මචං, උඔල ආවේ පෝස්ට් එකක් කියවන්නද බං
මචං, සිත්තරයක් බලලා යන්ඩ එහෙම නේ මචං
මචං, ඒව මුකුත් අද නං නෑ අනේ සොරි මචං
මචං, අවනඩුවක් කියන්නෙ අද අහගල්ලා බං!
මචං, අක්කලා, අයියාලා, නංගිලා, මල්ලිලා මදිනං
මචං, දරුවො එක්ක පවුලෙ සැමට පේලියට සිටං
මචං, කියවන්නට ආ සැම මේ ලෙස පිළිගනිමිං
මචං, ආපු සැමට "ගුඩ්මෝනිං" ඔක්කොටම කලිං!
මචං, මෙහෙම දෙයක් මේ ලෝකේ තියෙනවාලු බං
මචං, සිංදු කියන්නට, නළුකම, සිත්තර බැරිනං
මචං, කඳු නගින්න, කාර් රේස් වලට වගේ බං
මචං, පෙර පිං අනුවලු ඒවා පිහිටන්නෙ බං
මචං, එහෙම බලනකොට මේ මොන කෙංගෙඩියද බං
මචං, සිංදු සිත්තරේ බැරිනං බ්ලොග් පෝස්ට් වලිං
මචං, නළුකම බෑ කිව්වට ඔය තැං තැං ඔල නං
මචං, රඟපාලා ජාමේ උනත් බේරගත්තා මං
මචං, කිව්වට අහපං මං මේ කියන්නෙ "ට්රූ" බං
මචං, පාරේ පොලෝසියෙන් නැතුව වාහන අඩුනං
මචං, නෝමල් පාරෙ දෙසීය කිට්ටු කරලා දැං
මචං, වාහනයත් ගෙනියනවා ගේමක් නෑ බං
මචං, ඒ කාලේ ඉස්කෝලෙ එළ කොල්ලෙකි මං
මචං, ඉදලා හිටලා ඉස්කෝලෙ කට් කෙරුවටනං
මචං, චිත්‍ර, පරිසරේ, විද්‍යා, සංගීතෙ ගණං
මචං, ඉගෙන ගත්තා ඒ වගේම ලකුණුත් හොඳනං!
මචං, පොර ටෝකක් නෙමේ මචං මේක සිරා බං
මචං, ඒ කාලේ මං එළකිරි ක්‍රීඩකයෙකි බං
මචං, ඕල් අයිලන්ඩ් කප් ගැහුවේ එක පිට එක මං
මචං, මතක් වෙද්දි මයිල් ටිකත් කෙලින් වෙනවා දැං
මචං, හිතන්ඩෙපා නයෙක් කියලා මේ සත්තයි බං
මචං, මුතුඇටයේ හමුදාවේ හිටිය එකෙක් මං
මචං, රට වෙනුවෙන් ඕනදෙයක් වුනදෙන් සිතමිං
මචං, ඉදිරියට ගියේ වෙඩිල්ල පයිසෙට සිතමිං
මචං, ඒ කාලේ හොඳට වේට්ස් කරපු එකා මං
මචං, මේ කාලෙත් යමක් කමක් කර ගත්තැකි බං
මචං, මොනා කලත් එකම දෙයක් මක්කරලත් බං
මචං, කරන්න බෑ කියපල්ලකො ඒ ඇයි මට බං?
මචං, කවි පංතියකට දවසක් කමෙන්ට් කලේ මං
මචං, ඒ ගද්‍යයෙන් තමා ඉතිං පද්‍ය බැහැනෙ බං
මචං, අනිත් එව්වො කමෙන්ට් කලේ පදවැල් හතරෙං
මචං, කවි බ්ලොග් වල කමෙන්ට් කරලා ලැජ්ජා උනා මං
මචං, සිත්තරයක් පෝස්ට් එකක් දාන එකා මං
මචං, ඉදලා හිටලා පොටෝවකුත් ඇල්ලියැහැකි බං
මචං, ඒවා මොනා කලත් මචං ඉටිකිරිස් ලෙසිං
මචං, ලියන්න බෑ රස කවි වැල් මක්කරලත් නං!
මචං, හතර පදේ ගලපන්නට හෙන ගේමක් මං
මචං, දෙන හැටි දැක්කොත් උඔලා එකත් එකට නං
මචං, "බුද්ධියා පව් අර බලපං" කියලා සිතමිං
මචං, උඔලා දුක්වෙනව ශුවර් බොරුනං බලපං
මචං, බ්ලොග්කාරියො කවි ලියනව අම්බානක දැං
මචං, කොල්ලොත් දැං එකා දෙන්නා කවියට බරනං
මචං, මමත් යමක් කරන්නෙපැයි මේක කොරන කං
මචං, ඒකයි මට මෙව්වා උනේ අම්මපල්ලා බං
මචං, ගඟක් ගලා යනවා වගේ අදහස් එනකං
මචං, පල්ලමේදී බයික් එකත් ඔටෝ යනවනං
මචං, වැල මදුලක් බහින ලෙසින් උගුරෙන් පල්ලං
මචං, කවියට අදහස් එන්නෑ ඒ මක්කෙයි බං?
මචං, උඔලා ඇවිල්ලා මාගේ මිත්තරයොනෙ බං
මචං, කෙල්ලො කොල්ලො කියලා ඒකේ වෙනසක් නැත්තං
මචං, යන්න එපා අද ලිස්සල නොදැක්ක විලසිං
මචං, උත්තරයක් දීලා යමං පිං දෙන්නං මං!!!
...............
- මීට
ඔබට ලැදි හිතවතා
ඔන්ලයින් යාලුවා
පැන්ස දෙකේ හංසයා
යුරො දෙකේ වීරයා
This comment has been removed by the author.
ReplyDeleteවචනයක් වැරදිලා
Deleteකමෙන්ට් එක නැතිවෙලා
හැක් හැක්
මචං,මේ මොන හුන්නස්ගිරියක්ද බං
ReplyDeleteමේ වැනීමක් නෙ තියෙන්නෙ.... දැං ජනප්‍රිය ක්‍රමේ ඕකයි
Deleteදියලණු ලිහා අමුඩය රෙදි වැලේ වනා
ReplyDeleteහොඳ පටි ජොකෙක් ඇඳ කුට්ටම රකිනු නියා
පින්සල බිමතියා කයිපද කරේ තියා
මඩුවට බහී කවි කවි කෙටුමට මෙන්න මෙයා
හුටා ! අන්තිම පදේ කවි කවි කියල ඩබල් වෙලා, අනේ එකක් අහක් කරපං, නැත්තං අජූවයි
Deleteබොලා කමෙන්ට් කරන්ඩ හදිස්සි වෙලා.... ඒකයි ඒක පෙනිලා නැත්තෙ. හැම වැඩේම මෙහෙමද? ටොපිය තියෙන්නෙ හපලා කන්ඩ නෙමේයි සූප්පන්ඩ කියලා අහල නැද්ද ඒ කාලේ
Deleteමචං, කිව්වේ කවුද බැහැයි කියා කවි ලියන්න බන්
ReplyDeleteමචං, එළිසම නැති කවි අතරේ එළිබහිනා උන්
මචං, ලියා තිබේ නිසි ලෙස පද හරිම රසයි බන්
මචං, අරින්නේපා නාන් නැතුව දිගටම ලියපන්
එහෙමයි එහෙමයි දේශප්‍රේමියා :D
Deleteමචං, මරු කවි ටික බං.
ReplyDeleteදන්නවනේ ප්‍රසා... කොල්ලගෙ හැටි
Deleteකවි ලියන්න බෑ කියලා
ReplyDeleteකිව්වට විලාප ගහලා
ඔය තියෙන්නෙ කවි ලියලා
කතරට මල් වැහි වැටිලා..
සිඟිති කවිය ලක්ෂණයි
Deleteඒකෙන් මට කික් එකයි
උන්ගෙ කරේ බොත්තමයි
බලන්න හරි ලශ්ශණයි :D
ඈ බං එතකොට අර අඹ රඹුටන් ගස් වලට මොකද වෙන්නෙ
Deleteමචං, එළ මචං..මගෙත් කවි සංකල්පනා සක්තිය බොහෝම අඩුයි සහෝ....
ReplyDeleteපිහිටන්ඩ ඕනෙලු.... පිහිටලා නැති උන් සතත අබ්‍යාස කරන්ඩ ඕනෙලු. වෙලාව තිබුනොත් කරලා බලන්ඩකො... මටත් ඕක ලියන්ඩ හෙන වෙලාවක් ගියා.... ඒත් කවිකම කියන්නෙ මේක නෙමේ.... සිටි සිටි ගාලා පදවැල් වෑහෙනවා නියම කවියන්ගෙන් :D
Deleteෂල ලලලා අද අපිලට නිවාඩුනේ බං
ReplyDeleteනොතියා අලාම් එකත් එලිය වැටෙන කං
නිදාගෙන සන්තෝසෙන් නැගිටපු හැටියෙං
කියෙව්ව උඹේ බ්ලොග් පෝස්ටෙක කට ඇරගෙන මං
මොන මගුලක්ද යකෝ මේ කියන්නෙ බං
මට නං මෙලෝ දෙයක් තේරුන්නෑ ඕං
යම් දේකට උඹ මට බනිනවා වත්ද බං
දැම්මවත්ද මොනවත් උඹේ ඩ්‍රිංක් එකට උං?
මේ මෑතකදි ඉඳලා කවි කියලා හිතන ඒවා ලියන
කයියට L බෝඩ් ධාරී,
henryblogwalker the Dude
මුන හොදගෙන, දත් මැදලා තේ කෝප්පෙ බීබී කියවහං. මුල ටික තියෙන්නෙ වැනිල්ලක්... ඉතුරු ටික තේරෙන්නැලු... මෙච්චර කාරණා කරණාා දන්න එකා
Deleteමේක නම් මාරම පෝස්ට් එකක්. හොදයි බලමු නැවත වරක් කියවලා. බලත්දි සිත්තර කමටම ගැලපෙන කවිකාරකමත් සාරයිනෙ.
ReplyDeleteහික්... හික්... වෙදමහත්තයා මට විහිලු කරනවා
Deleteමචං, කැමති ම නං මචං කෑල්ල හලලා කියවපං
ReplyDeleteබුද්ධි මොකද හැබෑටම වුනේ? රබානකුත් අරං කිව්වා නං අගේ කියලා නිමක් නැහැ නේ. ලස්සන කවි පංතිය
මං හිතාගෙන ඉන්නෙ රාගම ස්ටේසමේ මේක කියන්ඩ කියලා ච යන්න වෙනුවට ඥ යන්න දාලා
Delete//මචං, හිතන්ඩෙපා නයෙක් කියලා මේ සත්තයි බං//
ReplyDeleteමේක දැකල නම් හිනා ගියා..
වෙනස් වැඩක්..ඔහොම යං..
රූ..... මේ චක්කර නංගිගෙ අක්කා නෙමේ එතකොට නේ... මේ කව්ද කොහෙද ඉන්නෙ ඔයා... තාම අලුත්නෙ ඒකයි ඇහැව්වෙ :P
Deleteසිත්තරා...
ReplyDeleteකවි කරා ..
සිත් පුරා ..
සිනහ ලා ...
මල්ලි , මුලින් comment එක delete කළා අකුරු මාරුවක් තිබුණ නිසා ..
ආ.... මේතියෙන්නෙ හරියට ලියලා... ඉෂ්ථුතියි අයියණ්ඩි කමෙන්ට් එකට
Deleteපෝස්ට් නැතත් චිත්තරයක් ඇති කියලා මං
ReplyDeleteතකහනියක් දුවන් ආවෙ හිනැහෙන්න උදෙන්
මොන යකාද ගැහුවෙ මූට කියලා සිතමින්
මම යනවා මචං, මෙමට කවි නම් අරහං
හරි හරි සෙනසුරාදා වරෙන් සිත්තර බලන්ඩ
Deleteහතර පදේ ගැට ගහන්න අමාරු නෑ මචං
ReplyDeleteහැමදාමත් මේ වගෙ කවි තව ලියපං මචං
මාත්තරා එළිසම ටික හදාගනින් මචං
මාස හයෙන් උඹ කවියෙක් වෙනව ෂුවර් මචං
මචං කෑල්ල දැම්මෙ අහවල් එකකටද????
ReplyDeleteඹව්! :P
Deletethis is the best!
Deleteඹව්! :P
Deleteමොකෝ බුද්ධි අඹ බව්........ :D
ඉන්දික මැනි තැන්ක්ස්.... රන්දිල් වැරදි බටන් එක පැගිලා තියෙන්නෙ
Deleteමෙකෙත් පොඩි ගතියක් තියනවා
ReplyDeleteඑහෙනං එච්චරයි....
Deleteබුද්ධියා පව්! හික්.
ReplyDeleteඅන්න නියමෙට තේරුං ගත්තු මිනිස්සු
Deleteමචං, බුද්දි අයියෙ උඹ වගේම පොරක් තමා මං
ReplyDeleteමචං, කවි ලිවෝත් අල වගේලු හැඩයක් නැ බං
මචං, මක් කරම්ද අපි ලබාඋපං හැටියනේමේ බං
මචං, මඩක් ගහං ආතල් එකෙ ලියං ඉදිමු බං !!
පවු බං හාවා :D
බුද්ධි පවු . . .
Deleteහාව පවූවූවූවූ . . . .!!!
බනියා ඉතරයි ඇත්ත කතා කරන්නෙ....
Deleteඕන මැන්ටල් ටත් මට හිතෙන්නෙ කවි බෑ. නැත්තං මෙහෙම ලිස්සලා යයි යෑ
එළිසමය එළිවැට ඕව ගලපලා නියමෙට ලියල තියෙන්නේ...
ReplyDeleteහැබැයි මොකක් ගැනද කියල මම ටිකක් හොල්මන්... :D
ඇයි අනේ මාව වනා ගත්තට පස්සෙ ප්‍රස්නාර්ථයක් දාලාම තියෙන්නෙ... අනේ මන්දා දැං හැදෙන ගැල්ලමයි.....
Deleteඅනේ අයියේ.. කවි ලියන්න නම් මටත් බෑ.. ඒත් ඔය අයියා බෑ කියුවට ලස්සනට ලියල තියෙන්නෙ. මරු නේ.. මෙහෙම කවියක් මගේ ජීවිතේටම කියවල නෑ..
ReplyDeleteමෙහෙම කවියක් මගේ ජීවිතේටම කියවල නෑ..///
Deleteඅර හෝටලේකට ගිහිං මෙහෙම කෑමක් මම කවදාවත් කාලා නෑ කිව්ව කතාව මතක් උනා මේක කියෝලා.... කවි ලියන්ඩ මටත් බෑ... ඔක ලියන්න දුන්නු ගේම දන්නෙ මමයි ලැපයි විතරයි හි...හි..
මචං මටත් කයි බෑ බන්
ReplyDeleteමචං ඒ උනාට උබේ වැඩේ හරි බන්
මචං උබ හිමාලයත් නැග්ගද බන්
මචං ඇත්තටම උබ හරි වැඩ කාරයෙක් නේ බන්
හෙක්...... අන්න එහෙම තමා ඉන්ට ඕනෙ.. ගමේ එකෙක් වැඩක් කලාම උපරිම බැකප් එක දෙන්ට ඕනැ....!
Deleteමචං දැන්නම් වෙලාවක් නෑ මොකවත් කියන්න
ReplyDeleteමචං යන්නම් අපුර වැඩ සටහන් කරන්න
මචං එන්නම් පුළුවන් වුනොත් මගදින් බලන්න
මචං දෙන්නම් එතනදිම බොගේ බඩ පිරෙන්න
හෙන ලොකු ටෝක් දීගෙන පාරට බැස්සත්
Deleteමඟදි කැලැන්ඩරයක් දෙන්නං කිව්වත්
කෝල් එකක් දී හමුවෙන්නම් කිව්වත්
අන්තිමේ පොලු තිබ්බනේ මේ ගොයියත්
ඔය කරලා තියෙන්නෙ
Delete.
ReplyDeleteකවියට සිත ගිහින් වාගේ ඒපාර
සරළයි සුන්දරයි ඔබගේ කවිසාර
බුද්ධි ඔයා හරි හපනෙකි හැඩකාර
කව්දෝ කැපුවෙ සරසවියට යන පාර
කැපුවේ බැකෝවෙන් සරසවි යන පාර
Deleteබුද්ධියා ගොහින් නොවැ ඇතිරුවෙ එහි තාර
එන හැටි හොඳ නැතෝ මූ දැන් කවි කාර
දෙන්නට යන්නෙ පද හතරෙන් මඩ පාර
මචං,මේ මොන හුන්නස්ගිරියක්ද බං ?
ReplyDeleteමචං මචං මචං මචං මචං මචං මචං මචං මචං මචං මචං
මේකේ වර්ෂන් දෙකයි ඩාක්..... මචං දාලා දිගට කිව්වැකි කොමාව ගාවින් කඩලා. තැන්නං ක්ලැසික් විදිහට කැමති අයට මචං නැතුව ඒ කියෙව්වැකි :D
Deleteතව කවි පන්ති දෙක තුනක් ලියන්ඩෝ! කවි ඇන්ජිම ලස්සනට ටියුන් වෙලා එයි.
ReplyDeleteබලමු බලමු මේක ලියන්න දත කාපු හැටි මමනෙ දන්නෙ ...:D
Deleteඋඹ එලිසමේද මොකද්ද කියන එක දාල තියෙන්නේ මුලටද?
ReplyDeleteබලාගෙන බුද්ධියො , 'යවහන් ' දෝස එහෙම තිබ්බොත් වස් වදිනවලු.
මං හිතුවා ඔබා මාමා එන්නැති වෙයිකියලා ඔයා කවියට එච්චර පන්නනං නෑ නේද?
Deleteඋඹේ පෝස්ට් එකක් කියවල මොනා හරි කුරුටු ගාල නොගිය දවසක් තියෙනවද?
Delete//'පන්නනං'//
Deleteඅනුන්ගෙ ඇහේ ඇනෙන ඒවා හොයන බොටත් අකුරු වැරදෙනව වගේ.
ඉතිං ගුරුන්ට අකුරු වරදිනවනෙ ඒකනෙ...:P
Deleteමචං, හිනාවෙලා හක්ක පැනලා මල කෙලියයි බං
ReplyDeleteමචං, ස්තුතියි හක්ක පැනලා කියෙව්වාට බං
Deleteඔය තියෙන්න ලෙසටම..
ReplyDeleteඑසේම වේවා.....ස්තුතියි :D
Deleteවෙනද වගේ මාරු වෙලා යන්න ගිහිං මං
ReplyDeleteඋත්තරයක් දීලා යන්න කිව්ව නිසාවෙං
ගොතන්න ගත්තෙමි කවියක් අමාරුවෙන් දැං
මෙ සිව් පදේ කොටන්න මට පැයක් ගියා බං
කවියෙන් දුන්නම හොරු අහුවෙනවා හෙහ් හෙහ්....
Deleteමං පස්සෙ දාන්න හිතන් හිටපු කතන්දරයක් හෙටම දාන්න හිතුන මේක කියවලා!
ReplyDeleteකෝ ඉතිං රමණි නෝනගේ සිනී කිරිල්ල ගැනද මතක් උනේ
Deleteමෙන්න මේක!
Deletehttp://kathandara.blogspot.com/2012/01/blog-post.html
!!!
ඒක මිසක්,
Deleteමම හිතුවේ මේක කියලා.
http://kathandara.blogspot.com/2012/01/blog-post.html
මචං, අදමයි දැක්කේ මෙහෙම එකක්
ReplyDeleteමචං, හිතුවේ අදත් ච්ත්‍ර කතාවක් කියලා
මචං, මම වෙන මොනවා කියලා කියන්නද
මචං, උපරිමයි මේක..
හෙහ් හෙහ්... එළ කවි වැල.... ස්තුතියි ස්තුතියි අංකුර කවියට දෙන සහයෝගෙට....:D
Deleteසිහියෙන් ඇවිල්ල බැළුවා මෙලෝ දානයක් තේරුනේ නෑ....! ඒ පාර ගිහින් ෂොට් දෙකක් දාගෙන ඉන්න වෙලාවක බැළුවා....! මචං කෑල්ල පොදු ගුණාකාරෙකට දාල කියෙව්ව නිසා ඉතුරු ටික කියවන්න පුළුවන් උනා....!
ReplyDeleteඒත් තේරුන්නැනේ..... :P
Deleteහිකිස් නියමයිනේ.. ඔය තියෙන්නේ දැන් මේකේ කවි කතන්දර සිත්තර ඔක්කොම බලන්න පුළුවන්නේ... ඕල් ඉන් වන්... :)
ReplyDeleteහරියට සුපර් මාකෙට් එක වගේ තියෙයි නේ....:D
Deleteමචං මොකද්ද බං මේ ලියලා තියෙන්නේ !!!
ReplyDeleteප්‍රස්නාර්ථයක් තියෙන්නෙ ඒ ටිකවත් ආයි කියවන්ඩ බලන්ඩ........ :P
Deleteඅනේ මචෝ මචං!
ReplyDeleteතිත් දෙකයි ඩී
Deleteඈ මචං අයියේ.....
ReplyDeleteමේ මොකක් ගැනද හැබෑට ලිව්වේ....
මේච්චර ඇසු පිරු තැන් ඇති පූස් තඩියට තේරෙන්නැ කිව්වම
Deleteකයි පහ පහ ලියපං බං . . . .
ReplyDeleteඕනේ, මාරයා ලියලා තියෙන්නෙ එහෙමද බලපන්
Deleteඔක්කොම කියෙවුවා.. ඒත් තේරෙන් නෑනෙ.. :D
ReplyDeleteප්‍රස්නාර්ථයක් තියෙන්නෙ ඒ ටිකවත් ආයි කියවන්ඩ බලන්ඩ........ :P
Deleteමචං, කයිය පද බැඳගෙන
ReplyDeleteමචං, කයි පද කරට අරගෙන
මචං, කයිය පහ පහ ලිය
මචං, කයියේ පණ යන හැටිත් බලපිය..
අලේ මන්දල්ලෑ පිස්සු වගේ අප්පා මොකක්ද ඔයා කියන්න හදන්නේ ඈ
ReplyDeleteආයි කියවනඩ බලන්ඩ..........:P
Deleteමචං, ගගක් ගලන්නේ ගගට ඕනෙ විදියටයි
ReplyDeleteමචං, ඔටෝම යන්නේ පල්ලම් තිබුනු විදියටයි
මචං, මදුල ගිලෙන්නේ හිතල ගිල්ලොත් විතරයි
මචං, අදහස් එන්නේ කවියක් ලිව්වොත් විතරයි
මචං, පුන්චි ඔවදනක් දෙන්නම් මිතුරෙක් විලසින්
මචං, හිච්චි කොලේකුත් අරගෙන පැන්සලක් ගනින්
මචං, හිතට නැගෙන සිතුවිලි හෙමි හෙමිහිට ගලපන්
මචං, රකිමින් එළිසමයත් සිව්පදයක් ලියපන් !!
ස්තුතියි ඔවදනට.... එහෙමත් කරලා බලන්නම්කෝ....
Deleteඒත් මෙතෙන පොඩි වැරැද්දක් තියෙනවා නේද?
මිතුරෙක් විලසින් නෙමේ මිතුරියක් ලෙසින් කියලා නේද එන්ඩ ඕනැ......හැක් හැක් හැ.... :P
පලයන් බන්
ReplyDeleteහා....
Deleteමචං, මට මේක තේරුනෙත් නෑ
ReplyDeleteමචං, මම හරියට කියෙව්වෙත් නෑ
මචං, එවුනට මම ඔන්න comment කලා
ඔය තියෙන්නෙ එල කිරිස් වගේ... අපිට නං ඉතින් කයියෙන් උත්තර බඳින්න බෑ ඕං... බුද්ධි කලා රිටක්නේ... කතා, සිත්තර, දැං කවි... නියමයි... ඔහොම්ම යං...
ReplyDeleteහොඳයි මචං
ReplyDeleteසහන්, ආශි, අසිත, පරක්කු උනාම මිස් වෙනවා...දැනුයි දැක්කෙ... ස්තුතියි මසංලා
ReplyDeleteකවිනම් මට විකාරයක්...
ReplyDelete