හැමදාම හමුදාවෙ කතා කියපු නිසා මට හිතුනා පොඩිකාලේ වෙචිච අපූරු සිද්ධියක් කිවිවොත් හොදයි කියලා!
බොහොම ඉස්සර කාලේ මගේ පූංචිම කාලේ මගේ ලොකෙ පිරිලා තිබුනෙ තනිකර ප්‍රශ්ණ වලින්. මොන දේ කෙරුවත් මොන දේ බැලුවත් හැමදාම මට ගනන් කර ගන්න බැරි තරමි ප්‍රශ්ණ ගොඩාක් විසදගන්න බැරුව ඉතිරි වෙනවා!
ඒ කාලේ අපි ඉතාම සරළ ජීවිතයක් ගත කෙරුවා. අලුත් අවුරුදු කිටිටු වෙද්දි අපි නෑගමි යනවා.
අපි හැම අලුත් අවුරුද්දෙම යන අපේ නැත්දාලාගේ ගෙදරක් තිබුණා. ඒ ගෙදර පිහිටලා තිබුණෙ ටිකක් පිටිසර පැත්තක.
අපේ නැන්දටයි මාමටයි ගොවිපොලක් තිබුණා. අවුරුදු කිටිටු වෙද්දි අපේ අමිමලාගෙ පැත්තෙ නෑයොයි අපේ තාත්තලාගේ පැත්තෙ නෑයොයි ඔක්කොම එකතු වෙන්නෙ මෙ ගෙදරට. ඒක නිසා පොඩි උන් කටිටියක් එකතුවෙනවා. අපේ නැන්දටයි මාමාටයි ළමයි 4 හිටියා. පළමුවැනියා ලොකූ, දෙවැනියා බබා, තුන්වැනියා චන්ඩි, අන්තිමයා බට්ටී.
දවල්ට අසල තියෙන දං කැලේට ගිහිල්ලා ඈති වෙන්න දං කනවා. නැත්තං මාමලාගේ ගොවිපලේ පැල වලට, මෝටර් වලින් වතුර දානවා බලං ඉන්නවා. හවස් අතේ මාමලගේ කජු වත්තට ගිහිං ඈතිවෙන්න කජු පුහුලං කනවා. එද්දි පුලුපුලුවං හැටියට කජුත් අහුලං එනවා.
හරක් ගාල්, එලුකොටු, කුකුලු කොටු හැමදෙයක්ම හැමකෙනෙක්ම අපේ යාලුවො වෙනවා ඒ කාලෙට.
ඔය ඔක්කොම කරලා හවස් අතේ නෑදැයෝ කටිටියම එකතු වෙලා කජු පුචිචනවා. ඒවා කන්නෙ හවස තේ වෙලාවට.
ඔන්න ඔය තේ වෙලාවට අපේ අමිමලාගේ නැන්දලාගේ රසකතා එලියට එනවා. අපිත් ඒ වෙලාවට අමිමලාගේ ඔඩොක්කුවට වෙලා ඒ රස කතන්දර අහගෙන ඉන්නවා. ඔය කතා වැඩිහරියක් ඉවරවෙන්නෙ මට තනියෙන් විසදගන්න බැරි ප්‍රශ්ණ ගණනාවක් ඉතුරු කරමින්.
ඔන්න එක දවසක් මම ඔය කතා අතරෙ අතරමං වෙලා ඉද්දි මට විසදගන්නවා තියා හීනෙන්වත් හිතන්න බය ප්‍රශ්නයක් මගේ ප්‍රශ්ණ ගොන්නට එකතු උනා.
ඒක උනේ නැන්දා එදත් කතාවත් පටන් ගත්තු හින්දයි. නැන්දා කතාව පටන් අරං ටිකක් කියවං ගියා. මමත් නිසොල්මනේ අහං හිටියා. නැන්දා එක පාරටම,
''ඒකාලේ මෙහට එන්න තිබුනෙ අඩි පාරවල්. ඔය ඉස්සර ගෙදර අප්පුහාමි මාමලාගෙ ගෙදරට නුවර ඉදලා පුතෙක් ඈවිල්ලා, පාර හොයාගන්න බැරුව හංදියෙ ඉදල තියෙනවා. ඔන්න ඔය වෙලාවෙදි තමයි ඒ කොල්ලට අර පංසල් හන්දියෙදි බබා හමිබවෙලා තියෙන්නෙ''
''මොනවා '' මාව උඩ ගිහිං කජු අත්තක වැදුනද මන්දා?
හිතාගන්නත් බෑ. ''කොල්ලෙකුට හංදියකදි බබා බමිබවෙලා?'' මම හිතුවා.
නැන්දා එක දිගමට කතාව කියං යනවා. කටිටිය හිනා වෙනවා. පුදුම වෙනවා, බය වෙනවා. මෙ ඔක්කොම මට පෙනුනත් මට කියන කිසිදෙයක් තේරුනේ නෑ. මම සැහෙන වෙලාවක් කල්පනා කලා. කල්පනාකරලා වැඩිකමට මගේ මොලේ හිරවෙන ගතියක් ආවා. මම අමිමගෙන් ඈහැවිව '' අමිමෙ ඉස්සර කාලේ අයියලාටත් බබලා හබිබවෙලා තියෙනවද?'' කියලා.
හරි දැං කතාව තේරුණ අය හිනාවෙන්න. අනිත් අය අයෙත් කතාව කියෝල බලන්න.
ඔය ඉන්නේ ඒ කාලේ ප්‍රශ්ණ ගොඩකට මැදි වෙලා හිටපු මං!
යන්න කලිං මේ පොඩි එකාට කියවන්න ටිකිරි කොමෙන්ටි එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
කඩ(නො)වුන පොරොන්දුව........
2 years ago
මගේ අම්මියෝ, මමනම් පොඩිකාලේ බබාලා ගැන වැඩිය ප්‍රස්න අහන්න ගියේ නෑ :p
ReplyDeleteelaz!
ReplyDeleteබබා කියන්නේ මනුස්සයෙක්ට කියන nick name එකක්ද?පින්තුරෙ ඉන්න බබා නම් සායි බබා වගේ .........
ReplyDeleteඅපේ නන්ගි වගේ බබෙක්! දැන් වයස 30යි, ඒත් අම්ම කියන්නෙත් බබා..බන්දින්න ඉන්න හරක් පැටිය කියන්නෙත් බබා. මේ විසූක දස්සන දැකල මගේ පොඩි එකත් මහ ගෙදර ගියාම ඉන්නෙ ඔය photo එකේ ඉන්න amda වගේ ගල් වෙලා තමයි...
ReplyDeleteබබා කියන්නෙ නැන්දගෙයි මාමගෙයි දෙවෙනියා... :D
ReplyDeleteඅදයි වටවන්දනාවේ ගිහිල්ල ආවෙ. ඒක නිසා කොමෙන්ටි වලට රිප්ලයි කරන්නවත් බැරිඋනා. ඉශාන්,kabo,wath.,Ansh,ඉන්දික, ශාකුන්තල කොමෙන්ට් වලට ඉස්තුතියි!
ReplyDeletehandiye indalane sure ekata hambawela thiyenne ne
ReplyDeleteතක්ෂිලාට - ;( මොනා කියනවද මට තේරෙන්නෙ නෑ?
ReplyDeletelol ape baba aiya :D
ReplyDeletemaru photo eka mama kawada hari, kohedi hari
ReplyDeleteoyawa dekala tiyenawa. zoo ekata giya welawe
wenna eathi.
බුද්ධි බබා ඇන්දලා ඉන්නෙ ගවුමක්ද මන්දා. හරි හුරුබුහුටි පිං පාට කොලුවෙක්. හරිම ප්‍රශ්ණ තමා බබාටත් තියෙන්නෙ. එල කතාව. තව ලියන්න.
ReplyDeleteසකියාට, :D
ReplyDelete...............
තැන්තූ හිපෝ නැන්දා
මේ පෝස්ට් එක දාපු දවසෙ මම කියෙව්ව. හැබැයි තේරුණේ නැහැ. අද මේ දෙවනි පාර කියෙව්වෙ. අද නම් තේරුණා. එළ ආ:
ReplyDeleteThariya,
ReplyDeleteදැංවත් තේරුනානෙ.... ඒ මදැයි නේද?
ළමයා said...
ReplyDeleteළමයටත් තැති ප්‍රශ්නනේ ලොකු සහෝදරයාට තිබිලා තියෙන්නේ... හි.... හි...... හි.......... හැබැයි මරු කථාව
February 25, 2010 11:26 PM
බුද්ධි said...
ඕක මට වෙච්ච සිරාම කේස් එකක් ළමයෝ
February 26, 2010 12:02 AM
nadeesthoughts said...
හික්ස්....
බබා අයියට මොනවද දන්නෑ කිව්වේ..
February 26, 2010 12:03 AM
චතුරංග රූපසිංහ said...
මොකද්ද බන් මට තේරුනේ නෑ
February 26, 2010 1:30 AM
Chanaka Aruna Munasinghe said...
LOL
ඇයි බබා විතරද හම්බුනේ. බට්ටියි පබයි කොහෙද දන්නෙ නෑ හිටියෙ.
February 26, 2010 2:43 AM
බුද්ධි said...
nadeesthoughtsට, බබා තමා පාර කිව්වෙ.
........................................
චතුරංගයෝ, මටත් ඒකම තමා බං එදා උනේ. අයෙ කියෝල බලපං ආයෙ පාරක්.
........................................
චානකයට, අය්යා අපේ නැන්දලාගේ ගෙදර ආපු වෙලාවක බට්ටි හම්බවෙන්න ඈති,පබා හම්බඋනේ ආමන්තටනේ.
February 26, 2010 1:10 PM
ගයාන් තාරක said...
හික්. මරු බබා.
February 26, 2010 1:16 PM
දුකා said...
මටත් ඔය වැඩේ වෙලා තියෙනවා මචං . .
මගේ යාළුවෙක් හිටියා "බබා" කියලා උගේ නම ශාන්ත ඒත් ගමේ කවුරුවත් ඌව ඒ නමින් දන්නේ නෑ. හැමෝම දන්නේ බබා කියලයි. ඉස්සර මම ඌව මීට් වෙන්න උන්ගේ ගෙදර යද්දී කවුරුහරි ඇහුවාම "කොහෙද පුතා යන්නේ කියලා", මම කියනෙන "බබා හම්බුවෙන්න යනවා" කියලා. හික් හික්
February 26, 2010 1:18 PM
බුද්ධි said...
ගයානයෝ, දැං ලොකු බබා.
.......................................
දුකා, බබා හම්බ වෙලා එද්දි කවුරු හරි ඈහැවිවොත් එහෙම? හික් හී................
February 26, 2010 6:23 PM
sri said...
මම සයිබර්යායට අලුත්...ඒත් කතා ගොඩක් කියෙව්වා..මේ කතාව වගේ කතාවක් මමත් අහලා තියනවා...ඔන්න එහෙනම් අහන්නකෝ..හැබැයි මට ඔයා තරම් රසට ලියන්න නම් බෑ ඕං...
ඔන්න දවසක් (ගොඩක් ඉස්සර) ගමේ මනුස්සයෙක්(අපි එයාට ජේමිස් කියමු)තවත් ගෙදරකට ගියා.ඒත් ගෙදර ගෘහමූලිකයා පේන්න නෑ.ඒ වෙලාවේ ගෙදර හිටියේ ගම මහගේ විතරයි.ඉතිං ඔන්න වෙච්ච සංවාදය...
ජේමිස් - කෝ..බබා?
ගම මහගේ - බබා තොටිල්ලෙ...
ජේමිස් - නෑ මම මේ කිව්වෙ...බබා නිසා...
ගම මහගේ - බබා නිසා තමයි තොටිල්ලෙ ඉන්නෙ...
හහ් හා...තේරුනේ නැද්ද? ...ඒ ගෙදර ගෘහ මූලිකයගේ නම බබානිස්...ඕක ව්‍යවහාරයට බබානිසා.. හහ්...හහ්...හා...)
July 22, 2010 1:23 PM
බුද්ධි said...
ශ්‍රී ඔයාගේ කමෙන්ටුව අදයි දැක්කෙ. තැන්ක්ස්! දිගමට එන්ඩ
අයියෝ ඒ දවස් වල මටත් තිබුනා ඔය වගේ පුරස්න එමට.
ReplyDeleteදවසක් අපේ ඥාති අක්කෙකුට බබෙක් හම්බෙලා..ඔය වගේම කට්ටිය කතා වෙනවා.. හම්බෙන්ඩ ගිහින් අමාරුවෙලා ඔපරේසම් කරලලු අරන් තියෙන්නෙ. අනේ මමත් ඔය වගේ ඇහුවලු බෙල්ල කපලද එතකොට අරන් තියෙන්නෙ කියලා.. මොකද මම ඒ දවස්වල හිතන් හිටියේ ළමයි හම්බෙන්නෙ කටින් කියලා.. ඇඬෙනවා නේද ?
සෙන්නා,
ReplyDeleteහුක් හුක් දැනුයි දැක්කෙ...