ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2011/02/25

කෙහෙල් කොටුවේ චූටි මහත්තයා "පොරොන්දුවක් ඉටු කලාම ඇඟට දැනෙන සනීපේ" ගැන කියයි!

ඔන්න අද මම ලෑස්ති වෙන්නෙ කාලෙකට කලින් හරියටම කියනවා නම් 2010/06/24 වෙච්ච පොරොන්දුවක් ඉටුකරලා දාන්න කියලයි.

ඒ එදා ජයසිරි අය්ය​ට ඇත්තටම මොනද උනේ කියලා කියන්න.


මේ කතාව කියෝගෙන යද්දි ඕගොල්ලන්ටම තේරෙයි පොරොන්දුවක් උනානම් බෙල්ල ගහලා ගියත් ඒක ඉටුකරන එක ඇගට කොච්චර සනීපයක් අරං එන කාරණයක්ද කියන එක.

මතකනේ එදා මම කිව්වා විල්බට් මාමගේ පුතා ජයසිරි අය්යා කාලෙක ඉදං ගමේ සයිකල් රේස් එකක් පදින්න ලෑස්ති උනා කියලා.

එදා මම ජයසිරි අය්යාගෙ ගැට ගැනත් කිව්වා.

කොහොමහරි ජයසිරි අය්යගේ ගැට හය ගැට ​එකසිය හැට හයක් උනා මේ සිද්ධියෙන් පස්සෙ.
ජයසිරි අය්යගේ ඇගපත ඔක්කොම ''වෙසක් මාසේ පැනලත් එල්ල තියෙන වෙසක් කූඩුවක්" වගේ උනා.

හැම තැනම ඉරිලා!

කොහොමහරි ජයසිරි අය්යා එදා සයිකල් රාජයා කරේ තියං ආවේ වෙඩි වැදිච්ච රම්බෝ තනි අතින් කුවක්කුව අරං එනවා ව​ගේ.

ඒ සිද්දිය වෙලා තියෙන්නෙ මෙහෙමයි.

ජයසිරි අය්යා සයිකල් රේස් පදින්න පුරුදු උනේ තනියමනේ. ඉතිං මිනිහා කරන්නෙ පාරේ ඇත යන බයිසිකලයක්, කරත්තයක් හොයාගෙන ඒ පාරෙම ඊට ඉස්සරින් තියෙන ගහක් ගලක් ඉලක්ක කරලා එතෙන්ට අර බයිසිකලේ හරි කරත්තෙ යන්න කලින් හරි හයියෙන් බයිසිකලේ පැදලා ගිහිල්ලා ඒක ඉස්සර කරන එකයි.

ඒ වෙලාවට ජයසිරි අය්යා යන්නෙ පිඹගෙන. නියම සයිකල් ශුරයෙක් වගේ!​ ඒ කියන්නෙ සීට් එකෙන් ඉස්සරහ​ට නැමිලා අත්පොල්ලට මුලු බර දීලා ඉස්සරහ රෝදේට ටිකක් ඉස්සරහ තියෙන පාර දිහා බලාගෙනයි මිනිහා ඒ වෙලාවට රේස් පදින්නේ.

ජසයිරි අය්යා ඒ විදිහට සයිකලෙන් රේස් යනවා කතන්දර සීයා දැක්කොත්, " අර විල්බට්ගේ කොල්ලා නේද? අන්න උන්දැට අදත් පිස්සු බෙටි පැගිලා, මයෙ පුතාලා පරිස්සමිං" කියලා සීයා අපිට අනතුරු අඟවනවා.

කොහොම හරි එදා උනේ මේකයි.

ජයසිරි අය්යා රේස් එකට යන්න මොකක්ම හරි වාහනයක් හොයාගෙන සයිකලේ පැදගෙන යද්දි, ඈත පාරේ ලොරි බාගයක් යනවලු! ඉතිං මිනිහා ඒක එල්ලෙට අරං පෑගුවලු. වැඩේ කියන්නේ ටික වෙලාවකින් ලොරිය ගාවට ජයසිරි අය්යට යන්න ලැබුනාලු! ඉතිං මිනිහා කලේ එකේ ඩ්‍රයිවර් මාමට කෝචෝක් පාරක් දාපු එක. මොකද මේ වගේ වාහනයක් සයිකලෙන් පන්නලා අල්ලපු හින්දා. ඒක දැකපු ඩ්‍රයිවර් මාමා පැත්තට හිනා වෙලා රූං ගාලා වාහනේ ඇද්දුවලු. ඒ මදිවට ජයසිරි අය්යටත් අතිං මොකදදෝ කෝලමක් පෙන්නගෙන කොචෝක් පාරකුත් දාගෙනලු පිඹලා ගියේ.

ඉතිං ජයසිරි අය්යට මේක කාලා ඉන්න බැරිවෙලා තියෙනවා. මිනිහා මිනිහටම මෙහෙම පොරොන්දු උනාලු. "ඔය ලොරිය බෝගහ හන්දිය පහුවෙන්න කලින් මම අල්ල ගන්න එකත් අල්ල ගන්නවමයි. එහෙම නැති උනොත් ආයෙත් නං මම රේස් පදින්නෙත් නෑ. සයිකලෙත් මස් කරලා යකඩ වලට විකුණනවා" කියලා.

එහෙම හිතලා මිනිහා නියම සයිකල් ශුරයෙක් වගේ අත්පොල්ලට බරවෙලා සයිකලේ පැගුවාලු.
අවාසනාවක මහත කියන්නෙ, ටිකක් වෙලා මෙහෙම පන්නගෙන යද්දි ජයසිරි අය්යට වේගේ බාල කරන්න වෙලා තියෙනවා. ඒ අලිබාස් මාමගේ මී හරක් රංචුව පාර මාරු වෙන්න ආපු හින්දා.

මී හරක් අස්සේ ජයසිරි අය්යා හිර වෙලා තියෙනවා. මී හරක් දන්නවා යෑ ජයසිරි අය්යට වෙලා තියෙන සංගෙඩිය. උන් උන්ගේ පා...ඩුවේ කතා බහ කර කර පාර මාරු වෙනවලු.

ජයසිරි අය්යත් ඉඩ තියෙන තැං බල බලා, සයිකලේ ඉඳගෙනම මී හරක්ට පයින් ඇණ ඇනා පාර පාදගෙන ඉස්සරහා බලද්දි කෙලින් පාරේ පේන තෙක් මානෙකවත් ලොරිය නැලු.

දැං මක් කරන්නද!

ජයසිරි අය්යා එයාට වෙච්ච පොරොන්දුවෙ හැටියට දැං රේස් පැදිල්ල නවත්තන් එපැයි. ඇරත් දරුවෙක් වගේ පරිස්සමට තියාගෙන ඉන්න මේ සයිකලේ කොහොමද මස් කරලා කිලෝ ගානට විකුණන්නෙ.

ඉතිං ජයසිරි අය්යා පොරොන්දුව චුට්ටක් එහා මෙහා කර ගත්තලු. ඒ මෙන්න මේ විදිහට.

අඩුම ගානේ දැං පැදලා ගිහිං යන්තං හරි ලොරිය පේන තෙක් මානෙකට මම ගියොත් දිනුම්. මොකද ලොරිය ඉස්සර කරන්න​ බැරි උනේ අර මී හරක් හින්දනේ. මගේ වරදක් නැනේ කියලා.

කොහොමහරි ජයසිරි අය්යා පැගුවාලු ආයෙත්. පිස්සු බෙටි පෑගිච්ච නියම සයිකල් ශුරයෙක් වගේ.

මිනිහා සෑහෙන වෙලාවක් සීට් එකෙන් ඉස්සරහ​ට නැමිලා අත්පොල්ලට මුලු බර දීලා ඉස්සරහ රෝදේට ටිකක් ඉස්සරහින් තියෙන පාර දිහා බලාගෙන නියම සයිකල් ශුරයෙක් ව​ගේ පැද්දලු. මහන්සි නොබලා තව තව වේගෙන් පැද්දලු. කොහොමහරි පොරොන්දුව ඉටු කර ගන්න බලාපොරොත්තුවෙන් පැද්දලු.

ඔහොම පැදලා එයා හිතුවලු, " දැං නං ලොරිය දැකිල්ල කෙසේ වෙතත් අඩුම ගානේ පේන තෙක් මානේ අන්තිම කෙරෝලේ තිතක් විදිහට හරි ලොරිය ඇති කියලා. එහෙම හිතලා මිනිහා ඔලුව උස්සලා බැලුවලු.

මොකද්ද දන්නවද එතකොට මිනිහට වෙලා තියෙන්නෙ.

පේන තෙක්මානේ පාරේ කෙරොලේ බලාපොරොත්තු වෙච්ච ලොරිය මෙන්න බොලේ මිනිහගේ නහය ගාවලු!

ජයසිරි අය්යා කියන හැටියට මිනිහගේ ඔලුවෙන් තරු විසිවෙන්න වත් හරිහමං වෙලාවක් ඉතුරු වෙලා නෑ. ඇයි ඉතිං බ්රේක් අල්ලන්න වෙලාවක් නැති කොට කොහෙන්ද තරු විසිවෙන්න වෙලාවක්.

ඉතිං මිනිහා ලොරිය දැකලා බයවෙච්ච පාර යන සයිකලේදීම හිට්ට උනාලු. එතකොට සයිකලේ කෙලින් වෙලා "පචාස්" ගාලා ලොරියෙ පිටිපස්සෙ වැදුනලු. ඒ එක්කම ජයසිරි අය්යව, මුලින්ම තමන්ගේ සයිකලේම වැදිලා පස්සෙ ලොරියෙත් වැදිලා පාර අයිනේ කාණුවක පත බෑවිලා තියෙනවා.

කානු පල්ලේ ඉන්න ගමංම ජයසිරි අය්යා කල්පනා කරාලු මේ කවදා කරපු අකුසලයක්ද පල දුන්නෙ කියලා.

පාරේ බල්ලෙක්වත් නැලු උදව්වට. ජයසිරි අය්යා ඔලුව දෙපාරක් ගසලා මතක්කරලා බැලුවලු තමන් මෙච්චර වේගෙන් ආවේ කොහොමද කියලා.

ඔහොම කල්පනා කර කර ඉද්දි අර ලොරියේ ඩ්‍රැයිවර් මාම පාරෙන් එහා පැත්තේ ළඳුකැලේ මැවිලා පේන්න ගත්තලු. ජයසිරි අය්යා හිතුවලු ලොරියේ ඔලුව වැදිච්ච හින්දා තෝන්තුවට මේවා පේනවා ඇති කියලා.

අනේ නැලු! මිනිහගේ වෙලාවටම ඩ්‍රයිවර් මාමට චූ බරක් අල්ලලා තිබිල තියෙනවලු. ඉතිං එයා ලොරිය පාර අයිනේ නවත්තලා එහා පැත්තෙ කැලේට චූ කරන්න ගිය වෙලාවෙයි ජයසිරි අය්යා ඇවිල්ලා එයාගේ පොරොන්දුව ඉෂ්ට කරගෙන තියෙන්නෙ, මෙන්න මේ වගේ.

අනේ මේ ​මොකවත් නොදන්න ඩ්‍රයිවර් මාම ආයෙත් ලොරිය ඉස්ටාට් කරගෙන හෙන දුම්පාරකුත් දාගෙන යන්න ගියාලු.

මේච්චර හරියක් වෙච්ච ජයසිරි අය්යා කානු පල්ලෙ කියලා මිනිහා දන්නේ නැනේ ඉතිං. ලොරිය ගියාට පස්සෙ පේන තෙක් මානේ කව්රුවත් නැලු.

අඩුගානේ බල්ලෙක්වත්!

ඉතිං ඕකයි ජයසිරි අය්ය​ට එදා උනේ.

හැබැයි මේකෙන් හොඳ දේකුත් උනා.

ඒ ජයසිරි අය්ය​ට තමන්ට වෙච්ච පොරොන්දුව ඉටු කරගන්න පුලුවන් වෙච්ච එක. ඒ හින්දා එයාට සයිකලේ මස් කරලා කිලෝ ගානට විකුණන්න සිද්ද උනේ නෑ හොඳ වෙලාවට!

මම හිතන්නේ මේ කතාවෙන් ගන්න තියෙන හොඳම දේ තමා ඒක. බෙල්ල ගහලා ගියත් පොරොන්දු ඉටු කරන්න ඕනැ කියන එක.

ඔගොල්ලනුත් පොරොන්දුවක් උනොත් ඉෂ්ට කරනවා නේද බෙල්ල කඩාගෙන හරි!
......................................

-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

2011/02/08

තනියම සිනහා වීලා කෙල විසික් උනේ, ඒ හින්දාය එල් සී ඩී නරක් උනේ | 365 හේ කතාව

හැමදාම මම ලියනවා. පස්සෙ ඒ ගැන යටින් ඔයගොල්ල ලියනවා. ඊට පස්සෙ මම ඊට යටින් ආයේ උත්තර ලියනවා.

අද ඒකේ අනිත් පැත්ත කරන්නයි මම හිතාගෙන ඉන්නෙ. ඒ කියන්නෙ අද මුලින්ම තියෙන්නෙ මම ලියපු දෙයක් නෙමෙයි. නිතර දෙවේලෙ සයිබර් යායට එන අපේ ගිතික දිල්රුක් ලියපු කවි පන්තියක්!

මේ තියෙන්නෙ ඒක,

වැඩ වැඩි කමට දින සති වී දියවේය
වෙනදා ගිලෙන කෙල වේලී නැති වේය
දුටුවේ නැතේ හුඟ කලකින් මල් යාය
සතුටට ගිහින් කියවමු සයිබර් යාය

එහා ගෙදර ඉන්නේ ටොම් පච යාය
මෙහා ගෙදර ඉන්නේ ගස් ගඳ යාය
මේ හැම දෙනා විත් කියවන ඒ යාය
සයි බර යාය නොව සිනහා බර යාය

තනියම සිනහා වීලා කෙල විසික් උනේ
ඒ හින්දාය එල් සී ඩී නරක් උනේ
දුකකුත් නැතේ හරි ජොලි වැඩ තමයි උනේ
අවුරුද්දක් ගිහින් අද මට මතක් උනේ

ඔබ බඳ වටේ මැරියන් අත ඔතාගෙන
එනු මැන හෙටත් හරි ලස්සන කතා ගෙන
දුක හා සතුට පෙරලෙන බව සිතා ගෙන
පලයන් අයියන්ඩි දියුණුව පතාගෙන

ඔන්න ඔහොමලු ගීතිකට හිතුනෙ!

දන්නවද,
අදට, පෝස්​ට් 38 යි! ෆලෝවර්ලා 173 යි! හිට්ස් 38,000 යි! සම්මාන 02 යි!

ඒ ඔක්කොමත් එක්ක සයිබර් යාය​​ට අදට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා! ඒ වෙනුවෙනුයි අද පෝස්ට් එක වෙන්වෙන්නෙ.

ඉතිං අපේ ගිතික දිල්රුක් ට වගේ හිතෙන දෙයක් කුරුටු ගාන අස්සෙ සයිබර් යායෙ ඔබ කියවපු කැමතිම කතාව මොකද්ද කියලා ලියල යන්නත් අමතක කරන්න එපා හොඳේ! ඕන්නං ගිතිකගේ කවියම උනත් කන්ටිනිව් කරලා යන්නත් පුලුවන්නෙ......

2011/02/01

සුදු බහඳගෙ කතාව

මාස දෙකකට පස්සෙයි සයිබර් යාය පැත්තෙ එන්න වෙලාවක් හොයා ගත්තෙ.

තව මාසයක් පෝස්ට් එකක් නැති උනානම් එස්බීයු එකෙන් එලියේ! තව දවස් දෙක තුනක් පැන්න නම් ලාංකීයෙනුත් එලියේ.‍

ඒ කාලේ මම කොළඔ ඉද්දි මට අපුරු මිත්‍රයෝ ටිකක් ඇසුරු කරන්න ලැබුනා කියලා සයිබර් යායට එන අයට අලුත් කතාවක් නෙමේ නේ.

ඒ ගොල්ලන්ගෙන් මම විස්තර නොකියපු තවත් ‘පොරක්” ෆර්ඩි.

ෆර්ඩි කියන්නෙ ප්‍රනාන්දු කියන නමේ කොට එක. ඒකාලේ අපිත් එක්ක කල්දේරම් බත කන්න සුදුසුකම් ලබාගත්තු මොන ප්‍රනාන්දුත් ෆර්ඩි වෙනවා ටික කාලෙකින්.

ඔය කියන කාලේ අපි ක්‍රිඩා පුහුණුවීම් කලේ කොළඔ රේස්කෝස් පිට්ටනියේ.

ඒකෙ හවසට නිදහසේ පුහුණුවීම් කරන්න පුලුවන්. අපේ ෆර්ඩිලා පුහුණුවීම් කරන්නෙ ටොරින්ටන් පිට්ටනියේ. මොකද මිනිහා කලේ දුර දුවන ඉසව්වක් හින්දා‍.

මිනිගෙ පුහුණුවීම් වේලාසන ඉවර කලොත් ටොරින්ටන් චතුරශ්‍රයෙ පැත්තෙ අඩිපාරෙන් පදනම් ආයතනෙ ඉස්සරහට වැටිලා, එතනින් ෆුට්බෝල් හවුස් එකට ඇවිල්ලා, ඒ අඩිපාරෙන් හොකී ග්‍රවුන්ඩ් එකට වැටිලා රේස්කෝස් එකේ පඩියක් උඩට වෙලා, හවස එක්සයිස් කරන්නයි, ජොගින් කරන්නයි ඇවිල්ලා ඉන්න උන්දැලා දිහා බලාගෙන ඉන්නවා අපි දවසේ වැඩ ඉවර වෙලා එනකං.

පස්සෙ අපි ඔක්කොමලා එකතු වෙලා, ඉතිං ඔය මොන මොනවට හරි කෑකෝ ගගහ ඇවිල්ලා බස් එකේ නැගලා ආපහු එනවා.

රේස්කෝස් එකේ අපි ක්‍රීඩා කරද්දි ජර්මනියේ ඉදලා ලංකාවට ආපු සුද්දෙක් අපිත් එක්ක හිතවත් වෙලා හිටියා.

මිනිහත් ක්‍රීඩාවට හරි කැමතියි. ඇරත් මිනිහා “හයේ හතරේ පොර”. අපි හවස හතරට විතර ඇවිල්ලා පුහුණුවීම් කරනකං මිනිහා කරන්නෙ පැයක් විතර ග්‍රවුන්ඩ් එක වටෙයි, ඔය පාරවල් ගානෙයි දුවන එක. පස්සෙ තවත් පැය බාගයක් විතර හොදට එක්සයිස් කරලා අපි ඉන්න පැත්තට එනවා. ඊට පස්සෙ අපෙන් අහගෙන කවපෙත්ත, හෙල්ල වගේ දේවල් විසිකරනවා.

සාමාන්‍යයෙන් හවස පහමාර විතර වෙද්දි මිනිහගේ රාජකාරියි අපේ රාජකාරියි ඉවරයි.

ඊට පස්සෙ තමා විනෝද සමය පටන් ගන්නෙ.

අපි තණ බිස්සෙ ගිමන් හරින ගමන්, ඔන්න මිනිහා දන්න සෙල්ලං දාලා මිනිහගේ විනෝද කතා කියනවා. අපි අපිට වෙච්ච අලකලංචි කියනවා. මිනිහා “හෝහ් හොහ්” ගාලා මහ හයියෙන් හිනා වෙනවා. පස්සෙ මිනිහා කියන කතාවලට අපි සෙට් එක “ඉයැහ් ඉයැහ්” ගගා හිනාවෙනවා.

වැඩ ඉවර කරලා පඩිපෙලේ ඉදගෙන අපි එනකං බලාගෙන ඉන්න අපේ ෆර්ඩියට ඕක කාලා ඉන්න බෑ. මිනිහට ඉක්මනට ආයෙ යන්නත් ඹ්නැ. අපි නැතුව යන්න කැමතිත් නෑ. මිනිහට සුද්දො දිරවන්නැති ලෙඩක් තියෙන හින්දා අපිත් එක්ක එකතු වෙන්න කැමතිත් නෑ.

ඉතිං අපි සුද්දත් එක්ක හිනා වෙවී ඉද්දි ෆර්ඩිට එන කේන්තිය ගැන මම අමුතුවෙන් කියන්න ඕන්නැනේ !

ඔය ඔක්කොම ඉවර වෙලා අපි ආයේ යද්දි, අපියි ෆර්ඩියයි අතර මේ වගේ කතාවක් හැමදාව වගේ වෙනවා.

“ඒ මොනාද බං උඔලා අරු එක්ක ඔච්චර කියවන්නෙ, මට නං ඕකා දිරවන්නැ බං”

“මුකුත්නෑ මචං” අපි කියනවා.

“ඒ සුද්දා සිංහලත් දන්නවද බං”

“සුද්දා නෙමේ මචං. අපි ඌට නමක් එහෙමත් දාලා තියෙන්නෙ ‘ලස්සන කොල්ලා’ කියලා”

“ලස්සන කොල්ලා.... උඔලට නං පිස්සු බං සිරාවටම. ඕකුංව ඕනැවට වඩා ඇගට ගන්ඩෙපා බං. ඉතිං ඌ සිංහල දන්නවද?”

“පිස්සුද බං ෆර්ඩියා. අපි ජර්මන් වලින් දෙන්නෙ... ඒ යකා ඉගෙන ගනීද මචං සිංහල.......”

“පලයල්ලා යන්ඩ! ඌ‍ට පිස්සුද බං ඔය කවපෙති, හෙල්ලා දාන්න පුරුදු වෙන්නෙ..... ජර්මනියට වෙලා ආතල් එකේ ඉන්නැතුව, මෙහෙ ඇවිල්ලා කට්ට කන්නෙ. ඌ නං සිරා පිස්සෙක්!”

“කට කට ෆර්ඩියා.... ඌ‍ට ඇහුනොත් තෝව උස්සලා රේස්කෝස් එකේ ගැට්ටෙ ගහයි....”

“අනේ පල යන්ඩ.... පර සුද්දා ගහයි මාව ගැට්ටෙ...... තොපිත් එක්ක කතා කරලා වැඩක් නෑ ඔය ගැන...”

ඔන්න ඔය වගේ තැනකින් හැමදාම කතාව ඉවරකරන ෆර්ඩියා තරහ නිවෙනකං ඕහේ එනවා බිම බලාගෙන අපිත් එක්කලා.

ඔන්න එක දවසක් ර්ඩියගේ දවස ආවා.

ඒ එක සිකුරාදාවක අපි පුහුණුවීම් කරලා කෙලින්ම ගෙදර යන්න හිටිය දවසකයි. මොකද පහුවෙනිදා පෝය හින්දා අපිට‍ නිවාඩු ලැබිලයි තිබුනේ.

අපි කතාවෙලා හිටියේ වෙලාසනින් ග්‍රවුන්ඩ් එකෙන් පැනලා ගෙවල්වලට යන්න කියලා. ෆර්ඩියත් එදා හොරට ට්‍රෙනින් කරලාද කොහෙද හතරහමාර වෙද්දි ටොරින්ටන් එකෙන් ඇවිල්ල අපි එනකං රෙස්කෝස් ගැට්ටෙ වාඩිවෙලයි හිටියෙ.

මෙන්න වෙලාවටම අපේ ලස්සන කොල්ලා ආපි. ඉතිං අපිත් ආගන්තුක සත්කාරයක් විදිහට වාසේ දෙසේ කතා කලා කියමුකො මිනිහත් එක්ක.

මෙන්න මිනිහට හෙල්ල දාන්න දොලක් පහල වෙලා.

ඉතිං මම මිනිහ‍ට හෙල්ල දාන්න හැටි කරලා පෙන්නනවා.

මිනිහා හෙල්ලෙ අරං විසිකරනවා. ඒක ගිහිං වෙන කොහෙවත් වැටෙනවා. මිනිහා “හොහ් හොහ්” ගාලා ආයෙ දානවා. ඔන්න නැට්ට පැත්ත ගිහිං පොලොවෙ ඇනෙනවා. මිනිහා අයිමත් ‍”හොහ් හොහ්” ගානවා. ආයෙ දානවා. වැලමිට අල්ලං දත්මිටි කාගෙන ඉගන්නවා. වැලමිටේ රිදිල්ල ඉවර උනාම ආයෙ දානවා. අපේ අනිත් කොල්ලෝ ටිකත් ලස්සන ‍කොල්ලට උපරිම සහයෝගෙ දෙන්න හිතාගෙන,

“මෙහෙම නේද මචං හරි විදිහට මේක අල්ලන්නෙ” කිය කියා මගෙන් අහා අහා සුද්දට උපදෙස් දෙනවා.

කොහොමින් කොහොමින් හරි මේ හෙල්ලෙ දැමිල්ලෙන් වෙනදා වෙලාවම ආවා කියමුකො.

ඔන්න අපේ ෆර්ඩියාට හොඳටම කේන්ති ගිහිං. මිනිහා තණකොල ගලෝ ගලෝ ඒවා පොඩි කරනවා තරහ නිවා ගන්න. ඔන්න ටිකකින් මිනිහා බෑග් එකෙන් වතුර බෝතලේ අරං ටිකක් මුණට ඉහා ගත්තා. ඒත් තරහ නිවා ගන්නම තමා.

“ඒ යමල්ලකො බං....”

“මචං අපි ඇවිල්ලා නියම සිංහලයො...නෙ! වැඩක් පටන් ගත්තොත් ඉවර කරලා මිසක් අත්අරින්නැ කියලා මූ උනත් දැන ගන්න එපැයි.... පොඩ්ඩටක් ඉවසපංකො...” අපි ෆර්ඩිව ඇවිස්සුවා.

ඔහොම ටික වෙලාවක් ගියා කියමුකෝ. ෆර්ඩියට හො කේන්ති ගිහිල්ලා. කොහොමත් පොරට සුද්දව දිරවන්නෙත් නැනේ!

මිනිහා නැගිටලා බිම බලාගෙන වේගෙන් අපි ලගට ආවා. මේ මොනද වෙන්නෙ කියලා සුද්දත් හෙල්ලෙ පොලොවට ඇනලා ඒක‍ට බර වෙලා බලාගෙන ඉන්නවා.

“අනේ යමල්ලක්කෝ බං.....”‍

“පොඩ්ඩක් හිටපංකො ෆර්ඩියා.”

“අනේ ඔය කාලකන්නියාව අතඇරලා අපි ගෙවල්වලට යං බං! පරක්කු වෙන්නැද්ද උඔලට”

“හිටහංකො ෆර්ඩියා මේක ඉවරයක් කරනකං.... මොකද්ද බං හදිස්සිය... හෙටින් පස්සෙ නිවාඩු තියෙන්නෙ ඇතිවෙන්ඩ” අපි කිව්වා.

ඒ කතාවෙන් ෆර්ඩියට කේන්තිය හොටම වැඩි උනා. ඊට පස්සෙ පොර කියපුවයි ඔය පහල තියෙන්නෙ!

“යකෝ.....මං කියන දේ අහල ගෙදර යමල්ලා. මේ ජර්මන් හුxx‍ට කොච්චර සිංහලෙන් කිව්වත් තේරෙන්නැ. නිකං පොxxxයෙක් වගේ හොහ් හොහ්” ගානවා ඇරෙන්න. තොපිම නේද කිව්වෙ මේ හුxxගෙ පුතා දන්නෙ උන්ගේ ප‍ෙx ජර්මන් බාසාව විතරයි කියලාෆර්ඩිය සුද්ධ සිංහලෙන් බැනගෙන බැනගෙන යනවා.

මොකද අපේ පර්ඩියා බයේ යැ සුද්දන්ට! ඇරත් සුද්දොන්ට කවද්ද සිංහල තේරුණේ.

ඉතිං ඔය මුලු වෙලාවෙම සුද්දා කලේ, අපේ ෆර්ඩියා දිහායි, ඌ කියන ඒවට තැං තැං වල වැටි වැටී, බඩ බොකු අල්ලං හිනාවෙන අපි දිහායි බල බලා හිටපු එකයි.

අන්තිමට අපේ කොල්ලලෙක්,

“කට ෆර්ඩියා කට......” කියලා හිනාව අස්සෙම කියලා දැම්මා.

“මොකටද යකෝ මම කට වහන්නෙ. මේ බහට බයේද මම. මී හරකුනේ දැං වත් මේ සුදු පxx අතඇරලා වරෙල්ලා යන්ඩ, තොපි කොච්චර ඉගැන්නුවත් මේ හුxxxxxx තේරෙන්නැ යකො සිංහල.......”

කියලා ෆර්ඩියා කියාගෙන ගිහං නතර කරද්දිම අපේ සුද්දා, “ලස්සන කොල්ලා” මොනාද දන්නවද කිව්වෙ,

“නැ.... නැ...... මට්ට තේ.....................................රෙනවා.” කියලා.

ඒක ඇහුන ගමන් ෆර්ඩියා යකෙක් දිහා බලනවා වගේ අපේ සුදු මහත්තයගේ කට දිහා බැලුවේ මිනිහගේ කටින්ද මේ සද්දෙ ඇහුනේ කියලා වෙන්නැති. ඒ වෙද්දි අපේ ෆර්ඩියා සුද්දා ගාවින් අඩි තුනක් විතර පස්සට පැනලා ඉනට අත්දෙක තියාගෙනයි හිටියෙ. සමහර විට ෆර්ඩියා බය වෙන්නැති මේ කියපුවට සුද්දා පොරව උස්සලා රේස්කෝස් එකේ ගැට්ටෙ ගහයි කියලා.

මිනිහගේ ඇස්ගෙඩි දෙක ජිල් දෙකක් වගේ වෙලා . මොහොතකින් ෆර්ඩියා සුද්දගෙ කට දිහා බැලිල්ල අතඇරලා අපි දිහා බැලුවේ වේලිච්ච උගුර පාදන ගමන්මයි.

“ඒ මෙයාට සිංහල තේරෙනවද.....................................මචං!”

ඔන්න ඔය වෙලාවෙයි අපි ෆර්ඩියාට කියලා දුන්නෙ, අපේ ලස්සන කොල්ලා, අපේ රටෙන් ම කසාදයක් බැදගෙන, උන්දැගෙන්ම නොමිලේ සිංහලත් ඉගෙන ගෙන,මේ මාස ගානක නිවාඩුවට ලංකාවට ආපු ගමන්ය කියලා.

ඒ ඔක්කො‍ම ෆර්ඩියට තේරුම් බේරුම් කරනකම්ම අපේ ලස්සන කොල්ලා කලේ හොහ් හොහ් ගගා හිනාවෙච්ච එක විතරමයි!

Related Posts Plugin for WordPress, Blogger...