2012/01/26

අද කාටූන් - 02 - (බ්‍රේකිං කාටුන්) අපිට දැනුම දෙන්නො !

මේක බ්‍රේකිං කාටුන් එකක්. හරියට බ්‍රේකිං නිව්ස් වගේ. අර මං කිව්වෙ හිතුන හැටියෙ වෙලා තිබුනොත් දානවා කියලා. ඒ කිව්වෙ මේ වගේ ඒකක් ගැන.


මේ දවස් වල සයිබර් අවකාශයේ සිංහල බ්ලොගර්ස්ලා අතර නැගලා යන මාතෘකාවක් තියෙනවා. ඒ මාතෘකාව කොච්චර වැදගත් උනත් සමහරු කතා කරන්නෙ නෑ. සමහරු කතා කරන්න දන්නෙ නෑ. ඒත් ඒ ගැන කතා කරපු කට්ටියක් තමා මේ ඉන්නෙ. ඔක්කොමලා නෙමේ හතර දෙනයි.

ඕගොල්ලන්ට තියෙන්නෙ මේ අය කවුද කියලා හඳුන ගන්න එක.

මේ අය පිළිවෙලින් නම් කරලා ඕගොල්ලන්ට වටිනා තෑගි දිනාගන්න පුලුවන්. හරි උත්තරෙ දෙන කට්ටියට ලබන සෙනසුරාදා පබ්ලිෂ් වෙන කාටුන් පෝස්ට් එක නොමිලේ බලන්න ටිකට් ලැබෙනවා. හැබැයි බැල්කනි විතරයි. බොක්ස් නෑ!

ලබන සෙනසුරාදා උදේ හයට කාටුන් පෝස්ට් එකෙන් නැවත හමුවෙමු.

........................
- මීට විදෙස් සිත්තරා

69 ක් කියන්නේ !:

  1. මේකට මං කමෙන්ට් එකක් දාන්නෙම නෑ.. ගියපාර පෝස්ට් එකේ මගෙ කමෙන්ට් එකට උඹ උත්තරයක් දුන්නෙ නැහැනේ.. :)

    ReplyDelete
    Replies
    1. බූරා,
      උත්තරයක් දුන්නැත්තෙ උඔට විතරක් නෙමෙයි. ගිම්හානිට උත්තරයක් දුන්නෙත් නෑ. බොලා දෙන්නට ඉටිකිරිස් එකට සරසවියට යන පාර ගැන කවි ලියලා තියෙද්දි මාව කොර උනා. කවියෙන්ම උත්තර දෙන්ඩ හින්දා මම ඒක මඟ ඇරියේ හොඳවයින් කවි පංති දෙකක් හදා ගන්න කං....:D

      හාහා... දැං ඕවා අමතක කරලා කමෙන්ට් කරපන් මයෙ දෙයියා......

      Delete
    2. ඒ කියන්නෙ කවදාවත් ඒක ලියවෙන්නෙ නෑ කියන එකනෙ ?

      Delete
    3. අන්න දෙයක් කිව්වම තේරෙන මිනිස්සු

      Delete
  2. බැල්කනි බලලා අපිට පුරුදු නෑ.. අපිට පුරුදු දුප්පත් ODC එක තමා... :D

    ReplyDelete
    Replies
    1. odc නෙමෙයි ඒකට කියන්නෙ ගැලරිය

      …(odc කියන එක rear stall උනා ගැලරිය front stall උනා)

      Delete
    2. ෆිල්ම් හෝල් ගැන සෑහෙන්න දෙයක් දනනවා වගේ

      Delete
    3. ඇයි බැලුවෙ නැද්ද මගෙ ආතම්මගෙ පෙට්ටගමෙ "ටිකට් ගත් හැටි" පොස්ටුව

      (…පොඩි ඇඩ් එකක් )

      Delete
    4. දැං කතන්දර, සිත්තර, කවි, තියෙන එකේ ඇබ් විතරවි අඩුවට තිබුනේ.... ආ මේ තියෙන්නෙ ඒකත්.... මරු මරු බ්ලොග් එක නැගලා යන හැඩයි දැං

      Delete
  3. හිහ්... හිහ්... මට හිනා එනවා ඕ....යි (ටෙනියගේ මම ආසම කෑල්ලක්)

    ReplyDelete
    Replies
    1. ඇයි ඩොලස් මල්ල හින්දද

      Delete
  4. වමේ සිට පිලිවෙලිං
    1) රවා
    2) මාතලං
    3) වෙද ගෙදර මහ වෙදනා
    4) අබේපාල මාමා

    ReplyDelete
    Replies
    1. මෙතන පොඩි වැරද්දක් තියෙනවා. ගරු කටයුතු විදිහට ආමන්ත්‍රණය කරලා තියෙන්නෙ අ‍බේපාල මාමට විතරයි. ඒ මොකෝ තීර්ථ යාත්‍රිකයෝ...:P

      Delete
    2. :D ඉස්කෝලෙ වැඩිමාල්ලන්ට ගරුකොරන්න එපායැ ඉතිං :D

      Delete
  5. දකුණ කෙලවර නම් ඉන්නෙ අබේපාල මාමා.. ඒක සුවර්.. රවාත් ඉන්නව සරම ඇඳං දෙවනියට.. සිරිලංකාව ගැන කතා කරල සුද්දට කඩේ යන්නෙ රවා මයෙ හිතේ.. මෙතන ඔය පොපෙසර් කෙනෙක්ට ඉන්නෙ ප්‍රියා ද ?? පොඩි එකානං කවුද මංද.. රංගයියවයි තව අක්කෙකුයි අඩුයිනෙ..

    ReplyDelete
    Replies
    1. හැමෝවම දාන්ඩ ඉඩ මදිනෙව ඔය කොටුව අස්සෙ

      Delete
  6. ඕනෑම චැට් ක්‍රමයක් මගින්, දුරකතන හා ඇස්ඇම්ඇස් මගින් පිළිතුරු ලබා දීම නවතා ඇති බව කාරුණිකව දන්වා සිටිමි.

    ReplyDelete
  7. එකෙක්වත් අඳුනන්න බෑනෙ.

    ReplyDelete
  8. එකෙක්වත් අඳුනන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. දෙවිහාමුදුරුවනේ මෙහෙමත් මනුස්සයෙක්.... නිතර යන එන මනුස්සයවත් අඳුරන්නැ කිව්ව එහෙනං

      Delete
    2. බැරි නං බෑ කියනව මිසක් වෙන මොන මගුලක්ද කරන්න කියන්නෙ?






      ප.ලි.
      වළි නං වළි අරිද?

      Delete
    3. වලි....

      ඇයි.....ලොකු කරගන්ඩ ඕනැද?

      Delete
  9. වමේ සිට පිලිවෙලිං
    1) ප්‍රියන්ත සෑර්
    2) මාතලං
    3) වෙද ගෙදර මහ වෙදනා
    4) අබේපාල මාමා

    ReplyDelete
    Replies
    1. අඩේ මෙතන වැඩියෙන්ම නම තියෙන එකෙකුත් ඔලුවට ආවා
      ඒත් ඌ මොකක් ගැනද ලිව්වෙ කියලා හත් අට පාරක්ම කියෙව්වට තේරුම් ගියෙ නෑ. ඒ පාර උගෙන්ම ඇහුව්වා උඹ මොකක් ගැනද ලිව්වෙ කියලා
      කොහේ ඌත් දන්නෙ නෑ කියන්නෙ:D:D:D:D:D

      Delete
    2. හරි හරි...ඔච්චර මහන්සි වෙච්ච එකේ බැල්කනි ටිකට් එකක් මං ෆ්‍රී දෙන්නං... එහෙම එපානං ඉංවිටේසන් එකක් දෙඤ්ඤංකො නිෂ් මහත්මයට....:P

      Delete
  10. 1රවා
    2හිතා ගන්න අමාරුයි
    3මහ වෙදනා
    4අබේපාල මාමා

    ReplyDelete
    Replies
    1. හිතා ගන්න අමාරුයි කියලා එක්නෙකුත් බ්ලොග් ලියනවද? මම දැනුයි දන්නෙ. හිතාගන්න අමාරුයි!:D

      Delete
  11. දකුණේ සිට,
    අබීත
    වෙද ගෙදර මහ වෙදනා
    මාතලං
    රවා

    ReplyDelete
    Replies
    1. දන්නවද මං අර ඉන්නේ අබීත කියලා කිව්වෙ මැප් ‍එකේ කිතුල් ගල හරියේ තියෙන රතු ඩොට් එකින්............ ;D

      Delete
    2. මිනිහා අමතලා කියනවා ඩොට් එක තියෙන තැන පොඩ්ඩක් එහා මෙහා වෙන්ඩෝනලු... පොරට බොරු කරන්ඩ බෑලු

      Delete
  12. මටත් හිනා හාමිනේටත් හිනා අපේ ගෙදර හිනා සාගරයයි.

    ReplyDelete
    Replies
    1. .
      …කලිසම කමීසෙට දැන් තිත තියන්න
      …නැශනල් එකට ඔබ හැඩ බව සිතන්න
      …මැණිකෙගෙ ගෙලේ මුතු දෙපොටක් බඳින්න
      …ඔසරිය ඇයට තව හැඩ බව කියන්න

      Delete
    2. සිනා සී තර වන්න කියලා වෙද මහත්තයා කිව්වනේ... ඔන්න අපෙනුත් පොඩි උදව්වක්..

      ගිම්හානී ඔහොම කිව්වට ඔසරි එහෙම අඳින්න බර වියදමක් යනවා මගේ හිතේ....

      Delete
    3. ඔසරිය ගැනයි කවුරුත් මේ කියන්නේ
      …වතෙ හැඩය ඇන්දාමලු පෙනෙන්නේ
      …ගිම්හානිටයි මම මෙටික කියන්නේ
      …ඔසරිය අරන් එක දවසක අදින්නේ

      Delete
  13. .
    …දකුණු කොනේ ඉන්නේ නම් අබී අය්යා
    …ඒලඟ සිටින්නේනම් මේ අපෙ වෙද අය්යා
    …තුවක්කුව කරේ කව්දෝ මේ ගොයියා
    …කොටට කොටේ ඉන්න එකා සෝයියා

    ReplyDelete
    Replies
    1. කොටට කෙටේ ඉන්න එකා වෙඩිමකලු දැං හවස් අතේ හොඳවයින් දෙකක් කියනවයි කිව්වා... හෙහ් හෙහ්....

      Delete
    2. කොටට කොටේ ඉන්න එකාගේ කෙස්ස නම්බර් නෝට් එකෙන් ඇන්දා නං පංකාදුයි නේද?

      Delete
    3. කොටට කොටෙ ඉන්න එකාගෙ ඔලුව නැතුව ඇන්දත් ඉතින් පංකාදු පහයි ....

      Delete
  14. අනෙ මන්දා මට ටිකට් එපා මම කවදත් හොරෙන් බැලුවෙ එදාටත් හොරෙන්ම බලනවා

    ReplyDelete
    Replies
    1. මෙන්න කෙලින් කතා කරන මිනිස්සු

      Delete
  15. අභියයි වෙදමහත්තයයි මාතලං ගොයියයි න අඳුරගන්න ඇහැකි, ඒත් කවුද බොලේ අර කොටා

    ReplyDelete
    Replies
    1. ආ.....උඔ කොටා කොටා ගාන්ඩ එපා.... පොර දැං වෙඩිමක කියලා මටත් පරිස්සමෙං ඉන්ඩ කියලායි තියෙන්නෙ

      Delete
  16. රවා,මාතලං,වෙද ගෙදර මහ වෙදනා,අභීත
    පහු ගිය කාලෙ මම කියවපු පෝස්ට් වල උන්නෙ මේ අය

    ReplyDelete
    Replies
    1. එහෙනං හරි ඇති... හරිගියොත් සෙනසුරාදා ෂෝ එක ෆ්‍රී බලතෑකි... මගෙන් සුබ පැතුම් එහෙම උනොත්

      Delete
    2. සඳලි ඔයා හරි වගේ . ඔන්න බලාගෙන බැල්කනි එකේ ඉන්නෙ .

      Delete
  17. ඔතනින් හරියටම කියන්න පුළුවන් අබීත අයියයි වෙද මහත්තයයි විතරයි මට..

    ඒ කියන්නේ අපිට සෙනසුරාදා කාටුන් එක ටිකට් අරන් තමයි බලන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ කියන්නෙ....අනිත් දෙන්නත් හෙන පේමස්.... එකෙක් නං අන්තිම ‍පේමස්...:P

      Delete
  18. සික්.. මම් අවා නම් මුලින්ම තැග්ග ගන්නෙ මම.. කොහෙද ඉතිං :(

    ReplyDelete
    Replies
    1. හෙහ්...... එකනෙ හාවාට බැරිඋනු එකේ ඉබ්බත් එයි එහෙනං

      Delete
  19. ඒ, මේක එඩිට් කරල මාවත් දාහංකො...

    ReplyDelete
    Replies
    1. රොටිය පුච්චන්ඩ ගත්තා දැං පරක්කු වැඩියි :P

      Delete
  20. අබීතයි රවායි අඳුන ගත්තා . . .අනික් දෙන්නා?

    ReplyDelete
    Replies
    1. ඇයි මැද දෙන්නා මේ දවස් වල හෙන පේමස්. දෙන්නම උඩ කමෙන්ට් කරලා තියෙන්නෙ....

      Delete
  21. බැල්කනි නැත්නං එපා.

    ReplyDelete
  22. වෙදා නම් ඉන්නව.. අනිත් උන් නම් ගොඩදාන්න බෑ දෙයියෝ...
    ඩොලර් කාක්කොත් ඉන්නවද??!! :)

    ReplyDelete
  23. ඔ මයි ගොඩ්... ඔ මයි ගොඩ්... යකො මගෙ පින්තුරයක් නෙද මෙ එල්ලලා තියන්නෙ..... නියමයි නියමයි.... අන්න එහෙම අපිවත් මතක් කරපල්ලා .... අපිත් ඉන්නවා කියලා එතකොට දැනෙනවා උබලගෙ හිත් වල..... :D:D:D:D

    ReplyDelete
  24. මහා වරදක්!
    මාතලංට කොහෙන්ද ඩොලර් සහ තුවක්කු?
    http://www.youtube.com/watch?v=J71aFrqv3BY

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක්..... ළමයෝ ඒ මාතලන් නෙමේ මේ මාතලන්...මේ මේ මාතලන්

      Delete
  25. සුදු කිට් එක ඇඳන් ඉන්නේ මහ වෙදනා ය
    කහ සර්ට් එකක් ඇඳන් ඉන්නේ අභිතයියා ය.

    ReplyDelete
  26. අනේ මට අඳුරගන්න බෑනේ පිස්සු හැදෙනවා අප්පා

    ReplyDelete
  27. දැක්ක ගමන් අභීත අයියව නම් අදුනගත්තා..
    කොමෙන්ට් ටික බලාගෙන ගියාම අර පන්ඩිත පාටට කොටට ඉන්න කෙනා රවා කියල දැනගත්තම මට හිනා හිනා හොදටම හිනා :DDDDDD .

    ReplyDelete
  28. වමේ සිට දකුනට
    1) රවා මයා
    2) මාතලං මයා
    3) මහ වෙදනා මයා
    4) අබේපාල මයා

    ReplyDelete
  29. කවුද අප්පේ මේ සැට් එක.......:DDDD

    ReplyDelete
  30. දන්නෙ නෑ අයියා. මම අසරණයි

    ReplyDelete
  31. වෙදනාවයයි අභියවයි විතරයි අඳුරන්නේ!

    ReplyDelete
  32. 1)?
    2) මාතලං අයියා
    3) මහ වෙද මාමා
    4) අභිත ගොයියා


    මොකා අර මොඩි එකා ?

    ReplyDelete
  33. මම නං මේ එකෙක්වත් දන්නෑ....

    ReplyDelete
  34. 1) නොදනී.
    2) මාතලං අයියා
    3) මහවෙදනා වෙද මහත්තයා
    4) අභීත මහතා

    ReplyDelete
  35. අනේ දන්නෑ.. අපි ඉතින් අලුත් නොවැ..

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...