2012/06/16

අද කාටුන් - 18 - ලංකාප්‍රිය මහතාගේ කලිසම ඔලුවෙන් ගැලවීමෙ තැතක් හෙලිවේ.....!

බොහෝ ඇසු පිරූ තැන් ඇති, බ්ලොග් එක කියෙව්වම, දැකලා කතා කරන්න හිතෙන මහත්තයෙක් මූණ දුන්නු සිදුවීමක් ගැනයි අද කාටුන් එකෙන් කියවෙන්නෙ. ඒ හින්දයි මමත් මේ කණට ඇහෙන්නැති ගානට, වැදගත් තාලෙට, මහත්තයෙක් වගේ කතා කරන්නෙ.

මේ ගැන ඔත්තුව දුන්නෙ තවත් මහත්තයෙක්. ඒ වෙද මහත්තයා. බ්ලොග් එක අයිති මහත්තයා ඇවිල්ලා සරත් ලංකාප්‍රිය මහත්තයා. ඒ මහත්තයා ලියන්නෙ ලංකාප්‍රියගේ සිතිවිලි ගැන.

ඉතින් මේ තියෙන්නෙ ඒ මහත්තයා‍ට වෙච්ච අකරතැබ්බයක්.

සම්පූර්ණ කතාව කියවන්න කැමති මහත්තයලා, නෝනලා ගිහිල්ලා ඒක කියෝලම එන්න. එතකොට ඒ මහත්තයා අහන ප්‍රශ්ණෙකටත් උත්තර දෙන්න අවස්ථාව ලැබෙනවා.

කාටුන් එක ගැන අදහස් දක්වන්න කැමති මහත්තයලට, නෝනලාට පහල ලෑස්ති කරලා ඇති කොටුවක්. පනින්නැතුව පෝලිමේ ඇවිල්ලා ලියලා යන්න. ඒක මේ බ්ලොග් එකේ ඇඩ්මින් මහත්තයට හයියක් වෙයි.

එහෙනම් ඊලග දවසෙ හමුවෙමු.

ලබන සතියේ මේ මහත්තයලා, නෝනලා නොවරදවා ම එන්න. මොකද චූටි මහත්තයා බලාගෙන ඉන්නවා කතාවක් කියන්න.

නැවත හමුවෙමු.

...............................
- මීට විදෙස් සිත්තරා මහත්තයා.

98 ක් කියන්නේ !:

  1. හුරේ.. මම එකස්ය ......

    ReplyDelete
  2. Replies
    1. කවිකාරි එලය කිව්වෙ මම එකස් වුන එක වෙන්ටෑ.. :-)

      මට නිකම් විදෙස් සංචාරයක් මෙව්වා වෙවී පෙනෙනවා..

      Delete
    2. සෙන්නා අයියා එකස් ද..මක්ක උනේ අනිත් ඇහැට..

      Delete
    3. එක වූ සෙන්නාටත් සුබ පැතූ සියලු දෙනාටත් වටිනා තෑගි යතා කාලයේ දී ඔබට ලැ‍බෙනු ඇත. අපෙන් සුබ පැතුම්!

      Delete
  3. Replies
    1. මධුරංග, ඉන්ද්‍රජිත්,

      ස්ටූතියි!

      Delete
  4. අර පිටිපස්සේ චාට් වල තියෙන්නේ බ්ලොග් එකේ හිට්ස් වෙන්න ඇති.

    ගුගල් ස්ටැට් චාට් එක ලොකු කරලා රාමු කරලා එල්ලාගෙන!!!

    ReplyDelete
    Replies
    1. අපොයි මගේ ඒ චාර්ට් එක දැක්කම බ්ලොග් එකත් වහලා දිවි නසාගන්න හිතෙනවා. ඒ තරමට අබිලික්..

      Delete
    2. කකා, සරත්,

      මගේ ඒ චාර්ට් එක ඔය වගේ වෙයි කියලා තමා මම මේ සිත්තර ඇඳ ඇඳ කෝලං කරන්නෙ හෙහ් හේ.....

      Delete
    3. ඒ චාර්ට් බලන්නේ කොහින්ද?

      එක්කෝ ඕනැන්නේ නැහැ...... ඔව්වා බලන්න ගියහම මටත් සරත් අයියා කිව්වා වගේ කරන්න හිතුනොත් එහෙම.......... :)

      Delete
  5. අන්තිම පේලියේ ඉඳන්ම අපි දන්න අපේ ලංකා අයියට සිද්ද වෙච්ච දේ ගැන මගේ බලවත්ම මෙව්ව එක ! චිත්තරේ පන්කාදු පහට ඇඳලා...ම්ම්ම් අපිට බලා ගන්ඩත් එක්ක පියවර සහිතව කලිසම ඔළුවෙන් ගලවාපු හැටිත් තිබුන නම්...මල් හතයි !

    ReplyDelete
    Replies
    1. හෆොයි ... චුටි මහත්තයා බොහොම සංවරේ ඇතුවයි අඳින්නේ වෙනී මලේ..

      Delete
    2. ඒ කියන්නෙ වෙනී අයියලා, සරත් අයියලා එක බෝට්ටුවෙද? සැක් දන්නවානම් තව හැඩ කරලා අඳින්න තිබුනා.. සරත් අයියව.:)

      Delete
  6. කතාව කියෝලම එන්නම් ඇ ....

    ReplyDelete
    Replies
    1. හැන්දැ වෙන්ඩ කලින් එන්ඩැ!

      Delete
  7. කෝ ජය්යා මාමාගේ බඩ?? මීට වඩා චුට්ටක් විතර මහතායි මං හිතන්නේ.... නියමයි කොහොම වුනත්

    ReplyDelete
    Replies
    1. අන්න අන්න.. මන් නිකම් කොල්ල්ල වගේ තාත්ත කෙනෙක් උනාට.. බඩ ? ගානට බස්සලයි තියෙන්නේ..

      Delete
    2. හෙහ් හේ...... කව්ද දන්නෙ ඕවා.... කටහඩේ හැටියට හිතලා නෙ ඔය ඇඳලා තියෙන්නෙ මාල්යා.....

      Delete
  8. චූටි මහත්මයා ඔබ සදහන් කළ ඒ මහත්මයා බලන්න ගියා....
    අද ඔබ ඇදි කාටූන් රූපයත් ඉතා අගෙයි මහත්මයා.....(ඔන්න අපිත් විනීත විදිහට කතා කරන්නේ)

    ReplyDelete
    Replies
    1. දම්මි නෝනා,
      පැමිණිම මහත් අගේ කොට සලකමි. සිත්තරේ අගේ කිරීම ගැන මගේ බලවත් මෙව්වා එක පිළිගන්න.

      Delete
  9. කලිසම කොහොම වෙතත් අර පියන් කාරයගෙ සරමනං ඔලුවෙන් ගලවන්න පුලුවං වෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,
      ඒ මොකෝ... සරං කොහොමත් ඔලුවෙන් ගැලෙව්වැ කි නේද? හෙහ් හේ..

      Delete
  10. විහිළුවටවත් බුද්ධියට නම් අහුවෙන්න නරකයි. අහුවුනොත් බබීත් සුං බබීගේ අම්මත් සුං. මේකා මහා භ්‍යානක පොරක්නෙ.
    ඔන්න සරත් අපි නම් මේවාට නැහැ.
    අපිට මොකද අපි දසසිල් උපාසක,
    ඉබ්බන්නේ පුච්චන්නේ අනික් පිට
    කිව්වලු.........

    ReplyDelete
    Replies
    1. හත් දෙයියනේ අපේ වෙදනාට වෙච්ච දෙයක් අර ගලේ පහරපු බලලා ඔච්චර අමාරුවක වැටුනෙ නෑ.. බුද්ධි මලයට ආයි චිත්‍රයක් ඇන්දැහැකි..අර බෙහෙත් කොටන මෝල් ගහක් උස්ස ගෙන ගහන්න එලවන් යන සරත් අයියා සහ වෙදනා... :-D

      Delete
    2. මළ කෙලි හතයි. වෙනිය මාව මරං කෑවත් කමක් නැහැ. මේ බුද්ධියට අහු වුනොත් සුං.

      Delete
    3. වෙද මහත්තයා, වෙනී,

      අපොයි මමත් උපාසක. මම ඔයි වගේ වැඩ කවදාවත් කරන්නැ. විදෙස් සිත්තරා තමයි ඕන් ඔවා ගැන දන්නෙ.....

      Delete
  11. මම හිතුවේ සරත් අයියා මහත ඇති කියල ... අයියෝ අසරණයා.. හිකිස්...

    ReplyDelete
  12. කාටුන් එකනම් නියමයි දැක්කාවගෙ හදපු හැටි හික් හික්

    ReplyDelete
  13. අරූ බුලත් දෙන්න එද්දි සරත් අයිය බයවෙලා! හැක්.
    පබ්ලිෂ් වෙලා නැතත් මම එක නෙවේ වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. පැතුම්,
      සරත් කිව්ව ගමන් මට නං දැනෙන්නෙ බොහොම කෙට්ටු හැගීමක්....
      ..........

      ජොන්,
      ඇත්තටම දැක්කා වගේ ඇඳලා තියෙන්නෙ දැක්කා ව‍ගේ ලියලා තියෙන හන්දා....
      ...........

      රාජ්,
      මේ මොනවා කතා කරනවද නවයාමාරට ඇවිදින් එක වෙන්න ද හදන්නනේ...හෙහ් හේ.

      Delete
  14. විදෙස් සිත්තරා මහත්තයෝ,(මෙයා කවද්ද මහත්තයෙක් වුනේ!!)
    ජයකොඩි කියන්නෙ කාටද?

    ආ ලංකාප්‍රියගේ සිතිවිලි කියන්නෙ මමත් අසාවෙන් කියවන බ්ලොග් එකක්..

    ReplyDelete
    Replies
    1. රූ,
      වෙද්‍ය, ජෙනරල්, අතිගරු, ශ්‍රීමත් වගේ ගරුනම්බු නාම කිසි දෙයක් නමේ මුලට නැත්තං අගට මහත්තයා කියලා දැම්මැකි නේද? හෙහ් හේ.... අන්න එහෙමයි ඔය විදෙස් සිත්තරා මහත්තයා උනේ.... නොහිද ඉතින් විදෙස් සිත්තරාට දේශමන්‍ය පට්ටමක් දෙන්නවත් කව්රුත් ඉදිරිපත්වෙන එකක් යැයි....!

      ලංකාප්‍රිය‍ අයියා වගේ කරුණු සැකෙවින් හිත් ඇදගන්න විදිහට ලියන්න මට නං තව සෑහෙන්න කල් යයි. මගේ සමහර ලියුම් හෙන දිගයි. සමහර ඒවා කොටයි...

      Delete
  15. මං නම් අලුත් මේ බ්ලොග් කෙරුවාවට..
    ඇයි කලිසම ඔලුවෙන් ගලවන්නෙ?
    ඒක තේරුනෙ නෑනෙ.. :(

    ReplyDelete
    Replies
    1. කියවන්නකෝ ඒ බ්ලොග් එක.

      Delete
    2. චූටි බටපොල, දිගටම බ්ලොග් කියවන්න සින්ඩි වලින් බ්ලොග් හොයා ගත්තැකිනෙ...... පස්සෙ බැරියැ තේරුම් ගන්න.

      එක්සැන්ඩර් මාමා කියන විදිහට මුලින්ම ඒ බ්ලොග් එක කියෝලා එන්න....:D

      Delete
    3. මාමියාල දෙන්නෙක්ම කිව්වනෙ.පොඩ්ඩා කියන දේ අහන්නංකො :)

      Delete
  16. හෙහ්.. මේකට තමයි ඒනම් එදා හදිස්සියෙ ග්‍රැෆික් ටැබ්ලට් එක හොය හොයා හිටියේ.. ඔය දීලා තියෙන්නෙ බඩ පැලෙන්ඩ.

    සිත්තරේ එලස්ය..

    පළවෙනියට තෑගි හම්බෙන්නෙ මේ පෝස්ට් එකට් නෙමේද ඈ.. ?

    ReplyDelete
    Replies
    1. ඔය ටැබ්ලට් එක ගැහුවාම අපි වගේ කෝටු චිත්රයක්වත් ඇඳගන්න බැරි අයටත් චිත්‍ර අඳින්න පුළුවන් වෙනවද හැබෑට ? අහන්න ඕන අපේ දොස්තර යාලුවන්ගෙන්..

      Delete
    2. මාත් හිතන්නෙ.. ගහලම බලන්ඩ ඕනා.. අන්න වෙනි අයියත් ගහන්ඩ පටන් අරන්..

      Delete
    3. අර වෙනියා අඳින්නේ හිටු කියලා..

      Delete
    4. සෙන්නා, සරත්,

      විදෙස් සිත්තරා කියන හැටියට නං ටැබ්ලට් එක ගන්න බැරි උනාමලු මේ වගේ ඒවා ඇදෙන්නෙ...

      .........
      ඇක්සැන්ඩර්,
      කෝ... මම දැක්කෙ නෑනේ

      Delete
  17. මේකත් මරුය.... මම ආවෙනම් ඇට නැති කෙසෙල් බලන්න හිතාගෙන

    ReplyDelete
  18. අපොයි.. මමත් ආවා කලිසම් ඔළුවෙන් ගලවන්න විදෙස් සිත්තර උපදෙස් ගන්න. මේ කලිසම ගලවන්න පන්නනවා වෙන්නැති?

    ReplyDelete
    Replies
    1. මී ගොඩයා,
      ඇට නැති කෙසෙල් තියෙන්නනේ... වෙනී අයියා ගාව නේද? වෙලාවට....
      ........

      ඇක්සැන්ඩර්,
      හෙහ් හේ..... ඔලුවෙන් ගලෝන හැටි මහ තියා සරත් මහත්තයටවත් දැනගන්න ලැබිලා නැනේ... ඉිතින් කොහෙද මම අඳින්නෙ...

      Delete
  19. අප්පේ...කතාවනම් හරිම සංවේදීයි....

    ReplyDelete
    Replies
    1. නිසූපා,
      ඒක නම්බ ඇත්ත. සරත් අයියා ලියපු කතාවලින් සංවේදිම කතාව මටනං සපත්තු පොලිෂ් කරන ඉන්දියන් ළමයගේ කතාව.

      Delete
  20. අනේ මේ පාර අර අහිංසක සරත් අය්යාවත් අල්ලගන :D

    සුපිරි කාටුන් එක .

    ReplyDelete
  21. එල සිත්තරේ ඈ!

    ReplyDelete
    Replies
    1. සබිත්,
      ස්තුතියි.
      ...........

      ගිම්හානී,
      සරත් අයියව නෙමේ ඔයාවත් අල්ලගන්න කියලා හෙනට ඉල්ලීම් එනවා පහුගිය දවස් වල ඉදලා. කෝ හරි වෙලාවක් අහුවුනේ නෑනේ. ඒ ගොල්ල අල්ලගන්න වෙලාවකුත් දිලයි තියෙන්නෙ විදෙස් සිත්තරාට. පුලුවන්ද අනුමාන කරන්න ඒ මොන වෙලාවෙද කියලා.....!

      Delete
  22. හයියෝ උගෙත් රෙදි නෑ...... :-) :-)

    ReplyDelete
    Replies
    1. සුබ වේවා! රාජ සම්පත් ලැබේවා!:)

      Delete
  23. ලංකාවෙ ඉන්නවා කලිසම ඔලුවෙන් ගලවන්න ලෑස්ති බුවාලා සෑහෙන්න. ඕකට හේතුව කලිසමට දීලා තියෙන අමතර ගරු නම්බුයි. ඉස්සර ඉංග්‍රීසි බැරි උන් කලිසම අඳින්නෙ නෑලු. අඳිනවානම් උඩින් සරමකුත් අඳිනවලු. එතකොට රෙද්ද අස්සෙ මහත්තයලු.
    ගෑණු කලිසම් ඇන්දාමත් සමහර පැතිවල සමහර උන්ට තාම මැජික් කියන්නෙ..

    ලංකාප්‍රිය මැතිතුමා ඔය තරං කෙට්‍ටු පොරක්ද බං? මම හිතුවෙ තඩි බඩගෙඩියකුත් ඇති කියලා... මේකානම් ආයතන ප්‍රධානියෙක් නෙවෙයි හෙන කේඬෑරි පොරක්නෙ. දැක්කම එක්ක ගිහින් කෑම බාගයක් අරන් දෙන්න හිතෙනවා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඩූඩ්,
      සරත් කියන්නෙ කෙට්ටු නමක් හින්දායි කෙට්ටුවට ඇන්දෙ. හැබැයි සරත් අයියව දැකලා තියෙනවයි කියලා හිතෙන අයගෙත් ලොකු ඔබ්ජෙක්සන් එකක් නැති හන්දා ආසන්න මේ විදිහයි කියලා හිතුවැකි නේද?

      අනිත් එක හැම ආයතන ප්‍රධානීටම මහතයි කියලද උඔ හිතන්නෙ... එහෙනං අපේ ඔක්ස්පෝඩ් වල ඉගෙන ගත්තු දේසපාලක තුමා කොච්චර කෙට්ටුද ඈ.....

      Delete
  24. අනේ චුටි මහත්තයෝ මේ කල පිනෙන් ඔබ තුමාගේ බ්ලොගයට දහස් ගණන් හිට් එක දවසට වැටෙත්වා.... ඔබතුමාගේ බ්ලොග් එකේ කාටුන් එකක වැටෙන්න තරම් ඉහලට මගේ කඩමල්ලේ කතා එසවීම ගැන අපේ මහා වේදනා තුමාටත් පින් සිදු වේවා. මන් මේ බැලුවේ කවදාවත් නැතුව මගේ බ්ලොග් කඩමාල්ලට හිටි ගමන් කමෙන්ට් පාලොහක් සෙනසුරාදාවක වැටුනේ කොහොමද කියලයි.. මට මේ පින්තුරේ මගේ කඩමාල්ලට අමුණන්න අවසරද ?

    ReplyDelete
    Replies
    1. අවසරයි, අවසරයි සරත් මහත්තයා. අවසර දෙන්න පරක්කු උනේ අද දවස පුරා එකදිගට අන්තර්ජාල පහසුකම් තිබුනෙ නැති හන්දයි.

      - ඇඩ්මින් මහතා.

      Delete
    2. 01.ඔබතුමාගේ බ්ලොග් එකේ කාටුන් එකක වැටෙන්න තරම් ඉහලට මගේ කඩමල්ලේ කතා එසවීම ගැන අපේ මහා වේදනා තුමාටත් පින් සිදු වේවා.//

      කෝමත් විදෙස් සිත්තරා අවධානෙං හිටියේ සිත්තරටක් අඳින එක ගැන. වෙද මාමා ඔත්තුව දුන්නු හැටියේ ඒ බලාපොරොත්තුව බුර බුර ඉහල නැග්ගා කියමුකෝ. වෙද මහත්තයා කොච්චර හදිස්සියෙන් ද ඒ ගැන කිව්වෙ කියනවනම්, මෙන්න මෙහෙමයි ලියලා තිබුනෙ,
      "බුද්ධි, සරත්ගෙ බ්ලොග් එක බලන්න....."

      මමත් හැරෙන තැපෑලෙන් ගියා ඒ පැත්තෙ මොකද්ද මේ අලකලංචිය කියලා බලන්න.... ඔන් දැක්කනේ ඒකේ ප්‍රතිපලේ!

      ඒක හන්දා සරත් අයියා කිව්වා වගේ වෙද මාමාට පින්සිදුවෙන්ඩ ඕනේ... මොකෝ ඔය පණිවිඩෙ වෙද මාමා නොදෙන්නෙ, මේ වගේ අලකලංචියක් කවදාවත් සරත් අයියට නොවෙන්න තිබුනා. හෙහ්...හේ...

      02.අනේ චුටි මහත්තයෝ මේ කල පිනෙන් ඔබ තුමාගේ බ්ලොගයට දහස් ගණන් හිට් එක දවසට වැටෙත්වා.... // අනේ ඔය තියෙන්නෙ නියම පාර්තනාවක් සරත් අයියෙ... කියලා කරවාගත්තා වගේ. කවදා හරි මේ බ්ලොග් එකට දහස් ගණන් හිට් ලැබෙන කාලෙක මමත් හිතාගෙන ඉන්නෙ ඩියොඩ්‍රන්ට් කොම්පැණියකින් හරි, සංනිවේදන කොම්පැනියකින් හරි ඇඩ් එකක් දෙකක් ඉල්ලලා එල්ලාගන්ඩ. බලමුකෝ ඒකෙත් හැටි. තිත් දෙකයි පී.

      Delete
    3. අනේ චුටි මහත්තයෝ... පහුගිය දවස් දෙක තුනට විත‍රක් සයිබර් යාය හරහා තුන්සිය පනහකට වැඩි ගණනක් මගේ කඩමාල්ලට එබිලතියෙන එකෙන්ම පෙනෙනවා නේද කාටද වාසි උනේ කියලා. ? මගේ බ්ලොග් එක අප්ඩේට් නොවෙන් එකට පිලියමක් සයිබර් ගුරු තුමෙක්ගෙන් අහගන්න ඕනා.

      Delete
  25. මාත් ඒ ලිපිය කියවලාම ආවනම් හොදයි නේද.

    ReplyDelete
  26. සංවේදී කතාවක වුනත් හාස්‍යජනක කෑල්ල අල්ලගන්න බුද්ධිට හොඳ ‘ඉවක්‘ තියනව නොවැ.

    ReplyDelete
    Replies
    1. මඩිස්සලේ,
      ඒක හොඳයි. පරිස්සමින් යන්ඩ... පාරේ වාහන ඇති...
      .........

      ඩීඩීටි,
      මං හිතුවෙ නෑ ඔයා කවදාවත් ඔය වගේ කතාවක් කියයි කියලා. බ්ලොක් කරලා දානවා මේ එකවුන්ට් එක. ඔයා කියන්නෙ මටත් ඉව තියෙනවා කියලද?:P

      Delete
  27. ඔන්න අපි කොටුව නොපැන සිත්තරේ හොදයි ලස්සනයි හැඩයි කියලා කිවුවා.. දැන් යන්න ඕන නිධාන කතාව බලන්න.. :)

    ReplyDelete
    Replies
    1. දිනේශ්,
      කොටුව නොපැන්නට ස්තුතියි! (ඇත්තට ඔයා මල්ලි කොටු පනින්නෙම නැද්ද? නෑ මං නිකමට ඇහැව්වෙ...:P)

      Delete
  28. නිධාන කතාව නොදැන් සිත්තරේ අණ්ඩර දෙමළය.. පසුව පෝස්ටුවද කියවීමි.

    ReplyDelete
    Replies
    1. හරී, එසේම වේවා. පොස්සුටව කියවන්න . එච්චර දිග එකක් නොවේයි!

      Delete
  29. ඕං කතාව කියවලම ආවා... චූටි මහත්තයගේ සිත්තර ඇඳිල්ලයි කතා කීමයි ඉතින් උපරිම එකෙත් උපරිම තමයි... කතාවට හරියටම හරියන විදියට සේරම ඇඳලා තියෙනවා...

    මේ චිත්තර දකින හැම වෙලේකම හිතට එන්නේ ඉතිං අනේ තාම චිත්තර කතාවක් ඇන්දේ නෑනේ කියන එක තමයි...

    ටෙම්ප්ලේට් සිහිනයට මක්කැයි වුනේ???

    ReplyDelete
    Replies
    1. මේ චිත්තර දකින හැම වෙලේකම හිතට එන්නේ ඉතිං අනේ තාම චිත්තර කතාවක් ඇන්දේ නෑනේ කියන එක තමයි...// චිත්‍ර කතාවක් අඳින එක ලේසියි කියල ද හිතන්නෙ... මගේ පෑන ගෙවිලම යයි.... හෙහ් හෙ...... දැන් පළවෙනි තුඩෙ මැදක් විතර ගිහිල්ලා.....
      ..........


      ටෙම්ප්ලේට් සිහිනයට මක්කැයි වුනේ???//වැඩැන්නෑ මල්ලි! ඒක බොඳ වෙලා ගියා...

      Delete
  30. මට මුලින් කතාව මතක් වුණෙත් නැහැ. ඒ පැත්තේ ගිහින් ආපුවාමයි කතාවත් මතක් වුණේ :D

    ReplyDelete
  31. නිදාන කතාව නොකියවා හිකිස් එකක් දාලා යමි.... ලන්කාප්‍රිය මහත්තයගෙ දිහෑ යන්ඩෝනෙ මොකක්ද මේ සන්ගදිය කියල බලල එන්ඩ.,

    සිත්තරෙ සෝක් ඈ :)

    කතාවකුත් දානු ! :)

    ReplyDelete
    Replies
    1. හසිත,අන්න ඒකෙනේ කියන්නෙ.... උඔට කිසි දෙයක් මතක නෑ. අද උදේට කෑවෙ මොනාද කියපන් මල්ලි....
      .........

      ජීවිතේ මල්,
      අම්බෝ මෙයා දැක්ක කල්! ඒ කාලේ කෙහෙල්කොටුවෙම යි හිටියෙ.... ස්තුතියි ස්තුතියි

      Delete
  32. මම ආවේ සරත් මහත්තයා.බිම දාගන උරහිස්සට කකූලක් තියලා කලිසමෙ දෙපැත්තෙන් අල්ලගන ගලවන්ඩ හදන චීත්තරයක් බලන්ඩ.
    මේකත් නරක නැ

    ReplyDelete
    Replies
    1. අටම්පහුර,
      අපරාදේ....රාගම ඉදලා කොච්චර දුරක් ගෙවාගෙනද නේද ඇවිල්ලා තියෙන්නෙ. මේ සිත්තරේ අඳිද්දි නං අපිත් හිටියෙ ඔය ලගපාත... හෙහ් හෙ..... අපේ බ්ලොග් යාලුවොත් ඉන්නවා බොලාගෙ ගමේ...

      Delete
  33. බුද්ධි මහත්තයටත් හිතෙන දේවල්... චික්...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ ප්‍රදීප් මහත්තයා :P

      Delete
  34. යාන්තම් ලැබුනු විවේකයකදී, සරත් ලංකාප්‍රිය මහත්තයගේ රූපය දැක බලාගැනීම කොච්චර නම් ප්‍රියමනාපද? හැබෑට එයාට ඔය වගේ උඩු රැවුලකුත් තියනවද?

    ලස්සන චිත්‍රේ යාලුවේ. එන්ට නම් පරක්කු උනා. ඊලඟ පාර එක වෙන්නම්.:D

    ReplyDelete
    Replies
    1. අයියෝ.. ඒ මන් නෙවෙයිඕ.. මන් තමයි අර ඉස්සරහින් දුවන හැන්ඩි පොර !

      Delete
    2. සරත් අයියා,
      සබාවේ සිනා!!!! ඒ මොකද කියනවානම් තකහනියක් දුවගෙන ඇවිල්ලා ඒ මම නෙමේ කියපු එකට.... හක්ක හක්ක හා.... නැ ඉතින් ඔච්චර ලස්සනට බොඩි මෙව්වා එක පවත්තගෙන යද්දි පොඩ්ඩි අර වගේ කතාවක් කිව්වම කලබල වෙන එක සාධාරණයි හෙහ් හේ....

      Delete
    3. පොඩ්ඩි,
      යන්තම් ලැබුනු විවේකයේ දී කෙහෙල්කොටුව පැත්තෙ එන්න මතක තිබුනු එකගැන නම් මගේ බලවත් සතුට සහ සොවුභාග්‍ය.

      ඒත් කණගාටුවට කාරණයක් තියෙනවා. ඒ අද ඔයාට එක වෙන්න නොලැබීම. ඒ වෙන මොකවත් නෙමේ මේ පෝස්ට් එකේ මුලින්ම කමෙන්ට් දාන කෙනාට අද බරටම තෑගි දුන්නනේ... බලන්ඩකෝ ඒකෙත් හැටි නේද? :P

      Delete
    4. තෑග්ගට ඉත්තූතියි.. බර ගැනනම් ඉතින් කතා කරලා නිම කොරන්ඩ බෑ..

      පොඩ්ඩිට ඊලඟ පාර එක වුනෑකි.. මොකද මට හෙටින් පස්සෙ එක වෙන්ඩ හම්බෙන්නෙම නෑ..

      Delete
    5. සෙන්නා. ඔන්න ඕකනෙ කියන්නෙ.... බොලාගෙ හැදියාව නං අන්තිමයි. බලහං අර ගැල්ලමයට ලිව්ව රිප්ලයි එක උඔ හොරෙන් කියෙව්වා නේද?

      ඒක පැත්තක තියමු. උඔ හෙට යනවද? හෑව් එ සේප් ප්ලයිට් ඈ....

      Delete
    6. ඉතින් බන් අර හම්ම්බෙච්ච තෑග්ගෙ බර නිසා බුර බුරා නැගුන ආවෙගෙට තමා මේක ලියවුනේ. ලියුවෙ නෑ ලියවුනා..

      තැන්කෝඕඕඕ

      ප්ලයිට් කිව්වම මට අර ෆ්ලයිට් ද ෆ්ලයිට් ව මතක් වුනේ.. හැක් හැක්..

      Delete
  35. සිත්තරය අදද ඉතා අගනේය, ...

    ReplyDelete
    Replies
    1. සිත්තර ඉතා අගනේය! ටැංකෝ සම්මානී. අන්තිය නොවී කොහොමහරි මැදකට රිංගන්නවා නේද?

      Delete
  36. මට නිකමට වගේ හිතුන මේක මෙහෙම්ම පැපරාසි වෙයි කියල වෙදමහත්තය පාදල දුන්න පොට නිසා. ඒත් අනේ වෙනී නෑනෙ කෝ එයා ??

    ReplyDelete
    Replies
    1. නවම්,
      ඒත් අනේ වෙනී නෑනෙ කෝ එයා ??// ඇට නෑ කියලා බෝඩ් එල්ලන් ඉන්න මනුස්සයෙක්ගෙ මොනවා අඳින්න කියලද උඔ මට කියන්නෙ.... හෙහ්හෙ.....

      Delete
    2. හොක් හොක් හොක්.... :D

      Delete
  37. සියල්ලන්ට පිළිතුරු දී ඇතැයි විශ්වාස කරමි! ස්තුතියි.

    ReplyDelete
  38. හුරේ මම අන්තිම.............

    ReplyDelete
  39. ලස්සන චිත්තරේ....

    ReplyDelete
  40. ඔන්න ඉස්සෙල්ලම ආවේ මෙහෙට . කතාව කියවල ආවේ . ..අය්යෝ සිත්තරා මහත්තයා සහ සරත් මහත්තයා ..

    ReplyDelete
  41. ඉෂාර, හා පැටික්කී,
    මොකෝ මේ මුලින් එක දෙන්නෙක් අන්තිම වෙලා.... ප්ලෙන් පරක්කුද? ගහක් යට නින්ද ගියාද?

    ..............
    බින්දු මතී අක්කා,
    ස්තුතියි. මුලින්ම ආවේ මෙහෙට කිව්වෙ... තේරුනේ නෑ

    ReplyDelete
  42. අය්යෝ අනේ බ්ලොග් එකට යන්න බැරි වෙලා ඉඳල පුළුවන් වුනහම මෙහාට තමා ඉස්සෙල්ලම ආවේ

    ReplyDelete
  43. කලිසම ඔලුවෙන් ගලවන සිත්තරේකුත් බලන්න ආසයි, මම අන්තිමයානේද :)

    ReplyDelete
  44. බිංදුමතී අක්කා,
    ඒකත් එහෙමද... මෙන්න මගේ බලවත් ප්‍රණාමය පිළිගන්ඩ.....
    .........

    නීතා නෝනා,
    මම අන්තිමයානේද :)// අදක්ෂයෙක් එක වෙනවා වගේ ම තමා දක්ෂයෙක් අන්තිමයා වෙන එකත්. දෙකම හෙන අමාරුවැඩ. ඒක හන්දා මෙන්න මගේ ස්තුතිය....... (මේකේ පලවෙනියා ගැන නෙමේ හැබැයි ඈ... නැන්නං සෙන්නා එයි අවි අමොරාගෙන සටන් වදින්ඩ)

    ReplyDelete
  45. මේක කලින් දැකලා තියෙනවා වගේ මතකයි, ඒත් කමෙන්ට් එකක් දාලා නෑ නේද ?

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...