2013/03/30

පොල්කුඩු වලින් බ්ලෙන්ඩර් හදන විස්මිත ගෑණු සහ තවත් අරුම පුදුම චාරිත්‍ර ක්‍රමයක් ගැන දැනගන්න......! (යුරෝ දෙකේ වීරයාගේ හෙලිදරව්වකි)

අපි බ්‍රහස්පතින්දා ඉදලා ලබන සදුදා උදේ වෙනකල් නිවාඩුවක් ගත්තා. බ්‍රහස්පතින්දා නැන්දලාව විසිට් කලා. පස්සේ එහෙම්ම ම අක්කලාගෙ ගෙදරට ගොඩබැස්සා. ඒ අක්කලාගේ අල්ලපු ගෙදර අය දෙනවයි කියපු කිරි දානෙට උදව් කරන්න හිතාගෙන. බ්‍රහස්පතින්දා රෑ කලින් නිදා ගන්න කියලා හිටියත් මාරයගේ බලු පෝස්ට් එක කියෙව්වට පස්සෙ ඒකේ අගක් මුලක් හොයන්න ගිහින් දන්නෙම නැතුව පාන්දර එක වුනා. 

කොහොමහරි පහුවදා මම එහා ගෙදර කිරි දානෙට උදව්වට ගියා. 

එහෙට ගියාට පස්සෙයි දැනගත්තෙ අක්කලයි ගෙවල් පැත්තෙ ඉන්නෙ අමුතු මිනිස්සු කියලා. ඒ ගොල්ලන්ගේ චාරිත්‍රත් හෙන වෙනස්.

ඒ ගෙදරට ගිහිල්ලා කරන්න මුකුත් වැඩක් හොය හොය යනකොට මට ඇහුනා උයන පැත්තෙ ගැණු කට්ටිය මෙහෙම කතාවක් කරනවා.

“අක්කෙ කිරි බතට කිරි මදිවෙයි වගේ.......“

“එහෙම වුනොත් අපි මේ පොල් කුඩු බ්ලෙන්ඩර් කරමු......“

මාව උඩ ගියා. මගේ ජීවිතේටම මම ඔය වගේ කතාවක් ඇහැව්වමයි. මමත් බ්ලෙන්ඩර් ගැන ටිකක් දන්නවා. මම මුලින් ම බ්ලෙන්ඩර් එකක් ගත්තෙ 2008 දී. ජපෑන් (Japan) කියලා දැක්ක පලියට ගත්තට මොකද ඒක ඉන්දියාවේ හදන ජායිපෑන් (Jaipan) කියලා අයි අකුරක් මැදට දාලා විකුණන එකක් කියලා දැක්කෙ ගෙදර ගෙනල්ලා ඒකේ පොත කියවන කොට. මොනවා වුනත් ඒක හදලා තිබුනේ ප්ලාස්ටික් වලිනුයි, සුදු යකඩ වලිනුයි. ඉතින් ගමේ ගැනු පොල්කුඩු වලින් බ්ලෙන්ඩර් එකක් හදන හැටි බලන්ඩ වටින්නෙ නැද්ද? සමහර විට ඒක මේ පැත්තෙ දානෙට පොල් අඩුවුනාම කරන කෙමක් ද කව්ද දන්නෙ......!

කොහොමත් කිරි දාන දෙන ක්‍රම පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා කියලා මම දන්නවා. ඒත් මගේ මුලු සංසාර ගමනේ දී ම මේ දැන් කියන්න යනවා වගේ චාරිත්‍රයක් නම් දැක්කෙ ම නෑ. 

කොහොම හරි ඊයේ උදේ දත කට මැදගෙන ගියාට මොකද දවල් දවසට ම වැඩකට කියලා ලැබුනේ කිරි දානේ හදන තැන ගහන ටෙන්ට් එකේ ලනුව අල්ලගෙන ඉන්න විතරයි. ඒකටත් එක්කලා රෑ වෙන්ඩ ඇරලා හෙන අමාරු වැඩක් ලැබුනා.

ඒ ගෙදර නැන්දා මට හෙන ඉහලින් සලකන්නේ. කොච්චර උනත් මම එදා වගේම අදත් හෙන නිහතමානි ව ඉන්නවා කියලා. ඉතින් නැන්දා මට විශේෂ වැඩක් පැවරුවා. නැන්දා කිව්වා අත්දෙක හොඳට හොදාගෙන, පොඩිවුන් ටිකක් එක්ක ගිහිල්ලා පලතුරු වට්ටි ටික කපලා හදලා තියන්න කියලා. ඉතින් මම වට්ටි හතම කැපුවා. ප්ලාස්ටික් හන්දා කියත් පටියකින් කැපුවේ. පොඩි උන් ඒවා පලු කරලා දෙපැත්තෙන් තිබ්බා. පලතුරු වට්ටි කපන එක ලේසියි වගේ පෙනුනට ලේසි නෑ. මේ වට්ටි චීනෙන් ගෙන්නුවට ක්ලාස් බී ලෙවල් එකේ එව්වද කොහෙද ටිකක් හයියයි. සෑහෙන වෙලාවක් ඔට්ටු වෙලා කොහොම හරි වට්ටි හතම කැපුවා. මොකද නැන්දට මං ගැන තියෙන මෙව්වා එක රැකෙන විදිහට මම වැඩ කරන්න එපැයි. ඒත් කපලා හදලා තියන්න කිව්වට මොකද මට හෙන නිදි මතක් ආවා. ඉතින් මම පොඩි උන් ටික විඩ්‍රෝ කරලා කපපු පලතුරු වට්ටි ටික අනිත් කැවිලි පෙවිලි තියෙන කාමරෙන් ම තියලා නැන්දට ඒ ගැන ඉන්ෆෝම් කරලා නිදා ගන්න ගෙදර ආවා. නැන්දා ස්තුතියි කියලා දානේ කිට්ටු කරලා පලතුරු වට්ටි ටික හදාගන්නම් කිව්වා.

ගෙදර ආපු හැටියේ මම නිදාගන්න කලින් වැඩි පරිස්සමට කියලා ෆේස් බුක් එකෙත් ස්ටේටස් එකක් දැම්මා වට්ටි කපන චාරිත්‍රෙ ගැන කියලා. 

අද සෙනසුරාදානේ. දැං නං කිරි දානේ පටන් අරගෙනත් ඇති. ඒ පැත්තේ තොරතුරු මොනවද කියලා බලාගෙන කියාගෙන එන්නයි මම දැන් ලෑස්ති වෙන්නෙ. ගිහින් ඇවිදින් දානේ වෙලාවෙදී කෙරෙන අමුතු චාරිත්‍ර මොනවහරි තිබුනොත් මම කියන්නම්.

...............................................
- මීට චාරිත්‍ර වාරිත්‍ර අකුරටම පිළිපදින්න කැමති යුරෝ දෙකේ වීරයා.

ප:ලි - 
ඹ්ගොල්ලන්ගේ පැතිවලත් වට්ටි කපන චාරිත්‍රෙ හරි ඒ වගේ අමුතු චාරිත්‍රයක් හරි තිබුනොත්,  කියලා යන්ඩ අමතක කරන්න එපා හොදේ....!

ප:ප:ලි - 
අද දාන්න නියමිතව තිබුනේ සුදීක මහත්තයගේ කෙරුවාව ගැන කියවෙන සිත්තරයක්. ඒ වගේ යෑ මේ අරුම පුදුම චාරිත්‍රය. වගකීමකින් ලිපි ලියන බ්ලොග් කාරයෙක් හැටියට ඒ ගැන රටට කියන එක මගේ යුතුකමනේ.

67 ක් කියන්නේ !:

  1. මේක නාම පදයක් ක්‍රියා පදයක් වෙන එකට හොඳ උදාහරණයක්.

    අර අළුත් කියමනක් තියෙන්නේ බ්ලොග් එක බුද්ධි කරනවා කියලා.

    ඒඛ නෙමයි මාත් මේ යුරෝ දෙකක් හොයනවා මේ දවස්වල.

    ReplyDelete
    Replies
    1. කකා, හැම වචනයක් ම සිංහලට හරවද්දිම ඒක ක්‍රියා මූලයක් වෙන්න ඕනෙලු නේද නියම අර්ථය එක්ක.

      Delete
  2. පලයං ගිහිං කාලා වරෙන් (ගුටි)

    ReplyDelete
    Replies
    1. අටං, මේ දානේ තියෙන්නෙ උඔලගේ ගමේ..... හෙහ් හේ....

      Delete
  3. නමටම ගැලපෙන විදියට බොට නම තිබ්බ දෙමාපියන්ට අපි ඇත්ත වශයෙන්ම අපගේ ප්‍රමාණය ප්‍රකාශ කර සිටින්න ඕන මේ වෙලාවේ... අපි විතරක් නෙවෙයි මේ වෙද්දී අර නැන්දත් බුද්ධී ගේ බුද්ධියට පසසන අතරම බුද්ධිගේ දෙමාපියන්ට පින් පමුණූවනවා ඇති ටක්කෙටම...

    අති විශීෂ්ඨයි බුද්ධි..ඔහොම තමා වැඩක් දුන්නම කරන්න ඕන.. ආයේ කාගෙන්වත් වචනයක් නාහන්න... :D

    ReplyDelete
    Replies
    1. මාරයා, තාත්තා බ‍ණ කතාවක් අහද්දි කිව්වලු අංගුලිමාලගේ හැටි දන්න හංදා කොල්ලට අහිංසක කියලා නම දාන්න දෙමාපියෝ තීරණය කලා කියලා.....

      Delete
  4. යන්ට යන්ට. ඒ පැත්තෙ දානෙ දවසට අමුත්තො පිලිගන්ටත් වෙනම චාරිත්‍ර තියනව. ගුටිකන්න පුලුවන් සයිස් එකට පොල්ලකුත් අරන්ම යන්ට.

    ReplyDelete
    Replies
    1. දේශ්, ගුටි කන්න මොකටද පොලු.... ගුටි කන්න ඕනේ කට කැඩිච්චි කතාවක් නෙමෙයිද හෙහ් හේ

      Delete
  5. අර විදෙස් සිත්තරාවත් අරගෙනම පලයං. මොකද ඒ නැන්ද උඹව පිළිගන්න විදියට ඕක අපිට කියන්න උඹ ඉතුරු වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. දෙයියන්ගේ පිහිටෙන් සිත්තරා මාට්ටු කොල්ලා මම බේරුනා... ප්‍රසා

      Delete
  6. පොල්කුඩු බ්ලෙන්ඩර් කරණ එකයි, පළතුරු වට්ටි කපන එකයි අපේ පැත්තෙත් තියන දේවල්.. මමත් කරලා තියනවා..

    ReplyDelete
    Replies
    1. සෙන්නා, උඔලගේ පැත්තෙ පලතුරු වට්ටි කපන්නෙ මොකෙන්ද?

      Delete
    2. අපිනම් කැපුවෙ, අර ඇක්සෝ බ්ලේඩ් කියලා පොඩි කියත් පටි ජාතියක් තියෙන්නෙ.. ආන්න ඒවයින්.. ඒවා පලතුරු වට්ටි කපන්න කියාපු ජාතිය.. හැබයි වේවැල් වට්ටි හම්බුනොත් ගම කනවා..

      Delete
    3. සෙන්නා, ඇක්සෝ බ්ලේඩ් එකකින් තමා කපන්න ඕනැ. ඒවට දාන්න පුලුවන් තල තියෙනවා නේද හයිස්පීඩ් බ්ලේඩ් කියලා ටිකක් ගණන් එකක්. ඒකක් දැම්මනං යකඩ වුනත් කැපෙනවා නිකං බටර් වගේ.......!

      වේවැල් වට්ටි හමුවුනොත් කටින් හපලා තමා ඉතින්....

      Delete
    4. අපෝ ඔච්චර කට්ට කන්න දෙයක් නෑ... දැන් කපපු වට්ටි ගන්න තියෙනවා කාගිල්ස් එකේ එහෙම...

      Delete
  7. මන්ද බුද්ධි මල්ලියෙ එහෙම කොරේ ????
    කොයිකටත් මල්ලියෙ මාස ගානක් යනකම් බොලා ඔය නැන්දලගෙ ගෙවල් අහ යනවා නෙවෙයි...ඔය දහයඉ දහාටේ ශරීර කූඩුව හතරයි තුනට අඩුවෙයි !

    ReplyDelete
    Replies
    1. නමට කැපෙන්න වැඩ තියෙන්න එපැයි වෙනි අයියේ......... නැන්දලාට කට උස්සන්න බෑ. උන්දලා කියපු දේවල් තමා අපි කලේ

      Delete
    2. අන්න වෙනියා උඹට "මන්දබුද්ධි" කියලා අපහාස කලා..

      Delete
  8. ඇත්ත කියාපං. උඹේ නම එම්. බුද්ධික නේද? :D

    ReplyDelete
    Replies
    1. ඩූඩ්, මන්ද බුද්ධි උබද බුද්ධි

      Delete
  9. මමත් මේ බලන් හිටියේ අර මම මල්මිටක් ගත්තු වෙලාව චිත්රේට නැගෙනකම්. පොල්, පොල්කුඩු දෙකම දැන් බ්ලෙන්ඩර් කරනවනේ කිරි වැඩි කර ගන්න. මට හිතෙන්නේ පොල්ගෙඩියකට වඩා කරන්ට් යුනිට් එක ගණන්.

    ReplyDelete
    Replies
    1. කරන්ට් යුනිට් එක ගණන් තමා..... මල් පොටෝ එක අප්ලෝඩ් කොල්ලා තියෙන්නෙ හිමිට දාඤ්ඤං.... හැබැයි කොස්සක් තියෙනවා රෑ දර්ශණ වැඩි හන්දා ටෝච් එකක් කාරිය ලැස්ති කරගන්න වෙයි

      Delete
  10. දානේ වළඳන්න ලැබුනේ නැතෙයි තාම ?

    ReplyDelete
    Replies
    1. ලොක්කා, මොකෝ නැත්තෙ කාලා දැම්මා.... වට්ටි කපලා නිකං ම ගේම අතඅරින්න පුලුවනෑ

      Delete
  11. අම්මෝ!!! ඊයේ නින්දට ගියෙත් මේ ප්ලාස්ටික් වට්ටි ප්‍රශ්නෙ ට බය වෙලා.. FB කට්ටිය!!

    ReplyDelete
    Replies
    1. නේරංජි, ගණං ගන්ට එපා..... අපි කෙශෙල් කැපුවේ ඔයා කියපු හැටියට කොනින් අල්ලලා

      Delete
  12. අපරාදේ කියන්ට බෑ භාෂාව හොඳට හසුරුවන්ට දන්න බුද්ධිකයෙක්!!!:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි, ක යන්න වැඩියි හරියට බ්ලෙන්ඩරේ අයි අකුර වැඩියි වගේ

      Delete
    2. ආ.... වැනුවටත් ස්තුතියි නෝනා.

      Delete
  13. පොල්කුඩු බ්ලෙන්ඩර් වැඩේ නම් මමත් කොරලා තියනවා!

    ReplyDelete
    Replies
    1. නාඩියා, කරං බිල නැත්තං නියම වැඩක්! ඒත් මේදය ඇගට යනවා වැඩි වෙනවලු නේද

      Delete
  14. අපේ අහ නම් ඔය වගේ දේවල් නහැ
    ඉඳලා හිටලා
    "ලේ මුත්‍රා ECG කරනු ලැබේ" කියලා ගහපු තැන් නම් තියෙනවා.
    මොනවා කරනවද දන්නේ නැති නිසා ඒ අහල පහලින් වත් මන් නම් යන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ම, නිවුස් බලන්ඩත් එපා.... එතකොට ලේ වතුර වෙනවා

      Delete
  15. නුතන අන්දරේ ..හෙවත් කෙහෙල් කොටුවේ බුද්ධි .

    ජායිපෑන් ඉන්දියන් වුනාට හොඳ භාණ්ඩේ .

    ReplyDelete
    Replies
    1. බිංදු අක්කා නිසා ඉවසනවා - මුග්ධ කමෙන්ට් දාන්න එපා. කෙහෙල්කොටුවේ බුද්ධි නෙමේ කෙහෙල්කොටුවේ චුටි මහත්තයා.

      ජායි පැන් එල භාණ්ඩේ තමා. ඒවයේ භාජන වුනත් හයියයි. සරළයි. කැඩුනත් හදා ගත්තැකි හෙහ් හේ.....

      Delete
    2. ඒක තමා මටත් හිතුනෙ. අන්දරේ මඟුල් ගෙදර ගියා වගේ -2, බුද්ධි කිරි දානෙට ගියා වගේ.

      Delete
    3. මාත් මේ මතක් කෙරුවෙ මේ වගේ කතාවක් කලින් අහලා තියනවා මතකයි මතකයි වගේ ඒත් දිව අග තියනවා එලියට ආවෙ නෑනේ බින්දිගෙ කොමෙන්ටුව දකිනකම්..!!

      Delete
    4. අන්දරේ කෙනෙක් වෙන්න තිබ්බනං තරුණ කාලේම පැන්සන් ගන්න තිබ්බා.....

      Delete
  16. වට්ටි කපනවා ???? :0

    ReplyDelete
    Replies
    1. නිකං වට්ටි නෙම් පලතුරු වට්ටි

      Delete
    2. චුල්ල වට්ටි වෙන්ටැ!

      Delete
  17. හෙහ්...හෙහ්...හෙහ්...හොක්..හොක්...හොක්...

    ReplyDelete
    Replies
    1. හසරැල් ඉතින් හෙහ් ගාන්නෙ නැතුව නේද? හෙහ් හේ

      Delete
  18. අනේ අර නැන්දලාගෙ ගෙදර ගියානම් කිරිය කාල එන්න තිබුනා අපිටත් .බුද්ධිගේ යාලුවෝ කීවම වැඩියෙන් සලකයි :D

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ කොල්ලා එක දිගට පැයකට වඩා කිරියා හැඳිගෑවා. ඒත් මම කන්න නං එච්චර කැමති නෑ. බුද්ධිගේ යාලුවෝ කිව්වනං ඉතින් හොඳ කෑමක් කන්න නං තිබ්බා තමා!!!

      Delete
  19. ඕවා මොනාද මල්ලී ඔය සමහර තැන් වල තියෙන්නේ “අයි ඩී ඩී ෆැක්ස් ලැමිනේටින් කරනු ලැබේ“ කියලත්. ඒ අතින් බලපුවම උඹ හරියට වැඩේ කරලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඉ‍‍ෂාර, හෙහ් හේ..... මේ සිංදුවට මම එකතු කරගන්නෙ නංගි රුවනි, මල්ලි කසුන්, අම්මා තාත්තා කියලා. ඒ කියන්නෙ අම්මගේ නම තාත්තා.

      Delete
  20. අය්යෝ.. ඔයාගේ නම ඉස්සරහට " මන්ද" කියලා දාන්නයි වටින්නේ

    ReplyDelete
    Replies
    1. සන්ද්‍යා, ඒ මන්ද?

      Delete
  21. අකුරට වැඩ කරන හොඳ පුතෙක් කියලා තමයි කියන්න වෙන්නෙ..කමක් නෑ දානේ දවසෙ හොඳ සංග්‍රහයක් හම්බවෙන්න ඇතිනේ..!!

    ReplyDelete
    Replies
    1. රූ,

      මොකෝ නැත්තේ..... හැබැයි දවල්ට කෑම නෑ.... කට්ටිය හති අරිනවා.... මම නං එහෙම නෑ.... ඒ ගොල්ල හති අරින අතරේ මම ඇන්දා සිත්තරයක්

      Delete
  22. මේකත් පොල්කුඩු කතාවක්.

    අපි ගියා කැඩෙට් ඔපිසර් සෙකන්ඩ් ඉන්ටවීව්, තිබ්බෙ දියතලාවෙ.

    සාජන් කාරය පෝළිමේ එන උන්ගෙ නියපොතු කපලද, කළිසම හරියට ඇඳලද, ලේන්සුව මැච් වෙනවද වගේ මූලික එව්ව බල එහා පැත්තෙ තව සාජන් බන්ඩෙක් ඉන්න මෙඩිකල් එකට දානව. එතනදි ආයි උස බර බලල, කළිසම ගලවල කහින්න කියනව. ඉන් පසෙ පෙර සම පස්සට කරල බලනව. අන්න එහෙම වෙලාවෙදි අපේ ඉස්සරහ උන්න තඩි බුවාට මහ හය්යෙන් සාජන් කාරය බනිනව "මල ජරාව, පල ගිහින් ඔහොමම ඇළක බැහැල වරුවක් ඉඳහන් අඩු ගානෙ මාළු කාලවත් මේ ටික සුද්ද වෙන්න" කියල.

    ප\ලි
    මට ඒ ඉන්ටවීව් එකෙන් පාස් වෙන්න බැරි උනත් ඒ පොල්කුඩ්ඩ පාස් උන බව මගේ එකට උන්න යාළුවොන්ගෙන් දැන ගත්ත වගේම පස්සෙ මුහමලේදි ඒක අතුරුදහන් උන බවත් ආරංචි උනා.

    ReplyDelete
    Replies
    1. ඉන්දික උපශාන්ත‍,

      අතුරුදහන් වීම මර‍ණයට වඩා හරිම දරුණු දෙයක්! ඒ ගැන පස්සෙ කතා කරමු.

      මෙන්න තවත් පොල් කුඩු කතාවක්.

      අපි කුරුලු හමුදාවේ ඉද්දි අපේ කොල්ලෙක් කුරුලු හමුදාවේ ඉන්න ගමන් ගියා පොලිස් එස්අයි ඉන්ටවීව්. කොහොමහරි පොර ෆෙල් වුනා. ඒකට හේතුව විදිහට පොරට පට බැදුනේ පොල් කුඩු කතාවක්.

      ඒක මෙහෙමයි. එස් අයි කරන්න කලින් පොරගෙන් අන්තිම ප්‍රස්නේ ඇහැව්වලු. ඒ ප්‍රස්නේ තමාලු “පොලිස්පති තුමාගේ තොප්පියේ තියෙන්නෙ මොනවද?“ කියන ප්‍රශ්ණය. පොර දීලා තියෙන උත්තරේ හිතාගත්තැකිනේ..... ඒකයි පොර ෆේල් වෙලා තියෙන්නෙ...... හෙහ් හේ......

      Delete
    2. චිත්ත රූප මවා ගන්ඩ.... පොරව ලග තියාගෙන වෙන එකෙක් තවත් එකෙක්ට මේ කතාව විස්තර කරන හැටි..... අර ඉන්ටවීව් පොරත් හිනා වේවී කතාව අහගෙන ඉන්න හැටියට!

      Delete
  23. ආන් නැන්දා පිහියක් අතේ තියන් ඉන්නවලු උඹේ තව මොකක්ද එකක් කපන්න. හිකිස්...

    ReplyDelete
    Replies
    1. තරු, හිතන තරං ලේසි වැඩ නෙමේ හරිද එව්වා!!

      Delete
  24. ඒක හොයා ගන්න බැරි නිසා වෙන්ටෑ.... හෙහ් හෙහ්....

    ReplyDelete
    Replies
    1. නැ දැක්කම වැඳ වැටෙන හන්දා :D

      Delete
  25. මොකක්ද බං මේ වට්ටි කපන කතාව,මට ඒක මීටර් වුණේ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. හැලප කඩේ, ඕගොල්ල කිරි දාන දීලා තියෙනවද? එන කිරි අම්මලාට දෙන්න ලෑස්ති කරන පලතුරු වට්ටි කලින් කපලා ලස්සනට හදන්න එපැයි..... :D

      Delete
  26. //මොකක්ද බං මේ වට්ටි කපන කතාව,මට ඒක මීටර් වුණේ නෑනෙ.//

    බුද්ධි මන්දට හපන් මෙයා :)

    ReplyDelete
  27. මං මේ පහුවෙලා ආවෙ චුටි මහත්තයගෙ මොන අවයවේද නැන්දා කැපුවෙ කියල බලාගන්නත් එක්කයි..

    ReplyDelete
    Replies
    1. සරත්, කැපුවට පස්සේ ආය බලන්ඩ දෙයක් ඉතුරු වෙයියැයි!

      Delete
  28. අනේ බං, චූටි මහත්තෙයගෙ චූටිම එකත් නැන්ද කැපුවද දන්නෑ?

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...