විවාහයේ දහවෙනි සංවත්සරය පසුගිය දා සමරපු උන්නැහේ තමයි, සැහැල්ලුව බ්ලොග් එක ලියන ඉන්දික උපශාන්ත. මුල් කාලයේ ඉඳලම සයිබර් යායට පැමිණිලා “කෙහෙල්කොටුවේ චූටි මහත්තයා“ දිරිමත් කරපු ඉන්දික උපශාන්තට සයිබර් යායෙන් උණුසුම් සුබ පැතුම්!
මේ මොන කතා කිව්වත් මිනිහා හෙන වසයි ද කොහෙද? ප්‍රොෆයිල් පින්තූරෙටත් දාගෙන ඉන්නෙත් සිංහයෙක්ව. එයාගෙ සංවත්සරෙයි කියලා දැනගෙන මම තෑග්ගක් දෙන්ඩ යනකොට මිනිහා කිව්ව දෙයින් මාවත් නිකං මෙව්වා වෙලා ගියා. මේ තියෙන්නෙ ඒ ටික.
ඔන්න බලන්ඩ යාලුවනේ සුබ පතලා තෑග්ගක් දෙන්ඩ ගියාම, ඒ ගොල්ලං අපිට කතා කරන විදිහ. එහෙම කතා කෙරුවයි කියලා අපි යැයි සැලෙන්නෙ. මේ තියෙන්නෙ ඒක.
උපශාන්ත දෙන්නා දෙමහල්ලො තමන්ගෙ කොල්ලො දෙන්නා ඉස්කෝලෙ ගියාට පස්සෙ නිවි හැනහිල්ලෙ විවාහ සංවත්සරය සමරන්න කතා කරගත්තලු. පහුවදා උදේම නිවාඩුවක් දාලා පොර හැරෙන තැපෑලෙන් ගෙදර ආවේ වෙලාව ටිකක් වැඩිපුර ඉතිරි කර ගන්නලු. මේ ඊට පස්සෙ ටික...

ඔන්න ඔහොමලු උනේ.
එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු.
අතරතුර කතන්දරත් වැටෙනවා.
...............................
- මීට විදෙස් සිත්තරා.

ව මතක් උනේ 



