අපි උඩ ගොස් බිම වැටුනෙමු. කළ යුත්තෙ කුමක්දැයි සිතා ගත නොහැකි වූ අපි ඇඳන් මතින් බිමට පැන්නෙමු. උදේ තේ වෙලාවද? නැත. තවමත් මැදියම ගෙවී හොරා කිහිපයක් පමණක් ගෙවී ගොස් ඇති බව මට හැඟිණි. මම ඔරලෝසුව බැලුවෙමි. දෙකයි තිස් අටයි. පසුදින අප මාසික වේතනය ගෙන, දින හයක නිවාඩුවට නිවෙස් බලා යාමට සිටි නිසා පුහුණුකරු අපට අධික ලෙස ව්‍යායාම කරවා අප වෙහෙසට පත් කලේ, “දවස් හයක් තිස්සෙ උඔලා පුස් ඌරෝ වගේ කාලා එන්නෙ...