2012/02/27

අද කාටූන් - 07 - උපශාන්ත මයා නිවාඩු අනුමත කරගෙන හැරෙන තැපෑලෙන් ගෙදර එයි !

සරළ, ප්‍රබුද්ධ, පීචං වෙනසක් නැතිව “රස“ රස විඳන, හිතට වැදුන දේ අගයන, විරුද්ධ දේට සෘජුවම එරෙහි වෙන, මහ පොලොව උඩ නිරුවත් දෙපයින් ඉන්න, දශක හතරකට ආසන්න ජීවිතේ අහපු, දැකපු, විඳපු කතා ලියන්නෙක් තමා අද කාටුන් එකට නිමිත්ත සපයලා තියෙන්නෙ.විවාහයේ දහවෙනි සංවත්සරය පසුගිය දා සමරපු උන්නැහේ තමයි, සැහැල්ලුව බ්ලොග්...

2012/02/22

කවදා නමුත් ඇත්ත හෙළිවෙනවා ! යුරෝ දෙකේ ඔවදන ! හෙහ්....හෙහ්......

කවදා නමුත් ඇත්ත හෙලිවෙනවා! මම කියමන ඇත්තම ඇත්තයි කියලා දැන ගත්තෙ කුරුලු හමුදාවේ සේවය කරන කාලේ. ඔය වෙද්දි කුරුලු හමුදාවට ඝෘෂිවරයෙක් ඇවිල්ලත් කාලයක් ගිහිල්ලා. ඒ කියන්නෙ අපි කිඹා ගැහිල්ලෙනුත් කෙල පැමිණිලා හිටිය කියන එකනෙ.අපේ නිවස්නයත් බැලු බැල්මට හොස්ටල් එකක් වගේ. හෝල් එකේ ඩබල් ඇදං පොලිම් දෙකයි. ඩබල් ඇඳවල්...

2012/02/18

අද කාටුන් - 06 - දැයට කිරුලේ දී, ප්‍රවීණ ප්ලේන් දේශක ඉෂාර මහතා ගුවන් යානයක තතු මොනවට පැහැදිලි කරයි...!

අවවාදයයි!මෙම ලිපිය කිඩ්ස් ෆස්ට් නිවුස් කියන ඇක්සන්ට් එකෙන් කියවීමෙන් වැඩි ප්‍රථිපල ලබා ගත හැකිය.ඉතිං යාලුවනේ, අද කාටුන් එක වෙන් වෙන්නෙ අපේ අහස ට. ඕගොල්ල දන්නැත්තම් දැනගන්ඩලා, අපේ අහස ලියන්නෙ තනිකර උඩ වැඩ දන්න හෙන වැඩකාර මාම කෙනෙක්. එයා නමින් ප්ලේන් ඉෂාර.පහුගිය දවසක එයා එක්ක කතා කරන්න මට බොහොම දුර්ලභ...

2012/02/11

අද කාටුන් - 05 - රත්ගමයා ලන්ච්ශීට් - බත් එතීමට පමණක් නොවේ...!

අද කාටුන් එක වෙන්වෙන්නෙ මාරයගේ සත දහයේ වික්‍රමයට. ඔක්කොටම කලින් ඒක කියෝලා ආවොත් නං මේ කාටුන් එකේ නියම රසය ඕගො‍ල්ලන්ට උරා ගන්න එක එච්චර අමාරු වෙන එකක් නෑ.නව සොයාගැනීම් නිසා සමහර නිෂ්පාදන වලට තැනක් නැතිව යනවා. ඒත් උනන්දු උනොත් හණමිටිය බිම තියලා තමන්ගේ නිෂ්පාදය පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ආයෙත් වෙළද පොල ...

2012/02/09

මැජික් බලන්ඩ එන්ඩලා | යුරෝ දෙකේ මැජික් පන්තිය (වීඩියෝ සමඟ)

වැඩිය කතා ඕන නෑ. අද මම පොඩි මැජික් එකක් පෙන්නන්නයි යන්නෙ.....!ඔය තියෙන්නෙ නිදහස් දා දාපු සරදියෙල්ගෙ සිත්තරෙ අඳිනකොට මම ගත්තු ස්ක්‍රීන් ෂොට් ටිකක්. ඒක වීඩියෝ එකක් කරපුවාම කොහොමද කියලා බලන්ඩකො. මුලින්ම මම සරදියෙල් අඳින්න හිතාගෙන හිටියෙ උතුවන්කන්දෙ ඉඳලා ඈත බලාගෙන ඉන්න විදිහට. ඒක තමා අර මුල්ම රූපේ. පස්සෙ ඒක වෙනස් කලා. ඒ වෙනස් කරපු එක බීටලේගෙ කවියත් දාලා එදා දැක්ක විදිහෙ රූපෙට එනකල් අතරින් පතර රූප රාමුයි...

2012/02/04

අද කාටූන් - 04 - ජාතික වීරයා?

අද නිදහස් දවස නිසා කාටුන් එකත් වෙනස් එකක්. අද මේ පිටුව වෙන්වෙන්නෙ වීරයෙකුට.ඒ දීකිරිකෑවගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සූර සරදියෙල්!සූර සරදියෙල් ජාතික වීරයෙක්ද නැත්ද?එහෙම උනත් නූනත් සරදියෙල් මගේ වීරයෙක් උනේ කාලෙකට කලින්. ඒකට මූලික හේතුව වුනේ සරදියෙල් සමහර වීරයෝ මහ ඉහලින් ගරු කරපු දේවල් පයිසෙකෙට මායිම්...

2012/02/02

මදුරුවොයි පුංචි අපියි ! | නිර්වස්තරයක් ඇඳගත් කළ.....

"බ්ලොග් ලියනවත් එකේ සමාජයට මොකක් හරි වැඩදායක දෙයක් ලිව්වොත් මොකද!" කියලා එක දවසක් මගෙන් යාලුවෙක් ඇහැව්වා. පොරට මං දවසක් වදෙන් පොරෙන් මගේ බ්ලොග් එකේ යූආර්එල් එක දුන්නේ එක හිට් එකක් හරි වැඩිවෙනවනෙ කියලා. අන්තිමට උනෙ පොර මට උපදෙස් දෙන්ඩ ගත්තු එක.හැබැයි මමත් ඇරියේ නෑ. මං කිව්වා, "මගේ හැම කතාවෙම ගන්ඩ දෙයක් තියෙනවා. හැබැයි උඔලා වගේ මැටි ගොඩවල් වලට නං ඒවා තේරෙන්නැතුව ඇති තමා, ඒක තියෙන්නෙ කතාවෙ උඩින් නෙමේ...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...