2011/09/26

මෙයා එදා සිත්තර ඇන්දෙ මෙහෙමලු අයියෝ....| සයිබර් සිත්තරන් - 01

අපේ අයියා වැඩක් කරන්න ගියාම අනාගන්න තියෙන ගතිය වැඩිය. යුරෝ දෙකේ කතාවෙන් ඕගොල්ලන්ටත් ඒක තේරෙන්න ඇතැයි මම සිතමි.

හැබැයි වැඩේ කියන්නෙ එදා තියපු සිත්තර තරගෙ ඉවර උනේ අපිට කවදාවත් අමතක නොවන කාටවත් මකන්න බැරි මතක ගණනාවක් වගේම පාඩම් ගණනාවකුත් ඉතුරු කරගෙන වෙච්ච එකයි.
ඒ සිත්තර තරග ලියමන කියවන කියවන වාරයක් පාසා ඒ මතකය අපිට ගේන්නෙ හරිම විනෝදජනක හැඟීමක්ය.
ඒ මොනා උනත් ඡන්ද කියන්නෙ දිගින් දිගටම තියන්න ඕනේ දෙයක් නෙමේය කියල මම හිතමි. නමුත් අයියාට ඒක තේරුම් ගැනීමට තරම් මෙව්වා එකක් නැද්ද මන්දය. ඉතින් අයියා කලේ සිත්තර තරගෙ, ඡන්ද වැඩේ නැගලා ගිය හින්දා විදෙස් සිත්තරා ලව්වා තව ඡන්දක් තැබීමය.
ඒ තරග කරුවන් හා තරගකාරියන් ඒ ඒ සිත්තර අඳින අවස්ථාවෙදී අපි විසින් ගන්න ලද පින්තුර එකින් එක ඕගොල්ලන්ට දානවාය, ඒගොල්ලන්ගෙන් “මුලින්ම ඕනැ කාගේ එකද?“ කියා කියන්න කියලාය.
මම කිව්ව ලෙසම ටික වේලාවකින් අයියාට හොඳවයින් දෙක තුනක් අහගන්න පුලුවන් විය. ගොඩ දෙනෙක් කිව්වෙ ආය ඡන්ද තියෙන එකේ තේරුමක් නෑ කියලාය.
ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු මමත් අයියට කිව්වෙ පුලුවන් වැඩක් කරගෙන ඉන්නා ලෙසත් බැරි වැඩක් ආවොත් මට බාර දෙන ලෙසත්ය.
ඒ අනුව අයියා සිත්තර තරගය ආශ්‍රිත ඉදිරි වැඩ සියල්ල මට බාර කලේය.
ඉතින් කාටවත් විශේෂයක් නොකර මම අද දවසට දැමීමට සිත්තරයක් තෝරා ගත්තෙමි. ඒක තෝරාගත්තෙ විශේෂ ක්‍රමයකටය.
ඒක කරන්නෙ මෙහෙමය.
මුලින්ම සිත්තර නමයම එක ගොඩක් ගසා සියල්ල උඩ විසිකරයි, පසුව ඒවා බිමට එන විට එයින් එකක් මක් කරලා හෝ අල්ලා ගනියි. ඒක එදා දවසේ දමයි. බලන්ඩ කොච්චර ලේසිද නේද? ඕක ඡන්ද තියා තියා ඔට්ටු වෙන්ඩ දෙයක්දැයි මම ඕගොල්ලන්ගෙන් ම අසන්න කැමතිය.
ඉතිං මේ තියෙන්නෙ ඒ විදිහට උඩ දාලා අල්ලාගත්තු පළවෙනි සිත්තරේය
මේ කව්ද ඉන්නෙ කියා ඕගොල්ලන්ට හිතන්න පුලුවන් කියා මම සිතමි. ඕව් ඕගොල්ල හිතුවා හරිය. මේ ඉන්නෙ නීතා නැන්දාය!
නීනා නැන්දා සිත්තරයක් එව්වට මොකද, ඒක අපට එවලා තිබුනෙ පොඩ්ඩි නැන්දගෙ අතේය. හේතුව අහපුවාම පොඩ්ඩි නැන්දා නම් කිව්වෙ “එයා හෝම හිටියට හරි ලැජ්ජාකාරී අනේ.....!“ කියලාය. මොනා උනත් දෛවයේ සරදමකට වගේ මුලින්ම මට අහුඋනේ නීතා නැන්දගෙම සිත්තරේමය.
නීතා නැන්දා සිත්තර ඇඳ ඇද හිටියේ පොඩ්ඩි නැන්දලාගෙ වලව්වෙ ඉස්තොප්පුවේය. එයා අපි පින්තුර ගන්න යද්දි “අනේ එපා, අනේ එපා“ කිව්ව හින්දා අපි ‘හා“ කියාගෙන වලව්ව ඇතුලට ගිහිල්ලා, හොරෙන් බලන් හිටියෙමු. පස්සෙ නීතා නැද්ද සිත්තර ඇඳලා මහන්සි වෙලා ඉද්දි අපි හොරොන්ම දොර රෙදි එහාට කරලා පින්තුරෙ ගත්තෙමු.
මේ තියෙන්නෙ ඒකය. ඕගොල්ලන්ටත් පැහැදිව නීතා නැන්දව බලාගන්න ඕනෙද? එහෙනම් පරක්කු වෙන්නැතුව පින්තූරෙ උඩ රයිට් ක්ලික් කරලා, පස්සෙ Open Link in New Tab එක ක්ලික් කරලා වෙනම ටැබ් එකකට මේ පින්තුරෙ ලොකුවට ඕපන් කර ගන්න එක හොඳය.
දැන් තියෙන්නෙ ඕගොල්ලන්ගෙ අවස්ථාවය.
ඒ අනුව ඕගොල්ලන්ට මේ සිත්තරේ ගැන හිතෙන දේවල් ලියලා යන්න පුලුවන්ය.
එහෙම නැතිනම් තව දෙයක් ඇත. අද අපේ විශේෂ අමුත්ති ඉතින් නිතා නැන්දා නොවැ. ඉතින් නීතා නැන්දගෙන් එයා අඳින සිත්තර ශෛලිය ගැන, එයාට වෙච්ච අමතක නොවෙන සිදුවීම් ගැන වගේ ඔය ප්‍රසිද්ධ අයගෙන් අහන ඒවත් ඕන්නං ඇහුවට මට කමක් නැත.
වැගදත්-
ඕන උනොත් සිත්තර තරග ලියමනට මෙතනින් යන්න පුලුවන්ය.
ප්‍රථිපල ලියමනටත් මෙතනින් ගියෑකිය.
කෙලින්ම අදාල නැත-
මම මීට පෙර ලියපු හෙනට ප්‍රසිද්ධ උන ඕගොල්ලන්ට හෙනට වැදගත් යයි කියන්න පුලුවන් ලිපි කියවන්න මෙතෙන්ට යන්න.
අයියා ලගදී අනාගත්තු තැනක් දැනගන්න මෙතෙන්ට යන්න.
ආයෙත් දවසක සිත්තර කාරයෙක් ඉන්න සිත්තරයක් අරන් එන බලාපොරොත්තුවෙන් එහෙනම් අදට මම නවතිමි.
....................
මීට ටිකිරි.

25 ක් කියන්නේ !:

  1. නීතා නැන්දා තරුණ කාලේ ගත්ත ෆොටෝ එකක්ද මන්දා.

    ReplyDelete
  2. මේකා හෙන මගෙඩි කාරයා.... මුල්ම චිත්‍රය දැම්මට කීයක් හම්බුනාද දන්නේ නෑ...

    කොහොමහරි වැඩේ නම් එල.

    ReplyDelete
  3. මොකද මේ කතන්දර වගේ ලින්ක්ස් ගොඩක් දාන්නේ. දැන් ටික ටික ප්‍රබුද්ධ බ්ලොග් රචකයෙක් වෙන නිසාද?

    ReplyDelete
  4. හික් හික් . . . . ටිකිරෝ . . . . කෙල්ලො අඳිද්දි දොර රෙදි අස්සෙං බලන එක මහ නොහොබිනා වැඩක් . . . . ඊටත් එවුව පොටෝ ගහන එක . . . . ????එක අතකිං උඹලෑ අයියලැයි හැදියාවෙ පොඩි අවුලකුත් තියෙන නිසා ඔය කොරපු වැඩේ කැතක් කියන්නත් බෑ . . . . . .

    ReplyDelete
  5. නීතා නැන්දා ලැජ්ජා කාරියක් කියා මේ පින්තූරයෙන්ම පෙනෙනවාය. අර මොනවද කොල ගොඩක් තියෙන්නේ පොඩි කරපු. ඒවා නීතා නැන්දා ඇඳපු සිත්තරද? නැතිනම් පොඩ්ඩි නැන්දා ඇඳපු සිත්තරද?...
    හපොයි මේ ටිකිරත් කරන දේවල්....:DDD

    ReplyDelete
  6. ඈ ටිකිරො අර වටේ තියෙන්නෙ හොටු පිහදාපු කොල කෑලිද?

    ReplyDelete
  7. මෙන්න පැපරාසියෙක්......

    ReplyDelete
  8. නීතා ඇන්ටිව මේ ඇස් දෙකෙන් දැකගන්න හැකිවේය කියා මම කවදාකවත් හිතුවේ නෑ නේ !

    රෙදි අස්සෙන් බලාපු එකනම් මටත් අනුමත කරන්න බෑ

    ජය වේවා ටිකිරි

    ReplyDelete
  9. @ ටිකිරි,

    ෂා.... ඔයා මගේ මේ ෆොටෝ එක ගන්නවා නිකමටවත් මම දැක්කෙ නැහැනේ. නොදැක්ක එකත් හොඳයි නැත්නම් මට ලැජ්ජා හිතෙනවනේ. කොහොම උනත් මාව ඉස්සර වෙලාම මතක් උනාට බොහොමත්ම ස්තූතියි හොඳේ.

    ReplyDelete
  10. @ මධුරංග,

    ඔය ඊයේ පෙරේදා ගත්ත ෆොටෝ එකක් අනේ.

    @ Prassanna ,

    චී චී ටිකිරි ඔය පගා ගන්න කෙනෙක් නෙවෙයි.

    @ ප්‍රියන්ත අයියා,

    පොඩ්ඩි ඇන්ද චිත්‍ර කොහෙද මගේ ලඟ , කීයක් ඇඳල මම අමාරුවෙන් ඔය චිත්‍රේ තරඟෙට එව්වෙ.

    @ සඳ රූ,

    මී ඇස් දෙකෙන් නොබල , ඔයාගෙ ඇස් දෙකෙන් බලා ගත්ත මදැයි.

    ReplyDelete
  11. එක එකාගේ හැදියාවෙ අවුල් ගැන කතා කරන්නෙ කව්ද කියල බැලූ කොට ඕනයා.....හුහ්.....

    මං වගේ හැදිච්ච කෙනෙක් නං තව ඔව්ව ගැන කතා කලත් කමක් නැහැ කියමුකො

    ReplyDelete
  12. ලස්සන පොටෝ එක . කැමරාව හොඳයි වගේ . අපි හිතා උන්නේ නිතා හින්දි නිලියක් වගේනේ . අනේ හුරුබුහුටි පැඟිරි කෙල්ලක්නේ

    ReplyDelete
  13. නිතා නැන්දා හැඩකාරි..

    ReplyDelete
  14. චිතත්රේ නම් පංකාදු පහයි....:D

    ReplyDelete
  15. අප්පච්චියේ නීතා නැන්දා කීවාට මොකද නීතා නංගී වගේය. ටිකිරෝ අයියට කවදැයි කණ්නාඩි වලට ඇස් පෙන්නන්න තියෙන්නේ???????????

    චිත්‍රය නම් නියමම නියමය........

    ReplyDelete
  16. අප්පට සිරි ගජ.. නැන්දට කජු මද කීවලු.

    අපේ ඉරාන් නගා......අහ් සොරි සොරි... නීතා නගා මේ ඉන්නෙ අපුරුවට .
    ඇස් වහක් කටවහක් නැහැ හරියට මල් කුමාරි ගීතරාණි වගේ...

    කොහෙද බන් ඔය රෙද්දක් අස්සෙන් බැලුව කියන්නෙ..
    ඔය රෙදි තියෙන්න ඕන තැන්වල පිලිවෙලට තියෙන්නෙ....???

    ReplyDelete
  17. අනේ පව්, නීතාට වලව්වේ ලොයි බංකුවවත් දීලා නෑ නේද?
    පැදුරක්වත් නැතුව බිම නේ වාඩි වෙලා ඉන්නේ!

    ReplyDelete
  18. ටිකිරා ගේ ලින්ක්ස් දැමීමේ ක්‍රමය වැරදියි. මේකට කියන්නේ ක්ලික් හියර් සින්ඩ්‍රෝම් එක කියලායි.

    කතාවේ පද හරහා කතාවටම නොතේරෙන්නයි ලින්ක්ස් දාන්න ඕනෑ.

    ReplyDelete
  19. ෆොටෝ එක හොරෙන් ගැහුවයි කිව්වට නීතා නැන්දා කැමරාව දිහා යස අපූරුවට බලන් ඉන්නෙ ඔය!!

    ටිකිරා දැන් බුද්ධී අයියගෙ වැඩ වලට හොම්බ දානවා වැඩියි :P
    තව ටික දවසකින් ඕනයා කියලා තියෙන විදි‍යෙ නොහොබිනා වැඩ ගැන ටිකිරා මෙතන වමාරන්න ගත්තහම බුද්ධි අයියට රෙදි ඇඳගෙන පාරෙ බැහැලා යන්න බැරි ‍වෙයි...

    ReplyDelete
  20. ෆොටෝ එක නම් මල් පහයි..නීතා චිත්‍ර අඳින හැටි මල් හතයි !
    ඒත් ටිකිරො ඔය රෙදි එහෙ මෙහෙ කරල පැපරාසි ෆොටෝ ගන්න එක නම්...කිරිමේල් කේස් එකක් වෙන්න ඉඩ තියේය..

    ReplyDelete
  21. මේ කැමරාව වැල වරකා කරන ජාතියේ එකක් බවනම් පැහැදිලිය. අනික පින්සල අතේ තිබ්බාට තීන්ත නොපෙනෙන්නේ ඇයිදැයි සිතාගත නොහැක!

    ReplyDelete
  22. මම හිතුවේ අපේ පූෂා ගේ පොටෝව අහු වෙයි කියාලාය.පොඩ්ඩි නැන්දා චිත්තරයේ නැත්තේ තේ හදන්නට ගොසින් වෙන්නට ඇතිය.මල් මල් ගවුම අවුරුද්දට පොලෙන් ගෙනා එකක් වෙන්නට ඇතිය.ආ.. ඒ මල් නොවේය.තිත් වේය.එලය...

    ReplyDelete
  23. අනිත් සිත්තර ටික බලාගන්න අවුරුද්දක් ඉන්න වෙයි වගේය.....

    ReplyDelete
  24. ඈ ටිකිරෝ, නීතා නැන්දා පැස්ටල් වලින් ඇඳ මදිපාඩුවට පින්සලෙනුත් අඳිනවාද ?

    අර ලිංක් ගැන නං ආයෙ දෙකක් නෑ කතන්දර හරි. මොකෝ උන්දැට ගහන්න ජගතෙක් ඉන්නවැයි ලිංක් දැමිල්ලෙන්. කකා නම් ලින්ක්, ලින්ක් නම් කකා - ලින්ක් කකා කිව්වත් නරක නෑ.

    ReplyDelete
  25. අයියටම සෙට් වෙන මලයා..

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...