කාලෙකට කලින් මම යාලුවො ගැන කියන්න අරං මගින් නැවැත්තුවා.
මට දැං යාලුවො දෙකොට්ටාසයක් ඉන්නවා. කට්ටියටක් අතට අහුවෙන අය. අනිත් අය අතට අහුවෙන්නැති ඔන්ලයින් අය. දැන් වෙද්දි නං අතට අහුවෙන්නැති අයගෙන් සමහරක්, කාලයක් තිස්සෙ අතට අහුවෙලා හිටපු අය තරම්ම ෆිට් වෙලා.
කොහොමහරි යාලුවො කියන්නෙ අපිට නැතිවම බැරි අය. ඒ ගොල්ල අපිට උදව්වක් ඕනෙම වෙලාවට අපේ පිහිටට එනවා. අපිත් එහෙම තමා. බලුහොම්බා ජෙට්ලිට උදව්කරන්න ගියෙත්, අපේ ශැවොලියා තනේ අත ගෑවෙත් යාලුවන්ට උදව් කරන්ඩ තියෙන උවමනාව හින්දා.
සමහර යාලුවොන්ට උදව් කරගන්න බැරි උනාම මේල් එවනවා, “අනේ මම තාමත් ඔයාගේ හොඳම යාලුවෙක්, ඒ වේලාවෙ ඔයාට උදව් කරන්න බැරි උනාට“ කියලා. වැඩි හොඳට වරහන් අස්සෙ I am still your friend....:D කියලත් ලියලා. මතකනේ කලින් දවසක සයිබර් යාය හැක්වෙලා වෙච්ච කෝලම.
හැබැයි මම අද කියන්න යන්නෙ කුරුලු හමුදාවේ අපිත් එක්ක එකම කල්දේරම් බත කාපු යාලුවෙක් වෙන සපාට උදව් කරන්න ගිය කතාව. යාලුවෝ ගැන කියනවා කිව්වම මුලින්ම සපා ගැන කියන්න කියලා කිව්වෙ අපේ ගෝල්ඩ් ෆිශ්. ඒ ඒගොල්ලන්ව හදුන්වලා දුන්නු දවසෙ. ඒත් ඔන්න අදයි ඒකට වේලාව ලැබුනෙ.
සපා ගැන කියන්න කලින් බලන්න, මේ මැද අත්දෙක උස්සගෙන ඉන්නෙ පොර තමා.

ඒ තරගෙට අනුග්‍රහය දීලා තිබුනේ ලංකාවේ කෑම හදන ලොකු සමාගමක්. සමාගම ගානේ දාලා තිබුනා හෙන චියරින් පාටියක්. පාටියේ ඔක්කොම ගැල්ලමයි. කොට සායවලුයි, කොට හැට්ටයි ඇඳගෙන. කොට සායවල් කිව්වට කොටම නෑ. වියතකට වඩා තිබුනා. අපි මැනලා බැලුවා. හැබැයි හිතිං! කොහොමහරි ඒ ගොල්ල අත් දෙකෙන් රිබන් වලින් හදපු ලොකු බෝල අරගෙන. කොච්චරවත් කලේ ක්‍රීඩකයො දිරිමත් කරපු එක. එක එක තාලෙට එක එක නැටුම් කැලී දදා, පස්සෙ කමෝන් කියලා කෑ ගගහ, අර රිබන් බෝල වන වනා ෂා......බලන්ඩ එපැයි ඒවයේ රඟ.
මම අර ගොල්ල දිහා බලලා සංඥාව නිකුත් කරන්න ගියා විතරයි, දෙයියා මට කලින් පැනලා ඒක කලා. ඒ එක්කම අර ගැල්ලමයි "සා......පා.......සා.....පා..."කියලා කෑගහන්ඩ ගත්තා. ඒ විතරක් නෙමේ. අතරින් පතර "කමෝන් සපා අයියා...." කියලා එකියක් කෑ ගහනවා. ඒ අතරතුර ඒගොල්ල නැටුමකුත් පටන් ගත්තා.
ඉතිං මේක බලාගෙන ඉද්දි මට හෙන ගතියක් ආවා. මම දෙයියා දිහා බැලුවා. මිනිහා ඉන්නෙ හරියට නැටුම් කණ්ඩායමේ අයිතිකාරයා එයා වගේ. ඒ වෙලාවේ මට හිතුනා මේගොල්ලං කැන්දගෙන එන වැඩේ මම තනියම කලානං ඉවරයි නේද කියලා.
මේක කොච්චර හොඳට නැගලා ගියාද කියනවනං වට පිටේ හිටපු කට්ටියත් හිමීට හිමීට අපි ඉන්න පැත්තට ඇදිලා මේ ගොල්ලගේ නැටුම රස වින්දා. මේ වෙද්දි අපේ අනිත් උන් ටිකත් ටික ටික ලං උනා. ඒ පාටියකදී හොඳ නැටුමක් නටන්න ඒගොල්ලන්ගෙන් අලුත් අඩියක් දෙකක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලා හිතලා වෙන්ඩැති. ඒ හින්දා උන් කලේ ගැල්ලමයිගේ කකුල් වැඩකරන විදිහ බලාගෙන හිටපු එකයි ඇස් පිල්ලං ගැහිල්ල පැත්තක තියලා. ගෑල්ලමයිනුත් නමන්ඩ පුලුවන් හැම තැනම නවලා, දිග අරින්ඩ පුලුවන් හැමතැනම දිගඇරලා අන්තිම කැපවීමේන් නටලා අපිට සහයෝගෙ දුන්නා. කොහොමහරි චියරින් ළමයි හින්දා මේ වටපිටේ පරිසරයයි, ඉන්න අයයි, ඔක්කොම සතුටු සාගරේ කිමිදිලා.
මමත් ඕකේ ටික වෙලාවක් පීන පීන හිටියා. ඔන්න මට එකපාරටම මතක් උනා අපේ සපා දැං පනින්න නේද යන්නෙ කියලා. මිනිහත් හොඳ කික් එකේ ඇති. දැං මිනිහා හොඳ ජම්ප් එකක් ඇල්ලුවාම ඔක්කොම හරි. එයාගේ හොඳම යාලුවො හැටියට ඔන්න අපේ යුතුකම් අපි ඉටුකලා.
ඉතිං මම සපා දිහා බැලුවා. වැඩේ කියන්නෙ මෙච්චර හරියක් කරලා තියෙද්දිත් අපේ සපාගේ මූණ ගන්ඩ දෙයක් නැති වෙලා. මම දෙයියටත් සිග්නල් එකක් දීගෙන වැට අයිනට ගියා මිනිහාට කතා කරන්න.
“සපා..... බලපං අපි ගෙනාපු සෙට් එක. මේ නංගිලා උඔට ෆුල් චියර් එක දෙයි.....කොල්ලොත් ෆෝම් එකේ ඉන්නෙ.....උඔ හොද ජම්ප් එකක් අල්ලහං සපා කොහොමද දන්නවද......“ කියලා මම හොද ගැම්මෙන් සපාගෙ පිටට තට්ටුවක් දැම්මා.
ඒක අහලා මිනිහා අපිට මොනවද දන්නවද කිව්වෙ,
“ජම්ප් එකක්.....මම පැනලත් ඉවරයි යකො....තොපිට දැන්ද මාව මතක් උනේ....“ කියලා.




Sapaa - Kaewa
ReplyDeleteසපා-කෑවා!
හී හී...පව් සපා....නියම කතාව යාලුවේ. අපිත් ඉන්නවා ඕනම වෙලාවක උදව් කරන්ට. ඕනේම නම් වරහන් ඇතුලෙත් (I am still your friend :D) කියලත් ලියන්නම්...:D:D
ReplyDeleteමේ ලඟදි දවසක් මගේ යාලුවෙක් කීවා එයා නම් කැමති අතට අහුවෙන අයට කියලා. ඒ කියන්නේ එහෙනම් ඔන්ලයින් නෙමේ අය වෙන්ටැති...:(
"පැරදීගෙන එන හමුදාවක උදව්වට ලස්කිරිඤ්ඤා බටයො හොයාගෙන ආපු සූර ජෙනරාල්ලා දෙන්නෙක් වගේ. "මගේ
ReplyDeleteහිතට අල්ලපුම තැන..
සපාට මොකද වෙලා තිබුනේ....?
// ඇරත් අපේ මූණුත් හෙන නිවිච්ච පාටයිනෙ. //
ReplyDeleteඅනිවා අනිවා.. හරි නිවිච්ච ළමයි නේ.. අම්මපා මයෙ කට කහනවා මේවට මුකුත් කියාගන්ට බැරුව.. :p
හික් හික් හික් උඹලා කකුල් පැටලෙන ඒවා බලන අතරේ සපා පැනලද....එළ සීන් එක....ඉතින් මොකෝ උනේ ඌට....
ReplyDeleteඅපරාදේ තව පොඩ්ඩක් පරක්කු උනානම්! :D
ReplyDeleteශැහ් මෙච්චර ඔයාලා මහන්සි වෙලත් සපා ඒකෙන් ප්‍රයෝජනයක් අරන් නෑනෙ.
ReplyDeleteදැන් සපා රෙකෝඩ් එක කඩුවද, නැත්තං උඹලගෙ රෙකෝඩ් කැඩුනද?
ReplyDeleteඅයියෝ අයියෝ මම හිතුවේ මූන බෙරිවෙලා තිබුනේ වෙන දේකට කියලා හි හි ඇඩෙනවා චියරින් ගැල්ලමයි මම දැකලා තියෙන්නේ අර ෆිල්ම් වල විතරයිනේ....
ReplyDeleteමරු කථාව අයියේ
හිනා කාලා මළා...
ReplyDeleteතොපි උදව් කලේ සපාටද..නැත්තං තොපේ ඇස් ගෙඩි ඔලටද..?
ලියහං බං මෙන්න මෙහෙම පරණ කතා ටිකක් ඇස්ටි හැලිලා බැස්ටි බහින්නම...
//කට්ටියටක් අතට අහුවෙන අය. අනිත් අය අතට අහුවෙන්නැති ඔන්ලයින් අය//
ReplyDeleteසොෆ්ට් යාළුවොයි හාර්ඩ් යාළුවොයි නේද?:)
ඒක ජාති නැටුම!
ReplyDeleteකට ඇරගෙන කියෙව්වේ... සපා පැනලත් ඉවරද..?
මේ නම් සාපට උදව්වට්ට නෙමේඅ සාපගේ නම දාලා කෙල්ලන්ව ලගට ගෙන්නගන්න
ReplyDeleteහය්යෝ සල්ලි...ඔය ඇස්වල පොට ඒ පාර ගිය ගමන්ද තාම?
ReplyDeleteඅන්න කුමාරිහාමිත් රෙඩිලු ආයි සපා පණිනවනං නටල සප් එකක් දෙන්න.
ඔය චියරිං නංගිල නටද්දි හුලං අත වෙනස්වෙනව බං . . හිටු කියල
ReplyDeleteකතන්දර,
ReplyDeleteඅපිත් කෑවා.
.........
පොකු,
අපිත් ඉන්නවා ඕනම වෙලාවක උදව් කරන්ට.//
අන්න නියම යාලුවො. බලමුකො තියරි වගේම ප්‍රැක්ටිකල්වල තත්වෙත්.
මේ ලඟදි දවසක් මගේ යාලුවෙක් කීවා එයා නම් කැමති අතට අහුවෙන අයට කියලා.//
මම අද්දැකීමෙන් කියන්නෙ අතට අහුවෙන අහුනොවෙන කියලා නෑ ඉතිං.... දෙකොට්ටාසෙම දෙගොල්ලං අතරම ඉන්නවා.
..........
හරී,
සපාට මොකද වෙලා තිබුනේ...//
ඉතිං වෙන්ඩ තියෙන හොඳම දේ වෙලා...අනේ අපිට බලාගන්ඩ බැරි උනානෙව.
.........
බුරෝ,
// ඇරත් අපේ මූණුත් හෙන නිවිච්ච පාටයිනෙ. //
ඔය කතාව අපි කිව්වම හුඟක් අය උඔ වාගේ කට කැඩිච්චි කතා කිව්වා තමා. ඒ ඇයි කියලයි අපට තාම හිතාගන්ට බෑරි.
............
නොදුටු,
සපාත් කකුල් දිහා බලාගෙන දුවල වෙන්ඩැ පොරට බඩු හම්බෙලා තිබුනා කලින්ම..... පරිස්සමට තියපු දේ ඇගියාට ගියා වගේ කියන්නඒකද දන්නැ නේද?
........
පූසා,
ඇයි මොකද වෙන්නෙ එතකොට.
........
පිණිබිඳු,
අන්න ඇත්ත තත්තෙ තේරුං ගතතු නෝනා කෙනෙක් :D
.............
පෙසන්න,
කාගෙවත් ඒවා කැඩුනෙ නෑ.... අපි අලුත් නැටුං අඩි ටිකක් ඉගෙන ගත්තා ඇරුනම.
.........
ගැමියාගේ පත් ඉරුව,
ගැමියෝ ඔයත් එන්ඩ සුගතදාසේ පැත්තෙ ජාතික මට්ටමේ ක්‍රීඩා තරගයක් තියෙන වෙලාවට. ඔය ඕනැතරං චියරිං ගැල්ලමයි බලාගන්ඩ පුලුවන් වෙයි.
............
මාරයා,
නෑ නෑ බං අපි අවංක මෙව්වා එකෙන්නෙ ඒ ගොල්ලංව ගෙන්නා ගත්තෙ. පස්සෙ වැඩේ වර්චස් වෙච්ච එක වෙනම කතාවක්.
.............
රාජ්,
අන්න ඇතත් තත්වෙ තේරුණ කොල්ලෙක්...
.......
බීට්ල්,
වැඩැන්නැ මල්ලි කතා කරලා..... රේස් එක ගිහිල්ලා...
.........
ඩිලාන්,
ආ.................උඔ එතන හිටියනං ඔහොම කියන්නැ..... ඒක ජාති නැටුම.
.........
ඉන්දික උපශාන්ත,
එදා නෙමේ පොට ගියේ.... කුරුලු හමුදා ඉන්ටොවීව් ගියදා..... අනේ මොකට කියනවද ඒ ගැන. ඒක නෙමේ කුමාරිහාමි ඔසරිය ගහලා චියරිං නැටුටම එද්දි අපිට රබං ගහන්ඩ වෙයිද දන්නැ තාලේ අල්ලන්ඩ උන්දැට.
.........
ඕනයා,
ඔය දන්නෙ යස අගේට. හැබැයි වෙලාවට හුලං මාපකයක් තිබුනනේ.... හුලං අඩු වෙලාවක් බලලා තමා ඒ ගොල්ලන්ට රෙස්ට් කරන්ඩ කියන්නෙ.......
Observer has left a new comment on your post "චියරින් ගැල්ලමයි (සිත්තර ඇතුලේ) | සපා - මගේ යාලුව...":
ReplyDeleteමං හිතුව කෙ. කො. පොඩි එකාට යාළුවො කතා සෙට් එක අමතක වෙලාම ගිහිං කියල.
නියමයි , ගෑල්ලමයි ටික නටනව මැවිල පෙනුන.
සපා කියන කොට මතක් වුනේ, aතට නාහුවෙන 'සපතේරු උන්නැහෙ '
මෑන්ස්ව කාලෙකින් දැක්කෙ නෑ
හෙහ් පස්ට නැටුම නෙව, ඕකෙනෙ කියන්නෙ බොලාට කකුලක් දැක්කොත් යාළුවොත් අමතකයි නෙව.
ReplyDeleteමොන මගුලක් ද මන්දා බං මට මේකට හිනා යන්නෙ නෑනෙ. ආ හා හා. හිනා යන කථාවක් නෙමේ නම් කමක් නෑ. මේක උදෙන්ම නැගිටපු දවසක ච ලිව්වෙ?
ReplyDeleteදැන් ඔය ඇවිල්ල හිටපු ගැනුලමයිත් 'අතට අහුවෙන' ජාතියෙ අයද? :)
ReplyDeleteඔන්න බලහං ඒකෙත් හැටි.. මෙච්චර දිග පෝස්ට් එකේ ඔබාට මැවිලා පෙනුනෙ ගෑල්ළමයි ටික නටන හැටි විතරයි.. අම්මපා මේවා ඔබී දැක්කනං හෙම ඔබාගෙ ඉතුරු කෙස් ගස් ටිකත් ඉවරයි.. :)
ReplyDeleteඅහක බලපු ටිකට සපා පැනලානේ
ReplyDeleteඅපිත් දැක්කෙ නැහැ නේන්නම්
(සපාගේ පැනිල්ල වගේද චියරින් ගෑල්ළමයි නැද්ද චුටි මහත්තයා)
නවම්,
ReplyDeleteකකුලක් නං මදැයි බං....
..........
ඉෂාර,
උඔ එක එක කතා කියලා අපේ ගෙවල් පාරේ යන්ඩ නෙමේ යාලුවො හොදේ...
....
මුහුදු,
අනේ මේ මොනවා කියනවද මුහුදු, සමහරු අතට, සමහරු හිතට!
.........
බුරෝ,
ඔබී නැන්දා තාම ගමේලු ඉන්නෙ. අනිත් සෙට් එක විතරයි මේ දවස් වල ඔබාගෙ තනිනොතනියට ඉන්නෙ..
...........
ලොකු පුතා,
මේ මොනවා කියනවද අයියෝ?
චූටි මහත්තයා... මට ප්‍රශ්න කීපයක්ම තියෙනවා,
ReplyDelete1) සපා පැනීමත්, ගැල්ලමයි කැඳවාගෙන ඒමත් අතර කොපමණ කාලයක් ගත උනාද ?
2) ගැල්ලමයින්ගේ සාය වියතට වැඩිය දිගයි කියලා මැන්නේ අතින්ද ?
3) සපා පැන්නාද, නැත්නම් 3 වෙනි පාරත් ෆවුල්ද ?
01. කාලය ගණනය කලේ නැත. සාමාන්‍යයෙන් නැෂනල් මීට් එකකට එක් තරගයකට තරග කරුවන් පලාත් 9 යෙන් තුන්දෙනා බැගින් සහභාගි වෙන හින්දා සැළකිය යුතු වෙලාවක් ලැබෙනවා.... උඩහින් නම් ඒ දවස් වල ආවේ නෑ තමා. ඒ උනාට එක ජම්ප් එකකට පස්සෙ විනාඩි 20 කට වඩා තියෙනවා.
ReplyDelete02. ඒ ගැන පැහැදිලිව සටහන් කර ඇත.
03. සපා පැන්නාද, නැත්නම් 3 වෙනි පාරත් ෆවුල්ද ? තීරණය ඔබේ අතේ :D
ඔච්චර හුළඟ තිබිද්දි අර වියතෙ ඇඳුමට එහෙම අවුලක් වෙන්න නැතුව ඇති නෙහ්... ලොල්..
ReplyDeleteමොක්කුද බං එතකොට අහවල්ලු...?
මට චියරිං ස්ක්වෝඩ් එක මැවිලා පෙනුනා. පට්ට කතාව. ඊටත් පට්ටයි කාටූන් ටික. ඔය අර ග්‍රැෆික් ටැබ්ලට් එකද? ඒයි මාත් එකක් ගත්තානෙ. ඒ වුනාට මට තවම ඊට වැඩිය හොඳට අතින් අඳින්න පුලුවන්.
ReplyDeletehenryblogwalker the Dude
Dude,
ReplyDeleteමේ ගැෆික් අහවල් එකෙන් තමා ඇන්දේ! ආනේ ඔයත් එකක් ගත්තද? මට නං මේක බොලා වගේ මහත්තැන් කෙනෙක්ගෙන් තෑගිනෙ ලැබුනෙ. දැං ඉතිං ඔබා මාමගෙන් උඔට බේරිල්ලක් නැති වෙයි.
මෙහෙමෙ කේස් එකක් තියෙනවා. ඕකට හුරු වෙනකල් ටිකක් අමාරුයි. මොකද ලිස්සන ගතියයිනෙ.:D පස්සෙ නං බඩේ බත් ටික වගේ වෙයි. මටත් තාම සීයට බොහොම පොඩි ගාණයි හුරු. වේගවත් ඉරි ගද්දි පෑන කැලේ පයිනවා.
හැබැයි ඉන්ද්‍රනාත නේනුවර සර් මේකෙන් දාන වැඩ දැක්කම අපි ලොවෙත් නෑ.
මේ තියෙන්නෙ,
http://www.facebook.com/media/set/?set=a.108901999218036.15324.100002947105775&type=1
ඔන්න මාත් පොඩි අප්පුඩි පාරක් ගහනවා ඒකට...!!
Deleteබුද්ධි කොලුවො මං ගියානෙ බං ඒ ලින්ක් එකට පිස්සු හැදෙනවනෙ ඒ චිත්‍ර ටික දැක්කම. ස්තුතියි බුද්ධි!
ReplyDeletehenryblogwalker the dude
අප්පට සිරි... ඉතිං සපාගේ රිසල්ට් කෙසේද... ???
ReplyDeleteකෙල්ලෝ දැක්කම මොන සපාද නේද...
යකෝ සපාට උදව්වක්ද මේ කොරලා තියෙන්නේ . . ඌ අර ගෑනු ළමයින්ගෙන් ස්ටෙප් එකක් ඉගෙන ගන්න එයාලගේ කකුල් දිහා බලා ගෙන ඉඳලා අල කරගනී කියලා මට නම් මුලදිම හිතුනා . . .
ReplyDeleteසපා පැන්නට පස්සේ නේ චියර් කරලා තියෙන්නේ. අයියෝ සල්ලි !
ReplyDelete