2012/11/13

සයිබර් යාය මේ මොහොතේ සිට වසා දැමේ | අවසාන ලිපිය කියවන්න සියලු දෙනාට ආරාධනා.....!

වැදගත් යමක් කියන්න යනකොට වැදගත් විදිහට භාෂාව හසුරුවන්න ඕනේ කියලා “සිංහල සාහිත්‍ය දින දේශණය“කට ආපු කව්දෝ කිව්වා මීට කාලෙකට කලින්. ඉතින් මේ කාරණය ඕගොල්ලන්ට කියන්න මම භාවිතා කරන භාෂා ශෛලිය මොකක් වුනොත් හොඳයිද කියලයි මම මේ වෙන තුරු කල්පනා කලේ. ඒත් මේ දක්වා නිවැරදි නිගමනයකට එන්න බැරි වුනා. ඒක නිසා කාලෙකට කලින් මාරයා අනුගමනය කල සිය සිතුවිලි නිදහසේ පිටපත් කිරීමේ ශෛලිය මම පලවෙනි වරට උපයෝගි කරගන්නවා.

කොටින් කිව්වොත් කියන්න තියෙන්නෙ බොහොම කෙටි පණිවිඩයක්. ඒක තමා සයිබර් යාය වහලා දාන්න වෙනවා කියලා. කාලෙකට කලින් නම් මෙහෙම කිව්වම කස්ටිය බොහොමයක් කිව්වේ “හැබැයි අයියා සයිබර් යාය වැහැව්වොත් අපි ලෝකාන්තෙට ගිහිල්ලා පනින එකත් පනිනවාමයි“ කියලා. ඒ සයිබර් යාය පීක් එකේ තියෙන කාලේ. ලෝකේ කොච්චර කුරිරුද කියන්නෙ අද නම් එහෙම කියන්න කෙනෙක් හොයාගන්න එක ග්‍රෑම් 450 හේ පාන් ගෙඩියක් හොයාගන්නවා වගේ හෙන අමාරු දෙයක්. ඒක නිසා එදත් අදත් හැමදාම හිටිය සහෘදයෝ දාහක් හමාරක් ඇරුණම බොහෝ පිරිසකට ආමන්ත්‍රණය කරන්න මට සිද්ද වෙන්නෙ නෑ.

මේ වෙලාවේ බ්ලොග් එකේ ආරම්භය ගැනත් වචනයක් කියලා ම සටහන අවසාන කරන්නයි මම බලාපොරොත්තු වෙන්නෙ.

මම මුලින් ම “අන්තර්ජාලයෙන් මුදල් හොයන සරළ ක්‍රම තියෙනවා, ඒවා කරන්න බ්ලොග් හරහා පුලුවන්‘ ය කියලා ලැබුනු ඔත්තුවකට අන්තර්ජාලය පිවිසිලා ගූගල් වල ඉමේජ් විකල්පයෙන් ඒ ගැන හොයද්දියි සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ ලෝගෝ එක දකින්න ලැබුනේ. ඒ ඔස්සේ ගියාම ඉන්ද්‍රනාමගේ බ්ලොග් එකට පිවිසුනා. එතනින් එස්බියූ එකට ගියා. එතකොටයි මම දැනගත්තෙ සිංහල බ්ලොග් කරුවෝ කියලා සත්තු ජාතියක් මේ අතට අහුවෙන්නැති ලෝකේ ඉන්නවා කියලා. ඒ එක සතෙක් වෙන කකාගේ චිත්තාකර්ශණීය ලිපියකින් කුලුගැන්වුනු සිතයි මාව බ්ලොගර් කෙනෙක් කරන්න මූලික වුනේ. එතන ඉදලා අද වෙන කොට අවුරුදු තුනකට ආසන්න කාලයක් ගත වෙලා.

01. ලිපියක් ලියද්දි කියවන්නාට පණිවිඩක් දෙන්න පුලුවන් නම් දෙන්න.
02. හැම ලිපියකින් ම පණිවිඩ දෙන්න ඕනේ නෑ.
03. පණිවිඩක් නොදුන්නත් කමක් නෑ. කියවන කිසි කෙනෙක්ට වැරදි ආදර්ශයක් ලැබෙන විදිහේ දේවල් ලියන්න එපා.

කියන මූලික කාරණා තුන හිතේ තියාගෙනයි මම නිතරම ලිපියක් ලියන්න බලාපොරොත්තු වුනේ. මම කාටුන් වලින් චූටිමහත්තයා හා ටිකිරි වගේම යූරො දෙකේ වීරයා හරහා ලියපු දේවල් සියල්ල ඔය රාමුව ඇතුලේ ඉදලා ලියන්නයි උත්සහ කලේ. ඒක සාර්ථක වුනා කියලා මම හිතනවා. මේ ටික කාලෙට මට සම්මාන දෙක තුනකුත් ලැබුනේ ඒක නිසා වෙන්නැති. [ඕනෑම දුක්මුසු අවස්ථාවක සිය චැනලය වනා ගනිමින් දුක් වීම ඕනෑම ජන මාධ්‍යයකට ඇති පරම අයිතිවාසිකමක් සේ මා සලකමි. :)]

ඒ කොහොම උනත් දෙයක් ඇති වුනානම් ඒක පැවතිලා නැතිවෙලා යනවා කියන පරම සත්‍යයට අයිතිනැති මේ ලෝකේ කිසි දෙයක් නෑ. ඒකට මේ කෙහෙල්කොටුවත් අයිතියි.

ඒ අනුව සයිබර් යාය වහලා දාන්නයි සුදානම. මේ දක්වා සයිබර් යාය සමඟ නොපෙනෙන ලෙස රැදී සිටි, කමෙන්ට් මගින් මිතුරන් සේ රැදී සිටි, කමෙන්ට් වලට ඔබ්බෙන් ඊ මේල් හරහා රැදී සිටි සහ එතනිනුත් ඔබ්බට ගිහිල්ලා සෑබෑ ලෝකයේ දී හඳුනන පිරිසක් හා මිතුරන් පිරිසක් ලෙස සමීප වූ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරන්නත් කැමතියි. බ්ලොග් අවකාශය නිසා මා වැනි පුද්ගලයෙකුට මුදල් ගෙවා හෝ ලබා ගත නොහැකි සේවාවන් බොහෝමයක් එක ඊමේල් පණිවිඩයකින් එක දුරකතන ඇමතුමකින් සම්පූර්ණ කරගැනීමට ලැබීම ගැන මම තවමත් සිටින්නේ විශ්මයකින්.

බ්ලොග් අවකාශයට පැමිණිලා ටික කාලයක් ගත වෙද්දි මට දැනුනා මේ අවකාශයෙත් විශේෂ වූ පුද්ගලයන් ඉන්නවා කියලා. ඒ වගේ අයගෙන් මම ලියන ලිපියකට ප්‍රතිචාරයක් වැටෙනකල් මම සෑහෙන කාලයක් බලාගෙන හිටියා. ඒ අතරින් කතන්දර මුලින්ම ආවා. ටෑබූ ලොක්කා එන්න අවුරුද්දක් විතර කාලයක් ගත වූනා. ඉන්ද්‍රනාත නේනුවර සර් එන්න ඊටත් වඩා කල් ගත වුනා. බ්ලොග්කාරියන්ගෙන් කිහිපදෙනෙකුත් හිටියා. එයින් එක්කෙනෙක් සයිබර් යායේ විශේෂ දවසක දී ගොඩවැදුනා. බ්ලොග් එක වහලා දාන්න යන මොහොතෙත් ලිපි කියවනවා කියන ඉඟි ලැබුනත්, තවමත් ප්‍රතිචාරයක් නොදක්වපු එක්කෙනෙක් ඉන්නවා. කරන්න දෙයක් නෑ. ඒවා එහෙම තමා.

ලිපිය ටිකෙන් ටික දික් ගැස්සුනත් තවත් කියන්න දෙකක් තියෙනවා.

කෙහෙල්කොටුව චූටි මහත්තයා කතා වල පල නොවුනු කතා වගයක් තවම ඩ්‍රෆ්ට් විදිහට තියෙනවා. සීසන් 3 එකට අලුත් තාලෙට ලියවුනු කතා වගේකුත් තියෙනවා. ඒ අතරින් මම වැඩිපුරම කැමති 1989 යේ අඳුරු යුගයේ එක්තරා දවසක අපේ ඇස්පනා පිට බිමට ඇඳගෙන වැටුනු ගුවන් යානයක කතාවට. ඒ අවස්ථාව ඇස් දෙකට දැක්ක පිරිස තුන් දෙනෙක් හෝ හතර දෙනෙක්. අනික චූටි මහත්තයා වගේ පුංචි කොලු ගැටයෙක්ගේ ඇස්පනා පිට අහස් යානයක් කඩා වැටුනම ඒ ගැන කොච්චර තොරතුරු දැන ගන්න පුලුවන් ද ඕගොල්ලන්ට. ඕගොල්ල දන්නවද පුංචි කාලේ මතකය නිවැරදිද කියලා බලන්න මම අපේ සහෝදර බ්ලොග් කාරයෙක් වෙන ප්ලේන් ඉෂාර මහත්තයගෙන් දවසක් මේ ගැන විමසුවා. එයා හරියටම වැටිච්ච දවසක් එක්කලා ඒ කතාව ඇත්ත කියලා සනාත කලා. වෙන මොකවත් ඕනේ නෑ, එයා මේ සිද්ධිය ගැන කොච්චර උනන්දු වුනාද කියනවා නම් ඒ ප්ලේන් එකට ගාපු තීන්න ටින් එකේ ගාණත් හොයලා කිව්වා. අන්න මිනිස්සු! වැඩේ කියන්නෙ මේ තීරණය නිසා ඕගොල්ලන්ට ඒ ලස්සන කතන්දරය දැන ගැනීමේ අවස්ථාව නැති වෙලා යනවා. මොනවා කරන්නද අච්චර ජනප්‍රිය ව තිබුනු ෂර්වුඩයේ රොබින් රූපවාහිනී කතා මාලාවත් අනුග්‍රාහකයෙක් නැතුව නවත්තලා දැම්මනං මේ කෙහෙල්කොටුව මොකද්ද?

දැන්නම් කතාව හොඳටම දිග්ගැස්සුනා වැඩියි. කමක් නෑ. මේක අවසාන ලිපිය නිසා මම නිදහසේ ලියනවා.

මම දැන් කියන්න යන්නෙ සයිබර් යාය වහලා දාන්න වුනු ප්‍රධානම හේතුව.

ගොඩක් හේතු තිබුනත් ප්‍රධානම හේතුව වෙන්නෙ මේ සදහා වියදම් කරන්න තරම් කාලයක් හොයා ගන්න නොහැකි වීම. ලබන වසරේ අපේ ස්ටාර් කිඩ්ස් ඇකඩමියේ කරන්න යන වෙනස්කම් සාර්ථකව කරගන්න බ්ලොග් වෙනුවෙන් ගතකල කාලයෙන් සෑහෙන පංගුවක් වැය කරන්න වෙලා. අලුත් තැනක අලුත් අංග එකතු කරලා කරන්න යන වෙනස් කම් කොහොම වෙයිද කියලා නිතර දෙවේලේ අවධානයෙන් ඉන්න වෙන නිසා, නිදහස් මනසට තිබුනු ඉඩ ගොඩක් අඩුවෙයි. මම හැම තිස්සෙම උත්සහ කලේ වැඩිපුර ලිපි ලියනවටත් වඩා ලියන ලිපියට වැඩි සැලකිල්ලක් දීලා නැවත නැවත කියවන්න පුලුවන් ලිපියක් ඔබට ඉදිරිපත් කරන්න.  එහෙම කරන්න සැලකිය යුතු කාලයක් මට නම් වැය වෙනවා.

ඉතින් මේ මොහොතේ මම අලුත් බ්ලොග් කරුවන්ගෙන් ඉල්ලන්නෙ...... එක්කෝ මම මුකුත් ඉල්ලන්නේ නෑ. ඉල්ලලා ගෙවා ගන්න බැරි වුනොත් එහෙම තව එකක්. මෙච්චර කල් පිරිසිදුවට තිබ්බ මගේ අත්දෙක!

ඒත් මම වෙනුවෙන් නැතත්, අන්තිම මොහොතේ අපෙන් උදව් ඕන පිරිසක් ගැන මම සඳහන් කරලම නවතින්නම්.

ස්ටාර් කිඩ්ස් ඇකඩමියේ වර්ෂ අවසාන සුහද හමුව ගිය වතාවේ සංවිධානය කලේ හොලිඩේ රිසෝට් එකක. එදා ළමයි හොදහැටි විනෝද වුනා. මෙදා පාර  අපි ඒක පවත්වන්නෙ අඳ ගොලු බිහිරි නිවාසෙක. මේ දෙසැම්බර් 1 වැනිදා. මුලින් ඒක දෙසැම්බර් 15 පවත්වන්න හිටියත් ඒ ගොල්ලන්ගේ පහසුව පිනිස දිනය ලං කලා. එදාට අපි ඒගොල්ලන්ට අඩුපාඩු දේවල් ගැන හොයලා බලලා සම්පුර්ණ කරන්නත් බලාපොරොත්තු වෙනවා.  ඒ ගොල්ල කිව්ව හැටියට එයාලට අඩුපාඩු විදිහට දැනට තියෙන්නෙ,

01. ළමයින් සඳහා නිල ඇඳුමක්. (ළමුන් 90 ක් පමණ සඳහා)
02. පුස්තකාලයට පොත් (ලැයිස්තුවට අනුව 50/60 පමණ.)
03. රී චාජබල් විදුලි පන්දම් 6
04. බ්ලෙන්ඩර් 1
05. විදුලි ස්ත්‍රික්ක 3
06. වානේ කබඩ් 3
07. වැසිකිලි පද්දතියේ නඩත්තු කටයුතු.
08. තාප්පයේ නඩත්තු කටයුතු.
 
මේ වෙද්දි අපේ වාර්ෂික අරමුදලයි, මගේ හිතවත් බ්ලොග් කාර කාරියොයි එක්කහු වෙලා මෙයින් කොටසක් සම්පුර්ණ කරලා ඉවරයි. දැනට ඉතුරු වෙලා තියෙන්නෙ, තාප්පයේ නඩත්තු කටයුතු, වානේ කබඩ් දෙකක් සහ නිළ ඇඳුම් පමණයි. වැසිකිලි පද්ධතියේ නඩත්තු කටයුතු මේ වෙද්දි පුද්ගලික බැංකුවක් බාර අරගෙන තියෙනවා.
 
උදව් කරන්න පුලුවන් අය ඉන්නවා නම් cyberlipi@gmail.com එකට ලිපියක් එවලා වැඩි විස්තර ලබා ගන්න.
 
දැනට කියන්න මතක් වෙන්නෙ එච්චරයි. තව කියන්න දෙයක් තිබුනොත් කමෙන්ට් තීරුවේ ලියලා දාන්නම්.
 
මෙතෙක් කල් ඔබ සයිබර් යාය කියවූ රසිකයෙක් නම් ඔබට මේ බ්ලොග් අඩවිය ගැන හිතුනු දෙයක් කෙටියෙන් හෝ කියලා යන්න කියලා මම අද ඉල්ලා සිටිනවා.
 
ඔබ සැමගේ සියලු යහපත් පැතුම් ඉටු වේවා!
 
....................................
මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා, ටිකිරි, යුරෝ දෙකේ වීරයා සහ විදෙස් සිත්තරා.

105 ක් කියන්නේ !:

  1. උඹලා වගේ අය ඉන්නම ඕන කාලෙක උඹ යන එක ගැනනම් සිරාවටම දුකයි.

    ReplyDelete
  2. අපරාදේ. අපිව හිනස්සවපු සයිබර් යාය වහලා දානවා කියන එක නම් දුකේ බෑ..

    ReplyDelete
  3. යන්න හදිස්සි උනා වැඩිද කියලත් හිතෙනවා... මොනවා උනත් ඔබේ සියලුම බලාපොරොත්තු සර්වප්‍ර‍කාරයෙන් සාර්ථක වේවා කියා ඉත සිතින් පතනවා... ජය !

    ReplyDelete
  4. අනේ මේ බුද්ධි අය්යේ...මේ පචයක් නේද???

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සුදීක,
      කමෙන්ට් එක මට විතරයි කියලා තිබුනු නිසා ඔන්න මම ඩිලීට් කලා. (මට වැටහුනේ එහෙමයි)

      Delete
  6. මරණ තර්ජනවලටත් සැලෙන්නැති මිනිස්සු ඉන්නව එහෙනං. වන් මෝ රික්වෙස්ට්.පුලුවන් විඩේක එෆ් බී එකේ නෝට්ස් විදියටවත් ඉතුරු කතා ටික දාන්ට අපි වගේ හුදී ජනයගෙ පහන් සංවේගය පිණිස

    ReplyDelete
  7. ෂිහ් හිතටනම් පස්ට අප්සට් මොනව කරන්නද ඉතින් යන්න ඔනේ නම්.ගුඩ් ලක් මචන්!!

    ReplyDelete
  8. මරණ තර්ජනවලටත් සැලෙන්නැති මිනිස්සු ඉන්නව එහෙනං. වන් මෝ රික්වෙස්ට්.පුලුවන් විඩේක එෆ් බී එකේ නෝට්ස් විදියටවත් ඉතුරු කතා ටික දාන්ට අපි වගේ හුදී ජනයගෙ පහන් සංවේගය පිණිස

    ReplyDelete
  9. අන්තිම මොහොතේ අවසන් ගෞරවයට පැමිණීමට සිදුවීම ගැන මා බෙහෙවින් කනගාටු වෙමි.

    ReplyDelete
  10. උබ විහිළු කරනවද?

    හොදම කාලෙ යන්නෙපා..(පිට රට ක්‍රික්‍රටර්ස්ලා වගේ) නරකම කාලෙත් යන්න එපා.. (ජයසුරිය වගේ)

    සරල සාමාන්‍ය අවස්ථාවක පලයන්..

    ReplyDelete
  11. හුටා...! පෙරේදා උඹේ සයිට් එක පැත්තේ මුලින්ම ආවේ. ඇවිත් පෝස්ට් ටිකක් බලලා සිරා සයිට් එකක් නිසා රීඩර් එකට දාගත්තා විතරයි මෙන්න උඹ යනවලු! ගුඩ් ලක් මචන්! ඒත් මමනං කියන්නේ මාසෙකට පාරක් හරි ලියපන් සහෝ..

    ReplyDelete
  12. බොහොම මැතක බ්ලොගක් අටව ගත්ත මං මේ ඉසව්වට ගොඩ වැදි තියනවා. බොහොම ආසාවෙන් කියවපු බ්ලොගක් නැවතිම කණගාටුවක් වුවත් අවශ්‍යතාව මත ගත් තීරණයක් නිසා ඒ ගැන මොකුත්ම නොකියමි.
    ඒත් මෙය නොවසා මසකට එකක් බැගින් ලිපි දමා හෝ පවත්වාගන යන්නේ නම් එය කාටත් වටිනවා. උත්සාහයක් ගන්න සහෝ....ස්තුතියි

    ReplyDelete
  13. වැහුවට කමක් නෑ ලියපු ටික බලන්න පුලුවං විදියට තියහං. තාම බලාගෙන බලාගෙන බලාගෙන යනවා..

    ReplyDelete
  14. මට නම් දුකේ බෑ බුද්ධි...:(

    ReplyDelete
  15. සයිබර් යාය වහන එකනම් කනගාටුයි, එත් පෞද්ගලික ඉලක්ක වෙත යද්දි අපිට සමහර දේවල් කැප කරන්න වෙනව. සුබපැතුම් !! සහෝදරයා සියලු කටයුතු සාර්ථක වේවා !!!!

    ReplyDelete
  16. මචෝ, හැමදාම කොමෙන්ට් දැම්මෙම් නැතත් මම උඹෙඹ් යාවජීව පාඨකයෙක් කියල උඹ දන්නවනේ. මෙහෙමයි සීන් එක. ලියන්න වෙලාවක් නෑ කියලා මෙම්ක වහලා දාන එක අපරාදයක් ගොයියෝ... හැමදාම ලිව්වෙ නැති වුනාට කමක් නෑ.. ඉදහිට හරි බොරු පෝස්ට් එකක් දාපන් මෙ දැන් කරනව වගේ.. වහල දැම්මොත් පරණ කථාවක් වත් බලන්නේ කොහොමද යෝදයෝ.... වහල එහෙම අහුවෙන්න එපා හොදේ.... (අප්සට් සිංහල ටයිපින් වලට සමාවෙයන්)

    ReplyDelete
  17. You have walked with giants whose names will never die, let strangers echo the name 'Kehel Kotuwe Chooty Mahattaya' and wonder who you are.....

    salute for a true blogger!!!

    ReplyDelete
    Replies
    1. මයියෝ,
      අනේ මන්දා මේ කමෙන්ට් එක කියවන වාරයක් පාසා මට මොකද්දෝ ලොකු කමක් හිතට එනවා. :)

      (හරියට නීල් මහත්තයට හඳට ගිහිල්ලා ආවම එයාට හිතුන දේවල් වගේ ඒවත් හි‍තෙනවා.)

      කොහොම වුනත් මෙතෙක් කල් ලැබුනු බොහෝ රසවත් ප්‍රතිචාර වලින් අමතක නොවෙන ප්‍රතිචාර අතරට මේකත් අයිතියි! ස්තුතියි.

      Delete
  18. බුද්ධි...
    මුලින්ම කිවයුතුව සයිබර්යාය වසා දැමීමට තීරණය කිරිම මා අනුමත නොකරන බවයි...
    ලංකාව වර්ල්ඩ් කප් පරාද වුන අවස්තාවලදීවත් නොදැනුන තරම් කණගාටුවක් දැනේ.. ලියන්නට වේලාව නැතිනම් වසා දැමීම ඇවැසි නැත..කෙදිනක හෝ නැවත යමක් කුරුටු ගා දමන තුරු අපි බලාපොරොත්තුවේ පහන දල්වා බලා සිටිමු ..එය නිවා දැමීම ඔබට අයිති දෙයක් නොවේ..

    ReplyDelete
  19. හරිම දුකයි.... ඔබ මගේ ප්‍රියතම බ්ලොග් කරුවන්ගෙන් කෙනෙක්. ...මා ප්‍රියකළ බොහෝ බ්ලොග්කරුවන් දැන් හරිම මන්දගාමියි. සඳරු, දුමී, දුකා .සහ .තවත් බොහෝ අය දැන් පසුබැහැලා .තව ටික දවසකින් ලියන්න කවුරු ඉතුරුවෙයිද මන්දා....ඉතින් පවුලේ යහපත වෙනුවෙන් නම් මේ තීරණය ගත්තේ.. අප කුමක් කරන්නද ..ඔබට සුබ පතනවාම විනා.
    ඔබ බොහෝවිට අපව හිනැස්සුවා උනත්, ඔබගේ මව ගැන සටහන් නම් සැම විටම මා නෙත් තෙත්කළා.ඒ මන්දැයි මා දන්නේ නැහැ, සමහර විට මමත් මවක නිසා විය හැකියි. ඒ සටහන් තුළිනුයි මම ඔබ කෙබඳු පුතෙකුදැයි හදුනා ගත්තේ...බුද්ධි ඔබට ජයෙන් ජය..

    ReplyDelete
  20. ඔබේ කැමැත්ත ඒක නම් අපිට මුකුත් කියන්න බෑ .
    …ඔබේ යහපත පිණිස ගත් තීරණයක් නිසා .
    …ජය පතනව!

    ReplyDelete
  21. මෙම තීරණය නැවත සළකා බලන ලෙස චූටිමහත්තයාට යොජනා කරන මෙන් මෙහි කොමෙන්ට් කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි..

    ReplyDelete
  22. හරි අවසාන එක කියෙව්වා..දැන් ඊ ළග එක කවද්ද දාන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මටත් අහන්න තියන්නේ.

      Delete
  23. ayyyoo aparade bn. dukai. kamak na. ube katayuthu siyalla sarthaka wewa.....!!!

    ReplyDelete
  24. අයියෝ .. අවුරුදු 3ක ඒවා කියවන්න මේ පටන් ගත්තා විතරයි... මෙයා බ්ලොග් එක වහන්න යනවලු....

    දැනගෙන හිටපු ගොඩක් අය දැං මාසෙකට එක පෝස්ට් එකක්වත් දාන්නේ නෑ... බීට්ලුත් ඔන්න කාලෙකට එන්නෙ නෑ කියලා ගියා... දැං ඔයත්...

    වෙලාව නැති බව ඇත්ත.. කොහොමත් බ්ලොගේ පටන් ගන්නකොට තිබ්බ ආසාව අඩුවෙනකොටත් වෙලාව අතුරුදහන් වෙනවා... බ්ලොග් එක වහන්නේ නැතුව අඩු ගානේ මෙහෙම ලියපු එකෙක් හිටියා කියලවත් අලුතෙන් එන එකෙකුට පෙන්නන්න මේක මෙහෙමම තියන්න කියලා ඉල්ලනවා.. ඉඳලා හිටලා පෝස්ට් එකක් දැම්මත් අපි තරහා වෙන්නේ නෑ...

    ReplyDelete
  25. මොන රෙද්දක්ද යකෝ මේ,
    උඹ මොකද මේක වහන්නේ උස්සන් ඉන්නවා කියැලය.
    මේ ටිකිරියෝ විකාර නතුව ඊළග ලිපියත් දාහන්, බොට මාසෙකට එකක් දාගන්න බැරි වෙන එකක් නෑ නොවැ.

    බුද්දි අයියේ ආය මේක වහලා දාන්න කාරනා නෑ,
    උඹ බිසී නම්. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක ලිපි ලියහන්

    ReplyDelete
  26. උඹ යන්නෙ ඇයි බං?? අපරාදේ??

    ReplyDelete
  27. පිස්සු නටන්න නම් හදන්න එපා.. උඹ කවුද මේක වහනවා කියලා තීරණය කරන්න. මේක අපේ.. මේ බොහොම හොඳින් කියන්නෙ හරිය ?

    අපි ස්ටාර් කිඩ් එක ගාවට ඇවිල්ලා උපවාසයක් කරනවා හරිද මේක නැවැත්තුවොත්..

    ReplyDelete
  28. නාට්ටියක් උනත් නවත්තන්ඩ ඕනි පීක් එකේ තියන කොට ඇද ඇද යන්ඩ නරකයි..... , එතකොට කාලයක් ජනප්‍රියව හිටියෑකි ... !!
    එ උනාට ඔයාට තව පොඩ්ඩක් එපා වෙනකං ඔන්න ඔහේ ඉන්ඩයි තිබ්බේ... නැද්ද මං අහන්නේ... ?

    ReplyDelete
  29. කේන්ති ගිය වෙලාවට වචන පරිස්සම් කර ගන්න
    සතුටු හිතුනු වෙලාවට පොරොන්දු පරිස්සම් කරගන්න
    ඒ වගේ,
    පීඩනය දැනෙන වෙලාවට තීරණ පරිස්සම් කරගන්න
    අද ඇපල් වුනාට හෙට තියෙන්නේ ලෙලි,

    එව්වා හිතේ තියාගෙන බොට ඕනෑ ඇන්නෑවක් කරගන්......... :)

    ReplyDelete
  30. අනාගත වැඩ වලට සුබ පැතුම්.
    කොහොම උනත් මේක වහන්න එපා කියලයි මම නම් කියන්නෙ.
    දැන් වෙලාව නැති උනත් වෙලාවක් ලැබුනොත් පෝස්ට් 1ක් 2ක් දාන්න කියල ඉල්ලන්න කැමතියි......!!!!

    ReplyDelete
  31. මොන කුණුහරුපරයක්ද බුද්ධියො මේ කොරන්න හදන්නෙ.

    ඒත් ඉතිං උඹට වැඩනං මොනව කරන්නද? හැබැයි ඉඳල හිටලවත් මේකෙ මොකක්හරි දාන්න බලහං.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ ආදර්ශවත් බලග වීරයෙක්.

      Delete
  32. වහන්න අවශ්‍ය නෑනෙ..ඔන්න ඔහෙ තියන්න.. ඔය වැඩ කටයුතු සේරම ඉවර උනාම ආයේ බ්ලොගේ පැත්තෙ රවුමක් දෙකක් දාන්න බැරියෑ... හොඳ බ්ලොග් එකක්නෙ මේක. ..ඒකයි එහෙම කියන්නෙ..

    අර කරන්න යන වැඩේට සුබ පැතුම් !

    ReplyDelete
  33. බොරු නේ . බ්ලොග් වහනව කියන්නේ මොකක්ද . වැඩ වැඩි නම් ටිකක් නිකා ඉඳල වැඩ අඩු වුනහම ලියන එකනේ .

    මේක ටොම් පචයක් නැතුව ඇත්තම නම් කියන්න කාගෙන් බේරුනත් බින්දුමති අක්කාගෙන් බේරෙන්න බැරි බවයි .

    නැත්නම් අර ඇමතිලා කරන වගේ වැඩක්ද දන්නේ නැහැ . බොරුවට ඉල්ලා අස්වෙන්න හදන එක . චන්ද දායකයෝ දිවි නහගන්න [වගේ ]හදන එක . ඕගොල්ලන්ගේ පැත්තෙත් එහෙම එක්කෙනෙක් හිටියා නේද

    ReplyDelete
  34. yanna ikman wadiyi neda?

    (ubage pachayakdath manda)

    ReplyDelete
  35. වෙනත් කෙනෙක් ගේ ජීවීතය ගැන අපට තීරණ ගන්න බෑ. බොරුවක් උනත් ඇත්තක් උනත්....

    සුභ අනාගතයක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      සුභ අනාගතයක් වේවා....!!!// විශ්වාසනීය වෙනසක් ගැන හිතන්න අමාරුයි වගේ නේද වෙන දේවල් වල හැටියට.:)

      Delete
  36. කොහේ යන්නද මෙන්න මෙහෙ හිටපන්... මම කියවන බ්ලොග් අතරින් කැමතිම බ්ලොග් එකක්...

    ReplyDelete
  37. කතන්දර කියලා අපිව සතුටු කරපු බුද්ධි අයියා බුදු දහම ගැනත් කතා කරන්න පටන් ගත්තාම මම හුඟක් සතුටු වුණා. මොකද බුද්ධි අයියගේ බ්ලොග් එක කියවන පාඨකයෝ රාශියක්ම හිටිය නිසා දහම් පණිවුඩය පහසුවෙන් ඒ පිරිස අතරට ගෙනියන්න බුද්ධි අයියට අපහසුවක් නොවන නිසා.

    ඒත් ඒ වැඩේ පටන් ගත්තු ගමන්ම බුද්ධි අයියා බ්ලොග් එක වහලා දානවා කියන එක නම් එච්චරම හොඳ දෙයක් නෙමේ කියන එක තමා මගේ පුද්ගලික අදහස.

    නැවත වරක් හොඳ දේකුත් එක්ක බුද්ධි අයියා වගේම කෙහෙල් කොටුවේ චූටි මහත්තයා අපි අතරට එයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. සියළු සංස්කාරයෝ නැසෙන සුලුයි (සබ්බේ සංඛාරා අනිච්ඡා) කියලා තේරුම් ගන්න ඕනෑ!

      Delete
    2. සබ්බේ සංඛාරා අනිච්ඡා!
      සියළු සංස්කාරයෝ නැසෙන සුලුයි කියලා තේරුම් ගන්න ඕනෑ!

      Delete
    3. "අනිච්ඡා"නෙමේ කතන්දර "අනිච්චා" :D

      Delete
  38. ඈ..?
    යකෝ "ස" නැවැත්තුව වගේනෙ...

    ReplyDelete
  39. බ්ලොග් එක වහන එක ගෙන හරිම කණගාටුයි.පලමු වතාවට කමෙන්ට් කලේ අද වුනත් ඔබේ කතාවලින් හරිම වින්දනයක් ලබපු කෙනෙක් මම.
    ඔබ ලියූ කතා සියල්ලම කියවලා තියනවා.

    ReplyDelete
  40. "දින නියමයක් නොමැතිව වසා දමනු ලැබේ " කියල කියමු.

    ReplyDelete
  41. බුද්ධි අයියා නයෙක් නේද මේ අරින්නේ.. මම මුලින්ම හා හා පුරා කියලා කථා බලපු බ්ලෝග් එක.. පිස්සු කෙළින්න එපා...

    ReplyDelete
  42. මට තියෙන ප්‍රශ්නය තමා 'මේ මොහොතේ සිට' කියන්නෙ මොකක්ද.?? ඒ කියන්නෙ පෝස්ට් එක පබ්ලිෂ් කල වේලාවද.?? ඉතිං පබ්ලිෂ් කරපු ගමන් බ්ලොග් එක වැහුවොත් කොහොමද පෝස්ට් එක කියවන්නෙ.!? එහෙනං උඹට කියන්ට තිබුනා 'සයිබර්යාය තව සුළු මොහොතකින් වසා දැමේ' කියලා‍.. මට කියන්ට තියෙන්නෙ උඹේ මාතෘකා යෙදීම අසාර්ථකයි කියලා තමා.. :P

    හරි, දැං අර මාරතුමා ඇහුවා ව‍ගේ අවසාන ලිපියත් දැම්මනං, ඊගාව ලිපිය කවදද දාන්නෙ.??

    ReplyDelete
  43. aiyo ai me?asawen kiyawapu hodama blog ekak meka.4n eken adu pahasukam madde unath oyage blog eka asawen kiyewwa.dawasak dekakin me paththe enawamai monahari dalada balanda.wahana eka nam aparadayak.dan dumi aiya,sadaru aiya.,anaya liyanneth na.dan oyath yanawa.maraya aiyai atam aiyai dennath nathi unoth mokata blog kiyawanawada..puluwannam digatama liyanna.age le pirisidu karata pin..suba pathanawa idiri wada walata.

    ReplyDelete
  44. අනේ මන්ද මමත් මේ කෙහෙල් කොටුවේ චුටි මහත්තය මගේ බ්ලොගියටත් ගොදවෙයිද කියල බලන් හිටිය.. එක පාරක්.. කෙලින්ම කිවුවත් එක්ක.. හේ හේ .. බ්ලොග් එකේ නොලිවුවට කාරී නැහැ..එත් බ්ලොග් එක නැති කරන්නනම් එපා .. ජයෙන් ජය

    ReplyDelete
  45. බ්ලොග් එක ඔන්නොහෙ තියෙන්න අරින්න බුද්ධි...

    ReplyDelete
  46. මට දුකායි... විහිලුවට නෙමෙයි ඇත්තටම..

    ReplyDelete
  47. චාලි මුදලාලිගේ පියන් දෙකේ ගේට්ටුව කතාව කියවන්න මං තාම බලන්න ඉන්නවා....:(
    උඹ තමයි මට පළවෙනි කමෙන්ට් එක දුන්නේ. මට ඒක තාම මතකයි...
    දැන් ඉතින් මේ කතා ඇති.
    අන්තිම පෝස්ට එකට පස්සේ දාන පෝස්ට් බලන්න අපි එනෝ....

    ReplyDelete
  48. මම දැන් මොකක්ද බන් කියන්න ඕන...

    ReplyDelete
  49. බ්ලොගේ ලියන එක නතර කරලම දාන්න එපා ඉඳලා හිටලා හරි ඔය මොනවා හරි කොටන්න.

    ReplyDelete
  50. බ්ලොග් එක ඹහොම තිබුණාවේ..ඉඩ තියෙන වෙලාවට ලියන්න..

    ReplyDelete
  51. සයිබර් යායනෙ වැහෙන්නෙ? කෙහෙල් කොටුවේ චුටි මහත්තයගෙ කතා සීසන් 3 එක කවද්ද එන්නෙ ?

    ReplyDelete
  52. මාස 6ක් තිස්සේ මාත් ආවගිය තැනක්...හිතට කනගා‍ටුයි තමා.
    ජයවේවා...!

    ReplyDelete
  53. විවේකයක් අරන්, වෙනස් මුහුණුවරකින් එන්න වගෙයි. ජීවිතේ කියන්නෙ බ්ලොග් විතරක් නොවෙන නිසා, අවධානය වඩාත් අවශ්‍ය කටයුතු වෙනුවෙන්, අවශ්‍ය කාලයෙදි ටිකක් කැප වෙන එක හොඳයි. ජයෙන් ජයම වේවා.

    ReplyDelete
  54. mata nethi unath, aneth ayata thamangema kiyala jeevitha thiyana bawa man dannawa. E nisa yana ayata inna kiyanneth ne man. Ena ayata epa kiyanneth ne man. Innawa nam kemathi bawa nokiwwata dannawa athine.
    Magenuth subapethum.


    ReplyDelete
  55. බ්ලොග් එක වහන්න එපා සහොදරයා, පුලුවන් වෙලාවට විතරක් ලිපි පලකරන්න, මොකද මටත් මගෙ බ්ලොග් එකේ ලිපි පලකරන්න කාලය ලැබෙන්නේ අඩුවෙන්( ‍රැකියාවේ කාර්යබහුලත්වය නිසා) එත් පුලුවන් වෙලාවට මමත් ලිපියක් දෙකක් පලකරනව, මම තාම ලිපි 10ක් වත් ලියල නැහැ මගෙ හිතේ, නමුත් අපිට පුලුවන් වෙලාවට ඉඳහිට වත් ලිපියක් පලකලොත්, එකෙන් තවත් කෙනෙක්ට දැනුමක් විනොදයක් ලැබෙනවනම් එකතමයි සතුට....

    ReplyDelete
  56. මොනවා බං? උඹ මේ කරන්නෙ විහිලුවක් නම් ඒක මම කැමති නැති විහිලුවක්. උමට පිස්සුද යකෝ?

    ඇයි බොල, උඹට ලියන්න වෙලාවක් ඇත්තෙම නැත්නම් මාසෙකට නැතිනම් දෙකකට එකක් වත් ලියාපියකො. බ්ලොගේවහන්න් ඕනැයැ?

    මට ඇත්තටම උඹත් එක්ක මල පැනලා ඉන්නෙ.

    බලමු උඹ මේකට මොකක්ද කියන්නෙ කියලා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  57. පෞද්ගලික වැඩ හැමෝටම තියනවා. බ්ලොග් එක වහන්නේ මොන ඇන්නෑවකටද? ඔන්න ඔහේ තියෙන්න ඇරලා, ඔය යලට , මහට හරි කා‍ටුන් එකක් ඇඳපිය. නැත්නම් ආයෙ දෙකක් නෑ, පන්නගෙන ඇවිල්ලා හපනවා බොගෙ පස්ස :)

    ReplyDelete
  58. හූ... හූ... අපි රැවටෙයි ඕවට‍‍‍.......

    ReplyDelete
  59. Pl reconsider your decission. However we enjoyed your writting immensely. Thank you very mcuh Buddhi. Good luck with everything !!!

    ReplyDelete
  60. හ්ම්............ මට හිතෙන්නේ එක දෙයයි මෙයාට කරගන්න ඕනෑ වෙලා තියෙන්නේ....... අර ඇවිත් ඇවිත් ගියාට කොමෙන්ට් කරන්නේ නැහැය කිව්ව කෙනා කොමෙන්ට් එකක් දුන්නා නං මේ අදහස වෙනස් වෙයි. කියලා බලන්න ඕනෑ...... :D

    ReplyDelete
  61. මහේෂ් නිශාන්ත

    Mahesh Nishantha (www.nursinglk.com) has left a new comment on your post "සයිබර් යාය මේ මොහොතේ සිට වසා දැමේ | අවසාන ලිපිය කි...":

    මල්ලී , සිංහල බ්ලොග් අතරේ ඔබේ සටහන “සුවිශේෂීයි“ , ඒ වගේම මට දැනෙන විදිය නම් “සයිබර්යාය“ පැවතිය යුතු අඩවියක් ! ,

    ඇත්ත මේ හැමදේ එක්ක පවුලේ දියුණුව වෙනුවෙන් කාළය යොදවන එක ටිකක් අමාරුයි , ඒ වගේම වෘත්තීය දියුණූව ගැනත් හිතන්නට ඕන ..මොකද බ්ලොග් කියන්නේ අපේ සතුට මතු කරවන තැනක් ආදායමක් උපයන තැනක් නොවෙයි ,

    මේ ප්‍රශ්න සියල්ලත් එක්කම අපිත් (මේ තරම් රසවත් නොවුනත්) තවම බ්ලොග් සටහන ලියා ගෙන යනවා ..ලොකු කාළයක් නොවුනත් ඔබට වගේම “කාළයේ හිඟ කම මටත් තදින් දැනෙනවා“ ..ඒත් ඉඩක් ලද විටෙක ලියන්න මල්ලී ...ලොකු කාළයක් ගත වෙන දේ නොවෙයි , හිතට ආ රසකතාවක් , විනාඩු පහක් දහයක් ගත කරල ලියන්න , ඔබේ ආයතනයේ වැඩ කරන ගමන් ලැබුණූ කණිසමක අතේ රැඳී පෑන් තුඩින් ඇඳි චිත්‍රයක් එක් කරන්න ...මොකද ඔබේ සහෘදයන්ට එය වටිනවා ..!

    මල්ලී , මෙය ආදරණීය ඉල්ලීමක් පමණයි , කළ හැකි දේ ගැන , යථාතත්ත්වය දන්නේ ඔබම පමණයි , ඒ නිසා තිරණය ඔබ අතේ ....ඒත් ඔබ ලීවත් නොලීවත් ..සයිබර්යාය නිසා හැඳිනගත් කිසිදා නොදුටු “චුටි මහත්තයාට“ ..බුද්ධී මල්ලීට අපි බොහොම ආදරෙයි ..පවුලේම කෙනෙක් විදියටම ...ඔව් සිංහල බ්ලොග් පවුලේම කෙනෙක්නේ ..!

    සුබ පැතුම් සුවබර සුබ අනාගතයකට ...ඔබට පමණක් නොවෙයි පවුලේ සැමටම ..විශේෂයෙන්ම “බුද්ධී පැටියාටත් එක්ක“ ...
    මම මහේෂ් අයියා (සොඳුරු සුව අසපුවෙන්)

    ReplyDelete
  62. ඔබා හිටි ගමන් ගියා ඒකෙන් ඇති උන පාලුව එහෙමමයි.. ඒත් කලහැකි දෙයක් නැහැ. ඔබේ ලිපි මම කියෙවුවෙ හරිම ආසාවෙන්. මේ බ්ලොග් එක හි‍ඳෙයි කියල මම කවදාවත් හිතුවෙ නැහැ. අර මාරයා කියන්න වගේ අපි ඔන්න මේක කියෙවුවා අනික ලියන්නේ කවදාද ? මම හිතනේ නැහැ බ්ලොග් ලෝකෙ එක්කෙනෙක්වත් සතු‍ටුවෙයි කියල මේ බ්ලොග් එක වැහෙනවා දකින්න. ඉස්සරහටත් ලියනවා නම් අපි සතු‍ටුයි.. ඒත් තීරනේ ඔබේ අතේනෙ..

    ReplyDelete
  63. මොනවා කියන්නද තේරෙන්නේ නැහැ. සදා ජය !

    ReplyDelete
  64. මම බලාපොරොත්තුවන්නේ මෙය තාවකාලික විරාමයක් වේවායි කියායි. කොහොමවුනත් මොනවගේ තීරණයක ඔබ සිටිනවාදැයි දන්නේ නැහැ. බ්ලොග් ලිවීමට යම් කාලයක්, කැපවීමක් කළ යුතුයි. එය හොදින් මමත් දන්නවා. කොහොමවුනත් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ හැකිනම් නැවතත් ලිපි පළ කරන්න.ඒවගේම හැකි අවස්ථාවල සත් සමුදුරට පෙර පරිදිම එන ලෙසයි. අඩුම තර‍මින් එතනදී හෝ ඔබ හමුවේවි...

    ReplyDelete
  65. මං මේ හිතන්නේ කවුද අර බ්ලොග්කාරී සියබර් යායට තවමත් ආවේ නැති කියන කාරණය ගැනයි.

    අදවත් ආවාද මන්ද, නිකං කියෝල යන්නවත්!

    ReplyDelete
  66. හරිම ආසාවෙන් කියවන බ්ලොග් එකක්....නවත්තන්න එපා. වෙලාව ලැබෙන විදියට ලියන්න....අවුරුද්දකට පස්සෙ පෝස්ට් එකක් දැම්මත් අපි එනව කියවලා යන්න.

    ReplyDelete
  67. අපරාදේ ගිහින් ආයේ වරෙන්කෝ එක්කෝ,,සික් පහු ගිය සැරේ උබව බලන්න එන්න ලෑස්ති උනා අපි 3ක් ඒ ගමන කැන්සල් උනා,,බලමු අසල්වැසියෝ නේ ඊලග පාරවත් බලන්න එන්නම්

    ReplyDelete
  68. කව්රු හරි දන්න එකෙක් මට කියහල්ලා මෙ යකාගේ ගෙදර එඩ්රස් එක ,මට මූට පිහියෙන් අනින්ඩ ඕන

    ReplyDelete
    Replies
    1. අන්තිම මොහොතෙ තරුවක් නොදා ගිය එකම මැදැයි :)

      Delete
  69. ම්..සෑහෙන්න කල්පනා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලාකරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලාකරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලාකරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලාකරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලාකරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලාකරලා කරලා කරලා කරලා තීරණය කලා බුද්ධිට කැමති දෙයක් කරන්න කියන්න..

    ඔබේත් පවුලේ සියළු දෙනාගේත් සියළු යහපත් පැතුම් ඉටුවේවා..

    ReplyDelete
  70. එහෙනම් බුද්ධියෝ කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතා Season 3 සමඟ නැවත හමුවෙමු.

    වෙන මොනව කියන්නද?

    ReplyDelete
  71. මූට පිස්සු... නොලියා හිටපං...වහලා දාන්න එපා. කමෙන්ට් නොකළාට බලනවා...බ්ලොග් කලාව වෙනුවෙන් වෙහෙසෙන කෙනෙක් ඒක අතඅරින එක දුකක්. සමාජ ජාලයෙන්ම සමුගන්නෙ නෑනෙ.. බුද්ධි.. ජීවිතය කියන්නෙ බ්ලොග් නෙවෙයි. ඒත් මම නම් මගෙ බ්ලොග් එක මම මලත් වහන්නෙ නෑ...

    ReplyDelete
  72. කෙහෙල් කොටුව පාළුවට යන්න තනන්නේ නේද? ඉතිං තව එකක් ඉවරයි. මක්ක කොරන්නත් කලින් බඩ වියත රැකගන්න එපාය. :)

    ReplyDelete
  73. අය්යො බුද්ධි අයියේ...වැඩ වැඩිනම් අර නෙරංජි කීවත් වගේ නොලියා ටික කාලයක් හිටියට කමක් නෑ...ඒත් වහලම දාන්න එපා... :(

    ReplyDelete
  74. මමත් මේ බ්ලොග් එකේ කතා හරිම ආසවෙන් කියවන්නේ මේ ටික කාලයට වුනත් (මම අළුත් කෙනෙක් ඒකයි ) මට නම් හිතෙන්නේ මේක වහන එක නම් හරිම අපරාධයක්.... අළුතෙන් එන අයට සයිබර් යාය කියල ජනප්‍රිය, රසවත් බ්ලොග් එකක් තිබ්බ කියලවත් දැන ගන්න මේක මෙහෙමම තිබුනොත් හොඳයි.
    ඔබට ජය.... !

    ReplyDelete
  75. මමත් මේ බ්ලොග් එකේ කතා හරිම ආසවෙන් කියවන්නේ මේ ටික කාලයට වුනත් (මම අළුත් කෙනෙක් ඒකයි ) මට නම් හිතෙන්නේ මේක වහන එක නම් හරිම අපරාධයක්.... අළුතෙන් එන අයට සයිබර් යාය කියල ජනප්‍රිය, රසවත් බ්ලොග් එකක් තිබ්බ කියලවත් දැන ගන්න මේක මෙහෙමම තිබුනොත් හොඳයි. ඔබට ජය.... !

    ReplyDelete
  76. ඉඳලා හිටලාවත් මොනවා හරි ලියමු මලේ. මමත් පොස්ට් එකක් කොටා ගන්න වෙලාවක් හොයා ගන්නෙ අමාරුවෙන්. ඒත් හිතෙන දෙයක් කොහේ හරි ලියලා තිබ්බෙ නැත්නම් මේක පාලුවට ගිය හිස් ලෝකයක් වේවි ..!

    ReplyDelete
  77. ඇඩ්මින් ‍ලොක්කට එන්න කියාපිය
    මේවට උත්තර දෙන්න කියාපිය

    :):):)

    ReplyDelete
  78. ඔයාට වෙලාවක් නැති නිසා මේක වහන්නවා නෙමෙයි ඔ‍යාට වෙලාව කලමණාකරනය කරගන්න බැ කියලා කි‍වුවා නම් හරි නේද?

    ReplyDelete
  79. කාල කළමණාකරණය කරගෙන පිලිතුරු ලියන්න ඉක්මනින් එන්න හිතාගෙනයි ඉන්නෙ....:)

    ReplyDelete
  80. දැන් අර එකෙකුත් කිව්වේ පන්සීයෙන් වහනවා කියලා. ඒත් ඔය ලියන්නේ පැයට කිලෝමීටර් සීයෙන් විතර. දැන් උඹත් මුට්ටිය දාන්න නේ හදන්නේ. අඩොව් අපි අහුවෙයි ඕවට.

    @ බුද්ධි :-
    දිගටම නොවුනත් කාල වෙලාව තියෙන විදියට මේ පැත්තේ ගොඩවුණු එකෙක් මම. මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ වෙලාව තමයි. ඒක අපි හැමෝටම පොදුයි. ඉඳලා හිටලා (මාසෙකට දෙකකට වතාවක්වත්) පොස්ට් එකක් දාන්න බලන්න. මේක වැහුවොත් ගුණාත්මක බ්ලොග් එකක් ලියන්නේ කොහොමද කියන එකවත් අලුත් උන්ට තේරුම් ගන්න තියෙන අවස්තාව නැතිවෙයි.

    හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා!!
    ඒ අස්සේ මේ පැත්තත් මතක් වේවා!!!

    ReplyDelete
  81. කෝ මන් දාපු කමෙන්ට් එක. ආයේ කොටන්නත් බෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ උඩින් දිලිසි දිලිසි....

      Delete
  82. වැඩක් නෑ... වහලා දාපිය.....

    ReplyDelete
    Replies
    1. ඇලා,
      වහලා දාන්ඩ තමයි ගියේ මූඩිය නැති වෙලා...

      Delete
  83. බුද්ධි අයියේ මොකුත් කියන්න බැහැනේ ඔයාගේ බ්ලොග් එක ඔයාගේ තීරණේ.
    එත් හැමදාම කොමෙන්ට් නොකලට මේක අතාරින්නෙ නැතිව කියවපු කෙනෙක් මම.
    තව පාරක් හිතල බලන්ට ...

    ReplyDelete
  84. යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද?යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද?

    ඔය වගේ ලස්සන ශෛලියකින් ලියන්න පුරුදු කරෙත් උඹනෙ.

    මෙහෙමෙයි.... බ්ලොග් කියන්නෙ ජීවිතය නෙමෙයි...එක්තරා කොටසක් පමණයි.බ්ලොගේ නිසා ජීවිතේ වෙන වටිනා දේවල් මඟ ඇරෙනව නම් ඒකෙන් ඇති වැඩක් නෑ.සමහරු බ්ලොග් නැවැත්තුවෙ වෙන වෙන සෝභන හේතු දක්වලා, ඒත් උඹ අවංකවම හේතුව දක්වලා තියනවා ඒකට මම ගොඩක් කැමති. බ්ලොගේ නැතත් අපේ යාලුකම කවදාවත් නැතිවෙන්නෙ නෑ (උඹ සිම් එක මාරු කරනකම්).හරි කථා ඇති . බ්ලොගේ වසා දැමීමේ දෙවැනි කොටසත් ඉක්මනටම දාපන්කො. එතෙක් ඔබට ආයුබෝවන්.

    ReplyDelete
  85. හා එහෙනම් වහපන්, වහල බලපන්කො. හැබැයි පුතෝ අයේ දාපන්කො බලන්න මේකෙ පෝස්ට්. එදාට තමයි මම බලාගන්නෙ. sdadhdmyurtyudbzVQR

    ReplyDelete
  86. හුටා, වහල නේද ....

    ReplyDelete
  87. මම තාම දන්නෙ නෑ බ්ලොග් එකක් කොහොමද වහන්නේ කියල..? නොලිය ඉන්න එක තේරුම් ගන්න පුළුවන් හැබැයි කොහොමද වහන්නේ..??

    හරි කමක් නෑ ඔයා කොහොම හරි වහල..වහපු විදිය දාල පස්සේ පෝස්ට් එකක් දාන්න...

    වැඩිය ආවේ ගියෙ නැති වුණාට ආපු හැමදාම කියවල සතුටු වෙච්ච බ්ලොග් එකක්... ජය..

    ReplyDelete
  88. Replies
    1. මොකද බොල විරවන්නෙ ????????????

      Delete
  89. // මම හැම තිස්සෙම උත්සහ කලේ වැඩිපුර ලිපි ලියනවටත් වඩා ලියන ලිපියට වැඩි සැලකිල්ලක් දීලා නැවත නැවත කියවන්න පුලුවන් ලිපියක් ඔබට ඉදිරිපත් කරන්න. එහෙම කරන්න සැලකිය යුතු කාලයක් මට නම් වැය වෙනවා.//

    සයිබර් යායේ හැම ලිපියක්ම එකපාරකට වඩා කියවන්න හිතෙන්නෙ මේ නිසා. කුමාරත් එක්ක බයිසිකලේට හුලං ගහපු කතාව, අම්මාගේ උපන්දින තෑග්ග කතාව etc. මම දහපාරක් විතර කියවලා තියෙනවා.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...