2010/09/12

කාක්කාපාදයේ කතාව​ | ඔන්න ආයෙත් කතාවක්

අද මට නං විසේස දවසක්. ජීවිතේ පළමු වතාවට පිට පිට දෙවෙනි දවසෙත් පෝස්ට් එකක් දාන පළමු අවස්ථාව.
ඊයේ අම්බානක බැණුම් අහන්න උනේ කතන්දරයක් නැති හින්දනේ, මෙන්න අදනං ගෙඩිපිටින්ම කතාවක්.
මම ඊයේ දාපු පෝස්ට් එකේ කතාවක් නැතත් ඒකේ වැදගත් කතන්දරයක් තිබ්බා සරීර සවුක්ය ගැන.

අද කතාව දිගහැරෙන්නෙ අපි කුරුලු හමුදාවේ දී මූණ දුන්නු අතිභයානක සිදුවීමක් ගැන.

ඒකාලේ අපි කව්රුත් බලං ඉන්නෙ කොයි වෙලාවෙද නිවාඩුවක් හම්බ වෙන්නෙ කියලා!
සයිබර් යායට මුද ඉදලා ආපු අයට නං මතක ඇති අපි නිවාඩු ගන්න ගිගිං පැණි කුරුල්ලෝ අල්ලපු හැටි.

මොකද මේ ඒ ලෙවල් කරලා ආපු කොල්ලෝ සැට් එකක් හමුදා කෑම්ප් එකක් අස්සේ කොහොම හිරවෙලා ඉන්නද?

ඒ හින්දා මොන දහං ගැටයක් හරි දාලා සාජන්ලට, ඔෆිසස්ලාට කෙප්ප ගහලා ගහලා කොහොම හරි එලියට පැන ගන්නයි නිවාඩුවක් කිට්ටු වෙද්දි අපි නිතරම කල්පනා කරන්නෙ.

අපේ මැරතන් දුවන පොරක් හිටියා. මිනිහට නං ලේසියයෙන්ම ඒ කාලේ ගෙදර යන්න පුලුවං උනා!

මිනිහට ගෙදර යන්න ඕනා වෙද්දි මිනිහා කරන්නෙ, මැරතන් දුවන සෝටයි, ස්කිනර් එකයි, සපත්තුයි දාගෙන අපේ බිලට් (නිවස්නයේ) එකේ ඉදලා කේලින්ම ගාඩ්රූම් එක හරහා පාරට දුවන එක. චැක් කිරිලි මුකුත් නෑ. පොත්වල ලිවිලි නෑ. ඇයි ගාඩ් රූම් එකේ ඉන්න අය හිතන්නෙ මේ යකා එදාට නියමිත ''ට්‍රෙනින් සෙසන් එක'' ෆලෝ කරනවා කියලා.

මෙයා කරන්නෙ කෙලින්ම පාරට දුවලා මග කඩේක තියලා ඈවිල්ලා තියෙන කිට් එක දාගෙන ගෙදර යනවා. ආයෙ එන දවසට ඇඳුම කඩේ කියලා කෙලින්ම මැරතන් කිට් එකෙන් බිලට් එකට.

එක දවසක් ගාඩ්රූම් එකේ පොලිස්මන් කෙනෙක් මෙකා දුවගෙන යද්දි ඇහැව්වලු,
''එපා වෙනවා නේද මචං මේ ගිනි මද්දහනේ දුවද්දි'' කියලා.

''මොනා කරන්නද අනේ, මේක ඉතිං අපේ ජොබ් එකනේ'' කියාගෙන මිනිහා නොනැවතීම ගියාලු.

එයා එහෙම ගියාට අපිට පුලුවනැ පාරෙ දුවන්න. අපි ඇගවල් පුම්බං ඉන්න හැටියට මැරතන් කාරයෝ වගේ දුවන්න ගියොත් අනිවා ගාඩ්රූම් එකට මාට්ටු වෙලා අඩුම දවස් හතක්වත් පනිස්මන්ට් කන්න වෙනවා සුවර්.

ඒකට ඉතිං අපි කරන්නේ,

''අනේ සර්, අ​පේ ගෙදරට හොරු පැනලලු මේ අම්මා කතා කරලා කිව්වෙ, සර් අපේ ගෙවල් වලට උඩින් තියන කන්ද නාය යන්න වගේලු, සර් අම්මට අසනීප වෙලා හදිස්සියේ, සර් මල්ලිට කව්දෝ ක්ලාස් ගිහිල්ලා එද්දි ගහලාලු'' වගේ අහස පොලොව නුහුලන පට්ට පල් කෙප්ප ලොට් එකක් ඇද බාලා සර්ලාව නම්මගන්න එක.

ඒ ගොල්ලංව තම්බන එකත් ලේසි නෑ ඉතිං! එයාලත් අපිට කලිං මේ කුරුලු හමුදාවේ හිටපු අය්යලානේ!

කොහොම හරි එක දවසක් අපිට එලියට යන්න ඕනෑ උනා.

මමයි මගේ හොදම යාලුවයි කතා වෙලා හිටියා පහුවදා යෙදෙන පෝය දවසෙ, උදේම කෑම්ප් එකෙන් ගිහිල්ලා මැරියන්ලත් එක්ක ගංගාරාමෙත් වැඳලා, අවිස්සාවෙල්ල පැත්තෙකෝච්චියෙන් පොඩි රවුමක් දාලා හවස් අතේ ආයෙ කෑම්ප් එකට සැපත් වෙන්න.

ඔක්කොම ප්ලෑන් කරලා අපි සර් ලගට ගියා කියමුකෝ!

දැං සර් අපෙන් ප්‍රශ්න අහනවා.

අපි සීරුවෙන් හිටගෙන සර් අහන ප්‍රශ්ණ වලට නොබියව, එඩිතරව උත්තර දීලා, සර්ව නමාගත්තොත් හෙට ඉතිං ගොඩ.

සර්,

''දැං උඔලා දෙන්න මොකටද හෙට බුකවුට් (Bookout එකක් කියන්නෙ උදේ 6ට එලියට ගිහිල්ලා රෑ 10 ට කලින් ඇතුලට එන්න දෙන අවසරක්.) ඉල්ලන්නෙ මගෙන්''

ඔන්න දැං අපේ චෑන්ස් එක. අපි වේලාසන හදාගත්තු කෙප්ප ලොට් එකෙන් එකක් සිරුවට දැම්මා එලියට,

'' සර්, හෙට පෝයනෙ, අපිට බාරයක් ඔප්පු කරන්න තියෙනවා ගංගාරාමේ!'' අපි මොන්ට්සෝරි බබාලා දෙන්නෙක් වගේ අහිංසකව කිව්වා.

''ඇයි උඔලා දෙන්නම එකට ද බාරහාර වෙන්නෙ!'' සර් අපිව අල්ලලා කෙලියා තාප්පෙටම.

''​මේ... ඔව් සර්, මීට් එක දිනෝල දෙන්න කියලා අපිදෙන්නා එකට බාර උනේ, සර්''

''බොරු කියන්න එපා!............... තොපි යන්නෙ කෙල්ලො බලන්ඩ නේද! ඇත්ත කියපල්ලා! මේ පාර මේ යකා බෙල්ලෙ මුලටම හිර කලා.

දැං ඉතිං වෙන මොනවා කරන්නද,

මම ''ඔව්, සර්'' කිව්වා.

'' ඒකනේ, එකනේ... උඔලා කොහෙද බං මාව තම්බන්නේ, හාහා ගිහිල්ලා වරෙල්ලා.'' කියලා සර් කියපි. නීතී රීති කොහොම උනත් සරුත් මනුස්සයෙක්නෙ. මිනිහත් දන්නවා අපේ තත්වෙ. අනික අපි ක්‍රීඩකයෝ නොවැ. අපිට අපේ මානසික මට්ටමත් හොදට තියාගත්ත කාගෙත් උදව් ඕනැනෙ......!!!

දැං ඉතිං කේස් එකෙන් සියට අනූපහක් ම ගොඩ! දැං තියෙන්නෙ අවසර පත්තරේ ලස්සනට ලියාගෙන ආයෙ සර් ගාවට ගිහිං අවසර දෙන අස්සන ගන්න එක විතරයි. ඒක නං මහ කජ්ජක් නෙමේනේ.

අපි අවසර පත්තරේ ලියන්න ඕන පිලිවෙලට ලිව්වා,

054552 වූටිමහත්යා සී.එල්, අපි දෙන්නගේ සීනියර් මෑන් හැටියට මම ලිව්වා. පස්සෙ පොඩි ඉඩක් තියලා යාලුවගේ නම, 051584 කුමාර කේ. එල්. කියලා ලියලා, අවසර ඉල්ලා යටින් ලියන කොටසත් ලියලා සර්ගෙන් අස්සන් ගත්තා.

අත්සන් අරන් ඇවිල්ලා කුල් එකේ කොලේ ෆයිල් එකේම තියලා අපේ වැඩ කලා. රෑ ලස්සන හීන දැක දැක නිදාගෙන උදේ නාලා, කාලා, කලිංම හොදලා වේලපු ඩැක්ෂුෂ් දාලා, දහපාරත් විතර මැදපු ටී එකයි, ඩෙනිමයි දාලා, සුවද වතුර, ජෙල් කුට්ටි කාරිය අවශ්‍ය ප්‍රමාණෙට ගාලා ලෑස්ති වෙලා කොලේ බලද්දි මෙන්න අපි දෙන්නගෙ නම් දෙකට මැදින් ''054528 අංජන කුමාර සී.ඩී'' කියලා අපේ එකෙක්, අපේ නම් දෙක මැද්දට උගෙ නමක් ඔබලා.

එබුවත් කමක් නෑ කියමුකො, මේ යකා නම දාලා තියෙන්නෙ තඩි කාක්කාපාදයක් දාලා ඒකට උඩින්.

''මොකද්ද යකෝ තෝ ​මේ කරලා තියෙන්නා'' කුමාරයා දත්මිටිකාගෙන කොලේ පෙන්නා පෙන්නා මැරෙන්න හදනවා. කුමාරයට විතරක් නෙමේ මටත් ඕකව කෑවෑකි අම්මපල්ලා ඒ වෙලාවේ තිබ්බ තරහට.

'' ගනං ගන්ඩ එපා බං. මමත් සේප් එකේ එන්නං උඔලත් එක්ක. සඅරුත් අස්සං කරලා හින්දා කේස් එකක් වෙන්නැ සුවර් මචං, හා ඉතිං යමල්ලකෝ දැං තරහ ගන්නැතුව, මේ සුබ ගමන!''

දැං මේ යකාත් ජැන්ඩි පහට ඇඳගෙන අපිදෙන්නගේ පස්සෙන් එනවා.

ඔන්න දැං අපි තුන්දෙනා ගාඩ්රුම් එකට ගිහිල්ලා ''ගුඩ් මොනිං'' ආදී එතන වතාවත් කරලා දුන්නා කියමුකො අර කොලේ.

''ලියුම ගන්තු ගමන් උදේ පිපුණු මලක් වගේ තිබුනු අපේ විනයාරස්සක සෙබලාගේ මුණ නික අත වැදිච්ච නිදිකුම්බා කොලේ වගේ ඇකිලිලා ගියා.

මට නං නිකමට හිතුනා උදේම කාක්කාපාදෙ දකින කොටම ට්‍රිප් එක යන්න වෙන්නෙ මෙතෙන්ට විතරයි කියලා.

''දැං කව්ද මේ 054552 ''

''මම'' හිනාව දාගෙන ඉස්සරහ​ට ගියා.

''එතකොට කුමාර'' අරුත් ආවා.

'' එතකොට අංජන උඔ. '' අංජනයා මැක්කා වහපු ගොනා වගේ ඔලුව වනාපි.

දැං පොලිස් මන්ටත් හෙන කේස් එකක් මේ අපබ්බ්‍රන්ස අවසර පත්තරේ දැකලා. ඇයි ඉතිං සර් අත්සන් කරලත්නෙ තියෙන්නෙ.

මෙ යකා ටිකක් වෙලා කොලේ දිහා බලං ඉදලා,

''හිටපල්ලකෝ'' කියලා ගත්තෙ නැද්ද අපිට එලියට යන්න අවසර දුන්නු සර්ට කෝල් එකක්.

මිනිහා සර්ට විශ් කරලා කාරිය කෙරොලක ඉදං ''කාක්කාපාද පට්ටන්දරේ'' දිග ඇරියෙ නැද්ද උදේ පාන්දරම.

පොලිස්මන් ටිකක් වෙලා ''හා සර්, හා සර්'' කියලා,

''කව්ද උඔලගෙ සීනියර් මෑන්'' කියල ෆෝන් එක අපේ පැත්තට දික්කලා.

මට නිකං හෙනයක් ගැහැව්ව වගේ උනා.

මම පෝන් එක අරං ''ගුඩ් මෝනින් සර්'' කිව්වා විතරමයි අප්පා. බොරලු ලොරියක් ටිපර් කරන්නැහේ එහෙං ඉෂු එක දුන්නැද්ද කං පිරෙන්නම.

''ඊයේ තොපි දෙන්නා විතරයි නේද යනවා කිව්වෙ''.

''ඔව් සර්''

'' එතකොට මොකද්ද අර කාක්කාපාදේ දාගත්තු එකා''

මම මුවින් නොබැන අංජනයා දිහා බැලුවා, මේ යකා ඌව පාවලා දෙනකං මහා අසරණ ලුක් එකකින් බලං ඉන්නවා.

''උඔලා මට බොරු කෙරුවද නැත්තං වෙන එකෙක් කාක්කාපාදක් දාගෙන නම දාගත්තද?''

මම, ''ඔව් සර්, අංජන පස්සෙ නම දාගෙන සර්!'' කියලා අරූව පාවලා දෙන්නයෑ.

මම බිල්ලා වගේ එහෙං එනව ඉෂු එක ටිකක් අඩු කරගන්න ෆෝන් එක ටිකක් කනෙන් ඇත් කරං අහං හිටියා.

කාක්කාපාදෙ තියා සැළලිහිනි පාදේ දැම්මත් අංජනයත් අපේ එකානේ! ඌව පාවලා දෙන්නයැ. අපි ඉතිං එක බුලට් එක හරි අටකට කපාගෙන කන්න පොරාන්දු වෙලා ආපු කස්ටියනේ.

''දීපං පොලිස් මන්ට ෆෝන් එක'' ඒ අස්සෙ මට ඇහුනා. කියන පරක්කුවට මම ෆෝන් එක දුන්නා.

මිනිහා ආයෙත්,''හා සර්... හා සර්'' කියලා ෆෝන් එක තියලා මෙන්න මෙහෙම කිව්වෙ නැතෑ!

''උඔලගේ ගමන කැන්සල්, වරෙල්ලා උඔලා අද දවසෙම පොලු ඩියුටි''

දැං ඉතිං මොනවා කරන්නද? පොලු ඩියුටි කියන්නෙ කෑම්ප් එකේ ලස්සනට වවලා කියෙන මල් පාත්ති වලට එන බල්ලොන්ට පොල්ලක් පෙන්නලා බය කරන ඩියුටි එක.

මොනා කරන්නද අපි ඒ පුන් පොහෝ දින පොලු තියාගෙන බලු ඩියුටිය කලා. අර කාලකණ්නි කාක්කාපාදයත් එක්කම.

මෙතන ලොකුම ප්‍රශ්නෙ උනේ අපේ මැරියන්ලට. අපි නං මොන පනිස්මන්ට් කෑවත් කෑම්ප් එක අස්සෙනෙ. දකින්නෙ අපි අපිමයි.

ඒත් මැරියන්ට හෙන කේස් එකක් වෙනවා කියලා මම දැනං හිටියා. මම ටක් ගාලා මැරියන්ට කොල් කරලා කේස් එක සෝඩ් ඈන්ඩ් ස්වීට් විදිහට කිව්වා. මලා එකතොට කේස් එක පත්තුවෙලා. ඒකාලේ මැරියන්ලගේ ගෙදර අපේ කේස් එක දන්නැ. මැරියන් ගෙදරට කියලා තියෙන්නෙ ඈස්රා ක්ලාස් එකක් කියලා. දැං ගෙදර ඉන්නත් බෑ. යන්න දිහාවකුත් නෑ. ඕක අහපුවාම මටත් ඔලුව ගිනි ගත්තා.

මම ෆෝන් එක කට් කරලා බලු පොල්ලත් අතේ තියං දහ අතේ මේක සෝටවුට් කරන්න ක්‍රමයක් හොයද්දි අර කාක්කාපාද අංජනයා,

''මේ මචං, ම​ටත් ඔය පෝන් එක චුට්ටකට දියංකො. රේණුට එන්න වෙන්නැ කියන්න!''

''​​රේණු, ඇයි කාලකණ්නියෝ තොගෙ පෝන් එක කෝ! ගමනත් කාලා තෝ තව පෝනුත් ඉල්ලන්න එනවද බල්ලා!'' මම මගේ උපරිම ආවේගය ලැබුනු එකම අවස්ථාවෙන් පිටකලා.

ඒකා,
''ඇයි බං මං ඊයෙ කිව්වෙ. ඒක කට්කරලා බං. මං බිලත් ගෙවාගෙනම එන්න හිතං තමා ඕකට නම දැම්මෙ!'' කියාපි.

මේක ඇහිච්ච, මෙච්චර වෙලා කටවහගෙන පුපුර පුපුර හිටිය කුමාරයා,

''නෙද්දකිං මූව මරලත් හිත්වදින්නැනේ යකෝ මටනං'' කියලා පොල්ල තියං බල්ලෙක් එනකං බලං ඉන්නවා මං බලාගෙන.

ඔන්න ඔහොමයි අපේ ආදරේට කාක්කාපාදේ කරදර කලේ! ආදරේට කොහෙද කාක්කාපාද නැත්තෙ නේද?



32 ක් කියන්නේ !:

  1. කාක්කාපාදේ කරපු හදියක්.... ඉතින් මැරියන් අක්කාට මක්කැයි උනේ? :O

    ReplyDelete
  2. ඔව් අනේ ආදරේට ඉතින් කොහෙත් කක්කාපාදෙ තමා.... :P

    ReplyDelete
  3. "අපි ඇගවල් පුම්බං ඉන්න හැටියට මැරතන් කාරයෝ වගේ දුවන්න ගියොත් අනිවා ගාඩ්රූම් එකට මාට්ටු වෙලා අඩුම දවස් හතක්වත් පනිස්මන්ට් කන්න වෙනවා සුවර්."

    අර ඌරු සවුක්කිය පාඨමාලව ඇඟවල් පුම්බගන්න හැටි ගැනද ? ඈ

    ReplyDelete
  4. බුද්ධිය ගෙ කතා මෙහෙමනං අංජනයගෙ කතා කොහොම වෙයිද..

    බොලා මේ කරන මගඩි එහෙමත් කුරුලු හමුදාවෙදි ප්‍රගුන කරපුවද?

    ReplyDelete
  5. හකේ හකේ හක්... අරූව බාවන්න එපැයි බං එතනම. එක්කෝ බල්ලෙක් කියලා ඌට පොල්ලෙන් ගහන්න තිබ්බනේ... ;-)

    ReplyDelete
  6. හේමාලයා,
    හෆොයි නේන්නං.
    ...................

    හසී,
    ඒකත් වෙනම කතාවක්. මම පණිවිඩේ කිව්වම මරරියන් අක්කා එයාගේ අක්ක​ට කිව්වලු අද පන්ති යන්න බෑ වගේ කියලා! ඉතිං අක්කා, මෙයා කම්මැලිකමට යන්න බෑ කියලා හිතලා අම්මට කෝල් කරලා කියලා'' මේ නංගි පංති යන්නැතුව හොරට ඉන්න හදනවා'' කියලා.
    පස්සෙ ඒයා ගිහිං යාලුවෙක්ගෙ ගෙදර. එහෙ දවසම ඉදලා හවස් අතේ ඈවිල්ලා තිබුනා. කෝමද කාක්කාපාදෙ වැඩේ.
    ............................

    තරිඳු,
    ඈයි බොලාටත් එහෙම දේවල් වෙලා තියේද? ආ..... දැන් කොහෙද විදේසගත වෙලාද?
    ..............

    මකරා,
    ආ.. ඔව් ..ඔව්.. ඒ සොවුක්ය පාඩමට එහෙං ඉගෙන ගත්තුවත් ඈතුලත් කරන්න හිතාගෙන ඉන්නේ.
    ..............

    සසීය,
    කුරුලු හමුදාවෙ හිටියා කියන්නෙ ජීවත් වෙන්ඩ හොඳ පන්නරක් තමා. උඔ කියන්නැහේ බොහෝ දෙවල් එහෙං ප්‍රගුණ කරපුවා තමා. අර ජාතක කතා පොත කියෙව්වා වගේ විවිධ පුද්ගයන් ඈසුරු කොරලා ඒ ඒ පුද්ගලයට අනුව උං එක්ක ගනුදෙනු කරන්න ඉගෙන ගන්න හොද තැනක්.

    ReplyDelete
  7. හපෝයි.. මට ඊයේ පයන්න මාරුවෙලා නේ.. වස විලි ලැජ්ජාවයි.. අපි කියන්නේ කාකපාදය කියලා.. මේ බුද්ධියෝ... කෝ බං අර හැරෙන තැපැල් පරෙයියා...?

    ReplyDelete
  8. හෆොයි! කැත සීන් එක..

    ReplyDelete
  9. හෆොයි....
    කාකපාදයක් කළ හරියක් !

    බුද්ධිඝෝෂයන්ට ඔහොම වෙන්නැත්තේ ඊයේ කතාවක් නොදැමීමේ පාපකර්මය බැක් ඩේට් වෙලා මයෙ හිතේ...

    ReplyDelete
  10. හරි හරි... අර " බුද්ධියා බුකවුට් ගියා වගේ" කියලා කතාවක් තියෙන්නෙ ...ඕක තමයි එහෙනං සීන් එක.
    එදා බල්ලො කීයක් විතර එලෙව්වද...ඈ..?

    ReplyDelete
  11. මේකේ පිලිතුරු කතාව ලියන්නකො මෙයා - අර ඇස්ට්‍රා ක්ලාස් ගිය කිරිල්ලිලාට වෙච්ච දේ?

    ReplyDelete
  12. ^ යාලුවනං අදහන්න වටින පොරක් වගේ...........

    ReplyDelete
  13. කුෂාන්,
    බාවන්න පුලුවං කමක් තිබ්බනං මේලහකටත් ඒක කොරලා. අර ඉවසන දනා කියලත් එකක් තියෙනවනේ කුෂානයා...
    ..........................
    කාංචනයා,
    තව ටික දවසකින් පරෙයියා ගෙදරටම එයි. අද ඉරිදා උන්ටත් කියලා නිවාඩුවක් එපැයි නැද්ද!
    ........................
    ළමයා,
    තව ඉස්සරහට යනකොට බොටත් ඔයවගේ අ්දදැකීමක් කාරිය ලැබෙයි.
    ..........................
    sansarasidu,
    බොලාගෙ වද කිරිල්ලට තමා මම තකහනිය කතාවක් ලිව්වෙ.
    ..........................
    උන්නැහේ,
    හැබෑට එහෙමත් කතාවක් තියෙද උන්නැහේ. බල්ලො එලවිල්ල ගැනනං මතක් කරන්න එපා!
    ..............................
    කතන්දරකාරයා,
    පිළිතුරු කතාවෙන් බාගයක් හසීයටත් කිව්වා බලමුකො ඉස්සරහට ​....
    ....................................
    සහන්,
    ඔය ඔකාගේ එක වැඩක්. තව කතා ඔනැ තරං තියේ කියන්න. ඒකාලේ මල පැන්නත් දැං මතක් වෙද්දිත් හිනා .

    ReplyDelete
  14. එළ කතාව මචෝ, අපරාදේ බොසාට වැඳල, අඬල කොහොම හරි යන්න තිබුනනෙ.

    "ඉගිල්ලිලා යන්න යං . . . කෝ පිහාටු නෑ අනේ . . . !"

    පවු වැඩේ අප්පා අසරණ කෙල්ල . . . . ඉත්න් එක්ස්ට්‍රා ක්ලාස් එකට මොකෑ උනේ ?

    ReplyDelete
  15. අනේ අම්මපා කතාව කියවපු මටත් මල පැන්න ඌ එක්ක නං

    ReplyDelete
  16. දූමී,
    අඬලා වැඳලා චාන්ස් එකක් ගත්තට වැරැද්දක් කරලා ආයෙ යන්ට බැහැ නොවැ. මේක හමුදාව නේ!

    කෙල්ලො සම්බන්ධයෙනුත් වෙනම කතාවක් ලිව්වැකි.''කාක්කාපාදයේ අතුරු කතාව කියලා''
    අනික තමා දුමියා එක්ට්‍රා නෙමේ ඈස්රා ඈස්රා මම ලියලා තියෙන්නේ දැක්කෙ නැද්ද?
    .................
    අලුතෙන් ආපු පැන්ඩා,
    උඔට ඔහොම නං මට කොහොම ඈත්ද? ඒත් ඉතිං අපිට මුලින්ම උගන්නනෙ ඉවසීම නොවැ. ඉතිං මොනා උනත් ඉවසපං පපුව කියලා ඉන්නව ඈර වෙන මොනවා කරන්නෙයි!

    ReplyDelete
  17. කාක්කාපාදේට ඔච්චර දෙයක් කරන්න පුළුවන් කිලය මම දන්නේ අදනේ. ඒ කියන්නේ ආදරේ කරනකොට කාක්කාපාදේන් බේරෙන්න කියලද?

    ReplyDelete
  18. අපොයි ඔය බුකවුට් ගැන නං මතක් කොරන්ට එපා..
    ඒ දවස්වල අතේ තියෙන තුට්ටු දෙක ඉවරයි...
    ඇයි යකෝ පුළුවන් වෙච්ච හැම වෙලාවෙම අපි මීගමු.අතින් කයිට්..ඇති දේකුත් නැහැ.ඒත් ලැබුනු ගමන් නොයා ඉන්නෙත් නැහැ.

    පස්සෙන් පහු අපේ බිලට් වල හිටපු තුන් හාරසීයටම ලිව් ෆෝම්, බුකවුට් ලිවුවෙ මාරයා නෙව.
    ඊට පස්සේ නං බුකවුට් ගැන තිබුබ ආසාව නැත්තටම නැති උනා.
    ඒත් ඉතින් අනිත් උන්ගෙන් මළ කරදරෙ...
    ඉතින් මොනවා හරි බොරුවක් ලියලා ඔෆිසර උන්නැහේට දාලා අත්සන් කරවලා දෙනවා..
    සතියේ අන්තිමට බලපුවාම දහදෙනෙක් විතර මම කොසු ගේන්නම මීගමු යවලා.
    ඒකට මොකද අතුගාන්න කොස්සක් හොයන්න ගියහම එක කොස්සක් නැහැ බිලට් එකේ..

    ReplyDelete
  19. කැත බයිටක්නේ කාලා තියන්නේ ... හික්ස් ...

    ReplyDelete
  20. ඔතනට කාක්ක පාදයක් දාන්නේ නැතුව වවුල් පාදයක් එහෙම දාලා තිබුණ නම් යන්ට හම්බවෙන්නත් තිබුණා මට හිතෙන විදිහට... ඇයි බං කාක්කො දවල්ට ගියාට වවුල්ලු යන්නේ රෑටනේ...
    කොහොමද ටිකිරි මොලේ....

    ReplyDelete
  21. මාරයා,
    මේ මොනවා කියනවද මාරයා :D අපිත් ඉතිං දන්නවනේ.......
    ....................
    හිඟන්නා, තව තියේ කැත බයිට්ස්
    ...............
    Jeew,
    ඒකත් ඈත්ත. හැබැයි දවල්ට යන්න මෙහෙම කට්ටනං රෑට කොහොම ඈද්ද නේද!

    ReplyDelete
  22. හෆොයි . . .පව් අසරණයෝ . . . හි හි මේ කොල්ලෝ උඹ ඇඟ පුම්බගෙන ඉන්නේ මක්කෙයි කියලා තේරුනේ අද තමයි . . .හික්ස්

    ReplyDelete
  23. ආදරෙට් කෙහෙද් බාධා නැත්තේ :P. කාක පාදයක් නිසා වුන දෙයක් හිකිස්

    ReplyDelete
  24. දුකා,
    ඈයි අපි ඈගවල් පුම්බං ඉදලා තියෙන්නෙ.
    ......................
    කස්සා,
    දන්නවනේ

    ReplyDelete
  25. අවිස්සාවේල්ල පැත්තෙ ඇවිත් අහුවෙන්න එපා..

    ReplyDelete
  26. මම අද තමයි උඹෙ බ්ලොග සම්පූර්නයෙන් කියෙව්වෙ... ඔන්න මගෙ බ්ලොගටම දා ගත්තා දැන් කියවන්න.. උඹේ කතා වලින් මටත් කතා ගොඩාක් මතක් උනා ලියන්න....

    ReplyDelete
  27. ගීතික, එහෙමයි මහත්තයා.
    ..............
    අහීතයා,ස්වප්නා, ස්තුතියි

    ReplyDelete
  28. එළ නියමයි. දැනුයි දැක්කෙ.

    ReplyDelete
  29. ඉෂාර, මේ කොහෙ යන ගමන්ද! ස්තුතියි

    ReplyDelete
  30. පාප මිත්‍ර සේවනය කළාම ඔහොම වෙනවා..

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...