2012/02/02

මදුරුවොයි පුංචි අපියි ! | නිර්වස්තරයක් ඇඳගත් කළ.....

"බ්ලොග් ලියනවත් එකේ සමාජයට මොකක් හරි වැඩදායක දෙයක් ලිව්වොත් මොකද!" කියලා එක දවසක් මගෙන් යාලුවෙක් ඇහැව්වා. පොරට මං දවසක් වදෙන් පොරෙන් මගේ බ්ලොග් එකේ යූආර්එල් එක දුන්නේ එක හිට් එකක් හරි වැඩිවෙනවනෙ කියලා. අන්තිමට උනෙ පොර මට උපදෙස් දෙන්ඩ ගත්තු එක.

හැබැයි මමත් ඇරියේ නෑ. මං කිව්වා, "මගේ හැම කතාවෙම ගන්ඩ දෙයක් තියෙනවා. හැබැයි උඔලා වගේ මැටි ගොඩවල් වලට නං ඒවා තේරෙන්නැතුව ඇති තමා, ඒක තියෙන්නෙ කතාවෙ උඩින් නෙමේ යටින්"ය කියලා. පස්සෙ පොර කට වහගත්තා.

ඕක කියනකොට මට මතක් උනේ මෙන්න මේ පුංචි කතාව.

හැමදාම වගේ, ඒ අපි කුරුලු හමුදාවෙ ඉන්න කාලේ. අපි හිටියේ බෙරේ වැව ආසන්නයෙ තියෙන නිවස්නයක හෙවත් බිලට් එකක.

කාලයක් එනවා ඒ පැත්තෙ ඉන්ඩ හිටින්ඩ බැරි තරම් මදුරුවෝ බෝවෙන. සමහර දාට මඳුරුවො අපිව උස්සං යයි කියලා හිතෙනවා. ඒ හින්දා අපි මෙට්ටෙ බදාගෙන නිදාගන්නෙ. අනික ඒ කාලේ රෑටත් මාර රස්නෙයි. බිලට් නිකං පෝරනු වගේ.

ඒ කාලෙට අපි කරන්නෙ ඇඳන් වල තියෙන මෙට්ටා අරං යන එක බේරේ වැව ගාවට. ඒක කොන්ක්‍රීට් ගහලා දැල් ගහලා ලස්සනට හදලා තියෙන තැන. වැලි ඇටයක් බේතකටවත් හොයා ගන්ඩ බෑ. ආර්පීජී දැල් කියන අර කොල පාට ‍ලොකු දැල තමා පේන තෙක් මානෙක තියෙන්නෙ. අපි දැලට මෙහෙන් වැව වෙන්වෙන කොන්ක්‍රීට් බැම්මෙ මේටටා එලාගෙන නිදා ගන්නවා. වැවේ හුළඟට මදුරුවොයි, රස්නෙයි කොහෙන් ගියාද නෑ.

හැබැයි ඕක අපි කරන්නෙ හොරෙන්. ඕගොල්ලත් දන්නවා ඇතිනෙ. ලෝකෙ කොයි හමුදාවකද මෙට්ටා අරං එලියට ගිහිල්ලා තැන් තැන් වල නිදා ගන්න දෙන්නෙ. ඒත් අපි ඕක සෑහෙන කාලයක් කරගෙන ගියා කිසි විපාකයක් නැතුව.

ඒත් දවසක් නේද, දාර සයිස් සාජන් කෙනෙක් මහ රෑ චෙක් රන් එකක් ආපු වෙලාවේ අපි ඔක්කොමලම මාට්ටු උනා නිදි ඇඳුම් පිටින්. පොර කිව්වා "යකෝ, හතුරෙක් එහෙම වැරදිලාවත් ආවොත් ඌ ආපු වැඩේ පැත්තක තියලා තොපිත් එක්ක නිදි වදියි, මේ උඔලා ගන්න සැපට" කියලා. පොරගෙ සද්දෙ කොච්චරද කියනවනං සමහර කොල්ලො නැගිටලා සීරුවෙන් හිටගත්තෙ නිර්වස්තරයක් විතරක් ඇඳගෙන.

කොහොමහරි ඒ වැඩේ ඔය විදිහට අල උනා. කරන්න දෙයක් නැති තැන අපි ඇඳං වල නිදා ගන්න ගත්තා. මදුරුවන්ගෙන් බේරෙන්න අපිට නෙට් තිබුනා. හැබැයි අපි වැව ගාව සැපට නිදා ගත්තු හින්දා නෙට් මාරු කරගන්න කිසි උනන්දුවක් තිබුනෙ නෑ. ඒ හින්දා හුඟක් ඒවා වැඩි හරිය හිල් වෙලා. හිල්වෙච්ච නෙට් අයිති කට්ටිය රෑට මහ යුද්දෙ? ඇයි උන්ට කලින් මදුරුවෝ රිංගලා නෙට් එක අයිති කරගෙන. අන්තිමේ කාටවත් එලියට යා ගන්න විදිහක් නෑ. දැං අපිට නෙට් මාරු කරගන්න විදිහක් නෑ. ඇයි ඉල්ලගන්ඩ නියම කරලා තිබුනු දවස් පැනලත් දැං සෑහෙන කාලයක්නෙ.

ඔන්න දැනුයි කතාව හරි විදිහට පටන් ගන්න යන්නෙ.

අපේ නැවතිලා ඉන්න තැන අපිට අමතරව තව සෙක්ෂන් එකක පොරවල්ලා සෙට් එකක් නැවතිලා හිටියා. උන්ගෙ සෙක්ෂන් එක ආර්. එම්. ටී. හෙවත් ගුවන් ධාවන පථ නඩත්තු කරු. උන් කතා කලේ හරියට උන් නැතුව කෆීර් එක්ක ලැන්ඩ් කරන්ඩ බැරි ගානට. හැබැයි උන්ගෙ පුරාජේරුව පුරා පල්ලෙන් ගියා දවසක් දා. ඒක මම පස්සෙ කියන්නකො.

කොහොමහරි දවසක් උන්ට උන්ගෙ සෙක්ෂන් එකෙන් මදුරු කරදරේට පිළියමක් හැටියට කිරි ටොයියා නෙට් වගයක් ඉෂු කරලා තිබුනා. උඩ ඇඳවල් වලටයි යට ඇඳවල් වලටයි, දෙකටම! අපිට කාලා ඉන්ඩ බෑ ඒක දැක්කම. අපේ සමහරු කතා උනේ උන්ට නින්ද ගියාම රෑට ගිහිල්ලා අපේ නෙට් වලට ඒවා මාරු කරමු කියලා. එහෙම කියපු උන්ට අපි හොඳවයින් ටොක්කක් ඇන්නම ඒ වැඩේ බරපතලකම උන්ට තේරුනා.

කොහොමහරි අපිට මදුරුවන්ගෙන් හරි කරදර.

දවසක් අපි ප්‍රැක්ටිස් ඉවර වෙලා දවාලක කාලා බෙඩ් රෙස්ට් එකක් ගන්න වෙලේ, කෝල් එකක් ආවා.

කෝලුත් වර්ග දෙකයි.

"ට්‍රීං....ට්‍රීං....ට්‍රීං....ට්‍රීං" ගාලා ඩබල් රිං වෙනවා නං ඒක අවුට් කෝල් එකක්. ඒ කියන්නෙ කඳවුර ඇතුලෙ කෝල් එකක් නෙමේ, ඇතුලෙ කෙනෙකුට පිට කෙනෙක් කතා කරන කෝල්. ඔය කෝල් වලට මාර ඉල්ලුම. ඇයි අපිත් බලාගෙන ඉන්නෙ අපේ ගැල්ලමයි හරි, දෙමව්පියෝ හරි කතා කරන කල්නෙ. ඒ උනාට "ට්‍රීඉඉඉඉඉඉඉඉඉං"ගාලා සිංගල් රිං යන කෝල් එනවා නේද? බල්ලෙක් නෑ ඒවා උස්සන්ඩ. ඒ ඒවා ඇතුලෙ කෝල් හින්දා.

කොහොමහරි කෝල් එක ආවේ ඩබල් රිං එකෙන් හින්දා මම දූවලා ගිහිං ගත්තා කෝල් එක. ගත්තු ගමන් එහෙං කොල්ලෙක් කතා කරලා කිව්වා, “ආර්එම්ටී සෙක්ෂන් එකේ නිවාඩු ගිය සිල්වා කියලා පොරක් ගමේදී වෙල් පැන්ටා ගහලා යන ගමන් කෝච්චියකට අහුවෙලා නැතිවෙලා. ඒගොල්ලන්ගෙ අනිත් අයට පණිවිඩේ දෙන්ඩ“ කියලා. මමත් ගිහින් උන්ට පණිවිඩෙ කියලා අපේ බිලට් එක පැත්තට ගියා.

මේ තියෙන්නෙ ඊට පස්සෙ ඇති උන සංවාදේ.

"කාගෙන්ද බං කෝල් එක?"

"මාර කේස් එක බං.........උඔලට මතකද අරුන්ගෙ සෙක්ෂන් එකෙ හිටපු සිල්වව....?"

"අර කෙරෝලෙ ඇ‍‍ඳේ නිදාගන්න පොර නේද....?"

"අන්න බූවා...තමා.... පොර ට්‍රේන් එකකට අහුවෙලාලු......!"

"න්නෑ.............." ඒ අපේ සෙට් එකම.

"නෑ නෙම් බං...... "

"මොකද වෙලා තියෙන්නෙ ඉතිං.......ඩැමේජ්ලුද?"

"ඩැමේජ් නෙමේ බං නැතිවෙලාලු...."

"නැතිවෙලාලුද......? එහෙනං උගේ ඇ‍ඳෙ තියෙන නෙට් එක මං ගන්නවා."

කොහොමද මදුරුන්ගෙ පවර් එක!


...........................
-මීට යුරෝ දෙකේ වීරයා.

ප/ලි -
අමතක උනා. මොනා නැතත් සෙනසුරාදා එන්ඩලා. එදාට අලුතින් පටන්ගත්තු කාටුන් වැඩේ තවත් ‍කොටසක් යනවනෙ.






73 ක් කියන්නේ !:

  1. අපේ ගම්වල කියමනක් තියනව මේකටම හරියන,
    "මුත්ත මැරෙනකං හිටියලු ඇඳ ගන්න".
    මේක ඊටත් බරපතළයි. මැරෙන්න උනෙත් නෑ හරියට.

    ReplyDelete
  2. මදුරුවො සමඟ හෙළුවෙන්.. නියමෙට ලියලා තියෙනවා.. මැවිලා පෙනුනා සීන් එක

    ReplyDelete
  3. මේක කියෙව්වම අපේ ඔපීසිය මතක් උනා . එකෙක් යනකම් ඉන්නවා එයාගෙ බඩු මුට්ටු ටික අයිතිකරගන්න ගේට්ටුවෙන් යන්නත් කලින් .

    ReplyDelete
  4. කවුද කියන්නෙ මේක සමාජයට වැඩක් නෑ කියල... දැන් බලන්න මිනිස්සුන්ගෙ හැටි ගැන ලස්සන කතාවක්නෙ මේ තියෙන්නෙ.. ;)

    සාජන් තමා එලම කතාව කියල තියෙන්නෙ :)

    ReplyDelete
  5. දැන් ඔය නෙට් එක ගන්න කතා කළේ අපේ යුරෝ දෙකේ වීරය නෙමෙයිලු.

    ReplyDelete
  6. කතාවෙන් ගන්ට තියන පාඩම් ගොඩයි. කවුරු මැරුනත් කමක් නෑ තමන්ට නැතිදෙයක් ඒ තැනැත්තාගෙන් ගන්ට පුලුවන් නම්. හී හී...වෙලාවට මෙතන මදුරු දැල්.

    ලස්සන කතාව. ලස්සනට ලියලා චිත්ත රූප මැවෙන විදියට. ඔන්න විදෙස් සිත්තරා අඳිනවනම් පින්තූර...:)))

    ReplyDelete
  7. අනේ අම්මපා...මක්කැ කොරන්ඩද ඩෙංගු හැදුනොතින් එහේම නේ.....

    ReplyDelete
  8. යකෝ මුන් නම් මහ ජරාම යාළුවෝ ටිකක්. තෝව ආශ්‍රය කරන එක මම නවත්වනවා ඇත්තමයි. උඹත් අනික් වුන් වගේ ඇතිනෙ

    ReplyDelete
  9. හප්පා..ඕවා මොනවද ජොකෙක් බේරගන්න බැරි රටේ...
    ඇයි බං බොලාලා එහෙම වෙලාවට වෙන්දේසී දාන්නේ නැද්ද..? අපේනං එකෙක් පැනලා ගිය ගමන් හරි ඇබා ගහපු ගමන් හරි කරන්නේ උගේ බඩු වෙන්දේසි කරන එක..හැබැයි අරූගේ හොඳ බඩුව වෙනුවට ඒක ගන්න එකා අබලන් එකක් බාර දෙන්න ඕන..මොකද අවසානෙදි අරූගේ බඩු ටික සප්ලයි එකට ක්ලියර් කරන්නත් මොනවා හරි තියෙන්න එපෑ..

    හැබැයි අවමංගල්ලයකදී නං එහෙමම උනේ නැහැ..මොනවා උනත් මැරිච්ච කෙනෙක්ගේ බඩු පාවිච්චිය ගන්න හිත හදා ගතෑකියෑ..නැහැ නැහැ මං කිව්වේ මේ මනුස්සකමකට නෙවෙයි..ඇයි යකෝ හීනෙන්වත් ඇවිත් බය කලොත්..:D:D:D

    අර නෙට් එක අයිති කරගන්න හැදුව එකා ෂුවර් එකට මදුරුවන්ට බයයි හොල්මං වලට වඩා...

    මෙන්න මේ කතා ටික ලියහං බං බුද්ධීයා කියවද්දී ආ‍සාවේ බැහැ...

    ReplyDelete
  10. අලේ දෙයියනේ මෙහෙමත් යාලුවෝ....

    ReplyDelete
  11. පව්... බේරෙ වැව අයිනේ හිටපු අහිංසක මදුරුවො බය වෙලා මැරෙන්ඩ ඇති...

    ReplyDelete
  12. උස්සගෙන යන්න තරම් මදුරුවො ඉන්නවනම කරන්න තිබුනේ එකම දෙයයි. මකුනො ටිකකුත් ඇති කරන එක. එතකොට ඒගොල්ලො උස්සන්න හදද්දී මේගොල්ලො පහතට අදිනවනේ. අපේ හොස්ටල්වල නම් ඔය දෙගොල්ලොම හිටියා. ඒකට දුන්න සටන යුද්දයක් වගේ තමයි. දැන්නම් දෙයියනේ කියලා එන ළමයින්ට හොද සැප.

    ReplyDelete
  13. රසවත්ව කතාව ලියලා තියෙනවා.. හොඳයි කියමු බලන්ට මේ කතාවේ ගන්ට තියෙන දේ..?

    නිර්වස්ත්‍රයක් ඇඳගෙන හොරට නිදාගැනීම අනතුරුදායක බවද?
    මදුරුවන්ගේ පවර් එක සගයෙක්ගේ මරණෙටත් වඩා ලොකුයි කියන එකද?

    මං මේ නොතේරෙන කමටමයි අහන්නේ.. ?

    ReplyDelete
  14. හපොයි..නෙට්වලට තිබුනු ඉල්ලුම..මැරෙනකම් බලන් හිටියද කොහෙද?

    ReplyDelete
  15. මදුරුවන්ට පුරුදු කරමු මල්පැණි බොන්ට
    බුද්ධියාට එතකොට හැකි සැපට නිදන්ට

    ReplyDelete
    Replies
    1. ලංකාවට ගියාම මාව මදුරුවො කන්නේ නැත

      Delete
    2. ඔබා අයියෙ ලංකාවෙ මදුරුවන්ට නහයක් ඇති..උඹ නොනා ඉඳලා නොනා ඉඳලා.. එක්කො ඕනි නෑ...

      Delete
    3. බූරා,
      යේක යනේ යපිට ෂැප නින්දක් නිදියා ගණ්ඨ
      යේක පිං ෂලකා නෙට් ආධාරයක් එවන්ඨ
      ......

      ඔබා, එහෙනං ඕගොල්ලන්ගෙ පැතිවල ඉන්නෙ මල්පැණි බොන මදුරුවො වෙන්ඩැ ඒකයි. ඒ හින්දා උන් ඇවිල්ලා කන්නැතුව රොං අරන් යනවා ඇති.
      .......

      වෙනී, ඒක නෙමේ හේතුව උන් වැඩිහිටියන්ට ගඑු කරනවා ඇති

      Delete
    4. මදුරුවො බොන්නෙ පිරිසිදු ලේ ලු!!

      Delete
    5. දැන් අපි වුනත් ඔය චාටර් කඩවලින් කන්නෙ නෑ නෙවැ.. ඒ වගේ මදුරුවො වුනත් බං ශරීර සවුක්කිය, පිරිසිදු බව, food hygiene ගැන එහෙම සැලැකිලිමත් වෙනවා ඇති.. :D

      Delete
    6. බුද්ධීයා,

      යේක නෙට් එවන්ට බැරි කමකුත් නැතිය මලණ්ඩ
      යේවා යෙල්ලන්ට කොකු ටික හයි කොරලා තියන්ඩ

      Delete
    7. බුරා,
      ශේ.....රම, දුර මැනලා කැල්කියුලේට් කොරලා යෙපිලා
      පශ්ෂෙ ඉරි ගහලා ශමාන ලෙස වෙන්කොරගත්තා
      ශිවිලිම හිල් කොරලා කොකු එල්ලා කල් ගත වීලා
      යේවා මළ බැඳිලා මකුලුවලා ගෙවල් ශදාලා

      අයියා ශමා වෙලා තැපැල් කොරලා එපා එවන්ඩෙ
      නෙට් ටික, තද කොරලා ගුලි කොරලා පැක් කොර ගන්ඩ
      පශ්ශේ කාෂි ගෙවා ජීවිතේම එක්ප්‍රශ් වෙන්ඩ
      ෂාමි ලිපිනෙ ලියලා ඩිඇච්ඇල් කොරලා එවන්ඩ

      Delete
    8. මුහුදු,
      ඇයි ඔබා මාම ගාව තියෙන්නෙ ඇල්කොහොල් මික්ස් එකද?

      Delete
    9. ඔන්න ඕකනෙ කියන්නෙ උඹල ලොකුවට කෑගෑවට දන්න බම්බුවක් නෑ කියල . . . යකුනේ, ඔබාගෙ ලේ දැං එක්ස්පයඩ් . . . . මදුරුවො ඒක දන්නව

      Delete
  16. මදුරුවෝ.. හපෝ.. කන එක ඉවසතැහැකි. උන්ගෙ සින්දුව කාටද අප්පා ඉවසන්න පුලුවන්. කණ කීං ගානවා.

    ReplyDelete
  17. කොයිල් එකක් පත්තු කොර ගත්තා නං අහවරයි නේ........ !

    ReplyDelete
  18. කොයිල් එකක් පත්තු කොර ගත්තා නං අහවරයි නේ........ !

    ReplyDelete
  19. මැරිච්ච මනුස්සයා ගැන කාටවත් ගානක් තිබිලා නෑ වගේ.. එකනේ ඉක්මනට මදුරු දැල මත උනේ...

    ReplyDelete
  20. කැලණිය වි.වි. වාත වෙච්ච කාලෙත් ඔහොම ම තමයි. හැබයි. විනාඩි 30ක් විතර කොහොම හරි එන එන හැම එකාම තැලුවම ආයෙ එන්නෙ නෑ. හැබැයි ඔය මදුරුවො තලන සද්දෙ අපෙ දුක සැප බලන්න එන කාට හරි ඇහුනම මහ රෑම හොඳට නාල තමයි නිදා ගන්නෙ.

    ReplyDelete
  21. සමාජේ හදන්න චූටි මහත්ත හරි අපූරු කතාවක් තමයි කියලා තියෙන්නෙ....!

    මේකෙන් ගන්න ආදර්ශේ තමයි, නෙට් එකේ හිලක් තියෙනවනම් අළුත් නෙට් එකක් තියෙන එකෙක්ට වෙල්ෆැන්ටා පොවලා කෝච්චියකට තල්ලු කරන්න කියලයි....!

    ඕකේ ඉතුරු ටික උඹ ලියලා නෑනේ...! ඔය සිද්ධියෙන් පස්සෙ අර සෙක්ෂන් එකේ හිටපු එක එකා සතියට එකා ගානේ මැරෙන්න ගත්තළු...!

    ReplyDelete
  22. සික්.... මම හිතුවේ උන් සෙට්ටෙක මළගෙදර ගිය අතරේ නෙට් ටික මාරු කළා කියලා... :D

    ReplyDelete
  23. සැහ්! මේවනේ ආදර්ශමත් කතා :D

    ReplyDelete
  24. මම අර මලින්තයා මැරෙන කම් ඉන්නවා වගෙ උගෙ කැමරාව ගන්න :D
    බොලාලට තිබ්බෙ තුවක්කු බටෙ අරන් ඩිසි ඩිසි ඩිසි ගාලා මදුරුවො ටික මරලා දාන්ඩ. :D

    ReplyDelete
    Replies
    1. බූරා, මේ බනියත් කියලා තියෙන්නෙ දවසේ කතාවක්.

      Delete
  25. මැරිච්ච බුවා ඔහොම වෙන බවක් දැනගෙන හිටිය නම් ගඟේ පැනල මැරෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. පිස්සො, සිරවටම......පොර ග‍ගේ පනිනවා කියලා දැනගත්තනං අපේ උන් මොනා කරයිද දන්නේ නෑ

      Delete
  26. හරිම කෲරයි අහෝ මේ යුරෝ දෙකේ වීරයාගෙ ගැන්සියෙ උං. මොකද මේ කාටූන් එකක් පේන්න තියෙනවා. නමුත් ඇන්නම කියනවා එහෙම පේජ් එකක් නෑ කියලා.
    මෙන්න මෙතනට ගිහින් උඹේ සයිබර්යාය ලින්ක් එකට ඇනලා බලපං බොරුද කියලා.
    http://dude-heydude.blogspot.com/
    උඹ වැරදිලා පබ්ලිෂ් බටොං එක ඔබලා පස්සෙ ඩිලීට් කලා වත්ද?
    ප.ලි.උඹට මොනව හරි වුනොත් ග්‍රැ‍ෆික් ටැබ්ලට් එක මට හරිද?

    ReplyDelete
    Replies
    1. දවසේ කතාව.. :D

      පලි:

      මටත් පේන්නේ මූ මොකක්හරි 18+ චිත්තරයක් ඇදලා ඒක කපන මණ්ඩලෙන් කපාදාලා වගේ.. තිබ්බ මාතෘකාවෙන් හිතාගත්තැකි චිත්තරේ මොනවගේ එකක්ද කියලා..

      Delete
    2. බූරා, ඩුඩී,
      බොලා දෙන්නා ටිකක් කට පියාගෙන ඉන්නවද? වැඩක් පොඩ්ඩක් ඇනුනම ඒක ගොඩ දාගන්ඩ උදව් කරනවා නෙමේ.... මෙතන ගිනි ගත්ත රැවුලෙන් සුරුට්ටු පත්තු කරන්ඩ එනවා

      Delete
    3. උඹ දන්නවද, ගිණිගත්ත රැවුලෙන් සුරුට්ටු පත්තු කලාම ගිණිකූරුවලට යන වියදම ඉතිරි වෙනවලු.. එතකොට ගිණිකූරු හදන්න ගස් කපන්න ඕන නැහැලු.. එතකොට පරිසරය සුරැකෙනවලු..

      Delete
    4. කමෝන් බුරා. චූටි මහත්තයා දන්න ග්‍රීන් කොන්සෙප්ට්!
      henryblogwalker the Dude

      Delete
  27. වල් පැන්ටා ගැහුවොත් ඉතින් නාග සලං තමයි .. හැබැයි සිමෙන්ති සුදිය ගහලා ආවා නම් කෝච්චිය කුඩු !

    යකෝ නෙට් එක ගන්න මෙතන උඹලා මිනිහෙක්ව නොමරා හිටියා පුදුමයි ..

    එල එල ..

    ReplyDelete
    Replies
    1. සඳරුවා, ශිරාවට මොනාද බං සිමෙන්ති සුදිය කියන්නෙ....

      නෙට් නැතිව විඳපු දුක අපි නෙවැ දන්නෙ.....

      ඉෂ්ථුතියි

      Delete
  28. කාලෙකින් ආදර්ශමත් කතාවක් ඇහුවා.... :)
    මේවා කියන්න ඉතින් චුටි මහත්තයම ඉන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ කියන්නෙ... ඒ උනාට මීට දෙවෙනි නෑ ලොකු පුතාගෙ නිදං කතා... සික් ඇගෙ මයිල් කෙලින් වෙනවානේ එ වා කියවද්දි

      Delete
  29. අළුත් කාටූන් එක දාපු පෝස්ට් එක මැකුවට අපේ රීඩර් එකේ ඒක තියනෝ... (දැන් ඉතින් සෙනසුරාදට ඇවිල්ල බලන්නෙ මොකද්ද?) අර කොමරිකාවෙ ලිපියත් ඩිලීට් උනාට පස්සෙ ආපහු දැම්මෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. කටවහගෙන හිටහං මල්ලියේ..... බොලාත් මොන්ටිසෝරි බබාලා වගේ පොඩ්ඩ ඇත්තං ලෝකෙටම ඇහෙන්ඩ කෑ ගහනවා.... ඕක කාටවත් පෙන්නනව එහෙම නොවෙයි.. මම දානකල් හරිද....

      Delete
    2. ඒක මගේ රීඩරෙත් තියේ. ඔන්න මමත් කාටවත් කිව්වෙ නෑ හොඳේ?

      Delete
    3. මුහුදු,
      සිරාවට බොලාට වඩා දෙනවක හාමිනේ හොඳයි.... උන්දැ කෝපි කඩේ කරන කාලේවත් මෙච්චර ලස්සනට ගම ගිනි තිබ්බෙ නෑ.

      Delete
  30. මොකද්ද බන් බුද්දියෝ මේකෙන් අපි ගන්න ආදර්ශය,කාගෙන් හරි යමක් ලබා ගන්න ඌ මැරෙනකන් ඉන්න ඕනා කියන එකද

    ReplyDelete
  31. ඉස්සර තාත්තා පේපර්මාකින් යනකං බලං ඉන්නේ මොටෝබයික් එක උස්සන්න....

    ReplyDelete
  32. ලියවිල්ල නං මරු.
    R.M.T.කට්ටිය මල ගෙදර ගියාම ඔක්කොම නෙට් ටික මාරු කර ගත්තැයි ?

    ReplyDelete
  33. අපේ ඔෆීසියේ එකෙක්ව අස්කලා කියලා නිවුස් එකක් ආවා...වැඩේ කන්ෆර්ම් වෙන්නත් කලින් මං උගේ වයර්ලස් මවුස් එකට විද්දා... බැලින්නම් ඌව අස්කරලා නෑ... බල්ලා වගේ ආපහු දුන්නා :D

    ReplyDelete
    Replies
    1. හිනා කාලා මැරෙනවා. අපි කරපුවා හොඳයිනෙ. බල්ලා වගේ ගිහිං දුන්නත්, ආයි කොහොමද පොරගෙ මූණ බැලුවේ... හෙහ්... හෙහ්....

      Delete
  34. ගැමියාගේ පත් ඉරුව has left a new comment on your post "මදුරුවොයි පුංචි අපියි ! | නිර්වස්තරයක් ඇඳගත් කළ......":

    ෂහ් මාර අයිටම් එකක්නේ මැරුණු එකා දන්නවනම් එලොවින් මදුරු ආමි එකක් හදන් එනවා නෙට් එක උස්සපු එකාව උස්සන්න...

    ReplyDelete
    Replies
    1. මාරයා කිව්ව කතාවේයි, ගැමියගෙයි සමාන කම් තියෙනවා කමෙන්ට් එකේ. මොකද මැරුන කෙනෙක්ගෙ බඩු ගන්න ඇත්තටම අපි බයයි. ඒක හැම හමුදාවකම තිබුනු දෙයක්ද කියලත් හිතෙනවා වෙලාවකට......

      Delete
  35. ඔය පොස්ට් එකක් ගැන කියවන කස්ටියටයි මේ කියන්නෙ. ඒක ඩිලීට් කරලා දාන්ඩ. ඒක මහ බයාකන වෛරස් එකක්. වැඩි විස්තර පසුවට........

    ReplyDelete
    Replies
    1. @යුරෝ දෙකේ වීරයා:
      මොනව බං? ඒක වයිරස් එකක්? උඹ අපිට විහිළු කරනවද. වහාම කියාපිය බ්ලොග් රෝලෙනුත් උඹව විසිකරලා දාන්න කලින්. වයිරස්..!හුහ් මෛක යුරේ දෙකේ වීරයො නෙවෙයි තුට්‍ටු දෙකේ වීරයො කරන වැඩ කරන්නෙ.

      Delete
    2. හෙට වෙනකල් පොඩ්ඩං ඉවසහං.... නැත්තං ඔබා සීයගෙන් අහගන්, ඔය කෙස් එකේ සුල මුල හැක් හැක්..... බොලා පොඩ්ඩ ඇත්තං බය වෙනවනෙ....

      Delete
  36. රාජ්,
    මෙතෙන තියෙන්නෙ හරිම සානුකම්පිත හේතුවක්. හිතාගන්ඩකෝ අපිට කොච්චර මදුරුවො කන්ඩ ඇතිද කියලා.
    ............

    වෙනී,
    නිර්වස්තරෙන් ඉන්න එකද පෙනුනෙ මැවිලා......
    ...........

    ගිම්හානී,
    අපි හොඳයිනෙ එතකොට. අපිනං ගන්නෙ යන්ඩම යන්ඩ ගියාම.....හෙහ්හෙ...
    ...........

    සාතන්,
    මේ ඉන්නෙ කතාව නියමෙටම තේරුන් ගත්තු අය. සාජන්ලා ගැන නම් කතා එමටයි. මාරයත් දන්නවා ඇති ඕනැ තරම්. ඒත් ඒවයින් කීයෙන් කියද කියන්ඩ පුලුවන්.
    ................

    ප්‍රසන්න,
    මං නං කතා කර කර ඉන්නැ. ගිහිං ගන්නවා මිසක්. ගුටි කෑවත් නිදාගෙන නැගිට්ටට පස්සෙ නෙවැ... හො හ් හෝහ්....

    ReplyDelete
  37. පොඩිකුමාරි,
    නං කතාවෙ මුඛ්‍ය මෙව්වා එකම අල්ලෙන තියෙනවා. ඒකත් කියවෙනවා තමා. ඊය වඩා දෙයක් මෙකේ කියවෙනවා. මෙච්චර හොඳ පිරිමි ළමයි ටිකකට එකට හිටපු කෙනා අමතක වෙන්ඩ තරං අර මදුරුවෝ කොච්චර නපුරු වෙන්ඩ ඇත්ච නේද?

    විදෙස් සිත්තරාට මේ දවස් වල චිත්ත රෑප මැවෙන්නෙ සනෙසුරාදට විතරයි කියන්නෙ.
    ...........

    රාජ්,
    ඒකනෙ කියන්නෙ...... මේ හේතුව හංදා නොවෙන්ඩ අපි අර නෙට් පස්සෙ යයිද?
    ............

    ඉෂාර,
    විකාර කතා කරන්ඩ එපා. මම හොඳයි. පොඩි කාලෙ දහම් පාසලුත් ගියා. පෝයට පන්සලුත් යනවා. අපි සිරි ලංකාවේ හොඳ බොදු දරුවෝ වෙමු!
    ...............

    මාරයා,
    ඇත්තටම ඔය සිද්දිය ක්ෂනිව වෙච්ච දෙයක්. පස්සෙ හිත වෙනස් උනත් මනමේ කුමාරිට උනාට වගේ ස්නිකව මරණය යටපත් වෙලා මදුරුවා උඩට ආව අවස්ථාවක්.
    ...............

    නිසූපා,
    මේක අර කිව්වා වගේ මනමේ කුමාරිට උනා වගේ ක්ෂනිකව සිත වෙනස් වීමක් පමණයි.....මදුරු උවදුරනෙ හැමතැනම.

    ReplyDelete
  38. ජීව්,
    ඇයි නිර්වස්තරයක් ඇඳගෙන නිදාගත්තු හංදද?
    ..........

    වෙද මහත්තයා,
    අපොයි මේ වෙදමහත්තයත් කියන්නෙ ඇඟ හිරිවැටෙන කතා. මස්කෑලි ඇදගෙන ඉන්න මකුනොමතක් වෙද්දිත් නිකං කලන්තෙට වාගේ එනවා...
    ..............

    චතුර,
    ඇත්තටම දෙවෙනි එක ලගින් යනවා. මදුරුවො කොච්චර කෑවද කියනවනං මැරුනා කියන එක ක්ෂනිකව අමතක වීමකුයි ඔතන උනේ... සුපුරුදු විදිහට හොඳවයින් ටොක්කක් ඇන්නම මොලේ පැදුනා පොරගෙ.
    ...........

    රූ,
    හෙහ් හේ.... එහෙමද හිතාන ඉන්නෙ එහෙනං ඊලග කතාව මිතුරු කමේ තරම ගැන.
    ..........

    බූරා,
    යේක යනේ යපිට ෂැප නින්දක් නිදියා ගණ්ඨ
    යේක පිං ෂලකා නෙට් ආධාරයක් එවන්ඨ

    ReplyDelete
  39. පිණිබිදු,
    උන් සිංදුත් කියනවද? මං නං හිතුවේ මියුසික් විතරයි දෙන්නෙ කියලා... වැඩිපුරම නලා වලින්...
    ........

    සමීර,
    උඔ එහෙනං හොස්ටල් එකකවත් ඉඳලා නැති හැඩයි. කොයිල් එක පත්තු කොල්ලා ඇහැ පියවෙද්දිම ඒක උස්සනවනේ.... කොයිල් පත්තු කලොත් ඒක රකින්ට ඇහැ ඇරගෙන තමා එලිවෙන කල් ඉන්ට‍ වෙන්නෙ.....
    ........

    දිනේෂ්,
    නැනැ එහෙම නෙමේ. අර ක්ෂණිය මෙව්වා එක වගේ. ක්ෂනිකව ඒක අමතක උනාට පස්සෙ මතක් වෙලා හරියට දුක්උනා.
    .........

    අංජන,
    මම බලපු දෙයක් තියෙනවා. පලවෙනි මදුරුවට ටස් ගාලා ගහපු හැටියෙ තමයි ඒ අවට මදුරු ගහනය වැඩි වෙන්නෙ. හරියට අර සද්දෙ උන්ට එන්ඩ කියලා දුන්නු සිගනල් එකක් වගේ වෙනවද මන්දා......
    ........

    දූමී,
    මේ ඉන්නෙ කතාව ඉටිකිරිස් ලෙසම තේරුන් ගත්තු බුවෙක්.. හැක් හැක්...........
    .........

    සොරෝ,
    සික් අපි ගැන ඔහොමද හිතාගෙන ඉන්නෙ. අපි කවද්ද අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්තෙ ඈ.......හිහ්....හිහ්....
    .............

    පූසා,
    කව්ද කියන්නෙ මේවගේ කතා නැද්ද!

    ReplyDelete
  40. ඩිලන්,
    ඔව් එහෙම දේකුත් කියවෙනවා තමා. හැබැයි ඔතන වැඩිලුරම කියවෙන්නෙ කොළම මදුරුවන්ගෙ වසකම....හෙහ් හේ... අපි අහිංසක ළමයිනෙ
    .........

    නොදුටු ලොවක්,
    අප්පො මං නං ඒවැඩේ කරන්නැ... අපේ තාත්තගෙ සයිකලේ ඇල්ලුවත් ඇති ඒකේ හුළං බහින්ඩ... මොන කරුමයක්ද මන්දා ඒ කාලේ....
    .......

    ඔබා,
    එහෙම තමා කව්රුත් හිතුවෙ. ඒ උනාට උන් කලේ මහ කැත වැඩක්. උං ටිපෙක්ස් ගෙනල්ලා නෙට් එකේ උඩ රවුමේ උන්ගේ නම්බරෙි ගහලා ලොකර් එකේ දාලා ලොකර් එකේ අත්සන ගහපු කොල කෑල්ලක් අලෝලා ලොකර් එකත් සීල් තියලා ගියේ.... ඕං බලමුකො ඉතිං

    ReplyDelete
  41. එක්කො මදුරුවො එලියට දාල අපි ඇතුලෙ ඉන්න ඕනෙ, නැත්තන් මදුරුවො ඇතුලට දාල අපි එලියෙ ඉන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකෙන්නං පේන්නෙ කොල්ලකාරයට මදුරුවන්ගෙන් හොදවයින් බැස්ටියක් ලැබිලා තියෙන පාටක්. හෙහ් හෙහ්.....

      Delete
  42. උඹලට තිබුනෙ මකුනො ඇතිකරන්න . . . උං දෙන්නෑ කීයටවත් උඹලව උස්සං යන්න මදුරුවන්ට

    ReplyDelete
    Replies
    1. ඇති කරා.... දවසක් අපි ගමනක් ගිහින් එද්දි ඔක්කොම මකුනො මරලා... පොරව එක මකුනෙක් කෑවා කියලා :D

      Delete
  43. අද කාටුන් 1 රීඩරෙ තියනව(කාටුන් 4). එක එබුවම එක නෑ කියනවා. මට විතරද.

    ReplyDelete
  44. අම්මපා මිනිහෙක් මළත් ඒකෙන් තියෙන ප්‍රයෝජනේ :))

    ReplyDelete
  45. අනේ මමනං දන්නෑ ඔය ගැන මටනං ඔවුං කාලත් නෑ... මොක්කුද ඔය මදුරුවො කියන්නෙ?

    ReplyDelete
  46. අංජන,
    දැං ප්‍රස්නේ විසඳිලා ඇති නේද!
    ............

    හසිත,
    මී කුණක් විකුණලා පෝසත් වෙච්ච මිනිස්සුත් හිටියලුනේ.
    ........

    සහන්,
    මදුරුවො දන්නැද්ද? අර පොලිසියෙන් අල්ලන්නෙ නැති, හෙල්මට් දාන්න ඕන්නැති බයිසිකොලේනේ...

    ReplyDelete
  47. ඕක තමයි යතාර්තය. වැඩේ ඉතින් ඒක එලිපිටම දෙසා බාලා. කවුද ඒක කිව්වෙ ? පුතාද ?

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...