“පව් නේද අර බබා.......”
“පොරගෙ සෙරෙප්පු කුට්ටමට හරි වගේ නේද......?”
“පව් අනේ.............”
“හ්ම්..........”
“ඔයාටනං ගානක් නෑ! තමන්ගෙ දෙයක් නැතිවෙච්ච කෙනෙක්ම තමා එකේ අමාරුව දන්නෙ...... ඔයාගෙ සෙරෙප්පු එහෙම නැති වෙලා නෑ නේද......?”
“අපෝ නෑ. මං පන්සල් ගියාම කෙලින්ම ඇතුලට සෙරෙප්පු කුට්ටම අරං ගිහිං අරලියා ගහේ දෙබලෙ හංගලයි යන්නෙ......... එතකොට නැතිවෙන්නැ.... ඇයි ඔයාගෙ සෙරෙප්පු නැතිවෙලා තියෙනවද, ඔච්චර අර පොඩි එකා ගැන මෙව්වා වෙන්නෙ.......”
“ඔව්..............”
පහුගිය දවසක අපි රැල්ල පාගන්න ගියා.
ටිකක් වෙලා ගල් පොත්තක් උඩ ඉඳගෙන කතා කරකර ඉද්දි ඊට ටිකකට එහායින් දෙමව්පියෝ එක්ක ඇවිල්ලා හිටපු පොඩි එකෙක් අම්මලාගෙන් මොනාදෝ ඉල්ල ඉල්ල ඒ පැත්තම දෙක කරනවා. බලද්දි පොඩි එකාගෙ සෙරෙප්පු කුට්ටම තිබ්බ තැන නෑ. එක්කෝ රැල්ලට ගිහිල්ලා. නැත්තං උස්සලා.
ඒ දිහා බලං හිටපු අපියි ඔහොම කතා උනේ.
“එහෙනං කියන්ඩකො.......මට අහගෙන ඉන්ඩත් එක්කලා.....” එහෙම කිව්වට මම හිතුවේ නෑ එයා කතාව පටන් ගනී කියලා. මෙන්න මෙයා එයාගේ ලස්සන මිරිවැඩි සඟල නැති වුනු කතාව කියන්න ගත්තා. ඒත් ආදරේට කොහෙද බාධා නැත්තෙ. කතාව පටන් ගද්දිම අහස එකපාරට කලු කරගෙන ආවා. අපි ඉක්මනින්ම අයිස්කිරිං වෑන් එක ගාව ගහලා තියෙන යාලත්ත ගාවට ගිහිං කවර් උනා. කෝකටත් කියලා අපි ලොකු කුඩේකුත් අරගෙන ආවේ. මොකද මේ දවස් වල නිතර දෙවෙලේ වැස්සත්නෙ.
වැඩේ කියන්නෙ මේ අව් අස්සෙ මට හරියට අයිස්කිරිං උම්මා එකකවත්, සමනල් හාදුවක්වත් දී ගන්ඩ බැරුව ගියා. අරුන්දැ අපිට එච්චර සහසුද්දෙන් පංති තියලා කියලා දීලත්. චුයිංගම් එකක් නං හක්කෙ තිබ්බා. ඒත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න හැටිත් මට වේලාසනින් අහගන්ට බැරි වෙලානෙ තිබුනෙ. ඒයැයිට නං ඒවයෙ වගේ වගක් නෑ. මං ඇන්නා හොඳවයින් ටොක්කක්. හිතෙන්!
"එක අලුත් අවුරුද්දක‍්, එතකොට අපි පොඩියි, උඩවලවේ මාමලයි දිහා යන්ඩ ලැස්ති උනා. අපේ තාත්තයි, මමයි, අම්මයි, අක්කයි. තාත්තා හැම අවුරුද්දකම අපිට අලුත් ඇඳුං ගේනවා කොහෙ හරි යද්දි ඇඳගෙන යන්ඩ.....”
“ඉතිං......අපෙත් එහෙම තමයි. ඒ උනාට මතක් වෙද්දත් ඇඟ හිරිවැටිලා යනවා. කමන්නැ.... කියන්ඩකො, කියන්ඩකො.....”
“ඒ මොකො.....?”
“ඇයි මං ඔයාට කිව්වෙ නැද්ද? එක පාරක් අවුරුද්දට හඹරාදූවෙ නැන්දලාගෙ ගෙදර යන්ඩ අලුත් ඇඳුං අඳින කොටනෙ මගේ මීයා සිප් එකට අහු උනේ........”
“චීයා..............අනේ.... වටේ පිටේ මිනිස්සුන්ටත් ඇහෙයි..... මොනා කියනවද මම දන්නැ.....”
“අනේ උන්ට නං මොකද....? මටනෙ මෙව්වා උනේ..... හරි හරි කතාව කියන්ඩකො......”
ඔහොම කිව්වට මොකද වැස්ස ටික ටික තද කලා. අපි හිටිය අයිස්කිරිං යාලත්ත ගාවත් දැං සෙනග. හුලං පාරක් කරකොලා ගහනවා කියන්නෙ......! හරියට කල්ප විනාසේ පටන්ගද්දි එනවයි කියන මුරුගසං වරුසාව එන්ඩ වගේ. මට නං හෙනට බය හිතුනා.
ඒ උනාට අපේ මැරියන් නොනා, එයාටනං ඒකෙ වගේ වගක් නෑ. එයා පටන් ගත්තු කතාව දිගටම කන්ටිනිව් කරගෙන යනවා. අන්න ගෑල්ලමයි, මොන බාදකේ ආවත් ගනං ගන්නෙ නෑ.
කොහොමහරි වෙරළෙ තිබ්බ පොල් ගස්වල වේලිච්ච අතු ඈතට පාවෙලා ගියා. ඒවා තාර පාර පැත්තට ගිහිං වැටෙන්ඩ ඇති. පොල් ගස් ටිකනං අපරාදේ! ඒවා ඇඔරි ඇඔරි හුළඟත් එක්ක පොර බැදුවට මොකද තව ටිහිකිං ගැලවිලා යනවයි කියලා මම දැන ගත්තා. එච්චරට තද හුළඟ. තාමත් හරිහමන් තැනකට රිංග ගන්ඩ බැරි උන අයගෙ කුඩ අනිත් පැත්ත ගැහුනා. සරම් ඇඳගෙන ඇවිල්ලා හිටපු මුදලාලි මාමලාටයි, සායවල් ඇඳගෙන ඇවිල්ලා හිටපු නැන්දලාටයි තමා මාර වැඩේ උනේ.
ඔන්න ඊලග මොහොතෙදි වැස්ස පටන් ගත්තා. මුලදි කැකුලු හාල් ඇට සයිස් වැහි බිංදු, ටිකකින් නාඩු සයිස් වුනා. තව ටිකකින් ඒවා දොඔ ගෙඩි සයිස් වෙලා, අන්තිමේ පොල්ගෙඩි සයිස් හෙන වැහි බිංදු වෙලා, හුළඟත් එක්ක එක්කහු වෙලා, ඒ මේ අතේ කැරකි කැරකි මහ වැස්සක් පටන්ගත්තා. කොහොම හරි,
වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා
අන්තිම වෙද්දි අපි හොඳටම තෙමිලා. වැස්ස එක පැයක් විතර අල්ලලා හිටියා. ඒත් ඒ වගේ “පුංචි” වැස්සකට පුලුවන් යැයි මගේ මැරියන්ගෙ කට වහන්ඩ! එයා තවත් පැය බාගයක් විතර එක දිගට කතා කලා. මේ වෙද්දි වැස්සත් ටිකෙන් ටික අඩු උනා. මුලු වෙරළම සීතලයි. ළමයි ක්‍රිකට් ගහපු, සෙල්ලම් කරපු තැන්වල හෑරිච්ච් වලවල් වල බැහැගෙන යන වතුරට යන්තං පොද වැටෙනවා විතරයි. රැල්ලට නං වගේ වගක් නෑ. එනවා, යනවා, එනවා, යනවා. හරියට මොන බාදකේ ආවත් නැවැත්තුවෙ නැති මැරියන්ගෙ කතාව වගේ.
ඔහොම හිතලා ඉවර වෙද්දිම වගේ මැරියන් නැතිවුනු සෙරෙප්පුවෙ කතාව මට කියලා ඉවර කලා. කොහොම හරි ඒ සේරම අහගෙන ඉඳලා මම කිව්වා “අපරාදේ ඒ කාලෙයි ඔයාට මාව හම්බවෙන්න තිබුනෙ. එහෙනං මං සුනිලට හොඳ පාඩමක් උගන්නනවා” කියලා.
ඒක අහගෙන ඉදලා මෙයා මගේ ඉහමොල හීතල වෙලා යන කතාවක් කිව්වා.
“මේ........ ගිය දේ ගියාවේ අනේ......, ඔයා හැමදාම ඔයාගෙ කතා ලියන එකේ ඔය සෙරෙප්පු දෙක නැතිවෙච්ච කතාවත් ලියලා දාන්ඩකො ඔයාගෙ බ්ලොග් එකේ.”
“මොකද්ද.......?“
“ඒවා ඇහෙන්නැ නේද......හ........“
“නෑ......මේ.......ඒක තමා මාත් බැලුවේ.....ලියන්ඩනං බැරිකමක් නෑ අනේ.... ඒත් පැයක්, දෙකක් එක දිගට කිව්ව කතාවක්, ටයිප් කරනවා කියලා හිතත්දිත් මට නිකං කැරකිල්ලට වගේ එනවා. අනික මගේ ඇඟිලි බිත්තර ටිකත් ගෙවිලා යයිනෙ.........”
“අපූ අප්පා........මං කියන ඒවා තමා මෙයාට ලියන්ඩ බැරි..........“
“හරි හරි..... අපි මෙහෙම කරමු. මේ කතාවේ හොඳම ටික අරං මම බ්ලොග් එකේ දාන්නං.....කමන්නැනේ....හා මං මේක දැම්මොත් ඔයා මට මොනාද දෙන්නෙ....“
“ඔයා කැමති දෙයක් කියන්ඩ......“
“එහෙනං ඊ ලඟ දවසෙ ඔයා හඹලපෙති වලින් අග්ගලා හදාගෙන එනවද? මං හෙන කැමතියි ඒවා කන්ඩ......“
“ අපෝ හා..... මං හදං එන්නං. හැබැයි එකක්. හොඳම ටික අරං බ්ලොග් එකේ දැම්මට කමන්නැ.... අර ඕගොල්ලන්ගෙ අක්කලාට යුරෝ හොයලා දුන්නු කතාවේ වගේ කෑලි අයින් කරලා, ඔයා කැමති කෑලි හේම අතින් දාලා ලියන්ඩ බෑ හොදේ......”
“අපෝ පිස්සුද? මම එහෙම කරනවැයි..........”
ඉතිං එදා පොරොන්දු වෙච්ච විදිහට මම දැන් ඕගොල්ලන්ට කියන්ඩ යන්නෙ ඒ කතාව. මුරුගසන් වරුසාව මැද්දෙ එයා එක දිගට පැයක් හමාරක් තිස්සෙ කිව්ව කතාවේ කිසිම වැදගත් කොටසක් මම අයින් කලේ නං නෑ.
නැතිවූ සෙරෙප්පු ජෝඩුවේ කතාව
මැරියන්ලා අලුත් අවුරුද්දට උඩවලවේ ඉන්න මාමලාගෙ ගෙදර ගිහිල්ලා සතියක් විතර එහේ ඉඳලා ඇවිල්ලා, හවස් අතේ ඒ ගොල්ලන්ට අරං දුන්නු අලුත්ම සෙරෙප්පු හෝදලා වේලෙන්ඩ දාලා නිදාගත්තලු. පහුවෙනිදා උදේ බලද්දි මැරියන්ගෙ සෙරෙප්පු ජෝඩුව නැති වෙලාලු. ගමේ හිටියලු ඔය සෙරෙප්පු, සබන් පෙට්ටි වගේ සිල්ලර බඩු හොරකම් කරන අහිංසක හොරෙක්. පස්සෙ තාත්තයි, මෙයයි කෙලින්ම හොරා හොයාගෙන ගිහිල්ලා “මේ සුනිල්, කරුණාකරලා මේ ළමයගේ සෙරෙප්පු ජෝඩුව ගත්තනං දෙන්ඩ.” කිව්වලු. සුනිල් කිව්වලු, “මේ මහත්තයා, මේ ඇඹිටිල්ලං මීයෙක් වගේ ඉන්න ළමයින්ගේ සෙරෙප්පු හොරකං කරන්ඩ මට පිස්සු නෑ. මට සෙරෙප්පු ඕන්නං මං පන්සල් වත්තෙන් හොයාගන්නවා” කියලා. පස්සේ තාත්තා, “ආ.... එහෙමද, ආයෙ අපේ වත්ත පැත්ත පලාතෙ පස් පෑගුවොත් බලාගත්තැකි“ කියලා මෙයාවත් එක්කගෙන ගෙදර ආවලු. අන්තිමේ මෙයාට සෙරෙප්පු ජොඩුවත් නෑලු, සුනිල් මාමා පස් පෑගුවෙත් නෑලු.
එච්චරයි.
.................
-යුරෝ දෙකේ වීරයා.
ප/ලි -
මම උදේම එස්එම්එස් එකකින් කිව්වා “අර කතාව මම දැම්මා කියලා!“ සමහර විට හඹලපෙති අග්ගලා ටික මට ළඟදීම ලැබෙයි.
දැන්නං උඹ අපිට වද දෙනවා වැඩියි වගේ කතා කියවද්දී...
ReplyDeleteලැබේවි ලැබේවි! බය වෙන්න එපා! :-P
ReplyDeleteගෑල්ලමයි කෙටි කතා නවකතා කරන්න හරිම දස්සයි නොවැ.. හැබැයි ඒක හොඳයි ඔය බුද්ධියයියා කිව්වා වගේ වැස්සේ තෙමෙන වෙලාවක. වැඩේ තියෙන්නේ මොකක් හරි හදිස්සි වැඩක් කරන වෙලාවක කෙටි කතා නවකතා කරලා කියන එක අහං ඉන්න ගියාම තමයි :D
ReplyDeleteමගේ අම්මේ මැරියන් අක්කා පැයක් හමාරක් ඔය කථාව කියවනකොට අය්ය විනාඩි 25ක් විතර අක්කාගේ කට වහගෙන උන්නා නේද???
ReplyDeleteවැස්සා වැස්සා වැස්සා........ මම නැවා නැවා නැවා නැවා......................
මටත් හිතෙනවා අයියා හොඳ හබල් පාරක් ලැබේවි කියාලා....
ReplyDeleteමාර වැස්සක්නේ වැහැලා තියෙන්නේ.... :D
ReplyDeleteහබල් පෙති අග්ගලා බෑග් එක ඔළුව වටේ කරකව කරකවා නෙලන්න පස්සෙන් එලවගෙන යන මැරියන් සහ පණ බේරා ගන්න ඉස්සරහින් දුවන චූටි මහත්තයා තමයි ඊළඟ දවසෙ බීච් එකේ දර්ශනය වෙන්නෙ !
ReplyDeleteතාම බැරිඋනානෙ කී පාරක් වැස්සද කියල ගණන් කරගන්න.
ReplyDeleteඅනේ අම්මේ ඔය කතාව කියන්න පැයක් ගියාද??? මොනවා වුනත් මං වගේ කතා කියන කෙනෙක් වගේ. මමත් කතා කියන්න ගියාම ඇදගෙන හිටපු ඇදුමෙ පාට හිටන් කියනවා.
ReplyDeleteඇඹිටිල්ලං මීයෝ මොන වගේද.......
ReplyDeleteඒ හඹල පෙති වලින් අග්ගලා හදන හැටි ලියාපන්කො
ReplyDeleteකථාව කියන්න පැය එකය බාගයයි. සංශෝධනය කරන්න පැයයි. කොටන්න විනාඩි 20. කියවන්න විනාඩි 5යි...
ReplyDeleteහික් හික්... කන් බෙරේ තියෙනවද කියලා පොඩි චෙකප් එකක් කරගත්තොත් නරකද?
යකෝ ගිණි වැස්සක්නෙ වැහැලා තියෙන්නෙ.
ReplyDeleteමේක නම් උඹ තනිකරම බඩ්ජාරිකම උදෙසාම ලියපු කතාවක්.
henryblogwalker the Dude
අච්චර වෙලා පැයක්ම කියපු ටිකින් බුද්ධිට මතක ඔච්චරද . අපෝ මේ පිරිමින්ගේ මතක ශක්තිය . හබල පෙතියි පැණි හකුරුයි හම්බ වෙයි දැන් .
ReplyDeleteඋඹ නියම අකුණුගහල වහින වැස්සක තරම දැනගන්නෙ ඊළඟ දවසෙ මැරියන් නගා හම්බ උනාම තමයි.
ReplyDeleteබලං හිටාන්...ඉයර් ප්ලග් සෙට් එකක් එවන්නද?
මම නං පන්සල් ගියාම සෙරෙප්පු දෙක අරං හගන්නෙ බහිරවයගෙ කකුල් දෙක අස්සෙ.
ReplyDeleteයකෝ මේකෙ කතාවට වැඩිය දිගයි නෙව නිධාන කතාව. ඇයි මෙහෙම වද දෙන්නෙ බොල ?
දැං උඹ බලාන් ඉන්නෙ හබලපෙති අග්ගලා කන්නෙයි, ඒව හඳේ කොළුවො. උඹහැට ලියන්න තිබුනෙ මැරියන් කතාවෙ වීරයා කරලනෙව. එහෙමනං අග්ගලා එක්ක තව මක්කාවත් ලැබෙන්න තිබුන. දැං නං ඇල් වතුරත් සුවර් නෑ...
අඩහ නම් අග්ගලා කන්න නෙමේ වෙන්නේ,,හැබෑටම එච්චරද සෙරෙප්පු කතාව උනේ
ReplyDeleteඔය වැහැල තියෙන්නෙ දොඹෙං යන්න . . . එකත් එකට එහෙම වහින එකත් හොඳා . .. . "එක දිගට පායනකොට ගුන නෑ" කියනවනෙ . ..
ReplyDeleteප.ලි.
කොහොමත් මැරියං නගා මේ කතාව කියෙවුවට පස්සෙ උඹට "අඨ්ඨ පුරිස පුග්ගලා"තමයි . . . (හිකි හිකි)
මේක මේ දවස් තුනක විතර ඉඳං ඇඩ් දැම්මෙ මේක කියන්නද?
ReplyDeleteදෙන්ඩ ඕනෙ බොට 'අග්ගල කන් ඩෝන් පුතා' කියල හබල අග්ගලා නෙමේ කුඹ ගහෙන් පිට මැදට.
ලැබෙයි හොඳවයින් අග්ගලයක් !!!
ReplyDeleteඇයි යකෝ මේකාගෙ මොළේ පෙඟිලද. අච්චර තඩි වැස්සක් මේ සයිබර්යයාටම වැස්සෙව්වෙ. ඒ ටික කියවලා ඉවර වෙනකොට මගෙ හොඳ පණ ගියා. මේ අර ඇඹිටිල්ලන් මීයයි ෂිප් එකට අහුවුණු එකයි එකාමද? හැබැයි මචං ඔය කට්ටිය ඔය වගේ කථා කියන කොට තදට වහින් එක හොඳා. මොකද වැස්සෙ සද්දෙ වැඩියිනෙ. ඔවා මැරියන්ට එහෙම කියනවා නොවෙයි.
ReplyDeleteමැරියන් නෝනා මේ කතාව එච්චර ඉප්පනට(පැය එකහමාරකින්) කියපු එකත් ලොකු දෙයක්නෙ
ReplyDeleteහලීලීලී... දිග කතාවක් නොවැ
චුටි මහත්තය පොඩි මහත්තය වෙන ගානට අග්ගලා ටිකනම් හම්බු වෙයි මයෙහිතේ....
ඇඩ්ටික අස්සෙ නාට්ටිය යන්තම් පෙන්නුව වගේ තමා!
ReplyDeleteඅග්ගලාවක් කටේ ඔබන්න තියෙන්නේ.
ReplyDeleteහැබැයි කතාව කෑල්ලේ විතරක් ෆොන්ට් ලොකු කරලා ලයින් ස්පේස් එහෙම වැඩිකරලා පොඩ්ඩක් ඇද්දොත් හබල පෙති අග්ගලා ගාණට ගන්න බැරිවෙයිද... :)
ReplyDeleteඒ මම මේ කල්පනා කළේ මේ කතාව කොහොමද පැයක් තිස්සේ කිව්වේ කියල. හිතාගන්නම බෑ නේ.:)
ReplyDelete"ඒවා ඇඔරි ඇඔරි හුළඟත් එක්ක පොර බැදුවට මොකද තව ටිහිකිං ගැලවිලා යනවයි කියලා මම දැන ගත්තා"
ReplyDeleteහිතත් ගැලවිලා ගියානේ කථාවෙන් සොබාරූ වලට?
සිත්තරෙක්ගේ හැබෑ හිතද මේ?
360 පාරක් වැහැලනෙ.
ReplyDeleteචූටි මහත්තය තාම යහතින් ඉන්නවද?...
ReplyDeleteඈ චූටි මහත්තයෝ මුරුගසන් වරුසාවකට නෙව ඔහෙ අහුවෙලා තියෙන්නේ, ගැහැණූ ඔහොම තමයි බොලේ . අහස වගේ එක්කො මුහුද වගේ , එහෙමත් නැත්තම් මහ වරුසාව වගේ.
ReplyDeleteපිරිමි මොන වගේ ද දන්නව ද? හිහි එක්කොත් ඕනි නැහැ.
අනේ ෂෝක් වැස්ස... :)
ReplyDeleteපේන විදියට නම් චුටි මහත්තයට අග්ගලා හදන් යන්න වෙය් මැරියන් නගාව බලන්න.
ReplyDeleteමාරයා,
ReplyDeleteපරිනත වේගෙන එන්නෙ බං. හික් හික්. කාටවත් තෙරෙන්නැති එකක් ලිව්ව දාට තමා ඔන්න ඒක ඉවර වෙන්නෙ.
................
විසිතුරු,
වැසිවස්සන කුමාරයා කෝ අලුත් කතා.
.............
පුසා,
අන්න පූසට තේරිලා. අද්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වගේ.
...............
හිතුමතේ,
ඔය කියන්නෙ අද්දැකීමෙන් වෙන්ටැ.
..........
ප්‍රසන්න,
බලමුකෝ නේද! තාම කකුල් දෙක නං හයියයි මල්ලියේ.
...........
අකීකරු හිත,
අනේද කියන්නෙ!
............
වෙනී,
හක්ක හක්ක හා...ඔය කියන්නෙ අද්දැකීමෙන්ම
........
ප්‍රසන්න,
හීමීට හමීට. අකුරු වරදී.
.........
නිසූපා,
මේං මැරියන්ගෙ ජාතියෙ එක්කෙනෙක්.
............
ඔබනොදුටු ලොවක්,
මේවගේ හික් හික්.
............
පැන්ඩා,
පොඩ්ඩක් හිටින්කො ලබන ඉරිදා අහගෙන ඇවිල්ලම ලියන්නං
................
ගිණි කුරුල්ලා,
මොකද්ද කිව්වෙ ඇහුනෙ නෑ. හික්ස්.
.........
Dude
බලමුකො! ඉරිදයින් පස්සෙ තමා කෑම ලැෙඉයිද නැද්ද කියලා කියන්න ඇහැකි වෙන්නෙ.
..........
බින්ඩි,
නාට්ටිය මතක තියාගත්තට කව්ද අප්පා ඇඩ්ටික මතක තියාගන්නෙ. ඕං අරයගෙ පැත්තට තව කෙනෙක්.
................
ඉංදික,
එවහන් හවහං...... අද්දැකීම් තියෙන අය අද්දැකීම් වලින්මලු කතාව. ඒ මදිවට උදව් කරන්නත් අහනවා. කොච්චර හොඳ යාලුවොද මට ඉන්නෙ!
.................
නවම්,
අපේ පන්සල් වල බහිරවයන්ව කලින්ම අල්ලගන්නවානෙ වේලාසව යන උන්.
අපිට ඉතුරුවෙන්නෙ ඔයඅරලිය දෙඔලක් තමා.
උඔ කියන්නෙ අග්ගලා වැඩේ අලවෙයි කියලද? හා බලමුකො.
....................
ඩිලාන්,
සෙරෙප්පු කතා තව තියෙනවා. හිතුනොත් කියනවා. හිකිස්
ඕනයා, පායන කොට ගුණ නැද්ද නැත්තම් පායන්ඩ පායන්ඩ ගුණ නැද්ද?
ReplyDelete..............
ඔබා මාමා,
ඔහොම කියන්නැ.... ඔබී නැන්ද හදපු හබලපෙති අග්ගලාවක් කාලා තිබ්බනං......!
............
චතුරංග,
ඒකනේ මමත් කියන්නෙ...ලැබෙයි නේද?
..........
ඉෂාරයා,
ඔන්න මම මැරියන්ට කිව්වෙ නං නෑ. හැබැයි උන්දැ සයිබර් යායට වැටෙන කමෙන්ට් නං කියෝනවා. පුත්තලං ගහිං සරුංගොල් ඇරපු මහත්තයා නේද කියලා උන්දැ මගේන් ඇහැව්වෙත් නෑ ඔං...
..............
ලොකු පුතා,
මමත් මේ බලාගෙන ඉන්නෙ අග්ගලා ලැබෙන කං තමා. මිටි වෙන්ඩම ලැබෙයි කියලද කියන්නේ...
.............
සුලගට,
අන්න තේරිලා වැඩේ.
................
මධුරංග,
කට කට ඇහුනොත් මාත් කම්මුතුයි.
............
බීට්ල්,
මක් කලත් ඹච්චරයි. ආය වෙන ගන්න දෙයක් නෑ එකේ.
..........
කසුන්,
බය වෙන්ඩ එපා ළගදිම තේරෙයි. තනි පංගලමේ ඔවා කල්පනා කරන්ඩ එපා. පහුවෙද්දි නිකම්ම තේරෙන්ඩ ගන්නවා.
................
තිස්ස අයියා,
හැබෑවට හිතෙන දේ හිතෙන හැටියට ලියන්න ලැබෙන එකත්, ඒවා දැකලා පැය ගාණක් ඇතුලේ ඒගැන හිතෙන දේවල් දැකගන්න ලැබෙන එකත් හැබෑ වාසනාවක්.
...............
ප්‍රසන්න,
දැංද වැහි බින්දු ගැනලා අහවර කලේ.
............
සාතන්,
උන්දැ මේක දැකලා ආය හම්බුවෙන දවස වෙනකං සුවර්.
.........
සොදුරු අක්කේ,
අපි කව්රු වගේද කියන්ටකෝ අෆ්ෆා...
............
තනෝජා අක්කා,
එන්ට නාන්ට.
.............
සමාධි,
ආය ඹ්නැ උනොත් අපි එහෙමත් කරනවා. අන්න කොල්ලෝ......
අත්දැකීම් ගැන මොනා කියනවද බං. දැන් බැඳල දහයයි, බඳින්න කලින් එකයි, අවුරුදු එකොළහට කන්වල වංගු අලවංගු වගේ කෙළින් වෙනකල් අහල තීන්නෙ! අනේ අම්මප අර ඕනය වගේ ගේමක් දෙන මට හිතුනෙ නැති හැටි!
ReplyDeleteඅපොයි මෙච්චර හොඳට විස්තර කරලා දීලත්. ෂී....මේ පිරිමි කියන ජාතිය ඔහොම්ම මයි...:D
ReplyDeleteතව හබල පෙති අග්ගලත් (මොන අග්ගලා??? ) ඉල්ලනවා.
ඉන්දික,
ReplyDeleteඉවසන දනා රුපුයුධයට ජය කොඩිය කියලා, ඕනයා මොකද්ද දුන්නු ගේම කියන්නකො....
...........
පොකු,
බෙම්පි ආතලයි දෙවැටෙ යද්දි, අර වස්සා පන්නගෙන එද්දි උගෙන් බේරෙනහැටි කියලා දෙද්දි පිරිමි හොඳා නේද:D
(පොඩි කුමාරිහාමි)Podi Kumarihami has left a new comment
ReplyDeleteහා!!! හිතාගන ඇති එකපාරක් වස්සෙක් පස්සෙන් පන්නන එක නතර කලාම ජීවිතේටම ආය වස්සෝ පන්නන්නේ නෑ කියලනේ. හපොයි ඔයයි, මායි දන්න වස්සෝ...එයාලගේ වැඩේ පස්සෙන් පන්නලා අනින්ට හදන එකමයි.
වස්සො පන්නන පන්නන ගානේ දුවන්නැතුව, මොකද පන්නන්නෙ කියලා හොයලා බැලුවනං මොකෝ......!
ReplyDeleteමම ජයකොඩි නෙමේ බං කොඩි තුවක්කු! ඇයි අර ඕනය ගෙදර උන්දවයි පොඩි එකඊවයි තනියම දාල කරෝල වාඩියෙ සුද්දියො බල බල ඉන්නෙ. ඕක උනේ ඌ කුමත්‍රණ කරල ලංකාවෙ රස්සාවෙන් දොට්ට දාගතිපු නිසානෙ.
ReplyDeleteකුමාරිහාමිත් චිම්පන්සියො වගේ පස්ස රතු කෙනෙක්ද දන්නෙ නෑ. (වස්සොන්ට රතු පේන්න බෑනෙ. දැකල තීනවනෙ අර ඉස්පන්ඤෙ ගොන් පොර!):D
ඒත් මං බැලුවා මෙච්චර හුරු නම මං වරද්දලද කියලා....
ReplyDeleteඕනමැන්ටල් ප්ලැන් කරලා මටත් කෝල් කලා. කරලා ප්ලැන් එක විස්තර ඇතුව කියද්දි හාමිනේ අහගෙන ඉදලා තියෙනවා. තව පොඩ්ඩෙං හාමිනේ කලින්ම වීසා කැන්සල් කරනවා.
............
කුමාරිහාමිගේ ප්‍රස්නෙට උත්තර දීලත් බෑ, නොදීත් බෑ!
අර අන්‍දරේගෙ පුතත් පොල්ලක් මානගෙන ඉදලා අන්දරේගෙන් ඇහැව්වලුනේ "තාත්තට මං මේකෙන් ගහයිද නොගහයිද කියලා" නැ කිව්වොත් ගහනවා. ගහනවා කිව්වොත් ගහන්නැ. අන්දරේ කොහොමත් පරාදයි! ඒ වගේ තමා මේකත්. තාප්පෙටම අල්ලලා කපලා තියෙන්නෙ.....
හඹලපෙති අග්ගලා නෙමෙයි හොඳ බුල්ටෝ එකක් දෙන්න වටිනවා කතාවට :)
ReplyDeleteමේකනම් තියන අග්ගලෙත් නැතිවෙන පොටක් කියලා තමා මගේ ටිකිරි මොලේට වැටහෙන්නෙ.
ReplyDelete