2011/06/27

කාලකණ්නි සතුට! - දුමියාගේ ලංකාගමනය ගැන නොවේ...

ගිය සතියේ සිදුවෙච්ච විශේෂ සිද්ධිවලින් එකක් අපේ කට කහන දුමීගෙ ලංකාගමනය. මිනිහා ලංකාවට පය තියලා සුලු වේලාවකින් එක බ්‍රෙකින් නිවුස් එකක් විදිහට ඕනමැන්ටල් මාධ්‍යෙව්දියා රටට හෙලි කලා. ඊට පැය දෙකක් විතර ගියාම මගේ ෆෝන් එක රිං උනා.

“හලෝ"

“මේ අහවලාද?"

“කව්ද මේ......."

“මම ඕනයා......"

“ඹ්නයා......බොරු! කොහොමද නම්බරේ හොයා ගත්තෙ"

“දන්නවනේ....

“මට සුවර් නැ.... ඕනයට ඔච්චර වැදගත් විදිහට කතා කරන්ඩ පුලුවන් ද.... ඇත්තටම කව්ද උඔ.."

“යකෝ මම ඕනයා කැxයෝ......"

“ආ.... දැං හරි, දැං හරි...."

“ඒකනේ......උඔ මං දාපු පෝස්ට් එක කියෙව්වද?"

පලාගන්නවද, පෝස්ට් එක කියෙව්වා...."

“ඒක නෙමේ අලුත් එක...."

“අලුත් එකක් දැම්මද......"

“චහ්.... ඕකනෙ කියන්නෙ...ඉස්සෙල්ලා ඒක කියෝපංකො......."

“මොකද්ද සිද්දිය......"

“දුමියා ලංකාවට ඇවිල්ලලු..... අන්න අභියා මගදිම පොරව අල්ලං"

“අප්පට එහෙමද........හරි මං කියෝලා කොල් කරන්නම්...."

ඔන්න මම ඕනයා දාපු පෝස්ට් එක කියෝලා ඉදිරි වැඩකටයුතු කරගන්න මිනිහට ආය කෝල් කලා. මිනිහා ආන්සර් කලේ නෑ. ටිකකින් මිනිහා ගත්තා.

“හෙලො.......ඕනේ......"

“මේ මචං මගේ එකේ ක්‍රෙඩිට් තියෙන්නෙ තව ටිකයි වගේ....."

“ආ........... මම අරක කියෙව්වා.... දුමියට සුපිරි ගේමක් දෙමු සදුදට. මම පෝස්ට් එකක්ම දාන්නං...."

“අන්න මරු..... මචං පෝස්ට් එකක් නැතත් ටවුම පුරා දුවන විදිහට අර විදෙස් සිත්තරාට කියලා මොකක් හරි ඇදලා ෆේස්බුක් එකේ හරි ඇරලා දාමුද......"

“එහෙනං එහෙම කරමු....දුමියට කොර වෙන්ඩ මං දෙන්නං. එහෙනං හරි.... පස්සෙ කතා කරමු." (මේ කතාව අතරමගදී ඕනයාගේ ෆෝන් එකේ ක්‍රෙඩිට් ඉවර උනා. පස්සෙ මම ආය කතා කරා. ක්‍රෙඩිට් ඉවර වෙලා මම ආයෙත් කතා කරපු එකට පොරට ලැජ්ජා හිතිලා, පොරට නම්බර් දෙකක් තියෙනවා ය, අනිකෙ ඕන තරං ක්‍රෙඩිට් තියෙනවා ය වගේ හෙන වැල් වටාරං වගයක් කිව්වා ඒක වහගන්න. ඒ ටික මම කපලයි ඔය දාලා තියෙන්නෙ.)

මං හිතාගෙන හිටියෙ දුමියගේ වැඩේ ඉරිදා කරන්න. අපිට ඉරිදා ෆුට්බෝල් ටූනමන්ට් එකක් බලන්න යන්න තිබුනා. අපේ අක්කෙක්ගෙ පුතාගේ. පොරලා දිනුවොත් සමස්ත ලංකා ගියැකි. ඉරිදා ප්ලෑන් එක මෙහෙමයි තිබුනෙ.

1. උදේම 5ට නැගිටලා සීනි සම්බෝල, තේවතුර, බත්, මාලුපිනි සෑදීම හා ගෙනයාමට සුදුසු භාජන වලට දැමීම.
2. තරගෙ බලන්ඩ යෑම.
3. තරග ඉවර උනාට පස්සෙ කොල්ලවත් අරං කට්ටිය කොහෙ හෝ ගිහිල්ලා හවස් අතේ ගෙදර ඒම.
4. දුමියට මඩ පිනිස පෝස්ට් එකක් ලියා විදෙස් සිත්තරාට කියා සිත්තරයක් ඇද ගැනීම.

ඕකෙන් මට කරන්න තිබුනේ අංක 2යි 4යි විතරයි.

ප්ලෑන් කරපු විදිහට අපි මැච් එක බලන්න ගියා. සවස එන්න කොල්ලව අපේ වාහනේට ගන්න යද්දි මෙන්න සර්ල ටික මූවත් ඉස්කොලෙ බස් එකෙ නංගගෙන ආයෙත් ඉස්කෝලෙ ගිහිල්ලා. දැං අපි ආය ගෙවල් ගාවටම ගිහිල්ලා කොල්ලව අරං ආපසු එන්න ඕන.

කරන්න දෙයක් නැ අපි අරුං පස්සෙ පැන්නුවා.

ඔතනින් තමා සිද්ධිය පටන් ගත්තෙ. ඒ වෙද්දි ස්පීඩ් එක තිබුනේ සීය පන්නලා. ගමනෙං බාගයක් විතර යද්දි ඔන්න ට්‍රැෆික්ලා වගයක් හැංගිලා ඉදලා පාරට පැන්නා. ඒ ගොල්ලංගෙ වම් අතේ නිල්පාටයි සුදුපාටයි පටියක් තිබුනා.

“කොහෙද යන්නෙ......“

“මේ අපේ එක්කෙනෙක් මග ඇරුනා ගන්න යනවා.......“

“ඔහොම ගියොත් මරු! ඕගොල්ල ලොකු වරදක් කලා. අතන කහ ඉර උඩදී වාහනයක් ඕවටේක් කලානේද?...“

“අනේ සොරි...“

‘මෙහෙමයි අපි පොලිසි වලට දඩ කොල ලියන්නැ! කෙලින්ම උසාවි“

“අපිට ටිකක් හදිස්සියි....මම වැරැද්ද පිලිගන්නවා... බැරිද අපි ගැන පොඩ්ඩක් හිතන්න“

“එහෙම කොහොමද......අපිට පොලිසි වලට දාන්න බෑ. අපි අහවල්ලු. අපි ලියන්නෙ කෙලින්ම උසාවියට“

“මම වැරැද්ද පිළිගත්තානෙ...උසාවි වලට එන එක කේස්.... චාන්ස් එකක් දෙන්න“

“හරි උසාවියේ මුල්ම නඩුවට දාන්නං“ (මුල්ම නඩුව අහන්නෙ කොහොමද කියලා කතන්දර කලින් ලියලා තිබුනු හින්දා ඒකට කැමති උනේ නෑ.)

“අනේ ඒක කරදරයි......“

“හරි ඕගොල්ලන්ට ප්‍රශ්ණ ගොඩයිනේ.....මම රුපියල් දෙදාහක දඩයක් දාලා දෙන්නං අහවල් පොලිසියට....“

“පන්සීයක් දාන්න අහවල් පොලිසියට.....“

“උඔට පිස්සුද බං......“

“පොලිසියට යන්නැතුව මොනා හරි කරමු“

“දැං ගෙවන්ඩ පුලුවන්ද?“

“හරි........ දැං ගෙවන්නං කීයද්ද......“

“උසාවි යන එක අමාරුයි නේ...... හරි..... එහෙනං දෙන්ඩකො“

“දාහක් ඇති......“

“පිස්සුද බං දෙදාහ දියං.....“

දාහක් ඇති මචං කියන්නත් අක්කා රුපියල් 1500/-ත් එලියට ඇදලා. පොර ඒක ගත්තා.

කේස් එක ඉවරයි. අපි දිනුම්.

“අපරාදේ අක්කා කෑවනේ.....1000/- දීලා එන්ඩ තිබ්බා. උන් 2000/- යි කියන්නෙ දාහා තමා.“

මග දිගට එනකං අපි කතාඋනේ ඕක. පොර චන්ඩියා වගේ ලියන්න ගිහිං අපිට අහුවෙච්ච හැටි. අපි කට ගහලා කොහොම හරි නඩුව දින්නා. උන් හොරා කන්ඩ පුරුදු වෙලා. රටට මොනවා වෙයිද මෙහෙම ගියොත්. හැබැයි එහෙම නොවුනනං අපිත් උසාවි ගානෙ යන්ඩ එපැයි. අහවල් පොලිසියට දඩේ දුන්නං එහෙ යන්ඩ ඕන තකහනිය.

මේ වැඩෙත් මරු. වැරැද්ද කරපු ගමන් සල්ලි දුන්නා. ගේම ඉවරයි. අපි දිනුම්! හරි සතුටුයි.

හැබැයි මේ සතුට දුමියට මඩ ගහලා ගන්න සතුට වගේ එකක් නෙමේ. හරිම වෙනස්. ඒ සිද්දිය මුල ඉදලා කල්පනා කරද්දි දැනෙන සතුට හරිම වෙනස්.

ඒක මහා කාලකණ්නි සතුටක්.


.......................


ප/ලි-

ඔය කාලකණ්නි සතුට කොච්චර බර ද කියනවනං, විදෙස් චිත්‍ර ශිල්පියට මට කතා කරන්න බැරි උනා. ඒකෙන් දුමියා බේරුනා. ඹ්නයා අද කතා කරොත් මම ෆෝන් එක උස්සන්නැතුව ඉන්නයි කල්පනාව.

.....................

ප/ප/ලි-
ඔහොම ඉදිදි නිකමට මම බ්ලොග් එක පැත්තෙ ගියා. දුමියා ඇවිල්ලා අර මං තනයක් අතගාපු පෝස්ට් එක කියෝලා කමෙන්ට් කරලා ගිහිල්ලා. කමෙන්ට් එක කියෙව්වම නං මට පොඩි සැහැල්ලුවක් ආවා.

ඊටත් වඩා අපේ කවිකාරි දිල්මෝනා කාලෙකින් සයිබර් යායට ඇවිල්ලා මග ඇරුනු පෝස්ට් දෙක තුනක් කියෝලා කමෙන්ට් කරලා තිබ්බා. ඒක කියෙව්වම තව ටිකක් සැහැල්ලුවක් දැනුනා.

කමෙන්ටුවේ තිබුනෙ මෙහෙමයි.

ලේ පිරිපහදු කම්හල.... සයිබර් යාය !! හික් හික්

47 ක් කියන්නේ !:

  1. මට පේන්නෙ දුමී මහත්තයට වට කරල නෙලන්න වගේ යන්නෙ...

    ReplyDelete
  2. ඒ මහත්වරු කරන කාර්යක්ෂම සේවාවට මුකුත් කියන්න එපා ඕං....

    ReplyDelete
  3. පොලිස් කතා ගොඩාක් මතක් උනා... ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.... ස්තූතියි බුද්ධි.

    විදෙස් සිත්තරාගෙ සිතුවම එනකන් අපි බලාගෙන ඉන්නේ මචන්.....

    ReplyDelete
  4. මාත් එකම එක පාරක් ලොකු වන්ගුවක ඩබල් ඉරි කපලා හයි ස්පීඩ් ගිහින් මාට්ටු වෙලා උසාවි දාන්ඩ හැදුවා නෙ ......... උසාවි දම්මනං දඩේ 5000 ක් කිව්වා !!!!! අනේ මන්ද පස්සෙ දාන්ඩ පුලුවන් සෙල්ලං ඔක්කොම දාලා 500 කට අඩු කරගත්තා උසාවි යන්ඩ ඕනෙත් නෑ කිව්වා ..................! ඒ අතින් හරි හොද මිනිස්සු ............................
    කලු කොට මහත බඩ සහිත පුද්ගලයා අලුත් කතන්දරක් කියල ම යයි ද ?

    ReplyDelete
  5. මගෙ දෘෂ්ටියට අහුවෙන්නෙ,මේ පෝස්ට් එකේ හැටියට නං, හෙන මඩ බාල්දියක් හැලිල තියෙන්නෙ අර අහක ඉන්න අහිංසක ඕනයට බවය්. කෂ්ටිය එකතු වෙලා සංවිධානාත්මකව "ඕනයට මඩ ගැසීම" නමින් ප්‍රොජෙක්ට් එකක් පටන් අරන්ද කියල සැකයක් මතු වෙනව.

    ReplyDelete
  6. හෆොයි දෙයියනේ, මේ දුමියාගමනය කරලා මට වෙච්චි සන්තෑසියක්. ගම හාමිනේ බෑ කිව්වෙ නැත්නම් පහුවෙනිදම මම මෙලහකටත් ආපහු ගිහිල්ලා. මෙහෙමත් චරිත ඝාතනය කොරගන්න පුළුවන්ද....?

    මොනව උනත් 'චේතනා හම්බික්ඛවේ කම්මං වදාමි' කියලා බුදු හාමුදුරුවො දේශනා කරපු එක චූටි මහත්තයට ඇස් පනා පිටම ඔය පල දීල තියෙන්නෙ....හැබැයි ඉතින් උගේ චේතනාව නිසා දත ගැලවිලා තියෙන්නෙ අක්කාගේ.....!

    (අක්කගේ නම චේතනාද ? )

    මොනවා උනත් අර අභියා කියන්නෙ නම් එසේ මෙසේ එකෙක් නෙමෙයි කියලා නම් මට දැන් පිලි ගන්න වෙනවා. මගේ දතක් ගලවගන්න ඌට බැරි උනාට ඌ කළුබෝවිල අපේ ගෙදරට ගොඩ වැදිලා ගියාට පස්සෙ අපේ ගම හාමිනේ ඕං කෑගහනවා හක්කේ දතක් රිදිනවා කියලා.....!!

    ReplyDelete
  7. කෝ මඩ??

    මදි මදි . . මඩ ගහන්න අපේ රංග මළයගෙන් ඉගෙන ගෙන වරෙන් බුද්දියෝ . . .

    ReplyDelete
  8. දුකා,
    මේ පොස්ට් එක ලිව්වෙ මඩ ගැන නෙමේ! දඩ ගැන!!
    කාලකණ්නි සතුට හින්දා මඩ සතුට නැතිඋනා....

    ඒ හින්දා දුමී බේරුනා...

    ReplyDelete
  9. පොලිස් කාක්කෝ නම් එහෙමම තමයි..මේ ඉරිදා පත්තරේකත් ලොකු ආටිකල් එකක් තිබ්බා ඒ ගැන.

    කොහොමින් කොහොම හරි දුමියට ගහන්න යන මඩ බාලිදිය ඔලුවේ තියන් එහේ මෙහේ දුවලා ඕනයාගේ ඔලුවටම මඩ වැටිලා වගේ...

    ReplyDelete
  10. ඇයි මේ ඔන් ද ස්පොට් දඩ ගෙවිමේ ක්‍රමයට හැමෝම දොස් කියන්නෙ..චුටි මහත්තයත් නිකන් කතා කරන්නෙ බබා වගේ පාරෙ යනකොට කනෙන් ඇදලා සල්ලි ගත්තා වගෙනෙ,..
    මමත් ඔය විදියට දඩ ගෙවලා තියනවා..."හරි, එහෙනම් උසාවි යන්න අවශ්‍ය නැහැ, දඩය බාරගත්තා " කියලා වර්බල් රිසිට් එකකුත් දුන්නා...
    දඩේ උසාවියෙදි ගෙව්වොත් ඒකෙන් ඉහල උදවිය පිස්සු කෙලිනවා...අර අහිංසක රාළහාමි ඕකෙන් ගෙදරට හාලුයි පොලුයි ගෙනියනවා...(ඔය ඉතුරු වෙච්ච් පොලු තමයි සමහර වෙලාවට ඒ ගොල්ලො ප්‍රසිද්ධ්යේ බෙදන්නෙ,,,)

    හිත හදා ගන්න චූටි මහත්තයා......

    ReplyDelete
  11. සාතන්,
    චීයා අනේ අපි එහෙම කරනවද? අපි මොකට නෙලන්නද? අනික පොරගෙ බ්ලොග් එකෙන් මඩකාපු යාලුවො නැතැ පොරට ඕනැ තරං...
    ..........

    පූසා,
    කිව්වෙ නෑ.., කියවුනා අයිබෝං...:D
    ...........

    අභී,
    එහෙනං ඒ කතාත් දාමු! අපිට හමුඋන රාලහාමිලා වගේමද කියලා බලන්න.

    ReplyDelete
  12. මුං පවුලම හොරු....

    ReplyDelete
  13. හ්ම්ම්.. දුමිය රට සල්ලි පෙන්නලා කෙහෙල් කොර‍ටුවේ උන්නැහේ දැලේ දාගෙන වගේ. නැත්නං අච්චර ‍ෆිට් ඕනෙයාට මෙහෙම කක්කා බාල්දියක් පෙරලැයියැ...

    අම්මප මාත් ඕනයට කෝල් එකක් දෙන්නෙ උන්නෙ. දැං එහෙනං උගෙ ඉන්කමිනුත් කපලද දන්නෙ නෑ. ඒත් ඉතිං අර කිව්ව අනිත් පෝං එක නැතෑ.....

    ReplyDelete
  14. පොඩ්ඩ්ක් ඉන්න මේ..ජුලි හතරේ කෙලිය මේ දුමී අයියාට සම්බන්ධ එකක් දෝ.... එ වගේ.....

    කොහොම උනත් අර ඔයාලා ගේ පැත්තට වාසි වෙලා මේක ඉවර උනත් ඕක කාලකණ්නිය් සතුටක් තමා..රටේ තත්වේ...

    ReplyDelete
  15. අනුන්ට නෙලන්න මාන බලනවට හොද වැඩේ..බුද්ධිට.
    අපරාදේ....... පතරංග දඩ කොලයක් දෙන්න තිබුනේ....ඇඩෙන්නම.

    ReplyDelete
  16. මඩ මදි හොදටම මදි ඊලග පාර අර විදෙස් සිත්තරත් සෙට් කරගෙනම ඇවිත් මඩක් ගහන්න

    ReplyDelete
  17. මොනවා උනත් හොද ගණුදෙනුවක් කරලා තියෙන්නේ පොලීසියත් එක්ක... දෙගොල්ලොම දිනුම්...

    ReplyDelete
  18. අඩේ අර උඹ කිව්ව ක්‍රමේටම තමා මටත් දැන් අපේ උන් කෝල් කලාහම අදුරගන්න වෙලා තියෙන්නේ..?

    ඒනයනං ඔය සුන්දර වචන ටික භාවිතා කරනකල්ම මං පිළී ගන්නේ නැහැ කතා ක‍රන්නේ ඒනයා කියලා..

    අනේ මංදා බං..ඇයි උඹලා මෙහෙම එක එකාට මඩ ගහන්නේ..මේ අපි වගේ හැදැයල්ලාකෝ..රටට බරක් නැතිව...

    (හ්ම්ම් දුමියත් ආවා..ඕනයත් ඉන්නවා...අභීත..නැහැ ඕන නැහැ..අල්ලලා දාමු..)

    ReplyDelete
  19. සමීර,
    අන්න ඒකනෙ ඒ ගොල්ලං හොඳයි.

    බ්ලොග් ලියන කීදෙනෙක් නං ලංකාවට ආවද? කෝ එක් කෙනෙක්ටවත් මෙච්චර ප්‍රචාරයක් ලැබුනා යෑ. මෙයා අනිවාර්යෙන් කතාවක් ලියලා තමා යන්නෙ
    ................

    ඔබා අයියා,
    ඉන්නෙ මිත්‍යාවක වෙලිලා. මම කවදාවත් ඕනයට මඩ ගහයිද! අපි හාමිනේලයි මහගෙදර යන්න ඕන ඕකුන්ගෙ ගෙවල් පාස් කරලා. ඔය අහින්සකයා වගේ හිටියට ඕනයට හෙන මැර සෙට් එකක් ඉන්නවා යන යන තැන ගුටිකන.

    .....................

    දුමී අයියා, කෝමද ඉතිං සැප සනීප කාලෙකින් නේ....

    ReplyDelete
  20. අඩේ . . . . ඔන්න ඕක තමා බොලාලත් එක්ක මේ කෙලිය කරන්න බැරි . . . . අපි ටිකක් වැදගත් විදියට කතා කලොත් බොලාල හිතන්නෙ වෙන එවුංය කියල . . . . ජාතිය අමතන්නම ඕනෙ ඔප්පුකරන්න.

    මට උදේම ඇස් ඇම් ඇස් එකක් ඇවිල්ල තිබුන බ්ලොග් ලියන මිත්‍රයෙක් ගෙං . . . ඒකෙ තිබුනෙ මෙන්න මෙහෙම . .
    Anna ban ude paandarama umbe redi galawala Chooti mahaththaya.

    @දුමියා:
    වද්දාගත්තද ඌ ගෙදරට . . . . හිකිස් . . . ඊලඟ දවසෙත් ආවොත් උඹලට කරන්න තියෙන්නෙ ගෙදර කිස්සිය පැත්තෙං බිත්තිය හිල් කරල එතනින් පැනල යන්න. එහෙමත් නැත්තං රතන සූත්තරේ කිය කියා ගේ වටේ පිරිත් පැං ඉහින්න.

    @නවම්:
    තෙලේ බලේ බං

    @මාරයා:
    අනේ පලයං බං යන්න . . . මම කොච්චර වැදගත් විදියට කතා කරලද උඹෙං කක්කුස්සි වලක් කපන්න නැකතක් ඉල්ලුවෙ . . . .???

    ReplyDelete
  21. ගොල්ඩ් ෆිෂ්,
    කව්ද යකෝ හොරු! දඩ ගෙව්ව අපිද පාරවල් ගානේ පෙට්ටි කඩ කඩා සල්ලි ගැරුව උඔලද?
    ..............

    නවම්,
    මම ඕනයට මඩ ගැහැව්වෙ නෑ. ක්‍රෙඩිට් ඉවර වෙන එක කාටත් වෙන දෙයක්නෙ. ඕනයට ඒකට ලැජ්ජා හිතුනට මං මක් කරන්නද:D

    බලපං මාරයගේ කමෙන්ට් එක කියෝලා මං කියන්නෙ බොරුද කියලා
    ..............

    නිම්ෂා,
    ජූලි 4 කෙලිය ​මේක නෙමේ මං හිතන්නෙ.
    මොනා උනත් නිම්ෂට තේරිලා මම ලියපු පෝස්ට් එකේ නියම අර්ථය
    ...............

    නිල් අහස,
    අඩේ මං කාටද බොල නෙලන්න ගියේ. අපි හෙන අහිංසකයිනෙ

    ...............

    කිඩෝ,
    මඩ ගහන්න අදහසින් නෙමේ මේ ලිව්වෙ. දඩ ගැන ලියන්නයි:D
    ..............

    කිරී,
    දෙගොල්ලම දිනුම්. අනාගතේ පරාදයි
    ..........

    මේ මාරයා,
    උඔට වැඩිද කීයහං. දිව පැටලෙනවා යකෝ ලියලා තියෙන ඒවා කියෝපුවාම...

    ReplyDelete
  22. සමීරUSA,
    අන්න ඒකනෙ මං වැඩිය පත්තර වලට පන්නන්නැත්තෙ. ඕනයට මඩ ගැහුවේ නෑ. මිනිහා එන ලැජ්ජා කාරය. ෆෝන් එකේ සල්ලි ඉවරඋනාම ලැජ්ජා හිතෙයි යැ නැත්තං
    .............

    ලකියා,
    විතරයි මට හිත හැදෙන්න යමක් කියලා තියෙන්නෙ.
    ඔය හේතුව හින්දයි මමත් ඕන් ද ස්පොට් දුන්නෙ කියලා හිතාගන්නං. (අර වරහං අස්සෙ තියෙන ටික මරු)

    ReplyDelete
  23. බුද්දියා . . . මේ ලඟදි අලුත් මැරයෙකුත් ප්‍රාන්තෙට බැස්ස . . . . දැං ගල්වානත් රන් කරන්න හදන්නෙ . .

    ReplyDelete
  24. ඕනයා,
    හරි ඒවා ඔක්කොම ඇත්ත කියහං. අර මොකද්ද කොන්වසේසන් එක. මට තේරෙන්නැ. SMS එක එව්වෙ දුමියා සුවර්.

    කෝමත් උඔව අදුරගන්න ලේසි ඒවිදිහටයි කියලා මාරයා සාක්කි.
    .................

    අනේ මං දන්නැති උඹගේ මැරයෝ.

    ReplyDelete
  25. රස්නේ මග ඇරල බුවා හීනියට ගොඩ බැහැල එහෙනං.......අනේ වාසනාවන්...

    ReplyDelete
  26. @ ඕනයා

    අලුත් මැරයා දුකාගෙ හෙල්මට් එක දැකපු එකෙක් නෙවෙයිද ?

    ReplyDelete
  27. මට පේන්නේ දුමි අයියට මඩ ගහන්න හදපු කර්මය ප්‍රතිවිපාක දීලා වගේ.....හි..හි.....

    ReplyDelete
  28. ඒකනෙ කියන්නෙ . . . . දුමිය අංගොඩ මැරයෙක්ද ??? ඌ කලුබෝවිල මැරයෙක් නෙ . . .හොයල බලපං කවුද ලඟදි මගෙ ප්‍රාන්තෙට ටෑන්සර් උනේ කියල . . . . දැනගත්තොත් . . . . පයන්න කයන්න පවු . . . . උඹ

    ReplyDelete
  29. මං නං ජරාව දීලත් නෑ, ඉස්සරහට දෙන්නෙත් නෑ.

    ReplyDelete
  30. කෝ කෝ විදෙස් සිත්තරාගේ චිත්‍රෙ.............

    ReplyDelete
  31. මාරයට මුඩියක් පෑගිලා කිව් එක ඇත්ත වෙන්න ඕනෙ, නැස්තන් ඕනයට, ඒනය කියාවිද?

    ඇත්තට මේ දුමීව එයාර්පෝර්ට් එකෙන් ගත්ත කිව් අභීතට මොකද වුනේ?

    ReplyDelete
  32. @ කතන්දර,
    ඔව්..වොව්... ජරාව දෙන්ඩ, ගන්ඩ, ගිහින් අඩු ගානේ 6 මාසෙකටවත් ආණ්ඩුවෙ හිල්ටන් එකේ නිමාඩුවක් ගත කරන්න ලැබෙය්, ඔය පැය බාගෙට හිටිය වගෙ නෙමේ

    ReplyDelete
  33. මටත් පෙනී යන්නේ චූටි මහත්තයා ලේ පිරිසිදු කිරීමේ කෙළ පැමිණියෙකු වුවත් මඩ ගැසීමෙහි අසමර්ථයෙකු බවයි.... දුකා සමග එකඟ වෙමි....

    මේ ඒක නෙමෙයි, චූටි මහත්තයගේ කථා ඉවරද බං...?

    ReplyDelete
  34. හීනියට,
    ඒ වගේ තමා.ආවට පස්සෙයි ගිනි ගත්තෙ.
    .........

    මකුලුවා,
    අනිවාර්යෙන් එහෙම වෙන්නෙපැයි! නැත්තං බුදු බණ බොරු වෙනවනෙ.

    ReplyDelete
  35. ඕනයා,
    උපාසකයන්ට උපාසකයො, බෙබාලට බෙබාල, ළමයිට ළමයි, එකතු වෙනවා. ඒක ලෝක ස්වභාවය. සමාන දේවල් වලට සමාන දේවල් එකතු වෙනවා.

    එහෙම බලද්දි මොලේ අමාරුකාරයින්ට මොලේ අමාරුකාරයො එකතු වෙන එක අරුමයක් යැයි!

    ReplyDelete
  36. මූ කොටියම කාපිය, ඇයි යකෝ ඊයෙ රෑ අච්චර සාන්ත දාන්ත ලීලාවෙන් කතාකරපු අපිට මෙහෙව් මහ පොළොව උහුලන්නෙ නැති නොහොබිනා අවකැපිච්ච මුසා කියන්නෙ.

    ඔන්න අපි නං අපේ ගෙවල් වල උන්දැල ලව්වා අපිට එන කෝල්ස් වලට ආන්සර් කරන්නෙ නෑ කියනවත් ඇහැකි. ඒත් ඉතිං සමහර උන්දැල නං........

    ඕනයෝ කතාකරපන්කෝ මේවට .......

    ReplyDelete
  37. කතන්දර,
    මමත් හිතුවෙ එහෙම.

    දන්සැල් පොලිමේ ඉද්දි යාලුවෙක්ගෙ මාර්ගයෙන් වෙලාසන ඈතුලට යන්න තියෙද්දි එහෙම එපා කියලා පැයකට වැඩි කාලයක් පොලිමේ ඉදලා ඈතුලට ගිය මට මේ පොලිස් සිද්දිය බරක්.

    මේ සිද්දිය මට වැදුනෙ ඒ හින්දා. පෝස්ට් එකක් දැම්මෙත් ඒ හින්දා.!
    .............

    හසී,
    විදෙස් සිත්තරාගෙ පාට ඉවර වෙලා. ආධාරයක් වත් කරන්නඩ බැරිද පොරට ගොඩ එන්ඩ
    ................

    ඔබ්සවර් අයියා,
    බමන ගතිය කොච්චර වැඩිද කියන්නෙ පොරට ශිෆ්ට් කී එක දෙක වෙලා වෙන්ඩැ පේන්නෙ ඒකනේ ඔ යන්නට එ යන්න වදින්නෙ
    ............

    කුෂ්,
    උඔ කියන දේ 100% ක් ඇත්ත. මේ පෝස්ට් එක ලිව්වෙත් මඩකට නෙමේ. ඉදිරියේ දීත් මඩ පෝස්ට් ලියන්න බලාපොරොත්තුවක් නෑ.

    සිද්දියක් උනාම ඒක සාමාන්‍යය නං ​පෝස්ට් එකක් දාන්න දෙයක් එතන නැ. ඒත් ​වෙනසක් තියෙනව නං එතන පෝස්ට් එකක් දාන්න හේතුවක් හොයා ගන්න පුලුවන්.

    ඔය ඕනයා කතා කරපු හැටි තමා. ඔය හේතුව හින්දමයි පොර ගෙවල් මාරු කරලා ඔය දැං පදිංචි වෙලා ඉන්න පැත්තෙන් ගෙවල් අරං තියෙන්නෙ.

    අනික චූටිමහත්තයගේ කතා එහෙමත් ඉවරවෙනවද? ඒත් දිගමට දැම්මම එපා වෙයි කියලා හිතලයි මාරුවෙන් මාරුවට දාන්න හිතාගත්තෙ.

    දැං චූටි මහත්තයගේ කතා, ටිකිරිගෙ කතා,කුරුලු හමුදාවේ කතා, මගේ කතා කියලා ලේබල් ගහලා වෙන වෙනමයි දාන්නෙ. කො​හොමද වැඩේ

    ReplyDelete
  38. අනේ බොල . . . ඊයෙ රෑ අච්චර ලස්සනට . . . පිලිවෙලට නවමත් එක්ක කතාකරපු බොලා අද එලිවෙන්න මේ කියල තියන සහගහන කතාව . . . . !!!!

    මට හිතාගන්න අමාරු අර නවම් කීව වගේ . . . උඹේ හාමිනේ ලවුව ෆෝන් එකට ආන්සර් කොරවන්න තරම් උඹට එකතු වෙලා ඉන්න යාලුවො ටික ගැන ?????

    ප.ලි.
    අඩේ බුද්ධියා . . . නවමයි මමයි ඉස්පිරිතාලෙ දෙපැත්තෙ නැවතිලා ඉන්නෙ . . . වැඩි දවසක් නොගිහිං උඹ ඉස්පිරිතාලෙ නැවතිලා බේත් ගන්න ආවම උදේ හවා බලන්න එන්න කවුරු හරි ඉන්න ඕනෙ නිසා . . . .

    ReplyDelete
  39. ඒ මාමල හරී අහින්සකයි නේද අයියේ......

    ReplyDelete
  40. ඕනයා සහ නවම් යන මාමලා වෙත,

    ඕනයා නම් මිහිපිට ඇති හොදම තැන සිය පදිංචියට තෝරාගෙන තියෙනවා. ඒකෙ ගැටලුවක් නෑ. මේ ගැන අපේ ඔබා මාමා තමා මුලින්ම හෙලිදරව් කලේ....

    මේ තියෙන්නෙ සාක්කි.
    ________________
    Observer said...
    හොඳ වැඩක්.
    ඕනය දන්නව, පොරට යන්න තියෙන තැන.
    May 4, 2011 3:00 PM
    ________________

    මට තියෙන ප්‍රශ්ණෙ ඒක නෙමේ. අච්චර පිළිවෙලකට හිටිය නවම් කොහොමද ඕනයාගෙ වචනෙට රැවටිලා එහේ ගියෙ කියලා....

    මොකද්ද අර හාමිනේල දම්මලා ආන්සර් කරනවා කියන කතාව මට තේරෙන්නැ ඒක!

    ReplyDelete
  41. ගීතික,
    ඒක නං ඇත්ත. හරි කරුණාවන්තයි. අහිංසකයි රටක් වටියි

    ReplyDelete
  42. "මෙහෙවු රටේ" කීවලු බුද්ධි අයියේ ..

    ReplyDelete
  43. පොඩි එකෝ, උඹ අනෙත් එවුන්ගේ බ්ලොග් වල අහනව කෝ අලුත් පෝස්ට් කියල, උඹ මක්කෙය් කොරන්නෙ? කට කහන පොරට නං ඉතින් මේ දවස් ටිකට සමාව දුන්නකි කියමුකො.

    ReplyDelete
  44. හිස් අහස, අනේද කියන්නෙ මලේ...
    .............
    ඔබ්සවර් මාම,
    පොලිස් කතා කියන්ඩ ඕනේ පරිස්සමට. හා එහෙනං අභියගේ පෝස්ට් එකේ කමෙන්ට් එක මකලා දැම්මෙ පොලිසියට බයේ නෙමේද?

    ReplyDelete
  45. අභියගෙ පෝස්ට් එකේ කොමෙන්ට් එක මැකුවෙ පොඩි එකෝ, උගෙන් අහල තිබ්බ ප්‍රශ්නෙට වහාම ඊමේලකින් ඌ උත්තර එවපු හින්ද, අනික ඒ කොමෙන්ට් එක ඒකගෙ බිස්නස් එකට හොඳ නැහැ කියලත් හිතුන මට.

    ReplyDelete
  46. දුමී අයියට මඩ ගහන්න කට්ටියම සෙට් වෙනවා වගේ.

    ReplyDelete
  47. ඒක ඇත්තෙන්ම හරිම කාලකන්නි සතුටක් !.. මේ රටට බැන බැන අපි හැමෝම රට බල්ලට යන ඔය වගේ දේවල් වලට දායක වෙනවා අපේ ලේසිය වෙනුවෙන්.

    අර කියමන නම් මසුරන් "ලේ පිරිපහදු කම්හල - සයිබර් යාය "අම්මපා සහතික ඇත්ත.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...