2012/01/14

සිංහල බ්ලොග් කරුවෙක්ද? මීලඟ ගොදුර ඔබ විය හැකියි.

කෙටියෙන් කිව්වොත්, ඉදිරියෙදී වෙන්න යන වැඩක මුල් හෙලිදරව්වයි මේ.

වැඩේ තමයි මගේ හිතමිතුරු බ්ලොග් කරුවෝ දාන පෝස්ට් එකක හිත් ගත්ත තැනක් සැනින් එසැනින් කාටුන් බවට පත් කරලා උණු උණුවේ මේ පිටුවේ පලකරන එක. උණු බවේ අඩු වැඩිය තීරණය වෙන්නෙ, මට වැඩ අඩු වැඩි වෙන හැටියට. වැඩ වැඩි උනොත් සිත්තරේ ප්‍රවෘත්තිමය වටිනාකම අඩුවෙන්ඩ කලින් ඒ සතියෙ සෙනසුරාදා දාන්ඩයි කල්පනාව. නැත්තං එම තැන මෙතන වැටෙනවා.

“ඇයි ඔයා මේක දැම්මෙ මට කියන්නැතුව?“ කියලා කව්රුහරි ඇහැව්වොත් කතා කරලා ගොඩින් බේරගන්ඩ පුලුවන්, මමත් එක්ක වැලිකෙලියෙ ඉදලා බ්ලොග් කරපු කට්ටියගෙන් නම් මම අහ අහ ඉන්නැ. සුටුස් ගාලා දානවා මිසක්කා. අනිත් අයගෙන් නම් අනිවාර්යෙන් අවසර අරං දාන්ඩ තමා හිතාගෙන ඉන්නෙ.

පොඩි අදහසක් ගන්ඩත් එක්කලා මීට කලින් මගේ අතින් කාටුන් වෙච්ච අයගේ පින්තුර ටිකක් ඔන්න තියෙනවා.

මේ ඉන්නෙ මාරයා. එයා ඒ කාලෙ හිටපු ගෙදර ඉඳං, ඩිජිටල් ක්‍රමයට වෙලාපත්කඩයක් බලන හැටියි මේ. මම මේ ගෙදර බඩු මුට්ටු තියෙලා තියෙන හැටි විතරක් නෙමේ මාරයා ඉන්න ඈංගල් එකත් හරියටම ඇඳලලු. ඒක කොහොමද ඇන්දේ කියලා මාරයට තාම රහසක්.


මේ ඉන්නෙ දෙව්ලොවින් පැමිණි ළමයා. පොරට ඒ දවස් වල මුණුපොතේ අයිතිකාර මාක් අයියගේ වෝල් එකේ කුරුටු ගාන්න මාර ආසාවක් ඇවිල්ලා තිබුනා. හැබැයි මිනිහට ඒක කරගන්ඩ බැරි උනා. මේ ඊට පස්සෙ වෙච්ච දේ.


මේ ගැන නං අපි කව්රුත් දන්නවා. ඒ කාලේ අපි කව්රුත් එකතු වෙලා කරන්න ගියෙ මේකනෙ.

මේ මනුස්සය ගැන මම කියන්ඩ ඕන්නැ. තට්ටෙ පැදීලා තියෙන්නෙ ඇයි කියලා හිතාගත්තැකිනෙ.


මේ පොර තරුණ කාලේ හිරේ විලංගුවෙ වැටිච්ච වෙලාව.

මේ තියෙන්නෙ මං ඇඳපු සිත්තර වලින් මෝස්ට්ම කලර්ෆුල් සිත්තරේ. මොකක් ගැනද කින්ද මන්ද ඔක්කොම ඒකේ තියෙනවා.


ඔන්න ඊට පස්සෙ නියම වැඩක් වෙනවා. කොල්ලා මවුස් එකෙන් ඇඳලා ඇඳලා කොල්ලගෙ එක අතක් අවුල් වෙනවා. ඒක අතට අහුවෙන්නැති යාලුවෙක්ට කිව්වම පොර කියපි නං, “තන්තු“ වලද මොනාදෝ වල කේස් එකක්ය වහාම දොස්තර කෙනෙක් හම්බෙන්නය කියලා. කොල්ලත් හෙන බයේ ගියා දොස්තර කෙනෙක් හම්බුවෙන්න.

දොස්තර රබර් මිටියක් අරං අතේ තැං තැං වලට ගගහ ඇහැව්වා හිරි වැටෙනවද කියලා. මිටියෙං තලද්දි කාටද හිරි වැටෙන්නෙ නැතුව තියෙන්නෙ. මං ඔව් කිව්වා. පස්සෙ දොස්තර මහත්තයා කිව්වා, “බයවෙන්ඩ එපා පුතා, ඔයා දකුණු අත පාවිච්චි කරලා වැඩි වෙලයි මේක වෙලා තියෙන්නෙ. පොඩ්ඩක් අතට රෙස්ට් එකක් දෙන්ඩ“ කියලා.

ඔය අස්සෙ තමා කොල්ලට හිටි අඩියේ ග්‍රැෆික් අහවල් එකක් කඩා පාත්වෙන්නෙ.

මේ තියෙන්නෙ ඒකෙන් කරාපුවා. ඒක හින්දා තමා මට මේ අදහස ආවෙත්. ඉතිං එහෙම බලද්දි ග්‍රැෆික් අහවල් එක දෙයියො දුන්නා වගේ.

ඒක දුන්නු දෙයියා වගේ අයියට මගේ ප්‍රණාමය!!!


දෙයියනේ කියලා ඒකෙන් කාටුන් වෙච්ච කෙනා තමා මේ. මෙයාගෙන් නිසි අවසරේ අරගෙන නැති හින්ද මම කව්ද කියලා කියන්න යන්නැ. ඒත් බලන්ඩකො අඳුරගන්ඩ පුලුවන් වෙයි. එකක් කියන්නං. ඔය අතේ එල්ලං ඉන්නෙ කා... එකේ යතුර. බනියට නං පෙනුනෙ ඒක දැති කියතක් වගේලු.


මේක ගැන කියලා වැඩක් නෑනේ. පොර කියන්නෙ කොහොමද? මම අහවල් කෑම හදනවය, හරිම ලේසිය, ඕගොල්ලත් කරලා බලන්ඩය කියලා. ඒ උනාට රියැලිටි තත්තෙ තමා මේ තියෙන්නෙ.

අන්තිම එකනං මං කලේ සමාජ සේවයක් හැටියට. කතන්දරගෙ හෙළිදරව්වෙන් පස්සෙ. නැත්තං අපි පොඩි කාලෙ ඉඳලා බොහොම ආරස්සාවට රැකගත්තු අපේ පරම්පරා කුට්ටමට හෙන ගැහිලා යනවනේ....


දැං තේරෙනවනේ වැඩේ යන හැටි. ඕගොල්ල කැමති නම් කාටුන් කරන්න පුලුවන් රසවත් ලියුම් කියුම් වල ලින්ක් මට එවන්න. මමත් අරින්නැ කියෝනවා.

ඊට කලින් මම මේ පටන්ගත්තු සමාජ සද්කාරයට ඔබත් කැමති නම් පහල කොටුවේ අදහස ලියලා, ඕන්නං හිස් තැනකුත් තියලා පබ්ලිස් බටන් එක ක්ලික් කරලා යන්ඩත් අමතක කරන්ඩ එපා!

ඊ ලඟ දවසෙ හමුවෙමු.

බලාගෙන, මීලඟ ගොදුර ඔබ විය හැකියි!

......................
- මීට හිතවත් විදෙස් සිත්තරා.

117 ක් කියන්නේ !:

  1. ඇත්තටම මල්ලී... ඔබේ දක්ෂතාවය ගැන හරිම සතුටුයි . මේ වගේ හැකියාවක් ලැබීමම කොයි තරම් වාසනාවක්ද ?..ඇත්තටම ඔබේ හැම සිතුවමක්ද හිතේ ඇඳිල තියෙන තරමටම ලස්සනයි ..ඒ කිව්වේ ..සිඹිල් වෙත්තසිංහ මැතිණියගේ “සීයා“ ගැන කියද්දි ..එහෙම නැත්නම් “ටින් ටින්“ ගැන කියත්දි අපේ හිත් වල ඇඳෙන තරමටම කෙසෙල් කොරටුවේ චූටි මහත්තයාගේ චිත්‍රයක් කිව්වමත් ලස්සන රටාවක් ඇති සිතුවමක් හිතේ මැවෙනවා ..
    පුංචි යෝජනාවක් කරන්නම් ..ඔය හැකියාවෙන් ලස්සන චිත්‍රකතාවක් දෙන්නකෝ අපිට..මේ තාක්ෂණ කරුණූ ගැන සහ ඔබට ඇති අවස්ථාවන් ගැන නොදන්නා කමින් කළ වැරදි ඉල්ලීමක් නම් මට සමාව දේවි කියල හිතනවා .. මගේ සුබ පැතුම් ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත මහේෂෟ අයියේ, බුද්ධිට බ්ලොග් එකේ කාටුන් අඳිනවට වඩා දෙයක් කරන්න පුළුවන්... අපිත් බලං ඉම්මු !!!

      Delete
  2. නියම වැඩක් පටන් අරන් තියෙන්නේ. නියමයි විදෙස් සිත්තරා නියමයි !!!

    ReplyDelete
  3. අනේ දෙය්යනේ!!! අර එක්කෙනෙක්ගේ අතේ තියන දැති කියත වගේ යතුර, මගේ කාරෙකේ යතුර වගේමයි. ඔය සිත්තරා කොහොමද ඒ යතුරේ ෆොටෝ එකක් හොයාගත්තේ. ඩෙනිම, ටීෂර්ට් එක , අර බෙල්ට් එකේ පාට පවා හරියටම හරි. ඔයා එක, එක්කෙනා පස්සේ පන්නනවද මේ අයගේ ෆොටෝ ගන්ට. එකමදේ තමා අර කරත්ත රෝදේ වගේ කනේ දාලා තියන දෙකයි, නිල් පාට කොණ්ඩෙයි නම් ඉතින් තාම දකින්ට නෑ...:D:D:D

    පින්තූර ටික ඔක්කොම මාර ලස්සනයි.

    ReplyDelete
  4. කාලා හමාරයි වගේ..අමාරුවෙන් ලියන පෝස්ට් එකටත් ගේම දෙන්නයි වගේ බුද්ධි ලොක්කා හදන්නේ

    ReplyDelete
  5. හඃ හඃ හා . . එල වැඩක් . . ..
    නියමයි නියමයි . . කරගෙන යමු . .
    ඕන් මින් පස්සේ මඩ පෝස්ට් විතරක් නෙමේ මඩ පින්තූරත් . .

    ReplyDelete
  6. www.technicsz.blogspot.com ඔකේ දන ඕන මගුලක් ඉස්සුවට කමක් නෑ.හැබැයි ඔකේ උස්සන්ඩ තරම් දෙයක් නැති එක තමා අවුල.

    ReplyDelete
  7. චූටි මහත්තයො, මේක ගැනනම් කියන්න වචන නෑ. පෂ්ටයි ඈ. උම කරන්න යන වැඩේ නම් මගෙත් බඩට වදින වැඩක්. මාත් අර කුස්සියෙ උයන ගමන් චොපිං බෝඩ් එකට කෙලිය මහත්තැන්ට චිත්‍රයක් දෙකක් ඇඳලා දීලා යාන්තම් බඩවියත ‍රැක ගත්ත එකා.
    කමක් නෑ කමක් නෑ. අපේම එකෙක්නෙ.

    මේ ව්‍යාපෘතියට ජයවේවා.

    henryblogwalker the Dude

    ReplyDelete
  8. නියම වැඩක්නෙ බුද්ධියෝ.
    දැන් ඉතිං බ්ලොග් ලියන හැමෝටම බුද්ධියගෙ ග්‍රැපික් අහවල් එකේ පිහිටයි.

    ReplyDelete
  9. උඹ අර මාරයාව දැකලා තියෙන්නෙ නම් යතුරු හිලෙන්ද කොහෙද. වටේට අඳුරු ඒකනෙ.
    මටත් අර Anti WI FI ජොකෙක් ගන්න තැනක් කියාපංකො.ඒක නෙවෙයි WiFi වලට ඔය වැඩේ ෂුවර් එකටම වෙනවා නම් අනවශ්‍ය වියදම් කපාහරින විදියකුත් කල්පනා වුනා බං
    henryblogwalker the Dude

    ReplyDelete
  10. මධුරංග,

    මේ වැ‍ඩේට ඕගොල්ලන්ගෙනුත් මාර මෙව්ව එකක ඕනේ. මධුරංග ඇවිල්ලා සෑහෙන බ්ලොග් ගාණක් පස්සෙ පන්නන හින්දා ඔත්තු වත් දෙකක් දෙන්නත් පුලුවන් වෙයිනෙ...
    ................

    ජනරංග,
    හික්........ එහෙම වෙන්නැ අයියෝ...... හැබැයි එහෙම නොවෙන්නෙත් නෑ තමා. එක අතකට මෙහෙමත් වෙනවා. සිත්තරේ එක්ක අදාල බ්ලොග් එකේ ලින්ක් එකකුත් වැටෙනවනේ....
    ..................

    තිස්ස අයියා,
    අත් ළෙල දීදී විදු........ලීය පබා.....ආ....ආ...... : P
    ...............

    දුකා,
    අපි ගිරවන්ට ආදරය කරන්නො වෙමු.... නූලෙන් බේරුනේ ..... හරිද ගොයියා.... නැත්තං ස්ටේජ් එකේ කතා පවත්වන හැටි බලාගන්ඩ තිබුනා.
    ..........

    විශ්වජිත්,
    උස්සන්ට දේවල්ද මෙයා නැත්තෙ.... බලාගෙන ඉන්ඩකො.

    ReplyDelete
  11. කියන්න වචන නැත. වඩාත්ම තාත්වික විදියට ඇදලතියෙන්නෙ උයන පිහන කන බොන මහත්තයගෙ පිංතූරෙ.

    ReplyDelete
  12. මහේෂ් නිශාන්ත අයියණ්ඩි,
    ගෙ පැමිණීම මම ගෞරවාදයෙන් පිළිගන්නවා. සිතුවම් අගය කලාට ගොඩක් ස්තුතියි.

    අර වගේ දෙයක් කරන්න මමත් කැමති. දැං සිත්තර අඳින්න ගොඩක් මහන්සි වෙන්ඩ ඕනෙ නෑ මේ ලැබුනු උපකරණය හින්දා. ගැටලුව කාලය තමා. ඒත් ආදරණීය බ්ලොග් සහොදර සහෝදරියන් එක එක වෙලාවල් කල යෝජනා ඉල්ලිම් කවදාහරි ඉටුකරන බලාපොරොත්තුව නම් හැමදාම හිතේ තියාගෙන ඉන්නෙ. ආයිමත් ස්තුතියි මහේෂ් අයියා මේ පැත්තෙ ගොඩ වැදුනට.

    ReplyDelete
    Replies
    1. //කකයියාගේ පොටෝ තමයි ගොඩක් තියෙනේ. ඒවා අඳීනට කීයක් විතර ලැබුණද?//

      ඔය ලඟදි ඇඳපු පොටෝ යටින් ඒකට ගෙවපු ගාන ගැන පොඩි ඉඟියක් ලියලා තියෙනවා මං හිතන්නෙ..

      Delete
  13. පොඩි කුමාරි,
    පින්තුරු ලස්සනයි කිව්ව එකට ස්තුතියි ගොඩක්. කාරෙකේ යතුර හරි නං හරිම තමා. ඩෙනිම, ටීෂර්ට් එක , අර බෙල්ට් එකේ පාට එහෙම ඉබේම එනවා. මම කව්රුත් පස්සෙ පන්නන්නැ තාම. තොරතුරක් ඕනෙම උනොත් නොපන්නා ඉන්ඩ බලාපොරොත්තුවකුත් නෑ.....:p
    .......................

    ඩුඩී,
    උම කරන්න යන වැඩේ නම් මගෙත් බඩට වදින වැඩක්. මාත් අර කුස්සියෙ උයන ගමන් චොපිං බෝඩ් එකට කෙලිය මහත්තැන්ට චිත්‍රයක් දෙකක් ඇඳලා දීලා යාන්තම් බඩවියත ‍රැක ගත්ත එකා.//

    එහෙම හිතන්ට එපා. ඔයා රස්සාව දිගටම කරගෙන යන්ඩයි තියෙන්නෙ. ඕනැ උනොත් බඩේ පාර උන්දැට දෙමු.

    ව්‍යාපෘතියට සහය දීම ගැන මගේ බලවත් මෙව්වා එක. ග්‍රැෆික් අහවල් එකක් තියෙන එකේ මේකට ජොයිං වෙලා මේකෙ ඉදිරිගමනට සහයෝගයක් දෙන්නත් කියලා මම යෝජනා කරනවා. වෙලාව තියෙන හැටියට සිත්තරයක් ඇඳගෙන ඉම්මු මෙයා. මොකද කියන්නෙ!
    ......................

    ප්‍රසා,
    උඔ පරිස්සමින් හිටහං..... උඔගේ මංගල පෝස්ට් එකේ කමෙන්ට් සෙංචරිය ගහපු ගමන් සමහර විට බොට වෙන්වෙන්ඩත් බැරී නෑ ඊ ලග පෝස්ටුව.

    ReplyDelete
  14. රාජ්,
    අන්න ඒකනෙ කියන්නෙ. ඉදිරියෙදි ඔය වගේ තාත්වික කේස් හමුඋනොත් කියන්න අමතක කරන්න එපා.

    .................

    ඩුඩී,

    හැම එකේම දෙපැත්තක් තියෙනවනේ. ඇන්ටි වයිෆයි එකත් එහෙම තමා. එක්කො ඒක ළං කර ගත්තැකි. නැත්තං අනවශ්‍ය වියදං කපන්න ලං කර ගත්තැකි. හැපැයි මම නං හිතන්නෙ ඔය යන ක්‍රමේ හොදා. නැත්තං වයිෆයි ලැපක් ගන්ඩ එපැයි. නැත්තං ඒක උස්සං යන්ඩඕනේ අනවශ්‍ය වියදං කපන තැනට

    ReplyDelete
  15. නියමයි. මගෙන් අහන්න එපා යමක් ලැබුනොත් දමන්න. හැබැයි මම මීට පස්සේ පරිස්සමින් ලියන්නම්. ගොදුරු වෙන්නෙ නැති විදියට. වටින වැඩක්.

    ReplyDelete
  16. මහ වෙදනා මහත්තැන්වත්,
    ‍ගෞරවාදරයෙන් පිළිගන්නවා. මේ වගේ වැඩකට සහයෝගෙ දෙන එක ගැන අන්තිම සන්තෝසයි. බලමු ඉදිරියෙදි එහෙනං.

    ReplyDelete
  17. එළ පුතේ. හැකියාව තියෙද්දි මොකටද කෙනෙක්ට ඒකෙන් සතුටක් ලබා නොදී ඉන්නෙ. හැමෝටම කළ නොහැකි විශිෂ්ඨ හැකියාවක් වෙද්දි.

    ReplyDelete
  18. මරු මරු... නියම වැඩක් අයියේ...

    ReplyDelete
  19. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට... අපි බලං ඉන්නේ..

    ReplyDelete
  20. ඉක්මණින්ම ස්ථිර සුවය ලැබේවා යයි පතමි!
    තන්තු බේර ගෙන වැඩ කරපං.

    ReplyDelete
  21. මාරයියාගේ ඉස්සර පොටෝ එකනම් අර තියෙන බෝතලෙන් අඳුරගන්න පුළුවන්! :D

    අර දෙව් ලොවින් පැමිණි ළමයව නම් අඳීනකොට කලින් දැකලා තියෙන්න නැතුව ඇති මයේ හිතේ. ඕකා ළමයා කිව්වාට තාත්තා කෙනෙක් වගේ! :D

    කකයියාගේ පොටෝ තමයි ගොඩක් තියෙනේ. ඒවා අඳීනට කීයක් විතර ලැබුණද? :D

    ReplyDelete
  22. හරි ලස්සන සිත්තර ටික බොසා...

    ReplyDelete
  23. ඔන්න වැඩ,,මරු ඈ,,මේවට ඉතින් කමෙන්ට්ස් දැම්මා නේ බුකියෙදී,,ජොකයි ,ඔබා මාමයි,මාරයයි තමා මට ලස්සන

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නේ මම දාපු ලින්ක් වල ඉන්න NARUTO

      Delete
  24. මාවනං අල්ලයි... මං දැං ලියන්නෑනේ

    ReplyDelete
  25. නියමයි මචං. එළ.මළාට මම නම් ගොදුරක් වෙන්නෙ නෑ. මොකද මගේ සයිට් එකේ උඹට අඳින්න ඒවා නෑනෙ. (ආ උඹට දෙන්නම්) හිහි

    ReplyDelete
  26. උඹට දත් නැතිව බිස්කට් කන්න ඕනවෙලා වගේ. හොඳවෙලාවට් මං වැඩිය නොලියන්නෙ!

    බලහංකො අර කුමාරිහාමි දාල තීන ඇඩ් එකෙ. තව කවුරු කවුරුඑයිද ඒ තමං වගේමයි කියන්න!

    ReplyDelete
  27. අවුට්සයිඩර්,

    ස්තුතියි අගය කිරීම ගැන. ඒ හින්දම තමා මමත් අඳින්න ගත්තෙ. ඒකට මොකද මම ඔබා මාමාව ඇන්ද වෙලාවෙ ඉඳලා එයා කියනවා මං ගැන බලාගන්නංලු පස්සෙ වෙලාවක.
    .........

    මාලුවා,
    පරිස්සමින් හො‍‍දේ. දන්න කියන මිනිස්සුන්ගෙන් අවසර අරගන්නැ....
    ..........

    පැණි දොඩම්,
    හරි බලං බන්ඩ. හොඳ ලියුමක් හම්බුනොත් මටත් කියන්න.
    ......

    කකා,
    සුව පැතුවට තුති. ග්‍රැෆික් අහවල් එක හන්දා තන්තු නං මේ දවස් වල බේරිලා...

    ReplyDelete
  28. පූසා,

    ඒකාලේ බෝතලේ ඇන්දට දැං ඕන්නැද්ද කොහෙද මම දන්න හැටියට.

    ළමයාව ඇන්ද වැරදියි කියලා තේරුනේ පොර සයිබර් සැණකෙලියට ඇවිදින් මගේ පිට හරහා දීලා ඇදපු වෙලාවේ.

    කකා ගේ සිත්තර නේද.... පිස්සුද මල්ලි අපි ඔවා සල්ලි බලාගෙන කරපුවැයි...
    ............

    අමිල,
    එසේම වේවා. එන වෙලාවක ඔත්තුවකුත් අරම්ම එන්ඩ ඉලග පාර එනකොට.
    ...........

    ඩිලන්,
    ඊලග පාර එන්ඩ කමෙන්ට් දාලාම යන්ඩ. ආයි සිත්තර මුනුපොතෙ දාන්නැ.
    ........

    ReplyDelete
  29. සහන්,
    ලියන්ඩම ඕන්නැ.....
    ......

    ඉෂාර,
    එහෙමද හිතාගෙන ඉන්නෙ. බැලුමේ නැගලා උඩ යනවා එහෙම අඳින්ඩ බැරිවෙයි ද දන්නැනේ...
    ........

    ඉන්දික උපශාන්ත,
    වැඩිය නොලියව්වට මොකද? ඉඳලා හිටලා හරි හොඳවයින් එකක් ලිව්වම මදෑ.

    කට කට! ඔහොම හිටියට කුමාරි හාමි හෙන හැඩයි කියලා තමා දැක්ක අය කියන්නෙ.....

    ReplyDelete
  30. කියලා වැඩක් නැ! මෙන්න දහයක්ම!!

    ReplyDelete
  31. හක් හක්...
    මරු වැඩක්නේ චුටි මහත්තයා පටන් අරගෙන තියෙන්නේ
    අපිත් ආසාවෙන් බලාගෙන ඉන්නවා තව තවත් කාටුන් රුප බලන්න

    ReplyDelete
  32. දකුණු අත පරිස්සමෙන් කොල්ලො. :D

    හැකියාව ගැන නං කියන්න වචන නැත. උපරිමය!

    ReplyDelete
  33. නියමයි.... ඔන්න මගේ අනුමැතිය මෙයින් ලබාදෙමි.

    මෙන්න ලින්ක් එක.

    pradeepot.blogspot.com

    ReplyDelete
  34. පට්ටයි.. එහෙනං කවද හරි දවසක අපිවත් කාටූන් වෙයි.. හයියූ.. එල ඈ.. අපිටනං වමත් හුරුයි.. අයිය වම පාවිච්චි කරල බැලුවෙ නැද්ද ??

    ReplyDelete
  35. //පස්සෙ දොස්තර මහත්තයා කිව්වා, “බයවෙන්ඩ එපා පුතා, ඔයා දකුණු අත පාවිච්චි කරලා වැඩි වෙලයි මේක වෙලා තියෙන්නෙ. පොඩ්ඩක් අතට රෙස්ට් එකක් දෙන්ඩ“ කියලා //


    මේක සිද්ධ වෙනකොට උඹ බැඳල නැද්ද, එහෙම නැත්තං උඹේ 'බෙටර් හාෆ් ' එක ඉස්ටැයික්ද ?

    ReplyDelete
  36. ලොකු ජෝන්,
    හොඳ ලියුමක ඔත්තුවක් තිබ්බොත් කියන්ඩ ඈ........
    .......

    ලොකු පුතත්, වැලි කෙලියෙ ඉඳලා ඉන්න එක්කෙනෙක් ඈ.... අවසර ගැනිල්ලක් නෑ හො‍ෙඳේ...
    .......

    ප්‍රදීප්,
    අන්න කනියම මිනිස්සු. බය නැතුව වැඩක් කලෑකි.
    .......

    සිහිනයා,
    වම හුරු කාලෙකුත් තිබ්බා මලයා. හික් හික්.
    .........

    ඔබා,
    ඒ දෙකේ සම්බන්දෙ මොකද්ද? මට නං කිසි‍ දෙයක් තේරුං ගන්ට බෑ. :p

    ReplyDelete
    Replies
    1. දෙක තමා දකුණු අතට සම්භන්දෙ

      Delete
  37. හොද වෙලාවට අපි බ්ලොග් නොලියන්නෙ.. නැත්තං මේකා මොනා මොනා අදියිද දන්නෙ නෑ.. :)

    හැබෑට මාත් දැකලා නෑ නෙවැ නිල් පාට කොණ්ඩ, මං හිතන්නෙ ඔය අර කවි සමයෙ තියෙන 'නීල වරල' වෙන්නැති.. (රහසින්: මීට පස්සෙ ඔය කොණ්ඩෙ රතු/දුඹුරු පාටින් දාපන්. හැබැයි මං කිවුවා කියලානං කියන්නෙපා පුතේ)

    ReplyDelete
    Replies
    1. හහ් හහ් බූරෝ.... බ්ලොග් ලියන්ඩම ඕන්නැ.... ඔත්තුවක් විතරයි ඹ්නේ...
      .......

      ඔය පාට පාට දේවල් ගැන මමත් ටිකක් දැනං උන්නා වටින් ගොඩින්. ඒ උනාට ඕවා කාටුන් වලට එබියැහැකියද බන්....

      Delete
  38. හැක් හැක් . . . මගෙ සිත්තරයක් අඳින්න ගියොත් උඹට අඳින්න වෙන්නෙ සුදු ඇඳගෙන මල් වට්ටියක් අතිං අරං බුදුන් වඳින්න පන්සල් යන කොල්ලෙක් . . .

    සිරිමත් මගෙ සකි
    යහපත් ළමයෙකි

    ප.ලි.
    බොරුනං අහපං ඔබා අයියගෙං

    ReplyDelete
    Replies
    1. මල් වට්ටියක් අරන් බුදුන් වඳින්න යන, අම්මප මොකටැයි ඒ හරිය.. අර ඔබා අයියා බුදුසරණ පත්තරේ බලන එකනං තව විශ්වාස කරන්න පුළුවන්.. :D

      Delete
    2. ඒ ගැන මොකය කියනවද..... පොඩ්ඩක් ඉවසලා ඉමුකො අපි මේ දවස් ටිකේ.....

      Delete
    3. ඔව්...වොව් මං සාක්කි, ඕන්නං දිවුරන්නන් බුද්ධිය පල්ල කියල.

      P.S.
      ඕනය ඊයෙ කියල දුන්න මට බොග බැකප් කොරගන්න හැටිත් D

      Delete
    4. දාහන් පහක් බුරා... නෑ දහයක්ම

      Delete
  39. හූ හූ උඹට මාව අදින්න බැ උඹේ ඉස්ක්‍රීන් එක ලොකු නැ හූ හූ :P :P :P

    ReplyDelete
    Replies
    1. ආ..... ඒකද උඔ බඳ කොටස ලොකු කරන්ඩ කියලා පණිවිඩ එවන්නෙ.... ඉසන්ඩලාකෝ ටිකක්.

      Delete
  40. එල කිරි වැඩක් අයියා. දැන් ඉතින් කාටුන් බලන්නත් පුළුවන් නේ.

    ReplyDelete
    Replies
    1. නැතුව, තැතුව, හොඳ කතාවක ඔත්තුවක් ලැබුනොත් අපිටත් කියන්න

      Delete
  41. මේ... බුද්ධියෝ, උඹ වැරදිලාවත් පොඩි මෑන්ගේ හරි, සුළැඟිල්ලාගේ හරි පැත්තේ වත් යන්න එපා ඕං හරිය... උන් දෙන්නගේ පෝස්ට් කියවලා සිතුවම හිතේ ඇඳන් ආපු අපිට උඹේ සිත්තර දැකලා තව මොනවායින් වේද දන්නෑ... ඒක නිසා, ඒ පැත්තේ නොගිහින් හිටියොත් හොඳා !!!

    වැඩේ එළ... අළුත් දෙයක් නේ... සුභ පැතුම් සහෝ...

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කා පොටෝ වලින්.... කියන්නෙ නං ගමටකට තනියෙම ගේම දෙඤ්ඤං කියලා නේද..

      පොඩි මැන්ගේ පාර දිගේ ද තාමත්

      Delete
  42. මේක නම් පට්ටම සිරා ටැලන්ට් එකක්....ඉරිසියයි මට මේ වැඩේ බැරි එක ගැන :)

    ReplyDelete
    Replies
    1. සබිත් ව සාදරයෙන් පිළිගන්නවා සයිබර් යායට. මෙහෙම ගන්ඩකො, අයිබර් අවකාශයේ නියම කවිකාරයො ඉන්නවා. අලුත් විදිහට ලියන කවිකාරයො. ඒ කට්ටිය දැක්කම මටත් හිතෙනවා කවියක් පටලගන්න තිබ්බනං නියමයි නේද කියලා. ඒත් ඒක මට බෑ.
      අන්න ඒ වෙලාවෙදි සබිතුයි මායි එකම බෝට්ටුවේ.

      Delete
    2. අලුතින් පිලිගන්න දෙයක් නෑ බං...මං හැමදාම බොගෙ එව්වා කියවනවා....ෆලෝ පාරකුත් දැම්මා ටික කාලෙකට කලින් :)

      Delete
  43. මෙන්න මල් මිටක්. පට්ට වැඩක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහත්තයො.... කෝ දෙන්ටකො...!

      Delete
  44. මාර ලස්සන සිත්තර ටික බුද්ධි අයියා . අපිට කොහෙද ඉතින් මෙහෙවු ටැලන්ට් එකක් මට තාම වටකුරුවට බෝලෙයක්වත් ඇඳගන්න බෑ ..

    දවසක මගේ සිත්තරේකුත් ඇඳපංකොයි අඩා ..!

    ReplyDelete
    Replies
    1. සඳරු,
      වටකුරු බෝල අඳින්ඩ ඕන්නැ. ගමේ නම ලියන්ඩ පුලුවන් නං ඒ ඇති. අපේ අකුරු ලියන්ඩ පුලුවන් කියන්නෙ ඒකට සිත්තර පුලුවන් වෙන්ඩෝන.

      දවසක උඔගේ සිත්තරෙකුත් එයි. අලිත් ඉඳියිද දන්නැ නේද?

      Delete
  45. හෆොයි දකුණු අත, දැන් වත් වමට හැරෙන්න. එල එල

    ReplyDelete
    Replies
    1. රෙප් මහත්තයාවත් සාදරයෙන් පිළිගන්නවා කෙහෙල්කොටුවට.

      වම ශක්තිමත් නෑනේ..... ඒකයි මේ දකුණෙ එල්ලිගෙන ඉන්නෙ රෙප් මහත්තයො. :D

      Delete
    2. බොලා අපි ආවට ආදරෙන් පිළිගන්නෙ නෑ නේද?

      Delete
    3. හැමදාම දකින කුකුලගෙ අහවල් එක සුදුයි කියනවනෙ අයියා

      Delete
    4. නාකි කුකුළගෙද..?? :)

      Delete
    5. बुरा, ई लोकु कोरा गन्ना ओनेदा?
      සොරි, බුරාටත් ලොකු කොර ගන්න ඕනෙද?

      Delete
  46. හරිම ලස්සන සිත්තර ටික! වැඩේ එලටම කොරගෙන යන්න ලැබේවා... :)

    ReplyDelete
    Replies
    1. ගීතික මහත්තයාවත් ඔන්න පිළිගත්තා සාදරයෙන් කෙහෙල්කොටුවට,

      සුබ පැතුවට ස්තුතියි. ඔත්තුවක් ලැබුනොත් කියන්ටෝන.....හොඳේ...

      Delete
  47. පුදුම ලස්සනක් තියෙන්නේ මාරයි දවසක චිත්‍ර කතාවක් එලිදක්වන්න පුළුවන්ද බ්ලොග් එකේ කොටස් වශයෙන් මම හිතන්නේ හරි ලස්සනට තියෙයි.....ඇදීම වගේම ලිවීමත් අති විශිෂ්ඨයි තව ලස්සන ලස්සන චිත්‍ර අදින්න....

    මේ අයියේ මම බොහෝම ආසයි චිත්‍ර කතා වලට මේ මම ආසාවෙන් බලන චිත්‍ර කතා තියෙන සයිට් එකක් ඒවා ළමා කාටුන් හොදේ ඉතින් වෙලාවක් තියේ නම් ගිහින් මේක බලන්නකෝ මේක ජපන් කාටුන් එකක් "NARUTO" කියලා.....ඔයාගේ දක්ෂතාවේ හැටියට ඔයාට පුළුවන් මේ වගේ වැඩක් කරන්න.....ඔයාගේ ජීවිත කතාවම රස කතා උල්පතක්...

    http://4.bp.blogspot.com/-BpD6RX84aa4/TklTRSnniRI/AAAAAAAAB_Q/L1Afg3bbaEg/s1600/chap455_p10.jpg

    එක තප්පරේකට හරි මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි අයියේ ඒ වගේම තවත් ලින්ක් එකක් දාන්නම් ඒකේ මේකේ සම්පූර්ණ කතා ටිකම තියෙනවා

    http://narutofan-mangaforu.blogspot.com/

    ජය වේවා අයියේ ඔයාගේ වැඩ නම් සුපිරියි

    ReplyDelete
    Replies
    1. ලගදි ඉදන් කෙහෙල් කොටුවෙ පැත්තෙ එන ගැමියට ස්තුතියි මාව අගය කිරීම ගැන.

      මලයා කියන ලින්ක් එකට ගියා. ඒක වටින එකක් තමා. මං හිතන්නෙ අපේ ගොඩක් අය ඉන්නවා අපිට හිතන්නත් බැරි තරම් දක්ෂකම් තියෙන. ඒත් ඒ ගොල්ලන්ට වෙලාවයි ප්‍රශ්ණෙ.පළපුරුද්ද ඇතිවෙන්න දෙයක් දිගටම කරන්නත් එපැයි.

      ස්තුතියි නැවතත්. දිගටම එන්න.

      Delete
  48. හරිම ලස්සනයි. හැකියාවට කරග ගෞරවයක් විදිහට කොච්චර වැඩ තිබුණත් කොහොම හරි බලනව. ඕන මඩක් බාරගන්නං

    ReplyDelete
    Replies
    1. අන්න නියම මිනිස්සු. දැන්ම වැඩේට ලැස්තියි... එහෙනං අපිත් ලෑස්තියි දයියා, ආ... දයියත් අලුතෙන් වගේ කෙහෙල්කොටුව පැත්තෙ ඇවිත් තියෙන්නෙ. ආදරෙන් සාරයෙන් ඔන්න පිළිගත්තා.

      Delete
  49. මේ වගේ දේවල් වෙනව නම් හොදයි කියලා මිට අවුරුද්දකට කලින් ඉඳන්ම අපි නම් යෝජනා කලා...හැබැයි උබ දැක්කේ නෑ... :D මෙහෙමයි තිබුනේ...

    "කලකට පෙර ඇසූ හුරුපුරුදු වැකියක් උපුටා දැක්වුවහොත් අද සිංහල බ්ලොග් අවකාශය මල්වර වීමට ආසන්නයි... ඉතින් සැලකිය යුතු බ්ලොග්කරුවන් සංඛ්‍යාවක් අතරේ මැතිව් ඉන්මන් වැනි නිර්මාණශිල්පියෙක් සිංහල බ්ලොග් අවකාශයෙන් මතුවේයැයි මා සිහින දකිනවා... අප හැමට අළුත් අත්දැකීමක් එක්කල සිංහල බ්ලොග් අවකාශයේ පෙරළිකාර බුද්ධිගේ සිත්තරෙන් ඉදිරියට අඩියක් තැබීමට දැන් කාලය හරි නොවේද..?"

    උපුටා ගැනීම :
    සිංහල බ්ලොග් අවකාශය සහ මැතිව් ඉන්මන්
    -අකුරු-

    ReplyDelete
    Replies
    1. බීටලේ කමෙන්ට් එකට උත්තර ලියන්ඩ කලියෙන් ඔය විචාරෙ තිබ්බෙ කොහෙද කියලා කියහං මගේ දෙයියා....!

      Delete
    2. මෙතන :)

      http://akurublog.blogspot.com/2011/04/blog-post.html

      Delete
  50. @බූරා,

    මේ දවස්වල ගෑනු ලමයින්ගේ කොන්ඩා සහ ඇස් ගැන සමීක්ෂනයක් කරගෙන යනවද? මම අර කොහෙදත් දැක්කා කවුදෝ ගෑනු ලමයෙක්ගේ ඇස් බ්‍රවුන් පාටයි කියලා තියනවා.:D:D:D

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු, මම මේ දවස්සොල අන්තර්ජාලේ brown eyes හොයනවා.. මේ එක්කෙනෙකුට මොකද්දෝ වැඩකට ඕනැයි කිවුවෙ.. :p

      ඔයා ඔය එකේක තැන්වල එක එක්කෙනා ලියලා තියෙන ඒවා විශ්වාස කරන්ට එපාය, ඒවා දැක්කෙ නෑ වගේ ඉන්ටය.. :D

      Delete
  51. ඈ බං.. උඹේ රිප්ලයි බට්න් එක 100% වැඩ කියලා ෂුවර්ද..?? මම ඕනයාගෙ කමෙන්ට් එකට රිප්ලයි එකක් දැම්මා ඒක නෑ නෙවැ..

    ReplyDelete
    Replies
    1. බුරතීනෝ ඔය වැඩකරන්නෙ බන්ස් ජිල් කොම්පැණිය වගේ. ආයි ට්‍රයිකරලා බලන්ඩ.

      Delete
  52. මටත් දැන් නම් කිසි පුස්නයක් නෑ ලිව්වේ නෑනේ මාස ගානකින්........

    වැඩේ ඉතිං නියමයි කියලා කියන්ට ඕනයැ...... (හැබෑට ඕනයා අයියා ඇවිත් නෑ නේද අද තාම??)

    හැබැයි උයා එක්ක අපි තරහයි...... සිත්තර තරඟේ සිතුවම් ටික තාම ඉවර කලේ නෑනේ..... හික්ස්.....

    (ආ අර කොණ්ඩේ හැටියට මට හිතුනේ මැරියන් අක්කා කියලා. පස්සේ තේරුණේ ඒ වලව්වේ කෙනෙක් කියලා... )

    ReplyDelete
    Replies
    1. හා පැටික්කි නං කෝමත් කෙහෙල්කොටුවට පනින එකනේ. වෙලාවට අල්ල ගන්නම්.

      අපිත් එක්ක තරහා වෙන්ඩ එපා. ඕගොල්ලන්ගේ පොටෝ අපි ෆිජ් එකේ දාලා තියෙන්නෙ. නරක් වෙන්නැ. ඉස්සර දිනවලදී දානවා. :p

      Delete
  53. ඉතාමත්ම අනර්ඝ සිත්තර ටික සිත්තරෝ....

    හැබැයි ඉතින් තාම නම් හංස සුර දුතියෙක්ව සිත්තරේට හා... නෑ නැ... කාටුන් එකක් උනේ නෑනේද..


    අනේ මේ මාවත් කාටුන් එකක් කරන්නකෝ.. අනේ අනේ උයා හොඳයිනේ..


    තව තව ලස්සන සිත්තර අඳින්න අදහස් පහල වේවා!!

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට සුදු හංසිත් අදයි ඇවිත් තියෙන්නෙ සයිබයි යායට නේද?

      ඔහොම කියනවනං මම බය නැතුව අඳින්නංකො... හොහ් හෝහ් ඇන්ඳට පස්සෙ ඕං මොකවත් කියනවා නෙමෙයි හොදේ.....

      Delete
  54. මේක තමයි චුටි මහත්තයාගෙ හොඳම ලිපිය. පිංතූර ටික මල් හතයි :))))

    ReplyDelete
    Replies
    1. බස්සා මේපැත්තෙ අවේ කාලෙකින්.... බස්සට ගෝචර වෙන ලිපියක් ලියවිලා එහෙනං. ස්තුතියි සුබ පැතුවට...බලාගෙන ඉන්ඩ හොඳේ...

      Delete
  55. හුටා...**##$?....දකුනු අතේ තන්තු මෙව්ව වෙලා කිව්ව.... ඒකත් හොඳට ගියා... නැත්තං තොගෙ ජින්තු තමයි බහින්නෙ.... ඒ.....ඕක උනේ බැන්ඳට පස්සෙද... ඒකියන්නෙ උඹ මදිපාඩුවටද අත යූස් කොලේ ?.... එල.. එල... ලංකාවෙ කොල්ලෙක්නෙ........නේහ්......

    එලද බරා ගල් දෙබරා කිව්වලු....හෙනං ඉස්සොරහට පෝස්‍ටුත් එක්ක එල සිත්තර පන් එකකුත් ගන්න පුලුවං.... සිංහල බොලොක්ක ඉතිහාසයේ නව ඇම්මක් වගේ.. සොරී මෙයා නැම්මක් ඈහ්......

    X-Porter

    ReplyDelete
    Replies
    1. x-port,

      මොනවා කියනවද මේ.... බලන්ඩකෝ ඉස්සරහට වෙන දේවල්.

      Delete
  56. එල එල,, පට්ට..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොක්කෙම්ම සුබ පැතුවට

      Delete
  57. හං හා.... නියම අදහස... රසවත් ලිපියකට චූටි මහත්තයගෙ ලස්සන පින්තූරෙකුත් එකතු වුනාම රස තවත් වැඩි වේවි... අදාල පෝස්‍ටුවට ලින්ක් එකකුත් දානව නං අපි වගේ සමහර බ්ලොග් ගැන දන්නේ නැති අයගේ රසාස්වාදයට ලොකු උදව්වක්...

    හැබැයි මේ වැඩෙන් චූටි මහත්තයගෙ කතන්දර ලිවීමට බාධාවක් වෙන්නත් බෑ හරිද... අපිට කතන්දරත් ඕනෙ...

    ReplyDelete
    Replies
    1. ආශි,
      අනිවාර්යෙන් ලින්ක් එකක් දානවා. එතකොට ඒ ලිපිය කියවන්නත් කෙලින්ම අවස්ථාවක් එනවා. ඒක කියෝලා සිත්තරේ බලද්දි තවත් හොඳයිනෙ.

      මේ වැඩෙන් කතන්දර ලියන එකට බාදාවක් නැති වෙයි... කොල්ලා ඔක්කොම බැලන්ස් එකේ ගෙනියන්න තමයි හිතාගෙනනං ඉන්නෙ...

      Delete
  58. නියමයි බුද්ධි අයියේ...faට්ට ආ..Blog 1ක තවත් බලන්න ආස හිතෙනවා‍‍..කවදා හරි මගේත් සිත්තරේකුත් අදියි කියලා බලාපොරොත්තු වෙනවා..

    ‍ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අප්පා... ඊෂ්ථුථියි... බලං ඉන්ඩ ඔත්තුවකුත් දෙන්ඩ හොඳ ලියුමක් වැටෙද්දි.....:D

      Delete
  59. මේක නම් හොඳ වැඩක්, එල කිරි.
    එතකොට අර දකුනු අතේ කේස් එක, ඇත්තටම මවුස් එක[ මීයා] අල්ලලමද තන්තු මොනාද උනේ...

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපල්ලා මුන්ටත් වෙන වැඩ නැති හැටි. ලෙඩත් හැදිලා තියෙනවා.... අම්මපා මෙහෙම හොයා බලපු සෙට් එකක් නං තාම හම්බුනේ නෑ....

      Delete
  60. මරු වැඩේ මේක නම්!

    ReplyDelete
  61. මුලින්ම සමාව බාජනේකට දාහං පරක්කු උනාට... මේ ටිකේම ගමන් බිමන් නෙව හරියට...

    උඹේ චිත්තර ඇඳිම ගැනනං කියලා වැඩක් නැත. එකේ නරකම කොටහා තමා තෝ ඔත්තු කාරයෝ යවලා අදාල ප්ලේස් ගැන කලින් හොයාගෙන පස්සේ චිත්තර ඇදීම.. ඔය මගේ පොටෝවෙනුත් කියවෙන්නේ ඒක.. ඒ හින්දා මං දන්නවා ටක්කෙටම ඔය අනිත් උන්දලා ගැන ඇඳපුවත් එහෙමම වෙන්ට ඇති.. කොහොමටත් අර ඔබාගේ කිචන් ගේම් එක දැක්කම ඒක එහෙමම වෙන්ට ඇති කියලා සහ සුද්දෙන්ම කියතහැකි...

    බොට කැමති ඕනම වෙලාවක මා හා සම්බන්ධ ඕනම සිදුවීමක් ඇඳිමට මගෙන් බාධාවක් නැත..

    ReplyDelete
    Replies
    1. මාරයගෙන්නං කෙලින්ම ෆී විසා ලැබුනා.... දෙඤ්ඤංකො එළකිරි වැඩක් ඉස්සරහදී....

      Delete
  62. ඔයාගෙ හැකියාව නම් උපරිමයි බුද්ධි. කතාවක් කියවලා අපේ හිතේ මැවිච්ච පින්තූරෙම අඳිනවා. කීප් ඉට් අප්. ඔබා මාමගෙ පින්තූරෙ නම් මරු. හොඳ වැඩේ අපිට එක එක කෑම ජාති පෙන්න පෙන්න ඇඩ් දානවට. හික්ස්.

    ReplyDelete
    Replies
    1. පිණි, ස්තුතියි අගයකිරීම ගැන.. ඔබා මාමා නං මාව වෙලාවක අල්ලගන්නං කියලා තමා කිව්වෙ.... බයේ බෑ ගිලීද දන්නැනේ....

      Delete
  63. හැමදාම කතාවත් එක්ක යන චිත්‍ර දැකලා .. ඉට්ටැයිල් එකෙන්ම දැන් අඳුනා ගන්න පුළුවන් මලයගෙ චිත්‍ර !!! මම නම් ඔය උඩ තියෙන ඒවයෙන් ලකුණු 100ම දෙනවා මාරයගෙ සහ ඔබා අයියගෙ දෙකට ! අනිත්වත් පංකාදු පහයි.

    මම මේ පෝස්ට් එක
    http://www.liyanna-liyanna.blogspot.com/2011/12/blog-post_16.html
    ලියන දවස් වල නම් මේකට චිත්‍රයක් ඇඳ ගන්න ලොකු උවමනාවක් තිබුනා. ඒත් ඒ කාලෙ මේ සමාජ සේවය පටන් අරන් තිබුනෙ නෑ නොව.. වෙලාවක් තියේ නම් මන් වගේ ආධුනිකයෙක්ගෙ පෝස්ට් එකකට මොකක් හරි ඇඳලා දෙන්න..

    ReplyDelete
  64. ජය වේවා...
    ඔහොම යමු....

    අපිත් බොගක් නොලිව්වට දාන කොමෙන්ට් එකක් බලල හරි චිත්‍රයක් බලාපොරොත්තු වෙනවා.....

    මගේ බලාපොරොත්තුව සාර්තක වේවාකියලත් මම ප්‍රාර්තනා කරනවා.......

    මගේ ප්‍රාර්තනාව ඒ ආකාරයෙන්ම ඉශ්ටඨ වෙන්න කියලත් ප්‍රාර්තනා කරනවා......

    ReplyDelete
  65. ඉස් ඉස්සෙල්ලාම ඔයා අර සීනි ඇබින්දක් දාලා තේ හද එක කතාව්ම කාටුන් කරල දාන්නන්කෝ.
    ජොල්ල්ය් වැඩක් වගේයි. දිගටම කරන් යන්න.

    ReplyDelete
  66. ජයවේවා බං. අගේ ඇති වැඩක් නෙව මේක. හැමෝම නොකරන වැඩ කරන උඹ මෙකත් යස අපූරුවට කරයි.

    ReplyDelete
  67. ජයවේවා බං. අගේ ඇති වැඩක් නෙව මේක. හැමෝම නොකරන වැඩ කරන උඹ මෙකත් යස අපූරුවට කරයි.

    ReplyDelete
  68. ජය වේවා අලුත් වැඩේට. අපිට ඉස්සරහට හොඳ සිත්තර ටිකක් බලාගන්න පුලුවන් වෙයි..!

    ඇන්ටි වයි ෆයි සිත්තරෙත් බුකියේ ෂෙයා වෙවී යනවා දැක්කා...

    ReplyDelete
  69. ගොඩක් දවසකින් ඔබේ ඡායාරූප නිර්මාණයක් දැක්කෙ නැහැ. ඇයි ඒ...??

    ඔබේ ලියන රටාවට මම හරි කැමතියි. පින්තූරත්, චිත්‍රත් පණ ලබන්නෙ එයින්.. හොඳ සිත්තරෙක් අනිවාර්යයෙන් ම රචකයකු විය යුතුමනෙ..!

    ReplyDelete
  70. මේකනම්.. මරු වැඩක් බොලේ..

    මටත් කාලයක් අදහස්ක ආව.. බ්ලොග් එහෙකින් චිත්‍ර කතා පත්තරයක් තිබුනනම් හොඳයි.. කියලා... ( දැන් ඉතින් අර උනු උනු තීන්ත සුවදත් එක්ක කියවපු චිත්‍ර කතා පත්තර එකක්වත් නැති නිසා ).. ඒත් ඉතින් මටත් අර සඳරුවට වගේම වටකුරු බෝලයක්වත් ඇඳ ගන්ඩ බැරිනිසා ඒක ලත් තැනම ලොප් උනා..

    ReplyDelete
  71. නියමයි අයියා පට්ට!

    ReplyDelete
  72. ඔයාගෙ හැකියාව නම් උපරිමයි චූටි ඈ.
    කතාවක් කියවලා අපේ හිතේ මැවිච්ච පින්තූරෙම ලස්සනට අඳිනවා :)
    මම මේ බ්ලොග් කෙරුවාවට හෙන අලුත්..අදයි මේ පැත්තෙ ආවෙ,ආයෙම එන්න හිතෙන බ්ලොග් වලින් එකක් මේක..
    සුබ පැතුම්!!!!!!!!

    ReplyDelete
  73. හරි ඔන්න මම ආව.. මේක තමයි මම සයිබර් යායෙ මුලින්ම කියවපු පෝස්ට් එක. මගෙ කමෙන්ට් එකත් ඔය තියෙන්නෙ වේලි වේලි.. හිකිස්ය..

    මෙතන ඉඳන් දිගටම කියෙව්වා මට මතක විදිහට.

    ReplyDelete
  74. හිංගල බ්ලොග් ලෝකයේ මෙහෙව් කාලයකුත් තිබුනා නේද කියලා හිතෙද්දි නිකන් පොඩි කණගා‍ටුවක් වගේ එකක් එනවා...

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...