මතකයේ ප්‍රධාන ලක්ෂණය නම් අමතක වීමය, මටත් නොසෑහෙන්ඩ අමතක උනාය කියලා අමතක වෙච්ච සිද්ධි ටිකක් මම ගිය සතියෙ කිව්වනෙ.
මුලින්ම මට අමතක උනේ කතන්දර සීයගේ සයිකලේ කඩේ ගාවදි, අනික මැල්වත්තෙ දී. ඒ තාත්තගෙ සයිකලේ. පස්සෙ මැච් එක දිනපු සන්තෝසෙට රැජිනි කාන්ත්ට එයා ගෙනිච්ච ඇම්ජීආර් ගෙ සයිකලේ හේම්පිටින් අමතක උනා.
ඒ සිද්දි ඒ විදිහට ඉවර වෙද්දි, මම ස්ථිර අදිටනකට ආවා අයේ නං කවදාවත් සයිකලෙ නං අමතක කරන්නෙ නෑමයි කියලා.
එහෙම හිතලා වැඩිකාලයක් ගියෙ නෑ, තවත් අන්තිම භයානක සිද්දියක් සිද්ධ උනා මට. ඒකෙ මුල් ටික මම ගිය සතියෙ ඕගොල්ලන්ට කිව්වා. ඒ ටික දන්නැති අය ඒ කොටස කියෝලා ආවොත් තමා මේ කතාවේ නියම මෙව්ව එක ඕගොල්ලන්ට දැනෙන්නෙ. අනික ඒ කොටස කියෝලා එන එකේ අමතර වාසියකුත් තියෙනවා. මොකද කියලා ඕගොල්ලන්ටම දැනගන්න පුලුවන් වෙයි මේ කතාව අන්තිම වෙද්දි!
හරි!
ඔන්න මං දැං ඒ ත්‍රාසය, භීතිය, කුතුහලය පිරිච්ච කතාවේ අන්තිම ටික කියන්ඩයි යන්නෙ.
එදා ඒ කියන්නෙ සෙනසුරාදා සවස මම මාමගෙ සයිකලෙ අරං ඉස්කෝලෙ මැච් එක බලන්ඩ ගියානෙ. ඔන්න එදා දවස ගෙවිලා ගියා.
ඉරිදා උදේ උනා. අම්මා උදේම මට කතා කරලා, මාමලා වැට ලඟ ඉදං මට කතා කරනවා කිව්වා. මට මාර කෙන්තියක් ආවා. ඉරිදා විතරනෙ ටිකක් වෙලා ගත වෙනකම් නිදා ගන්ඩ තියෙන්නෙ.
මම එහෙම්ම බැන බැනා ගියා කුස්සිය පැත්තෙන් වැට ගාවට. මෙන්න මාම මං එනකං බලාගෙන ඉන්නවා වැට ගාව. වාසනා කෙල්ලත් ජංගිකොටේකුයි, හැට්ට කැල්ලකුයි ගහගෙන වැටේ එල්ලිලා මට රවාගෙන ඉන්නවා.
මං බැලුවා මේ පාන්දර මොන මරාලයක්ද මට පාත්වෙන්න යන්නෙ කියලා. දාර තාත්තා කෙනෙකුයි, යස්සනියක් වගේ වස දුවෙකුයි, අහිංසක හා පැටියෙක් වගේ දරුවෙක් හම්බවෙන්ඩ වැට ගාව රැකගෙන ඉන්නවා කිව්වහම උදේ පාන්දර.
“ඊයේ මගේ සයිකලේ ගෙනිච්ච ද පුතේ?” මාමා මාව දැක්ක ගමන් ඇහැව්වා. මාමා විකාර කතා කරනවා ද මන්දා මේ උදෑසන.
“මොන සයිකලේද?” මම එක එල්ලෙ ඇහැව්වා.
“මගේ සයිකලෙ...... මේ වාසනා කියන්නෙ පුතා ඊයේ හවස එයාගෙන් ඉල්ලන් ගියයි කියලා.....“
“මම..... නෑ.....“
“නැත්තෙ මොකෝ...... උයා ඊයේ හවස මගෙන් ඉල්ලං ගියෙ....” වාසනා කෙල්ල මට රැව්වා.
“දෙවියන්ට ඔප්පු වෙච්චාවේ...... ගෙනිච්චා නේන්නම්......” මට උදේ තරු පෙනුනා. වාසනා කෙල්ල මගේ ඔලුව වටේ පියාඔන පැණි කුරුල්ලොයි, කොම්බුයි දිහා බලාගෙන මෙහෙම කිව්වා.
“ ආ..............ඒකනෙ තාත්තෙ මං කිව්වෙ...... චුටි මහත්තයා අයියා ගෙනිච්චා කියලා........”
ඔන්න ඔය වෙලාවේ මගේ මොලේ වැල් කරක් වගේ දියවෙලා යන්ඩැති. මට කිසිම දෙයක් හිතාගන්ඩ බැරිඋනා.
“ආ...............ඔව්මනේ...... ඊයේ මං ඔයාගෙන්මනේ ඉල්ලංගියේ නේද? පොඩ්ඩක් ඉන්ඩ මං අරං එන්නං” ඔය ටික කිව්වෙ මගේ ඉටු දෙවියා වෙන්ටෝන. මොකද ඒ වෙද්දි මගේ කටේ කෙල හිදිලා මොලෙත් එක්ක මඥ්ඤං වෙලා තිබුනෙ.
දැං මං දහ අතේ කල්පනා කලා සයිකලේ කෝ කියලා. මං ඊයේ නිදා ගත්තු වෙලාවේ ඉදං ආ පස්සට කල්පනා කලා. හරිනේ....! සයිකලේ ඉස්කෝලෙ පිටිපස්සෙ වැට මායිමේ පලු ගහ යට නැවැත්තුවා කියලා මට මතක් උනා. දැං මං සයිකලේ ගේන්ඩ ඉස්කොලෙ ගාවට යන්ඩොන. එතන සයිකලේ තිබ්බොත් හොදයි. එහෙම උනොත් වටෙන් අරන් ඇවිල්ලා ගෙදර ඉස්සරහා තිබිලා ගෙනාවා වගේ “ආ.... මාමේ” කියලා දුන්නැකි.
හැබැයි මට එච්චර වෙලාවක් නෑ. මට තියෙන වෙලාව ගනං කලොත්, මට තියෙන්නෙ ගේ ඉස්සරහට ගිහිල්ලා සයිකලේ අරගෙන එන වෙලාව විතරයි. හැබැයි මේ මොනා කරන්නත් පුලුවන් වෙන්නෙ සයිකලේ පලුගහයට තිබුනොත් විතරයි. නොතිබ්‍බොත් මං ඉවරයි!
ඉතිං මම දෙපාරක් හිතුවේ නෑ. පිටිපස්සෙ බවුමට පැනලා මාමලාට පේන්නැති වෙන්න දිව්වා ඉස්කෝලෙ වත්තට.
අප්පා මොන දිවිල්ලක්ද? මං නැගිට්ටා විතරනෙ. මං නැගිට්ටට මගේ ඇඟ තාම නිදි! ඇගේ එක මස් කෑල්ලක් වත් හරියට වැඩකරන්නැ තාම. ඒවා නිකං වැඩ කරන්නෙ මට අරියාදුවට වගේ. ටිකක් දුර දුවද්දි මට තේරුනා දනිස් ඇටේ හයිකරලා තියෙන බෝල් ජොයින්ට් එලියට පැන්න කියලා. දැං දනිස් වැඩකරන්නෙ හරස් අතට. ඒවයින් කඩ ඇනේ බුරුල් වෙච්ච කරත්ත රෝදයක් වගේ කිරි කිරි සද්දයක් එනවත් එක්ක. මාංසපේසී ගැන නං කතාකරලම වැඩක් නෑ. ඒවා එකින් එක හිරවෙන්ඩ ගත්තා. ටිකකින් හැම දේම එකට මූට්ටු වේගෙන එනවා වගේ දැනුනා. මුට්ටු උනාම එහෙට මෙහෙට ඇදෙන්නැනේ. ඉතිං මගේ කකුල් අතපය සේරම හිර උනා. වැඩියම විලුඔවල් දෙක. ඒවා නිකං වැඩ කලේ බල නහරෙට ඇණ ගහලා තියෙද්දි වගේ. කකුල බිම වදිද්දි රිදෙනවා කියන්නෙ........
ඒත් මම හිතේ දහිරියෙන් දුවන්න යද්දි මස් පෙරලෙන්ඩ වගේ ආවා. මේ වෙද්දි මගේ හදවත පපුවෙන් ගැලවිලා බඩට වැටිලා තිබුනේ. ඒක ගුඩුපොල් ගෙඩියක මදේ වගේ “චල් චල්” ගගා මං දුවන වේගෙටම ඇතුලෙ කැලැත්තුනා. ඔය අව් අස්සෙ කව්රු හරි මගේ බෙල්ල මිරිකගත්තා. “අත ඇරපං යකො!” මං කෑ ගහලා පස්ස බැලුවා. ඒත් මොකෙක්වත් නෑ. මං දුවන දිවිල්ලට ගැලපෙන ගානට ඔක්සිජන් දෙන්ඩ නහයෙ හිල් දෙක මදි වෙලා, ඒ හින්දා හුස්ම හිර වෙච්ච හින්දයි, බෙල්ල හිර වෙලා කියලා වැරදි නිගමනේකට මම ඇවිල්ලා තියෙන්නෙ. “කටින් හුස්ම ගනින් යකෝ” මගේ හිත කිව්වා. ඒත් කට කියන්නෙ මොකද්ද, අමාරු අවස්ථාවකදී ඒකෙන් හුස්ම ගන්නෙ කොහොමද කියලා ඒ වෙද්දි මට අමතක වෙලා තිබුනේ.
ඔය දේවල් ඔහොම වෙද්දි මට ඉස්කොල මායිමේ පලු ගහ යටට ඇවිල්ලා තිබුනා.
අවාසනාවක මහත!
සයිකලේ එතන තිබුන්නැ. මේ වෙද්දි මගේ මොලෙන් වැඩක් නැති වෙලයි තිබුනෙ. එක දියවෙලා වගේ. අනික දුවගෙන ආපු දිවිල්ලට ඒක කකුල් වලට බහින්න ඇති. දැං මාව පාලනය කලේ මගේ කකුල්. මං කකුල් දෙක හැරුනු අතේ ගියා. කකුල් දෙක ගියේ වැටෙන් රිංගලා ඉස්කෝලෙ අස්සට.
මං පිට්ටනිය මැදින් ඉස්කෝලෙ ඉස්සරහට දුවන්න ගත්තා හරියට වතුර දැකපු පිස්සු බල්ලෙක් වගේ. ඒ වෙද්දි මගේ කකුල් දෙක බෙර කොටන් දෙකක් වගේ බර වෙලයි තිබුනෙ. කොහොමහරි ඉස්සරහට යද්දි මම දැක්ක දෙයින් පුදුම උනා. ඉස්කෝලෙ වැටට මෙහායින් තිබුනු ඇහැල ගස් පෝලිමෙන් එකක මගේ සයිකලේ හේත්තු කරලා තිබුනා.
මට ඒක දැක්කා විතරයි යකා නැග්ගා.
“කොහෙද යකො උඔ මෙතෙන්ට වෙලා ඉන්නෙ ගෙදර යන්නැතුව” ම බයිසිකලේට බැනලා හැඬල් එකෙන් අල්ලලා ඒක ඇද්දා. මොන ඇඳිල්ලක්ද? බයිසිකලේ ඇහැල කඳට අල්ලලා කව්රු හරි තඩි දංවැලක් දාලා ඉබ්බෙකුගෙන් ලොක් කරලා. ෂුවර් එකට මුරකරන “සුදා මාමා” වෙන්ඩොන.
මට ඒවයින් වැඩක් නෑ. මේක මගේ සයිකලේ වෙච්චි. කව්රුත් මොකටද මේකට දංවැල් දාන්නෙ. මං කොහොමහරි සයිකලේ ගෙදර ගෙනියන්න ඕනැ. මාමා තාම වැට ලඟද කව්ද දන්නෙ. අනික වාසනා කෙල්ල කට ඇරියොත් මං සුම්මා.
අර කව්දත් කියලා තියෙනවලු හදවතයි බුද්ධියයි එකලඟ තියන්න එපා කියලා. මොකද ඒ දෙක හැප්පුනොත් හදවත දිනනවලු. එතකොට බුද්ධිමත් තීරණෙකට එන්න බැරි වෙනවලු. හැබැයි මොන තීරණෙ ගන්නත් ඔය දෙකම ඒ වෙද්දි මට නැති වෙලා තිබුනෙ. මොකද මම දිව්ව දිවිල්ලට හදවත තිබ්බෙ බඩේ. මොලේ කකුල් වලට බැහැලා. එතකොට බුද්ධිය මොන ලෝකෙ තිබ්බද මං වත් දන්නැ. ඒ හින්දා දැං මම මොකක් කරන්ඩ ද කියලා හරි තීරනේකට එන්ඩ බැරුව මොහොතක් හිටියා.
දැං වැඩක් ගන්ඩ පුලුවන් කෑල්ලකට කියලා මගේ ඇගේ ඉතිරි වෙලා තිබුනේ ඇස් දෙක විතරයි. ඉතිං මං ඒකෙන් වැඩක් ගත්තා. වටපිට බලලා ඉස්කෝලෙ ගේට්ටුව හදන්ඩ ගෙනාපු කොන්ක්‍රීට් ගල් ටිකක් අරං ඉලක්කෙ අල්ලලා ඉබ්බට ගැහුවා පුල් ඩම් එක දාලා. ඉබ්බගෙ ඉරිගියා ඇරෙන්ඩ වැඩක් ඇති දෙයක් උන්නැ. පස්සෙ පොල්ලක් ගෙනල්ලා ඉබ්බගෙ මැදින් දාලා ඇල්ලුවා. ඉබ්බා නිකං යකඩෙන් හදලා වගේ හෙල්ලෙන්නෙවත් නෑ. ආ..... ඉබ්බා කොහොමත් යකඩනේ!
කොහොම හරි ඔය එකකින් වත් වැඩක් ඇති දෙයක් උනේ නෑ!
හැබැයි වෙලාවනං යනවා ඕසෙට. මේ උදේ පාන්දර මේ ලොකේ කව්රුත් මං වගේ අසරණ වෙලා නැතුව ඇති මේ විදිහට. හිතන්ඩකො උදේ පාන්දර කඩවසම් කොලු ගැටයෙක් පුංචි ඉබ්බෙක්ට ගල්වලින් ගගහා ඒක කඩන්ඩ හදනවා. ඔය වෙලාවෙ මට හිතුන දේවල් ඕගොල්ලන්ට කිව්වොත් ඕගොල්ලන්ට ඇඬෙයි. ඒත් මං එකක් විතරක් කියන්නම්. මේකත් මං මෙච්චර කල් රහසක් හැටියට තියාගත්තා. අර ඕගොල්ල හින්දා මම මේකත් කියන්නෙ.
මං හිතුවා මෙහෙම්ම ගමෙන් පැනලා ගිහිං කොහෙට හරි වෙලා රස්සාවක් කරන්න. ඔය සමහර කතන්දරවලත් ඕනැ හැටියෙ තියෙන්නෙ ගමෙන් පැනලා ගිහිං හරි ගිය මිනිස්සු ගැන. කොහොමහරි කාලයක් යද්දි මං හොඳ සල්ලිකාරයෙක් වෙලා ගමට එනවා මුණ පුරා රැවුල වවාගෙන. එතකොට කාටවත් අඳුරගන්ඩ බෑනේ.
ඒත් මට ඒකවත් ඒ වෙලාවේ කරගන්ඩ බැරුව ගියා. මොකද මං මෙ ඉන්නෙ නැගිට්ට ගමන්. තාම දත් මැදලත් නෑ. මුණු හෝදලත් නෑ. අනික රෑට අදින කලිසම පිටින් කොහොමද නගරෙට යන බස් එකකට උනත් ගොඩවෙන්නෙ.
ඒ හින්දා ඒ අදහස අත්ඇරලා කොහොමහරි මෙතනින් මේ සයිකලේ ගලෝගන්න විදිහක් මම කල්පනා කරා.
ආන්න එතකොට තමා ගේට්ටුව බදින්න ගෙනාපු දාර කලුගල් ගොඩ මගේ ඇස් දෙකට පේන්න ගත්තෙ. ඒක දැක්ක ගමන් මගේ මතකෙ දිව්වෙ සිකුරාදා හවසට.
සිකුරාදා හවස් වරුවේ ඉස්කෝලෙ ඇරෙන්න කිට්ටු වෙලා තියෙද්දි එක පාරට “ක්‍රී........” ගාලා දත් හිරිවැටෙන සද්දයක් පාර පැත්තෙන් ආවා. මම ඇස් දෙක අකුලලා ඥාණතිස්ස දිහා බලපුවාම මිනිහා කිව්ව “ඉස්කොලෙ ගේට්ටුව හදන්න මාමලා ඇවිල්ලා” කියලා.
අපි ගල් කඩනවා දැකලා තිබුනට ගල් කපනවා දැකලා තිබුනෙ නෑ. ගේට්ටුව හදන මාමලා ඒක හදන්නෙ අලුත් ක්‍රමේකටලු. ඉතිං ඒකට මුලින් ම කරන්න ඕන එක එක හැඩේට තියලා ගෙනාපු ගල් කපන එකලු. ඉතිං මම අපේ ටීචර්ලාට යෝජනාවක් ගේනවා, “ඒ මාමලා ගල් කපන හැටි පෙන්නන්න අපිව එක්කන් යන්න” කියලා. ටීචලා කිව්වා “ඒවා පොඩි ළමයි ඉගෙන ගන්න ඕන දේවල් නෙමේ. ඒවා ලොකු අයගේ වැඩ“යි කියලා. අනික ගල් මැසිමෙන් ගල් කපද්දි විසිවෙන කෑලි අපේ ඇස් වල වැදුනොත් කම්මුතුයි කියලා ඒ ගොල්ල අපිව බයත් කලා. ඒත් අපි රිළව් රැලක් වගේ පන්තියෙ දැලේ එල්ලිලා මාමලා ගල් කපන හැටි බලාගෙන හිටියා.
ඉතිං මං දෙපාරක් හිතුවෙ නැ. කෙලින්ම ගියා ගල් ගොඩ ගාවට.
පස්සෙ එතනින් හොඳට කැපිච්ච හොඳට බර තියෙන දාර ගලක් ගෙනල්ලා ඉබ්බට අත ඇරියා දේයි ගාලා. ඉබ්බගෙ වෙනසක් උන්නැ. හැබැයි දම්වැල ඇද උනා. මම ආය කලුගල අරං දෙතුන් පාරක් අර ඇදවෙච්ච දම් වැලට ගහද්දි ඒක පාස්සපු තැනින් කැඩුනා.
මං සුටුස් ගාලා දම්වැල පන්නලා සයිකලේ ගත්තා. පස්සෙ ඒක අරං ඉස්කෝලෙ පිටිපස්සෙන් ගෙදර අරං ගියා.
දැං ඕගොල්ල අහන්ඩෙපා මම සයිකලේ පැදගෙනද ගියේ, තල්ලුකරගෙනද? වහලා තියෙන ගේට්ටුවෙන් පාරට සයිකලේ ගත්තෙ කොහොමද වගේ ප්‍රශ්ණ. මොකද මට ඒවා මුකුත් මතක නැ. මතකනෙ, ඒ වෙලාවෙ මගේ මොලේ කකුල් දෙකට බැහැලා තිබුනෙ. මං දන්නෙ මං ගෙදර ගියා කියලා විතරයි.
පස්සේ මං මාමටවත් වාසනා කෙල්ලටවත්, අඩුම ගානේ අපේ ගෙදර කට්ටියටවත් තේරෙන්නැති වෙන්ඩ හේතු ගොඩක් කිව්වා මේ පරක්කුව ගැන. වැඩේ කියන්නෙ මට ඇත්ත කියන්ඩත් බෑ. බොරු කියන්ඩත් බෑ. මොකද මම බොරු කියන එක අතඇරලා දාලා ගොඩක් කල්නෙ. ඉතිං මං කලේ අග මුලවල් පටලලා ඒගොල්ලන්ට සිද්දිය කිව්ව එකයි. එහෙම කරද්දි මටත් අන්තිමට මඤ්ඤං තත්වයක් වගේ ආවා.
කොහොම හරි අපේ මාමට කුඹුරෙ වතුර බදින්ඩ තිබ්බ හින්දා වැඩිය කතාව දිග්ගස්සන්නැතුව සයිකලේ අරං ගියා. ඒත් වාසනා කෙල්ල නං මට රව රවායි ගියෙ, මොකද උන්දැට බැරුව ගියානෙ මට පාඩමක් උගන්නන්න.
ඔන්න ඊට පස්සෙ තමා මට සැහැල්ලුවක් දැනුනෙ.
මට නිකං පාවෙනවා වගේ ගතියක් දැනුනා.
මං කියනවට ඕගොල්ලම පොඩ්ඩක් හිතලා බලන්ඩ. මීට ටික වෙලාවටක කලින් මම හොඳට නිදි. පස්සෙ බල්ලෙක් වගේ දිව එලියට දාගෙන ඉස්කෝලෙට දිව්වා. පස්සෙ පොඩි කලුගල් කෑලි, දාර කලුගල් එක්ක ඔට්ටු උනා. මගේ හදවත බඩට වැටුනා. මොලේ කකුල් වලට බැස්සා. අන්තිමේ හැමදාම වගේ මම දින්නා. බලන්ඩකෝ නේද, කර්මය කියන එක ගොනා පිටිපස්සෙ එන ගැල වගේ පන්න පන්න එන හැටි විතරක්!
මේ ඔක්කොම හිත හිත මම උදේම ගිහිං මේ සේරම හේදිලා යන්ඩක් එක්ක නාගත්තා.
පස්සෙ කතන්දර සීයා ගෙනල්ලා, අම්මා උනුකරලා, ආච්චි නිවලා දුන්නු එළකිරී කොප්පෙ මං අතට ගත්තෙ කවදාවත් නැති සැහැල්ලුවකිනුයි, සතුටකිනුයි.
ඒත් අනේ ඕගොල්ලන්ට කියන්ඩ, මට බැරි උනානේ වීදුරුවෙන් උගුරු දෙක්ක නිවී හැනහිල්ලෙ බීලා දාන්ඩ. එක බිව්වා කියමුකො. දෙවෙනි එක ගද්දිම “බොහ්ක්ස්.....” ගාලා ඉස්පොල්ලෙ ගියා!
මං දැක්කා අපේ ගේට්ටුව ගාවට කව්දෝ ඇවිල්ලා කතන්දර සීයට කතා කරනවා. මමත් ඔලුව දාලා නිකමට බැලුවා ඒ පාර කව්ද සයිකල් ඉල්ලගෙන අපේ ගෙවල් වලට එන්නෙ කියලා. මොකද මට මතක නැතුව මම තව කාගෙ කාගෙ සයිකල් අරං ගිහිල්ලද කව්ද දන්නෙ...!
ඒ ආවේ කව්ද කියලා ඒගොල්ලන්ට හිතාගන්න පුලුවන්ද?
ඕගොල්ල හිතුවා හරි! ඒ තමා අපේ ඉස්කෝලෙ මුර කරන සුදා මාමා. එයා ඇවිල්ලා උදේම මගේ දුක සැප බලලා යන්ඩ. අර මගේ හිත පොඩ්ඩක් ගැස්සුනේ එයාගෙ දකුනු අතේ එල්ලි එල්ලි තියෙන දේ දැක්කම.
එයාගෙ අතේ එල්ලි එල්ලි තිබුනේ කව්රු හරි මොකක් හරි හදිස්සියකට කඩලා දාපු දම්වැලකුයි, ඒකෙ කොන් දෙක එක්කහු කරලා දාලා තිබුනු ඉබ්බෙකුයි.
නිමි.
..........................
මීට යුරෝ දෙකේ වීරයා
ප/ලි-
මට ඕන්නං මේ කතාවේ ඊලඟ කොටස හැටියට සුදාමාමාත් එක්කලා නඩුවටක පැටලුනු කතාව දාන්න පුලුවන්. ඒත් ඒ කතාව අයිති වෙන්නෙ අමතක වීම ගැන කියවෙන කතාවකට නෙමේ. ස්ථානෝචිත ප්‍රඥාව හෙවත් තැනට සුදුසු මෙව්වා එක කියන කතාවකට.
ඒ හින්දා හොඳ වෙලාවට මට ඒක දාන්න ඕනැ වෙන්නැ.
මේ තියෙන්නෙ එදා මම දිව්ව ගමන් මාර්ගයි ඒ අවට තිබ්බ දේවලුයි දැක්වෙන සිතියම. ඔය රතුපාට කඩ ඉරි වලින් තියෙන්නෙ මං දිව්ව ගමන් මාර්ගය. ඒක මං දුවනව පේන්නැත්තෙ මේක එකට පනස්දාහ පරිමාණෙට කුඩා කරලා හින්දයි.
ප/ප/ලි-
හරි මේ කතාව කියෝලා ඉවර වෙද්දි ඕගොල්ලන්ට මොකද හිතෙන්නෙ. සමහරුන්ට චූටි මහත්තයා ගැන ගොඩක් දුක හිතෙන්ඩ ඇති නේද? සමහරු නං දැං මේක කියෝලා භාව කම්පනයකට ලක් වෙලා ඇති. ඇයි එච්චර විශිෂ්ටයිනෙ මගේ කතා කීමේ හැකියාව.
මොනා උනත් කමක් නෑ. අපි ඒ ඔක්කොම අමතක වෙලා යන්ඩ පොඩි සෙල්ලමක් කරමු.
මේ තියෙන්නෙ ඒක.
ඕගොල්ලන්ට තියෙන්නෙ චුටි මහත්තයට වාසනා කෙල්ලගෙනුයි, එයාගෙ තාත්තාගෙනුයි, සුදා මාමගෙනුයි බේරිලා සයිකලේ ගාවට යන්න හරි පාර පෙන්නලා දෙන්නයි.
(විශේෂයකට කියන්න තියෙන්නෙ මේක විදෙස් සිත්තරා ඇන්දෙ මවුස් එක උපකාරයෙන් නෙමේ. මේක සිත්තර අඳින අලුත් ක්‍රමයක පළමු අත්හදා බැලීම.)
ඈ මේ මොකද්ද අයියේ....
ReplyDeleteමං කියනවට අයියා දෙවෙනි පාරේ ගිහිං බලන්න
2
ReplyDelete:D
ReplyDeleteඅපි වෙන වැඩක් කරන්නේ නැද්ද .මේවගේ කතන්දරයක් දැක්කම කියවන්නම හිතෙනවා . ඒ මදිවට බින්දු පත්තරේ වගේ පාර සොයන සෙල්ලම් . පාර අංක 2 මගේ උත්තරේ . මොකක්ද ඔය අලුත් ක්‍රමේ . අපිටත් කියන්නකෝ. දැන් මොලේ සහ හදවත හරි තැන් වලට ඇවිත්ද . චුටි මහත්තයාගේ කතා අහල නම් හිනා වෙලා පන යනවා .
ReplyDeleteහිකිස් ! ඔයින් ගියා මදැයි.. බයිසිකලේ වෙන කවුරුහරි ගෙනිහින් තිබ්බනම් .. ලොකු අයියගෙ අනාගතෙම පාරෙ තමයි !
ReplyDeleteටීචර්ලා හරි තීරනයක් අරන් තියෙන්නෙ.. පොඩි ලමයි ඔය ඕනි නැති දේවල් බලන්න ඕනි නැහැ කියල !
මට පෙනෙන්නෙම ඔය අංක 4 පාර විතරමයි නෙ !
හොඳ වෙලාවට චූටි මහත්තයගෙ හදවතයි බුද්ධියයි එකළඟ තිබුනෙ නැත්තෙ.
ReplyDeleteකතාවනං නියමයි බුද්ධි. ඉතිං ඊට පස්සෙ සයිකල් අමතක උනේ නැතෙයි.
ප.ලි. චිත්‍ර ටිකත් ලස්සනයි.
පාර තෝරන්න කලින්ම කියන්නන්කෝ, චුටි මහත්තයා නෑ නෑ විදෙස් සිත්තරා මේක ඇන්දෙ බුද්දිය කකුලට බැහැල හිටපු වෙලෙද කියල? නැත්නම් පාර හොයලත් වැඩක් නෑ නේ..
ReplyDelete2
ReplyDeleteඋඹේ මොලේ එදා පහලට බැස්ස බැස්සමයි තාම නෑ නේද නිසි පිහිටීමට ආවෙ ???
ReplyDeleteප.ලි.
මම හිතන්නෙත් 2වනි පාර තමයි පාර
මම නම් හිතන්නෙ 2 පාරෙ ගියොත් හරි. ඒත තරලා තියෙන වැඩේට යවන්න වෙන්නෙ 4 පාරෙ.
ReplyDeleteටක්කෙටම හරි 4 වෙනිපාර, වැරදිලාවත් වැරදුනොත් ආයෙත් මුලට ඇවිල්ල 3 වෙනි පාරේ දුවපන් කොලුවෝ එත් බැරිඋනොත් නිකමට වගේ 1 වැනි පාරේත් දුවල බලපන්...
ReplyDeleteඕනය හරි ඕනය
ReplyDelete2වනි පාර තමයි
ReplyDelete4 නේ ඒ පාර ශෝයි.........,
ReplyDeleteමට ඉස්සෙල්ල කවුරු කොහොම කියල තිබ්බත් මං නං හිතන්නෙ චූටි මහත්තය අයිය යන්න ඔනෙ ඔය දෙවෙනි පාරෙයි කියල.
ReplyDeleteකොහොමත් මං දන්නව ඔයා මොලේ හොඳට පාවිච්චි කරන ළමයෙක් විත්තිය. ඔයා මේ වෙනකං කියල තියෙන කතා වලින් ඒක පහැදිලි වෙනවා. එදා දුවපු දිවිල්ලට මොලේ පහලට බැස්ස කිව්වට මට නං හිතෙන්නෙම එදා මොලේ ඔයා එක්ක ඉස්කෝලෙ වත්තට දුවලා නෑ. බය වෙච්ච තරමට මොලේ ගෙදර නවතින්න ඇති. මොකද මටත් ඔය වගේ අද්දැකීම් තියෙනවා. ඒ කියන්නෙ මොලේ ගෙදර නැවතිච්ච වෙලාවල්.
http://www.youtube.com/watch?v=Aq-pXqmZipI
ReplyDeleteඔන්න ඕකෙ පෙන්නන කෙල්ල වෙනුවට රේල් පාරෙ ගියා නං ඒක තමා හරි පාර
//මොකද මම දිව්ව දිවිල්ලට හදවත තිබ්බෙ බඩේ. මොලේ කකුල් වලට බැහැලා. එතකොට බුද්ධිය මොන ලෝකෙ තිබ්බද මං වත් දන්නැ.//
ReplyDeleteබුද්ධියලුනේ දිව්වේ....:D
ඔය ඔන පාරක ගිහින් ඒක අර කා ගාවින් හරි ඉවර වෙනවා වගේනං ලගම තියෙන හන්දියෙන් අනිත් එකකට මාරු වෙලා ගියාම ඉක්මනටම ගියෑකි බයිසිකොලේ ගාවට...
ReplyDeleteබුද්ධියෝ චිත්‍රත් නැගලා යන එකේ පොඩි උන්ට කියවන්න ඇහැකි පුංචි පුංචි කතා පොත් වගේ ලිවිල්ලකට අත ගහපං... ආයේ ඉතිං ගොඩම තමා...
4 න් ගිහින්, එයාටත් කතාකරල (මොනව උනත් නංගි නෙ! ) ශේප් එකක් දාගෙන යන්න :P
ReplyDeleteමමත් ගියා දෙවෙනි පාරේ,,මේ දැන් ඔය හදවත කොයි හරියෙද,,මොලේ කොයි හරියෙද තියෙන්නේ
ReplyDeleteදෙවෙනි පාරෙන් ගියහම හරියට ගානට මිම්මට සයිකලේ ගාවට ගියෑකි. ඕන් නම් ටෙස් කරලා බලන්න.
ReplyDeleteමමත් එක පාරටම පාර හොයාගත්ත. :D
ReplyDeleteකතාව නම් සුපිරි. කියවන් යනකොට මගෙ යටි හක්ක බඩේ වැදුන, තව පොඩ්ඩෙන් හක්ක බිමටම වැටෙනව. :D :D :D
සිරාවටම එල කතාව...ඊට වඩා සිරා,,උඹේ චිත්‍රය. මටත් මාර ආසයි බන් ඔය වගේ අන්ඳින්න, දීපන්කො හෙලුප් එකක්.....හෙහ් හෙහ්..
ReplyDeleteබුද්ධි මාමේ,
ReplyDeleteඔයාගේ චුටි මහත්තයෑ කතා හරි ෂෝක්. එයාට පුදුම වැඩනෙ වෙන්නේ!
ඒක නෙමේ, බුද්ධි මාමේ, මාම පුංචිත්තව ජනප්‍රිය කරන්න අර උඩින්ම දාල තියෙන බැනරයට ගොඩාරියක් ඉස්තූතියි. ඔයා ඒක ලස්සනට නිර්මාණය කරලා තියෙනවා.
ඔයා කැමතිද පුංචිත්තගෙන් අභියෝගයක් බාර ගන්ඩ. ඔයා මෙච්චර දවසක් පුංචි ඇයින්ගේ ඇසින් කතන්දර ලිව්වේ ලොකු මාමල, නැන්දලටනේ. දැන් ඔන්න පුංචි ඇයින්ගේ ඇසින් පුංචි ඈයින්ටම ලියන්න පුංචිත්තගෙන් අවස්ථාවක්. මං හිතන්නේ ඒ අභියෝගය බාර ගන්න ඔයා කැමති වෙයි. ඉතින් ඔයාගේ ඊ මේල් ලිපිනය ඉක්මනින්ම පහත පුස්සදේව යෝධයාගේ නමින් තියෙන ඊ මේල් ලිපිනය වෙත යොමු කරන්න. මේ බුද්ධි මාමගේ බ්ලොග් එක කියවන, පුංචිත්තට ලියන්න කැමති තව නැන්දල මාමල ඉන්නවනං ඒ ගොල්ලොත් තමන්ගේ ඊ මේල් ලිපිනයන් එවන්න. පුංචිත්ත ලෑස්තියි අවස්ථාව දෙන්න.
phussadeva@gmail.com
අපි බලාගෙන ඉන්නවා, බුද්ධි මාමේ.
මරු මරු...
ReplyDelete:ඩ්ඩ්
මේ දවස් වල හරිම බිසි බැවින් උත්තර ලියන්න කල් යයි වගේ....
ReplyDelete.........
පුංචිත්තා,
මගේ ඊ මේල් එක cyberlipi@gmail.com වැඩි විස්තර නිවාඩුව කතා කරමු. යෝදයගෙ ලියුම් මල්ලටත් මම මේ එක්කම ලියමනක් දාන්නම්
හපෝ... ඉල ඇදිල රිදෙනව බං. හරිම අසරණ මදාවි කොළුවෙක් තමයි මට මතක් උනේ මේක කියවාගෙන යනකොට. අර දුවනකොට දැනිච්ච දේවල් නම් මරේ මරු.
ReplyDelete2
ReplyDeleteහතර වෙනි පාරෙන් යන්ඩ බුද්දයයියා ! බයිසි කලේ නොලැබුනත් ඊට වඩා වටින දෙයක් ගන්ඩ හැකියි හිකි හිකි
ReplyDeleteඅඩේ සයිබරයාය මාර රසයි නේ ! මම මේ කියෝන ගමන්
2 වනි පාරෙන් යමු නේද චූටි මහත්තය...
ReplyDeleteහදවතයි බුද්ධියයි එක ලඟ තියන්න එපා කියන එක තමයි පට්ටම කෑල්ල...
"සමහරු නං දැං මේක කියෝලා භාව කම්පනයකට ලක් වෙලා ඇති. ඇයි එච්චර විශිෂ්ටයිනෙ මගේ කතා කීමේ හැකියාව." - අම්මප සහතිකයි..
ReplyDeleteපාර හොයලා කියන්න කිව්ව හින්දම (පහ වසරෙන් පස්සෙ මයෙ හිතේ) ඔන්න හෙව්වා. දෙකේ යන්න ගොඩ ගියෑකි...
සුපිරි..........
ReplyDeleteඇත්තටම මමනම් මේ ලිවීමේ හැකියාව ගැන භාව කම්පනයට ලක් වෙලා ඉන්නෙ. එච්චරට විශිශ්ඨයි. උඹව මුරුන්ගා අත්තෙ යවන්ඩ කියනවා නෙමේ, ඇත්තටම මරේ මරු..
ReplyDeleteඅර පොත, මතකයි නේද ?