කැරම් බෝඩ් එකකටයි, ඉත්තො ටිකකටයි කරන්න පුලුවන් මොනවද?
අපි කව්රුත් දන්නෙ කැරම් බෝඩ් එකකට කරන්න පුලුවන් ඒක උඩ තියෙන ඉත්තො එක්ක අපිට සෙල්ලම් කරන්න අවස්ථාව දීලා බලාගෙන ඉන්න එක විතරයි කියලා.
ඒත් කැරම් බෝඩ් එකකුයි, පුංචි ඉත්තො ටිකකුයි දවසක් මට හරි වැඩක් කලා.
ඒ මම කුරුලු හමුදාවේ හිටපු කාලේ. ඒ කාලේ අපි විවේක තියෙන හැම තිස්සෙම කලේ කැරම් ගහපු එක. නිතර දෙවෙලේ කැරම් ගහලා අපිට ඉත්තො කපන එක කජු කනවා වගේ ලේසි වෙලයි තිබුනෙ.
ඔය කාලෙදි අපි ගියා අපේ පරණ ගමට. දුරින් නෑයො වෙන ගෙදරකට උත්සවේකට. උත්සවයෙ වැඩ වලට උදව් වෙන්න හින්දා මම දවස් දෙක තුනකට කලින්ම නිවාඩු දාලා එහෙ ගියා. නෑදෑ කෙනෙක්ගෙ උත්සවයක් හින්දා අපේ නෑයොත් ගොඩක් දෙනෙක් එහෙ ඇවිල්ලා තිබුනෙ.
කොහොම හරි ලොකු ලොකු වැඩ ටික ඉවර කරලා අපි හැන්දෑවේ සතුටු සාමිච්චියෙ යෙදිලා ඉද්දි මම යෝජනාවක් කරා, “අපි කැරම් අතක්වත් ගහමුද, නිකං ඉන්න එකේ.....?“ කියලා. කිව්වට මොකද කැරම් ගහන්ඩ කව්රුත් වැඩි කැමැත්තක් නෑ.
“අපෝ බං. කැරම් අතක් ගහන්ඩ එකෙක් නැ එතකොට නේ.........?” මම ආයෙත් ඇහැව්වා.
“මොන කැරම්ද බං, අපි තුන්සිය හතරක් වත් බලමුද?”
“අනේ මේ මට බෑ.....එතකොට කැරම් ගහන්ඩ එකෙක් නෑ මාත් එක්කලා නේ.....?”
“මම එන්නං.....” ඒ කව්දෝ ගැල්ලමයෙක්. මං ගැස්සිලා ගියා.
“හා..........” මම ඒ කටහඬ ආපු ඉසව්ව හෙව්වා. ඒ අපේ නැන්දලා එක්ක ආපු නංගි කෙනෙක්. එයා අපේ නෑදෑ කෙනෙක් වෙන්ඩ බෑ. අපේ නංගිලා මල්ලිලාව මම අඳුරන්නැති එකක් යැ. මමත් එදා ගිය වෙලාවේ ඉදලා විපරම් කර කර හිටියෙ ඒ සුදුපාට හුරුබුහුටි කව්ද කියලා.
“හ්ම්....අපි නොදන්න චෙස් කිව්වලු! බෝඩ් එකට පවුඩර් ටිකක් දාලා ගනිංකො එහෙනං...!!!” මගෙ හිත කිව්වා.
ඔන්න ඔහොම තනි මම, සගයෙක් හොයාගෙන, කැරම් බෝඩ් එක ගෙනල්ලා, අඔ ගහ යට තියලා, පුටු ටික තියලා ගත්තට පස්සෙ මෙන්න කැරම් ගහන්ඩ කට්ටිය ඕසෙට. මට නං තරහත් ගියා. මම හීන හතක් මැද හිටියෙ, අඔ ගහ යට හෙවනේ, හැන්දැ කොරේ අර නැන්දලා එක්ක ආපු හුරුබුහුටිත් එක්ක තනි පංගලමේ කැරම් අතක් ගහන්ඩ. සිකේයියා මේ ගොල්ලං හිටියෙ නැත්තං මට වැඩ ටිකක් පෙන්නන්ඩ තිබ්බා නිල් කැටේට.
කොහොමහරි අපි කැරම් ගහන්ඩ පටන් ගත්තා.
මුලින්ම මමත් එක්ක කැරම් ගහන්න කැමතිවුනු ඒ හුරුබුහුටියි මායි එක පැත්තක. අනිත් පැතිවල කව්රු හිටියද මට වැඩක් ඇතැයි.
මට කැරම් බෝඩ් එක හුරු තරමටම අර හුරුබුහුටිට ඒක හුරු නෑ. එයාට තියෙන්නෙ කැරම් ගහන්න ආසාව විතරයි. ගහන්ඩ බෑ.
“ආ...... හරි නංගි....ඔයා මේ ඉත්තගේ මේ පැත්තට යාන්තං වදින්ඩ ගහන්ඩ ඩිස්ක් එක මෙතන තියලා........” ඒ මම.
“අයියෝ........හිකිස්” ඒ අර හුරුබුහුටි. එයා ඉත්තට ඉලක්කෙ ඇල්ලුවට වදින්නෙ වැරදියට. ඒත් අර විදිහට හිනාවෙනවනං අනිත් ඉත්තො ඔක්කොම අපායට කැපුවත් මම නෙමේ මොකවත් කියන්නෙ.
“ආ.... කමන්නැ කමන්නැ....... ඊලග පාර අපි ඔය ඉත්තව ගොඩ දා ගමුකො..... නංගි ගනං ගන්ඩ එපා.......හොදේ...”
ඔහොම ටික වෙලාවක් සෙල්ලං කර කර ඉඳලා, කට්ටිය නරියට කුකුල් කූඩුව බාර දීලා එක එක වැඩ වලට නැගිටලා ගියා.
දැං මමයි අර හුරුබුහුටියි, ඒ කියන්නෙ නැන්දලා එක්ක ආපු නංගියයි විතරක් කැරම් බෝඩ් එක දෙපැත්තෙ. බලන්ඩකෝ ඒකෙත් හැටි නේද! මේවා ගිහිං අරුන්ට කියද්දි උන් ඉරිසියාවේ පැලෙයි.
“කො......ඔයා කැරම් ගහමු කිව්වට ඔයාට එච්චර මෙව්වා එකක් නෑ නේද.........?” මම වචන පාවිච්චි කලෙ අන්තිම පරිස්සමට. බැරි වෙලා හරි වැරදි මෙව්වා එකක් කියවුනොත් එහෙම.
“හ්ම්.......”
“ඇයි ඔයා කැරම් ගහන්ඩ කැමති උනේ මාත් එක්ක.............”
“මං පොඩි කාලේ කැරම් ගහලා තියෙනවා අපේ තාත්තත් එක්කලා.......”
“ඉතිං.........”
ඔහොම අහද්දි මට තේරුනා මගේ දකුණු ඇහෙන් බොඳ වෙලා පේන හරියෙ මොකක් හරි සිද්දියක් සිද්ද වෙනවා කියලා. මං අර ගැල්ලමයට හොරා ඒ පැත්තට යැව්වා මගේ ඇහේ බබාව. වැඩේ හරි. මට මතක හැටියට මුලින්ම අර ලොකුවට හදලා තිබුනු තාවකාලික මුලුතැන්ගේ පැත්තතෙන් එබුනෙ රාණි නැන්දා. පස්සෙ අපේ අම්මා. ඊලඟට තාත්තා. ඔන්න දැං එබිලා බැලුවේ මේ ගැල්ලමය එක්කගෙන ඇවිල්ලා තිබුනු නැන්දලා. අපේ නංගියි අනිත් කට්ටියි එබුනේ ඊටත් පස්සෙ. මට පේන්නෙ ඒ ගොල්ලං ටිකට් නැතුව ෂෝ එක බලලා වගේ.
“මේ....අයියෙ මං ටිකක් අර පැත්තට ගිහිල්ලා එන්නං.....ලේන්සුවක් ගේන්ඩ අමතක උනා. මෙන්න අර ළමයා නැගිටලා ගියා, අන්තිමට අහපු ප්‍රශ්ණෙට උත්තරයක්වත් නොදී. එයාටත් අරගොල්ලන්ගෙ වැඩේ තේරෙන්ඩ ඇති.
නරියට කුකුල් කොටුව බාර දුන්නට, කොටුව ඇතුලට නරියා පැන්න විතරයි, මෙන්න අයිතිකාරයො කලුවරේ ලීයකින් කූරු ගානවා නරියා තාම ඇතුලෙද බලන්ඩ.
“ඔය ලීය වැනුවට කමන්නැ පුතෝ.....මගේ ඇහේ වැදුනොත්නෙ...!!!!”
ඔන්න ඊලගට උදා උනේ “එයාර් සපෝට්” ගන්න වෙලාව. ඒ කියන්නෙ කුරුලු හමුදාවෙන් උදව් ඉල්ලන වෙලාව. ගත්තා ෆෝන් එක.
“කීක්.... කීක්.... කීක්.... කීක්.... කීක්....හෙලෝ......”
“අනේ උදාව් උදාව්..... මට උදව් කරපල්ලා යකුනේ........”
“මොකෝ බං.... මේ හැන්දැවේ..... ගමේ උන් උඔට නෙලනවද... පරණ කේස් එකකට.....” ඕං බලමුකො අපේ උන් මං ගැන හිතාගෙන ඉන්න හැටි.
“පිස්සුද බං...... කෝ දෙයියට දීපං ෆෝන් එක.......උඔලත් එක්ක මේ වගේ දේවල් කතා කරලා වැඩක් ඇතැ.......”
දෙයියා ඇවිල්ලා ඔය වගේ තනි ඉරේ යන වැඩ, අල වෙන්ඩ යන වැඩ, පියෝ වැඩ වලට, නං දරාපු අපේ එකම පොර. දෙයියා සාමි කිව් දෙයක් ආය වැරදිලා එහෙම නෑ. ඉතිං මං මිනිහගෙනුත් උපදෙස් අරං වැඩේට බැස්සා කාටත් නොදැනෙන්න.
ඉදිරි දවස් දෙක තුන මට වැඩ බහුල කාල පරිඡ්චේදයක් උනා.
“අපි දිඹුල් අහුලන්ඩ යන්නෙ......” ඒ අපේ නංගි.
“යං මාත් එන්නං... දැං කව්රු කව්රු ද යන්නෙ.....?” නෑ ඉතිං යන්නෙ කව්ද, කොහෙද යන්නෙ කියලා දැන ගන්න එක කෝකටත් හොඳයිනෙ.
“අපි වැවට නාන්න යන්ඩ යන්නෙ..... චුටි මහත්තයලගේ ක්‍රිකට් ගැහිල්ල දැම්ම ඉවරවෙන්නැනේ නේද?” ඒ අපේ අම්මලා නැන්දලා.
“විකාරද......ක්‍රිකට් ගැහිල්ල යකාට ගියාවේ.....කොළඔට වඩා රස්නෙ මෙහෙනෙ.....යං යං මාත් එනවා.... දැං කව්රු කව්රු ද යන්නෙ.....?” මට ඉතිං කෙලින්ම අහතැහැකිය අර ගැල්ලමයත් එනවද කියලා.
“කොහෙද ඕගොල්ලං යන්ඩ යන්නෙ......?”
“අපි පංසල් යනවා... මේ ගොල්ලංට යන්ඩ කලින් අපේ පන්සල පෙන්නන්ඩලු.......” ඒ අර පොඩි කාලේ මාත් එක්ක කොච්චරවත් වලි අල්ලන එහා වැටේ වාසනා කෙල්ල. දැං එයා මාත් එක්කලා හෙන ෆිට්.
“දැං කව්රු කව්රු ද යන්නෙ.....?” මේ ටික දැං ඕගොල්ලන්ටත් හුරු ඇති.
“කව්රු කව්රුද.......අනේ මේ අපි දන්නවා හරිද......”
“මොනවද......” මාව ඩිග් ගාලා ගියා.
“නැනැ..... මුකුත් නෑ...... හැමෝම යනවා.... එන්ඩ ඉතිං....... මේ ඒක නෙමේ, එතකොට අර කොළඹ ගැල්ලමයිට මොකෝ වෙන්නෙ....ආ”
“පිස්සුද බං උඔට.....”
ඉතිං හවස් අතේ අපි පන්සලට ගියා.
“මේ හදලා තියෙන්නෙ පව් කරපු අයව කටු ඉඹුලෙ නග්ගන හැටි...... ඔයා දන්නවද... මේ කටු වැඩ කරන්නෙ මෝටරේකින්ලු” මං අර ගෑල්ලමයට කිට්ටු කරලා හෙමින් කිව්වා. පොඩි කාලේ ඒවා මට තාම මතකයි.
“හිකිස්...........අම්මෝ මෙයා කියන බොරු”.
“බොරු..... මං බොරු කියන එක අතඇරලා ගොඩක් කල්නෙ................“
කොහොම හරි මගේ නිවාඩුත් ඉවර වේගෙන ආවා. ඒත් මට අර ළමයට දැනෙන්ඩ මුකුත් කරකියා ගන්ඩ බැරි උනා.
යන්ඩ කලින් දා හවස, නොකියා කොම්පැනියට පින්සිද්ධ වෙන්ඩ යන්තං වැඩේ දික්ගස්ස ගන්ඩ පුලුවන් පොටක් පෑදුනා. ඒ ගැල්ලමට ඒ ගොල්ලංගෙ අම්මා රට ඉඳං ෆෝන් එකක් එවලා තිබ්බා. ඒත් ඒකෙන් එස්.එම්.එස්. යවන්ඩ බෑ කියලා මට හදලා දෙන්ඩ කිව්වා.
මමත් පැන්න ගමං ගත්තා ෆෝන් එක. මැසේජ් සෙටින්ග්ස් වලට ගිහිං සෙන්ටර් නම්බර් එක හරියට ගහලා වැඩේ ක්ලෝස් කරා. පස්සෙ හීන් සැරේ මගේ ෆෝන් එකට ගැහුවා මිස්ඩ් කෝල් එකක්.
“මොකද්ද ඒ කරේ......?”
“ඇයි! මුකුත් නෑ....”
“හොර තක්-කඩියා!”
අනේ ඒ විදිහට හොර තක්කඩියා කියනවනං මම හැමදාම උනත් හොරකං කරනවා.
ඊට පස්සෙ කොච්චර දේවල් උනාද?
මං රුපියල් හාරසීයේ කාඩ් කීයක් නං ඉවර වෙනකං කතා කරන්න ඇද්ද ටිකකට අපි හම්බවෙමු කියන්න. ඔය මං මගේම ව්‍යපෘතියකට කියලා වියදම් කරපු වැඩිම මුදල. ඒ ලෙවල් එකට හදපු ව්‍යපෘතියටත් මම උපරිම වියදම් කලේ රුපියල් හැටයි. ඒකත් පිටකොල දෙක ලැමිනේටින් කරන්ඩ.
කොහොමහරි අන්තිමේ එක දවසක් “හා” කිව්වා. එයා ඉරිදා එනවා කිව්වා මොකද්දෝ කෝස් එකකට ලියාපදිංචි වෙන්ඩ අපේ රාජධානියට. ඒ කියන්නෙ ටොරින්ටන් ක්‍රීඩාංගනේ හරියෙ තැනකට. මම කතා කරාම හවස හතරට එන්නං කිව්වා බී.එම්.අයි.සී.එච්. එක ගාවට. මම කෝල් එක කට් කරපු ගමන් ඩබල් බෙඩ් එකේ උඩට නැගලා කෑ ගහලා කිව්වා,
“හා කිව්වා යකුනේ......” කියලා.
කොල්ලො කඩි ගුල වගේ ඇවිස්සුනා. එදා ඉදං කොල්ලො මට එක එක උපදෙස් දුන්නා. ගැල්ලමයා ඉස්සරහා මුලින්ම කතා කරන්න ඕන දේවල්. ඒවා කියද්දි හඬ පාලනය කරන්න ඕනේ කොහොමද වගේ කාරණා ගැන.
කොහොමහරි ඉරිදා උනා.
මම උදේ නැගිටලා අත පත ගාලා කොට්ටෙ යට තිබ්බ මගේ ෆෝන් එක හොයාගෙන එස්. එම්. එස්. එකක් යැව්වා සිංදු කෑල්ලකුත් එක්ක මෙහෙම කියලා.
ඒකනං ඔන්න කොල්ලො කියපු දෙයක් නෙමේ. මගේම අදහසක් !
“මලක් වෙලා ඔබ පිපෙන්න - ආදරේ සුවඳ දෙන්න...
ගඟක් වගේ ඔබ ගලන්න - සෙනෙහසින් පිරී යන්න...
අද හවස ඔයා හමුවෙන්න මම බලාගෙන ඉන්නවා.........!"
දැං වත් තේරෙන්නැතැ මං කියන්ඩ හදන්නෙ මොකද්ද කියලා. ඇරත් මම ලිඛිතව මේ වෙනකං ඉල්ලිමක් කරලා තිබුනෙත් නෑනේ. ඔක්කොම ගියේ කටවචනෙට.
ඔන්න දැං හවස් වරුව ආවා.
ඉතිං මං යන්ඩ ලෑස්ති වෙද්දි, අන්න යාලුවො. ජෙල්වලින් කට්ටියක්, පොලිෂ් වලින් කට්ටියක්, කිරිං වලින් කට්ටියක්, උපදෙස් වලින් කට්ටියක්, හරියට අලුත් අවුරුදු උදාවට ලෑස්ති වෙනවා වගේ.
ඒ ඔක්කොම ඉවර වෙලා කොල්ලො ටික මට හදවතින්ම සුබ පැතුවා, “වැඩේ ගොඩ දාගෙන වරෙන්...! නැත්තං තෝ මේ පැත්ත පලාතෙ පස් පාගන්ඩ එපා.....!” කියලා.
ඉතිං මම නිදහස් මාවතේ පාවෙලා ගිහිල්ලා, පාර පැනලා බී.එම්.අයි.සී.එච්. එකට මෙහා පැත්තෙ තියෙන බුද්ධ ප්‍රතිමාවේ හෙවනැල්ල යටට වෙලා හිටිය අර නැන්දලත් එක්ක ආපු, සුදුපාට හුරුබුහුටි ගැල්ලමයා මාව හොයාගෙන එනකං.
ටිකෙන් ටික වෙලාව ගත උනා. හතර වෙද්දි මගේ ඇඟට නිකං උණ ගතියක් ඇවිල්ලා තිබුනෙ. එයා ඇවිල්ලා මොනවා කියයිද කියලා.
ඕගොල්ලම පොඩ්ඩක් හිතලා බලන්ඩකො කොහොමද ඒ අවස්ථාව කියලා.
ඔන්න ඊලග විනාඩියෙදී මට මේ ටික දවසට වැඩිපුරම හිතට වැදුනු ඒ ගැණු ළමයා වංගුවෙන් මතු උනා. මේ එන්නෙ මාව හම්බවෙන්න නේද කියලා හිතෙද්දි මගේ බඩ පපුව සීතල වෙලා ගියා. එයා මං ගාවට ආවා.
“ඇයි එන්න කිව්වෙ......” එයානං බොහොම සැහැල්ලු හිනාවකින් ඉන්නෙ. මගෙනං තුනටියට හෙණ ගහලා වගේ. හිරියක් අල්ලලා ඒක ඇඟ දිගේ දුවනවා.
“නිකං............”
මං එයා දිහා බැලුවා. මෙයා හින්දා පහුගිය සතියෙ මට හරියට නින්දකුත් නෑ. ඇස් ඇරියත්, ඇස් වැහුවත් පේන්නෙ මෙයාව. මං ගිය සතියෙම කැරම් බෝඩ් එකක් පැත්ත පලාතෙ ගියෙ නෑ. මෙයා නැති කැරම් බෝඩ් මොකදට අයියෝ! අනික සිං සිං ගාලා ඉත්තො කපපු මට, පහුගිය ටිකේ ඉත්තෙක් වලට කපනවා කියන එක කොච්චර අමාරු උනාද! පවර් ස්ටීරියන් නැති 1210 ලොරියක් හරෝනවට ඊට ලේසියි. කොහෙද ඉතිං මෙයාට තේරෙන එකක් යැ ඕවා. අනින්ඩ හිතෙනවා ටොක්කක්!
යාලුවෝ දවස් ගානක් මට පුරුදු කරපු දේවල් මේ වෙද්දි මට අමතක වෙලා තිබුනේ. මට මතක් කරලාවත් කොනක් අල්ලගන්ඩ බැරි උනා. අනික හඬ පාලනයත් බිංදුවට වැටිලා. මොකෝ ඒ වෙද්දි මගෙ උගුර කටත් එක්ක වෙලිලා තිබුනෙ.
“එහෙනං මං යන්නං..........පරක්කුත් වෙනවා.....“
“පොඩ්ඩක් ඉන්ඩකො...............”
“ඇයි.......” ඔන්න දැං නං එයත් පොඩි තිගැස්මකින් ඉන්නෙ කියලා මට තේරුනා.
“හාද.............?!” මම හරකෙක් වගේ එක පාරටම ඒ වචන ටික දමලා ගැහුවා. අරුං ටික කොහෙ හරි ඉඳලා බලාගෙන හිටිය නං මට ටොකු කාලා විසේ යනවා.
“මොනාද?”
මට තේරුණා මේ විදිහට මේ වැඩේ කරගෙන යන්න බෑ කියලා. ඉතිං මං එදා ප්‍රශ්නෙ ආය ඇහැව්වා.
“ඇයි එදා ඔයා කැරම් ගහන්ඩ කැමති උනේ මාත් එක්ක.............”
“මං පොඩි කාලේ කැරම් ගහලා තියෙනවා අපේ තාත්තත් එක්කලා.......” පරණ උත්තරේමයි.
“ඉතිං......... දැං තාත්තා කැරම් ගහන්ඩ එන්නැද්ද?”
“නෑ.....”
“ඇයි.....ඒ....?”
“තාත්තා දැං නෑ......” එයාගෙ ඇස් වලට කඳුලු ආවා.
“අනේ සොරි....... මං දන්නැනේ ඉතිං......”
“ඒකට කමන්නැ............අයියා කව්ද කියලා දන්නැතුවත් මට එකපාරට හා කියවුනේ ඒකයි......”
“ආ.......හරි ඒක අමතක කරලා දාන්ඩ. අපි මෙහෙම කරමු.......................!”
එයා කඳුලු පිහදානවා.
“ඔයා කැමති නැද්ද ජීවිතේ හැමදාම මාත් එක්ක කැරම් ගහන්ඩ........ඒ කාලේ තාත්තා එක්ක සෙල්ලං කලා වගේ......”
එයා මගේ මුණ දිහා බැලුවා. අපේ ඇස් පළවෙනි වතාවට එකට හමුඋනා. ඒ ඇස් මගේ යෝජනාවට කැමති උනා කියලා මට හිතුනා. මම අන්තිමට කිව්ව වචන ටික එයාගෙ හිතේ ඕනැවටත් වැඩිය ලොකු බලාපොරොත්තුවක් ඇතිකරලා. තත්පර ගානක් අපි ඒ විදිහට බලාගෙන හිටියා. ජීවිතේ කිසිදාක නොබිඳින්ඩ බැරි බැම්මක පදනම වැටුනෙ අන්න ඒ විදිහට.
“ඕන්නං මං ඔයාට කියලත් දෙන්නම්කෝ හරියට කැරම් ගහන්නෙ කොහොමද කියලා..........................” මම ඉත්තෙකුට ගහන විදිහට ඇඟිලි හදලා හිමීට එයාගෙ කම්මුලට තට්ටුවක් දැම්මා.
.............................
අන්න එහෙමයි කැරම් බෝඩ් එකකුයි, පුංචි ඉත්තො ටිකකුයි, හැමදාම මගේ තනිනොතනියට මා ලඟ ඉන්න, මටම කියලා හුරුබුහුටි ගැල්ලමයෙක්ව හොයලා දුන්නෙ.
................................
- මීට යුරො දෙකේ වීරයා.
ඉතින් චූටි මහත්තයා කියන්නේ අපටත් නොදන්න කාත් එක්ක හරි කැරම් ගහන්ට කියලද?...:)
ReplyDeleteමම මේ කල්පනා කලේ චෙස් ප්ලේ කලොත් කොහොම වෙයිද කියලා.
හෆියෝ.. එල කතාව මචන්.. ගින්නක් නැතිව එක පිම්මට කියෙව්වා... නියමයි.... කරම ගහන්න දැන් දන්නවා ඇති නේ ඒ ළමය... කොඑ ඉතින් නම කියල නෑ නේ ළමයාගේ,,,
ReplyDeleteජය...
ලස්සනයි බුද්ධි අයියේ... සුභ පැතුම්... ඒත් මේ හදිස්සියෙම මේක ලියන්න හිතුනේ....??????????
ReplyDeleteකරදර බාධක නැතුව චූටි මහත්තයට සරුවප් ප්රකාරයෙන්ම සාර්ථක අනාගතයකට ආසිරි!
ReplyDelete//එතකොට අර කොළඹ ගැල්ලමයිට මොකෝ වෙන්නෙ....ආ//
වාසනා කෙල්ල කිව්වේ කව්රු ගැනද?
එල... ඇඩෙනවා..... මේ තරම් විස්තරයක් අපි දැනගෙන හිටියෙ නෑනෙ....
ReplyDeleteශා....මෙහෙමත් වැඩ කැරම් බෝඩ් එක නිසා ගොඩ ගිහින් නෙ
ReplyDeleteකොහොම වුනත් කමක් නෑ සුභ පැතුම් කිව්වා...
අලේ ඔයානම් මාරයි නේ.හික්
ReplyDeleteඅනේ ඒ විදිහට හොර තක්කඩියා කියනවනං මම හැමදාම උනත් හොරකං කරනවා.
ReplyDeleteඅනේ මට නිකං ඇහෙනවා ඇහෙනවා වගේ අර කනට ආ නැහැ නැහැ කටට මී පැණි වක්කොරනවා වගේ කටහඬින් කියන අපූරුව.......
මේ පෝස්ට් එක නං හුරුබුහුටි මැරියන් නගාගේ හිතට ලොකු සතුටක් ගෙනේවි බලාපොරොත්තු ලෙසටම. මං කැමතියි මේක පහුගිය මාසේ 26 වෙනිදාටම දැම්මා නං......... ඒත් මොකද දැන් කෙල්ල බොහොම සතුටින් හිනාවෙවී ඉන්න හැටි මට මැවී මැවී පෙනේ... :D තෙරුවන් සරණයි බොලාගේ මුළු පවුලටම
මට නිකන් මැවිලා පෙනුනා සිද්දිය.:)සුබ පැතුම් අලො
ReplyDeleteහහ් මැරියොන් නඟා හම්බුනේ මෙහෙමද?
ReplyDeleteකෙහෙල් කොටුවෙ චුටි මහත්තයා ගොඩ ගිය වගයි..මම හිතාගෙන උන්නෙ උඹ කවදහරි ඊතලයක් වැරදිලා කෙල්ලෙක්ගෙ ඇහැට ඩින්ගක් උඩින් වැදිලා ඒකට බෙහෙත් කොරන්ටඉ සුව දුක් හොයන්ටයි ගිහින් කෙල්ලෙක්ට පැටලෙයි කියල..අනේ මන්ද මම වත් දන්නෙ නැ ඇයි මට එහෙම හිතුනෙ කියල
ReplyDeleteලස්සන හුරුබුහුටි ආදර කතාවක්......හොර තක්----කඩියා....
ReplyDeleteමමත් කැරම් ගහන්න පටං ගන්නවා....
ReplyDeleteඅඩේ ඒ කැරම් බෝඩ් එකට මල් පූජකරන්න එපැයි.
ReplyDeleteදෙන්නටම සුබ පැතුම්.
ලස්සන සිද්දිය... අපිටත් එක එක ඒව මතක් වෙනව අප්පා... දෙන්නටම සුභ පැතුම්...
ReplyDelete“ඕන්නං මං ඔයාට කියලත් දෙන්නම්කෝ හරියට කැරම් ගහන්නෙ කොහොමද කියලා..........................”
ReplyDeleteදැරිවිට දැන් හොඳට කැරම් ගහන්න ඇහැකිද??
සුභ පැතුම් සහෝ..
අර කිව්ව හිරි ගතිය මේක කියවද්දි මගේ කකුල් දිගේ ඇවිත් බඩ ගාවින් ගිහින් පපුව ඩිග් ඩිග් ගෑවා. ඇති යංතං අන්තිමට හරි ගිහානෙ. නැත්තං මේ කථාව ආතල් එකක් නෑ. හැබැයි කොල්ලෝ ෆුල් ම සීරියස් ලියලා තියෙන නිසා ඇත්ත කථාවක් වගේමයි.(ඇත්ත තමයි කියලා උඹ කමෙන්ට් එකක් දායි.) අනික මේ හදිස්සියෙ මේක මතක් වුනේ ඇයි. මට හිතෙන්නෙ ඒ කෙල්ලගේ උපන් දිනේ හරි ඔය නිදහස් මාවතේ සිද්ධිය උන දවස හරි ළඟ ඇති. කොහොම උනත් හදපිරි සුභ පැතුම් දෙන්නටම. හැමදාම වගේ කථාව එළ.
ReplyDeleteපොඩ්ඩි,
ReplyDeleteදැං ඉතිං පොඩ්ඩට කා එක්වත් කැරම් ගහන්ට යන්න වෙන්නැ. ඇයි අයිස්කිරිං රස උම්මා දෙන්න එක්කෙනෙක් ඉන්නවා නේද?
චෙස් ගැහිල්ල හරියන්නැ..... එකතොට කොහොමද ඇගිලි තුඩු අල්ලලා ඉත්තට ගහන හැටි කියලා දෙන්නෙ.... හක්ක හක්ක හා.......
....................
ගයාන්,
නැතුව නැතුව. දැං එයැයි නියමෙට කැරම් ගහනවා. වැඩේ කියන්නෙ තාම අපේ ගෙදර කැරම් බෝඩ් එකක් නෑනෙ...
...................
ප්‍රසන්න,
ස්තුතියි!
හදිස්සියක් නෑ ඉතිං..... ආදරේ කරන අය ගැන ලියන්න ආය විශේෂ වෙලාවක් ඕනයැ නේද.......!මතක් උනා ලියලා දැම්මා...
.......................
පොත් ගුල්ලා,
ඒයා කොළඔ ඉන්න හින්දා එහෙම හිතන්ඩ ඇති. ඒයා දන්නැ මං හොඳ බොදු දරුවෙක් විත්තිය.......:D
........................
ගීතික,
අපෝ තව විස්තර තියෙනවා. සෑහෙන්ඩ කපලයි මම ඔය ලියලා තියෙන්නෙ. එකක් කියන්නං. කැරම් ගහන්ඩ ගැල්ලමය කැමති උනාට බෝඩ් එකක් තිබුනෙ නෑ. මම ගෙදර වැඩ වලට උදව්වට ආපු ක්‍රිස්ටෝපර් අයියත් එක්ක පයින්ම ගම පීරලයි ඔය කැරම් බෝඩ් එක හොයාගෙන ආවේ....
.....................
නිසුපා,
ස්තුතියි.....!
හැමෝම ගොඩ යන්නෙ මොකක්ම හරි හේතුවක් හින්දා....ඇයි සමහරුන්ට කුඩ, ෆෝන් එහෙමත් අමතක වෙනවලු නේද?
......................
නදී,
ස්තුතියි නදී!
හොඳටම මැවිලා පෙනුනෙ කොයි හරියද?....... මගේ තුනටියට හෙන ගහලා තිබුනු හරියද? නැත්තං එකපාර "හාද?" කියලා අහපු හරියද......
රන්දිල්,
ReplyDeleteඔය දැං හොර තක්කඩියා කියන විදිහටම තමා එදත් කිව්වේ. ආය ඒකේ පොඩි වෙනසක් වත් නෑ. තක් - කඩියා කියලා දෙකට කඩලා.
සතුටු හිතෙන්න තාම මම කිව්වෙ නෑ..... හවස් අතේ කියලා දානවා.
සුබ පැතුවට තුති! ඔබලටත් එසේම වේවා.
....................
අභීත,
එහෙනං. එහෙනං!!
..................
පැන්ඩා,
අම්මො කතා කරන්ඩ එපා. දුනු ඊතල අතේ තියෙද්දි කව්රු හරි ඉස්සර හිටියොත් ඕන කෙහෙම්මලක් කියලා ඒකාලෙ විදින්ටමයි හිතෙන්නෙ. ඒකාලේ ඔය හිතිවිල්ල මට පාලනය කොරගන්ට කොච්චර අමාරුද?
ඒක නෙමේ මේක ලියද්දි මට හිතුනා කව්රු හරි "කෙහෙල් කොටුවෙ චුටි මහත්තයා ගොඩ ගිය වගයි.." කියලා කමෙන්ට් කරයි කියලා.
....................
ලකී,
කතාව හුරුබුහුටි වෙලා තියෙන්නෙ.... මම හුරුබුහුටි හින්දද දන්නැනේද ලකී.....හක්ක හක්ක හා....
..................
නොදුටු ලොවක්,
කා එක්කද එතකොට කැරම් ගහන්ට යන්නෙ.......
................
ප්‍රසා,
අනේද කියන්නෙ. කැරම් බෝඩ් එකක් කල හදියක් කිව්වලු.
............
පැතුම්,
ඉතිං මතක්වෙන ඒවා ලියලා දාන්ඩකො..... අපිටත් කියවන්න..
.................
සුලග,
මේ මොනවා කතා කරනවද? පුලුවන් උනත් බැරි උනත් කැරම් ගහන්ඩ කිව්වොත් එයිට වඩා දෙයක් නෑ එයැයිට....ස්තුතියි සුබ පැතුමට...
ඉෂාර,
ReplyDelete(ඇත්ත තමයි කියලා උඹ කමෙන්ට් එකක් දායි.)//
ඇත්ත තමයි මේ කතාව....! ඔන්න උඔ හිතපු දේ උනා.
නැ නැ උපන්දිනේ වත්, අර දවස් වලින් එකක්වත් නෙමෙයි. මට ඒ සිද්දිය මතක් උන හින්දා ලිව්වා. අනික එයැයි ගැන ලියන්න මට විශේෂ වෙලාවක් ඕනයැ නේද ඉෂාරයා....
කොහොමද එක පාරට 'හාද' කියල අහපුවාම 'බෑ' කිව්ව නම් එහෙම. කෙල්ලො එන්න කිව්වම බෑ කියන්නැතුව ආව කියන්නෙම එතනම සීයට අනූවක් ගොඩ චූටි මහත්තයෝ.
ReplyDeleteපිණිබිදු,
ReplyDeleteකොහොමද එක පාරට 'හාද' කියල අහපුවාම 'බෑ' කිව්ව නම් එහෙම.//
අප්පට සිරි වෙයි.... චීන හැදුවා කියලා බලන්නැ BMICH එකේ කණු ටික මම කාගෙන කාගෙන යනවා එහෙනං....!
............
කෙල්ලො එන්න කිව්වම බෑ කියන්නැතුව ආව කියන්නෙම එතනම සීයට අනූවක් ගොඩ චූටි මහත්තයෝ.//
ආ ඔය කියන්නෙ ඔය කියන්නෙ.... පස්සෙ කියන්නං, හිතලා බලන්නං, දැම්ම බෑ කියන්නෙ වැඩේන් සෑහෙන සීයට ප්‍රමාණයක් ගොඩ කියන එකම තමා නේද. අපරාදෙ මං එදා බය උනේ.....!
දැං ඒවා එයා මතක් කරද්දි කාලා ඉන්ට බෑ අප්පා...
And they lived happily ever after.
ReplyDeleteමම ආසම කෑල්ල කැරම් ගහන්න සෙට් වෙන එකයි. ඉතිං ඉතිං ඊට පස්සෙ මොකද වුනේ?
henryblogwalker the Dude
දැන් ඉතින් දෙන්න එක්ක ගහන ගහන කැරම් අත ජය වේවා ! කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම් !
ReplyDeleteඑහෙනං ඔන්න ඔහොමයි චූටි මහත්තය ගොඩ ගියේ ඈ . . . .
ReplyDeleteදැං ප්ලේයර්ලත් හරි එකේ . . . . සෙල්ලං කරන්න බෝඩ් එකත් හරි එකේ . . . . චූටිවෑං ඉත්තො ටිකකුත් හදාගත්තනං තමා ගොඩ . . . .
හයියෝ . . කැරම් බෝඩ් එකක් කරපු විනාසයක් . . නෑ මම කිව්වේ අර ගැල්ලමයට . . හික්ස්
ReplyDeleteකොමන්ට් නොකලාට මම ආශාවෙන් කියවන බ්ලොග් එකක්.
ReplyDeleteචූටි මහත්තයටයි මැරියන්ටයි සුභ අනාගතයක්.
අපරාදේ... බුද්ධි සහෝට එදා කැරම් බෝඩ් එකක් හොයාගන්න බැරිවුනා නම්... අද සහෝ කොහෙද ? මැරියන් කොහෙද ? පොඩි සිද්ධියකින් ජීවිතේම ගොඩ ගියා නේද එහෙනම්...!
ReplyDeleteපරක්කු කරන්න එපා, අදම කැරම් බෝඩ් එකක් ගන්න. උදේ හවා දෙන්න එක්ක මල් පහන් තියලා දුම් අල්ලලා... වඳින්න එපා, කැරම් ගහන්න...
දෙන්නටම සුභ පැතුවා ඕං... දෙන්නා එක්ක කැරම් ගහන්න කම්මැලි වගේනම් ඉතින් හතරකොනේ වාඩකරවා ගන්න තව පැටව් දෙන්නෙකුත් කාරිය!!!!!
මං යනවෝ... නැත්නම් දෙන්නා එක්ක ඩිෂ් එකෙන් ගහාවි මට !
ඉත්තො ඉත්තියො ටිකක් වැඩිපුර හදාගන්න සුභ පතනවා මලේ හදවතින්ම!!!
ReplyDeleteබුද්ධියයියට දැන් කරම් ගැසීම තහනම් කරලා නේද තියෙන්නේ? :D
ReplyDeleteහා,, මෙන්නෙ මෙහෙමයි එතකොට රොබින්හුඩ් ට (කිව්වට නසියර් වගේ ) මැරියන් නඟා මුණ ගැහුණෙ.මං දවසක් ඇහුව නේද කොහෙන්ද මේ කෙලි පැටියව හොයා ගත්තෙ කියලා, මතකද? වාසනාවයි.. අපේ සුභ පැතුම් පුංචි පවුලට!!!
ReplyDeleteහෙහ් හෙහ්.. ලෙසටම ලියලා තියෙනවා බුද්ධියො, මල් 7යි.. අර ඕනයා කියන්නැහේ දැන් ඉතිං කැරම් ගහන්න ඉත්තො 19කුත් හදාගනිං.. :))
ReplyDeleteබොලා දෙන්නට සුබ අනාගතයක්..!!
දැන් ඉතින් කැරම් බෝඩ් හොයපල්ලකො! :D
ReplyDeleteඑළ බං, සිරාම සිරා.... මගේ ඇස් දෙකට කඳුළු ආවා අන්තිම ටික කියවනකොට....! උඹලට තුණුරුවන්ගේම සරණයි....!
ReplyDeleteදැන් මරියම්ට හොඳට කැරම් ගහන්න පුළුවන්ද ?
චූටි මහත්තයටයි මැරියන්ටයි සුභ අනාගතයක්.
ReplyDeleteසිරාවටම එකම හුස්මට කියවගෙන ගියා මචෝ... සුන්දර ආදරේ සදාකාලිකම වේවා
ReplyDeleteමචං ඒ කැරම් බෝඩ් එක දැන් කෝ..කොහොම හරි ඒක හොයං ඇවිත් රාමු කරලා ගෙදර එල්ලපං..රාමුවක් නං නැතත් කමක් නැහැ...
ReplyDeleteඋඹට ඕක දකින දකින වාරයක් ගානේ අතීතය සිහි වෙලා සතුටට ඒක ආදරෙන් අත පත ගගාවත් හිටියැකිනේ...
මැරියන් නගාටත් තොගේ හිපාටු වැඩ වලට මල පැන්න වෙලාවට අතට අහු වෙන කුණ්ඩ හට්ටියකින් හරි දමලා ගහන්න ඕක ප්‍රයෝජනවත් වෙයිනේ...මේක තමා මාව කෑවේ කියලා...:D
අනේ ඉතිං අපි නොහිතුවට භයානක ආයුධ ගොඩට අහුවෙන කොයි තරංනං දේවල් තියෙනවද නේද...
ඒක නෙවෙයි කෝ මේකේ නැහැනේ කතාවේ දැන් සීන් කෝන් ටික..ඒ කිව්වේ අර මැරියන් නගාලගේ ගෙදර වැඩට ගත්ත කෝකියාගේ කතා වස්තුව එහෙම...
එහෙනම් ඉතින් ජීවිත කාලෙම දෙන්නෙත් එක්ක ජය පැරදුමෙන් තොරව කැරම් සෙල්ලම් කරන්න කියලා මමත් ඔන්න සුබ පැතුවා !
ReplyDeleteයකඩෝ.... එහෙනම් මම හිතං හිටියා වැරදි ... මම හිතං හිටියේ ලෝකෙන්ම කැරැම් ගහන්ඩ ගිහින් කෙල්ලෙක් ගැන හිතක් පහල උනු එකම එකා මං විතරයි කියලා.. එල එල
ReplyDeleteඅපෙ අප්පෝ දැං නෙව දැනගත්තෙ සහසුද්දෙන්ම. ප්‍රීතී බොලං ප්‍රීතී !! [නැත්නං වෙන මොනව හරිද?]
ReplyDeleteඅර කිව්ව වගේ බෝඩ් එකයි ඩිස්ක් එකෙයි තුබුනට අහවල් දෙයක් කරන්නෙයි, දැම්ම පටන්ගනු ඉත්තන් සෑදීමේ මෙහෙයුම ! [උඹල නං කියයි නේද?]
මාර කැරම් බෝඩ් එකක්නෙ බුද්දි අයියෙ ඒ... :)
ReplyDeleteඉදිරි අනාගතයට සුභ පැතුම් දෙන්නටම...ජයෙන් ජය වේවා.!! මුල ඉඳලම වගේ කියවන බ්ලොග් එකක්. තව ඉදිරියට ලියන්න. කාලෙකින් කමෙන්ට් එකක් දැම්මෙ. මෙහෙම එවට නොදා කොහොමද? නැද්ද?
තව එකක් අයියේ පුළුවන් නං කළු පාටට හුරු තීම් එකක් දාල අකුරු සුදු කරන්න. මේක දිහා බලන් ඉන්න බෑ ඇස් රිදෙනවා
කැරම් බෝඩ් එකේ ඉත්තෝ ලිස්සලා යනවා වගේ ලේසියෙන්,පහසුවෙන් පවුල් ජීවිතය සාර වේවා!!
ReplyDeleteමමත් හොදට කැරම් ගහන්න පුරුදු වෙන්න ඕනා,,මෙහෙමවත් ගොඩ යන්න පුලුවන් වෙයිද කියලා බලන්න...
ReplyDeleteකැරම් ගහන්ඩ එච්චර මෙව්වා එකක් නැතුවම මැරියන් නංගි ඇගිලි උළුක් කරගෙන කැරම් ගහන්න සෙට් වුණේ මේකයි එහෙනම්...
ReplyDeleteමට මැවිලා පේනවා මූ ක්‍රීස් ගාලා (ටිකක් විතර කණාවට) ඉත්තෙක් කපලා ඉවරවෙලා ඉත්තා වලට ගියාට පස්සේ හොරෙන් වගේ මැරියන් නංගි දිහා බලනවා...
හික් මටත් මතක් වෙනවා ඔහොම ඉස්සර කැරම් ගහනවා... ගහන්න ඕනේ තැන පෙන්නන්නේ ලී ෆ්‍රේම් එක උඩින් ඇගිල්ල තියලා...
මෙතෙන්ට ගහන්න කිව්වම හරියට දශමෙට එතෙන්ටම ඒම් කලා වගේ කට උල්කරගෙන බුටැක් ටැක් කියලා ඇදලා අරිනවා අඩියක් විතර එහාට...
ඒක කොහේ හරි කැලේ ගිහින් ඉත්තෙක්ගේ වැදිලා ඌ අහම්බෙන් වල පැත්තට විසිවුනොත් "ආ.. නූලෙන් මිස් වුනේ" කියලත් කියනවනේ...
සුභ අනාගතයක් වේවා..! :)
Menuke Abeynayake 12:30 PM
ReplyDelete"....ඒයි මාත් කැරොං ගහන්න පටං ගන්නවා ඕයි....
මේකව දැක්කහම කෙල්ලට අපුච්චනෙ මතක් වෙලාතියෙන්නෙ.... නොවී තියෙයැ... මූත් අපුච්චගෙ වයසෙන.... ඔය ගෑල්ලමයට ලඟ පේන්නැති ලෙඩේ තියෙනවද....
අනේ වාසනාවන් බුද්ධියත් ගොඩ ගියා එහෙනං....ඔය කොයි කාලෙයි...? ඔය ගඟ තාමත් සෙනෙහසින් ගලා ගලා යනවයි....? .."
@කැරම් උපේන්ද්‍ර...
ReplyDeleteඅඩේ එහෙම හිතන්න එපා මෙහෙම හිටියට අපිත් ඒ ගොඩේ තමා...කරුමෙට හරි පිනට හරි ඒ ඒ දේවල් කෙල වෙලා ගියාට හරී...?
හප්පා...නියමය් බුද්ධියො, නියමය්. බොලා දෙන්න තාමත් කැරම් ගහනවද?
ReplyDeleteඅලේ... මේකට ඇඬුනද හිනාගියාද දෙකම එකපාර උනාද කියල තෝරගනඩත් බැරුව ගියානේ....
ReplyDeleteහැබැයි මදි නොකියන්ඩ සන්තෝසයි අප්පා.....
හී හී... ගෑල්ලමයවත් මතක් කලා කියාන්ට...
:)
"මගේ ඇඟට නිකං උණ ගතියක් ඇවිල්ලා තිබුනෙ...."
ReplyDelete"මේ එන්නෙ මාව හම්බවෙන්න නේද කියලා හිතෙද්දි මගේ බඩ පපුව සීතල වෙලා ගියා...."
"මගෙනං තුනටියට හෙණ ගහලා වගේ. හිරියක් අල්ලලා ඒක ඇඟ දිගේ දුවනවා.."
අනිවා.. ඕව්වා විඳලාම බලන්න ඕනේ නේද මලේ....
මොනවා වුනත් උඹ වාසනාවන්තයි. මේ මතකයන් තාම නොබිඳී ඉතිරි වෙලා ඇත්තේ ඔය සිද්ධි වලින් පස්සේ ජීවිතය රසවත් වුණු නිසයි.. එහෙම නේද..?
මට කරුණාසේන ජයලත් ගේ "ලස්සන ඇස්" මතක් වුනා...
Dude,
ReplyDeleteඊට පස්සෙ ඔක්කොම දේවල් හරි ගියා....... අත්වැල් අල්ලං අපි කොහෙ කොහෙ ගියාද..........?
...............
වෙනී,
ස්තුතියි වෙනී... නිතර දෙවේලෙ කෙහෙල්කොටුව පැත්තෙ ඇවිල්ලා යනවට.
............
ඕනේ,
චූටිවෑන් ඉත්තො හදන්ඩ තව කල් තියේ.... කොහොමද උඔගෙ ඉත්තට?
..................
දුකා භයියා,
අපොයි මං කරගත්තු මෝඩ කමක්. ආවොත් ඔහොම කතාවක්මයි.
................
Il mondo di una povera pazza ,
ස්තුතියි යාලුවේ. දිගමය කියවන්න එන්ඩ එහෙනම්.
.............
චතුරංග,
ඒකනෙ කියන්නෙ පුංචි සිද්දියක් සේරම වෙනස් කලා.
දැංම කොහෙද ඉත්තො හදන්නෙ. අපි තව කාලයක් කැරම් ගහන්ටයි හිතාගෙන ඉන්නෙ දෙපැත්තෙ ඉඳං.....
....................
තනෝජා,
හිකිස්...... පොඩ්ඩක් ඉවසහල්ලකො.......... අක්කලාගෙ කටවල් වල තියෙන්නෙම ඉත්තො ගැන නොවැ.
..............
පුසා,
සහතික ඇත්ත. උඔ කොහොමද දැනගත්තෙ. දැං මළගෙදරකවත් මට කැරම් ගහන්ට නෑ වෙන කා එක්කවත්. උන්දැගෙ නිසි අවසරේ ඕනැ.
......................
හරී අක්කා,
එදා මම මොනවද කිව්වෙ. හෙන කතාවක් පස්සෙ කියන්නං කියන්ඩ ඇති. එදා අපි කඩිමුඩියෙනෙ මුණගැහුනෙ.
..................
බුරතිනෝ,
ඉත්තො 19ක්. බුදු අම්මො.....! මං බැලුවේ මුලින්ම රෙඩා පොට් කරලා ගේම ඕපන් කරලා දාන්ට කියලා. අපි දෙන්නනෙ කොහොමත් කව්රු දින්නත් එකයි.
..............
මුහුදු,
කැරම් බෝඩ් මැවෙයි බොලං සෙල්ලං කරන්ඩ දැරිවියෙක් හිටියොත්......
Dude,
ReplyDeleteඊට පස්සෙ ඔක්කොම දේවල් හරි ගියා....... අත්වැල් අල්ලං අපි කොහෙ කොහෙ ගියාද..........?
...............
වෙනී,
ස්තුතියි වෙනී... නිතර දෙවේලෙ කෙහෙල්කොටුව පැත්තෙ ඇවිල්ලා යනවට.
............
ඕනේ,
චූටිවෑන් ඉත්තො හදන්ඩ තව කල් තියේ.... කොහොමද උඔගෙ ඉත්තට?
..................
දුකා භයියා,
අපොයි මං කරගත්තු මෝඩ කමක්. ආවොත් ඔහොම කතාවක්මයි.
................
Il mondo di una povera pazza ,
ස්තුතියි යාලුවේ. දිගමය කියවන්න එන්ඩ එහෙනම්.
.............
චතුරංග,
ඒකනෙ කියන්නෙ පුංචි සිද්දියක් සේරම වෙනස් කලා.
දැංම කොහෙද ඉත්තො හදන්නෙ. අපි තව කාලයක් කැරම් ගහන්ටයි හිතාගෙන ඉන්නෙ දෙපැත්තෙ ඉඳං.....
....................
තනෝජා,
හිකිස්...... පොඩ්ඩක් ඉවසහල්ලකො.......... අක්කලාගෙ කටවල් වල තියෙන්නෙම ඉත්තො ගැන නොවැ.
..............
පුසා,
සහතික ඇත්ත. උඔ කොහොමද දැනගත්තෙ. දැං මළගෙදරකවත් මට කැරම් ගහන්ට නෑ වෙන කා එක්කවත්. උන්දැගෙ නිසි අවසරේ ඕනැ.
......................
හරී අක්කා,
එදා මම මොනවද කිව්වෙ. හෙන කතාවක් පස්සෙ කියන්නං කියන්ඩ ඇති. එදා අපි කඩිමුඩියෙනෙ මුණගැහුනෙ.
..................
බුරතිනෝ,
ඉත්තො 19ක්. බුදු අම්මො.....! මං බැලුවේ මුලින්ම රෙඩා පොට් කරලා ගේම ඕපන් කරලා දාන්ට කියලා. අපි දෙන්නනෙ කොහොමත් කව්රු දින්නත් එකයි.
..............
මුහුදු,
කැරම් බෝඩ් මැවෙයි බොලං සෙල්ලං කරන්ඩ දැරිවියෙක් හිටියොත්......
දූමී,
ReplyDeleteස්තුතියි දුමියා. බොක්කෙම්ම ලියා ඇති සෙයක් පෙන්නුම් කරයි.
උන්න හැටියට මලා මදැයි කියලා දැංනං ටිකක් හුරුයි. ඒත් ඉත්තට ගහන්නෙ වෙදැඟිල්ලෙන්.....:D
..................
මහිම,
ස්තුතියි මහිම.... කාලෙකට පස්සෙ ඇවිල්ලා තියෙන්නෙ.
..........
දේවා,
ස්තුතියි දේවා සුබ පැතුවට. උඔටත් එක එක දේවල් වෙලා තියෙනවා නේද.......
..........
මාරයා,
ඒ කැරම් බෝඩ් එකනං දැං ලොවෙත් නැතුව ඇති. උඔට කියන්ඩ අපි කැරම් බොඩ් එකක් ගන්න හිටියට තාම බැරි උනානෙව.
දැං කාලේ කතා එන්නෙ පස්සෙ. අනික කුස්සියෙ දැලි වලං හෝදන කෑලි දැම්මැකි යැ දැම්මම....
...................
හිස් අහස,
ඔබටත් එසේම වේවා. හොඳටම ඔකඳ වු කෙනෙකු සමග දිනපතා කැරම් ගැසීමට වාසනාව ලැබේවා......!
.....................
හර්ෂණ,
ඒ කියන්නෙ මමත් වැරදි. මමත් හර්ෂන කියනං හිතාගෙන හිටියෙ කැරම් ගහලා ගැල්ලමයෙක් හම්බුනු එකම කෙනා මමයි කියලා.
.........
නවම්,
නැනැ ප්‍රීති හොඳා ප්‍රීති හොඳා!!
ඉත්තො හදන්ට නං බැරියැ ඕනැ හැටියෙ. ඔප දමන්නටනෙ අමාරු........ දැං කොහොමෙයි බොලාගෙ ඉත්තට......!
...........
දොඩම්ව,
මම නොදැන්නවැයි. මුල ඉදලා එන කෙනෙක්නෙ. මතක නැද්ද මම මුල්ම පෝස්ට් දෙක තුනෙන් එකක සයිබර් යායට ආපු යාලුවොන්ව ඇදපු වෙලාවේ දොඩම් වත් ඇඳලා තිබුනා.
තිම් එක තමා පුස්නෙ....... මම මේක තාවකාලිකව ඒකාලෙ අටවා ගත්තට දැං සයිබර් යාය කිව්වම මේකමයි මගේ හිතට එන්නෙ.....වෙනස් කරන්ඩ මොකද්ද මොකද්ද වගේ. එක පාරක් වෙනස් කරලා, ඒක හොඳ නැතුව ආය මේක දාන්ඩ ගිහිං මොකක් හරි වෙලා ඕල්ඩ් පෝස්ට් වලට යන ලින්ක් එක වැඩ කරන්නෙත් නෑ. බලහං කො ඉතිං....!
............
සිතිවිලි මණිඩියට,
ත් එසේම වේවා. ඉත්තෝ නියමෙට ලිස්සලා යන්ට එපැයි! ඒකට පවුඩර් දාන්ට ඕනැ. පවුඩර් වැඩි වැඩියෙන් ලැබේවා කියලා තමා මමත් ප්‍රාර්ථනා කරගන්නෙ.....
.............
ඩිලාන්,
හොඳට කැරම් ගහන්ඩ පුලුවන් ගැල්ලමයෙක් හමුඋනොත් උඔ වැඩ පෙන්නැතුව ගොබ්බයෙක් වගේ හිටපන්. එතකොට ඒළමයම අනුකම්පා හිතිලා උඔට කියා දෙන්නැතැ.........
..........
බීට්ල්,
අනේ මේ මොනවා කියනවද? ඊයේ මේක පෙන්නුවට පස්සෙ හවස් අතේ මැරියන් ඒ කාලේ ගැන කම්පනා කරකර හිනා වෙවි හිටියෙ.
කැරම් ගහන්ඩ ගිය මුල්ම කාලේ මමත් උඔ කියනවා වගේ තමා. ගහන ගැහිලි වලට ඉත්තෝ වලවල් ගාව හිරවෙලා. අනිත් පැත්තෙ උන්ට දාගන්ඩත් බෑ. එව්වර සීසී කඩ අපේ ඉත්තො. උන් බනිනවා ඉදකින් කාලකාණ්නියා මිදි පොකුර පොලෙ ගැහුවා වගේ බොඩ් එකේ හැටි බලපන් කියලා......
ස්තුතියි බීටල් මාමේ:D
මේනුක,
ReplyDeleteඒකනං ඇත්ත වෙන්ඩැ. ලග පේන්නැතුව ඇති. ඒත් දුර පේන හින්ද වෙන්ටැ මාව තොරා ගත්තෙ. හිකිස්.
වැඩේ කියන්නෙ තාම ඒ ගඟ ඒ විදිහටම ගලාගෙන යනවනේ......!!!!!!!!!!!!!
..................
මාරයත්,
මාරයත් හොඳ කැරම්කාරයෙක් ඒ කියන්නෙ. කොහොමත් එහෙම වෙන්ටම එපැයි. කුරුලු හමුදාවේ හැමෝටම පුලුවන් එකම ක්‍රීඩාව කැරම් වෙන්ඩැති. බෝඩ් පාස්වෙන්නෙත් ඕපීසියල් මට්ටමෙන් වෙන්ඩැ නේද?
....................
ඔබා මාමා,
මේ මොනවා කියනවද? ජීවිතේම කැරම් බෝඩ් එක උඩ තමා. ගෙවන්ඩ හිතාගෙන ඉන්නෙ. වෙලාවට රෙඩා පොට් උනොත් ජීවිතේම මල් තමා.
..............
දිල්මොනා,
අම්මෝ කාලෙකට පස්සෙ. ඉස්තුතියි මේ පැත්තෙ ගොඩවැදුනට. මම කියන්නම් මතක් කල වග. අපි කට්ටිය හමුවෙලා දැං අවුරුද්දකටත් වැඩියි නේද......
.........
තිස්ස අයියා.
අනිවා ඒවා විදින්නත් අනිවා වාසනාවක් තියෙන්න ඕනේ. තිස්ස අයියටත් ඔය අද්දැකීම නම් ඇති. ඒකයි ඔච්චර රසට ඕක දැනිලා ඇත්තෙ.
ඇත්ත ඒ සිද්දියෙන් පස්සෙ ජීවිතේ කොච්චර වෙනස් වෙලාද?
මමත් ලස්සන ඇස් කියෝලා තියෙනවා. හැබැයි මම පොඩිම කාලේ. මතකද? අර දැරිවිගේ කකුලෙ තුවාල වෙලා බේත් කරන සිද්දිය.......
කියලාම වැඩක් නැත කථාවේ ඒ හරිය...
ReplyDeleteසතුටුයි මේ කතාව අහලා. මං දැකලා තියෙනවානේ ජෝඩුවම.
ReplyDeleteඒක නෙමෙයි, කැරම් ගහන කොට රූල් දෙක තුනක් තියෙනවා.
1. තමින් පුළුවන්ද?
2. බැරි නං කැපෙන ඉත්තෝ අරං දෙනවද?
3. ඩයගනල් ඉර කපලා ගහන්න පුළුවන්ද?
4. රත්තා දාන්නේ නැතුව අන්තිම ඉත්තා ට ගහන්න බැරිද?
ඔන්න ඕවයි පුතෝ ප්‍රශ්ණ!
තිස්ස අයියා,
ReplyDeleteමං කිව්වෙ මම ඒක කියෙව්වෙ දුනු ඊ තල අරං විදින කාලේ. පොඩි එකා උනත් එතන මොකක් හරි දෙයක් උනයි කියලා මගේ පොඩි හිතට තේරුනා එදා.
ලස්සක ඇස් මගේ පළමු නව කතාවද මන්දා? මම ඒක කියෙව්වෙ ලෝක යුද්දෙ ගැන විස්සර වැඩිහිටියන්ගෙන් අහන ගමන්
කතන්දර,
ReplyDeleteස්තුතියි....
මෙන්න මෙහෙමයි අපේ කැරම් නීති.
01. තමින් බෑ.(ආ පස්සට හැරිලි නෑ.)
02. විරුද්ධ පැත්තෙන් කැපුවොක් අනිත් වටේ මුලින්ම කරන්න ඕනේ ඉත්තා අරන් දෙන එක. (නීතිය නං නීතිය)
03.අපොයි පුලුවන්. (ටාගට් එක පේන්න තියෙද්දි මගදිගේ බාදක කව්ද ගණන් ගන්නෙ)
04. මුලින් රෙඩා පොට් කරන්නම ඕනේ. කොහොමත් රෙඩා දාලා පොට් වෙන්ඩ අපේ ඉත්තෙක් දාන්ඩ එපැයි. (වගකීම)
ඕං උත්තර.
හෝ හෝ රොබින් හුඩ් නම් දුනු ඊතල වලින් වැඩ දැම්මේ . බුද්ධි කැරම් ඉත්තන්ගෙන් . ජෝඩුවටම අපේ උණුසුම් සුබ පැතුම් .
ReplyDeleteමම දැක්ක අයියා මගේ බ්ලොග් එකේසැමදෙයක්ම බ්ලොග් අඩවිය)කමෙන්ට් කිහිපයක්ම දාලා තියෙනවා.ඒකට අයියට බොහොම ස්තූතියි.මම අයියගෙ බ්ලොග් එකත් follow කරා.
ReplyDeleteමාත් කැරම් ගහන්න තව ටිකක් පුරුදු උනොත් හොඳයි වගේ. මටත් ගෑල්ලමයෙක් සෙට් වෙන්නේ නැතෑ.
ReplyDeleteකොහොමහරි කැරම් බෝඩ් එකෙන් කෙල්ලව ගොඩ දාගත්තා. නියමයි !!!
බින්දි,
ReplyDeleteරොබින් හුඩ් 2 මේ.
..........
හසික මල්ලි,
ස්තුතියි.
.......
මධුරංග,
කැරම් ගහන්ට විතරක් යැ, නොකියා ෆෝන් ගැනත් අවබෝධයත් තිබීම වටී
"අනික සිං සිං ගාලා ඉත්තො කපපු මට, පහුගිය ටිකේ ඉත්තෙක් වලට කපනවා කියන එක කොච්චර අමාරු උනාද! පවර් ස්ටීරියන් නැති 1210 ලොරියක් හරෝනවට ඊට ලේසියි."
ReplyDeleteසුභ පැතුම්...!!! දැන් කැරම් ගහනවැයි ඉතිං....
මං නං ගොඩ ගියේ චෙස් ඇදලා..හිකිස්.. :D
ReplyDeleteවවුල්ස් ගෙයි මගෙයි වැඩේ ස්කයිප් එකෙන් චෙස් අදින එක.. එකම එක පාරයි අප්පා පරද්දගන්ට පුලුවන් උනේ...
ඒ වුනාට පස්සෙ දවසක අපි දෙන්න එක්කහු වෙලා කොම්පීතරේට විරුද්දව චෙස් ඇදලා සහයෝගයෙන් දින්නා..වැඩේ අරගෙන ගියේ වවුල්ස් වුණාට.ටාන්තිම මූව් එක මංචි ගානට කිරල මැනල..හිතල මතල නොකිව්වනං...පරදිනවා සිකුරුයි..ඉතින් එදා දින්නාම නං මල් යායක් පිපුණා... :D :D (ඔය යාලු වෙන්න කලින්නුගුරට හොරා බේත් කන කාලෙ නොවැ..හිකිස්)...
එහෙනං චූටි මහත්තයටහ් - නෝනාටත් චිරං ජයතු හොඳේ.. :))
ඇත්තටම මට තෙරුන කතාවක්.
ReplyDeleteනචියා,
ReplyDeleteනැතුව නැතුව..... කැරම් ක්‍රීඩාව එහෙමත් අමතක කලාකැයෑ.
..........
මකුලු පැංචි,
ඔය යාලු වෙන්න කලින්නුගුරට හොරා බේත් කන කාලෙ නොවැ.// මේ කාලෙ තමා ඉටිකිරිම කාලේ නේද!
...........
ලොකු ජෝන්,
ස්තුතියි ලොකු ජෝන්.
බොලේ මම පමා වෙලා නොවැ මේ පැත්තෙ ගොඩ වැදුනෙ... ලස්සන ආදර අන්දරයක්...
ReplyDeleteජය!
ප.ලි- කැරම් ගැහිල්ලෙන් සෙට් වුණ කපල් එකක් ගැන අහැව්වාමයි
තහනම් මාත්‍රාව has left a new comment on your post
ReplyDeleteනොකිවු දෙවල් කියන්න එපා කියල චූටි මහත්තය අයිය මට යුරො දෙකක්ම දුන්න...පොඩියට පොඩියෙ ඔය කතාවෙ විරුද්ද පිලේ කැරම් ක්‍රීඩා කලෙ මමයි....චූටි මහත්තයගෙ නංගි පොඩ්ඩයි........
ඔය උත්සවෙමොකක්ද කියල කිව්වොත්......................?????????????????????
එතකොට ඔය දිව්ල් කඩන්න කෙක්ක ගෙනිච්චෙ මං....යුරො නෙවෙ ඩොලර් වගේ ජාතියක් දෙනවනම් මං තව රසබර සීන් කෝන් ටිකක් යාය හෙල්ලෙන්න
මෙ චූටි මහත්තයගෙ මලයා....
විසිතුරු,
ReplyDeleteමමත් හිතාගෙන හිටියෙ එහෙම තමා.ඒත් අර හර්ෂන කියන්නෙ එයත් හිතාගෙන හිටියෙ එහෙමයි කියලා..
.............
තහනම් මාත්‍රාව
කට කට!
අප්පට!උඹ රෙඩා ගානට පොට් කලානේ??දැන් ඉතුරු ටිකත් ගානට කපා ගනින්!හික්ස්!
ReplyDeleteතව චිරාත් කාලයක් දැහැමෙන් සෙමින් කැරම් ගහන්න ලැබේවා!!
ReplyDeleteහප්පේ ඒ කාලෙ මතක් උනා කොල්ලො!
ReplyDeleteඅනේ වාසනාවං...හදහං සෙට් එකක් බෝඩ් එක හතරවටේටටම් ඉඳන් ගහද්දි උඹලට අප්පුඩි බලන් ඉඳන් සතුටු වෙන්න.
මෙන්න මේකය් එදා වෙච්ච දෙබස.
ReplyDeleteබුද්ධි :- හා...ද????
මැරියන් :- මොකක්ද?
බුද්ධි :- ආ....දන්නෙ නැහැ වගේ අහන හැටි...(කෝලන්)
මැරියන් :- අනේ අය්යා .. මට එක්කෙනෙක් ඉන්නවනෙ..
බුද්ධි :- මලා.....දැන් පොරට මොකද කරන්නේ...??????
ප/ලි.
බුද්ධි එදා කියපු කතාව මැරියන් ගිහින් කීවා එයාගේ අර "අය්යට".
ඌට මේක අහල හිනා ගිය පාරට , මොලේ නහරයක් පුපුරලා එතනම " මර්ගයා" වුනා.
ඊට පස්සෙ..... අපේ බුද්ධිය්...මැරියනුය්.. කසාද බඳිනකන් සතුටෙන් ජීවත් වුනාලු
@ තරැ
ReplyDeleteවැරදියි ! වැරදියි ! වැරදියි !
එහෙම නෙමෙයි උනේ, මෙන්න මෙහෙමයි
මෙන්න මේකය් එදා වෙච්ච දෙබස.
බුද්ධි :- හා...ද????
මැරියන් :- මොකක්ද?
බුද්ධි :- ආ....දන්නෙ නැහැ වගේ අහන හැටි...(කෝලන්)
මැරියන් :- අනේ අය්යා .. මට එක්කෙනෙක් ඉන්නවනෙ..
බුද්ධි :- මාරයි ! ඉතින් හරිනේ....
මැරියන් :- ඒ කොහොම ද ?
බුද්ධි :- ඇයි අනේ මටත් එක්කෙනෙක් ඉන්නවනේ (ඇයි යකෝ එතකොට සමානයිනේ ! කිසිම ප්‍රශ්නයක් නෑ)
අප්පා මේ කමෙන්ට් ටික මම දැනුයි දැක්කෙ,
ReplyDeleteසබිත්,
දැන් රෙඩා පොට් වෙලා.... ඒ හින්දා අවුලක් නෑ. දන්නවද මුලින් රෙඩා පොට් කලොත් ගේම් එක ඕපන් වෙනවා වැඩියි.
.............
තාරක,
එසේම වේවා ඔබටත්...:p
............
ඉන්දික අයියා,
නං ඉත්තො සැට් එකකුත් හදාගෙන නේද ඉන්නෙ.... බෝඩ් එකක් විතරක් නෙමේ ඉත්තොත් ඉද්දි තමා ගති ගියලා දැන් දෙතුන් දෙනෙක් ම කියලා තිබුනා...
.............
තරු,
දෙබස් ඔක්කොම හරි කියමුකො. මොකද්ද මේ කියලා තියෙන කතාව “කසාද බඳිනකන් සතුටෙන් ජීවත් වුනාලු“ . මන්දා මම අහලා තියෙනවා මෙහෙම කතාවක් අද්දැකීම් තියෙන මිනිස්සු ඒවලින්මලු කතා කරන්නෙ කියලා. :DDDD
මටත් කැරම් ගහන්න බැහැ. ලස්සන ගෑණු ළමයෙක් නැද්ද මට කැරම් ගහන්න කියාදෙන්න ?? පස්සේ එයත් එක්ක ජීවිත කාලෙම කැරම් ගහන්න මටත් පුලුවන්
ReplyDeleteමේ මැරියන් නගාද ? වෙන නගෙක්ද ? කලින් එකක මැරියන් නගා ගැන කියලා තිබුනනේ..අර හම්බෙන්ඩ යන්න ගිහින් පස්සෙ බල්ලො බලන්ඩ වුනේ.. මේ සිද්දිය ඊට කලින් වෙච්ච සන්තෑසියක් මගෙ හිතේ..
ReplyDeleteහසිත,
ReplyDeleteතාම නැද්ද රෙඩා පොට් කලේ..
සෙන්නා,
ටැපලිලා වගේ... මේ මැරියනුත් ඒ මැරියනුත් ඇර වෙනත් මැරියන්ලා නැත.
එල කතාව !!!!!!!!!!!!!!!
ReplyDeleteමරු ඈ... නිර්මාණශීලී යෝජනාවක්.. :)
ReplyDelete