කමක් නෑ.හැබැයි ඔකේ උස්සන්ඩ තරම් දෙයක් නැති එක තමා අවුල.
ReplyDeleteචූටි මහත්තයො, මේක ගැනනම් කියන්න වචන නෑ. පෂ්ටයි ඈ. උම කරන්න යන වැඩේ නම් මගෙත් බඩට වදින වැඩක්. මාත් අර කුස්සියෙ උයන ගමන් චොපිං බෝඩ් එකට කෙලිය මහත්තැන්ට චිත්‍රයක් දෙකක් ඇඳලා දීලා යාන්තම් බඩවියත රැක ගත්ත එකා.
ReplyDeleteකමක් නෑ කමක් නෑ. අපේම එකෙක්නෙ.
මේ ව්‍යාපෘතියට ජයවේවා.
henryblogwalker the Dude
නියම වැඩක්නෙ බුද්ධියෝ.
ReplyDeleteදැන් ඉතිං බ්ලොග් ලියන හැමෝටම බුද්ධියගෙ ග්‍රැපික් අහවල් එකේ පිහිටයි.
උඹ අර මාරයාව දැකලා තියෙන්නෙ නම් යතුරු හිලෙන්ද කොහෙද. වටේට අඳුරු ඒකනෙ.
ReplyDeleteමටත් අර Anti WI FI ජොකෙක් ගන්න තැනක් කියාපංකො.ඒක නෙවෙයි WiFi වලට ඔය වැඩේ ෂුවර් එකටම වෙනවා නම් අනවශ්‍ය වියදම් කපාහරින විදියකුත් කල්පනා වුනා බං
henryblogwalker the Dude
මධුරංග,
ReplyDeleteමේ වැඩේට ඕගොල්ලන්ගෙනුත් මාර මෙව්ව එකක ඕනේ. මධුරංග ඇවිල්ලා සෑහෙන බ්ලොග් ගාණක් පස්සෙ පන්නන හින්දා ඔත්තු වත් දෙකක් දෙන්නත් පුලුවන් වෙයිනෙ...
................
ජනරංග,
හික්........ එහෙම වෙන්නැ අයියෝ...... හැබැයි එහෙම නොවෙන්නෙත් නෑ තමා. එක අතකට මෙහෙමත් වෙනවා. සිත්තරේ එක්ක අදාල බ්ලොග් එකේ ලින්ක් එකකුත් වැටෙනවනේ....
..................
තිස්ස අයියා,
අත් ළෙල දීදී විදු........ලීය පබා.....ආ....ආ...... : P
...............
දුකා,
අපි ගිරවන්ට ආදරය කරන්නො වෙමු.... නූලෙන් බේරුනේ ..... හරිද ගොයියා.... නැත්තං ස්ටේජ් එකේ කතා පවත්වන හැටි බලාගන්ඩ තිබුනා.
..........
විශ්වජිත්,
උස්සන්ට දේවල්ද මෙයා නැත්තෙ.... බලාගෙන ඉන්ඩකො.
කියන්න වචන නැත. වඩාත්ම තාත්වික විදියට ඇදලතියෙන්නෙ උයන පිහන කන බොන මහත්තයගෙ පිංතූරෙ.
ReplyDeleteමහේෂ් නිශාන්ත අයියණ්ඩි,
ReplyDeleteගෙ පැමිණීම මම ගෞරවාදයෙන් පිළිගන්නවා. සිතුවම් අගය කලාට ගොඩක් ස්තුතියි.
අර වගේ දෙයක් කරන්න මමත් කැමති. දැං සිත්තර අඳින්න ගොඩක් මහන්සි වෙන්ඩ ඕනෙ නෑ මේ ලැබුනු උපකරණය හින්දා. ගැටලුව කාලය තමා. ඒත් ආදරණීය බ්ලොග් සහොදර සහෝදරියන් එක එක වෙලාවල් කල යෝජනා ඉල්ලිම් කවදාහරි ඉටුකරන බලාපොරොත්තුව නම් හැමදාම හිතේ තියාගෙන ඉන්නෙ. ආයිමත් ස්තුතියි මහේෂ් අයියා මේ පැත්තෙ ගොඩ වැදුනට.
//කකයියාගේ පොටෝ තමයි ගොඩක් තියෙනේ. ඒවා අඳීනට කීයක් විතර ලැබුණද?//
Deleteඔය ලඟදි ඇඳපු පොටෝ යටින් ඒකට ගෙවපු ගාන ගැන පොඩි ඉඟියක් ලියලා තියෙනවා මං හිතන්නෙ..
පොඩි කුමාරි,
ReplyDeleteපින්තුරු ලස්සනයි කිව්ව එකට ස්තුතියි ගොඩක්. කාරෙකේ යතුර හරි නං හරිම තමා. ඩෙනිම, ටීෂර්ට් එක , අර බෙල්ට් එකේ පාට එහෙම ඉබේම එනවා. මම කව්රුත් පස්සෙ පන්නන්නැ තාම. තොරතුරක් ඕනෙම උනොත් නොපන්නා ඉන්ඩ බලාපොරොත්තුවකුත් නෑ.....:p
.......................
ඩුඩී,
උම කරන්න යන වැඩේ නම් මගෙත් බඩට වදින වැඩක්. මාත් අර කුස්සියෙ උයන ගමන් චොපිං බෝඩ් එකට කෙලිය මහත්තැන්ට චිත්‍රයක් දෙකක් ඇඳලා දීලා යාන්තම් බඩවියත රැක ගත්ත එකා.//
එහෙම හිතන්ට එපා. ඔයා රස්සාව දිගටම කරගෙන යන්ඩයි තියෙන්නෙ. ඕනැ උනොත් බඩේ පාර උන්දැට දෙමු.
ව්‍යාපෘතියට සහය දීම ගැන මගේ බලවත් මෙව්වා එක. ග්‍රැෆික් අහවල් එකක් තියෙන එකේ මේකට ජොයිං වෙලා මේකෙ ඉදිරිගමනට සහයෝගයක් දෙන්නත් කියලා මම යෝජනා කරනවා. වෙලාව තියෙන හැටියට සිත්තරයක් ඇඳගෙන ඉම්මු මෙයා. මොකද කියන්නෙ!
......................
ප්‍රසා,
උඔ පරිස්සමින් හිටහං..... උඔගේ මංගල පෝස්ට් එකේ කමෙන්ට් සෙංචරිය ගහපු ගමන් සමහර විට බොට වෙන්වෙන්ඩත් බැරී නෑ ඊ ලග පෝස්ටුව.
රාජ්,
ReplyDeleteඅන්න ඒකනෙ කියන්නෙ. ඉදිරියෙදි ඔය වගේ තාත්වික කේස් හමුඋනොත් කියන්න අමතක කරන්න එපා.
.................
ඩුඩී,
හැම එකේම දෙපැත්තක් තියෙනවනේ. ඇන්ටි වයිෆයි එකත් එහෙම තමා. එක්කො ඒක ළං කර ගත්තැකි. නැත්තං අනවශ්‍ය වියදං කපන්න ලං කර ගත්තැකි. හැපැයි මම නං හිතන්නෙ ඔය යන ක්‍රමේ හොදා. නැත්තං වයිෆයි ලැපක් ගන්ඩ එපැයි. නැත්තං ඒක උස්සං යන්ඩඕනේ අනවශ්‍ය වියදං කපන තැනට
නියමයි. මගෙන් අහන්න එපා යමක් ලැබුනොත් දමන්න. හැබැයි මම මීට පස්සේ පරිස්සමින් ලියන්නම්. ගොදුරු වෙන්නෙ නැති විදියට. වටින වැඩක්.
ReplyDeleteමහ වෙදනා මහත්තැන්වත්,
ReplyDeleteගෞරවාදරයෙන් පිළිගන්නවා. මේ වගේ වැඩකට සහයෝගෙ දෙන එක ගැන අන්තිම සන්තෝසයි. බලමු ඉදිරියෙදි එහෙනං.
එළ පුතේ. හැකියාව තියෙද්දි මොකටද කෙනෙක්ට ඒකෙන් සතුටක් ලබා නොදී ඉන්නෙ. හැමෝටම කළ නොහැකි විශිෂ්ඨ හැකියාවක් වෙද්දි.
ReplyDeleteමරු මරු... නියම වැඩක් අයියේ...
ReplyDeleteහොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට... අපි බලං ඉන්නේ..
ReplyDeleteඉක්මණින්ම ස්ථිර සුවය ලැබේවා යයි පතමි!
ReplyDeleteතන්තු බේර ගෙන වැඩ කරපං.
මාරයියාගේ ඉස්සර පොටෝ එකනම් අර තියෙන බෝතලෙන් අඳුරගන්න පුළුවන්! :D
ReplyDeleteඅර දෙව් ලොවින් පැමිණි ළමයව නම් අඳීනකොට කලින් දැකලා තියෙන්න නැතුව ඇති මයේ හිතේ. ඕකා ළමයා කිව්වාට තාත්තා කෙනෙක් වගේ! :D
කකයියාගේ පොටෝ තමයි ගොඩක් තියෙනේ. ඒවා අඳීනට කීයක් විතර ලැබුණද? :D
හරි ලස්සන සිත්තර ටික බොසා...
ReplyDeleteඔන්න වැඩ,,මරු ඈ,,මේවට ඉතින් කමෙන්ට්ස් දැම්මා නේ බුකියෙදී,,ජොකයි ,ඔබා මාමයි,මාරයයි තමා මට ලස්සන
ReplyDeleteආ මේ ඉන්නේ මම දාපු ලින්ක් වල ඉන්න NARUTO
Deleteමාවනං අල්ලයි... මං දැං ලියන්නෑනේ
ReplyDeleteනියමයි මචං. එළ.මළාට මම නම් ගොදුරක් වෙන්නෙ නෑ. මොකද මගේ සයිට් එකේ උඹට අඳින්න ඒවා නෑනෙ. (ආ උඹට දෙන්නම්) හිහි
ReplyDeleteඋඹට දත් නැතිව බිස්කට් කන්න ඕනවෙලා වගේ. හොඳවෙලාවට් මං වැඩිය නොලියන්නෙ!
ReplyDeleteබලහංකො අර කුමාරිහාමි දාල තීන ඇඩ් එකෙ. තව කවුරු කවුරුඑයිද ඒ තමං වගේමයි කියන්න!
අවුට්සයිඩර්,
ReplyDeleteස්තුතියි අගය කිරීම ගැන. ඒ හින්දම තමා මමත් අඳින්න ගත්තෙ. ඒකට මොකද මම ඔබා මාමාව ඇන්ද වෙලාවෙ ඉඳලා එයා කියනවා මං ගැන බලාගන්නංලු පස්සෙ වෙලාවක.
.........
මාලුවා,
පරිස්සමින් හොදේ. දන්න කියන මිනිස්සුන්ගෙන් අවසර අරගන්නැ....
..........
පැණි දොඩම්,
හරි බලං බන්ඩ. හොඳ ලියුමක් හම්බුනොත් මටත් කියන්න.
......
කකා,
සුව පැතුවට තුති. ග්‍රැෆික් අහවල් එක හන්දා තන්තු නං මේ දවස් වල බේරිලා...
පූසා,
ReplyDeleteඒකාලේ බෝතලේ ඇන්දට දැං ඕන්නැද්ද කොහෙද මම දන්න හැටියට.
ළමයාව ඇන්ද වැරදියි කියලා තේරුනේ පොර සයිබර් සැණකෙලියට ඇවිදින් මගේ පිට හරහා දීලා ඇදපු වෙලාවේ.
කකා ගේ සිත්තර නේද.... පිස්සුද මල්ලි අපි ඔවා සල්ලි බලාගෙන කරපුවැයි...
............
අමිල,
එසේම වේවා. එන වෙලාවක ඔත්තුවකුත් අරම්ම එන්ඩ ඉලග පාර එනකොට.
...........
ඩිලන්,
ඊලග පාර එන්ඩ කමෙන්ට් දාලාම යන්ඩ. ආයි සිත්තර මුනුපොතෙ දාන්නැ.
........
සහන්,
ReplyDeleteලියන්ඩම ඕන්නැ.....
......
ඉෂාර,
එහෙමද හිතාගෙන ඉන්නෙ. බැලුමේ නැගලා උඩ යනවා එහෙම අඳින්ඩ බැරිවෙයි ද දන්නැනේ...
........
ඉන්දික උපශාන්ත,
වැඩිය නොලියව්වට මොකද? ඉඳලා හිටලා හරි හොඳවයින් එකක් ලිව්වම මදෑ.
කට කට! ඔහොම හිටියට කුමාරි හාමි හෙන හැඩයි කියලා තමා දැක්ක අය කියන්නෙ.....
කියලා වැඩක් නැ! මෙන්න දහයක්ම!!
ReplyDeleteටැස්ටින් 01
Deletetesting working.. :D
Deleteහක් හක්...
ReplyDeleteමරු වැඩක්නේ චුටි මහත්තයා පටන් අරගෙන තියෙන්නේ
අපිත් ආසාවෙන් බලාගෙන ඉන්නවා තව තවත් කාටුන් රුප බලන්න
දකුණු අත පරිස්සමෙන් කොල්ලො. :D
ReplyDeleteහැකියාව ගැන නං කියන්න වචන නැත. උපරිමය!
නියමයි.... ඔන්න මගේ අනුමැතිය මෙයින් ලබාදෙමි.
ReplyDeleteමෙන්න ලින්ක් එක.
pradeepot.blogspot.com
පට්ටයි.. එහෙනං කවද හරි දවසක අපිවත් කාටූන් වෙයි.. හයියූ.. එල ඈ.. අපිටනං වමත් හුරුයි.. අයිය වම පාවිච්චි කරල බැලුවෙ නැද්ද ??
ReplyDelete//පස්සෙ දොස්තර මහත්තයා කිව්වා, “බයවෙන්ඩ එපා පුතා, ඔයා දකුණු අත පාවිච්චි කරලා වැඩි වෙලයි මේක වෙලා තියෙන්නෙ. පොඩ්ඩක් අතට රෙස්ට් එකක් දෙන්ඩ“ කියලා //
ReplyDeleteමේක සිද්ධ වෙනකොට උඹ බැඳල නැද්ද, එහෙම නැත්තං උඹේ 'බෙටර් හාෆ් ' එක ඉස්ටැයික්ද ?
ලොකු ජෝන්,
ReplyDeleteහොඳ ලියුමක ඔත්තුවක් තිබ්බොත් කියන්ඩ ඈ........
.......
ලොකු පුතත්, වැලි කෙලියෙ ඉඳලා ඉන්න එක්කෙනෙක් ඈ.... අවසර ගැනිල්ලක් නෑ හොෙඳේ...
.......
ප්‍රදීප්,
අන්න කනියම මිනිස්සු. බය නැතුව වැඩක් කලෑකි.
.......
සිහිනයා,
වම හුරු කාලෙකුත් තිබ්බා මලයා. හික් හික්.
.........
ඔබා,
ඒ දෙකේ සම්බන්දෙ මොකද්ද? මට නං කිසි දෙයක් තේරුං ගන්ට බෑ. :p
දෙක තමා දකුණු අතට සම්භන්දෙ
Deleteහොද වෙලාවට අපි බ්ලොග් නොලියන්නෙ.. නැත්තං මේකා මොනා මොනා අදියිද දන්නෙ නෑ.. :)
ReplyDeleteහැබෑට මාත් දැකලා නෑ නෙවැ නිල් පාට කොණ්ඩ, මං හිතන්නෙ ඔය අර කවි සමයෙ තියෙන 'නීල වරල' වෙන්නැති.. (රහසින්: මීට පස්සෙ ඔය කොණ්ඩෙ රතු/දුඹුරු පාටින් දාපන්. හැබැයි මං කිවුවා කියලානං කියන්නෙපා පුතේ)
හහ් හහ් බූරෝ.... බ්ලොග් ලියන්ඩම ඕන්නැ.... ඔත්තුවක් විතරයි ඹ්නේ...
Delete.......
ඔය පාට පාට දේවල් ගැන මමත් ටිකක් දැනං උන්නා වටින් ගොඩින්. ඒ උනාට ඕවා කාටුන් වලට එබියැහැකියද බන්....
හැක් හැක් . . . මගෙ සිත්තරයක් අඳින්න ගියොත් උඹට අඳින්න වෙන්නෙ සුදු ඇඳගෙන මල් වට්ටියක් අතිං අරං බුදුන් වඳින්න පන්සල් යන කොල්ලෙක් . . .
ReplyDeleteසිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
ප.ලි.
බොරුනං අහපං ඔබා අයියගෙං
මල් වට්ටියක් අරන් බුදුන් වඳින්න යන, අම්මප මොකටැයි ඒ හරිය.. අර ඔබා අයියා බුදුසරණ පත්තරේ බලන එකනං තව විශ්වාස කරන්න පුළුවන්.. :D
Deleteඒ ගැන මොකය කියනවද..... පොඩ්ඩක් ඉවසලා ඉමුකො අපි මේ දවස් ටිකේ.....
Deleteඔව්...වොව් මං සාක්කි, ඕන්නං දිවුරන්නන් බුද්ධිය පල්ල කියල.
DeleteP.S.
ඕනය ඊයෙ කියල දුන්න මට බොග බැකප් කොරගන්න හැටිත් D
දාහන් පහක් බුරා... නෑ දහයක්ම
Deleteහූ හූ උඹට මාව අදින්න බැ උඹේ ඉස්ක්‍රීන් එක ලොකු නැ හූ හූ :P :P :P
ReplyDeleteආ..... ඒකද උඔ බඳ කොටස ලොකු කරන්ඩ කියලා පණිවිඩ එවන්නෙ.... ඉසන්ඩලාකෝ ටිකක්.
Deleteඑල කිරි වැඩක් අයියා. දැන් ඉතින් කාටුන් බලන්නත් පුළුවන් නේ.
ReplyDeleteනැතුව, තැතුව, හොඳ කතාවක ඔත්තුවක් ලැබුනොත් අපිටත් කියන්න
Deleteමේ... බුද්ධියෝ, උඹ වැරදිලාවත් පොඩි මෑන්ගේ හරි, සුළැඟිල්ලාගේ හරි පැත්තේ වත් යන්න එපා ඕං හරිය... උන් දෙන්නගේ පෝස්ට් කියවලා සිතුවම හිතේ ඇඳන් ආපු අපිට උඹේ සිත්තර දැකලා තව මොනවායින් වේද දන්නෑ... ඒක නිසා, ඒ පැත්තේ නොගිහින් හිටියොත් හොඳා !!!
ReplyDeleteවැඩේ එළ... අළුත් දෙයක් නේ... සුභ පැතුම් සහෝ...
මමත් දැක්කා පොටෝ වලින්.... කියන්නෙ නං ගමටකට තනියෙම ගේම දෙඤ්ඤං කියලා නේද..
Deleteපොඩි මැන්ගේ පාර දිගේ ද තාමත්
මේක නම් පට්ටම සිරා ටැලන්ට් එකක්....ඉරිසියයි මට මේ වැඩේ බැරි එක ගැන :)
ReplyDeleteසබිත් ව සාදරයෙන් පිළිගන්නවා සයිබර් යායට. මෙහෙම ගන්ඩකො, අයිබර් අවකාශයේ නියම කවිකාරයො ඉන්නවා. අලුත් විදිහට ලියන කවිකාරයො. ඒ කට්ටිය දැක්කම මටත් හිතෙනවා කවියක් පටලගන්න තිබ්බනං නියමයි නේද කියලා. ඒත් ඒක මට බෑ.
Deleteඅන්න ඒ වෙලාවෙදි සබිතුයි මායි එකම බෝට්ටුවේ.
අලුතින් පිලිගන්න දෙයක් නෑ බං...මං හැමදාම බොගෙ එව්වා කියවනවා....ෆලෝ පාරකුත් දැම්මා ටික කාලෙකට කලින් :)
Deleteමෙන්න මල් මිටක්. පට්ට වැඩක්.
ReplyDeleteස්තුතියි මහත්තයො.... කෝ දෙන්ටකො...!
Deleteමාර ලස්සන සිත්තර ටික බුද්ධි අයියා . අපිට කොහෙද ඉතින් මෙහෙවු ටැලන්ට් එකක් මට තාම වටකුරුවට බෝලෙයක්වත් ඇඳගන්න බෑ ..
ReplyDeleteදවසක මගේ සිත්තරේකුත් ඇඳපංකොයි අඩා ..!
සඳරු,
Deleteවටකුරු බෝල අඳින්ඩ ඕන්නැ. ගමේ නම ලියන්ඩ පුලුවන් නං ඒ ඇති. අපේ අකුරු ලියන්ඩ පුලුවන් කියන්නෙ ඒකට සිත්තර පුලුවන් වෙන්ඩෝන.
දවසක උඔගේ සිත්තරෙකුත් එයි. අලිත් ඉඳියිද දන්නැ නේද?
කමෝන් අයියා ..
Deleteහෆොයි දකුණු අත, දැන් වත් වමට හැරෙන්න. එල එල
ReplyDeleteරෙප් මහත්තයාවත් සාදරයෙන් පිළිගන්නවා කෙහෙල්කොටුවට.
Deleteවම ශක්තිමත් නෑනේ..... ඒකයි මේ දකුණෙ එල්ලිගෙන ඉන්නෙ රෙප් මහත්තයො. :D
බොලා අපි ආවට ආදරෙන් පිළිගන්නෙ නෑ නේද?
Deleteහැමදාම දකින කුකුලගෙ අහවල් එක සුදුයි කියනවනෙ අයියා
Deleteනාකි කුකුළගෙද..?? :)
Deleteबुरा, ई लोकु कोरा गन्ना ओनेदा?
Deleteසොරි, බුරාටත් ලොකු කොර ගන්න ඕනෙද?
හරිම ලස්සන සිත්තර ටික! වැඩේ එලටම කොරගෙන යන්න ලැබේවා... :)
ReplyDeleteගීතික මහත්තයාවත් ඔන්න පිළිගත්තා සාදරයෙන් කෙහෙල්කොටුවට,
Deleteසුබ පැතුවට ස්තුතියි. ඔත්තුවක් ලැබුනොත් කියන්ටෝන.....හොඳේ...
පුදුම ලස්සනක් තියෙන්නේ මාරයි දවසක චිත්‍ර කතාවක් එලිදක්වන්න පුළුවන්ද බ්ලොග් එකේ කොටස් වශයෙන් මම හිතන්නේ හරි ලස්සනට තියෙයි.....ඇදීම වගේම ලිවීමත් අති විශිෂ්ඨයි තව ලස්සන ලස්සන චිත්‍ර අදින්න....
ReplyDeleteමේ අයියේ මම බොහෝම ආසයි චිත්‍ර කතා වලට මේ මම ආසාවෙන් බලන චිත්‍ර කතා තියෙන සයිට් එකක් ඒවා ළමා කාටුන් හොදේ ඉතින් වෙලාවක් තියේ නම් ගිහින් මේක බලන්නකෝ මේක ජපන් කාටුන් එකක් "NARUTO" කියලා.....ඔයාගේ දක්ෂතාවේ හැටියට ඔයාට පුළුවන් මේ වගේ වැඩක් කරන්න.....ඔයාගේ ජීවිත කතාවම රස කතා උල්පතක්...
http://4.bp.blogspot.com/-BpD6RX84aa4/TklTRSnniRI/AAAAAAAAB_Q/L1Afg3bbaEg/s1600/chap455_p10.jpg
එක තප්පරේකට හරි මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි අයියේ ඒ වගේම තවත් ලින්ක් එකක් දාන්නම් ඒකේ මේකේ සම්පූර්ණ කතා ටිකම තියෙනවා
http://narutofan-mangaforu.blogspot.com/
ජය වේවා අයියේ ඔයාගේ වැඩ නම් සුපිරියි
ලගදි ඉදන් කෙහෙල් කොටුවෙ පැත්තෙ එන ගැමියට ස්තුතියි මාව අගය කිරීම ගැන.
Deleteමලයා කියන ලින්ක් එකට ගියා. ඒක වටින එකක් තමා. මං හිතන්නෙ අපේ ගොඩක් අය ඉන්නවා අපිට හිතන්නත් බැරි තරම් දක්ෂකම් තියෙන. ඒත් ඒ ගොල්ලන්ට වෙලාවයි ප්‍රශ්ණෙ.පළපුරුද්ද ඇතිවෙන්න දෙයක් දිගටම කරන්නත් එපැයි.
ස්තුතියි නැවතත්. දිගටම එන්න.
හරිම ලස්සනයි. හැකියාවට කරග ගෞරවයක් විදිහට කොච්චර වැඩ තිබුණත් කොහොම හරි බලනව. ඕන මඩක් බාරගන්නං
ReplyDeleteඅන්න නියම මිනිස්සු. දැන්ම වැඩේට ලැස්තියි... එහෙනං අපිත් ලෑස්තියි දයියා, ආ... දයියත් අලුතෙන් වගේ කෙහෙල්කොටුව පැත්තෙ ඇවිත් තියෙන්නෙ. ආදරෙන් සාරයෙන් ඔන්න පිළිගත්තා.
Deleteමේ වගේ දේවල් වෙනව නම් හොදයි කියලා මිට අවුරුද්දකට කලින් ඉඳන්ම අපි නම් යෝජනා කලා...හැබැයි උබ දැක්කේ නෑ... :D මෙහෙමයි තිබුනේ...
ReplyDelete"කලකට පෙර ඇසූ හුරුපුරුදු වැකියක් උපුටා දැක්වුවහොත් අද සිංහල බ්ලොග් අවකාශය මල්වර වීමට ආසන්නයි... ඉතින් සැලකිය යුතු බ්ලොග්කරුවන් සංඛ්‍යාවක් අතරේ මැතිව් ඉන්මන් වැනි නිර්මාණශිල්පියෙක් සිංහල බ්ලොග් අවකාශයෙන් මතුවේයැයි මා සිහින දකිනවා... අප හැමට අළුත් අත්දැකීමක් එක්කල සිංහල බ්ලොග් අවකාශයේ පෙරළිකාර බුද්ධිගේ සිත්තරෙන් ඉදිරියට අඩියක් තැබීමට දැන් කාලය හරි නොවේද..?"
උපුටා ගැනීම :
සිංහල බ්ලොග් අවකාශය සහ මැතිව් ඉන්මන්
-අකුරු-
බීටලේ කමෙන්ට් එකට උත්තර ලියන්ඩ කලියෙන් ඔය විචාරෙ තිබ්බෙ කොහෙද කියලා කියහං මගේ දෙයියා....!
Deleteමෙතන :)
Deletehttp://akurublog.blogspot.com/2011/04/blog-post.html
@බූරා,
ReplyDeleteමේ දවස්වල ගෑනු ලමයින්ගේ කොන්ඩා සහ ඇස් ගැන සමීක්ෂනයක් කරගෙන යනවද? මම අර කොහෙදත් දැක්කා කවුදෝ ගෑනු ලමයෙක්ගේ ඇස් බ්‍රවුන් පාටයි කියලා තියනවා.:D:D:D
ඔවු ඔවු, මම මේ දවස්සොල අන්තර්ජාලේ brown eyes හොයනවා.. මේ එක්කෙනෙකුට මොකද්දෝ වැඩකට ඕනැයි කිවුවෙ.. :p
Deleteඔයා ඔය එකේක තැන්වල එක එක්කෙනා ලියලා තියෙන ඒවා විශ්වාස කරන්ට එපාය, ඒවා දැක්කෙ නෑ වගේ ඉන්ටය.. :D
ඈ බං.. උඹේ රිප්ලයි බට්න් එක 100% වැඩ කියලා ෂුවර්ද..?? මම ඕනයාගෙ කමෙන්ට් එකට රිප්ලයි එකක් දැම්මා ඒක නෑ නෙවැ..
ReplyDeleteබුරතීනෝ ඔය වැඩකරන්නෙ බන්ස් ජිල් කොම්පැණිය වගේ. ආයි ට්‍රයිකරලා බලන්ඩ.
Deleteමටත් දැන් නම් කිසි පුස්නයක් නෑ ලිව්වේ නෑනේ මාස ගානකින්........
ReplyDeleteවැඩේ ඉතිං නියමයි කියලා කියන්ට ඕනයැ...... (හැබෑට ඕනයා අයියා ඇවිත් නෑ නේද අද තාම??)
හැබැයි උයා එක්ක අපි තරහයි...... සිත්තර තරඟේ සිතුවම් ටික තාම ඉවර කලේ නෑනේ..... හික්ස්.....
(ආ අර කොණ්ඩේ හැටියට මට හිතුනේ මැරියන් අක්කා කියලා. පස්සේ තේරුණේ ඒ වලව්වේ කෙනෙක් කියලා... )
හා පැටික්කි නං කෝමත් කෙහෙල්කොටුවට පනින එකනේ. වෙලාවට අල්ල ගන්නම්.
Deleteඅපිත් එක්ක තරහා වෙන්ඩ එපා. ඕගොල්ලන්ගේ පොටෝ අපි ෆිජ් එකේ දාලා තියෙන්නෙ. නරක් වෙන්නැ. ඉස්සර දිනවලදී දානවා. :p
ඉතාමත්ම අනර්ඝ සිත්තර ටික සිත්තරෝ....
ReplyDeleteහැබැයි ඉතින් තාම නම් හංස සුර දුතියෙක්ව සිත්තරේට හා... නෑ නැ... කාටුන් එකක් උනේ නෑනේද..
අනේ මේ මාවත් කාටුන් එකක් කරන්නකෝ.. අනේ අනේ උයා හොඳයිනේ..
තව තව ලස්සන සිත්තර අඳින්න අදහස් පහල වේවා!!
මට මතක හැටියට සුදු හංසිත් අදයි ඇවිත් තියෙන්නෙ සයිබයි යායට නේද?
Deleteඔහොම කියනවනං මම බය නැතුව අඳින්නංකො... හොහ් හෝහ් ඇන්ඳට පස්සෙ ඕං මොකවත් කියනවා නෙමෙයි හොදේ.....
මේක තමයි චුටි මහත්තයාගෙ හොඳම ලිපිය. පිංතූර ටික මල් හතයි :))))
ReplyDeleteබස්සා මේපැත්තෙ අවේ කාලෙකින්.... බස්සට ගෝචර වෙන ලිපියක් ලියවිලා එහෙනං. ස්තුතියි සුබ පැතුවට...බලාගෙන ඉන්ඩ හොඳේ...
Deleteහුටා...**##$?....දකුනු අතේ තන්තු මෙව්ව වෙලා කිව්ව.... ඒකත් හොඳට ගියා... නැත්තං තොගෙ ජින්තු තමයි බහින්නෙ.... ඒ.....ඕක උනේ බැන්ඳට පස්සෙද... ඒකියන්නෙ උඹ මදිපාඩුවටද අත යූස් කොලේ ?.... එල.. එල... ලංකාවෙ කොල්ලෙක්නෙ........නේහ්......
ReplyDeleteඑලද බරා ගල් දෙබරා කිව්වලු....හෙනං ඉස්සොරහට පෝස්‍ටුත් එක්ක එල සිත්තර පන් එකකුත් ගන්න පුලුවං.... සිංහල බොලොක්ක ඉතිහාසයේ නව ඇම්මක් වගේ.. සොරී මෙයා නැම්මක් ඈහ්......
X-Porter
x-port,
Deleteමොනවා කියනවද මේ.... බලන්ඩකෝ ඉස්සරහට වෙන දේවල්.
එල එල,, පට්ට..!
ReplyDeleteස්තුතියි බොක්කෙම්ම සුබ පැතුවට
Deleteහං හා.... නියම අදහස... රසවත් ලිපියකට චූටි මහත්තයගෙ ලස්සන පින්තූරෙකුත් එකතු වුනාම රස තවත් වැඩි වේවි... අදාල පෝස්‍ටුවට ලින්ක් එකකුත් දානව නං අපි වගේ සමහර බ්ලොග් ගැන දන්නේ නැති අයගේ රසාස්වාදයට ලොකු උදව්වක්...
ReplyDeleteහැබැයි මේ වැඩෙන් චූටි මහත්තයගෙ කතන්දර ලිවීමට බාධාවක් වෙන්නත් බෑ හරිද... අපිට කතන්දරත් ඕනෙ...
ආශි,
Deleteඅනිවාර්යෙන් ලින්ක් එකක් දානවා. එතකොට ඒ ලිපිය කියවන්නත් කෙලින්ම අවස්ථාවක් එනවා. ඒක කියෝලා සිත්තරේ බලද්දි තවත් හොඳයිනෙ.
මේ වැඩෙන් කතන්දර ලියන එකට බාදාවක් නැති වෙයි... කොල්ලා ඔක්කොම බැලන්ස් එකේ ගෙනියන්න තමයි හිතාගෙනනං ඉන්නෙ...
නියමයි බුද්ධි අයියේ...faට්ට ආ..Blog 1ක තවත් බලන්න ආස හිතෙනවා..කවදා හරි මගේත් සිත්තරේකුත් අදියි කියලා බලාපොරොත්තු වෙනවා..
ReplyDeleteජය වේවා..
අප්පා... ඊෂ්ථුථියි... බලං ඉන්ඩ ඔත්තුවකුත් දෙන්ඩ හොඳ ලියුමක් වැටෙද්දි.....:D
Deleteමේක නම් හොඳ වැඩක්, එල කිරි.
ReplyDeleteඑතකොට අර දකුනු අතේ කේස් එක, ඇත්තටම මවුස් එක[ මීයා] අල්ලලමද තන්තු මොනාද උනේ...
අනේ අම්මපල්ලා මුන්ටත් වෙන වැඩ නැති හැටි. ලෙඩත් හැදිලා තියෙනවා.... අම්මපා මෙහෙම හොයා බලපු සෙට් එකක් නං තාම හම්බුනේ නෑ....
Deleteමරු වැඩේ මේක නම්!
ReplyDeleteමුලින්ම සමාව බාජනේකට දාහං පරක්කු උනාට... මේ ටිකේම ගමන් බිමන් නෙව හරියට...
ReplyDeleteඋඹේ චිත්තර ඇඳිම ගැනනං කියලා වැඩක් නැත. එකේ නරකම කොටහා තමා තෝ ඔත්තු කාරයෝ යවලා අදාල ප්ලේස් ගැන කලින් හොයාගෙන පස්සේ චිත්තර ඇදීම.. ඔය මගේ පොටෝවෙනුත් කියවෙන්නේ ඒක.. ඒ හින්දා මං දන්නවා ටක්කෙටම ඔය අනිත් උන්දලා ගැන ඇඳපුවත් එහෙමම වෙන්ට ඇති.. කොහොමටත් අර ඔබාගේ කිචන් ගේම් එක දැක්කම ඒක එහෙමම වෙන්ට ඇති කියලා සහ සුද්දෙන්ම කියතහැකි...
බොට කැමති ඕනම වෙලාවක මා හා සම්බන්ධ ඕනම සිදුවීමක් ඇඳිමට මගෙන් බාධාවක් නැත..
මාරයගෙන්නං කෙලින්ම ෆී විසා ලැබුනා.... දෙඤ්ඤංකො එළකිරි වැඩක් ඉස්සරහදී....
Deleteඔයාගෙ හැකියාව නම් උපරිමයි බුද්ධි. කතාවක් කියවලා අපේ හිතේ මැවිච්ච පින්තූරෙම අඳිනවා. කීප් ඉට් අප්. ඔබා මාමගෙ පින්තූරෙ නම් මරු. හොඳ වැඩේ අපිට එක එක කෑම ජාති පෙන්න පෙන්න ඇඩ් දානවට. හික්ස්.
ReplyDeleteපිණි, ස්තුතියි අගයකිරීම ගැන.. ඔබා මාමා නං මාව වෙලාවක අල්ලගන්නං කියලා තමා කිව්වෙ.... බයේ බෑ ගිලීද දන්නැනේ....
Deleteහැමදාම කතාවත් එක්ක යන චිත්‍ර දැකලා .. ඉට්ටැයිල් එකෙන්ම දැන් අඳුනා ගන්න පුළුවන් මලයගෙ චිත්‍ර !!! මම නම් ඔය උඩ තියෙන ඒවයෙන් ලකුණු 100ම දෙනවා මාරයගෙ සහ ඔබා අයියගෙ දෙකට ! අනිත්වත් පංකාදු පහයි.
ReplyDeleteමම මේ පෝස්ට් එක
http://www.liyanna-liyanna.blogspot.com/2011/12/blog-post_16.html
ලියන දවස් වල නම් මේකට චිත්‍රයක් ඇඳ ගන්න ලොකු උවමනාවක් තිබුනා. ඒත් ඒ කාලෙ මේ සමාජ සේවය පටන් අරන් තිබුනෙ නෑ නොව.. වෙලාවක් තියේ නම් මන් වගේ ආධුනිකයෙක්ගෙ පෝස්ට් එකකට මොකක් හරි ඇඳලා දෙන්න..
ජය වේවා...
ReplyDeleteඔහොම යමු....
අපිත් බොගක් නොලිව්වට දාන කොමෙන්ට් එකක් බලල හරි චිත්‍රයක් බලාපොරොත්තු වෙනවා.....
මගේ බලාපොරොත්තුව සාර්තක වේවාකියලත් මම ප්‍රාර්තනා කරනවා.......
මගේ ප්‍රාර්තනාව ඒ ආකාරයෙන්ම ඉශ්ටඨ වෙන්න කියලත් ප්‍රාර්තනා කරනවා......
ඉස් ඉස්සෙල්ලාම ඔයා අර සීනි ඇබින්දක් දාලා තේ හද එක කතාව්ම කාටුන් කරල දාන්නන්කෝ.
ReplyDeleteජොල්ල්ය් වැඩක් වගේයි. දිගටම කරන් යන්න.
ජයවේවා බං. අගේ ඇති වැඩක් නෙව මේක. හැමෝම නොකරන වැඩ කරන උඹ මෙකත් යස අපූරුවට කරයි.
ReplyDeleteජයවේවා බං. අගේ ඇති වැඩක් නෙව මේක. හැමෝම නොකරන වැඩ කරන උඹ මෙකත් යස අපූරුවට කරයි.
ReplyDeleteජය වේවා අලුත් වැඩේට. අපිට ඉස්සරහට හොඳ සිත්තර ටිකක් බලාගන්න පුලුවන් වෙයි..!
ReplyDeleteඇන්ටි වයි ෆයි සිත්තරෙත් බුකියේ ෂෙයා වෙවී යනවා දැක්කා...
ගොඩක් දවසකින් ඔබේ ඡායාරූප නිර්මාණයක් දැක්කෙ නැහැ. ඇයි ඒ...??
ReplyDeleteඔබේ ලියන රටාවට මම හරි කැමතියි. පින්තූරත්, චිත්‍රත් පණ ලබන්නෙ එයින්.. හොඳ සිත්තරෙක් අනිවාර්යයෙන් ම රචකයකු විය යුතුමනෙ..!
මේකනම්.. මරු වැඩක් බොලේ..
ReplyDeleteමටත් කාලයක් අදහස්ක ආව.. බ්ලොග් එහෙකින් චිත්‍ර කතා පත්තරයක් තිබුනනම් හොඳයි.. කියලා... ( දැන් ඉතින් අර උනු උනු තීන්ත සුවදත් එක්ක කියවපු චිත්‍ර කතා පත්තර එකක්වත් නැති නිසා ).. ඒත් ඉතින් මටත් අර සඳරුවට වගේම වටකුරු බෝලයක්වත් ඇඳ ගන්ඩ බැරිනිසා ඒක ලත් තැනම ලොප් උනා..
නියමයි අයියා පට්ට!
ReplyDeleteනියමයි!!!!!!!!!!
ReplyDeleteඔයාගෙ හැකියාව නම් උපරිමයි චූටි ඈ.
ReplyDeleteකතාවක් කියවලා අපේ හිතේ මැවිච්ච පින්තූරෙම ලස්සනට අඳිනවා :)
මම මේ බ්ලොග් කෙරුවාවට හෙන අලුත්..අදයි මේ පැත්තෙ ආවෙ,ආයෙම එන්න හිතෙන බ්ලොග් වලින් එකක් මේක..
සුබ පැතුම්!!!!!!!!
හරි ඔන්න මම ආව.. මේක තමයි මම සයිබර් යායෙ මුලින්ම කියවපු පෝස්ට් එක. මගෙ කමෙන්ට් එකත් ඔය තියෙන්නෙ වේලි වේලි.. හිකිස්ය..
ReplyDeleteමෙතන ඉඳන් දිගටම කියෙව්වා මට මතක විදිහට.
හිංගල බ්ලොග් ලෝකයේ මෙහෙව් කාලයකුත් තිබුනා නේද කියලා හිතෙද්දි නිකන් පොඩි කණගාටුවක් වගේ එකක් එනවා...
ReplyDelete