2013/05/13

දෙමළ කෙස් ගහක් සත පනස් පහයි! (කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතාවක් )

“ඔය කොයි දේ ගැන වුනත් ටික ටික හරි දැනගෙන ඉන්න හොඳයි ............!“ දවසක් අම්මා කිව්වා. ඇත්තටම ලෝකේ තියෙන ඕනෙම දෙයක් ගැන තොරතුරු දැනගෙන ඉන්න එකේ ප්‍රයෝජනය මොකද්ද? මම දහ අතේ කල්පනා කලා. ඒකට නියම උත්තරේ දවසක් මට ලැබුනා. එදා උදේම පැමිණීම ලකුණු කරලා ඉවර වුනු නිරූපා ටීචර් පොත වහලා මුලු පන්තිය දිහාම බෑරෑරුම් මූණක් හදාගෙන බැලුවා. “හරි දැන් අත උස්සන්න බලන්න ඊයේ දුන්නු ගෙදර වැඩ කරගෙන ආපු අය...........................

2013/03/30

පොල්කුඩු වලින් බ්ලෙන්ඩර් හදන විස්මිත ගෑණු සහ තවත් අරුම පුදුම චාරිත්‍ර ක්‍රමයක් ගැන දැනගන්න......! (යුරෝ දෙකේ වීරයාගේ හෙලිදරව්වකි)

අපි බ්‍රහස්පතින්දා ඉදලා ලබන සදුදා උදේ වෙනකල් නිවාඩුවක් ගත්තා. බ්‍රහස්පතින්දා නැන්දලාව විසිට් කලා. පස්සේ එහෙම්ම ම අක්කලාගෙ ගෙදරට ගොඩබැස්සා. ඒ අක්කලාගේ අල්ලපු ගෙදර අය දෙනවයි කියපු කිරි දානෙට උදව් කරන්න හිතාගෙන. බ්‍රහස්පතින්දා රෑ කලින් නිදා ගන්න කියලා හිටියත් මාරයගේ බලු පෝස්ට් එක කියෙව්වට පස්සෙ ඒකේ අගක් මුලක් හොයන්න ගිහින් දන්නෙම නැතුව පාන්දර එක වුනා.  කොහොමහරි පහුවදා මම එහා ගෙදර කිරි දානෙට...

2013/03/24

අද කාටුන් 23 - චතුෂ තුෂාර කුමාර හෙවත් මාරයාගේ විවාහ මංගල්‍යයය - ඔබ නොදුටු පින්තූරයක්

 මාරයාගේ විවාහය ගැන බ්ලොග් ලෝකයේ ගොඩක් දෙනෙක් කතා කරනවා. මාරයම කියන හැටියට “ආ..ඌට බැන්දට පස්සේ වැඩ වැඩි වෙලානේ...:D ඔහොම තමා බැන්දම... කලින් කුරුල්ලෝ වගේ නිදහසේ හිටිය උන්ගේ තටු කැපෙනවා.. දැන් ඇති පවුල් බරට කර ගහලා...“ කියලා ලු කසුකුසුව යන්නෙ. මේ ගැන කෙහෙල්කොටුව කාටුන් අංශය කරපු විශේෂ විමර්ෂණයකින්...

2013/02/28

සුවර පෙට්ටි වාදකයා ! - අවසාන කොටස - චූටි මහත්තයාට එරෙහිව රදනක මංජුසාව...!

පළවෙනි කොටස කියෝපු අයට මෙන්න දෙවෙනි කොටස... අක්කා ස්වර අල්ලා එය නියමිත තැනට ගන්නා ආකාරය බලන්ඩ ලස්සන යැයි කීම මුසාවක් නොවේ. වරෙක එක ස්වරයක් අල්ලා ගන්නා ඇය එය උච්ච සහ මන්ද්‍ර යන ස්ථාන අතරේ වේගයෙන් දෝලනය කරන්නේ නිවැරදිව ක්ලච් බැලන්ස් එක තබා ගත නොහැකිවූ ආධුනික ලොරි රථ රියදුරෙකුගේ ඇංජිමක විලාපයක් මට සිහි ගන්වමිනි. මේ මොහොතේ දී අක්කා දකුණත මදක් උඩට ඔසවා මනඃකල්පිත යමක් අල්ලා එය ඇඟිලි තුඩු වලින් ඩැහැගෙන...

2013/02/27

සුවර පෙට්ටි වාදකයා !

එක්තරා හිමිදිරි උදෑසනක මම ඉතාමත් ඉවසිලිවන්තව, ඉතා සැලසුම් සහගත ලෙස කාමරයේ ඔබ මොබ සක්මන් කරමින් මගේ නිවාඩු දවස සැලසුම් කරමින් සිටියෙමි. හිමිදිරියේ හිරු කිර‍‍ණ කාමරයේ ජනේල පොලු අතරින් පැමිණ හරි හැටි ආලෝකය උරාගැනීමට පොර අල්ලමින් සිටි ඇසේ බබා මතට පතිත වී ඊට උඩින් වූ ඇහිබැම හකුලුවමින් තිබිනි. උදෑසන කූරුලු නාද හා අම්මා තේ සාදන හඬ යටපත් කරමින්, බණ්ඩක්කා නොකෑම නිසා අවම කාටිලේජ ප්‍රමා‍ණයකින් දුවන මගේ අස්ථි...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...