2012/02/18

අද කාටුන් - 06 - දැයට කිරුලේ දී, ප්‍රවීණ ප්ලේන් දේශක ඉෂාර මහතා ගුවන් යානයක තතු මොනවට පැහැදිලි කරයි...!

අවවාදයයි!
මෙම ලිපිය කිඩ්ස් ෆස්ට් නිවුස් කියන ඇක්සන්ට් එකෙන් කියවීමෙන් වැඩි ප්‍රථිපල ලබා ගත හැකිය.

ඉතිං යාලුවනේ, අද කාටුන් එක වෙන් වෙන්නෙ අපේ අහස ට.

ඕගොල්ල දන්නැත්තම් දැනගන්ඩලා, අපේ අහස ලියන්නෙ තනිකර උඩ වැඩ දන්න හෙන වැඩකාර මාම කෙනෙක්. එයා නමින් ප්ලේන් ඉෂාර.

පහුගිය දවසක එයා එක්ක කතා කරන්න මට බොහොම දුර්ලභ අවස්ථාවක් ලැබුනා.

ඒයා කියපු දේවල් අහලා මාවත් උඩ ගියා. ඒයා කිව්වා, අපි කව්රුත් දන්න ප්ලෙන් එකේ කලු පෙට්ටිය තැඹිලි පාටයිලු. ඒ මාමා කියන විදිහට, එයාගෙ වචනෙට පිටින් ගිහිල්ලා, ලංකාවට එක ප්ලෙන් එකක් බස්සනවා තියා, එයා "හ්ම්" කියන කල් ප්ලෙන් එකක් කටුනායක පැත්ත බලාගෙන බත්වත් කන්නැලු. මට වෙලාවකට හිතෙනවා යාලුවනේ, නිව්ස් වල මොන කතා කිව්වත්, ලෝකේ ලොකුම ප්ලෙන් එකත් කටුනායක පැත්තට හැරෙව්වෙ මේ මාමගේ දැන ඇඳුනුම් කමට දෝ කියලා.

යාලුවනේ ඉස්සර වගේ නෙමේ දැන්. අපිට ප්ලෙන් එකක් තියෙනව නම් ඒක රෙජිස්ටර් කරගන්න ඔය තැන් තැන් වල ගියපු කාලේ ඉවරයි. දැං කෙලින්ම මෙතෙන්ට ගියපු ගමන් සුටුස් ගාලා අපිට වැඩේ කර ගත්තැකි කියලයි අපේ ප්ලෙන් ඉෂාර මාමා නං කියන්නෙ.

මේ මාමා මෙහෙම හිටියට, ප්ලෙන් එකේ සයිලන්සරෙන් ගිහිල්ලා, ඉස්ටීරියන් වීල් එකෙන් මතුවෙන්න දන්න, එක්කෙනෙක්ලු. ඒ හින්දම මේ මාමාවයි, මෙයාගෙ ජාතියේම යාලු මාමාලා කට්ටියක්වයි දම්මලා තියෙනවලු රට වටේ තියෙන ඉස්කෝල, උත්සව වලට ගිහිල්ලා සරුංගල් ඇරලා, බැලුම් යවලා ප්ලෙන් කෙරුවාව ගැන කට්ටිය දැනුවත් කරන්ඩ.

ඉතිං ඔය විදිහට කට්ටිය දැනුවත් කරන්ඩ, මෙදා පාර මේ මාමලා ඇවිල්ලා හිටියෙ, දැයට කිරුළ මෙව්වා එකට. ඉතින් දැයට කිරුළ ප්‍රදර්ශණ භුමියෙ, අපේ ප්ලෙන් ඉෂාර මාමා, ඒ පැත්තෙ ඉස්කෝල වල ළමයි දැනුවත් කරනවා තමා, අද කාටුන් එකේ තියෙන්නෙ. විදෙස් සිත්තරා නං කිව්වෙ, මේ වගේ වැදගත් වැඩක් කරනවා සිත්තරයට නඟද්දි, ඒක හරි පරිස්සමට කරන්න ඕනැ කියල. ඒ හින්දම එයා තීරණය කලාලු, සිත්තරේට හිතලා මතලා වැඩිපුර කෑලි එකතු කරන්නෙ නැතුව, සිද්දිය වෙච්ච විදිහටම ඇඳලා දාන්ඩ. ඒ හින්දම, අද ඕගොල්ල දකින මේ සිත්තරේ තියෙන්නෙ, එදා ඒ සිද්දිය වෙච්ච හැටියටමයි.

ඉතිං මේ තියෙන්නෙ, ඒ සිද්දිය.


ඔන්න ඔහොමලු උනේ යාලුවනේ. ඉතිං, අපි ඒ මාමගෙන් සමුගන්න කලින් තව එක ප්‍රශ්ණයක් ඇහැව්වා.

"මාමේ, ඉතිං ඔයාගේ බ්ලොග් එක කියවන අයට, ඔයාට කියන්න තියෙන්නෙ මොනවද?"

"ඔව්..... පුතා....ඇත්තටම මට කියන්න තියෙන්නෙ, මම ඉදිරි දවසකදී දෙන්නෙක්ට ගමන් කරන්න පුලුවන් ගුවන් යානයක් ගෙදරදීම හදාගන්න හැටි කියලා දෙන්නයි හිතාගෙන ඉන්නෙ... ඒ හින්දා දිගටම මගේ බ්ලොග් එකත් එක්ක ඉන්න කියලා තමා....."

ඔන්න යාලුවනේ ඇහුනනෙ ඒ මාමා කියපු දේ.

එහෙනං ඊලග සෙනසුරාදා ආයිමත් සිත්තරෙකින් හමුවෙමු.
.....................

- මීට විදෙස් සිත්තරා වෙනුවෙන් දැයට කිරුළ තිර පරීක්ෂණයට මුහුණ දීමට මුතු ඇටේට ගොඩ බැස්ස ටිකිරි.







80 ක් කියන්නේ !:

  1. කාටවත් තේරිලා නෑ වගේ.හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඔයාට තේරිලා තියෙන්නෙ....

      Delete
  2. නියම කාටූනය........
    කිඩ් ෆස්ට් අයිටම් එකත් එළ

    ReplyDelete
    Replies
    1. ඒ විදිහටථ බෙල්ලත් ඇදකරලා ලස්සනට කියෙව්වනං ඒ ඇති

      Delete
  3. ළමයි ඔක්කොම අත් උස්සලනේ...එච්චරටම තේරිලා හැමෝටම.....

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඒයාගෙ හැකියාව! ඒකට ගරු කරන්නනෙ මම මේක ඇන්දෙත්

      Delete
  4. හෆෝයි! කාලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඒවා එහෙම තමා...හේ හේ...

      Delete
  5. උගත් පාඩම නම් හරි අපූරුයිනේ

    ReplyDelete
    Replies
    1. මමත් ඕක ඉගෙන ගත්තෙ එයාගෙන්ම තමා

      Delete
  6. අඩේ මට දැං තේරුනා ප්ලේන් එකක් උඩ යන හැටි!

    ReplyDelete
    Replies
    1. එහෙනං හදන්න තියෙන්නෙ ප්ලෙන් එකක්..... යු ටියුබෙත් තියෙනවා රබර් බෑන්ඩ් එකෙන් බලය අරගෙන උඩ යන ප්ලෙන් හදන හැටි....

      Delete
  7. මේ ගුවන් යානා ආකෘතිය තැනීමට මුදලින් රුපියල් කෝටි 6ක්ම වියදම් වුනා. මෙවැනි වියදමක් දරා කළ වැඩේ ගැන නම් මගේ පැහැදීමක් නැහැ. කමක් නැහැ ඉන් යම් ප්‍රයෝජනයක් ගත්තා නම්. නමුත් මින් පසු එය තවත් එකම සුන්බුන් ගොඩක් පමණයි.
    කොහොම වුවත් ඔබගේ චිත්‍රනම් ඉතාම අනගියි. මහා හැකියාවක් ඇත්තෙක් ඔබ. ඒ ගැන නම් මට හරිම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයා පහුගිය දවස් වල අතුරුහදන් වෙලා හිටියෙ මොකෝ! ලියුමක් වත් දැම්මෙ නෑ නේද!!!

      Delete
    2. හිතවත් වෙද මහත්මයාණෙනි, ඔබගේ අදහස් දැක්වීමට පිළිතුරක් ලෙස පහත තොරතුරු දැක්වීමට කටයුතු කරන්නෙ අන් අය මේ කරුණ වරදවා වටහා ගැනීමට ඉඩ ඇති හෙයිනි.
      1. මෙම ගුවන් යානය ආකෘතියක් නොව 70 දශකයේ මුල කාලයේ රුසියාවේ නිෂ්පාදනය කරන ලදුව 1997 වසර දක්වාම ශ්‍රී ලංකාවේ පෞද්ගලික ගුවන් සමාගමක් විසින් කොළඹ සහ යාපනය අතර මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලද සත්‍ය ගුවන් යානයකි. එය ළඟට ගොස් බලන අයෙකුට පැහැදිලිව නිරීක්ෂණය කළ හැක.
      2. මේ සඳහා රු කෝට් 6 ක් වියදම් ගිය බව ඔබ වෙන අයෙකුගෙන් දැන ගත්තෙ නම් ඔහු හෝ ඇය ඔබව මුලා කර ඇත. ලොව විශාලම මගී ගුවන් යානය අළුතින් මිළදී ගැනීමටත් වැය වන්නෙ ඩොලර් මිලියන 330 ට ආසන්න ප්‍රමාණයකි. මේ සඳහා අඩු තරමින් කෝටියක්වත් වියදම් වී නැති බව ඉතා පැහැදිලිව හා ස්ථිරව ප්‍රකාශ කරමි.
      3. මෙම ප්‍රදර්ශණයෙන් පසුව මෙය සුන්බුන් ගොඩක් නොවන බව ස්ථිරවම සඳහන් කරමි. මෙම ගුවන් යානයම පසුගිය දැයට කිරුළ ප්‍රදර්ශණ භුමියේත් ප්‍රදර්ශණය කළ අතර අති විශාල ජනතා ප්‍රතිචාර නිසා මෙවරද එය ප්‍රදර්ශනය කරන ලදී. ලබන මාසය තුළ යළිත් එය අනුරාධපුර ප්‍රෙද්ශයේ පාසැල් ලමුන් සඳහා ප්‍රදර්ශකණය කිරීමට දැනටමත් සැළසුම් සකස් කර ඇති අතර ඊට සමගාමීව ඒ ප්‍රෙද්ශයේ පාසැල් සිසුන් ගුවන් සේවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු සංවිධානය කිරීමට සැළසුම් කර ඇත.
      4. අන් රජයේ ආයතන කුමක් කළත් මෙවර දැයට කිරුළ ප්‍රදර්ශණයට සමගාමීව මුළු උතුරුමැද පළාතේම පාසැල් ආවරණයවන පරිදි අධ්‍යාපන වැඩසටහන් අප ආයතනය විසින් ක්‍රියාත්මක කළ අතර පාසැල් සිසුන් අතර විශාල පිබිදීමක් ක්ෂේත්‍ර පිළිබඳව ඇති වී ඇත.
      5. මේ සියලූ කටයුතු අවසානයේදී මෙම ගුවන් යානය සුන්බුන් ගොඩක් බවට පත් නොවන අතර උතුරුමැද පළාත් සභාව දැනටමත් මේ යානය අනුරාධපුර නගරයේ ප්‍රදර්ශණය සඳහා ඉල්ලා ඇති අතර දැනට ඒ සම්බන්ධයෙන් කටයුතු සිදුවෙමින් පවතී.
      6 මේ කටයුත්ත සිදු කරන අතරේ දී ජීවිතයේ කවරදාකවත් ගුවන් යානයක් ළඟට දැක නැති අය දක්වන ලද ප්‍රතිචාර ඇසට කඳුලක් ගෙන ආ බව සඳහන් කළ යුතුමය. ඒ වගේ සමහර විට එය ඔවුන්ගේ එකම සහ අවසන් අවස්ථාවත් වේවි. ඒ වගේම ඉතා පහළ ජීවන මට්ටමක ජීවත් ජනයාට මෙවන් වූ අත්දැකීමක් ලබා දීමට හැකි වීම මා පෞද්ගලිකව පිනක් ලෙස සළකමි. එය පාරම්පරික සැබෑ ශ්‍රී ලාංකිකයෙක් වන සහ මේ ක්ෂේත්‍රයට නොපිවිසියා නම් ඒ දුප්පත් ජනයා වැනිම වු කෙනෙකු ව මා ඉතා ඉහළින් සතුටු වන්නකි.

      Delete
    3. ඔබගේ පිලිතුර මා ඉතා අගය කරමි. ඒ අනුව යමක් වටහා ගතිමි. කෙසේ හෝ මාහට ලැබුනු තොරතුරු ලබා දුන්නේද කුරුළු සේවයට සම්බන්ධ අයෙකි. මා ඔබගේ හැකියාව අගයන අතර මේ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන කරුනු නිවැරදි යැයි මෙතැන් සිට සිතමි. ඔබගේ බ්ලොග් අඩවිය ඉඩ ලද විටක බලන්නම්. මේ දිනවල විශාල ලෙස කාර්‍ය්‍ය බහුල වී සිටිමි.
      බුද්දි,
      විවේකය ඉතා අඩුයි. කෙසේ හෝ ඉක්මනට එනවා නැවත වෙදගෙදර ලියන්න.

      Delete
    4. මගේ මතකය නිවැරදි නම් මෙම ගුවන් යානය කාලයක් ගුවන් තොටුපලේ PVG එකේ ප්‍රදර්ශනය කලා..ඒ කාලයෙ නම් භාවිතයෙන් ඉවත්කළ ආකාරයෙන්මයි තිබුනෙ..මම හිතන්නෙ බුද්ධිටත් මතක ඇති..

      Delete
    5. මේ ගුවන් යානය ලයන් එයාර් ආයතනයට අයිතිවෙලා පස්සෙ ඒක වැහුවම රත්මලානෙ දිර දිර තිබ්බ එක වෙන්න ඕන මම හරිනම්. ඒක එහෙමනම්, මේ යානය අධිකරනය මගින් වෙන්දේසි කරාම යකඩ හැටියට ගන්නවත් කවුරුත් ඉදිරිපත් උනේ නෑ. එහෙව් යකඩගොඩ මෙහෙම සිමියුලේටරයක් කරල කවදාවත් ඒ අත්දැකීම ගන්න බැරි අහින්සකයන්ට දකින්න දුන්න එක, අර කෝච්චි ගෙනල්ල, බොරු මන්දිර හදල, කඩදාසි ඉසුරුමුණි හදල කරපු විකාර වලට වඩා ඇත්තටම වටින වැඩක්. ගානක් ගියත්, නරක අතර හොඳ වැඩක් මේ යානය පෙන්වීම.
      කෝටි 6ක් ගියා වෙන්නත් බැරි නෑ, අපේ අය්යලගෙ වැඩ අනුව :D

      Delete
    6. ඇත්ත ඉන්දික. මේ ඒ යානය තමයි. ඇත්තටම මේකට මේ අවුරුදු දෙකේම වියදම ගියේ ලක්ෂ 75ටත් අඩුවෙන්. මම ඒ දේ පෞද්ගලිකවම දන්නවා. මේක අපේ කට්ටියගේ ශ්‍රම දායකත්වයෙන් කළේ. ඒ මුදල ඇත්තටම අපතේ ගියේ නෑ.

      Delete
    7. මාර කොන්වසේසන් එකක්නෙ මෙ‍තෙන ගිහිං තියෙන්නෙ... ඒ මදිවට සිරියා මවත් අල්ලගෙන....

      Delete
  8. අනේ දෙයියනේ....මොන නවනින්ගිරාවක්ද මේ...

    ReplyDelete
  9. සිත්තරේනම් අපුරුයි, ඒත් ඉතින් ප්ලේන් ඉෂාර මහත්තැන් අමාරුවේ වැටිච්ච එකක් නොවැ උඹ දාල තියෙන්නේ
    උඹ දාපු ලින්ක් වලින් ගිහින් ඉෂාර ගේ ප්ලේන් බ්ලොග් එකට ගොඩ වැදුනා
    කියවන්න බොහොම වටිනා ලිපි ගොඩක් එතන තියෙනවා
    බොහොම ස්තුතියි එහාට යන පාර කිව්වට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු පුතා ඒ බ්ලොග් එකට ගොඩ වැදුනට..... ඒකට ලැබෙන හිට්ස් ගාන අනුව තමා මට එයා ගෙවන්නෙ හෙහ් හේ......

      Delete
  10. අපට නම් ඉතින් ප්‍රයිවට් ජෙට් යානා තියන හන්දා ගෙදරදී ගුවන් යානා හදා ගන්ට අවශ්‍ය නෑ කියලා, ඉෂාර මාමාට කියන්ටකෝ. ඔන්න අපිත් රස්තියාදුවේ ගිහින් අන්තිමට ගෙදර ආවා. ඒත් ඉතින් ඊලඟ සුමානේ කොහේ යයිද දන්නේ නෑ. ඔන්න ඕක තමා තමන්ටම කියලා ගුවන් යානා තියන එකේ වැරැද්ද....:D

    ReplyDelete
    Replies
    1. අහිකුන්ඩික නොවුනත් මෙයා ගාව ඉන්න නයි තොගේ.....

      Delete
    2. අනේ ඔයි ගෑල්ලමට ඉන්ඩ ඇරහල්ලා....

      Delete
    3. ප්‍රයිවට් ජෙට් කිව්වේ....?

      Delete
  11. කිඩ්ස් ෆස්ට් කිව්වේ..???

    ReplyDelete
    Replies
    1. සිහ්! ඒ අතින් නං මදි කුමාර ඔයා ඈ:P.... කිව්ස් ෆස්‍ට්ය කිව්වෙ සිරස ටීවී එකේ පොඩි අයගේ ප්‍රවෘත්ති විකාශය. පොඩ්ඩක් සොදිසි කොලොත් වීඩියෝ ක්ලිප් එකක් දෙකක් හොයා ගත්තැකි....

      Delete
    2. ඉතිං උඹම හිතාගනින්කෝ..ඒක තේරුං යන්නේ නැතිව අනිත්වා මං කොහොම තේරුං ගන්නද..:D:D:D
      වැඩක් නැහැ බං උඹලට වියංගාර්තේ තේරෙන්නෙම නැහැ...හොඳටම මදි ඈ...

      Delete
    3. ඒකනෙ මම එදා කිව්වෙ එදා, ඔයි වගේ කමෙන්ට් දාද්දි තිත් දෙකයි පී හරි තිත් දෙකයි ඩී හරි දාන්ඩයි කියලා.... කෝ බොලා අපි කියන දෙයක් අහන මිනිස්සුයැ.... තිත් දෙකයි පී!

      Delete
    4. ඒක තමා මාරයෝ අයිටීන් බල බල ඉදලා හරි යන්නේ නෑ සිරසත් බලන්න ඕනා,උබේ සාමාන්ය දැනුම බිංදුව වෙලා ඒ පාර

      Delete
    5. මෙතනත් මරු මේවවා එක්ක ගිහිල්ලා... මාරයා දැං වත් සිරස බලනවද දන්නැ ඩිලානයගෙ උපදෙස්වලින් පස්සෙ

      Delete
  12. sha... kathawa okkotama therila...

    ReplyDelete
    Replies
    1. කෝ උ‍ඔගෙ යුනිකෝඩ්..... එව්වට මෙව්වා වෙලාද?

      Delete
  13. ආ මේ අපි යාලුව ගැනනේ කියලා තියෙන්නේ. මේ ටිකේ දැක්කෙ නැ බුකියේ .
    හේතුව මේකයි එහෙනම්...

    කාටූන් එකනම් සුපුරුදු විදියටම සුපිරි. ඉෂාරගේ ලිපිත් ඒ වගේ. දෙන්නටම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අනේ ගිම්හානී ස්තුතියි කමෙන්ට් එකට....හෙහ් හේ...... ඒක නෙමේ මෙයා නිතරම බුකියෙ බලාපොරොත්තු වෙන්ඩ එපා, මෙයා තමා ප්ලෙන් ආවාම පාක් කරන තැන් පෙන්නන්නෙ.... මෙයා නැති උනොත් එතන ඔක්කොම ඇනෙනවානෙ

      Delete
  14. මටත් නිකං ස්ප්‍රීං වගේ O_o

    ReplyDelete
  15. මෙයට පලිගැනීමක් වශයෙන් ළගදීම චූටි මහත්තයාගේ හිස මතට එයාබස් එකක් කඩාවැටීමට ඉඩ ඇත. :D

    ReplyDelete
  16. කෝ මේ ඉෂාර ..එයා මේක දැකල ප්ලේන් එකකින් බිමට පැන්නද

    ReplyDelete
  17. චිත්‍රෙ නම් තේරුනා ඒත් ප්ලේන් යන හැටි තමයි තේරුනෙ නැත්තෙ.. දවසක ඔච්චර හොඳට ඔය ටැබ්ලට් එකෙන්ද මොකෙන්ද චිත්‍ර අඳින හැටිත් අපිට කියා දෙයි නේද බුද්ධි මලයා ?? :DD

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,
      වැටුනත් මොකෝ එයාබස් එකක්නෙ... නිකං මේ ටාටා, ලේලන්ඩ් වගේ ලදරං යෑ..
      .........

      බින්දි,
      අන්න එයාට දීලා වෙද මහත්තයා උණ ගැනෙන්ට....හෙහ්හෙහ්....

      .........

      වෙනී,
      උඩින් යන දේවල් ගැන බිම ඉන්න අයට තේරුං ගන්න ටිකක් අමාරු තමා... ඒ හින්දා අල්ලාදාන්ඩ ඒක..... ආං ග්‍රැෆික් අහවල් එකෙන් අඳින හැටි තියෙනවා මැජික් පෝස්ට් එකේ

      Delete
  18. ඔය ප්ලේන් ඉෂාර මහත්තයට කියන්න අර ලංකාවට A380 එනව වගේ නැතුව බ්ලොග් එක පැත්තෙ හැකි හැකි විදියට ඇවිල්ල යන්න කියලා..

    ReplyDelete
    Replies
    1. ලකී,
      මීනිහට කියනවට වැඩිය හොඳයි.....කට අයිසිං කේක් එකක උලා ගන්නවා...

      Delete
  19. යකෝ බලද්දි ප්ලේන් එකක් එලෝනව කියන්නෙ ටොයිස් වැඩක්නෙ

    ReplyDelete
    Replies
    1. ඕනේ,
      ඒකනේ... අපි මහ ලොකුවට හිතාගෙන හිටියට.... ඔයිට අමාරුයි 138 හයිලෙවල් පාරේ ලේලන්ඩ් බස් එක ගෙනියන එක. මොකෝ ප්ලෙන් වලට ට්‍රැෆික් තියෙනවා කියලා යෑ.

      Delete
  20. හරි හපනෙක් නොවෑ ඉශාර..ඊලගට බුද්දී සීට් දෙකේ ගුවන් යානය හදන්න ගනී ඉශාරගේ පෝස්ට් එකෙන් පස්සේ එහෙනම්

    ReplyDelete
  21. ප්ලේන පදින එක හෙන ලේසියි නේ

    ReplyDelete
  22. බලාගෙන යද්දී මට විතරයි තේරිලා තියෙන්නේ .. ඊලඟ මාසේ පඩියෙන් මත් ප්ලේන් එකක් ගන්න ඕනෙ

    ReplyDelete
  23. Replies
    1. ඩිලන්,
      කොල හැදෙනකල් කියලා බලං හිටපු කාලෙ ඇති, ඊෂාර ලව්වා ප්ලෙන් එක්කවත් හදාගෙන එන්ඩයි මං හිතාගෙන ඉන්නෙ...

      ............

      අසරණයා,
      ඒකනෙ, මෙහෙම කලා මෙහෙම කලා මෙහෙම කලා... එච්චරයි

      .......

      සඳරු,
      එහෙනං දැම්ම තියා ලර්නස් යමං... බයික් ලසිසොමෙන් බෑ ප්ලෙන් පදින්ඩ

      Delete
  24. මේ ළමයි කියන්නෙ කිසිම කෙලෙහිගුණයක් නැති ජාතියක් අප්පා! මට නම් නියමෙට තේරුණා. මුං මේ කොහෙද යන කඩාකප්පල්කාරයො ටිකක්.

    Super cartoon, Dude!!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඩුඩියට අද්දැකීම් තියෙනවා වගේ ළමයිගෙ කෙරුවාව ගැන..... ළමයිනං කඩාකප්පල්කාරයො ටිකක් වෙන්ඩම ඇති තමා! නැත්තං ඔච්චර ලස්සනට පැහැදිලි කරලා තියෙද්දි නොතේරී ඉන්ඩ විදිහක් නෑනේ.....

      Delete
  25. පොඩි උන් ඔක්කොටම කාරනේ තේරිලා වගේ... අර ප්ලේන් බ්ලොගේට ලින්ක් දුන්නට තැන්කියු හොඳේ...

    විදෙස් සිත්තරාගෙන් මම මේ කාරණාව අහන්න හිටියෙ ටික දවසක ඉඳල... ඔයාගෙ ඔක්කොම යාලුවන්ට තියෙන්නෙ නිල් කමිස ඇන්ඩ් රතු ටයි ද??? එහෙම නැත්තං ඔය පින්තූරෙ ගද්දි ඇඳගන්න කුලියට දෙන සූට් එකක්ද මේ??

    ReplyDelete
    Replies
    1. ආශී,
      ප්ලෙන් බ්ලොගේට ඔයත් ගියාද? අනේ කොච්චර දෙයක්ද මට තව ගානක් කැපෙනවා ඒ කියන්නෙ...

      ඔයාගෙ ඔක්කොම යාලුවන්ට තියෙන්නෙ නිල් කමිස ඇන්ඩ් රතු ටයි ද???/// හෙහ් හේ.... අන්න බලන්ඩ ඕනැකමින් සිත්තර දිහා බලන වැදගත් නොනා කෙනෙක්..... මම ඔය උපක්‍රමය පාවිච්චි කලේ, කව්ද සිත්තර දිහා හොඳට බලන්නෙ කියලා පොඩි මෙව්වා එකක් තියන්න. ඔන්න දැං ඉදලා නිල් සේට් එකයි රතු ටයි එකයි පරණ රෙදි ගොඩට දානවා ඕං.....

      Delete
  26. තිත් දෙකයි ඩී! තිත් දෙකයි ඩී! තිත් දෙකයි ඩී!

    ReplyDelete
    Replies
    1. තිත් දෙකයි වරහන් දෙක අස්සෙ කැපිටල් වයි!

      Delete
  27. "ප්‍රවීන ප්ලේන් දේශක ඉශාර මහතා" මේ කෑල්ලට තමයි මම ආසම... :D ගහනවනම් මෙන්න මෙහෙම අතේ ගාගන්නැතුවයි මඩ ගහන්නෝනේ... :D

    ReplyDelete
    Replies
    1. වැඩෙ කියන්නෙ ඔතනත් ඉෂාර කියලා වැරදියට ලියලා තියෙන්නෙ.....

      අතේ ගා ගන්නෙ නැතුවයි කිව්වෙ.....! කාටුන් සීරිස් එකේම මම අතේ ගාගෙන නෑ නේද?

      Delete
  28. මටත් තේරුනේ නෑ.. මාත් අත උස්සනවා...

    ReplyDelete
    Replies
    1. හපොයි දිනේෂ්, මේ කවදා ඉඳන්ද අතඋස්සගෙන... කෝ දැං පල්ලෙහාට දාන්ඩ.....

      Delete
  29. කාටූන් එකටත් වඩා වටින්නෙ, මෙච්චර කල් නොදැන හිටිය බ්ලොග් අඩවියක් පිළිබඳව දැන ගන්න ලැබීම. Thank You

    ReplyDelete
    Replies
    1. ඔබාට අපේ අහස හරි යයිද දන්නෙත් නැහැ. මමත් ඔය ඔබාගෙ සයිට් එක පැත්තෙ යන නිසා දන්නවනෙ ටේස්ට් එක. හික්.

      Delete
    2. ඔබා,
      කාටුන් එකටත් වඩා වටින්නෙ//// හපොයි ම‍‍ගේ මහන්සිය.....
      .............

      ඉෂාර,
      අපො මොකද ටේස්ට් එක හරියන්නැත්තෙ.... බලන්ඩකෝ ඊලග දවසෙ ඉඳලා.... අහන්ඩ දෙයක් නැති උනොත් ප්ලෙන් එකට තටු කීයද කියලා හරි අහලා යයි..... මොනා නැතත් ඒ අතින් මෙන්න... (මේවා කියපුවාම මිනිහා නිකා.......ං උඩ යනවා. ඒකයි අපි පොරට වැඩිය හොඳ නොකියන්නෙ...)

      Delete
  30. ඉෂාරගේ බ්ලොග් එකට ගිහින් බැලුවා. ලස්සනයි. දැන් ඉතින් කාටද ස්තූති කරන්නේ? බුද්ධිටද? ටිකිරිටද? විදෙස් සිත්තරාටද? :D

    ReplyDelete
    Replies
    1. ස්තුතිය ඔයා කැමති එක් කෙනෙක්ට ස්තුති කරන්ඩ, ඒකෙ අවුලක් නෑ. කොහොමත් අපේ අහස බ්ලොග් එකට සයිබර් යාය හරහා වදින එක හිට් එකකට මට බරගානක් ගෙවන්න පොරොන්දු උනාට පස්සෙයි මම මේක පබිලිස් කොලේ...!

      යට තියෙන්නෙ ගෙවෙන විදිහ....

      Delete
    2. සියලු දෙනාගෙ දැන ගැනීම පිණිස!

      01. හිට් එකක් - ගැරඬියෙකුට ගැසීමට සෑහෙන බූමිතෙල් පොල්කට්ටක්.
      02. හිට් එකක් සමඟ කමෙන්ට් එකක් - දිනකට ලාම්පු 3කට දැමීමට බුමිතෙල් පොල්කටු තුනක්.
      03. හිට් එකක් කමෙන්ට් එකක් සමග බ්ලොග් එක ෆලෝ කිරීම - ලාම්පු තුනකට දැමීමට සෑහෙන බූමිතෙල් සමග බූමිතෙල් ගෙන ඒමට කඩේට ගෙනයා හැකි හුරුබුහුටි බෝතලයක්.

      ඔයා ඕකෙන් මොන ගනේටද වැටෙන්නෙ....සික් මට මේක මුලින් කියන්ඩ බැරි උනයින් හෙන පාඩුවක් වෙන්නෙ.....

      Delete
    3. මට පේන විධියට මචං මට උඹට තෙල් ළිඳක්ම දෙන්න වෙයි වගේ

      Delete
    4. මොන හුන්නස්ගිරියක් ගැනද මේ කියන්නෙ ?

      Delete
    5. ඔය කියලා තියෙන්නෙ, මේ කාටුන් එක බලලා මේක හරහා ඉෂාරයගේ බ්ලොග් එකට යන කට්ටියගේ කෙරුවාව අනුව මට ලැබෙන ප්‍රතිලාභ ගැන......දැං තේරුනාද?

      Delete
  31. සුපිරි චිත්‍රෙ මොනවා වුනත්.... හික්ස්...

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් කිව්වෙ, මොනවා උනොත්ද නිසූපා...!

      Delete
  32. ඔන්න මටත් තේරුනා ප්ලේන් එකක් උඩ යන හැටි..ටිකිරි සෑහෙන පබිලිසිටියක් දීලා තියනවා..හොඳ කවරේජ් එකක් දීලා තියනවා ඉෂාර මහත්තයට..
    අපේ අහස පැත්තෙත් ගියා දැන් ඒක කියවන ගමිනුයි ඉන්නෙ..

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...