ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2012/03/31

අද කාටුන් - 09 - මාතලන් මහතා ටෑන් පාටට නියමෙට කැපෙන පින්තූරයක් සොයයි....!

විශේෂ හැඳින්වීමක් කරන්න දෙයක් නෑ. පහුගිය දවසක මාතලන් ගොයියා ටෑන් පාට ගැන ලියමක් දාලා තිබුනා. ඒකට කැපෙන පොටෝ එකක් හොයන්න ගිය වෙලාවෙයි මේ තියෙන්නෙ.


මං කියන්නෙ බොරුනං ගිහිල්ලා බලන එකයි තියෙන්නෙ එතෙන්ටම.

ඔන්න ඔහොමලු උනේ. එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු. අතරතුර කතන්දරත් වැටෙනවා.

...............................
- මීට විදෙස් සිත්තරා.

2012/03/23

අදත් ආවේ කියන්න මම පොඩි බඩ්ඩක්.....!

අදත් ආවේ කියන්න මම පොඩි බඩ්ඩක්
පෙන්නලා මගේ කවි හැකියාවෙන් පොඩ්ඩක්
එක්කෝ ඕනි නෑ ගොතන්න වචන ගොඩක්
දහක් වචන කියන්න ඇත යස ක්‍රමයක්


සයිබර් යාය බ්ලොග් එක දැන් මෙහෙම වෙලා
මචං මොකද එහෙම ලියලා තිබුනෙ එදා
මෙහෙම හොඳයි, අරක හැබැයි පදිරි වෙලා
ඉදිරි ගමන මෙහෙම කලොත් මොකද ඔයා

කියමින් නිතර කමෙන්ට් කරලා තිබුනු අයත්
මේල් එවා මා දිරිමත් කරපු අයත්
ෆලෝ කරපු කාණ්ඩයේ සියලු දෙනත්
අයිතිකාරයොයි ඕකේ වගේ මමත්

ඉදිරියෙ තව නව දේවල් එකතු වෙලා
සිත්තර ටිකක් වැඩිපුර එක්කහු කරලා
ඕනෙම නම් යාලුවො ගැන ගුණ වයලා
ලියනවා එන්ඩ කියවා යන්නට ඔබලා

................................
-
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයේ දී දෙවෙනි වතාවටත් සයිබර් යාය හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය ලෙස සම්මාන ලැබිම හේතුවෙන් යුරෝ දෙකේ වීරයාගේ හදවතේ බුර බුරා නැගි ආවේගය නිසා ඉබේ ලියැවුනු කවි වගේ පංතියකි.

2012/03/19

මොකද්ද මචං උඔට උනේ......!

පහුගිය සතියක හමාරක විතර කාලයක් බ්ලොග් එකට අලුත් ලියමනක්, කාටුන් එකක් දාන්න මට බැරි උනා.

මුලින්ම සයිබර් යාය වටා පාඨකයෝ එකතු උනේ කෙහෙල්කොටුවේ චුටි මහත්තයගේ කතා කියවන්න. පස්සෙ කුරුලු හමුදාවෙ කතා, ටිකිරි කතා එකතු උනා. ඒ අතරතුර මගේ කතාත් ගියා. විදෙස් සිත්තරා ළඟකදී පටන් ගත්තු සති අන්තෙ කාටුන් පිටුව අන්තිම දවස් වල නැගලා ගියා.

ඒත් වෙනසකටත් එක්කලා කාලීන වැදගත් කමකින් සමන්විත ලියුමක් දෙකක් ලියන්න ඕනෙ කියලා මට හිතුනා.

ඒ ගැන හොයලා බලද්දි රංග මහත්මයා කියලා තිබුනා මේ කාලේ වැඩිපුරම ජනප්‍රිය මාතෘකා දෙක වනාහි බොරතෙල් මිල වැඩිවීමත්, ක්‍රිකටුත් කියලා. මගේ අදහස මුදුන් පත් කරගන්න නම් ඔය දෙකෙන් එකක් ගැන ලිව්ව නම් හරි.

ඊට පස්සෙ තමා හැම දේම උනේ !

උදාහරණයක් හැටියට තෙල් මිල ගැන මම කවියක් ලිව්වා. මට සාමාන්‍යයෙන් කවි ලියන්ඩ බෑ තමා එදා ලිව්වට. ඒ උනාට මොකක් හරි දෙයක් ගැන බුර බුරා හදවතේ ගින්නක් ඇවිලෙනවනම් අන්න එතකොට හතර පදයක් ගොතා ගත්තැකි මොනව හරි ජිල්මාට් එකක් දාලා.

ඉතින් තෙල් මිල වැඩි කරපු හැටියෙ මම කලේ ඒ ගැන පොඩ්ඩක් හිතපු එක. ඔන්න එතකොටම හදවතේ බුරා බුරා ගින්නක් ඇවිලෙන්න ගත්තා. ඒ වෙලාවෙ මම ශූර ගිනි නිවන භටයෙක් වගේ එතෙන්ට පැනලා ඒ ගැන කවි පංතියක් අටවා ගත්තා. පස්සෙ ඒක මම දැම්මා මාතලන්ගේ "මාලු පාන් කවි" කවි පන්තියෙ කමෙන්ට් එකක් හැටියට.

මේ තියෙන්නෙ ඒක.

සිරිමත් මගෙ සකි
දැන් ලොකු ළමයෙකි
යන්තම් ඇති හැකි
වැදගත් මහ‍තෙකි

තෙල් මිල නැග්ගත්
රුපියල බැස්සත්
ලයිට් බිලෙන් වත්
සිරිමත් නොසැලෙත්

මූණුපොතේ වත්
බ්ලොග් ලියුමෙන් වත්
පාරට බැහැලත්
අරගල නොකරත්

දෙන දේ කෑමත්
වෙන දේ බැලුමත්
කී දේ කෙරුමත්
දැං පුරුදුයි කොහොමත්

හැබැයි ඕකට ආපු උත්තරේ හන්දා මම හිතාගත්තා මට ඔය ගැන නිසි අවබෝධයක්
නැහැයි කියලා. මාතලන් ඒකට උත්තර හැටියට දාලා තිබුනෙ "ඕක තමා හෙනේ..." කියලා. ඒ කියන්නෙ මට ඒ ගැන නිසි අවබෝධයක් නෑ. මම ගැටලුව ලිහලා තියෙන්නෙ කණපිට පැත්තට.

අනිත් ජනප්‍රිය මාතෘකාව ක්‍රිකට්!

ඒ අසංග ගුරුසිංහ වන් ඩවුන් එන කාලේ. ඒ කාලෙ මම ක්‍රිකට් වලට හෙන ලැදියි. මම කවදා හරි නැෂනල් ක්‍රිකට් ටීම් එකට යන්ඩයි හිතාගෙන හිටියෙ. අපි මැච් ගැහුවෙ ඉස්කෝල පිට්ටනියෙ උනාට හැමදාම හවසට සෙල්ලම් කලේ අපේ වත්
තෙ හරි, සාන්ත අයියලාගෙ වත්තෙ හරි. බුද්ධිඝෝෂ කතා වස්තුවෙදී, "ක්‍රිකට් උමතුව සෑදුනු කොල්ලන් රඹවනය හැරපියා, ගම්මානයෙන් එක්තරා කෙළවරක වූ මුඩුබිමක් සොයා ක්‍රිකට් නම් කෙලියෙහි මුලු සවස් යාමයම ගෙවූහ." ආදී වශයෙන් විස්තර කෙරෙන්නෙ අන්න ඒ ගැනයි.

ඉන්ඩෝ ක්‍රිකට් වගේ තමා වතු ක්‍රිකටුත්. සාමාන්‍යයෙන් වතු ක්‍රිකට් නීති ටිකක් වෙනස්. වතු ක්‍රිකට් වල තියෙන ප්‍රධාන නීති ටික තමා පහල තියෙන්නෙ.

01. ගස් කැච් ඔට්ටු ද නැද්ද?
02. වැටෙන් එලියට ගියොත් අවුට් ද ලකුණු කැන්සල් විතරද?
03. මල් ගස් වල වැදිලා මල් පෝච්චි බිඳුනොත් එයාව අවුට් කරනවද, නැත්තම් ඊලග වටේ බෝල් කරන්ඩ දෙන්නෙ නැද්ද? වගේ දේවල්. තව නීති තියෙනවා. වතු ක්‍රිකට් ගහලා තියෙන අය ඒ ගැන දන්නවා ඇතිනෙ.

අපි එදිනෙදාට සෙල්ලම් කරන්න පටන් ගන්න කලින් ඔය නීති සංශෝධනය කරනවා. ‍ඒ වෙන මොකවත් හින්දා නෙමේ. ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගන්ඩ.

ඔය මොන නීති දැම්මත් ක්‍රීඩාව අන්තිම වෙන්නෙ අපිට නඩු ගොඩක් වැටිලා. නඩු භාණ්ඩ හැටියට ක්‍රිකට් පිති, විකට් කූරු, බෝල ටික වැඩිහිටියෝ සන්තකේට යනවා. වැඩිපුරම බන්දු මාමා. අපේ අතින් බැරි වෙලා හරි එයාගෙ වත්තට බෝලෙ ගියොත් එයා පරල වේගෙන ඇවිල්ලා වත්තෙ අයිතිකාරයා මීට් වෙනවා. අපේ වත්තෙ නම් තාත්තා. සාන්ත අයියලාගෙ වත්තෙ නම් එයාලගෙ කව්රු හරි. එයා හැමදාම දාන්නෙ එකම තැටිය. ඒ "අපි ගහන බෝලේ ඒගොල්ලන්ගෙ කුකුල් කොටුවෙ වහලෙ තහඩුවට වැටෙනවය. ඒ සද්දෙට හිත ගැස්සෙන කිකිලියෝ බිත්ත‍ර දාන්නෙ අඩුවෙන්"ය කියන අභූත චෝදනාව.

ඔය කො‍යි දේ ගැනත් තාත්තා අඩුවැඩියෙන් දන්න හින්දා, දවසක් අපි සාලෙ ඉන්න වෙලාවක මට කතා කරලා දෙයක් තේරුම් කලා.

ඒ "මේ වන්නියෙ ඉඳගෙන හැමදාම ටෙනිස් බෝලා පැලුවත්, ටෙස්ට් මැච් යද්දි දවස් පහම ටීවී එක දිහා බලාගෙන හිටියත්, වන්ඩේ මැච් පැරදුනාම රෑ කෑම කන්ඩ බැ බෑ වගේ ගතියක් හිතට ආවත් ඒ එකක්වත් අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට යන්න සුදුසුකමක් නෙමේ"ය කියලා. ටීම් එකට යන්න තියෙන්න ඕනෙ වෙනම සුදුසුකම් කොටසක්ලු. ඒවා අපි ලඟ නැහැලු. හැබැයි මැච් බැලුවත්, ක්‍රිකට් ගැහුවත් ඒක විනෝදාංයක් හැටියට කරනව නම් එතන වැරැද්දක් නැහැයිලු.

කොහොමහරි ඒක තේරුම් ගත්තට පස්සෙ මගේ ක්‍රිකට් උණ වේගෙන් බැහැලා ගියා.

අන්න ඒක නිසා ක්‍රිකට් ගැන ලියන්නත් මට දැණුම මදි. එහෙම බලද්දි මට ලියන්ඩ එකක් නෑනේ !

ඒත් මම උත්සහය අතඇරියේ නෑ. මමත් ඇත්තටම කැමති නෑ මේක ලේසියෙන් අරින්ඩ.

ඒ හින්දා මම කල්පනා කලා මමත් දන්න, අනිත් අයත් කැමති පොදු මාතෘකාවක් ගැනවත් කතා කරන්න.
ඒ බ්ලොග් යාලුවෝ!

මට පුලුවන්නෙ මගේ බ්ලොග් එක නිසා හඳුනගත්තු යාලුවො ගැන විස්තරයක් ලියන්න.

ඒ ගැන හිතන කොටයි පහුගිය දවසක මට හමුවුනු, "අතීතයෙන් ගඟ ගලා බසී" බ්ලොග් එක ලියන "තුෂාර රවීන්ද්‍ර මහත්මය"ව මතකයට ආවේ. බ්ලොග් ලෝකේ ගොඩක් අය එයාට කියන්නෙ "වියත් රවා" කියලා. ඒ එයා හෙනට වියත් හන්ද ද, නැත්තම් වෙන හේතුවක් ද කියල නම් මම හරියට දන්නෙ නෑ.

පහුගිය දවසක ඒ ‍ගොල්ලන්ගෙ ගමේ ලේ දන් දීමක් තිබුනා. ඊට කලින් දා රෑ,
අපේ මුණුපොතේ ගෲප් එකේ කට්ටිය චැට් කර කර ඉද්දි පොර එතෙන්ට පාත් වෙලා මේ විස්තරේ කියලා, මගෙන් ඇහැව්වා ලේ දන් දීමට එන්න පුලුවන්ද කියලා.

මම බැලුවේ ඒ ගැනවත් ලියලා මගේ අරමුණට එන්න. ඒත් ඒකත් කොට උඩ ගියානෙ.

එදා ලේ දෙන්න ගිහින් පෝලිමේ ඉද්දි, සංවිධායක මණ්ඩලේ අක්කා කෙනෙක් අල්ලපු කොළ කැඳ කෝප්පෙ මම එපා කියද්දි පොර පිටිපස්සෙ ඉඳලා, "එපා නං මට දෙන්ඩ.... මොනා හරි නිකං දෙද්දි ගන්ඩ දැනගන්ඩ....." කියලා මට දුන්නු උපදේශය ගැනවත්, ලේ දෙන්ඩ කලින් පුරෝපු ෆෝම් එකේ, "ඔබට නිතර වැළදෙන රොගාබාධයක් තිබේද?" කියන ප්‍රශ්ණයටත්, "ඔබ අවසාන සතියෙ ගණිකාවන් ඇසුරු කර තිබේද?" කියන ප්‍රශ්ණත් කියෝලා, ඇත්තටම එහෙම කරලා නැති නිසා, "ඔව්/නෑ" කියන විකල්ප දෙකෙන් "නෑ" කියන එක කපලා, "ඔව්" කියන එක ඉතුරු කරගෙන එතන කරගත්තු සංගෙඩිය ගැනවත්, නර්ස් නෝනා කෙනෙක් ඉන්න ඇඳ ගාවට ගිහින් ලේ දෙන්න පෙරුම් පුරාගෙන ඉද්දි, පොරව පිරිමි ඇටෙන්ඩන් කෙනෙක් ගාවට මහ අවාසනාවන්ත විදිහට වැ‍ටිච්ච එක ගැනවත්, පස්සෙ ඇදේ දිගා වෙලා "මචං එක්කො අපි ඇඳං මාරු කරගමුද?" කියලා මහ හයියෙන් අහපු එක ගැනවත්, ලේ දීලා ඉවර වෙලා සංවිධායකයෝ එක්ක ගෝරනාඩුවක පැටලිච්ච එක ගැනවත් ලියලා කොහොමත් මගේ අරමුණට ජයගන්න බෑනෙ.

ඒ කරුණු එහෙට මෙහෙට කරලා ලිව්ව උනත්, එදා උදේ වෙච්ච ගෝරනාඩුව මොකද්ද කියලා චැට් එකෙන් අහද්දි දුන්නු මේ උත්තරේ නම් මට කොහොමවත් බ්ලොග් එකේ දාන්න බෑ.


ඊටත් වඩා මේ ගැන අනිත් යාලුවන්ට මම කියයි කියලා හිතලා, පොර එදා රෑම චැට් එකට ඇවිදින් පත බේගල් ඇද බාලා මම ගැන. නමුත් ඒ ඔක්කොම "අලුයම ලූ කෙල පිඩක් සේ" ඉවත දාලා මම සහෝදරත්වෙන් ආරාධනා කලා සියල්ල අමතක කරමුයි කියන්න. මේ බලන්නකෝ, මිනිහා කොච්චර මනස්ථාප වෙලාද එයා කරපු දේවල් ගැන.


ඉතින් ඒ වගේ දෙයක් මගේ අරමුණ කරා යන්න උදව් කර ගන්න මම කොහොමත් කැමති නෑ. ඒ නිසා ඒකත් මම අයින් කරන්න හිතුවා.

දැන් තේරෙනවනේ. බොරතෙල් ගැනවත්, ක්‍රිකට් ගැනවත් නිසි අවබෝධයක් නෑ. යාලුවා ගැන ලියලා යමක් කරගන්න පුලුවන් උනත් එයාගෙ නම කැතවෙන හින්දා ඒක කරන්නත් බෑ.

අන්න ඒකයි මට ලියමනක් දාගන්න බැරි උනේ.

“අලුත් ලිපියක් නැද්ද?, අලුත් කාටුන් එකක් නැද්ද?, සිරාවටම මොකද්ද මචං උඔට උනේ ? වයි ආ යු නිෂ්ශබ්ද? “ කියලා මං ගැන හොයලා බලපු අලුත් යාලුවන්ටයි, පරණ යාලුවන්ටයි ඔක්කොටම ස්තුතියි....! නොකිව්ට මොකද එහෙම අහද්දි, මට මාර මෙව්වා එකක් එන්නෙ.

එහෙනම් ළගදීම නැවත හමුවෙමු.

ඊ ලඟට ඕගොල්ලන්ට කියවන්න ලැබෙන්නෙ “කෙහෙල් කොටුවේ චූටි මහත්තයගේ“ කතා මාලාවක්. නිකම්ම නෙමේ සිත්තරත් බලන ගමන්....!

...................
- මීට යුරො දෙකේ වීරයා.

2012/03/03

අද කාටුන් - 08 - ආදරය හොඳින් හඳුනන, උනුවන හදවල් ඇති, නියම පිරිමින්ට.......!

අද නං වැඩිපුර මුකුත් එක්ස්‍ප්ලෙන් කරන්න දෙයක් නෑ.

පින්තුරේ මෙන්න.....


ඉතිං අපිව හොඳ ළමයි කරන්න කොච්චරවත් කැපවෙන පොඩි කුමාරිහාමි නෝනට ඔන්න සයිබර් යායෙනුත් උණුසුම් සුබ පැතුම්!

ඔන්න ඔහොමලු උනේ. එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු. අතරතුර කතන්දරත් වැටෙනවා.

...............................
- මීට විදෙස් සිත්තරා.

Related Posts Plugin for WordPress, Blogger...