2012/02/09

මැජික් බලන්ඩ එන්ඩලා | යුරෝ දෙකේ මැජික් පන්තිය (වීඩියෝ සමඟ)

වැඩිය කතා ඕන නෑ. අද මම පොඩි මැජික් එකක් පෙන්නන්නයි යන්නෙ.....!

ඔය තියෙන්නෙ නිදහස් දා දාපු සරදියෙල්ගෙ සිත්තරෙ අඳිනකොට මම ගත්තු ස්ක්‍රීන් ෂොට් ටිකක්. ඒක වීඩියෝ එකක් කරපුවාම කොහොමද කියලා බලන්ඩකො. මුලින්ම මම සරදියෙල් අඳින්න හිතාගෙන හිටියෙ උතුවන්කන්දෙ ඉඳලා ඈත බලාගෙන ඉන්න විදිහට. ඒක තමා අර මුල්ම රූපේ. පස්සෙ ඒක වෙනස් කලා. ඒ වෙනස් කරපු එක බීටලේගෙ කවියත් දාලා එදා දැක්ක විදිහෙ රූපෙට එනකල් අතරින් පතර රූප රාමුයි මේකෙ තියෙන්නෙ.......!




කොහොමද මැජික් එක.

හොහ් හොහ්.... මේවත් මැජික් ද නේද? ඇත්ත නේන්නං! මේවත් මැජික් ද, එහෙනං එන්ඩකෝ ඇත්තම මැජික් පෙන්නන්ඩ....!

ඕං දැං තමා ඇත්තම මැජික් එක පෙන්නන්ඩ යන්නෙ!

දැං ඕගොල්ලන්‍ට තියෙන්නෙ මීට ඡේද දෙකකට පහලින් ඔය තියෙන ඊතලේ ගාවට ගිහිල්ලා මවුස් එක තියෙන එකයි. (ක්ලික් කොරන්ට ඕන්නැ දරුවා ළං කොරලා තියාගන්ඩ!).

දැං මේ විදිහට තුන් පාරක් ජප කොරන්ඩලා. "ඕම්........මාගෙ මේ මූශිකයට ෆන එන්ඩ.... දැං මට මැජික් එක පෙන්නුම් කොරන්ඩ.... පුහ්!"

ඔය ඔපිස් වල වගේ පබ්ලික් ප්ලෙස් ඔල ඉන්න අය හිතෙන් ජප කොලාට කාරි නෑ. හැබැයි තනියෙන් ඉන්නවනං සද්දෙට කියන්ඩෝන. ලැජ්ජා වෙලා බෑ මෙව්වා කරන්ඩ.

> කියන්ඩ බැරි උනානෙ. ඊයෙට සයිබර් යාය කෙහෙල්කොටුවෙ වැඩ අල්ලලා අවුරුදු දෙකක් උනානෙ.... හොහ්....හොහ්.... කොහොමද මැජික් එක....!

දැක්කා නේද? කොහොමද වැඩේ. දැක්ක අය දැක්ක දේ මට කියලා යන්ඩ. නොදැක්ක අය ගැන කියන්ඩ තියෙන්නෙ ඒ ගොල්ල මොකක් හරි කිල්ලකට අහු වෙලා කියලා තමා.

ඒත් කෙහෙල් කොටුවට ආ කෙනෙක්ව කොහොමද හිතෙ මෙව්වා එකෙන් යවන්නෙ. ඒ හින්දා ඒ අයට මේ මැජික් එක මැනුවල් කරන හැටි කියලා දෙන්ඩයි දැං මං යන්නෙ. හරි දැං වැඩේ වර්චස් වෙච්ච කට්ටිය ආයිමත් අර විදිහට තුන් පාරක් ජප කොරලා කාරිය ආයිම පාරක් අර ඊතලේ ගාවට මවුස් එක ගෙනියන්ඩලා. දැං ඕගොල්ලන්ගෙ දඹර ඇගිල්ලෙන් මවුස් එකේ ලෙෆ්ට් එක ප්‍රෙස් කරලා ඇදගෙන යන එකයි තියෙන්නෙ පල්ලෙහාට. හා දැං කරලා බලන්ඩ අයෙම පාරක්.

දැං දැක්කා නේද? දැක්ක අය ඒ ගැන මට මතක ඇතුව කියලා යන්ඩ. මැජික් එක දැක්කෙ ඔටෝ ද නැත්තං මැනුවල් ද කියලා කියන්ඩත් අමතක කරන්ඩ එපා. හැබැයි වැඩේ වර්චස් කරාගෙන මැනුවල් ක්‍රමේට මැජික් එක කරපු අය, ඔටෝ කියන්ඩ එපා! මට අහුවෙනවා.

එහෙනං සෙනසුරාදා කාටුන් එකෙන් නැවත හමුවෙමු.

..................
- මීට මහා මැජික් මන්ත්‍රාචාරිය යුරෝ දෙකේ වීරයා.

118 ක් කියන්නේ !:

  1. මහා මැජික් මන්ත්‍රාචාරිය යුරෝ දෙකේ වීරයා ගුරුන්නාන්සේට තව අවුරුදු 120 ක් මේ කරුමාන්තෙ කොරගෙන යාමට ධෛර්යය, ශක්තිය, නුවණ පහල වේවා!

    ReplyDelete
  2. අනේ බොල ඔව හොඳා කොන්ඩේ බැඳපු..නෑ..නෑ..කොන්ඩේ වවපු කොරියන් කාරයන්ට..හික් මොනා උනත් මගේ සුබපැතුම් මචො තව අවුරුදු 100 වත් මේ බ්ලොග ලියවේවා..ජය

    ReplyDelete
  3. එල..එල..හොඳ වෙලේට මම කිල්ලට අහුවෙලා තිබුනේ නෑ..එක පාරින් ගොඩ ගියා..

    අදට සයිබර් යායට අවුරුදු දෙකයිලු නේද?
    සුභ පැතුම් ඈ...

    ReplyDelete
    Replies
    1. හරී,

      බුහ්හහ්හහ්හා........... මෙන්න මෙයා බොරු කියනවෝ...... මගේ මැජික් මීටරේට පෙන්නුං ‍කොලේ නං ඔයා මැනුවල් ක්‍රමේට මැජික් එක බැලුවා කියලා....

      Delete
    2. මම ඇරෙන්න එකෙක්වත් නෑනෙ කිල්ලට අහුවෙච්ච නැති එවුන්..

      ඕකනෙ අපි වගේ සාන්ත දාන්ත ජීවිතයක් ගත කරන්න කියන්නෙ..

      ඔය මීටරේ අවුලක් එහෙම පෙනුනනම්..මම පළවෙනි පාරම ගොඩ ගියා..

      Delete
  4. තව චිරාත් කාලයක් අපට රස මුසු දෑ ඔය තෙලිතුඩින් මවා දෙන්ට ඕනා ඕං මලයා.. ඒකට හයි හත්තිය ලැබේවා බොට යහමින්...!

    ReplyDelete
    Replies
    1. චමීදේවා ලොකු අයියා,

      මට නං අද හරිම ශතුටුයි. චමී දේවා අයියා මූණු පොතේ බෙදිල්ල පැත්තක තියාලා අද කමෙන්ට් එකක් කොටලා.... හම්මෙ තියෙන ශන්ථෝෂෙ!

      Delete
  5. මහා මන්ත්‍රාචාර්‍ය බහුබුද්ධි ගුරුන්නාන්සේ, මේ වගේ තව තවත් මැජික් අපට පෙන්නන්ට හේකු වාසනා වේවා..!!

    පලි: මමනං මැජික් එක දැක්කෙ වෙනමම කෙරමේකට.. ඒක ඔට්ටු නැද්ද දන්නෑ..!!?? :)

    ReplyDelete
    Replies
    1. බූරා,

      මානසික මෙව්වා එක වැඩි අයට වෙන වෙන ක්‍රම වලටත් පේනවා නං තමා. ඒක මං පිළිගන්නවා. ඒක නෙමේ අර කුමාරිහාමී දැරිවිට මක් කොල්ලාවත් ඒක පේන්නෑලුනෙ... අනේ දරුවෝ පොඩ්ඩක් උදව් කරහන් කොලුවෝ.... පව් නෙ උන්දැ!

      Delete
  6. උඹට පිස්සු බං~ හික්ස්...කොහොම උනත් සුභම සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත. මට පිස්සු කියලා සෑහෙන පිරිසක් කියනවා. තව කියනවා මට ලාවට උණකුත් තියෙනවලු. හොහ් හොහ්.... ඔය පළවෙනි වතාවට මාව නොදැක්ක කෙනෙක් මට පිස්සුයි කියලා දැනගත්ත. ඒ අතින් සබිත් මල්ලි මට වඩා මැජික් කාරයෙක් වගේ.....:D

      Delete
  7. අනේ බුද්ධි මාමේ මට නම් මුකුත් පෙනුනේම නෑ. මේකත් අර රජ්ජුරුවන්ගේ කතාව වගේද? :D

    ReplyDelete
    Replies
    1. නෑ...නෑ....දරුවා ආය පාරක් හරියට කරන්ඩ බලන්ඩ. අර මතුරන කෑල්ල ලැජ්ජාවට මඟ අරින්ඩ ඇති එහෙනං...... තුම් පාරක් හරියට මතුරලා පුහ්! ගාන කෑල්ල හොඳට සද්දෙට කියලා ආයි මං කියපු විදිහට කරලා බලන්ඩ... ඔය හරිගිය කට්ටිය එමට ඉන්නෙ..... මේ දැරිවි මැජික් එක හරියට කොලා නං කමෙන්ට් කරන්නෙ ඔහොම නෙමෙයි.... වැඩේ වර්චස් උනානං මැනුවල් හරි කරලා බලන්ඩ....ඕං කිව්වා!

      Delete
  8. පංකාදු පහයි....:P
    අවුරුදු දෙකක ගමනට සුභ පැතුම්. වසර ගණනාවක් ලියන්නට ධෛර්යය ශක්තිය ලැබේවා....!!!!
    සුභ පැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියන්ත අයියා. දන්න දා ඉඳලා දිගටම මේ පැත්තෙ ආවට. ඒ උනාට එදා ආවේ නෑ... හොර ගෙඩියා!

      Delete
  9. අඩේ... , චූටි, පොඩි, යුරෝ, රොබින් ,... එකී මෙකී නොකී... සුභපැතුම් !!!

    ReplyDelete
    Replies
    1. සුලඟ,
      මුල ඉඳලම සයිබර් යායට හමපු සුළඟට මගේ බලවත් ප්‍රණාමය

      Delete
  10. චූටි මහත්තය හැම දාම මොකක් හරි පෙන්නල අපිව කඩේ යවන එක තමයි කරන්නෙ ඉතිං

    ReplyDelete
    Replies
    1. අංජන,
      හැක් හැක්! අද මුකුත් මම පෙන්නුවෙ නැනේ... ඒක නෙවැ අද මැජික් එක.....:D

      Delete
    2. මැජික් එක දැක්ක ඈ. මැනුවල් තමයි. හැමෝම එහෙම නෙ ඈ.

      Delete
  11. යුරෝ දෙකේ මැජික් ගුරුන්නාසෙට තව තවත් මැජික් පෙන්නන්න වාසනාව දහිරිය ලැබේවා..
    සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!එසේම වේවා!අලුත් යාලුවට ගොඩක් ස්තුතියි!

      Delete
  12. පූස් තඩිය‍ගෙ කමෙන්ට් එක දැනට මැකුවා! පශ්ෂෙයි ඒක දාන්නෙ....!

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මට මෙහෙම අසාධාරණකං කරන්නේ? ;)

      Delete
    2. අසාධාරණේ මේ මිනීමෝරු වාගේ..... :D

      පලි:
      සුවර් එකටම මූ මොකක්හරි කට කැඩිච්ච කතාවක් කියන්න ඇති, වස් වැදිලා මැජික් එකේ බලේ යන්න..

      Delete
    3. ජාවා ස්කිරිප්ට් නැතේ
      ඇක්ස් ඇම් ඇල් දන්නෙ නැතේ
      ඒ උනාට එළමට වැඩ
      පාට මාරු කරපු ගැටේ...

      Delete
  13. තව චිරාත් කාලයක් අපට මැජික් පෙන්නන්නට චූටි මහත්තයාට හැකියාව ලැබේවා....
    මැජික් එක නේද?..ඒක මෙව්ව එක මෙව්ව කර ගමන් ඔටෝමැටික් පෙනුනා..

    ReplyDelete
  14. හ්ම්ම් කාටූන් වලින් මෑජික් වලට . හරි අගෙයි .
    …සුභ පතනව ඉදිරියටත් දීර්ඝ ගමනනක් යන්නට .
    …ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානී. කතන්දර ලියලයි කාටුන් වලට ආවේ. ඇයි ඊට පස්සෙ කවි.... දැං මැජික්... දිගටම එන්ඩකො.... තව හොඳ හොඳ සෙල්ලං තිනෙවා එලිවෙන ජාමෙට....

      Delete
  15. එකසිය විස්සට දෙසිය විස්ස ආයු බෝ වේවා මේ බ්ලොගේට....

    ඔන්න මංනම් බැලුවෙ මැනුවල් විදිහට හොදේ...:D

    ReplyDelete
  16. සුභ පැතුම් මගෙනුත්..

    ReplyDelete
  17. සුපිරියි. ආයෙ කියන්න දෙයක් ඇත්තෙම නෑ.

    ReplyDelete
  18. යූරෝ දෙකේ වීරයගෙ දෙකට සුභ පැතුම් !...

    ReplyDelete
  19. අපෝ අපි නං කියන විදහට ම කරයි එහෙනං........ හික් හික්.... මං සාමාන්නියෙන් කෙහෙල් කොටුව බලන්නේ කොන්ටෝල් ඒ ගහලානේ....... මට මේ අකුරු පේනවා හොරයි........ අද ඒක කරන්නත් බැරි වුනා...... ඒ වුනාට අපි නොදන්න කෙහෙල්කොටුවේ චූටි එකා......... නිසා මං මැජික් එක ඔටෝම බලා ගත්තා... සුභ පැතුම් මතෝ.......

    ReplyDelete
  20. මැද්ධි බුජික් බැලීමෙන් මා අමන්දානන්දයට (හරිද මන්දා)පත් වුණෙමි...

    ඉදිරියටත් මෙවන් මැද්ධි බුජික් පෙන්වීමට බුද්ධි තෙමේට ධෛර්යය, ශක්තිය වාසනාව ලැබේවා...

    ReplyDelete
  21. සුභ පැතුම් බුද්ධි ..........

    ReplyDelete
  22. බ්ලොග් එනවා යනවා.. එක එක කාලෙට එක එක ඒවා... මම කලින් කියලා තියෙනවත් ඇති... අවුරුදු දෙකක පටන්ම මගේ ප්‍රියතම බ්ලොග් ලිස්ට් එකේ එක දෙක තුන තියෙන්නේ මෙහෙම...

    1. ටැබූ සබ්ජෙක්ට්ස්
    2. සයිබර් යාය
    3. හිස් අහස

    දැන් මාස දහයක විතර ඉදන් සයිබර් යාය එක බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...

    මගේ ප්‍රියතම බ්ලොග් එක සදා කල් දිනේවා...

    ආ මැජික් එක ගැන...

    මම නම් මූසිකේ ගෙනියන්නත් කලින් මැජික් එක දන්නවා.. මොකද මීට අවුරුද්දකට ඉතර කලින් මමත් ඔය මැජික් එකම කරලා තියෙනවා... මෙන්න මෙතන

    ReplyDelete
  23. මම නම් මැනුවල් ක්‍රමේට තමා බැලුවෙ...මොනව වුනත් අවුරුදු 2ට සුබ පතනව ඕං....ජය වේවා...!!!!!!

    ReplyDelete
  24. ඇත්ත නේන්නම්, මැජික්ම තමා . මට ඇඬෙනවා ඉහි ඉහි ඉහි :D

    ReplyDelete
  25. චූටි රොබින් වීරයාට මගේ සුබ පැතුම්,,,,

    ReplyDelete
  26. රන්දිල්ටත්, බීටලේටත් පූෂට වෙච්ච දේමයි.... ඒගොල්ලන්ගෙ ඒවත් තව ටිහිකින් පබ්ලිෂ් කරන්නෙ හොහ් හොහ්....

    බීටලේගෙ කමෙන්ට් එකේ පොඩි කෑල්ලක් දාන්නං..
    _______________
    Beetle has left a new comment on your post "මැජික් බලන්ඩ එන්ඩලා | යුරෝ දෙකේ මැජික් පන්තිය (වීඩ...":

    බ්ලොග් එනවා යනවා.. එක එක කාලෙට එක එක ඒවා... මම කලින් කියලා තියෙනවත් ඇති... අවුරුදු දෙකක පටන්ම මගේ ප්‍රියතම බ්ලොග් ලිස්ට් එකේ එක දෙක තුන තියෙන්නේ මෙහෙම...

    1. ටැබූ සබ්ජෙක්ට්ස්
    2. සයිබර් යාය
    3. හිස් අහස

    දැන් මාස දහයක විතර ඉදන් සයිබර් යාය එක බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...

    මගේ ප්‍රියතම බ්ලොග් එක සදා කල් දිනේවා...

    ආ මැජික් එක ගැන...

    ReplyDelete
  27. දිග ගමනකට මගෙනුත් සුභ පැතුම්

    අනේ බොගෙ මැජික්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබ්සවර් මහත්මයා. ඔබගේ පැමිණීම මට මහත් ගෞරවයක්....

      .............
      හොදම ටික

      අනේ බොගෙ මැජික්//
      බොලා දන්නැතුවයි මගේ තරම. වැඩිය කතා දාන්ඩ ආවොත් බොගේ රැවුල් ගස් සුදුවෙන්ට මතුරනවා බලාගන්ඩ හොදේ ඔබා මාමා.

      Delete
    2. කොරයි උඹ මතුරල මට, ඕන්නං ට්‍රයි එකක් දාල බලහං

      Delete
  28. kehel kotuwe chuti mahattayata jaya we...................ee...wa.....0

    ReplyDelete
    Replies
    1. ගීත් සහෘදය ස්තුතියි. සයිබර් සැණකෙලියේ දැකපු උඔගේ යාලු කම තාම මතකයි

      Delete
  29. මම කර්සර එක තියලා බැලුවා හැබැයි වාක්කේ කිව්වේ නෑ ඊට පස්සේ බැලුවා ජාවා ස්ක්‍රිප්ට් එකක්වත් ලෝඩ් වෙනවද කියලා ඒත් නෑ ඕන කෙහෙල් ඇවරියක් කියලා ctrl+A ගැහුවා මේං බොලේ දිලිසි දිලිසි තියෙනවා හැංගිච්ච අකුරු පෙලක් පල්ලෙහාට ගිහින් බැලුවාමයි දැක්කේ ක්ලික් කොරලා අදින්න කියන එක හලේ හලේ තව පොඩ්ඩෙන් අරක ජප කොර කොර ඉන්නවනේ...

    අවුරුදු දෙක වෙනුවෙන් මගෙන් සුභ පැතුම් අයියන්ඩි...මට නම් අදට අවුරුදු දෙකයි බ්ලොග් එකට නෙමෙයි වෙන දේකට මට පේන්නේ මේක සුභ වෙලාවක්ද කොහෙද....ජය වේවා අයියේ තව ඉදිරියට ලියන්න අඳින්න අන්දන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කොරනවා

    ReplyDelete
  30. තව චිරාත් කාලයක් මේ වගේ මැජික් පෙන්නන්න වාසනාව. ධයිර්ය ලැබේවා. මේ මැජික් එක ක්‍රෝම්, ෆයර් ෆොක්ස්, එක්ස්ප්ලෝරර් ඔක්කොගෙම මැනුවල් හොඳට වැඩ. :D

    ReplyDelete
    Replies
    1. මුහුදු,

      ජාවා ස්කිරිප්ට් නැතේ
      ඇක්ස් ඇම් ඇල් දන්නෙ නැතේ
      ඒ උනාට එළමට වැඩ
      පාට මාරු කරපු ගැටේ...

      ස්තුතියි මුහුදු මංකොල්ලකාර මහතා.:P

      Delete
  31. බොරු කියන්න මොකටද අයියේ මම නම් මැජික් එක දැක්කේ මැනුවල් ක්‍රමේට..

    සරදියෙල්ව ඇදපු හැටිනම් අපූරුයි අයියේ.. අවුරුදු දෙකක ගමන් මගට උණුසුම් සුභ පැතුම්.. සම්යිබර් යායා කාටුන් කතාවට තමයි මම පළවෙනියටම කැමති.. සුභ පැතුම් අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් මලයා... අවංක විදිහට අදහස් දැක්වීම ගැන... පුලුවන් තරම් කල් සිත්තර අඳින්න තමා දැනට නං හිතාගෙන ඉන්නෙ.....

      Delete
  32. ඔන්න මං නං උලල සුදු අකුරු මතුකොරන් තමා බං බැළුවෙ. එහෙනං දෑවුරුද්දට සුභ පැතුං කිව්ව!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියණ්ඩි. ඒ කාලේ ඉඳලම අපිව දහිරියමත් කරගෙන ඉන්න අයියන්ඩිට මගේ බලවත් මෙව්වා එක!

      Delete
  33. හරි වැඩේනේ බුද්ධියෝ උනේ...

    මට ‍කෙහෙල්කොටුව ඩවුන්ලෝඩ් වෙන්න ටිකක් ප්‍රමාද වෙන හින්දා මං හැමදාම පුරුදු වෙලා තියෙන්නේ බාගෙට ඩවුන් ලෝඩ් වෙද්දිම Ctrl+A ඔබන්න..එතකොට අකුරු සැට් එකම ටක් ගාලා පේනවා..දැන් ඉතිං අදත් එහෙම ගහලා මං කියෝගෙන කියෝගෙන ගිහින් ඉවරවෙලා තමා මං ඔය කියන මැජික් ඊතලේ බලන්න ගියේ..කෝ මොනවත් නැහැනේ.. බලන් ගියාම උමේ මැජික් එක මං නිකංම දැකලා Ctrl+A වලට පින්සිද්ධ වෙන්න.. ඒ හින්දා ඔය උඹේ මන්තරේටයි..මැනුවල් කොරමෙටයි වඩා මගේ Ctrl+A මංතරේ බලවත් කියලා ඔන්න කිවුවා..හොහ් හොහ්...

    අවුරුදු දෙකක් තිස්සේ බලි කුරුටු ඇඳ ඇඳ අපිව හිනස්සවන බොට තව තවත් මෙහෙම ජිගිරිමයිට් වැඩ කොර කොර ඉන්න ලැබේවා කියලා ඔන්න මගෙනුත් සුභ පැතුං...

    ReplyDelete
  34. ගැමියාගේ පත්ඉරුවෙනුත් කෑල්ලයි ඔන්න දාන්ඩ වෙන්නෙ...
    ----------
    ගැමියාගේ පත් ඉරුව has left a new comment on your post "මැජික් බලන්ඩ එන්ඩලා | යුරෝ දෙකේ මැජික් පන්තිය (වීඩ...":

    මම කර්සර එක තියලා බැලුවා හැබැයි වාක්කේ කිව්වේ නෑ ඊට පස්සේ බැලුවා ජාවා ස්ක්‍රිප්ට් එකක්වත් ලෝඩ් වෙනවද කියලා ඒත් නෑ ............................ පල්ලෙහාට ගිහින් බැලුවාමයි දැක්කේ ක්ලික් කොරලා අදින්න කියන එක හලේ හලේ තව පොඩ්ඩෙන් අරක ජප කොර කොර ඉන්නවනේ...

    අවුරුදු දෙක වෙනුවෙන් මගෙන් සුභ පැතුම් අයියන්ඩි...මට නම් අදට අවුරුදු දෙකයි බ්ලොග් එකට නෙමෙයි වෙන දේකට මට පේන්නේ මේක සුභ වෙලාවක්ද කොහෙද....ජය වේවා අයියේ තව ඉදිරියට ලියන්න අඳින්න අන්දන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කොරනවා

    ReplyDelete
  35. මාරයගේ ඉටිකිරිස් කමෙන්ටුවටත් බඩු බනිෂ්!

    ඒකත් පස්සෙ....

    ReplyDelete
  36. තව චිරාත් කාලයක් සයිබර් යාය කරගෙන යන්නට යුරෝ දෙකේ මැජික් ශිල්පියාට සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොලා වගේ නිතර දෙවේලේ ඇවිල්ලා අපිව දිරිමත් කරන අය ඉන්නකල් මක් කරලා හරි ලියන්ඩ තමා කල්පනාව....

      Delete
  37. යුරෝ දෙකට බ්‍රියොෂ් එකක් කාලා කපුචිනෝ එකක් බිව්වනම් හොදයි කියලා හිතුනා.. හි හි..හරිම ෂොක් මැජික්..සුභ පතනවා හදවතින්ම..

    ReplyDelete
    Replies
    1. වෙල් කම් පුංචිකුමාරි හාමි. කෙහෙල්කොටුවට අලුත් නේද? දිගමට එන්ඩකො. ඔයිට වඩා හොඳ කෑම මෙහෙ තියෙනවා....:D

      Delete
  38. කෙහෙල්කොටුව එක්ක මමත් මේ අවුරුදු 2 පුරාවටම රැදිලා හිටියා, මේ බ්ලොග් කවදාවත් අමතක වෙන්නේ නැති බ්ලොග්, මමත් තව මාස 2න් අවුරුදු 2 වෙනවා, යූරෝ 2 වීරයා ඕකා අරාක්ශා කර ගනින් තව කාලෙකින් යූරෝ නැති උනොත් ඕකේ වටිනාකම ගොඩක් වැඩි වෙයි

    ReplyDelete
  39. ආ මේ මැජික් එක මරු,මිස්ටර් මැජික් යුරෝ 2 වගේ නමක් දෙන්න ඕනා, සුභ පැතුම ආ අරවා එකට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසල්වැසියා. මම හිතුවෙ උඔගේ බ්ලොග් එක තාම පටන් අරන් එච්චර කල් නෑ කියලා.....

      Delete
  40. අපොයි යාලුවෙක්ගෙන් ඊමේල් එකක් ආවානේ. යාන්තම් පෙනුනා. කොහොමද කරන්නේ කියලා බොහොම හොඳට විස්තර කරලා තිබුනා ඒකේ. ඒක හැමෝටම යවන්ටත් හිතයි. අසරන ජනයාගේ හිත, සුව පිණිස යවන්නම් නේ.

    අවුරුදු දෙකට මගේ සුබ පැතුම්...:D

    ReplyDelete
    Replies
    1. මහා මොල කරු පොඩ්ඩිත් වැඩේ වර්චස් කොරා ගත්තා එහෙනම් නේ.... හොහ් හොහ්....
      -----------

      අසරන ජනයාගේ හිත, සුව පිණිස යවන්නම් නේ.//

      එපා ද්හරුවා.... අසරණයන්ට කෙහෙල්කොටුවට එන්න ඉඩ හරින්න.....ඔබ වැනි අය තවත් සිටිය හැකියි. ඔවුන්ට අවශ්ථාව දෙන්ඩ.... බලන්ඩ ඔබගේ මුල් කොමෙන්ටුවේ සිට ප්හැය ගිහිල්ලා තියෙනවා හරියටම 8ක්.... පැය අටකට පශ්‍ශෙ හරි ඔයාට තේරුං ගියානේ....අන්න ඕකයි කියන්නෙ උත්සහවන්තයා ණය ගනී කියලා.....හොහ්හොහ්...

      Delete
  41. මමනං බැලුවෙ මැනුවල්.

    අඩේ අර උඹේ මීයව සිප් එකට අහුවෙච්චදා ඉඳල තාම මේක කියෝනව. බ්ලොග් එකක මුල ඉඳල මේ වෙනකං කියෙවුවොත් පැහැදිලි වෙනසක් එක්ක දියුනුවක් දැක්කෙ හිස් අහසෙයි, ලියන්නගෙයි, උඹෙයි විතරයි බං . . . ඒවයිනුත් උඹේ වෙනස විශේෂයි . . . හේතුව උඹ ලිවිල්ලට වඩා තවත් පැත්තකිං උඹේ හැකියාව පෙන්නන නිසා.

    ජයවේවා මචං මේ අවුරුදු දෙකට වගේම ඉදිරියටත් . . . ඇඟිලි බිත්තර වල පන කෙන්ද රැඳිල තියෙනකං ලියන්න වගේම අඳින්නත් හැකියාව ලැබෙන්නය කියල උඹට වගේම
    ටිකිරිටත්
    විදෙස් සිත්තරාටත්
    සුභ පතනව . . . !!!

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹ කොච්චර දුර ඇවිල්ල තියෙනවද අර මකාපු පොස්ට් එකේ ඉඳල ? මග ඇරිච්ච කට්ටියට මෙතන ආයෙත් උඹේ පලවෙනි පෝස්ට් එකේ ලින්ක් එක දාන්නත් හිතල කම්මැලි කොමට නිකා හිටිය...හෙහ්...හෙහ්...

      Delete
    2. මායි, මරණෙයි, ප්‍රසයි දැං මුණු පොතෙ කතා උනෙත් ඔය ගැනමනේ.... අරුන්දැගෙ නොසන්ඩාල වැඩේ ගැන....

      Delete
  42. ඔං ඇ... හැමදාම බලන සහ කලාතුරකින් කොමෙන්ටුවක් කොටන මගෙනුත් උණුසුම් සුභ පැතුම්..

    ජය වේවා කිව්වා ඇ...!!!

    ReplyDelete
    Replies
    1. බලනවනම් එච්චරයි. පොත් ප්‍රදර්ශණය දවසෙ අදුරගත්තු මතකය නං තාම අලුත්....

      Delete
  43. අයියෝ තාම අවුරුදු දෙකද . . ඊට වඩා සෑහෙන කායලක් වගේ නේ බන් දැනෙන්නේ . . .

    කොහොම හරි කමක් නෑ ජය වේවා . ..

    වැඩි වැඩියෙන් ලියවේවා . .

    චිත්‍ර ඇඳේවා . .

    ReplyDelete
    Replies
    1. මම ලියන්ඩ පටන් ගත්තු කාලේ දුකා භයියලා, ඉන්දරේලා, කකාලා තමා බ්ලොග් ලෝකෙ දැවැන්තයින්.(දැනුත් එහෙම තමා) මම ලියපු මුල්ම ලිපි වලට දීර්ඝ කමෙන්ට් දාලා දිගමට වගේ සයිබර් යායට එද්දි මට මාර ගතියක් ආවේ. මේ වගේ කට්ටියටත් මගේ බ්ලොග් එකට එනවා නේද කියලා...... ඒ කාලෙ මතක් කලත් හරිම සතුටුයි දුකා අයියණ්ඩි.

      Delete
  44. චූටි මහත්තයට මගෙනුත් ඔන්න උණුසුම් සුභ පැතුම්... චිරාත් කාලයක් අපිට කතා කියන්න, සිත්තර ඇඳල පෙන්නන්න වගේම මැජික් පෙන්නන්නත් සක්තිය දහිරිය ලැබේවා කිව්ව....

    ReplyDelete
  45. පුහ් මැජික් එක අපි අහුවෙයි ඔව්වාට ....... තව අවුරුදු 20 ක් වත් බ්ලොගේ ලියන්ඩ දහිරිය ශක්තිය ලැබේවා..........

    ReplyDelete
  46. සුබ පැතුම් අයියන්ඩි... කෝ දැන් ටිකිරා මලයා එහෙම... ;) තව තවත් ලස්සනට, නිර්මානශිලිව සිත්තර අඳින්න ලැබේවා... ජයෙන් ජයම වේවා....!

    ReplyDelete
  47. උඹට නම් හැටහුටහමාරක් තියෙන නිසා, බුද්ධි කියන්නම්කො. අපේ බුද්ධිට බ්ලොග් අවකාශයේ අති සාර්ථක දුර ගමනක් යාමට හේතු වාසනා ලැබේවායි බ්ලොග්වෝකර් පවුලම සහ ඩූඩ් සුභ පතනවා! ජයෙන් ජය!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජේත්තුකාරයා..... ආපු දවසෙ ඉදලා මට ඩුඩීව අමතක වෙන්නැති වෙන්ඩ වැඩ කරලා තියෙන්නෙ......ඒ හිංදා අමතක වෙන්නැ කවදාවත්.:P

      Delete
  48. කෙහෙල් කොටුවට සුභ පැතුම්. තවත් වසර ගණනාවක් ලියන්නට ධෛර්යය ශක්තිය ලැබේවා....!!!!

    ReplyDelete
  49. ජයග්‍රාහී දෙවෙනි අවුරුද්දට මගෙනුත් සුභපැතුම්!

    ReplyDelete
  50. ඒක නියමයි.....අනේ තව රස කතාවක් කියන්නකෝ

    ReplyDelete
  51. ඔටෝ වැඩකලේ නැහැ.මගෙනුත් ඔයාට සුභ පැතුම් චුටි මහත්තයා.

    ReplyDelete
    Replies
    1. ඔටො වැඩ කලේ නෑ...අනේ පව් අසරණයා....... ස්තුතියි සුබ පැතුවට :D

      Delete
  52. මං කිල්ලට අහු වෙලා. කොහෙද කවුරු හරි එකෙක් මලගෙදර ගිහින් මෙහේ ඇවිත් !!!

    ReplyDelete
    Replies
    1. මැනුවල් කරලා බැලුවන නං ඒ ඇති...... මෙකේ වැඩි හරියක් ඉන්නෙ කිල්ලට අහුවෙච්චි අයනේ.... හික් හික්.....

      Delete
  53. චුටි මහත්තයාට මගෙනුත් උණුසුම් සුභ පැතුම්....
    ජයෙන් ජයම වේවා....!!
    මැජික් එක බලා ගත්තේ මැනුවෙල් ක්‍රමේටනේ
    කොහෙද මන්තරේ මතුරන්න බැහැ එහා පැත්තේ ඉන්න එකා පරල උනොත් එහෙම....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.... බය නැතුව මතුරන්ට මේ මන්තරේට පරල වෙන්නෙ මීයෝ විතරයි... හොහ් හොහ්....

      Delete
  54. Replies
    1. මෙන්න මැජික්.

      Delete
    2. මගේ මැජික් එක මොකද්ද මේකනෙ මැජික් එක.... WOW නියමයි කතන්දර මහත්තයා.... මේක නං මාරයි....

      ඒ කොහොමද සිලෙක්ට් කරාම එන නිල් කොටුව අස්සෙන් මාව පේන්නේ......

      Delete
    3. කසූ ජීවිතේ හැටි ඔහොම තමයි.......! හැමදේම ඉස්තීර නැහැනේ මේ ලෝකේ....!

      Delete
  55. අපේ සුභ පැතුම් බුද්ධි අයියේ. තවත් චිරාත් කාලයක් මේ වගේ එක එක ජිල් මාට්‌ දාන්න ධෛර්යය ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයා. අපි කියලා කිව්වෙ අර අහවලාත් ඉන්නවද ඔතන...

      Delete
  56. ජිමික් වෙලා ගියා එකපාරට හි හි හි

    ReplyDelete
    Replies
    1. අන්න වර්ඩ් එක. ස්තුතියි මකුලුස් :D

      Delete
  57. Chuti mahaththaya,
    Comment nokalata,Ammata upandina suba pathumak liyapu dinaye sita nokadawa mea blog eka asuru karami.
    Subapathum!!!

    kawdo kiyala thibba, welawakata "budhdhi"wai "sandaruwai" hada gannd ganna hithenawa kiyala..
    mata oyala dennage lipi kiyawana hama welawakama eka hithenawa...

    suba pathum mallii!!!

    ReplyDelete
    Replies
    1. බෝ පැලේ.... ස්තුතියි දිරිමත් කිරීම ගැන.

      අපි දෙන්නව හදාගන්න හිතෙනවා කිව්වෙ අර අකුරු බ්ලොග් එක ලියන බීටල් මාමා. සරදියෙල්ගෙ කාටුන් එකට කවිය එහෙම ලියලා දුන්නෙ...

      ඔයාටත් එහෙම හිතෙන එක ගැන හරිම සතුටුයි. මොකක් හරි කරදරයක් උනොත් අපි දෙන්නට බැරියැ කතාවෙලා ඕගොල්ලන් දෙන්නගෙ ගෙවල් වලට එන්ඩ. හිහ්...හිහ්.....

      හැබැයි බීටලේ නං ටික වෙලාවකින් ඒ තීරනේ වෙනස් කරලා ආය කමෙන්ට් කලා. ඔහොම හිටියට මිනිහා හරි ලැජ්ජා කාරයා.

      Delete
  58. මිස්ටර් දුනු ඊතල මොකද මගෙ කමෙන්ට් එක නැත්තෙ. ආයෙ මම එන්නනෙ මේ කැලේට.

    ReplyDelete
    Replies
    1. රයිට් සහොදරයා, එහෙම කමෙන්ට් එක්ක නෑනේ ඇවිල්ලා තිබුනේ... ඉස්සෙල්ලා එකටනං ආවා කමෙන්ට්.....

      Delete
    2. ඈ එහෙනම් මේක මොකක් හරි කුමන්ත්‍රණයක්. කමක් නෑ. ඔය වාගේ කුමන්ත්‍රණ වලට අපේ යාළු කම නවත්වන්න බෑ නැද්ද මචං
      අවුරුද්දට සුභ පැතුම් හද පතුලෙන්ම. කිව්වෙ නැතත් දන්නවානෙ ෆිට් එක

      Delete
    3. අනිවා. ඒ කාලේ ඉදලා මාව දිරිමත් කරන කට්ටියටගේ කෙනෙක් හැටියට ඔන්න පේලියේ මුලම හරියෙ උඔත් ඉන්නවා.... ඒකට මගේ ස්තුතිය.

      ඒත් මෙහෙම දෙයකද් තියෙනවා. මම වගේ නෙමේ විදෙස් සිත්තරා....!

      Delete
    4. අප්පට සිරි! හෙට සෙනසුරාදා නේද? කට වැරදුනාවත්ද?

      Delete
    5. කලබල වෙන්ට කාරී නෑ... හැම දේකම පිළිවෙලක් තියනව නෙවැ... හොහ් හොහ්....

      Delete
  59. මොනිටරෙත් පෙරලුනා මැජික් එක කරන්න ගිහිල්ලා.....

    ReplyDelete
    Replies
    1. ඒ මොන අටමගලයක් කරන්ඩ ගියාද, මොනිටරේ එක්ක ඔට්ටු වෙලා.... මවුස් එකටනෙ මතුරන්ඩ කිව්වෙ :P

      Delete
  60. මටත් උනේ මාරයියට උන දේම තමා....... මමත් මතුරන්නෙ නැතුවම මැජික් දැක්කා.... හැබැයි කතන්දර දාල තියෙන මැජික් එකනම් තාම දැක්කේ නෑ... මම බ්ලොග් කියවනකොට හැමදාම මුලින්ම කියවන බ්ලොග් එක,, එත් කමෙන්ට් කරනව අඩුයි ඉතින්... මට මහා ඔනැකමක් තිබ්බ විදෙස් චිත්‍ර සිල්පිය චිත්‍ර අදින හැටි බලන්ට.. අද දැක්ක තමා ඒත් හිතට මදි වගේ... එයා චිත්‍රෙ අදින කොට සියුම් තැන් වලදි කට උල් කරල දිව හපාගන්නව කියලයි මම හිතන්න් ඉන්නේ... බලමුකො ඉස්සරහට මේ වගේම චිත්‍ර අදින හැටි දාවිනේ.... චුටි මහත්තයටයි, ටිහිරිටයි, විදෙස් සිල්පියටයි කුරුලු බලකායෙ අයියටයි සුභ පැතුම්..!!!
    (රචනාවක්ම ලියලා)

    ReplyDelete
    Replies
    1. රචනා කියවන්න අපි හරි කැමතියි! ස්තුතියි රචනාවට!!:D

      Delete
  61. මන්තරේ සද්දෙට මතුරන කොට අමිමා ඇවිල්ලා දුන්න කදනේ පාරට මන්තරේ අඤ්ඤකොරොස් වෙලා ගියා
    ඒ ගමන මැනුවල් ක්‍රමේටම බැලුවා
    මං කියවන්න ආසම බොලොග් වලින් එකක්

    ReplyDelete
  62. බුද්දි බ්ලොගේ චිරාත් කාලයක් ලියැවේවා!!!! අවුරුදු දෙකට චිරාත් කාලයක් ආවඩා ආයුබෝ වේවා!!!

    ReplyDelete
  63. මගේ කොමෙන්ටුව නොවැටුනාවත්ද....බුද්දි අයියේ!!!.....දෑවුරුද්දට මගෙන් සුභ පැතුම්!!!

    ReplyDelete
  64. කෙහෙල් කොටුවේ චූටි මහත්තයාගේ මෙව්වා එකට සුභ මෙව්වා එකක් වේවා.....!

    හතලිස් ඇඳිරියට ටික ටික කිට්ටු වෙන නිසා මම කම්පීතරේ ctrl + A ඩිෆෝල්ට් කරලා තියෙන නිසා මැජික් එක පෙන්නන්න කලින්ම දැක්කා....!

    ReplyDelete
  65. සුභ පැතුම් බුද්දි අයියේ... මටනම් මැජික් එක ඔටෝම හරි ගියා මීයට පණ ඇවිත් මකරෙක් උනා... :D

    ReplyDelete
  66. කමෙන්ට් කළ සියල්ලන්ට වෙන වෙනම උත්තර බඳින්න ඕනේ කියන එක යුරෝ දෙකේ වීරයාගෙ ප්‍රතිපත්තියක්. ඒත් මේ දවස් වල කිසිම වැඩක් නැතුවත් මාරම බිසි. වෙලාවක් ආ විගස සියල්ලන්ට උත්තර බඳින පොරො‍න්දුවෙන් මේ ‍වේදිකාවෙන් බැස යන්නෙ..... උණුසුම් අත්පොලසන් නාදයකින් පිළිගන්න යුරෝ දෙකේ.......................වීරයා....!!!

    ReplyDelete
  67. ජය වේවා බුද්ධි අයියේ තවත් දීර්ඝ කාලයක් අඳින්නයි ලියන්නයි හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා... ඒ වගේම දැනට වැඩිම කමෙන්ට් තියන සයිබර් යායට තවතවත් කමෙන්ට් ලැබේවායි කියලා ආපහු ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  68. සුබ පැතුම් බුද්ධි,
    තවත් චිරත් කාලයක් වැජබේවා.

    අාෙයම face2face හම්ෙබමුෙකා් දවසක

    ReplyDelete
  69. ශිහ් මාව නම් වස කිල්ලකට අහුවෙලා වගේ. මැනුවල් කලාම පෙනුනෙත් නෑනේ..

    මේ කට්ටිය විශ් කරලා තියෙන්නෙ ඇයි ? කොහෙවත් එහෙම එකක් දැක්කෙ නෑනෙ මම !!

    කමම්ක් නෑ හැමෝම විශ් කරලා තියන හින්දා;

    සයිබර් යාය දිනේවා !!!

    ReplyDelete
  70. අම්මටසිරි මම මේ වගේ මැජික් එකක් දැක්කමයි.මේක කරන හැටි අපටත් පොඩ්ඩක් කියල දෙන්නකෝ.එක පාරටම මෞස් එක ඊතලය උඩින් තිබ්බහම ඒක කොහොමද දේදුන්නක් වෙලා ඒක එක එක පාට මල් වගේ උනේ.පුලුවන්නම් කියා දෙන්ඩ අපටත් අපේ මූණු පොතේ දාගන්න.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...