2012/01/28

අද කාටූන් - 03 - සඳරු හා මිතුරු මලිත් පිටගම්කාරයින්ට හොඳවයින් පාඩමක් උගන්වයි !

අපිට මේ විරෝදාර තරුණයන් දෙන්නා ගැන දැන ගන්න ලැබුනෙ මේ සතිය මුලදීම වගේ. ගමකට පිටින් ආපු කව්රුත් ගමේ කොල්ලන්ට හයිරං පෙන්නනවා කියලා අපි අහලා නෑ. එහෙම පෙන්නුවොත් ගමේ තරුණයොත් නිකං ඉඳීවියැ. අපේ සඳරුලත් එදා කරල තියෙන්නෙ ඒ වගේ වැඩක්. ඕගොල්ලත් ත්‍රාසය, භීතිය, කුතුහලය පිරිච්ච ඒ කතාව කියෙව්වද? මේ තියෙන්නෙ ඊට අදාල රූප රාමු.


තමන්ගෙ ගම තමන් රැක ගන්නැතුව වෙන කව්රු රැක ගන්නද? ඕගොල්ලත් අදම හිතට ගන්ඩලා සඳරු පුතා වගේ ගමට ආදරේ කරන දරුවො වෙන්ඩ!


ඔන්න ඔහොමලු උනේ! එහෙනම් අදට කතාව ඉවරයි. තවත් කාටුන් එකකින් හමුවෙමු.

.....................
-මීට විදෙස් සිත්තරා.

ප/ලි -
මේ සිතුවම නිකමට අප්ලෝඩ් කරලා ටැස් කිරීමකට ලක් කරද්දි, පොඩ්ඩක් ඇදිලා වගේ පෙනෙන්ඩ ගත්තා. ඒක දැං නෑ මගෙ හිතේ. කාටහරි මේ සිතුවම අසාමාන්‍ය විදිහට ඇඳිලා වගේ පේනවානම් මට පොඩ්ඩක් කියන්ඩ හොඳේ.

63 ක් කියන්නේ !:

  1. 1. ඔය දෙවෙනි කොටුවේ උඩ විසිවෙන නිල්පාට බාටා දෙක කාගේද?

    2. නහය කැඩුණු එකා නහයෙන් කතා කරනාවා දැම්ම නං හොඳයි නේද?

    3. මං හිතුවේ සඳරුවා අඳින්නේ ෂෝට්ස් කියායි!

    ReplyDelete
    Replies
    1. 01. ඒක සඳරුගෙ
      02.ඒක හොඳ යෝජනාව..... මට ඒක මතක් උනේ නෑ.
      03. මමත් එහෙමයි හිතන්නෙ.... ඒ උනාට පොරට හොඳටම කැපෙන්නෙ සරම් :P

      Delete
  2. අප්පට සිරි.. ලෙසටම කාල තියෙන්නෙ..

    ReplyDelete
  3. හික් හික් එළ... බලු කූඩුවේ ඉන්න එකකුත් ඇන්දනං එළ......

    ReplyDelete
  4. අයියෝ සඳරුවාගේ සරම! :D

    ReplyDelete
  5. සඳරුව සරං අඳින්නෙ නෑ කියල කිවුව නේද?
    සිත්තරේ නං නියමයි..

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා අඳිනවා අයියන්ඩි

      Delete
  6. මෙ අර ජනවාරි පලවනදා කතාව නේද ?

    ReplyDelete
  7. ගහන්න ඉස්සෙල්ලා සඳරූ සෝටක් ඇඳන් ඉන්නවා වගේ පේනවා..ගැහුවට පස්සෙ ඒක සරමක් වෙලා..ඈහ්..හෆොයි දෙයියනේ අර අර අර... අතවරයක් වත් කරලාද සඳරූට ඔය හතර රියන් හතර දෙනා !!!???

    ReplyDelete
  8. මැක්සා.. හරියට නිකං සූර පප්පලගෙ වලිය වගේ..

    ReplyDelete
  9. සඳරුගේ බ්ලොගේ පැත්තේ කාලෙකින් යන්ට බැරි වුනා.......... රූපෙත් බලාගත්ත එකේ කථාවත් ගිහින් බලං එන්ට ඕනා......

    මට නං කිසි පස්නයක් නැහැ....... සඳරු ‍අඳින්නේ කොට කලිසං ද සරොං ද කළු සෙරෙප්පුද නිල් සෙරෙප්පුද කියලා........ රූපේ නං පංකාදු අටයි..... ;)

    ReplyDelete
    Replies
    1. මට නං කිසි පස්නයක් නැහැ....... සඳරු ‍අඳින්නේ කොට කලිසං ද සරොං ද කළු සෙරෙප්පුද නිල් සෙරෙප්පුද කියලා........

      hiks...:D

      Delete
  10. සඳරූගේ කථාවේ හරය දැන්නේ දැනෙන්නේ. ඔය තියන්නේ කෑම. අතිවිශිෂ්ටයි සර්!

    ReplyDelete
  11. සඳරුව තාම මේක දැකල නෑ වගේ. නියමයි චිත්‍ර දෙක නං.

    ReplyDelete
  12. අෆි වගේ පොඩි ළමයින්ට මෙහෙම ගහ ගන්ඩ එව්වා බලන්ඩ හොද නැ O_o

    ReplyDelete
  13. අම්මටසිරි . . සඳරුවයි යාලුවයි අරුන්ට නෙළලා නේද ලෙසටම . . හික්ස්

    ReplyDelete
  14. විලි ලැජ්ජාවෙ බෑ අර සඳරුවාගෙ සරම කැඩුණ වෙලාවෙ ෆොටෝ එක ඇන්ඳනම්. මොනවා වුණත් ලෙසටම ඇඳලා තියෙනවා. ඕක හොඳයි සඳරුවාට අම්පාරෙ ඔර්ලෝසු කණුවෙ ගහන්න. එතකොට ක්ලාස් එකට එන කෙල්ලන්ට පුළුවන්නෙ සර්ව බලාගෙනම එන්න.

    ReplyDelete
  15. අම්මප කිව්වත් වගේ මුන් දෙන්න අර තඩියො දෙන්නව කාල නේද ? නැත්නං කෝ උන් පේන්න ඉන්න එපැයි.

    ReplyDelete
  16. මම මග බලාගෙන හිටියා.....
    හොරෙන්ම දාලා.....
    හොරාආ......

    ReplyDelete
  17. අහ්...... පට්ට පටපට,
    ඇත්තම කියනවනම් ගම (හෝ නම) බේරා ගැනීමකදී ෆෝන් එක නැතුව ඔල්ලෝසුවක් අරගෙන යන එකනම් හොඳා තමා....!!

    ReplyDelete
  18. හික් හික් ... මරු බුද්ධි.. මරු .. සදරු උඩ මලිත් එක්ක..

    ReplyDelete
  19. සඳරුගෙ කතාව කියවද්දි මැවුනු චිත්ත රූප ආයෙත් අළුත් වුනා..කොහොම වුනත් මරු පයිට් එක..
    මරු සිත්තරේ..

    ReplyDelete
  20. සඳරුවට ට යවපන් මේක

    ReplyDelete
  21. බුහ්... බුහා... පට්ට!!!

    ReplyDelete
  22. හිකිස්‌......... නියමයි.. :)

    ReplyDelete
  23. අඩේ නියම සිද්දියක් නේ.හිනා කාල මැරෙන කාටුන් එකක්.

    ReplyDelete
  24. කොමෙන්ට් එක කෙලිම්ම වැටෙන්න ඇරහං බං

    කව්රු හරි කුණුහරප කියයි කියල බයද? :-))

    ගෑල්ළමයි නං මොඩරේට් කලාට කමක් නෑ කිව්වැකි.

    ReplyDelete
  25. මරු ඈ..මේකනම් පස්ට..

    ReplyDelete
  26. පට්ට.. පොලිස් කූඩූවේ එල්ලිලා අර ගමේ රාළහාමිගේ නම කිය කියා අඬනව දැම්මනම් මරු..

    ReplyDelete
  27. නියමයි අයියේ.. සදරුවාගේ කතාව කියවද්දි හිතේ මැවුන සිදුවීමම කාටුන් එකේ මම දැක්කා.. කෝ අපේ වීරයා තාම ඇවිත් නෑනේ.. බලමු මෑන් මොකද කියන්නේ කියලා...

    ReplyDelete
  28. හී හී..මල් 7යි

    ReplyDelete
  29. බුද්ධි අයියා සමාවෙයං බං . මම අද ගොඩාක් රෑ වෙනකම් ගෙදර ආවේ නෑ ඉතින් මේක දැක්කේ හරියටම රෑ 9:27 ට බ්ලොග් අවකාසේ චරිත පන පිහිටුවලා අඳින උඹගේ අතින් සිත්තරක් ඇඳගන්න මම හෙනම ආසාවෙන් උන්නේ . ඉතින් අද බලාපොරොත්තු නොවිච්චි විදිහට උඹ මාව සිත්තම් කලා ඒනම් ඈ .. උඹ සිරා ඩයල් එකක් බුද්ධි අයියා . පට්ටෙට ඇඳලා තියනවා .

    අඩේ මම පෝස්ට් එකේ නොකීවට එදා ඇඳන් උන්නේ සරමක් තමා .. ! බෝම ස්තූතියි මේ තෑග්ගට බුද්ධි අයියා ..

    ReplyDelete
    Replies
    1. උඹ අතින් සිතුවමක් වෙච්ච මට තියෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක් ..

      Delete
  30. පරක්කු උනාට මොකද අල්ලා දාන්ඩ ඒක.

    කස්ටිය කියනවට මම මේ බැලුවේ උඔ සරං ඇඳිල්ල අත්ඇරලා දැම්ම වත්ද කියලා.....! ඒත් මම බැලුවා මට මෙච්චර සුද්දෙට ආපු ඔත්තුවත් බොරු එකක්ද කියලා.... උඔ ඒක ගැන හාංකවිසියක් සටහන් කරලා නැතිව තියෙද්දිත් මම බය නැතුව උඔව සරමට බැස්සුවෙ ඔය ඔත්තුව විස්වාස කරලා......

    කස්ටිය එක එක කයි කතන්දර කියද්දිත් මම නොසැලි හිටියෙ උඔගෙ කමෙන්ට් එක එනකල්... දැං ඒක හරි!

    මාව වැනුවටත් ස්තුතියි...! කියාගන්න බැරි සතුටක්ය කියලා උඔ අහවල් වැඩ එහෙම කරනවා නෙමේ හොඳේ.....!

    ReplyDelete
  31. දැනුයි මේක බලාන්ට හම්බවුනේ ළමායි.. ලෙෂටම තියෙනවා.. නිකං සූර පප්පයි ජිම් පප්පයි රෝමන් කාරයන්ට ගැහුවා වගේ.. :D

    ReplyDelete
  32. වැඩේ මැක්සා!
    මොකක්ද අර බුසයිලේ කියන්නෙ?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඩුඩී,
      බුසයිලේ කියන එක මම බොහොම අමාරුවෙන් හොයා ගත්තු දෙයක්. කොටින්ම දෙයක් සිතුවමට නගද්දි ඒක පාඨකයාට වඩාත් දැනෙන ලෙස ඉදිරිපත් කරන්නෙ කොහොමද කියලා හොයාගෙන යද්දි තමා ඔය දේ මට හමුඋනේ.

      ඔබත් 1980න් මෙහා සිංහල ච්ත්‍රපටි නරඔලා තියෙනවනම් ඒ ගොල්ල වලි දාද්දි ඇහෙන ඔය හඬ හොඳට හුරු ඇති. හැබැයි හිංදි වල ඔය සද්දෙ නෑ. වලි සීන් වලදී හිංදි ඒවල ඇහෙන්නෙ ඩ්‍රම්ස් සද්ද! අපේ සිංහල ඒව්වල තමා වලි වෙලාවට කටින් දාන ඔය සද්දෙ ඇහෙන්නෙ.

      “බුසයිලේ, බුහ්, බුහා...“ කොටින්ම වලියකදී ඔය සද්දෙ ඇහෙනවනම් අනිවා ගුටි කන්නෙ අපේ පොරක්. අපේ කම රැකගන්නයි මම ඔය වචන යුස් කොලේ... තේරුනාද දැන් උඔට...!

      Delete
    2. ඔය සද්ද ඇහෙන්නෙ ජීවන් කුමාරණතුංග, විල්සන් කරූටයි උගෙ ගෝලයො සෙට් එකටයි ගහන කොට.. :)

      තව සද්දයක් තියෙනවනේ බං "බුෂාව්" ගාලා.. අර උඩින් වීසිවෙලා වැටෙන්න ගහනකොට එහෙම..

      Delete
    3. බුරා,
      ඔය බුෂාව් සද්දෙ එච්චර ඇහෙන්නෙ නැත්තෙ ඔබ කියන ඔය උඩින් විසිවෙලා වැටෙන වෙලාවට ඔය සද්දෙ උපයෝගී කර ගන්න කොටයි. ලෝ බජට් ෆිල්ම් එකක් කරද්දි ස්ප්‍රින් මෙට්ට්‍රස් නැතුව ෆයිටර්ස්ලා නෑතුවයි පටිගත කරන්නෙ. ඉතිං ඔවා නැතිව උඩිං ගිහිල්ලා වැටෙන ඒවා දාන්න බෑ. ඉතිං අර සද්දෙත් නෑ.

      හැබැයි අපේ අය ඒ වෙනුවට නියම විකල්පයක් තොරගෙන තියෙනවා කියලා මට ඔය අධ්‍යනෙදී තේරුනා. ඒක තමා උඩින් ගිහිල්ලා වැටෙන සීන් එක අපිට අමතක කරන්න, ජීවන් කුමාරතුංග ලව්වා ට්‍රෙල් බයික් එකේ ඉස්සර රොදෙ උස්සලා හොරුන්ව තාප්කෙට හිරකරන එක.

      Delete
  33. මෙවුව මහ කැත වැඩ . . . . අච්චර දහිරිය දාල ගම වෙනුවෙං සටං වැදිච්ච කොල්ලො දේන ගුටි කෑව කියල කියන්න නේද උඹ හදන්නෙ ???

    ReplyDelete
  34. පවු වැඩේ අයියේ මේක නම්...

    ReplyDelete
  35. උඩින් තව පොටෝ එකක් දාලා උඹ අදින්න තිබ්බේ අර නාන කෙල්ලෝ දෙන්නා දිහා මූ දාන පැනි බැල්ම.....

    ReplyDelete
  36. පොස්ට් එක කියෙව්වේ නැහැ . මේක දැක්කම හිතා ගත්තහැකි . අනේ දෙය්යනේ කනවයි කියල ඔහොමත් ගුටි කනවද . නියමයි මේ කාටුන් එක .දැන් චිත්‍රකතා බලන්න ලැබෙන්නැති එකේ බුද්ධි අඳින්නකෝ චිත්‍ර කතා සිරිස් එකක්

    ReplyDelete
  37. පිස්සු හැදෙනවා අප්පා පට්ට සුපිරි ගින්දර සිත්තරේ මම ආසාවෙන් බලා හිටිය චිත්‍ර කතාවකුත් ඇන්දා එහෙනම් බොහෝම ස්තූතියි අයියේ...හැමෝම කියන්නා වාගේ ඉඳලා හිටලා චිත්‍ර කතා සීරිස් එකක්ම දැම්මොත් ෂෝක් එකට තියෙයි නේද...

    ඕං මට දැන් මතක් වුනා ලංකා පත්තරේට චිත්‍ර කතා ඇඳපු අනුර ශ්‍රීනාත්ව "පිස්සු නැත්තම් ෂෝක් පුතා" මම හිතන්නේ ඔයත් කියවලා ඇති ....අර මම කියපු naruto කාටුන් වගේ සීරිස් එකක් දැම්මෝත් සුපිරියි මාසෙකට එකක් හරි....හැකියාවට ජය වේවා

    ReplyDelete
  38. අඩු නාපු කෙල්ලා දෙන්නා තමා,,අනික්වා සුපර්

    ReplyDelete
  39. අනේ මම නම් බ්ලොග් ටික කියවගන යන්නේ නිදිමතේ. යාලුවන්ගේ ඒවා කියවලා බලන්ට ඕනේනේ. කොහෙන් මඩ වැදිලද කියලත් දන්නේ නැහැනේ.

    පින්තූරු ලස්සනම ලස්සනයි. නිදාගෙන නැගිට්ටාම ආපහු කමෙන්ට් කරන්නම්.:D

    ReplyDelete
  40. පව්ව්ව්ව් අසරණයෝ දෙන්නා... ;))

    ReplyDelete
  41. නොදකින් මදෑ ආවා මේක බලන්න..මුං දෙන්නගෙයි අර තඩියො දෙන්නගෙයි මොනවා බලන්නද යකෝ..කෝ මේ වලියට හේතුව උන අර සුන්දර නිමිත්ත..ආන්න ඒක ඇඳපිය..

    ReplyDelete
  42. ඔය තියෙන්නෙ නියමෙට ගුටි කාපු හැටි ... ඔච්චරත් කාලලුනෙ ආයෙ තව ගෙදරකත් ගිහින් කෑව කියන්නෙ!

    ReplyDelete
  43. වැම්පා,
    නැතුව. ඉතිං හොඳ සයිස් හතර දෙනෙක්නෙ.
    ..........

    නොදුටු ලොවක්,
    බලු කූඩුවෙ ඉන්නෙ කූරු අල්ලංනෙ..... මෙතෙන එහෙමද බලන්ඩකෝ..... :P
    ............

    පුසා,
    සරම ඔහොම හරි තියෙන එක ගැන සතුටු වෙන්ඩයි ඕනැ...:P
    ...............

    ප්‍රසන්න,
    ට උත්තරෙ ඔය අදාල කෙනාම දිලා තියෙන්නෙ. ඔවා ආවට ගියාට ඇඳපුවා යැයි.
    .......

    ලොකු ජෝන්,
    එහෙනං එහෙනං
    ........

    වෙනී,
    අතවරයක් නං මදැයි.... කෑලිත් ගලෝගෙන යන්ඩැති කිව්ව විදිහට.
    ......

    පැණි දොඩං,
    සඳරුවලගෙ ගමත් පප්පා ගම වගේ ද දන්නැ.... වලි නං වලිනේ...
    ...........

    රන්දිල්.
    එහෙනං එච්චරයි,

    උපශාන්ත සිංහයා,
    මොකට හිනා වෙනදවද මම දන්නැ...
    ..........

    වෙද මහත්තයා,
    හරියට අහවල් බිස්කට් කෑව වගේ ඇති කියලා තමා ම‍ටත් හිතුනේ...
    ........

    ඔබානිස්,
    මේ වදේදි නං සඳරුවා දැකලා මට පිං අනුමෝදං කරලත් ඉවරයි.....:P
    .............

    බනී,
    මං කිව්වයි කියලා හිතා ගන්ඩ.
    .......

    දුකා අයියා,
    දන්නවනේ ගමේ කොල්ලෝ සෙට් එකේ වැඩ. ඒක හූවයි කියලා තියෙන්නෙ.
    .......

    ඉෂාර,
    ඔල්ලෝසු කනුවේ ගහනවට වැඩිය හොඳ නැද්ද සරම නැතුව එතන හිටගෙන හිටියනං සඳරුව....
    ......

    නවම්,
    එහෙම වෙන්ඩැති කාලා වැඩිකමට බඩවල් උස්සන්ඩ බැරුව වැටිලා.....
    ........

    අසේල,
    හික් හික්..... හොරෙන්ම දාලා කිව්වෙ මට තේරුන්නැනේ...
    .....

    සහන්,
    මේ ඉන්නෙ උපදෙස් ගන්නවනං නියම මිනිස්සු.

    ReplyDelete
  44. රවා,
    දන්නවනේ
    ....

    රූ,
    මරු පයිට් එක කියන්ඩම බෑ. පයිට් එකක් නං දෙගොල්ලම ගහගන්ඩ එපැයි... මෙහෙත තියෙන්නෙ තනි ගුටි කෑමක්නෙව.:P
    ..........

    පිස්සා,
    යවන්ට කලින් පොර ආවා.
    ........

    බුවා, සුළග, හසී,
    මං හිතන්නෙ මේ පෝස්ටුවට වැටුනු කමෙන්ට් වලින් වැදගත්ම, උත්කෘෂ්ටම, හොඳම, වින්දනාත්මකම වගේම හැඟීම් බරම වගේම පට්ටම පට්ට හෙවත් එළම එළ කමෙන්ට් එක මේ තුන් දෙනාගෙ කියලා මට එක හෙලා කිව්වැකි. බලන්ඩ ඒකේ තියෙන තේරුම. අන්තිම සරළ බටන් දෙකක්, අකුරු දෙකක් උපයෝගී කරගෙන ඒ ගොල්ල කරලා තියෙන මෙව්වා එක්ක කොච්චරද?

    ......
    අසරණයා,
    බලාගෙන ඔය හිනා කන්ඩ ගිහිං ඉස්පොල්ලෙ යයි..හෙහ් හෙහ්..:P

    ReplyDelete
  45. අමිල,
    ඉෂ්ථුතියි..... තව පස්ට ඒවා බලන්ඩ ඉදිරියෙදිත් එන්ඩ.

    ............
    මාතලන්,
    හොඳට හිටීවි...... ගමේ උනාට පොර නෝන්ඩියට නේද කතා කරලා තියෙන්නෙ.
    ........

    දිනේෂ්,
    මේ වෙන කොට නං පොර ඇවිල්ලා ගිහිනුත් ඉවරයි. චිත්ත රෑපේ ලස්සනට දිනේෂ්ගෙ හිතේ මැවුනනං එච්චරයි.
    ........

    පබලු,
    විල්බොට් අංකල් කිව්වෙ, මල් 7යි, ජිල් 5යි කියලා..... වර්තමානේ වෙද්දි ජිල් 5 හැලිලා ගිහිල්ලා.....කෝමඋනත් ස්තුතියි පබලුගෙ කමෙන්ටුවට.
    .........

    බූරා,
    දැං කව්ද රෝමන් කාරයෝ...... එකේ ගමට ආපුවාම ගමනවනේ. මේ කතාවේ ගමට ඇවිල්ලා බැස්ටිය දීලා ගිහිල්ලා.....

    ReplyDelete
  46. ඕන මැන්ටල්,
    මම එහෙම කියන්නැ! සඳරු කියන්නෙත් නෑ. ඒ ගොල්ල මේවට කියන්නෙ වලි කියලලු. ගුටි කෑවා කියලා නෙමෙයිලු
    ...........

    Il mondo di una povera pazza,
    පොත් ගුල්ලා, මැනි තැන්ක්ස්.
    ..........

    ප්‍රසන්න,
    මොකද්ද? කාපු එකද, ඇඳපු එකද? :P
    ............

    අභීත,
    සික්...ඕන කීපදෙනෙක් මේ වෙද්දි යෝජනා කරලා තියෙනවා.... අපරාදේ... ඉදිරියට බලමු.
    ..............

    බින්දි,
    කවදහරි සිත්තර කතාවක් ඇන්දොත්, පිදුම ඔයාටයි, ගැමියගෙ පත් ඉරුවටයි.
    ..........

    ගැමියා,
    යෝජනාවට මමත් කැමතියි. අර කිව්වා වගේ ඇන්දොත් පිදුම ඔය දෙන්නට. වෙලාව තමා හැමදේටම බලමු ඉස්සර දවසකදී.
    ...........

    ඩිලන්,
    අහියට කියපු දේ තමයි බොටක් තියන්න තියෙන්නෙ.
    ........

    මහා දානපති පොඩි කුමාරිහාමි,
    ස්තුතියි නිදිමතේම ආවාට. හැබැයි අපි ලග මඩ නෑ. අපි ගොඩ :P
    ............

    සුදු හංසි,
    වැඩැන්නැ නංගි කතා කරලා.
    ............

    මාරසිංහ,
    ඔහොම කෑකෝ ගහන්ඩ කාරි නෑ.... ඕනෙමනං මං ඇඳලා එකක් මේල් කරන්නං :P
    ....................

    සම්මානී,
    නැ ඉතිං කොච්චර කෑවත් මදිනං...ආයි ඉල්ලන්ඩ කියලයි අපේ මව් දෙමව්පියො උනත් කියලා තියෙන්නෙ. සඳරු ඇවිල්ලා වැඩිහිටියන්ට ගරු කරන කෙනානෙවැ.
    ........

    නිසූපා,
    ස්තුතියි කිව්වා........මචං කෑල්ල මේකට දැන්න තැනක් තිබ්බෙ නෑ. නැත්තං මේකටත් දානවා:P

    .................
    හරිනේ, ඔක්කොටම උත්තර බැන්දා. තව මඟ ඇරිච්චි කෙනෙක් ඉන්නවනං අත උස්සන්ඩ බලන්ඩ...

    ReplyDelete
  47. ලෙසටම ඇඳලා තියෙන්නේ
    සඳරු කොළුවා යාළුවා එක්ක බෙදාහදාගෙන කාපු හැටි බලා හිටිය වගේ උඹ ඇඳලා තියෙනවා. මරු බං :)

    ReplyDelete
  48. //මේ වදේදි නං සඳරුවා දැකලා මට පිං අනුමෝදං කරලත් ඉවරයි.....:P
    .............//

    අනුන්ගෙ ඇහේ රොඩ්ඩ දකින බුද්ධියා....කිව්ව කියල හිතාගන් පොල් පරාල කථාව

    ReplyDelete
    Replies
    1. ඉතිං හරිනේ.... ගුරුන්ට නේන්නං අකුරු වරදින්නෙ...

      Delete
  49. "බුසයිලේ" තමයි මම ආසම :D

    සුමතිපාල ජෝතිපාල, ගුණපාල ජයලත්,සරත්මධු, ඇන්ටන් බී පෙරේරා... හිච්චි කාලේදී වීරයෝ වෙලා හිටි මෙකී නොකී සේරම මතක් වුණා වලියේ සිත්තරේ දැක්ක ගමන්... :)

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹට කැමිලස් අමතක වුනාය..!? කොහොමද මගෝඩිස්තුමා ගජමෑන්ට 'බුහ්' ගාලා ගහන විදිය උඩින් යන්න.. :)

      Delete
  50. පව් අහින්සක සදරුවා...

    ReplyDelete
  51. නාඳුනන සෙබළා කතාවේ ඉතුරු කොටහ ලියන්නේ නැද්ද ??

    ReplyDelete

ඔබේ පංගුව මං වෙනුවෙං...

Related Posts with Thumbnails

බෙදා හදා ගන්නව නම්...