2012/06/12

අද කාටුන් - 17 - රංග මහතා අනිත් දවසෙත් ‍ෆුඩ්සිටි යයි. | වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි !

ඕං නොකිව්වයි කියන්ඩ එපා, මේ කාටුන් එක වැඩිහිටියන්ටයි වඩාත් සුදුසු. මොකද මේකේ කතානායකයා නිර්වස්තරයක් ඇදගෙනයි කාටුන් එකට මූණ දීලා තියෙන්නෙ. අනිත් කාරණය කාටුන් එක පලවෙන්න තිබුනෙ ගිය සෙනසුරාදා. ඒත් නිසි අවසරය දෙන්න පරක්කු වුනු නිසා අදට කල් ගියා. නිසි අවසරය දෙන්න පරක්කු උනේ මෑන්ස් බිසි හින්දා වෙන්ඩැති. බාගදා දැන් එයාට හිතුමතේ තනි තීරණ ගන්නත් බෑ නොවැ!

කොහොමහරි පහුගිය දවසක අපේ කතා නායක තැන එයාගේ "මේ දවස් වල විස්තර" ගැන ලිපියක් දාලා තිබුනා. ඒ ගැනයි මේ. තේරෙන්නෙ නැත්තම් එයාගේ බ්ලොග් එකට ගිහිල්ලා ලිපිය බලලා ම එන්න.

ඕගොල්ලන්ට මොකද හිතෙන්නෙ?

මේ කාටුන් එකේ කියවෙන උගත් පාඩමට ඕගොල්ල එකඟද? නැත්තම් මේ කාටුන් එක බලද්දි ඕගොල්ලන්ගේ හිතෙත් මීටත් වඩා ලස්සන, සාරගර්භ ආවේගයක් බුර බුරා නැග්ගද? එහෙනම් ඒක කියලා යන්නත් අමතක කරන්න එපා හොදේ!

අනිත් දවසෙ නැවත හමුවෙමු. නන් අයුරින් සහය දුන් සැමට තුති.

.........................
- මීට විදෙස් සිත්තරා.

ප/ලි -
නන් අයුරින් කියන්නෙ උගත් පාඩම කොටසට ගැලපෙන වාක්‍ය ගොඩනැගීමට අදහස් සැපයීම. අපරාදේ කියන්ඩ බෑ උදව් ඉල්ලපු හැටියේ උන්දැ කෝල් කරලම කිව්වා “රැවුල ගැන කිව්වොත් තමා මේකට එළටම කැපෙන්නෙ“ කියලා. බලන්ඩ නේද උනන්දුව.

හැබැයි ස්තුති කරලා නම දාන්ඩද කියලා අහද්දි ඇඹරුනා. අදහස් දැක්වුවට උන්දැ අපේ කතානායකයට බය උනාද කව්ද දන්නේ. ඒක හින්දා දැම්මෙ නෑ.

105 ක් කියන්නේ !:

  1. හිකිස්.....

    අර කිලෝඑක 95යි කියලා තියෙන්නෙ මොනවද ? ලබුද ?

    ReplyDelete
    Replies
    1. එතන කිලෝ එකක්ම තියනවද ?

      Delete
    2. මම එකස් !!

      මටත් ආව ඔය පුරස්නෙම.. සමහර විට ග්‍රෑම් ගානට හදලා දෙනවා ඇති.. :-)

      Delete
    3. අපේ බ්ලොග් වලට තමා කව්රුත් පළවෙනි කමෙන්ට් එක දාන්න පොර කන්නෙ නැත්තෙ.... සෙන්නාත් කොහෙදෝ යද්දි මේක දැකලා ඇවිදිං කමෙන්ට් කරලා කනාවට එක වෙලා... දැන් ලොකු ටෝක්.... ඉදහල්ලකෝ හොඳවැඩක් කරඤ්ඤං.....
      .........
      -සයිබර් යාය ප්‍රධාන ඇඩ්මින් යුරෝ.

      Delete
    4. හප්පට සිරි ඒකත් එහෙමද ! මම ලොකු ටෝක් එකක්ද දාලා තියෙන්නෙ ? සොරි හොඳේ ඈ...

      Delete
    5. අපරාදේ මට එක වෙන්ට තිබුනු චාන්ස් එක. සෙන්නා මාව දැකලා දුවගෙන ගිහින් ඔය කමෙන්ට් එක දැම්මේ. ඒ කරලා මට 'හූ හූ ඇද්ද? ඇද්ද? ' කියලත් කීවා.:(

      තෑගි නෑ නේද?

      එක වෙන්ට බැරි වුනු දුකට මම cottage fries පැකට් එකක්ම කෑවා. :(

      Delete
    6. චැහ්! මම හිතුවෙ එක කියලනේ. 10ක් 15ක් ඉස්සරවෙලා. :-)

      Delete
    7. පොකූ, බලාගෙන ෆිගර් එක අවුට් යයි!

      Delete
    8. රාජ්, පොකු, සෙන්නා, ඉන්ඩකෝ එක වෙන්න වෙනම පෝස්ට් එකක් දානවා මම. ඒක දින්නොත් විදෙස් සංචාරයක් දෙන්න හිතාගෙන... ලැස්ති පිට ඉන්න.....

      Delete
    9. පොඩි ඉඟියක් දෙන්ඩ බැරිද කවද දිහාද ඕක දාන්නෙ කියලා..:-) මොකද මට එක වෙන්ඩ පුලුවන් ලංකාවෙ ඉන්නකම් විතරයි.. කාන්තාරෙදි ඉතින් හැන්දෑකොරේනෙ බ්ලොග් බැලෙන්නෙ.

      Delete
  2. ඔක්කොටම කලින් රංගගේ කතාව ගිහින් බැලුවා. තේරුම් ගත්තා.

    ඒත් ඉතින් ඇයි එයා නිර්වස්ත්‍රයක් ඇඳගෙන ෆුඩ් සිටි ගිහින් තියෙන්නේ? :)

    මේකෙන් ඔයා ඉගෙන ගත්තු පාඩම මොකක්ද? වයිෆ්ගේ හෑන්ඩ් බෑග් එකේ ඔයාගේ "ස්විමිං ශෝටක්" දාන්නේ නෑ කියන එකද? :D

    මම නම් ඉගෙන ගත්තු පාඩම තමා හෑන්ඩ් බෑග් එක යන තැන්වල නොදා එන එක. එහෙම දාලා ආවොත්, මහරෑ කාව කියලා යවන්ටද?:)

    ReplyDelete
    Replies
    1. පාඩම් සෑහෙන්න තියෙනවා ගන්න.ඔයා ගත්තු පාඩමත් එකක් තමා. ඒවා ඔක්කොම ලියන්ඩ බෑ මෙතන. ඒක හන්දයි සිත්තරේ ඇන්දේ....ඒක බලන්න ආයි පාරක් තව පාඩම් ඔලුවට එයි.....:D

      Delete
  3. ෆුඩ් සිටියට ඇඩ් එකක්ද මන්දා.. !!

    ReplyDelete
    Replies
    1. ෆුඩ්සිටි කාරයෝ මේක කොපි කරලා ඇඩ් එකක් හදයිද දන්නෑ නේද සරත් අයියා. එහෙම උනොත් රංගයටත් චැන්ස් එකක් වදීයි

      Delete
  4. දැන් අමුඩයක් ඇඳන්ද ගිහිං තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අබුඩෙට වඩා මේක ගති නැද්ද?

      Delete
  5. අර අහවල් එක කිලෝ එක 95ට දෙනවද? :D
    henryblogwalker the Dude

    ReplyDelete
  6. එදා තිබ්බ ශෝක මුඩ් එකම දැකපු නිසා වෙන්න ඇති..... රැවුලෙන් අදුන ගන්න ඇත්තේ.
    අනේ මන්ද මේවා රට්ටු කියන කථා ඕන්!!!!!

    ReplyDelete
  7. අනේ හපොයි කොහොම හිටපු මිනිහෙක්ද මේ ඇදිල ගිහින් තියන්නෙ. එක්සයිස් කරනව වැඩි ඇති(ටොයිං !) මේ දවස් වල...

    ReplyDelete
    Replies
    1. සජිත් සහ සිහින,
      ස්තුතියි කමෙන්ට් වලට....උත්තර රංගයා සපයයි... හෙහ් හේ..

      Delete
  8. රැවුල බෝඩ් එකට වැහිල මචං..

    වම් අතේද ටැටූව තිබ්බේ.. ?

    ReplyDelete
  9. අපරාදේ රැවුල කපන්ඩ තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. සෑම්, මධුරංග, ඕගොල්ලන් දෙන්නා කියන්නෙ මොන රැවුලක් ගැනද අනේ...

      Delete
  10. ඒ කියන්නෙ රංග මහතාට තියෙන්නෙ එකම එක ශෝටද ?

    ReplyDelete
    Replies
    1. වෙනැඩැ....දැනුත් ෂෝට නැනේ

      Delete
  11. රැවුල....හික්ස්...:D

    ReplyDelete
  12. මටනම් මුකුත් හිතෙන්නෙ නෑ ලැජ්ජයි වගේ

    ReplyDelete
    Replies
    1. නිසුපා, සුදු මහත්තයා, ජෝන්,

      :D :P

      Delete
  13. ඇත්තටම බුද්ධියො මෙයා ෆුඩ් සිටි යන වෙලාවෙ ඒකෙ ගෑල්ලමයි හිටියෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ගැල්ලමයි හි‍ටියනම් මේ කතාව මීට වඩා වෙනස් වෙන්ඩ තිබ්බා නේද ප්‍රසා

      Delete
  14. 20, 35, 95............... යි..... :D

    ReplyDelete
    Replies
    1. මං හිතුවා,
      35+35+25=95/- කියලා

      Delete
  15. රංග මහත්තයාගේ බඩ ගෙඩියද කිලෝ 95 නැත්නම් ලබු ගෙඩියද :D

    ReplyDelete
    Replies
    1. මේ ගැටලුව මා රංග මහතාට යොමු කරන්නම් හසිත....

      Delete
  16. රංග මහත්තයගේ පොස්ටුව කියවපු දවසෙ මටත් හිතුනා ඇඳුමක් ඇඳගෙන ආයෙ ෆුඩ් සිටි යන්නෙ කොහොමද කියලා...!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ නැතුව ගිහින් සමාජයට ආදර්ශයක් සපයන්නෙ....

      Delete
  17. මම ඇන්දනං අඳින්නෙ මේක:

    රංග: හාමිනේ.... මගේ ෂෝට කෝ?
    නෝන: මගේ හැන්ඩ්බෑග් එකේ ඇති මෙයා, බලාගෙන තුවාල කරගන්නෙ නැතුව ගන්න.

    ReplyDelete
    Replies
    1. රාජ්,
      රංග- හපොයි.. මාව බල්ලෙක් කෑවා.....
      නෝනා-නිකං බොරුවට කෑ ගහන් එපා අනේ.... ඒ බල්ලෙක් නෙමේ බලු දත!

      Delete
  18. රංග ටිකක් වයසට ගිහින්ද මන්දා ?
    …ඇදිල පැදිල ගිහින් මේ ටික දොහට :D

    ReplyDelete
    Replies
    1. ගිම්.
      කාට කාටත් ඕවා හොඳ පාඩම්;D

      Delete
  19. දැන් ඉතින් කොහෙත්ම යන්න වෙන්නේ නැහැ ආයෙත්...

    ReplyDelete
  20. අපෝ මෙහෙම යන්න පුළුවන් ෆුඩ් සිටිය මොකක්ද?................... නෑ......... මේ හදිසියකටවත් ගොඩ වෙන්න...........

    ReplyDelete
    Replies
    1. ඒන එකකට වෙද මහත්තයෝ..... හැබැයි ‍කෝකට ගියත් කලින් කියන්ඩ ඇ.....

      Delete
  21. මේකට තමා කියන්නේ ...පැපරාසින් ගෙන් බේරුනත් කාටුන් කාරයන්ගෙන් බේරෙනව බොරු කියල.

    ReplyDelete
  22. බැඳල මාසෙන් මූ නිකං ඇකිලිච්ච දියලබ්බ වගේ වෙලා ගිහිල්ලනෙ. අපි නං එදත් අදත් එම මයි [මොකෙක් හටි කට කැඩිච්ච කතාවක් කියන්න කලින් මං ම කියල දැම්ම]

    ReplyDelete
    Replies
    1. නවම්,
      මොකෝ බං දියලඉු ඇකිලෙන්නෙ... වතුර හිදෙන හින්දද....?

      Delete
  23. 95ගානේ කිලෝ කීයක් තියනවද

    ReplyDelete
  24. රන්ගගෙ ඇඟ පුවක් ගහේ රා කලයක් බැන්දා වගේන... අර බෝඩ් එකෙන් වහපු එක 95ට දෙන්නේ සෙකන් හැන්ඩ් හින්ද වෙන්න ඇති...

    ආ ඒක නෙවෙයි.. කිලෝ ගනන්ං කිරන්නත් පුලුවන්ද.? අන්ඩ වාතේ හැදිල වෙන්න ඕනෙ එහෙනම්

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද මම දන්නැ මේ මනුස්සයා.... බොඩ් එකේ ගහලා තියෙන්නෙ ළුණු වල මිල ගණන් නොවැ

      Delete
  25. කලිසමක් ඇඳන් යන්න බෑ කියලා විතරයි බොලේ කියලා තියෙන්නේ . . .

    ඒකට හරියන්න දිග කුර්තා සර්ට් එකක් අඳිනවලු කලිසම තියෙන හරිය වැහෙන්නත් එක්කම . .

    ReplyDelete
    Replies
    1. බොරු බොරු... බොරු කියන්න එපා දුකා, කලිසම තියෙන හරිය වැහෙන්න කෝමද කුර්තා අඳින්නෙ... කලිසම තියෙන්නෙ හැන්ඩ් බෑග් එකේනේ..:P

      Delete
  26. මචං මේ දවස්වල ගස් ලබු කිලෝව 60යි.. දිය ලබු 95ක් උනේ කොහොමද..? ලගදි ගණන් ගියාද..?

    ReplyDelete
    Replies
    1. මාරයා, එහෙම තමා ෆුඩ්සිටි වල

      Delete
  27. අපොයි යස අගේට හිටපු රංග අයියා. :((

    ReplyDelete
  28. Replies
    1. රෙප් මහත්තයා, වර්ණා, ඇයි ඕගොල්ල බය වෙලා:P

      Delete
  29. රෙදිනැතුවකඩේයනවකියල මෙච්චරකල් හිතංඋන්නෙ වෙනදෙයක්නෙ බොලේ.අරකිව්වත්වගේ ,,95ගානේ කිලෝ කීයක් තියනවද,,...?

    ReplyDelete
    Replies
    1. රෙදි නැතුව කඩේ යනවා කියලා ඔයා හිතාගෙන ඉන්න හරි ඇති විමුක්ති. මේ අලුත් විදිහ, රෙදි නැතුව ෆුඩ්සිටි යාම.! හෙහ් හේ.....

      අනික කිලෝ ගානනං හරියට කියන්න අමාරුයි. ඇවරේජ් නං හිතලා කිව්වැකි ‍නේද?

      Delete
  30. කිලෝ ඒක 95 යි කියල ගහල තියෙන්නේ බිමතියෙන ලුණු වලට වෙන්න ඇති.. එකෙන් වැහිලා තියෙන අනිත් ජාතිය ඉතින් කිලෝ ගණන් තියෙනවානම් ඒත් එලවලුවකට කියන නමක්නේ කියන්නේ ඒකයි මං අහන්නේ ..

    ReplyDelete
  31. කොමෙන්ට් ටික බැලුවාම හොදටම ඇති රංග අයියාට වහ කන්න...

    ReplyDelete
    Replies
    1. සරත් අයියා, අන්න හරි බිම තියෙන ළුනු වල ගාන නේන්ම් ඒ තියෙන්නෙ... මොකද්ද අර එළවලුවෙ කතාව:P
      _________________

      නිම්ෂා,
      රංගයියා මේ දවස් වල ඩයට් කරනවලු... වැඩිය මුතුක් කැවෙන්නැලු.... හෙහ් හේ

      Delete
  32. Replies
    1. සිංහලෙන් කියන්නෙ බ්ලුටූත්!

      Delete
  33. බුද්ධියා, උඹ මාව ලඟදි දැකල නෑ බං. කොන්ඩෙ ඔච්චර නෑ යකෝ, තට්ටෙ ගාල වගේ තියෙන්නෙ. අනික උඹ ටැටූ එක ඇඳල තියෙන්නෙ වැරදි අතේ ;-)

    ReplyDelete
    Replies
    1. ඒ ටික ඇර අනිත් සියල්ල නිවැරදියි ඒ කියන්නෙ... හක්ක හක්ක හා.....! ටැංකෝ.

      Delete
    2. දැන් ඉතිං කො‍හමටවත් රෙද්දක් ඇදන් ෆුට් සිටි නෙමේ පාරටවත් බහින්න බැරිවෙයි වගේ..හික්ස්
      .. කොහොම වුන්ත් බුද්ධි උඹට රංගව මීට වඩා ටිකක් හොදට අදින්න තිබුනා. අඩු ගානේ අතේ ටැටූ එකවත්.. හික්ස්

      Delete
    3. ඒක තමයි, උඹට හරියට අතේ ගහන්න තිබ්බ. මම කිව්වෙ පච්චෙ. :D

      Delete
    4. රමේෂා,
      මං හිතුවෙ දැන් මිනිහා ඇදිලා ගිහිල්ලා ඇති කියලා...... වටින් පිටින් ආරංචිය ආවේ එහෙමනේ....හෙහ් හෙ.... ඒකයි ඔහොම ඇන්දේ.

      Delete
    5. ඩීඩීටි,
      මේ ටැටු එකත් මම ඇන්දෙ හෙන අමාරුවෙන්. උඔ හිතන්නෙ මකරෙක් අතේ ගහනවා කියන්නෙ ලේසි වැඩක් කියලද?:P

      Delete
    6. හි හී .... කිඹුල්ලු අතේ ගහපු ෂර්ට් ගැන අහල තිබුණට මකරෙක් අතේ ගහන සීන් එකක් ඔය ඇහුවමයි. :D

      Delete
  34. රංග අයියගේ ප්‍රොෆයිල් එකේ ඔන්නවට වඩා දැන් කෙට්ටු වෙලා ගිහින්..

    දැන් කමෙන්ට් කලාට මේක උදේ බැලුවේ වැඩ කරන ගමන්.. මම හිනාවෙද්දි ලොක්කත් ඇවිත් බලලා ලියලා තියෙන එකේ තේරුමත් මගෙන් අහන් "චිත්‍රේ ඇදපු උඹේ යාළුවා දක්ශයෙක් " කියලා කියන්න කියලයි ගියේ.. ඕන්න මම කිවුවා...

    ReplyDelete
    Replies
    1. මල්ලිට පොඩි වැරදීමක් වෙලා නේද..?
      ලොක්කා කිව්වේ දක්ෂයෙක් කියලද නැත්තං ය...නැහැ එක්කෝ ඕන නැහැ..ඌ සිංහලෙන්මනේ කියන්න ඇත්තේ...

      Delete
    2. චුටි මහත්තයා කවුද කියලා නොදන්න නිසා කිවුවේ දක්ෂයෙක් කියලා.. ඉතිරිය දන්නේ ඉතින් අපිනේ.. :)

      Delete
    3. දිනේෂ්,
      බොසාට කියපන් මං "ටැංකෝ" කිව්වා කියලා. ලොක්කා මම ගැන අහද්දි උඔ දුන්නා නේද ලෙසටම ලොක්කව නැමෙන්න.... මම දන්නවා උඔ ඉදලා හිටලා මාර්ග නීතියක් දෙකක් කඩ කලාට හොඳ කොල්ලා විත්තිය.

      ඒකට මාරයලා. බලහන් යටින් කියලා තියෙද දේවල්...!

      Delete
  35. හික්ස් :ඩ්
    පට්ට චිත්තරේ පව් අප්පා රංග කොලුවා

    ReplyDelete
    Replies
    1. හසී,
      මොකද හිනා වෙන්නෙ.
      ............

      පුබුදු,
      ස්තුතියි. ඇයි රංගට ෆව් කියන්නෙ... බලන්න තියෙන එඩිතර කොම!

      Delete
  36. විමල් වීරවංශයි රංගයයි නෑයෝද ? මට නම් මේ මූණ නිකං විමල් වීරවංශගේ වගේ....!

    අර යුනිෆෝම් එකක් ඇඳගෙන ඉන්නෙ මාරයද ? ඌ දැන් ෆුඩ් සිටියෙද වැඩ...?

    අර ට්‍රොලියේ තියෙන්නෙ අරක්කුද ?

    දැන් රංගයා කන්නෙ පළතුරු විතරද ?

    අර කිලෝ එකම 95යි කියලා තියෙන්නෙ රඹුටන්ද ?

    ReplyDelete
    Replies
    1. යකෝ මම හිටියනං ඕකාව අඳුරගන්නේ හත් ගව්වක් දුර තියලා අරක්කු සුවඳින්... අනික බං අර වගේ නීඩ් එකට සපත්තු දාලා හිටිය කාලයක් මතක නැමැ..සපත්තු කොහේවත් මං කොහේවත්...

      Delete
    2. දුමී,
      වැදගත් කොමෙන්ටුවක්. සිත්තරය හොදාන් අධ්‍යනය කරලා ඇති බවකුයි පෙනෙන්ඩ තියෙන්නෙ.
      01. ඒ දෙන්නා නැයෝද අපි දන්නෑ. ඒත් අපි ඔක්කොමලා තුන්සිංහගේ නැයොයි කියනවා නේද?
      02. ඒකත් දන්නැ. මාරයාද කියලා හරියට අදුනගන්න තිබුනා මිනිහගේ ෆෝමැට් කරන්න බැරි ටොෂිබා ලැප ඔය ලග පාත තිබුනානම්.
      03. නෑ කෝක් - කෝක් නැතිව කෑවත් නොකෑවා වගේ.
      04.එයා දැන් අහසේ පාවෙන කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් වෙන්ඩැ ඉන්නෙ. ඒ හින්දා පලතුරු කනවා ඇති.
      05. එල්ලෙන සියල්ල රඹුටන් නොවේ- අහලා නැද්ද උඔ.
      ..............

      මාරයා,
      අන්න ඕකනේ මෙහේ තියෙන බට ගබඩාවේ සිකුරුටි මාමාත් ඔය ජාතියෙ. ක්‍රිකට් ගහද්දි බෝලෙ එහෙට ගියාම මුලින් ඇහැ දාලා පස්සෙ සපත්තු අතේ අරං වෙස්ට් එක පිටින් ඕං අපිට ගේට්ටුව අරින්නෙ. බලාගෙන යද්දි බොලා ඔක්කොම එකයි.

      Delete
  37. ඔව් බං.... එහෙම කිව්වට මටත් පේන්නෙ නිකං එයාර් ෆෝස් එකෙන් පැනලා ආපු එකෙක් වගෙයි ඒ සික්කා....!

    හික් හික් හික්..මම මේ කෑල්ලට හරි ආසයි "අරක්කු සුවඳින්....!"

    ReplyDelete
    Replies
    1. ඕක මෙහෙමනේ දූමී යියා..පොතේ හැටියටනං අරක්කු ගඳයි කියලා තමා කියන්න වෙන්නේ..ඒත් කොහොමද බං එච්චරට ගුණමකු වෙන්නේ... අතෑරියා උනත් ඇත්ත ඇති සැටියෙන් කියන්ට එපෑ..හා නැද්ද හා..?

      Delete
  38. බිත්තියෙ තියෙන්නේ “ අඩුකළ මිල රු.20යි“ කියලා.
    ඒත් බැලින්නම් පොල් රු;35 කියලත් තියේ.

    පොල් ගහන්න තමා වෙන්නෙ දැන්.

    මේක නම් අර “ අරියාදුවට දත් හිටෙව්ව වගේ “ ඇදපු චිත්තරයක්.....හෙහ් හෙහ්.....

    ReplyDelete
    Replies
    1. අන්න හරි..මමත් මේ ඔය ටික අහන්න යන ගමන..

      Delete
    2. සොඳුරු අක්කා සහ ඇක්සැන්ඩර්,
      ෆුඩ් සිටි වල ඉලක්කන් සෙල්ලං ඔයා දන්නැතුවයි ඔහොම කියන්නෙ...

      ස්තුතියි :):):)

      Delete
  39. අඩේ රංගයියා මහ රෑ ෆුඩ්සිටියට ගොහිං තියෙන්නේ කලිසම නැතුවද???

    තිබ්බ එකම කලිසම නෝනා හෑන්ඩ් බෑග් එකේ ඔබාගත්තම ඔහොම නොවී තියෙයියැ...

    සිත්තරේ නියමයි අර ලබ්බ(ලබු) ගනන් දෙකක් වෙලා තියෙන එකයි මං කංපා කලේ

    ReplyDelete
  40. චිත්‍රෙ නම් අපූරුයි , හැබැයි මම නම් රංගව දැක්කෙ බුද්ධිගෙ කාටූන් එකෙන් විතරයි . කොහොම උනත් ෆුඩ්සිටි යනකොට කල්පනාවෙන් යන්න ඕනෙ වගේ :)

    ReplyDelete
    Replies
    1. ගැමියා,
      ඇරත් ස්විමින් සොට් ඇදන් යනවට වඩා මේක නම්බු නැද්ද?
      ..........

      නීතා,
      ෆුඩ්සිටි යද්දි අපි කව්රුත් කල්පනාවෙන් යන්නොන තමා. හරියට මේ රංගයා වගේ

      Delete
  41. අෆ්ෆා........ විනාසයි... :-)

    ReplyDelete
    Replies
    1. සුබ වේවා!! රාජ සම්පත් ලැබේවා....!

      Delete
  42. බුවා කා‍ටුන් එකට පස්සේ නම් ‍රැවුල කපලා ඇති :)

    ReplyDelete
    Replies
    1. මොන.... හැදෙන එකෙක් යැයි!

      Delete
  43. හ හා... කාලෙකට පස්සෙ මේ පැත්තෙ ගොඩ උනාම මෙන්න බොලේ ක්ලැසික් කාටූන් එකක්...

    'මගෙ මනුස්සයට තියන එකම සෝට පරිස්සන් කොරන්න එපැයි' කියල වෙන්න ඇති නෙ රංගගෙ හාමිනේ ඕක බෑග් එකේ දාගන්න ඇත්තෙ... ඕගොල්ලො ඒකට හිනා වෙන එක වැරදියි මම කියන්නේ.. හිහි...

    ReplyDelete
    Replies
    1. ඒක තමා අපි හිනාවෙන එක වැරදියි....හිහි..

      Delete
  44. මටත් කිලෝ එකක් දීපන්. 95 ගානේ හෙන ලාබයි

    ReplyDelete
  45. රංගයාගෙන් ඉල්ලා ගනින්... හැබැයි පොර දෙයිද දන්නෑ....

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...