2012/05/26

අද කාටුන් - 16 - එන්ඩලා....බ්ලොග්කාරයෝ දිරිමත් කරන්ඩ එන්ඩලා.....!

බ්ලොග් ලියන්නෙ ඇයි කියලා ඇහැව්වොත් උත්තර ගොඩයි.

මට මතක් වෙනවා මීට අවුරුදු දෙකකට විතර කලින් මම බ්ලොග් ලියන්න පටන්ගත්තු කාලේ. ඒ කාලේ මාව හෙනට දිරිමත් කලේ ඊට කලින් බ්ලොග් ලියලා නමක් දිනා ගත්තු අය. ඒ අය ඒක කලේ තමන්ගේ බ්ලොග් වලින් මගේ බ්ලොග් එකට ලින්ක් දීමෙන්, නිතර පැමිණ කමෙන්ට් කිරීමෙන් හා facebook එකේ බෙදාහැරීමෙන්.

අවුරුදු දෙකක් ගෙවිලා තියෙන මගේ බ්ලොග් එකෙනුත් ඒ වගේ වැඩක් කරන්නයි මම අද ලෑස්තිවෙන්නෙ.

මේ වගේ වැඩක තියෙන ආනිසංස මතක් කරද්දි මගේ හිතේ බුර බුරා* නැගුණු සංතෝශය හන්දයි, මගේ අතින් මේ වගේ දෙයක් ඇඳුනේ. ඇරත් මේක යුගයේ අවශ්‍යතාවය කියලයි මට හිතෙන්නෙ.


ඇත්තටම ඔය තරූගේ කටින් පිටවුනු බ්ලොග් වල, ඇඩ්මින්ලා ඇඩ්මිනියන්ලා විසින් මේ පෝස්ට් එක පබ්ලිෂ් උනාට පස්සෙ මට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා හිතනකොටත් මගේ සියොලඟ මෙව්වා වෙලා යනවා. ඒත් ඒ ඔක්කොමලාම මගේ යාලුවෝ හන්දා මං නං තඹ සතේකට බය නෑ.

අවසාන වශයෙන් මම ඔබට එක දෙයක් කියන්නම්. මේ බ්ලොග් ලිපි හුඟ දෙනෙක් නොදැක්කත්, දැක්ක පිරිස අතර අතිශය ජනප්‍රිය වෙලා තියෙනවා. ඒක නිසා එක හුස්මට හැම බ්ලොග් එකකම හැම ලිපියක් ම කියවන්න.

මෙන්න බ්ලොග් ටික


01. පොඩිකුමාරි හාමි - මොනරවිල බ්ලොග් අඩවිය.
වැඩිදෙයක් කියවන්න නෑ. ඒ වුනාට මාර රසවත් වගේම හෙන අර්ථාන්විතයි. මුලු පෝස්ට් එකටම අකුරු හතරයි. H-O-M-E !!!

02. තරු මහතා - තරුමල් යාය බ්ලොග් අඩවිය.
පට්ට බ්ලොග් අඩවියකි. 2011 දී බ්ලොග් එක පටන් අරගෙන තියෙන්නෙ. මේ වෙද්දි ලිපි 300 විතර පල කරලා තියෙනවා. අන්තිම පෝස්ට් එකේ එක අකුරක්වත් නැති උනත් මාර තේරුමක් තියෙන්නෙ.

03. තනිකඩයා -  තනිකඩ බ්ලොග් අඩවිය.
තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...

04. Praසන්ன- Praසන්னගේ ලටපට බ්ලොග් අඩවිය.
තරුගේ බ්ලොග් එක‍ට පට්ට බ්ලොග් අඩවියකි කිව්ව හන්දා මේකට කියන්න වචන නෑ. හිතාගන්ඩකෝ එක පෝස්ට් එකයි, ඒකට කමෙන්ට් 191 යි. හිතාගත්තැකි නේද තරම. ඔත්තුවක් දෙන්නම්. පළවෙනි කමෙන්ට් එකේ ඉදලා පහලට කියවගෙන යද්දි කමෙන්ට් කරුවන්ගේ බලාපොරොත්තු මෙව්වා වේගෙන වේගන යන හැටි බලන්න. මාර ලස්සනයි.

05. සුමින්ද වික්‍රමසිංහ -  අපි නොදන්න බ්ලොග්.
මෙයා හොඳ චිත්‍ර කාරයෙක්. පහුගිය දා තිබුනු පතිවත විත්‍ර ප්‍රදර්ශණයටත් මෙයා සිත්තරයක් ඇඳලා එවලා තිබුනා. එයාගේ බ්ලොග් ලේඛණ කලාව ගත්තොත් අර්ථයෙන්, භාවයෙන් රස ගැන්වීලා පාඨකයාගේ සැගවුනු රසඥතාවය කුලු ගැන්විලා, භාව කම්පනය වෙලා, හැගීම් ඇවිස්සිලා දොරේ ගලා යන්ඩ ලියන්ඩ මෙයාට පුලුවන්.

උදාහරණයක් කියනවනම් මේ තියෙන්නෙ එයාගේ බ්ලොග් එකේ පලවෙනි සංවත්සරේට දාපු ලිපිය. අර උඩ කියපු ඔක්කොම වෙනවා නේද මේක කියවද්දි.

උපුටා ගැනීම -


අවුරුද්දකට පසු, ආපසු හැරී බලමි.

මගේ බ්ලොග් ලිවිල්ලට අවුරුද්දකුත් වෙලා! හරියටම කිව්වොත්, අවුරුද්දකුත් මාසයක්! මේ අවුරුද්දක කාලය ඇතුලෙ, මම පළකරලා තියෙන ලිපි ගණන 0001 ක්!!!

මේ තමා මගේ බ්ලොග් කෙරුවාවෙ තරම!
Posts : 02
Comments : 00
Followers: 00
Page Views: 29 (මේ 29ත් මම ම තමා)

ඇත්තටම, මට හරි ම අහිංසක සතුටක් දැනෙනවා.  මේ ‍ව‍‍ගේ දීර්ග කාලයක් බ්ලොග් එකක් පවත්වගෙන යන එකත් ලේසි වැඩක් නෙවෙයි.

මගේ බ්ලොගයට ජයවේවා!

(අනේ කොමන්ට් එකක් දාලා යන්න ‍හො‍ඳේ!)

උපුටා ගැනීම අවසානයි.

කොහොමද වැඩේ. හැබැයි මේකෙ කමෙන්ට් කියවන්න ඕගොල්ල අදහස් කරගෙන ඉන්නවානම්, ඕගොල්ල ඉන්නෙ ඔෆිස් එකේ නම් ටිකක් පරිස්සමින්. ඒ තරමට සංවේදියි මෙකේ තියෙන කමෙන්ට්.


ඒ කාලේ මාව දිරිමත් කරපු හැටියටත් වඩා හොඳට ඔන්න අද මම මගේ යාලුවන් දිරිමත් කලා. ඕගොල්ලත් මේ බ්ලොග් වලට ගොඩවැදිලා ඒගොල්ලන්ව දිරිමත් කරන්ඩලා. 

එහෙනම් ඔහොමලු උනා කියන්නෙ.  නැවත හමුවෙමු!


............................
- මීට විදෙස් සිත්තරා.


ප/ලි - 


78 ක් කියන්නේ !:

  1. පට්ට බ්ලොග් ටික. අර ප්‍රසන්නගේ බ්ලොග් එකට මරු නමක් යෝජනා වෙලා තිබුනා ලකී සිරී ගෙන් "ප්‍රසන්නගේ නොපෙනෙන රෙද්ද කියලා"අර්තාන්විතයි නොවෙද.

    ඔය බ්ලොග් කාරයො / කාරියො ටිකටයි, විදෙස් සිත්තරාටයි ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මිනිස්සු.

      අර ලකියා ඉන්නවා නේද? මම මෙච්චර හරියක් කරලා තියෙද්දි මා එක්ක පැටලෙන්ඩ ආව නෙව.. මගේ පරණ පෝස්ට් ඇදගෙන...

      උඔටත් ජය වේවා!

      Delete
    2. උඹ ඔහොම කිව්වත් නැතත් අපි මෙතන කොමෙන්ටි දානවා බුද්ධියො...:D:D

      Delete
  2. සා මෙන්න නියම යාළුවො.. මෙහෙමනෙ කස්ටියව දිරිමත් කරන්ට ඕන.. කවුරු කවුරුත් මේ බහුබුද්ධියාව ආදුරුසෙට ගන්නවානං අපේ මේ බ්ලොග් ලෝකය කොච්චර ලාස්සන වෙයිද.. :)

    පලි: අ‍ඩෝ! තෝ මහ නරකයි.. මයෙ බ්ලොග් එක ගැන වචනයක්වත් දාලා නෑ නේද..??

    ReplyDelete
    Replies
    1. බුරතීනෝ,

      අ‍ඩෝ! තෝ මහ නරකයි.. මයෙ බ්ලොග් එක ගැන වචනයක්වත් දාලා නෑ නේද..??//

      අඩො! උඔ හිතන්නෙ උඔව මට අමතක වෙලා හින්දා බේරුනා කියල ද?.

      This blog is open to invited readers only

      http://buratheno.blogspot.com/
      It doesn't look like you have been invited to read this blog. If you think this is a mistake, you might want to contact the blog author and request an invitation.

      ඉතින් මේ හන්දා අල්ලා දැම්මා.

      Delete
  3. උදේම හොඳටම හිනා උනා මේක දැකලා. අලුත් බ්ලොග්කාරයෝ-කාරියෝ දිරිමත් කරන මෙවැනි කට්ටිය ඉන්නකල් මේ බ්ලොග් ලෝකය තරු යායක් වගේ බැබැලෙමින් පවතින බව මගේ විශ්වාසයයි.. මගේ අසරණ, අහිංසක බ්ලොගයටත් මේ වගේ ප්‍රසිද්ධියක් දූන්නු, (හැබෑට කවුද දැන් මේක දීලා තියෙන්නේ) චූටි මහත්තයාටත්, විදෙස් සිත්තරාටත්, බුද්ධිටත්, මගේ හදවතේ බුර, බුරා නැගෙන, (හද පත්ලෙන්ම පැන නගින හොඳේ ) පහන් සංවේගය, කෘතඥතාවය, ආදරය සහ කරුණාව බාරගන්නා ලෙස ඉල්ලා හිටිනවා.

    අර ලටපට බ්ලොග් අඩවියට නම් සම්මානයක් දෙන්ට වටිනවා. බ්ලොග් ලියලත් එකසිය අනූ ගානක කමෙන්ට් ගන්ට බැරි එකේ මෙයා නිකං ඉඳලා අරං තියන කමෙන්ට් ගොඩ. :)

    තරු ඉක්මනට මොනවා හරි පටන් ගන්ට වෙයි. මාත් මේ ඒ පැත්තේ ගියාමද කොහෙද. බ්ලොගේ දිලිසෙනවා. ලස්සනම ලස්සනයි. :D

    තනිකඩගේ බ්ලොග් එකත් මාර ලස්සනයි. ඒත් ලස්සනම අර සුමින්දගේ එක. හී හී....

    අනේ මම testing වලට පටන් ගත්තු අර අහිංසක බ්ලොගේ දැන් ඉතින් වහලවත් දාන්ට වෙයි කට්ටිය හිනාවෙන හන්දා.

    ඒ වගේම අවසාන වශයෙන්, අර බූරාගේ බ්ලොග් එක ගැන මුකුත් කියලා නැති එක ගැන මගේ තදබල විරෝධය මින් ප්‍රකාශ කර සිටිමින් නවතිනවා …:)))

    ReplyDelete
    Replies
    1. "මගේ හදවතේ බුර, බුරා නැගෙන, (හද පත්ලෙන්ම පැන නගින හොඳේ )"\

      මේ කියන්නෙ හදවතේ බුරා ඉන්නව කියන එකද නැත්තං ගෙම්බෙක් වෙනුවට බල්ලෙක් ඇවිත් කියන එකද?

      Delete
    2. පොකු, "බුර බුරා" යන්න මෙලෙස ආවාට ගියාට පාවිච්චි කළ නොහැකි වචනයත් බවත්, ඒ සඳහා බුරතිනෝ මහතාගේ පූර්න අනුමැතිය ලබා ගත යුතු බවත්, මමත් තවමත් පොරොත්තු ලේඛනයේ පසුවන බවත්, සියල්ල රඳාපවතින්නේ මේ කෙහෙල් කොට්ටාගේ කල්ක්‍රියාව මත බවත් මෙයින් කාරුණිකව සිහි කැඳවා සිටිමි.

      Delete
    3. බොලා දැනගත්තොත් හොඳයි මම බුරාගෙන් ගත්තු අවසරේ ගැන.... වැඩි විස්තර තරුවට කොටලා බලාගන්ඩ!

      සෙන්නා උඔ මෙහෙ ආවම වෙනදට වඩා නෙට් එකේනේ.... හෙහ් හේ.... මං හිතුවා ආයි නැව් නගිනකල්ලා හොයන්ඩ නැති වෙයි කියලා....

      Delete
    4. ශිඃ ඔවු බන්.. මේක නිකන් අබින් කෑවා වගේ වැඩක්නේ ! හැබැයි සැරින් සැරේ ටික ටික තමා.. එක දිගට ඉන්ඩ හම්බෙන්නෑ.

      Delete
    5. @සිංහයා,

      මගේ අයිතිකාරයා ආවොත් ඔයාට දුවන්ට කැලෙත් ඉඩ මදිවෙනවා.

      මම කීවේ මගේ අප්පච්චි ගැන.:D:D:D

      @Senna,

      බූරා පහුගිය කලාපෙන් ඒ අයිතිය ලබා දුන්නා. මම හිතන්නේ කරන්ට දෙයක් නැතිම හින්දා. :)))

      Delete
  4. පික්සු කොර... සුපිරිම බ්ලොග් ටික. ඉක්මනට ෆලෝ කරලා දාන්න ඕනා!!!

    ReplyDelete
  5. බොහොම වටින කියන බ්ලොග් කිහිපයක්.. තව තවත් ලිපි ලියවේවැයි කියලා මන් එක හිතින් ප්‍රාර්ථනා කරනවා..:P

    ReplyDelete
    Replies
    1. අඩවි රජ, අන්න හොඳ රජවරු. ඉක්මනට ෆලෝ කරලා අල්ලගන්න හෙහ් හෙ...

      ...................
      precious,
      එහෙම වෙයි නේද එහෙනම්. අපි බලාගෙන ඉමු බලන්න...

      Delete
  6. ෂහ් මරු බ්ලොග් ටික. සේරම එක වගේ අර්ථාන්විතයි. ප්‍රසන්නයා එකක් ලියලා අච්චර කමෙන්ට් අවානම් තව 100 ක් හමාරක් ලිව්වා නම් මොනවා වෙයි ද?
    සෙන්නා, අර කිව්ව නම නම් හරි යනවා අරූගෙ බ්ලොග් එකට.
    බුද්ධි මචංඋඹ විසින් බ්ලොග් ලෝකට කරනා අගනා මෙව්ව එක නිසා උඹට කවදා හරි මෙව්වා එකක්ම වෙන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. ඉෂාර වැනීම ගැන මගේ අප්‍රමාන ස්තුතිය! :P

      Delete
  7. බ්ලොග් කරුවන් අනෙක් බ්ලොග් කරුවන් වෙනුවෙන් පෙනී සිටීම ඇත්ත සැහෙන වට්න දෙයක් , කෙනෙක් ලියන දෙයක් අගය කරන්නත් බැරි අය කොටසකුත් අපි අතරෙම ඉන්න එකේ මේ ලිපිය සැහෙන වටිනවා.....

    ReplyDelete
  8. මෙන්න මිනිස්සු. මෙහෙමත් දිරිමත් කිරීමක්, හොදි ඕන්නෑ...
    මම නම් ඔය චිත්තරේ වැඩියම කැමති කෑල්ල කකාගෙ තට්ටෙ. ඔන්න ඊයෙත් කකා කියල තිබුණ තට්ටෙන් සොමිය දෙන එක ගැන.

    ReplyDelete
  9. සම්මනයට පාත්‍ර විය යුතු බ්ලොග් කිහිපයක්.... හොඳම පෝස්ටුව මම එක

    ReplyDelete
    Replies
    1. රොබින්,

      ඓහෙනං...එහෙනං.. හැබැයි මේක කෝචෝක් සුවරයෙන්ද මන්දා තියෙන්නෙ....

      ..........

      ඩීඩීටී,
      හෙහ් හෙ....ස්තුතියි ඈ.........
      ..........

      මී ගොඩ,

      හොඳම පෝස්ටුව මම එක තමා. ඒකේ සම්භාව්‍ය කම කොච්චර ද කියන්නෙ ලියුමේ එක අකුරක්වත් මට කියෝගන්න බැරි උනා නේ...

      Delete
  10. ප්‍රථම‍යෙන්ම උඹ අපේ බ්ලොග් ප්‍රචාරය උදෙසා දාල ‍තියෙන මේ මෙව්ව එකට මගේ හද පත්ලෙන්ම මෙව්ව වෙනව.

    දැන් උඹම කියන විදිහට ඔය පළවෙනි පෝස්ට් එකේ කොමෙන්ට් උඩ ඉඳල පහලට කියෝගන යද්දි මගේ බ්ලොග් එකෙන් මේ ප්‍රසිද්ධ බ්ලොග් රචකයන්ට, කොමෙන්ට් කරුවන්ට කොච්චර ඉවසීම ප්‍රගුණ කරන්න අවස්ථාව සලසල දීල තියෙනවද කියල ඒ ටික කියෝන ඕන කෙනකුට තේරෙනව නේද?
    ඔය මොන බ්ලොග් එකෙන්ද ඒ වගේ අවස්ථාවක් සලසගන්න පුලුවං.

    ඇත්තටම තරූ ට ன යන්න කියවෙන්නෙ නැද්ද?

    ReplyDelete
  11. හම්මියෝ..මාර බ්ලොග් ටික...වැඩි වැඩියෙන් ලියවේවා...:)
    මේවට නම් ජාත්‍යන්තර සම්මානම ඕන දෙන්න...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ප්‍රසන්න...මම නං ඕවා බලාපොරොත්තු වෙන් කරපු වැඩක් නෙමෙයි මේක.

      ன ගැන කියවන නම් මටත් බැරි උනා නේ ඒක හොයා ගන්න. දෙමල ෆොන්්ට එකක් අරගෙන කැරැක්ටර් මැප් එකෙත් බැලුවා ම්හු....

      Delete
    2. හිරු,
      අනිවා මේවට ජාත්‍යන්තර සම්මාන දෙන්න ඕනේ. ඒත් කව්රුත් මුලික වෙන්නෙ නැති හන්දා ඔන්න මමම පටන් ගත්තා.

      Delete
  12. @වි.වි,
    දැන්නෙ තේරුනේ විදෙස් සිත්තරාව බේරගන්න එන්න කියලා එදා කිව්වෙ මොකද කියලා...
    උදෙන්ම එන්න බැරිවුන නිසා ගණන් ගන්න එපා..එත් පරක්කු වෙලා ආවත් මේ සේෆ්ටි හෙල්මට් එක බාරගන්ට..

    @අළුත් බ්ලොග් කරුවන්ට,
    විවි දුන්න මේ පබ්ලිසිටියේ මාර්ගයෙන් ඔබලා සැම දෙනාටම තව තවත් මේ බ්ලොග් ලෝකයේ රැඳී සිටීමට අවැසි ඉවසීම ලැබේවා..සාදු..!!

    ReplyDelete
  13. ලට පට කියවලා,සට පට ගාලා කඳුළු වැටෙනකල් හිනා වුණා.. මරු බ්ලොග් ටික.. :) :D :D

    ReplyDelete
  14. මරැ... මරැ... ජය වේවා

    ReplyDelete
  15. Replies
    1. ‍රූ,
      සේෆ්ටි හෙල්මට් එකට ස්තුතියි. හැබැයි තරුවා පරක්කු වෙලා ආපු හන්දා වැඩේ ගොඩින් බේරුනා.

      ඒත නෙමේ විවි කියන්නෙ කිමැ?
      ..............

      නෙතුකි,
      හෙහ් හෙ.... ඒකනේ අපි හදුන්වලා දුන්නෙ.. අපි විතරක් හිනාවෙලා හරියයි යෑ.

      ...........

      සීකර්, සබිත්,
      ස්තුතියි :D

      Delete
    2. @බුද්ධි,
      අයියෝ මම ආයෙත් පටලගෙන නෙ..
      වි වි නෙවෙයි අයියෝ..වි.සි.
      සොරි වෙන්නෝනැ..

      Delete
  16. ලට පට නම් නියමයි....හිහි

    ReplyDelete
  17. මම දැනගත්ත තරුවා කාර්ටූන් වෙයි කියල. ඔද.... වැඩේ #

    ReplyDelete
    Replies
    1. මිනිහා තාම නෑනේ කම්මල.... ඔය පැත්තෙ ආවද පොර මන්න පිහියක්වත් මුවහත් තියාගන්න...

      Delete
  18. මගේ දෙපැත්තම රිදෙනවා හිනා වෙලා...




    කටේ දෙපැත්ත බොලව්....

    ReplyDelete
    Replies
    1. වෙනිවැල්,

      හොඳ වෙලාවට කට කිව්වෙ.... නැත්තං මේ සමමිතික මිනිස් සරීරේ කොච්චර දෙවල් තියේද දෙපැත්තට දාන්ඩ පුලුවන්....

      හරියට සීසො එක වගේ :P

      Delete
  19. මේ වගේ දේවල් අගය කරන්න ඕන..මොකද කොමෙන්ට් එකක් දාන එක මේ බ්ලොග් කරුවන්ට ලොකු දිරියක් වෙනවා..ඔය සමහරු ඉස්සර මෙන්න මෙහෙම කියලනෙ කොමෙන්ට් ඉල්ලුවෙ...(අනේ මේ බුද්ධි ගැන එහෙම කියනවා නෙවෙයි )

    ///හරි දැං කතාව ඉවරයි. එක කතාවක් කියන කොට තවත් කතා ලොටි එකක් මතක් වෙනවා. කතාව ඔක්කොම කියෙවිවනං කොමෙන්ටි එකක් දාන්න. එතකොට ආයත් ලියන්න පොඩි කික් එකක් එනවා. )///

    ReplyDelete
    Replies
    1. හොඳට බලහං ලකී මම කොතනද කොමෙන්ට් ඉල්ලලා තියෙන්නෙ.....

      Delete
  20. තරු මහතා සිම්පල් අකුරෙන් සහ කැපිටල් අකුරෙන් test යන වචනය ලියන්න කියලා දීලා තියෙන හැටි අපූරුයි!

    ලටපට බ්ලොග් එකත් චූටි මහත්තයගෙ කෙහෙල් කොටුව ෆේස්බුක් ගෘප් එක වගේ.. කට්ටියට comments දාලා ප්‍රීති වෙන්න හදලා දීපු මනරම් වේදිකාවක්..

    ReplyDelete
    Replies
    1. තරු තාම නෑ නෙව.... මිනිහා පොලු හොයනවද දන්නැ... බයෙත් බැ....!

      හෙහ් හේ...... මම ගෘප් එක හැදුවේ මේක කොපි කරලා නෙ.... දැං ප්‍රසා ඉදිමෙයි ඉදිමිල්ලක්......

      Delete
  21. හික්ස්ස්... මරු බ්ලොග් ට්ක..:D

    ReplyDelete
    Replies
    1. එහොම්මමයි මමත් හිතුවෙ...!

      Delete
  22. ඔබතුමා වගේ බ්ලොග් ලෝකයේ දැවැන්තයෙක් විසින්, අපි වගේ අංකුර බ්ලොග්කරුවන් වෙත ලබාදෙන මේ දිරිගැන්වීම වෙනුවෙන් මගේ හදවතේ ගැඹුරුම තැනින් උපදින, මේ ප්‍රණාමය පිළිගන්න!! මැතිතුමණි!!!

    [pvt]මල්ලි, චෙක් එක හම්බුනාද? [/pvt]

    ReplyDelete
    Replies
    1. සුමින්ද අයියා,

      හාහා.... සුමින්ද අයියේ නැගිටින්ඩ.... නැගිටින්ඩ.... ඔය මදෑ.....
      ................

      ඒක පැත්තක තියමුකෝ... මොකද්ද අර යටින් දාලා තියෙන හරුපෙ.... දෙපැත්තෙ තියෙන්නෙ අලුත්ම HTML කෝඩයක්ද? මං නං මුතුක් දන්නෑ ඕවා ගැන...... හෙහ් හෙ...

      Delete
    2. //දෙපැත්තෙ තියෙන්නෙ අලුත්ම HTML කෝඩයක්ද? //

      ඒක HTML 5.1 !!! :P
      ඕක පේන්නේ ඇඩ්මින්ට විතරයි... ඔන්න අපි නම් දැක්කේ [PVT] කේතය විතරයි හොඳේ !

      Delete
    3. හරියට හරි චතුරංග! මේ බ්ලොග් එකේ මොකක් හරි අවුලක් වගේ. පොඩ්ඩක් චෙක් කරල බලන්ඩ. නැත්තං [PVT] ටැග් එක දාල ලියපුවා හැමෝටම පෙන්නෙ කොහොමද?

      Delete
    4. හරියට හරි චතුරංග! මේ බ්ලොග් එකේ මොකක් හරි අවුලක් වගේ. පොඩ්ඩක් චෙක් කරල බලන්ඩ. නැත්තං [PVT] ටැග් එක දාල ලියපුවා හැමෝටම පෙන්නෙ කොහොමද?

      Delete
    5. චතුරංග
      මායි මෙයයි දන්න කේත..:P

      Delete
  23. මමත් මාර ආසාවෙන් කියවපු දිගම කොමෙන්ට් තියෙන බ්ලොග් එකක් තමා ප්‍රසන්න අයියගේ ලටපට... තාම මුකුත් නෑනේ...

    පොකු අක්කගේ බ්ලොග් එකයි ලටපටෙයි ඇරෙන්න අනික්වා නම් දැක්කේ අදයි... සෑහෙන්න පිං.මේ පිං බලයෙන් කොටුවේ කෙහෙල් වැල් වැල් පීදෙන්න කියලා ප්‍රාර්ථනා කලා ඕං

    ReplyDelete
    Replies
    1. කෙහෙල් වැලුත් එනවද ගැමියා... අදමයි ඇහැව්වවෙ.... එහෙම උනොත් අටපට්ටමටවත් දාගන්ඩ ඕනේ......

      Delete
  24. නවකයෝන්ද ගන්න පුළුවන් ආදර්ශ බෝමයි. අපි ඔවුන්ට සුභ පතමු.

    ReplyDelete
  25. මේ බ්ලොග්ටික දැක්කම මටත් බ්ලොග් එකක් ලියන්න පුවවන් නේද කියලා ගැමිමක් ආවනේ ....ඒත් .....අවුරුදදට පොස්ට් එකක්ම...... හිතනවා වගේ ලේසි වෙන එකක් නැහැ

    ReplyDelete
    Replies
    1. අසරණයා
      එසේම වේවා! කාගේ බ්ලොග් එකෙන්ද වැඩිපුර ගන්ඩ හිතාගෙන ඉන්නෙ...:D
      ............

      සියත්,
      අනිවා.... කොච්චර කැපවීමක් තියෙන්න ඕනෙද? අවුරුද්දකට බ්ලොග් පෝස්ට් 0001 ක් වගේ ගාණක් දාන්න.....හෙහ් හෙ...

      Delete
  26. අඩේ මටත් හිතෙනව බං ඔය වගේ ජනප්‍රිය බ්ලොග් කාරයෙක් වෙන්න. ඒත් කොහෙද මං අවුරුදු 3කට වඩා ලියලද කොහේ බං

    දිගටම ලියන්ඩෝ..
    සුබපතන්ඩ එන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. ගයාන් තාරක හෙන පරණ පොරක් නේනන්ං.... මගේ බ්ලොග් එක දිරිමත් කරපු අය අතර උඔත් හිටියා නොවැ.... බොරුනං බලාෆන්...මුල දාපු කතා වල කොමෙන්ට් අතර ඔය ප්‍රෆයිල් පින්තුරේ එහෙම්ම ඇති හෙහ් හේ....

      Delete
  27. සුම්න්දගේ බ්ලොග් එක තමා පට්ට !!!

    ReplyDelete
    Replies
    1. හෙන අර්තාන්විතයි නේද?

      Delete
  28. මමත් ගියා අකුරු ජාති තුනේ අමුතු ප්‍රසන්නගේ බ්ලොගේ පැත්තේ.... පෝස්ට් එකට වඩා සෑහෙන්න දැනුමක් ගන්න පුළුවන් කමෙන්ට් ටිකෙන්...

    මේ... කරුණාවෙන් කියන්නේ... පටන් අරගෙන් පෝස්ට් එකක් දෙකක් දාලා වල් වැදෙන්න ඇරලා තියෙන බ්ලොග් තියේ නම් බෙල්ල මුලින්ම DELETE කොරලා දාපල්ලා... ප්‍රවේශමෙන් !!! විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි !!!!

    ReplyDelete
  29. වල් වැදුනත් තියන කමෙන්ට්ස් ගොඩ? අපිට කොහෙද පූසො බැදපු මාලු කිවුවලු...

    ReplyDelete
  30. මම බ්ලොග් සින්ඩියට අලුතෙන් පැමිනියෙක්මු,., ඉහත සදහන් බ්ලොග් අඩවි සෑම එකකටම මා ගියෙමු,., ඒවා ෆට්ටයි කියා මගේ හිච්චි ආතම්මා කිවුවෙමි,.,.,මක්ක වුවද කදිමය ෆට්ටය ආදරේ සිතේ,.,අම්මපා

    ReplyDelete
  31. ලටපට එකේ නම් මමත් ඉන්නවා.. මේ ලගදිත් මාරයා ඒක බුකියේ ශෙයාර් කරලා තියෙනවා මම දැක්කා.. :)

    පොඩි කුමාරිහාමිට තව බ්ලොග් එකක් තියෙන බව මම දන්නේ දැන්නේ.. මම නිතරම යන්නේ අර උසාවියේ නඩුවක් තියෙන එකටනේ.. :)

    ReplyDelete
    Replies
    1. හපොයි ඒක හදලා තියෙන්නේ මගේ testing වලට.

      නඩු කියන පැත්තට ගියා නම් ඇති. හදිසියකට බිස්කට් කකා, කූල් ඩ්‍රින්ක්ස් බිබී, උපවාසෙට ලෑස්ති එක්කෙනෙක්වත් ඉන්නවනේ.:D

      Delete
  32. නවකයන්ට අත දීම පිලිබද ප්‍රතමයෙන් තුති. දැන් අපිට මක්කැයි දෙන්නේ. කකුලද හෙහ් හෙහ්. ජය...!

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉවසලා ඉන්ඩ..වෙලාව ආවම අත දෙන්නං....මේ වෙද්දි නං මටත් අතක් ඕන වෙලා තියෙන්නෙ හැබැයි...!

      Delete
  33. බුද්දි උබේ ඔය දිරි ගැන්වීම ප්‍රසන්නට අදාල වෙන්නේ නෑ මොකද ඒ බ්ලොග් එක කියන්නේ ලෝක ප්‍රසිද්ද බ්ලොග් එකක්,,ඒකට ලෝකයේ නන්දෙසින් බ්ලොග් බලන්නෝ ඇවිත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. මේ කෙහෙල් කොට්ට වැඩේ පටලගෙනනෙ.

      Delete
  34. සා තව තවත් මේ වගේ බ්ලොග්කරුවෝ දිරිමත් කරන්න පුළුල් වැඩ පිළිවෙලක් යෙදුවානම් හරි...

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ...... ඒක නං ඇත්ත. හැබැයි ඊට කලින් හොඳ ආරක්ෂක වැඩ පිලිවෙලක් දියත් කරන්න වෙයි වගේ....හෙහ් ....හේ... මගේ ආරස්සාවට

      Delete
  35. තාමත් කොමෙන්ට් දෙකයි මචෝ... උඹට ගෙවපු ගානටත් පාඩුයි...

    ReplyDelete
  36. තනිකඩ, වර්ඩ් වැරිෆිකේෂන් අයින් කරලා බලන්න... හැබැයි දැං නං පරක්කුයි!:D

    ReplyDelete
  37. හත් දෙය්යනේ මේකව දිවියා කන්න එපැයි. මට නිකමට හිතුනා මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා ඇති කියලා.ඒකය් සඳුදා ඔෆිස් ආපු ගමන්ම කෙහෙල් කොටුවට රි0ගුවෙ. කෝ අර 2X2 පොල්ල.................

    හෙහ් හෙහ් හෙහ්... උඹ නම් පෝර මරක් බුද්ධියො. ඔය වගේ වල්වැදිච්ච බ්ලොග් වලට රි0ගුවට උඹට වෙනම ගානක් දෙන්න ඕන.

    උඹ කරපු සද් ක්‍රියාවෙන් මෙන්න මට ලැබුනු ප්‍රථිපල.

    1) Members ගනන 300% කින් වැඩිවිය.(අනේ කලින් අහි0සක ප්‍රියා විතරය්, දැන් ගුනේ අය්ය, හිරු,රන්දිල් 3දෙනාත් ඉන්නවා).

    2) වාර්ථාගත 135ක Page views ප්‍රමාණයක් මැයි මස 26වෙනිදා වාර්තාවීම.

    3)කමෙන්ට්ස් ප්‍රමාණය 200% කටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහල යෑම (කලින් 3ය්, දැන් 7ය් හික් හික්ස්)

    තන්කූ තන්කූ මචන්...
    අනිවාර්යයෙන්ම මේ අවුරුද්දෙ මොකක් ගැන හරි ලියන්න පටන් ගන්නවා.
    ආහ් තව දෙයක් අර ක.කා එක්ක ඉන්න කාටුන් එක නම් එළකිරි. අර බැලුම් බෝල නැතුව පොඩි වීදුරු දෙකක් අතට ආව නම් නියමය් (සෝඩා එපා, අයිස් කියුබ් 3ක් විතර දාලා)...හෙහ් හෙහ් හෙහ්.

    ReplyDelete
  38. Reply
    කම්මලMay 26, 2012 12:12 PM
    මම දැනගත්ත තරුවා කාර්ටූන් වෙයි කියල. ඔද.... වැඩේ
    @කම්මලේ,
    උඹ කොහොමෙය් බන් දැනගත්තෙ.

    ReplyDelete
    Replies
    1. උඹව සෙට් උනදවසක කියන්නම් : ..>>>

      Delete
  39. ආහ් තිස්ස අයියා කිව්වා වගේ "සර්වෝදයේ" රොබින්හුඩ් ගැන ලියන්න වගේ යන්නේ ඊළඟට

    ReplyDelete
    Replies
    1. ආං ලියලා දාලත් ඉවරයි!

      Delete
  40. අයියෝ සල්ලි

    අපි වගේ ආරක්සිත උපක්‍රම බාවිතා කොලා නම් බොලාට ඔහොම වෙන්නෙ නෑ මා හිතාරද බ්ලොග් කොමෙන්ට් කරුවනි. :D

    ReplyDelete
  41. ප්‍රසන්නගේ වාර්තාගත ඉතිහාසගත සමාජගත බ්ලොගේ එක්ක පොඩි කුමාරිහාමිගේ ටෙස්ටින් බ්ලොගේ දුටුවෙමි. මේ දැන් තරුගේ බ්ලොගේ හා සුමින්ද ගේ බ්ලොග් වෙත ගියෙමි.. අන්න බ්ලොග්.. ප්‍රසන්න තමයි වාසනාවන්තම බ්ලොග් කාරයා. පොස්ට් එකයි වචන පහයි කොමෙන්ට් 210+ වෙන කොයි එකාටද පලවෙනි පොස්ට් එකට, ඊටත් වචන පහට, ඔහොම කොමෙන්ට් ගොඩ දාන්න පුළුවන්?? හිට්ස් නම් හිට්ස් කොමෙන්ට් නම් කොමෙන්ට්.. ෆලෝවර්ස්ලා 49. වචන පහට දාපු සෙල්ලම ඔහොමනම් හත් දෙය්යනේ මේකා මේකේ පොස්ට් එකක් බර සැරේට ලිව්වොත් අපි ඔක්කොටම බඩුම තමයි.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...