2010/02/15

ගුවන් හමුදාවට ආපු සෘෂිවරයා කී කතාව

ඔන්න ගුවන් හමුදාවෙ හිටපු මම නිවාඩු යන්න ගිහිං වෙචිචි අකරතැබිබය මම එදා කිවිව. කියොපු නැති අය මෙතැනින් ඒක කියවන්න. එදා මම කිවිව වගේ මම කතා කියන්න මෙ බිලොග් එක පටන් ගත්තෙ නැති උනත් එදා කතාවට කොමෙන්ටි දාල තිබුණු Wiz Kun, චතුරංග, දොඩන්, ගයාන් බාලසූරිය, samudrika, thariya, panhida, Doc. Hondahitha වගේ අයගේ කොමෙන්ටි දැක්කහම දිගට​ම ලියන්න පොඩි කික් එකක් ආවා.

හරි අද මම අපේ කෝසෙක් (එතට හමුදාවට ආපු අපේ බොක්කක්) පෝය දවසක කරපු වැදගත් වැඩක් ගැන කියන්නයි යන්නෙ.

පොය දවසක් කියන්නෙ හමුදාවෙ හිටපු අපිට ඒ කාලේ පුදුම Fun දවසක්. එදා දවස හරිම සැහැල්ලුවෙන් අපි ගෙවලා දානවා. අපේ කීඩා පුහුණුවීමි එදිනත් තිබුනත් රජයේ නිවාඩු දවස් මුලු ලංකා​වම භුක්ති විදිද්දි අපි විතරක් මොන එහෙක​ට පුහුණුවීමි කරන්නද කියලා අපිත් එදාට නිවාඩු දානවා.

පෝය දවසේ අපේ දින චරියාව මෙන්න මෙහෙමයි.
උදේම නැගිටලා මුණ කට හෝදලා හමිබවෙන තේ එකත් බීලා. අපේ සෙටි එකම කෑමිප් එකේ ඉදං ගෝල් පේස් එකට පොඩි ජොගිං පාරක් දානවා. ආයේ ඈවිත් නාලා එහෙම උදේට කාලා 10ට 10.30 විතර සෙටි එක එකතු වෙලා එක්කෝ කිකටි ගහනවා. නැත්තං වොලිබෝල් ගහනවා. ආයේ දවල් කෑම වෙලාව ආපුවාම සෙල්ලං ඉවර කරලා නාලා කාලා එහෙම පොඩි රෙස්ටි එකක් ගන්නවා.

ඒ වෙලාව​ට ඉතිං එක එකාට වෙචිචි දේවල් මතක් කර කරා හිනාවෙනවා. සමහරු පත්තර බලනවා, චිතුපටි බලනවා. රෙදි හෝදනවා, නැත්තං කැමිප් එකේ බොක්ස් පොලීමෙන් එකක් බදු අරං මාසයක් එකතු තරපු රුපියල්පහේ එවා ඉවර වෙනකං මල් නෙලනවා. මුකුත්ම කරන්න නැත්තං නිදාගන්නවා. හැන්දැවට ඔක්කොමලා වගේ ගංගාරාමෙට ගිහිං මලක් පහනත් පූජා කරල එනවා. අමිමෙ බලන්ට එපැයි එතකොට අපේ උන්ගෙ සිල්වත් කම.

අද මම කියන්න යන කතාව සිද්ද උනේ අර ඉස්සෙල්ලා කිවිව දවල් කෑමෙන් පස්සෙ හමිබ වෙන වෙලාවෙදි.

එදත් සුපුරුදු විදියට අපේ කෝප්රල් ආව. එයා වෙලාවකට දෙයියෙක් වගේ. වෙලාවකට යකා ! කොහොම හරි මෙයා එද්දි කොහොමත් අපේ බඩවල් වල අමුතු දැවිල්ලක් එනවා. මිනිහා ව​චන දෙකක් තුනක් කතා කලාම එක්කෝ ඒක වැඩිවෙනවා. නැත්තං හොද වෙනවා.

කොහොම හරි මිනිහා එදා කැප්ටන් කූල්.

මිනිහා කියනවා ''උඹලා දන්නවද අද දවසෙ වැදගත් කම. හරි උඹ කියපං බලන්න අද දවසේ වැදගත් කම'' කියලා අපේ කොල්ලෙක්ගෙ පැත්ත බලල ඔලුව වැනුවා.
මම හිතුවා '' අනේ උෘයි මායි දන්න දවසෙ වැදගත් කම. උ කියයි අද කෑමට මස් දෙන්නෙ නැහැ. ඒකයි වැදගත් කම'' කියයි කියලා.

උත්තර නැති තැන අපේ කෝප්රල් එකෙක් පෙන්නලා ''හරි උඔ දැං ඉදලා හිමාලෙන් ආපු සෘෂිවරයෙක්. සෘෂිවරයා දැනගන්න ඔනා අද දවසේ වැදගත් කම උඹ කියපං'' කිවිවා.

කෝප්රල් කිවිවාම ඉතිං බෑ කියන්න යෑ. උෘ සුදු බෙඩිශීටි එකක් ඔතාගෙන සෘෂිවර වෙස් අරං අහසින් වඩිනවා ඈදංවලිං පැන පැනා. ඔක්කොමලා බලං ඉන්නෙ මූ මොකාටද එන්න හදන්නේ කියලා. කොප්රල්ටත් කාලෙකට පස්සේ හිනාවක් ගහිල්ලා තියෙන්නෙ.

මු අහසින් වැඩියා ඩබල් බෙඩි එකක උඩ ඈදට. ඈවිත් අද දවසේ වැදගක් කම ගැන කියන්න ගත්තා. මට පෙන්නෙ සෘෂිවරයා පොය දවසේ මදිනොකියන්න පවු ටිකක් පුරොගන්න වගේ යන්නෙ. දැන් සෘෂිවරයා ඈද උඩ දැහැනට සම වැදිලා

'' එමිබා ගුවන් භටයිනි අද දවසේ ලොකෙට වගේම ලංකාවෙ අපිටත් වැදගත් දවසක්. අද තමයි තපස්සු භල්ලුක වෙළද දෙබෑයෝ බුදු රජාණන් වහන්සේට විලදයි මී පැණියි දීලා බණත් අහලා කේෂ දාතුවකුත් අරං ලංකාවට අවෙ. අන්න ඒක දැන ගනිල්ලා. නැතුව අද දවස වෙන්කරලා තියෙන්නේ 5හේ කාසි වලිං මල් කඩන්න නෙමෙයි'' කියලා සෘෂිවරයා එර්දි උනා.

කෝප්රල්ට විතරක් නෙමෙ අපිටත් හොදමට හිනා ඒක වෙචිච විදියට.

ඊට පස්සෙ තමයි කතාවෙ හොදම හරිය එන්නෙ.

කෝප්රල් ඈති වෙන්න හිනාවෙලා හිනාවෙලා ''හරි උඹලගෙ A4 කොල වලින් එකක් අරං කතාවෙ හිත්ගත්තු තැනක් චිත්රයට නගපල්ල කියලා'' මූටත් අපිව බයිටි කරනවට වැඩිය දැයක් නැහැ.

මම '' යකෝ තෝ හිතුවද කෝප්රල් අපි හොඩියෙං මෙතෙන්ට වැටුන කියලා '' අහන්නත් ගිහිං ආයෙ මොකටද එයාගේ හිත රිද්දන්නෙ කියලා නිකං හිටියාග කතාවෙ සැරට කෝප්රල්ට ඈඩුනොත් එහෙම අපිටනෙ හොද නැත්තෙ.

දැං කොල්ලො එක100ගානට ට චිත්ර අදිනවා. ඈදලා ඉවර උනාම ඔක්කොම එකතු කරලා පොලිම​ට තිබිබා. කොල්ලො තමන්ට හැකි පමණින් ඈදලා. මොකට කියනවද ලස්ස​නේ බෑ චිත්ර ටික. කොහොම හරි ඈදපු චිත්ර වලින් ඔක්කොම තේරුමි ගත්තැකි එකක් ඈර.

මොකද්ද යකො මෙ මූ ඈදල තියෙන්නෙ. මුලු ​බෙෘද්ධ ඉතිහාසෙම මතක් කලත් මෙ වගේ අවස්ථාවක් ම​ට මතක් වෙන්නෙ නෑ.

මම '' මොකද්ද බං මෙ ඈදලා තියෙන්නෙ''

''ආ.... උඹලට තේරෙන්නෙම නෑ..... කොහෙද ඉතිං උඹලට රසවින්දනයක් තියෙන එකක් යෑ! මෙ ඈදලා තියෙන්නේ තපස්සු භල්ලුක දෙන්නා බුදු හාමුදුරුවන්ගෙන් බණ අහන අවස්ථාව යකෝ!''

මොන තපස්සු භල්ලුක ද යකෝමෙ. මට නං හිතාගන්න බැහැ. මට විතරක් නං කමක් නැහැ. අනිත් එවුනුත් සක්වල ජීවියෙක් දැක්ක වගේ බලං ඉන්නවා. උන්ටත් තේරැං ගන්න බැ ම​ගෙ හිතේ.
මම කෝප්රල් දිහා බැලුවා මිනිහත් තරු පටි ඹක්කොම අමතක කරලා කොල්ලො එක්ක එකතු වෙලා මෙ සිතුවම විශ්ලේෂනය කරනවා.

''හරි උඹම තේරුං කරපං මෙක'' මම කිවිවා.

යකෝ උඹලා බබාලද " මෙ ඉන්නෙ අපේ බුදු හාමුදුරුවෝ. මෙ ඉන්නේ බල්ලො දෙන්නා.''

''බල්ලො දෙන්නා කිවිවෙ?''

''ඈයි සෘෂිවරයා කිවිවෙ තපස්සු භල්ලුක කියලා දෙන්නෙක් බණ ඈහැවිවයි කියලා. ඉතිං ඒක තමා මෙ ඈදලා තියෙන්නෙ. මෙ බුදු හාමුදුරුවො. මේ තපස්සු භල්ලුක කියන බල්ලො දෙන්නා.''

යකො මූව කටු ඉඹුලේ නග්ගන්න එපැයි! මෙ කරලා තියෙන අපරාදෙට . අපරාදේ කොහොම උනන් අපේ කොල්ලො ඔක්කොම බඩ පැලෙනකං හිනාවෙනවා. අමිමො එහෙම හිනාවිල්ලක්. හකු රිදෙනකං හිනාවුනා. ඒත් මදි. කමිමුල් ගල් වෙනකං හිනාවුනා. ඒත් මදි! බඩ ලොක් වෙනකං හිනා උනා. ඒත් මදි. මූගේ චිත්රෙ බල බලා ඈතිවෙනකං හිනාවෙනවා.

'' යකො තපස්සු භල්ලුක කියන්නේ මිනිස්සු දෙන්නෙක්'' මම හිනාව අස්සෙං කියලා දැමිමා.

''සිරාවටම.........බල්ලො දෙන්නෙක් නෙමෙයිද? කියලා උත් අපිත් එක්කම එකතු වෙලා උගෙ චිත්රෙට හිනා වෙනවා.
කටිටියම ඈති වෙනකං හිනා උනා. හොදම වැඩෙ තමයි චිත්රෙ ඈදපු එකත් ඒක දිහා බල බල

'' සිරාවටමද මචං'' කිය කිය හිනාවෙචිච එකයි.
ඉතිං ඔන්න ඔහොම ජීවිතේ අමතක නොවෙන පෝය දවසත් ගෙවිලා ගියා. එදා හවස පංසල් යනකං අපිට හිනා වෙන්න හොද හේතුවක් තිබුනා.

(හරි දැං කතාව ඉවරයි. එක කතාවක් කියන කොට තවත් කතා ලොටි එකක් මතක් වෙනවා. කතාව ඔක්කොම කියෙවිවනං කොමෙන්ටි එකක් දාන්න. එතකොට ආයත් ලියන්න පොඩි කික් එකක් එනවා. )

48 ක් කියන්නේ !:

  1. වෙළදාමෙ යන බල්ලො දෙන්නෙක්. මට නං හිතා ගන්නවත් බෑ. :D
    අපරාදෙ කියන්න බෑ මරු කතාව.

    ReplyDelete
  2. එළ එළ නියම කතාව ;D, තව ලියමු.

    ReplyDelete
  3. පට්ට කතාව.... අර හිනවේ වර්ග ටිකනම් එලකිරිස්

    ReplyDelete
  4. හක් හක් හා...
    ඒක ජොලි කතාව බං..

    ඔහොම දේවලුත් වෙන එක හොදයි, ඉදලා ඉදලා..
    නැත්නම් ඉතිං කික් එකක් නෑනේ..

    ReplyDelete
  5. මම හිතන්නේ ටැබූ යනකොට වෙනස් ආකාරයකට අපූරුවට ලියන්න පුලුවන් කෙනෙක් අපට හම්බ වෙලා කියලා ලියන් දිගටම ඔබට ජය

    ReplyDelete
  6. බුද්ධි ඔයාගේ කතාව හොඳයි. අපිත් අර කිව්ව වර්ග වලින් නැතත් හොඳට හිනා වුණා.

    ඔයාට ක්‍රීඩා, චිත්‍ර වගේ වචන හරියටම ලියන්න ඕනේ නම් විදිහ කියන්නද? (මමත් පස්සේ කාලේ තමයි දැන ගත්තේ)


    අවශ්‍ය අකුර ප්‍ර කියලා හිතමු,
    ප + ` (keyboard එකේ English අකුරු වලට උඩින් තියෙන ඉලක්කම් පේළියේ 1ට වම් පැත්තෙන් තිබෙන key එක)

    අවශ්‍ය අකුර ප්‍රි කියලා හිතමු,
    ප + ` (keyboard එකේ English අකුරු වලට උඩින් තියෙන ඉලක්කම් පේළියේ 1ට වම් පැත්තෙන් තිබෙන key එක)+ s

    ReplyDelete
  7. බිම පෙරලි පෙරලි සිනාසෙමි.....එල මචෝ...දිගටම ලියන්න.....මට එපාවෙලා තියෙන්නේ.....

    ReplyDelete
  8. අනේ අම්මප බොලාටත්! :P

    ReplyDelete
  9. මරේ මරු කතාව. කාළෙකට පස්සෙ හොඳට හිනාවුනා.

    කතන්දරකාරයා

    ReplyDelete
  10. ගයානයෝ, නිශාචරයෝ,වැප්, Anonymous(නම කෝ)යෝ, පිස්සෝ,චතුරංගයෝ,රන්දිල්ද කවු​දෝ,පිඹුර කරේදාං ඉන්න සසිකයෝ,චානකයෝ,ගයානයෝ,බුද්ධාජිවයෝ,(ම)චෝ, කතන්දරකාරයෝ උඹලා ඔක්කොටම කොමෙන්ටි දැමිමටයි කතාව කියෙවිවටයි බොහොම ස්තුතියි!
    අද උදේ මම නැගිටල බලද්දි පෝස්ටි එකට වෙචිචි දේ දැකලා එපා වෙලා හිටියෙ. දැං ඒක හරිවගේ...
    අකුරු හරියට කොටන විදිහ කියලා දුන්නු රන්දිල්ද කවු​දෝ එයාටත් මගේ ඉස්තුතියි! දැං ඉතිං දිගමට ලියන්නයි හිතාන ඉන්නෙ. ආයෙත් ඉස්තුතියි!

    ReplyDelete
  11. Its a good one.
    keep it up bro ;)

    ReplyDelete
  12. ස්තුතියි Xiao_Shu කැමතිනං ඔයාටත් සින්ඩිය​ට එන්ඩ පුලුවං

    ReplyDelete
  13. woooow . . niyamai ban . .. . hinaa kiyanne ambanekata hinaa . ..

    ReplyDelete
  14. හික් හික් මරු කථාව. දිගටම ලියන්න. ඒක නෙමෙයි ඔයා අපේ කතන්දර අයියගේ නෑයෙක්ද. :

    ReplyDelete
  15. patta brother story eka maruwata rasa mathu karala thiyenawa

    ReplyDelete
  16. දුකත් ඈවිල්ලා,හසිතත් ඈවිල්ලා, ඊට පස්සෙ ආපු කෙනාටයි මෙන්න මගේ ප්‍රණාමය! උඹල​ගේ කොමෙන්ටි මට දෙන්නෙ මාර කික් එකක්! Anonymous වලින් කොමෙන්ටි නොදා එකවුන්ටි එකෙන් ආවා නමි මට එයාලවත් අදුරගන්න තිබුණා.

    ReplyDelete
  17. පන්හිදට මගෙන් තීන්ත!

    ReplyDelete
  18. හපොයි.. කකා හිටපු බුලත් විට එක නහයෙන් අවා නොවැ. එල එල!!

    ReplyDelete
  19. සඳරුවන්ට ;D මොනවා යකෝ! නහයෙන් කෙල ගහන පිටසක්වල ජීවියෙක්වත්ද? හිහ්... හිහ්...

    ReplyDelete
  20. පිස්සු හැදිල ආපහු පිස්සු හැදෙනව. පට්ටම කතාවක්. මම මේක ඔන්න share පාරකුත් දානව හොඳේ. :D :D :D

    ReplyDelete
  21. හික් හික්...... පට්ට කථාව.... දවස් දෙක තුනකට පස්සේ අවංකවම හිනා වුනා මේක කියවලා... එළ එළ

    ReplyDelete
  22. පොහ් කඳුලු එනකන් හිනා වුනා නෙ බොල. කවුරුවත් දැක්ක නං ෂුවර් එකටම මං පිස්සෙක් කියල කියනව. (තනියෙන් හිනා වෙන කොට)

    ReplyDelete
  23. එල කොල්ලෙක් නෙ බ්ලොග්කරණයට ඈවිත් තියෙන්නෙ.. දිගටම ලියමු හොදේ....

    ReplyDelete
  24. මාධවයෝ, උඔ ඉතිහාසගත වෙන වැඩක්නෙ කරලා තියෙන්නෙ. මෙ සංසාර ගමනෙ මගේ පෝස්ටි එකක් මං ඈර වෙන එකෙක් ෂෙයා කරාමද කොහෙද? ;D

    ReplyDelete
  25. ළමයෝ, එළ එළ දිගමට එන්ඩකෝ....
    ........................................
    දොඩමෝ, උඔ නං මීට කලිං ඈවිල්ල තියෙනවා මගේ හිතේ. දිගම​ට එන්ට අඩන්ට දෙන්නං තව.
    .........................................
    මෙ කවුද මෙ අදුරගන්ඩ බැරි උනත් පරණ කෙනෙක්ද කොහෙද? හරි හරි උඹලා කියෝනකං මම ලියනවා. නෑ.නෑත ටයිප් කරනවා.

    ReplyDelete
  26. elakiri..digatama liyanna...niyama kathawa..

    ReplyDelete
  27. Patta machan...Hina wela mageth bada ridenawa...umbe yaluwa buddhagame nemeida? ha ha ha ha...:D

    ReplyDelete
  28. අනෙ අම්මෝ...හිනා වෙලා බඩත් කොර උනා.... නියමයිනේ මේ කතා... අම්මපා හැමදාම එනවා ආයෙත්... මිනිස්සු හිනා ගස්සන්න පුලුවන් වෙන එකත් පෙර කල කුසලයක් අප්පා... මට පණ ගියා හිනා කාලා....මට කතන්දරේ ටෙලිඩ්‍රාමා එකක් වගේ පෙනුනා.... නියමායි......

    ReplyDelete
  29. අම්මෝ බඩපැලෙනකම් හිනා උනැකි.අපෙ අක්කත් කමරෙට අවා මොකද ලමයො කියගෙන..මගේ හිනවේ සද්දේට

    ReplyDelete
  30. නුවන්,
    ඌ තද කතොලිකයෙක්. කදාන පැත්තෙ.
    .............
    ජීවිතේ මල්/මම, උඔලා අනිත් පොස්ට් වලටත් කමෙන්ට් දාලා තිබුන නිසා බැලුවෙ මේවටත් ඈවිල්ලද කියලා ඈවිල්ල නේන්නං. දිගමට එන්ඩ කො!

    ReplyDelete
  31. අනේ බං මට මේක කොහොම මිස් වුණාද මන්දා. අද තමයි දැක්කෙ. හිනා ගිහිල්ල මැරුණ ......දිගටම ලියපන්....

    ReplyDelete
  32. ela bro.adamay dakke.dakka gaman follow kala.dan atarinna.keep up the good work.

    ReplyDelete
  33. thariya සහ milan, උඔලා පහුවෙලා හරි දැක්කනේ ඒ මදෘයි

    ReplyDelete
  34. අද තමයි දැක්කෙ. නියමයි. දිගටම ලියපන්.මීට පස්සෙ නිතරම එන්නම්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි BUDDHI. අවුරුද්දකට පස්සෙ ස්තුති කරන්නෙ.....

      Delete
  35. හිනා වෙලා මං තුමියගේ පණ ගියෝය...

    ReplyDelete
    Replies
    1. ආශී, ලහිරු,

      ස්තුතියි ඈ.... බලාගෙන ආශීගෙ පණ කෙන්ද!

      Delete
  36. මුල සිට සරළව කියවන්ඩ පටන් ගත්තා..

    හිනා එකයි ඕයි.. බඩත් රිදෙනවා හිනා වෙලා...

    ලිවිල්ලනම් පංකාදු පහයි, මල් හතයි දශම පහයි.

    අර, බිලොග්, කොමෙන්ටි, ලොටි කියලා දාලා තියෙන්නෙ රසය මතු කරන්ඩද නැත්නම් ඒදවස්වල ලියන්ඩ දන්නැති හින්දද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා, ඒ දවස් වල ලියන්ඩ දන්නෙ නෑ. ඒ දවස් වල චිත්‍ර කියලා ලිව්වෙ චිත්ර කියලා. හල් කිරීම මොනා කරලත් හොයා ගන්න බැරි උනා.

      අර ලකීසිරි කියන මනුස්සයා දැනටත් මේවගේ වැරදි තියෙන පෝස්ට් හොය හොයා ෂෙයා කරනවා.... මට මඩ ගහන්න.... හෙහ් හේ.... අපි නං සැලෙයි ඕවට!

      Delete
  37. අන්න එහෙම අනුන්ට කොළ අඳින්නේ නැතුව සීරියස් කතාවක් ලියන එක කොච්චර හොඳද ? අර තපස්සුයි බල්ලුකයි නම නියමෙට බන අහනවානේ.. තපස්සු කාරයා ඩෑල්මෙශියන් වෙලා භල්ලුකයා වල් භල්ලෙක් කලේ මොකටෙයි ?

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...