අද ඉදලා ඉස්සරහට ආයෙත් කුරුළු හමුදා වීර කාව්‍යයේ තවත් පිටු දෙක තුනක් දිග අරින්න කියලයි හිතුවෙ.
ඒ 2006 අප්‍රෙල් මාසේ 10 වෙනිදා විතර.
ඒ වෙද්දි අලුත් අවුරුදු උණුසුම කට උඩ තිබුනේ අපේ කට්ටියගේ. ගෙවල් වල ගිහිල්ලා කරන දේවල් ගැන කට්ටිය හාහු ගාලා කතාව.
මේ පාර නිවාඩුව උපරිම දවස් හතරක් වෙයි කියලා අපේ උන්ට සැකලු. සමහරු කියනවා මාස දෙකකට පස්සෙ යන හින්දා අඩුම හතක් වත් නමා ගන්න ඕන කියලා. ඒ අස්සෙ දොලහද, දහතුනද නිවාඩු පටන් ගන්න දවස හැටියට දාන්නෙ කියලා හරි ප්‍රශ්නෙ ඔක්කොමලාටම.
සමහරුන්ටනං මෙවගේ ඇඩ්මින් සයිඩ් එකේ ඒවා ගැන වගේ වගක් නෑ.
උන් වෙන්ඩ නොනලාට ගත්තු තෑගි පෙන්නා පෙන්නා හෙන පංපෝරිය. තවත් සමහරු ගමේ ගිහිල්ලා මොකද්ද කොටු වගයක් ද කොහෙද පනින්නලු යන්නෙ. ඒකනං මට හරියට ඈහුනෙත් නෑ. වැඩියෙම ප්‍රශ්න කදු උඩ ජීවත්වෙච්ච එව්වොන්ට. උන්ට අවුරුද්දත් හරිලු, බස් එකක සීට් එකක් අල්ල ගන්න දෙන "ගේමත්" හරිලු. උන් කියන්නෙ සර්විස් අයිඩී එක පෙන්නලා සීට් ගන්න එක උන්ගෙ තත්තවෙට හරි මදියි කියලා. ඒක හින්දා ඒ ගොල්ලන්ට කෑම්ප් එකෙන්, රෑ හරි, පහුවදා කුකුලා අරං හරි පිටවෙන විදිහට නිවාඩු ෆෝම් පුරවන්න කියලා පුරෝන උන්ගෙ බෙලි කන්න යනවා.
ඔය විදිහට අපි කාටත් අවුරුදු උස්නෙ තද සැරේට ඒ වෙද්දිම දැනිලා තිබුනෙ. කොටින්ම ඒ කාලෙ විනාඩියක් යන්න පැයක් ගියා.
මොකද ඒ වෙද්දි අපි කුරුලු හමුදාවේ සෙල්ලං කුරුල්ලො විදිහට ඇවිල්ලා හොදට හෙම්බත් වෙලා හිටියෙ. කොච්චර සැප තිබුනත් ඒකාකාරී ජීවිතෙනේ අප්පා. උදේට පහට නැගිට්ටා. ප්‍රැක්ටිස් ගියා. එකට විතර ආවා. නෑවා. කෑවා. ටිකක් නිදා ගත්තා. ආයෙ හතරට විතර ටොරින්ටන් පිට්ටනියෙ පුහුණුවිම්. එහෙම නැත්තං හවස් වෙනකං කැරම්.
මතකද ඔය එක දවසකදිනේ අපේ පර්ඩි සුද්දෙක් එක්ක කතා බහකට පැටලිලා එක කෝලමක් උනේ.
අපි ඒ වෙද්දි නැවතිලා හිටියෙ මුලස්ථානෙ නෙමේ. ඊට පිටින් 120 බස් පාරේ තැපැල් මූලස්ථානෙට මෙහා තැනක. එතන ඉස්සරහා මායිම උනේ 120 බස් පාර. පිටිපස්සෙන් බේරෙ වැව. ඔය දෙපැත්තෙන්ම උස ආර්පීජී දැල් (අර කොලපාට දැල) ගහලා අපිට හොඳ ආරක්ෂාවක් දීලයි තිබුනෙ.
අපේ දුකට සැපට දෙකටම තිබුනෙ ඔය බේරෙ වැව. වැවට එහා පැත්තෙ, ඒ කියන්නෙ මූලස්ථානෙ පැත්ත, ඒ කියන්නෙ රීගල් එක ගාවින් යන පාර, ආං එක නියමෙට පේනවා බේරෙ වැව ගාව ඉදලා බලද්දි.
වැවේ ඉදං අඩි පහක් විතර උසිනුයි පොලොව මට්ටම තිබුනෙ. වැව්බැම්ම අඩියක විතර උස දැඩි කොන්ක්‍රීට් බැම්මක්. ඒක උඩයි දැල් ගහලා තිබුනෙ. හවසට අපි පොඩිපහේ සිංදුවක් කියන්නෙ, සමහරු මල් කඩන්න තනිවෙන්නෙත් ඔතන. කිව්වට විශ්වාස කරයිද දන්නැ මාර හුලං පාරක් එතෙන්ට එන්නෙ.
කොහොම හරි ඔය ඔක්කොම හැල හැප්පිලි වෙලා නිවාඩු යන දිනේ ආවා.
ඒ 12 වෙනිදා සවස 4 ට.
එදා උදේම අපි නැගිටලා නැවුම් බලාපොරොත්තුත් එක්ක හොද ළමයි වගේ ප්‍රැක්ටිස් ගියා. හවස ගෙදර යන්න ඉන්න හින්දා.
මම ගෙදර යන්න හිටියෙ "දිගා" කියලා මීටර් 800 දුවන යාලුවෙක් එක්කලා. මිනිහට දිගා කිව්වෙ දිග හින්දා. වෙන මොකවත් නෙමේ සරීර කූඩුව. මිනිහා ගැන අදුන්නලා දෙන්න මම ඊට වඩා වචන නාස්ති කරන්න ඕන්නැ. මොකද මිනිහා තමා මේ සිද්දියේ මහ මොලකරු.
ඉතිං දිගයි මායි, කොටුවෙයි, ඔය තැං තැං වලයි, රෙදි කඩ ගානෙයි, රවුං ගහලා රවුං ගහලා කෑම්ප් එකට ආවා හතර කිට්ටු කරලා. ආය වෙන වැඩක් ඇතැ ගෙදර අදින්න මිසක්.
වැඩේ කියන්නෙ එද්දි කට්ටියටම වගේ ගිහිල්ලා. ෆෝන් එකේ මිස් කෝල් දැක්කෙත් එතකොට, ඇයි වාහන සද්දෙට ඇහෙන එකක් යැ. සමහර විට උන් කෝල් ගන්නැත්තෙ අපිට "ටටා" කියලා යන් වෙන්නැති.
ඉතිං අපිට මොකො! උන් වගේයැ අපිට.
මෙතනින් කොටුවට බස් එකක් ගත්තා. එතනින් ඒසී එකේ පැයයි, නැත්තං හමාරයි.
අරුං එහෙමද?
රොෂා බණ්ඩාරවෙල, ඇත්තටම කිව්වොත් හීල්ඔය. එකෙක් ගාල්ලෙ, සපා මනංපිටියෙ පාලමෙං එහා. සමහරු ඊටත් එහා. පුතා, අප්පො.... පච පප්පා, මිනිහා නුවරඑලියෙ කිය කියා හිටියෙ. ඒ උනාට පොර අඹගමුවෙ. ගෙදර යද්දි අපිට හොරෙං ටෝච් එකක් බෑක් එකේ අඩියටම දාගෙන යන්නෙ රෑ උනොත් කියලා.
අනිත් උනුන්ගෙ පට්ටන්දරෙත් ඔයිට දෙවෙනි නෑ. ඒක මම ඊලග දවසෙ කියන්නංකො.
එහෙව් එකේ උං ටිකක් වේලාසන ගියාට අපිට මොකෝ. ඒත් නිකං තියන කටනේ කියලා අපි උන්ට ජෝඩු දාලා බැන බැණා යන්ඩ ලෑස්ති උනා.
මං අයන් කරපු ටී එක හැගර් එකට දාලා, ඩෙනිම හෙව්වා ඇද ගන්න. දිගා පෙයාරැන් ලව්ලි මලිටි විටමින් ලෝෂන් එක කණ්නාඩිය උඩිං තියලා, ප්‍රෝස්පෝට් කුප්පියෙං ජෙල් තලියක් අරං ඒක එක්ක ඔට්ටු වෙනවා කොන්ඩෙ කෙලිං කරන්න.
අන්න එතකොට අපේ තැනට එහා තැනිං කෝප්‍රල් “දිසා” මතු උනා. ඒ වෙලාවේ අපිට හීන් දාඩිය දැම්මා.
ඔය නිවාඩු යන්න ඉද්දි හයියෙං හුළගක් හැමුවත් අපි බයයි. අපි විහිලුවට කියන්නෙත් “ඔය වාහනේ වලවල් වල දාන්න එපා බං නිවාඩු කැන්සල් වෙයි” කියලා. අන්න එච්චර ප්‍රබලයි අපිට දුන්නු නිවාඩු කැන්සල් වෙන ප්‍රවනතාවේ.
"මේ මචං උඔලගෙ ඔක්කෝමලා ලීව් ගිහිල්ලා නේද? වෙලාවට උඔලා දෙන්නා අහුඋනේ. මේ උඔලගේ සාජන් මේක දෙන්න කිව්වා. මිනිහා හතර වෙද්දි මෙතෙන්ට එනවා කිව්වා. ආවේ නැත්තං මතක් කරලා උඹලා යන්න කලින් මේක හෙඩ් ක්වාටස් ගාඩ් රෑම් එකට දීගෙන යන්න කිව්වා. "
"මොකක් හෙඩ් ක්වාටස් ගාඩ් රූම් එකට දෙන්න කිව්වා. මොන කෙහෙල්මලක්ද මේ. අපිත් මේ යන්න ලෑස්ති වෙන්නෙ!" කියාගෙන දිගා අතකරකෝලා වෙලාව බැලුවා. එතකොටම දිගාගේ ප්‍රෝස්පෝට් ගුලිය චොස් ගාලා බිම වැටුනා. අපරාදෙ!
“ගාඩ්රූම් එකෙන් උඹලගේ නිවාඩු යන උන්ගේ ලිස්ට් එකක් ඉල්ලලද කොහෙද? මේ ඒක වෙන්ඩැති”
"අප්පා.... දැං හතරට පහයිනෙ. ඔය යකා දැං නං එන එකක් නෑ කීයටවත්..."
බොරු කියන්නෙ මොකටද. මමත් හොඳට ම බය උනා ඒක අහලා. මිනිහා ආවේ නැත්තං අපි ගෙදර ගිහිල්ලා ඉවරයි. ඕක අතට ගන්නවට වැඩිය හොඳයි පොලිඩෝල් කුප්පියක් අරං නහය වහං එක උගුරට ගහලා දාන එක. එතකොට එක පාරයි.
මේක එහෙමයෑ!
දැං ආය මේ මඟුල් ඩෙනිම ගලෝල යුනිෆෝම් එක දාගන්න ඕනැ. ඒ මදිවට සපත්තු දෙක පොලිස් කරලා දාගන්න ඕනැ. ඒක ඇට දෙක පේන ගානට පොලිස් වෙලා නැත්තං එක තව මගුලක්. මේ අවුරුදු නිවාඩු යන අස්සෙ ඕවා කොහෙ දාලද කව්ද දන්නෙ අප්පා. අනික යුනිෆෝම් ගහං පාරෙ බස් එකේ යන්න කියලැයි. එහෙං වාහනයක් එනකං අපි ලකා ගහං බලං ඉන්න ඕන.
අනික ගාඩ් රූම් එක කියන්නෙ හැමදේම හරිද කියලා ඇතුලට දාන තැන වෙච්චි. එතෙන්ට කාගෙවත් ඇයි හොදයි කං වැදගත් කියලා යෑ. කොටින්ම එතන විනයේ මහගෙදර වගේ.
ඉතිං යුනිෆෝම් දාගත්තා වගේ යෑ ඒකට නිසි ගවුරවේ දෙන්න ගියාම. ඇවිදිද්දි කකුල් පිලිවෙලට තියලා යන්නද, ආපහු හැරෙද්දි දකුණු පැත්තෙං හැරෙන්නද, (මේ මාච් එකේ දි නෙමේ නිකං නිකං). ඇයි සර්ලා ඉස්සරහට හම්බෙද්දි කට කපලා සැලියුට් ගහන්නත් එපැයි. තොප්පිය අංසක ගානට ඇලේට දාං ඉන්නයි, කීයක් කියලද අප්පා? ඕවා එකක් හරි එහෙ මෙහෙ උනොත් ඉතිං ඉවරයිනේ ඔක්කොම සෙල්ලං. දෙයියනේ නේම්ටැග් එක! ඒක දාපු දිහාවක් මතකෙටවත් එන්නැ මේ වෙලාවේ.
අනික කොන්ඩ හදං හිටපු විදිහට මෙහෙම ගියොත්,
"ආ...... උඔලා ඈට් කරන්ඩ හිතාගෙන ඇවිල්ලා වගේ." කියයි.
"සාජන් මේක දෙන්න කිව්වා"
"පොඩ්ඩක් හිටපල්ලාකො... මොකද හදිස්සි."
"නිවාඩු යන්න කියලා සාජන්"
"අනේ ඇත්තද එහෙනං උඔලා යමල්ලා පරක්කුත් ඇතිනෙ. මං ලොකු සර් එක්ක උඔලගෙ ගෙදරට එන්නං ඕක අරං යන්න. තරහා නැතුව ඇඩ්රස් එක දීලා පලයං."
ඔය මං කිව්වෙ ටිකයි.
අපේ සාජනුත් හතරට එනවා කිව්වට ජීවිතේට එන්නැ සුවර්. වෙලහකටත් අපේ අනිත් කොල්ලො ගානේ ටිකට් එකකුත් අරං පොර සීට් එකේ බුදියං සේප් එකේ ගෙදර යන්නැති. බබා අපිට දීලා.
"මේ මේක ගනිල්ලා බං. මට ඩියුටි යන්න තියෙනවා"
“ආ කොප්‍රල් දිසා තාම මෙතන ද?”
"දැං මොකද බං කරන්නෙ දිගා. වෙලාව බලපං?" කියාගෙන මං මිනිහගේ අතේ තියෙන ලියමනට ඔලුව දැම්මා.
ඒකෙ අපේ සාජන් ලස්සනට අපේ විස්තර ලියලා. සුවර් එකට කොල්ලෙක් දම්මලා ලියවන්න ඇති. මං දන්නැතුවයි පොරගෙ අත්තකුරු. ආ....ඔය මැද හරියෙ මගේ නමත් තියෙන්නෙ. මුලින් ම එක දෙක තුන, ඊට පස්සෙ අපේ නොම්බර තහඩුව, ඊලගට රෑන්ක් එක! (ස්ටේටස්, ස්ටේටස්), පස්සෙ නම. යටින්ම මිනිහා මේක මිනිහගේ අනුදැනුමෙන් ලිව්වා කියලා අත්සන් කරලා.
අත්සනයි අකුරුයි දැක්කම ඇති. සාජන් දැක්කා හා සමානයි. නිකං ගැස්සිලා යන්නෙ.
"සිරාවට මොකද්ද බං දැං කරන්නෙ. හෙඩ් ක්වාටස් ගාඩ්රෑම් එකට ගියොත් නං එවිලි බොරු මලේ..........."
"බලහං දැං හතර පහුවෙලා. රෙද්ද, අර යකා නෑනේ ඉතිං. මං නං යයි හෙඩ් ක්වාටස්”
දන්නවනේ අපේ දිගා. නැව ගිලුනත් ගැට්ටෙ බජව්. හැබැයි ඔය වගේ දේවල් වලදි හෙන වසයි.
ඉතිං මුලින්ම පොර කෙරුවේ “පයන්න, හුයන්න, කැයන්න” වගේ අකුරු මුලට එන වචන දාලා සාජන්ගෙ ගුණ ගායනා කරපු එක. පස්සෙ සාජන්ගෙ දෙමව්පියන්ගෙ. අන්තිමේදී ටිකක් වෙලා කල්පනා කරා.
ඊටත් පස්සේ මිනිහා, "වරෙන්කො පොඩි ගමනක් යන්ඩ" කියලා මාවත් කැන්දං බේරේ වැව ගාවට ගියා. ගිහිං ඒ කාලේ බෝට්ටු ගැට ගැහුව යකඩ රොදයක් උඩ ඉඳගෙන ආයෙත් අර අකුරු දාලා සාජන්ගෙ ගුණ ගායනාව පටන් ගත්තා. ඒ පාර නං මන්තරයක් වගේ.
මං බලාගෙන හිටිය මිනිහා ලියුමට මක්කරන්නද යන්නෙ කියලා.
මුලින් ම මිනිහා ඒක එක කකුලක් උඩ තියාගෙන දිග අතට දෙකට නැව්වා. අයෙ කෙලින් කරලා නැවුම් ඉර ගාවට කොන් දෙක එන්න නැව්වා. පස්සෙ ඒක දෙකට නැව්වා. අර පටි දෙක වගේ තැනිං ආයෙ හීනි තිරු දෙකක් නැව්වා.
ආනේ..... ඔන්න එතකොට ලස්ස රොකට් එකක් මතුවූනා. දැං රබර් පටියක් විතරයි අඩු!
ඔය අස්සෙ මිනිහා, "සාජනයා අපිව කඩේ යවන්න. ඒවා සුම්මා පුතා මාත් එක්ක." කියාගෙන නැගිට්ටා.
පස්සෙ මොකද දන්නවද මිනිහා කලේ,
වැව පැත්ත බලාගෙන හිටගත්තා. ඔන්න ඒ පාර මිනිහා හොඳ හුස්මක් අරං රොකට් එක තියෙන අත පුලුවං තරං පිටිපස්සට ගත්තා.
"ඕයි දිගා තෝ මොකද්ද ඔය කරන්ඩ යන්නෙ...."
" ඇයි උඔට පේන්නැද්ද. මං සාජනයගෙ ලියමන මෙතන ඉදං හෙඩ්ක්වාටස් යවන්නයි යන්නෙ, රොකට් එකේම. හැබැයි එක වැවට වැටිලා මුදුබත් උනොත් මං දන්නැ....... නෑ, නෑ, වැව්බත්, වැව්බත්. වැව්බත් උනොත් මං දන්නෑ. දැං මේක මගේ අතින් ගියාට පස්සෙ අපි ඔය මගුල දැක්කෙත් නැ දන්නෙත් නෑ....."
"යකෝ අර ලියුම දුන්න එකා කේස් එක කියයිනෙ"
"ඒ තව දවස් හතකට පස්සෙ........ අපි ෆන් එකක් අරං ආවට පස්සෙ. දැං මේක එහෙ උස්සං ගිහිං මාස දෙකකට පස්සෙ හම්බුනු දවස් හත නැති කරගන්නද කියන්නෙ හරකො...." කියාගෙන මිනිහා අරං යැව්වා නේද රොකට් එක අර ආර්පීජී දැල උඩිං.
අම්මා....... ඇස්වහක් කටවහක් නෑ දිගාගෙ නියම අත්ගුනේ.
බලං ඉද්දිම රොකට් එක හෙඩ්ක්වාටස් ගාඩ් රූම් එක පැත්තට විද්දා. ඒත් අපේම වෙලාවට එකේ දහන වායුව ඉවරවෙලාද කොහෙද අපේ ඇස් පනාපිටම මූදුබත් උනා. නෑ!නෑ! වැව්බත් උනා.
“බලහං වේලාව කීයද කියලා”
“හතරයි දහයයි”
අන්න බලපං විනාඩි පහයි චැප්ටර් ක්ලෝස්. සාජන් ඕන මගුලක් කරගත්තාවේ. ලියමන ගැන කව්රුත් දන්නෙත් නෑ. දැක්කෙත් නෑ. හා යමං ගෙදර...”
අන්න ආස්සරේ කරනවනං ආදර්ශමත් යාලුවො. තමන්ගේ අරමුණට යන්න ඕනැ කැපකිරීමක් කරයි.
ඉතිං මමත් හොද හුස්මක් අරං ගෙදර යන්න හිතුවා.
හ්ම්.... වැවෙං ආපු හුලං මගේ ගමේ මතක අවදි කලා. දැං දවස් හතක් ගමේනේ දෙයියනේ.........වැව් තාවුල්ලෙ දුවන්නද, වෙල් ඉපනැල්ලෙ එල්ලෙ ගහන්නද, පංසලේ සාදු හම්බෙන්නද.... කොච්චර දේවල් තියෙනවද අයියෝ කරනවා නං”
ඒත් මගේ ඒ සිතිවිලි දැහැන බිදෙන්න එච්චර වෙලා ගියේ නෑ. ඒ හුරුපුරුදු කඩහඩකින් මෙන්න මේ විදිහට කියනවා ඇහුන හින්දා!
“වෙලාවට උඔලා දෙන්නා තාම මෙතන. පුදුමයි! මේ කොප්‍රල් දිසා උඔලට ලියුමක් දුන්නද? හෙඩ් ක්වාටස් යන එකෙක් හම්බුනා ඒක උගෙ අතේම යැව්වකි...........?"
ඒත් ඒක මට ඇහුනේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා.
ඒ හින්දා මම දිගා දිහා බැලුවා. දිගා වැව දිහා බලං ඉන්නවා. මම මගේ 3310 න් වෙලාව බැලුවා.
වෙලාව හරියට 4.12යි.
අනේ අනේ ඉතුරු ටික දාපං... මට ආසාවේ බෑ බොල දෙන්නට පෝරියල් එක සෙට් වුන හැටි අහගන්න. හොඳ බුද්ධි අයියනේ...
ReplyDeleteඉතින් දිගාගෙ බෙල්ල ගලවලා අතට දෙන්න හිතුනෙ නැතෙයි? :D :D :D
ReplyDeleteහොඳම වැඩේ චූටි මහත්තයාට..!
හික්..වැඩේ මරු... :))
ReplyDeleteභයානක අවසානයක්!
ReplyDeleteඅය්යෝ.. ඔයාලට තිබ්බේ ඕකේන් බෝට්‍ටුවක් හදලා පා කරන්නනේ... එහෙනම් හබල් ගාගෙන ගිහින් හරි ඒක හොයාගන්ට තිබ්බනේ!! ඒක ඉතින් මූදුබත් .. නෑ නෑ නෑ! වැව්බත් වුණත් කිමිදිලා හරි හොයාගන්න තිබ්බනේ! අපරාදේ!!!!
ReplyDeleteඉතිං ඊට පස්සෙ . . . ????
ReplyDeleteදැන් ඉතිං දෙන්න වැව්බත් වෙනහැටි බලාගන්න පුලුවං වෙයි.
ReplyDeleteනියමායි!! මෙන්න බුද්ධි ආයෙත් කුරුලු හමුදාවෙ කතා ලියනව!!!
ReplyDeleteඉක්මනට දාන්ඩ ඉතුරු කොටසත්
අපිට ඒතරං කල් බලන් ඉන්ඩ බෑ හරිද???
මහා ඛේදවාචකයක ආරම්භය
ReplyDeleteහපොයි..
ReplyDeleteදැන්නේ දන්නෙ චුටි එකා කුරුළු හමුදාවෙත් හිටිය කියල, මල කෙලියය් දැන් පරණ පෝස්ට් හොය, හොය කියවන්න වෙනව.
ReplyDeleteහත්වලාමේ... දෙන්නව නිවාඩු යවන්න ඇති.... :)
ReplyDeleteහෆෝ, මහ ඛේදජනක අවසානයක් නෙ. ඉතින් ඊට පස්සෙ වුන ඒව කියන්නෙ නැද්ද?
ReplyDeleteඉතිං උඹල දෙන්න නිවාඩු ගියැයි.. ඒකත් රොකට් එකෙම්ම යන්ටැති ඔය කියන හැටියටනං.. සංසාරේ සංසාරේ..
ReplyDeleteඇයි ඉතිං ඔච්චර බය?
ReplyDeleteඇතුලේ ඔහොම නං පිට අය කොච්චර බය ඇද්ද?
කතන්දර,
ReplyDelete01. ඈයි ඉතිං ඔච්චර බය?
බය විනය නීති කැඩෙයි කියලා. විනය නීතී තියෙන තැනක ඒවා කඩද්දි තරාතිරම නොබලා වරදට දඩුවම් දෙනවානම් නීතී පිළිපදින්න අමාරු කව්රුත් ඔහොම බය වෙනවානේ.
02. ඇතුලේ ඔහොම නං පිට අය කොච්චර බය ඇද්ද?
පිට අය බය වෙන්නෙ මොකටද? පිටඅයට හොඳට සලකන්නයි, ඒ අයට ගෞරවකරන්නයි, නිසි ගෞරවය තියා ගන්න හින්දනේ ඇතුලෙ හිටපු අපිට මෙච්චර නීතී තද කරලා තිබුනේ.
අනිත් අයට උත්තර ළඟදීම බලාපොරොත්තු වන්න
ReplyDeleteබඩු හරිනෙව, දැං ඉතිං ගෙදර යෑං බොරු....... සබ්බුව හම්බුවෙනෙ නැතෑ දෙන්නටම.
ReplyDeleteඅනේ මන්ද බං නිකං වෙව්ලල ගියා හරියට අර අන්තිම බින්දුව යද්දි වගේ..මං කිව්වෙ කික් කොලා
ReplyDeleteඈ බං... ඒවලාවෙ ගත්ත උඹලගේ පින්තූරයක් එහෙම නැද්ද ? ඊට පස්සෙ අවුරුද්දට මොනවද කෑවෙ ?
ReplyDeleteහුටා..!
ReplyDeleteහපොයි......... විනාඩි 2ක් ඉවසන්න බැරි උනා නේ........
ReplyDeleteදැන් දීපන් පුතේ උත්තර..
ReplyDeleteලස්සනට ලියලා තියෙනවා ..මචං.
ReplyDeleteහරිම ආසාවෙන් කියෙව්වා.
ඉතුරැ ටිකත් ඉක්මනට දාන්නෝ....
වෙලාවට උඔලා දෙන්නා තාම මෙතන. පුදුමයි! මේ කොප්‍රල් දිසා උඔලට ලියුමක් දුන්නද? හෙඩ් ක්වාටස් යන එකෙක් හම්බුනා ඒක උගෙ අතේම යැව්වකි...........
ReplyDeleteහිනා කියන්නෙ කියලා වැඩක් නැහැ .... එලම පෝස්ට් එකක් ........... හොඳම හරිය නැහැනෙ .... ඉක්මනට දැම්මොත් හොඳයි .......
ReplyDeleteඑදායින් පස්සෙද ඇවිදින්න අමාරු වගේ සීන් එකක් උනේ...හීක් හික්
ReplyDeleteමැවිල පේනව තොපි දෙන්නගෙ මූණු....
ආපු ඔක්කොටම ස්තුතියි එහෙනං. ඔන්න අනිත් කතාව කියවන්න ලැස්ති වෙන්ඩලා. ඔබ්සවර් අයියන්ඩිට විශෙෂයෙන් වැදගත් වෙයි ඊලග ලියමන.
ReplyDeleteකෝ බුද්ධි අයියා ඉතුරු ටික. අවුරුදු නිවාඩුව සතුටෙන් සමාදානෙන් ගත කරපු හැටි දැන ගන්න අපි හරි ආසාවෙන් ඉන්නෙ :))
ReplyDeleteහසිත, සවුදා අලුත් කතා පේලියක් දානවා
ReplyDeleteහිකිස්.. ඔය කොරලා තියෙන්නෙ..
ReplyDelete