2014/07/12

අද කාටුන් 24 - කතන්දරකාරයාගේ බ්ලොග් කට්ටෙහි අවසානය | End of an ERA !

කතන්දරකාරයා කියන්නේ අපි කව්රුත් දන්න අඳුනන පොරක්.

මිනිහා එයාගේ බ්ලොග් කට්ට අවසාන කරනවයි කියන නිළ නිවේදනය ඊයේ පෙරේදා දවසක කරලා තිබුනා. කතන්දරකාරයා ගැන එක එක්කෙනා එක එක දේවල් කියනවා. මම මේ කාටුන් එක ඇන්දේ මිනිහා බ්ලොග් ලෝකේ ගමන් කරද්දි හඳුනාගන්න ලැබුනු හොඳ යාලුවෙක්, හොඳ දිරිමත් කරන්නෙක්, හොඳ උපදේශකයෙක්, මුල් කාලෙදී වගේම විටින් විට මම ගැන කතන්දර බ්ලොග් එකේ ලිපිවල සඳහන් කරපු නිසා, මම ඇඳපු චිත්‍ර වලට වැඩියෙන් ම වස්තු විෂය වුනේ කතන්දරකාරයා නිසා, මගේ බ්ලොග් ලිපි කියවලා ප්‍රතිචාර දක්වපු නිසා හෝ මගේ බ්ලොග් එකට ඇදෙන රසිකයන්ගෙන් බොහෝ පිරිසක් කතන්දර බ්ලොග් එක හරහා එන හින්දා විතරක් නෙමෙයි!

අද කාටුන් එකෙන් මම ඇඳලා තියෙන්නේ කතන්දරගේ බ්ලොග් කට්ට අවසාන කිරීම ගැන මගේ අදහස සහ ප්‍රාර්ථනය!

කොහොම වුනත් කතන්දරකාරයා අපි කාටත් ලේසියෙන් කරන්න අමාරු දෙයක් කලා. ඒ වසර පහක් එක යුගයක් කරපු එක!!

සිතුවමක් තියෙද්දි වැඩි විස්තර කතා කරන්න ඕන නෑ. ඉතින් කතන්දරකාරයගේ ඉදිරි සැලසුම් සාර්ථක කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!


මීට,
කෙහෙල්කොටුවේ වූටි මහත්තයා, ටිකිරි, යුරෝ දෙකේ වීරයා සහ විදෙස් සිත්තරා.

23 ක් කියන්නේ !:

  1. උත්පාද-තිති-බංග න්‍යාය ඔය කොයි කෙරුමටත් පොදුයි.. අද නැත්නම් හෙට ඒක වෙනවාමයි.. ඕක අමතක කරලා හුඟක් අය හැමදාම ඉන්න අය වගේ හිතන නිසා තමා හුඟක් අවුල්...

    ReplyDelete
  2. ස්තුතියි බුද්ධි.

    මේ කාටූන් එක දැක්කාමයි මතක් වුනේ සති තුනකින් තට්ටේ ගාන්න බැරිවුණු බව.

    ReplyDelete
  3. කකාගේ අලුත් පැළෙත් කලින් ගහ වගේ හොඳින් වැඩේවා කියා පතනවා.

    ReplyDelete
  4. I'm not very good at goodbyes.
    I hate them.

    ReplyDelete
    Replies
    1. There is nothing good in goodbyes කියනවානේ...

      Delete
  5. උඹ දැන් පෝස්ට් ලියන්නෙ වැදගත් අවස්ථාවල විතරයි වෙන්ටෑ.!! :-P

    කවුද බං කකාගෙ කණ කැපුවෙ.??

    ReplyDelete
  6. උඹ දැන් පෝස්ට් ලියන්නෙ වැදගත් අවස්ථාවල විතරයි වෙන්ටෑ.!! :-P

    කවුද බං කකාගෙ කණ කැපුවෙ.??

    ReplyDelete
  7. මරු සපත්තු දෙක... ලොකු කරලා බලන්නත් ට්‍රයිකලා හරි ගියේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් දෙකක් ගන්ටද? :D

      Delete
  8. මරු සපත්තු දෙක... ලොකු කරලා බලන්නත් ට්‍රයිකලා හරි ගියේ නෑ...

    ReplyDelete
  9. හි....හි....හි.... කාකා නැත....... මාර කාකා ඇත ....

    ReplyDelete
  10. ටික කාලයක් බ්ලොග් සීන් එකෙන් ඈත් වෙලා හිටියේ. මේක ඇත්තක්ද ?

    ReplyDelete
  11. අලුත් පන්තියට සුබ පැතුම් කකා...මම නම් goodbye කියන්නේ නෑ.

    බුද්ධි, අර කණ කපපු ඒකනම් හරි නෑ...:)

    ReplyDelete
  12. කාලෙකින් කාටුන් එකක් ඇදල එළ

    ReplyDelete
  13. කකා බ්ලොග නවත්තනව කීවට මම හිතන්නෙ නෑ එහෙමම කරයි කියල. කලත් කොමෙන්ට්වලින් හෝ බොග අවකාසෙ ඉදී

    ReplyDelete
  14. ඇත්තම කියන්නද? අර කතන්දර බ්ලොගේ ෆලෝවර්ස්ලා 1000 වුන වෙලේ ඇන්ද චිත්‍රේ කකාට මම වැඩියෙන් මනාපයි..

    ඔය කිවුවට කකා මේක දාලා යන්නේ නෑ කියල මට හිතෙන්නේ..

    ReplyDelete
  15. පොඩි විවේකයක් අරන් ආයෙත් එන්න . සුභ පතනවා !!

    ReplyDelete
  16. කකා ගැන දල අදහසක් ආවා බුද්ධි

    ReplyDelete
  17. අද චිත්‍රෙ කතන්දර නිකං හේ බාල ගිහින් වාගේ..

    ReplyDelete
  18. පහුවෙලා ආවට මොකෝ.. මට කලින් ආ අයටත් උත්තර දීල නැතිකොට ලියපු මහත්තයා !

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...