ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2012/04/20

සිංහලයා පැවත ගෙන එන්නෙ විජයගෙන්ද, නැතිනම් බලංගොඩ මානවයගේ තාත්තගෙන්ද? | මෙම ලිපිය අතිශයින් ම වැඩිහිටියන්ට පමණයි....!


ඊයේ පොඩි කුමාරිහාමි ලිපියක් දැම්මා, "නැත ලොවේ අන් රසඳුනා" කියලා. ඒකෙන් කියවුනේ විජයගෙන් අප පැවතගෙන එනවයි කියලා. කෙලින්ම නොකිව්වත් "සුප්පාදේවී කියන්නෙ අපේ වංශයේ මීමීත්තනිය"යි කියලා කිව්වම ඒ බව නිකම්ම කියවෙනවනේ.

දැන් මම යන්නෙ මේ කතාවේ තියෙන භයානකකම සහ බුද්ධිමත් පාඨකයන් වන ඔබට සිංහලයා පැවතගෙන එන්නෙ කාගෙන්ද කියලා පැහැදිලි කරලා දෙන්නයි. 

මේ කාලයේ වඩාත්ම නරක දේ අනුවණයින්ගේ කෑ මොර දීම් වලට වඩා බුද්ධිමතුන්ගේ නිහඬ බවලුනේ. ඒ හින්දයි මම නිහඩ බව බිඳින්නයි යන්නෙ.

ඔක්කොටම කලින් මම එක් දෙයක් අවධාරණය කරන්න කැමතියි.

දැන් ඉඳලා මං කියන ඔක්කොම වැඩිහිටියන්ට පමණක් ගෝචර වන දේවල්. ඒ නිසා කුඩා කට්ටිය ආවානම් කරුණාකර බැක් බටන් එක හරහා ආපහු යන්න. එහෙම බැහැම නම් මිට ටිකක් උඩින් දකුණු අත පැත්තෙ, රුපියල් විස්සක විතර දුරින් තියෙන ලේබල් වලින් Cartoons , කවි , කුරුලු හමුදා කතා , චූටිමහත්තයාගේ කතා, ටිකිරි කතා, මගේ කතා වලින් කැමති එකක් තොරගෙන කියවන්න, මේ ලිපිය ඇර*

ඊයේ හවස් අතේ කුමාරිහාමිගේ ලිපියට ආපු ප්‍රතිචාර වලින් සමහරක් කියවද්දි මගේ කෙසුත් පැලිලා ගියා. එච්චරට තියුණුයි ඒගොල්ලන්ගෙ තර්ක. කොහොමත් මුලික කරුණු සලකලා බලද්දි විජය කුමාරයා මෙහෙට එන්ඩ කලියෙන් මේ ලංකාවේ කස්ටිය ඉඳලා තියෙනවා. නැත්තං කුවේනීයි, කුවේනිගෙ බල්ලයි කොහෙන්ද?

මුලික තර්කය එහෙම බිඳුනාවෙ. එතකොට ඇත්තටම අපි පැවතගෙන එන්නෙ කාගෙන්ද?

මේකට පිළිතුර හොයන එක ඉතාම සීරුවෙන් කරන්න ඕනේ. ඒකට මම සරළ උදාහරණයක් කියන්නම්. කෙනෙක් ඇහැව්වොත් "වතුර නැතිව මිනිස්සු මැරෙන්නෙ ඇයි?" කියලා, ඕගොල්ල දෙන උත්තරේ මොකද්ද? ඒ හා සමානම උත්තරයක් තමා මේ ගැටලුවට උත්තරෙත්. එහෙනම් මුලින්ම අපි ඒ ගැටලුවට උත්තරේ හොයාගමු.

වතුර නැතිව මිනිස්සු මැරෙන්නෙ ඇයි?

ඇත්තටම වතුර නැතිව මිනිස්සු මැරෙන්නෙ මේකයි. වතුර නැතිව ගිය ගමන් මිනිස්සුන්ට පීනන්ඩ බැරි වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. තටාකයක ඔබ පීනමින් ඉන්නවා. එකපාර එකේ වතුර ඉවත් කලොත් ඔබට පීනනන්න පුලුවන්ද? බෑනේ. ඉතිං වතුර නැතිව ගිය හැටියෙ මිනිස්සුන්ට පීනන්න බැරි වෙනවා. පීනන්න බැරිවුනු හැටියේ ඒ මිනිහා ගිලෙනවා. ගිලිච්ච හැටියෙ මිනිහා මැරෙනවා. වතුර නැතුව මිනිස්සු මැරෙන්නෙ එහෙමයි.

දැන් අපි ඕක "අපි පැවතෙන්නෙ කාගෙන්ද?" ගැටලුවට සම්බන්ධ කරමු.

ඊයේ කුමාරිහාමිගේ ‍ලිපිය කියවලා, සපයලා තිබුනු පිළිතුරු අතර වැදගත් පිළිතුරක් තිබුනා මේ විදිහට. වැදගත් කිව්වට වැදගත්ම නෑ. ඒත් මේ ගැටලුව ලිහා ගන්ඩ මේ පිළිතුර වැඩිත් එක්කලා. ඒක ලියලා තිබුනෙ බුරතීනෝ මහත්මයා. මේ තියෙන්නෙ ඒක.




මේක සංකේතයක් පමණයි නෙවැ.. මතකද අපි ඒ දවස්සල ඉගෙනගත්තා අපේ මීමුත්තා අප්‍රිකාවෙ හිටිය 'ලුසී' කියන ආදි මානවයා කියලා, එහෙම කිවුවෙ ඒ දවස්සල හොයාගෙන තිබුන ආදිම මානව පොසිලය එයා නිසා.. එහෙම කිවුවා කියලා කවුරුත් කඩු අමෝරාගත්තෙ නෑ නෙවැ, හැමෝම තේරුම් ගත්තා මේ කියන්නෙ සංකේතාත්මකව කියන එක.. මෙතනත් එහෙම දෙයක් නෙවැ වෙලා තියෙන්නෙ.. කෙනෙකුට කියන්න පුළුවන් අපේ ජාතිය එන්නෙ විජයගෙන් කියලා, එහෙමත් නැත්තං එයාට අකැමැතිනං කියන්න පුළුවන් කුවේණිගෙ දරුවො දෙන්නගෙන් කියලා, ඒකටත් අකැමැතිනං කියන්න පුළුවන් රාවණාගෙන් කියලා, රාවණාටත් අකැමැතිනං කියන්න පුළුවන් බලංගොඩ මානවයාගෙන් කියලා.. ඔහොම ඔහොම ඉතිං අතීතෙටම යන්න පුළුවන්.. ඔයිට වඩා හොද නැද්ද වාද විවාද පැත්තකින් තියලා කතාව රසවිදින එක.. :)''



ඇත්තටම නම් මිනිහත් පොට වරද්දාගෙන තිබුනෙ. 


මොකද නියම විදිහට බලද්දි සිංහලයා පැවතගෙන එන්නෙ ඔය කාගෙන්වත් නෙමේ, බලංගොඩ මානවයගේ තාත්තගෙන්. මං හිතන්නෙ මේක ඉතිහාසය වෙනස් කරවන සුලු පුවතක් උනත් කියන්ඩ තියෙන දේ කියන්න එපැයි.



ඒ නිසා මම පැහැදිලිව එතන සඳහන් කලා මෙන්න මෙහෙම.

"බූරතීනෝ, 
උඔ මොනවා කිව්වත් අපේ මී මුත්තානං අප්‍රිකාවේ වෙන්ඩ බෑ. ෂුවර් එයා ඇවිල්ලා අපේ කතන්දර සීයගේ සීයා!

අනිත් කාරණාව අපි පැවතගෙන එන එක. ඔය උඔ කියලා තියෙන ලිස්ට් එක මේව්වා කලාම ඔතන ඉන්න පරණම මෑන්ස් තමා බලංගොඩ මානවයා. එතකොට සිංහලයා පැවතගෙන එන්නෙ බලන්ගොඩ මානවයගෙන් වෙන්න පුලුවන් ද? එහෙමනේ පුරාවිද්‍යාඥයෝ පවා කියන්නෙ.... මම නං කියන්නෙ ඒක පට්ටපල් බොරු. මම බයනැතිව කියනවා සිංහලයා පැවතගෙන එන්නෙ බලන්ගොඩ මානවයගෙන් නෙමේ එයාගේ තාත්තාගෙන් ය කියලා...... මොකද උඔ කියන්නෙ....?''

ඇත්තටම ඕකයි ඇත්ත. සිංහලයා පැවතගෙන එන්නෙ බලංගොඩ මානවයගේ තාත්තගෙන්. මොකෝ බලංගොඩ මානවයා අහසින් වැටුනා යැයි. බලංගොඩ මානවය හිටිය නං එයාට තාත්තෙක් ඉන්ඩ එපැයි. එයාගේ තාත්තා කලින් නැති වෙන්ඩ ඇති. කව්ද දන්නෙ බලංගොඩයි එයාගෙ සෙට් එකයි එක්කහු වෙලා තාත්තගේ දෙහය භූමදානය කරන්නෙ නැතුව, ආදාහනය කලාද කියලා. බාගදා ඇත්තටම අපි බලංගොඩ මානවයා කියන්නෙ එයාටම නෙමේ, එයාගෙ තාත්තාටද දන්නෙත් නෑ. මොකද මෑන්ස්ව හොයාගත්තු තැන එයාගේ උප්පැන්න සහතිකේ තිබුනු එකක් යෑ!

දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති අපි විජයගෙන්වත්, රාවණා‍‍ගෙන්වත් අප්‍රිකාවේ ලුසී කියන මෑන්ස්ගෙන්වත් නෙමෙයි පැවතගෙන එන්නෙ කියලා.

සිංහලයා පැවතගෙන එන්නෙ බලංගොඩ මානවයගේ තාත්තාගෙන්.

එතකොට බලංගොඩ මානවයගේ සීයා කව්ද?

ඇත්තටම ඔය ප්‍රශ්ණෙ ඇහැව්වා මගේ උත්තරේට යටින් මුහුදු කොල්ලකාරයා කියන බ්ලොග් කරුවා. ඒ වෙලාවෙ තමා මම තීරණය කලේ මේකට එතන උත්තර දීලා හරියන්නැ පෝස්ට් එකක්ම ලියන්න වෙයි කියලා. මොකද ඇත්ත යුත්ත තේරුම් බේරුම් කරද්දි පිලිතුර ටිකක් දිග්ගැස්සෙනවනේ.

මේක වින්දනාත්මක බ්ලොග් අවඩියක් තමා. ඒත් මේ වගේ වැරදි මත එද්දි අපි නිහඩව හිටියොත් මේ බ්ලොග් කෙරුවාවෙන් පලක් ඇතැයි. ඒ හින්දා මම දැන් සහසුද්දෙන් පැහැදිලි කරන්නම් සිංහලයා පැවතගෙන එන්නෙ බලංගොඩ මානවයගේ තාත්තගෙන්ය කියලා.

කොහොමහරි මුහුදු කොල්ලකාරයා එතන උජාරුවට ලියලා තිබුනා මෙන්න මෙහෙම,

''මුහුදු කොල්ලකාරයා Apr 19, 2012 03:26 AM
බුද්ධි, උඹට වැරදිලා, මමත් බය නැතුව කියනව අපි පැවතගෙන එන්නෙ බලන්ගොඩ මානවයාගේ සීයාගෙන් කියල!''

මම දන්නවා. ඇත්තමට ඕගොල්ලන්ටත් බැලූ බැල්මට මුහුදු හරි කියලා හිතෙන්න ඇති. ඒත් ඒකට මම දෙන්න ගිය උත්තරේ එතන ලිව්වෙ නෑ. මම දැන් ඒක කියනවා. එතකොට ඹ්ගොල්ලන්ට ම තේරෙයි මම ද හරි මුහුදු කොල්ලකාරයාගෙ පැත්තෙ ඉන්න ඕගොල්ලද කියලා. 

මේ තියෙන්නෙ උත්තරේ.

මුහුදු අන්න උඔට වැරදුනා, අන්න ඒකයි කියන්නෙ හැමදේම බුද්ධිමත්ව හිතන්ඩ කියලා. උඔට බලංගොඩ මානවයගේ සීයා මතක් උනා. ඒ සීයගේ තාත්තව අමතක උනා නේද? 

එතකොට ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ ඔක්කොමලාවම උඔට අමතක වෙලා.

දැං මම මෙහෙම කිව්වාම උඔ ආයෙත් ඇවිදින් කියයි, "මට පේන්නෙ සිංහලයා පැවතගෙන එන එක හොයන්ඩ කලින් බලංගොඩ මානවයා පැවතගෙන එන්නෙ කාගෙන්ද කියලා හොයන්ඩ වෙයි!" කියලා.

එතකොට මට දෙන්ඩ තියෙන උත්තරේ තමා "බලංගොඩ මානවයා පැවතෙන්නෙ උන්දැගෙ තාත්තාගෙන්" කියලා. අන්න දැක්කද පොයින්ට් එක. එතකොට සිංහලයා පැවතගෙන එන්නෙ බලංගොඩ මානවයගේ තාත්තගෙන්.

දැන් උඔ ආයිමත් කියනවනම්,

‘‘බුද්ධි, උඹට වැරදිලා, මම බය නැතුව කියනව අපි පැවතගෙන එන්නෙ බලන්ගොඩ මානවයාගේ සීයාගෙන්‘‘ කියලා. 

මට ආයෙමත් කියන්න වෙනවා,
''උඔට බලංගොඩ මානවයගේ සීයා මතක් උනා. ඒ සීයගේ තාත්තව අමතක උනා නේද? එතකොට ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ ඔක්කොම උඔට අමතක වෙලා.'' කියලා.

දැං මම මෙහෙම කිව්වාම උඔ ආයෙත් ඇවිදින් කියයි, "මට පේන්නෙ සිංහලයා පැවතගෙන එන එක හොයන්ඩ කලින් බලංගොඩ මානවයා පැවතගෙන එන්නෙ කාගෙන්ද කියලා හොයන්ඩ වෙයි!" කියලා.

එතකොට මං ආයිමත් කියනවා "බලංගොඩ මානවයා පැවතෙන්නෙ උන්දැගෙ තාත්තාගෙන්නෙ..." කියලා. 

දැන් තේරුනානේ සහසුද්දෙන් ම. ඕගොල්ල ආයිමත් මගෙන් ඒ ප්‍රස්නෙම ඇහැව්වත් මට කියන්ඩ තියෙන්නෙ, 

"ඕගොල්ලන්ට බලංගොඩ මානවයගේ සීයා මතක් උනා. ඒ සීයගේ තාත්තව අමතක උනා නේද? 
එතකොට ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ තාත්තගෙ තාත්තා, ඒ ඔක්කොමලාවම ඕගොල්ලන්ට අමතක වෙලා." කියලා.

දැං මම මෙහෙම කිව්වාම ඕගොල්ල ආයෙත් ඇවිදින් කියනවද, "මට පේන්නෙ සිංහලයා පැවතගෙන එන එක හොයන්ඩ කලින් බලංගොඩ මානවයා පැවතගෙන එන්නෙ කාගෙන්ද කියලා හොයන්ඩ වෙයි!" කියලා.

එහෙම උනොත් ඉතින් මට කියන්න වෙන්නෙ "බලංගොඩ මානවයා පැවතෙන්නෙ උන්දැගෙ තාත්තාගෙන්" කියලා.

ඔන්න ඕකයි ඇත්ත කතාව. අපි පැවතගෙන එන්නෙ කාගෙන්ද කියලා දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඇති.

කොහොම උනත් මං කිව්වටම පිළිගන්න එපා. ඕගොල්ලොත් මේ සංවාදෙට එකතු වෙන්න. 

තමන්ගේ ලිවීමේ හැකියාවෙන්, තමන් තුල තියෙන තාර්කික ඥාණයෙන්, මවාගෙන තිබෙන විශ්වාසය නැමති කඩතුරාවෙන් වගේම ගොඩනඟාගෙන සිටින ප්‍රතිරූපය උපයෝගි කරගෙන ඔය ටීවී වැනල් වල කාරිය කස්ටිය කෙස් පැලෙන තර්ක ගේන්නෙ තමන්ගේ මතය තහවුරු කරන්න. ඒක නිසා එන්ඩලා, ඒ වගේ අපිත් අපේ උරුමය සොයාගෙන යමු.

.......................
- මීට යූරො දෙකේ වීරයා.

ප/ලි - මොනවා ලිව්වත් කමක් නෑ අන්තිමට මට සුබ පතලා යන්ඩලා. අදයි මම අවුරුදු දෙකක් තිස්සෙ දත කාගෙන ලියලා ලියලා යාන්තම් 100 වැනි පෝස්ට් එක ලියාගත්තෙ. ඒ වෙනුවෙන් ඔබ සතුටින් තෑගි කරන මුරුංගා අතු, දළු, කොළ, කරල් ඕනැම එකක් හිත සතුටින් බාර ගැනීමට මා ඉත සිතින් සූදානම්!

...........................
* කුඩා දරුවන් මෙය කියවීමෙන් වැරදි නිගමන වලට පැමිණීමට ඉඩ ඇත. එහෙයින් මෙය වැඩිහිටියන්ට පමණක් සීමාකර ඇත.

2012/04/17

අද කාටුන් - 13 - “පතිවත“ චිත්‍ර ප්‍රදර්ශණය දැන් ඇරඹුනා...! | ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ !!! >>>

හැමෝටම කවි ලියන්න, සින්දු කියන්න, සිත්තර අඳින්න බැහැයි කිව්වට ඒක බොරු කරන්න පුලුවන් වෙලාවලුත් එනවා. ඒ වගේ අවස්ථාවක් තමා මේ.

තමන්ගේ හදවතේ බුර බුරා යමක් ගැන ගින්නක් ඇවිලෙද්දි තමන්ට කරන්න බැරි දෙයක් උනත් කොහොමහරි කරන්න එයාට පුලුවන් වෙනවා.

පහුගිය දවසක යූරෝ දෙකේ වීරයාට පොලේ දී වුනු අකරතැබ්බය අලලා ලියැවුනු තනිවම පොලේ යෑමෙන් තරුණයන්ගෙ ‘පතිවත‘ කෙලෙසෙයිද? ලියමන කියවපු බොහෝමයක් අය ඒ ගැන කම්පා උනා. අන්න ඒ වෙලාවේ එයාලගේ හදවතේ බුර බුරා නැගුනු ආවේගය තමා අද ඕගොල්ලන් මේ සිත්තර විදිහට දකින්නෙ........!

හරි පුදුමයි නේද? කවදාවත් සිත්තරයක් අඳින්ඩ බැහැයි කියලා හිතපු අය මෙච්චර ලස්සනට සිත්තර ඇන්දා කිව්වම. දැන් අපට තියෙන්නෙ ඒවා බලන්නයි.

මේ සිතුවම් පෙල ගස්වලා තියෙන්නෙ කාටවත් විශේෂයක් කරන්නෙ නැතුවයි. ඒත් ගැල්ලමයිට මුල් තැන දීම පිරිමි ළමයි වන අප කාගේත් හොඳ පුරුද්දක් නිසා මුල්ම සිතුවම් පෙල ඒ ගොල්ලන්ට වෙන් වෙනවා. සිත්තර මත ක්ලික් කරලා ඒවා ලොකු කරලා ඔක්කොම එක පාර බලාගන්නත් පුලුවනි.

එහෙනම් අපි ප්‍රදර්ශණය ආරම්භ කරමු.

තනිවම පොලේ යෑමෙන් තරුණයන්ගෙ ‘පතිවත‘ කෙලෙසෙයිද?
හෙවත් 
පතිවත චිත්‍ර ප්‍රදර්ශණය 


01. හසිකා හෙට්ටිගේ

02. පොඩි කුමාරිහාමි මැණිකේ

03. නීතා දාස්
(ප්‍රොෆයිල් නොට් ඇවේලබල්, වලව්වේ හිත මිතුරි)

04. කාවින්ධ්‍යා රත්නායක

05. සමීර අබේසේකර

06. අභීත එදිරිසිංහ

07. ඉටලි ඩිලාන්

08. සෙන්නා

09. ඕනමැන්ටල්
(ඕනමැන්ටල් බ්ලොග් ඇන්ඩ් ඕනමැන්ටල් ආට්ස් අධිපති)

10. බිට්ල් බෙයිලි

11. මුහුදු කොල්ලකාරයා

12. ප්‍රියන්ත වෙනිවැල්පිටිය
(ලියන්නා, මුලු දිවයිනටම උපදේශක)

13. චතුෂ තුෂාර කුමාර
(මාරයාගේ හෝරාව)

14. නිශ්
(ප්‍රොෆයිල් නොට් ඇවේලබල්)

15. පොත් ගුල්ලා

16. මකර අධිරාජ්‍යයා

17. හරී

18. ගයාන් තාරක

19. ලකි සිරි
( ප්‍රොෆයිල් නොට් ඇවේලබල්)

20. පැතුම් හර්ෂණ
( ප්‍රොෆයිල් නොට් ඇවේලබල්)

21. සුමින්ද වික්‍රමසිංහ

22. හෙන්රි ඩූඩ්

කෙටි ඊ මේල් ආරාධනයකින් මේ ප්‍රදර්ශණය වර්ණවත් කරන්න, වටිනාකම වැඩි කරන්න, පුංචි අපිව දිරිමත් කරන්න අප හා එක් වූ අපේ සර්,
23. ඉන්ද්‍රනාත තේනුවර
(Photographer, Artist, Photoshop and Photography Tutor, writer, and Graphic Designer



..........................................................

හරි! ඔන්න ඔහොමලු උනේ......!

මොනවද ඕගොල්ලන්ට හිතෙන්නෙ. ලොව නන්දෙස විසිරී පැතිරී සිටින සයිබර් යාය හිත මිතුරන් යූරෝ දෙකේ වීරයාට වුනු අකරතැබ්බය මැනවින් අධ්‍යනය කරලා නේද?

මේ සිත්තර ගැන, මේ ප්‍රදර්ශණය ගැන ඕගොල්ලන්ටත් යමක් කියන්න තියෙනවා නම්, සිත්තර ශිල්පීන්ව, ශිලිපිනියන්ව දිරිමත් කරන්න හිතෙනවා නම්, මේ තියෙන්නෙ ඕගොල්ලන්ගේ වාරේ!

.............................
- මීට යුරෝ දෙකේ වීරයා සහ විදෙස් සිත්තරා.

2012/04/16

අද කාටුන් - 12 - ‘පතිවත‘ චිත්‍ර ප්‍රදර්ශණයට...

සිංහල බ්ලොග් කරුවන්ගේ දෑතින් නිමවුනු චිත්තාකර්ෂණීය සිත්තර රැගත් අති උත්කර්ෂවත් චිත්‍ර ප්‍රදර්ශණය සමගින් හෙට උදයේ 6 ට හමුවෙමු.

...............................
- විදෙස් සිත්තරා.

2012/04/14

අද කාටුන් - 11 - සැඟවුනු අමුත්තා සොයමු !

අලුත් අවුරුදු දවස් වල කරන්න වැඩ එමට තිබුනත්, කෙහෙල්කොටුව පැත්තෙ එන්න අමතක නොකරපු අයට මෙන්න පොඩි තරගයක්. සැඟවුනු අමුත්තා සොයමු.

එහෙනම් වසරේ දැවැන්තම කාටුන් ප්‍රදර්ශණය  “පතිවත“ කාටුන් ප්‍රදර්ශණය සමඟ නැවත සඳුදා උදේ 6 ට හමුවෙමු.

මේ වන විට කාටුන් ප්‍රදර්ශණය සඳහා එකකට එකක් නොදෙවෙනි වූ කාටුන් හෙනට ලැබී ඇත. ඒ අතර,
01. අභීත එදිරිසිංහ මහතා (ටිකක් හිනා වෙවී)
02. බීට්ල් බෙයිලි මහතා (සියලුම අකුරු වැඩ)
03. ඉටලි ඩිලාන් මහතා (ප්‍රවීණ සූපවේදී - වලව්වෙ නිත්‍ය කුක්)
04. ගයාන් තාරක මහතා (අයි ටී වැඩ සඳහා)
05. හරී මහතා (හීනලන්තයේ සිට)
06. හෙන්රි ඩූඩ් මහතා (ජේත්තුකාරයා)
07. මකරා මහතා (මකර අධිරාජ්‍යයේ සිට)
08. මාරයා මහතා (ජනතාවට වේලාව දක්වන්නෝ)
09. මුහුදු මංකොල්ලකාරයා මහතා (පයිරෙට්ස් ඔව් දී අන්දමන්)
10. ඕනමැන්ටල් මහතා (ඕනමැන්ටල් ආට්ස්)
12. පොඩිකුමාරි හාමි මැණිකේ (වලව්වෙ කාන්තා හඬ)
13. පොත්ගුල්ලා මහතා (සිතාගන්ට බෑය)
14. සෙන්නා මහතා (කුරුන්දේ ගවේශක තැන)
15. කාවින්ධ්‍යා නෝනා ( සුදු හංසිලු)
16. ප්‍රියන්ත වෙනිවැල්පිටිය (කාලයේ තාලයට උපදෙස් සපයන්නෝ)
17. සුමින්ද වික්‍රමසිංහ මහතා (විකී ආට්ස්) යන පිරිසගේ කාටුන් දැනටම ප්‍රදර්ශණය සඳහා සුදානම් කර ඇත.

ඔබත් නොපමාව ඔබගේ කාටුනය ඉරිදා සවස 6 ට පෙර යොමු කරන්න. වැඩි විස්තර මෙතැනින්.

...............................
- මීට විදෙස් සිත්තරා.

2012/04/10

තනිවම පොලේ යෑමෙන් තරුණයන්ගෙ ‘පතිවත‘ කෙලෙසෙයිද? | වෛද්‍යාචාර්යතුමනි මට පිළිතුරක් ලබා දෙන්න.!

පොලේ යාම යන වචනය කණ වැකුනු සැනින් මගේ මතකයට එන්නෙ කුඩා සන්දියයි.

"කුඩා සන්දිය" පොල පිහිටියේ අපේ ගමට ටිකක් දුරිනි. එහි යා යුත්තෙ බස් රථයෙනි. පොල ඉරිදා පැවැත්වෙන බැවින් කෙහෙල්කොටුව ගමේ සිට කුඩා සන්දිය වෙත එදිනට විශේෂ ලංගම බස් සේවාවක්ද, ඒ හා තරග කිරීමට ගමේ හයිකාරයින්ගේ "බුටු වෑන්" දෙක තුනක්ද යෙදවෙයි.

පොලේ ගිය විගස වැඩිහිටියෝ මට කූරක ගැසූ බොම්බයි මොටයියෙක් අරගෙන දෙයි.

මා එයින් පසු බොම්බයි මොටයි ලෝකයේ අතරමං වෙන කාලය තුල වැඩිහිටියෝ බඩු ද මුට්ටු ද ගනියි. මෙය කුඩා මා රවටාගන්නා කදිම උපායක් බව වැටහුනේ චිරාත් කාලයකට පසුවය.

ඒ මක් නිසාදැයි කිවහොත්, පොලට ඇතුලු වෙද්දීම මට ලැබෙන බොම්බයි මොටයිය පොලේ බාහිර බලපෑම් වලින් ආරක්ෂා කරගැනීමට මට නොතිත් අරගලයක යෙදීමට සිදුවීමයි. විශේෂයෙන් මා කුඩා දරුවෙකු නිසා ශරීර ප්‍රමාණයෙන් ද කුඩාය. ඒ හේතුවෙන් බොම්බයි මොටයිය පිහිටන්නෙ සාමාන්‍යයෙන්  වැඩිහිටි නැන්දලා මාමලාගෙ ඉණ මට්ටමේය. ඒ නිසා බොම්බයි මොටයිය තෙරපෙන සෙනගගෙන් බේරා ගත යුතුය. එළවලු වල ගුණ දොස් විමසන්නට ඒ දෙසට නෑමී සිටින නැන්දලා මාමලාගෙ පස්සවල් වල එය ගැටීම වලක්වා ගත යුතුය. බොම්බයි මොටයිය යම් කිසිවෙක් දුටුවහොත් ඕනැම කෙනෙක් පාරෙන් පැන එයට ඉඩ දී මා දෙස රවා බලයි. ‍ඒ බොම්බයි මොටයි ඇ‍ඳුම් වල තැවරුනොත් ඒ පැල්ලම ඉවත් කිරීම අපහසු නිසාය.

තවද මේ අරුම පුදුම වස්තුව නිසා පොලේ සිටින සම වයසේ ළමයින්ගේ නොමද ඉරිසියාවට මා භාජනය වේ. ඒ නිසා ළගින් යද්දි එයට අලාභ හානී කරන්නට මාන බලන්නන්ගෙන් එය ආරක්ෂා කළ යුතුය. බාගදා උන්ගේ කෙළ බැල්මෙන් වහන් කල යුතුය. නැතිනම් මට ගෙදර ගිය හැටියෙ බඩේ ගාය අල්ලයි. 

මේ සියල්ල අස්සේ මා එය රස ද බැලිය යුතුය. මේ ගැන අවධානය යොමු කරන්නට සිදු වීම නිසා මට පොලේ ඇවිදින විට "කකුල් රිදෙනවාය, සෙනග අස්සේ තෙරපෙන්නට බෑය, අපෝ දැං ඇති. ගෙදර යං"ය වැනි ඉල්ලීම් කිරීමට අවස්ථාව හා අවධානය නැති වී යයි.

ඉදින් ඒ මුලු කාලය තුලම මා කර ඇත්තෙ, දිවත් උඩු තල්ලත් අතර තැබූ සැනින් අන්තර්ධාන වී යන ඒ අරුම පුදුම රෝස පාට කමකට නැති වස්තුවක් ආරක්ෂා කරමින් සිටීමයි.

ඉන්පසු මා පොලේ ගියේ ගැටවර වියේ දීය. තනිවමය.

ඒ අපොස සාපෙ හා උපෙ ප්‍රතිඵල එනතුරු නැවතී සි‍ටි කාලයයි. ඒ දිනවල මට පොලේ යාමට සල්ලිත්, ගෙන ආ යුතු බඩු ලිස්ට් එකත් ලියා දෙයි. ගැටයා කාලේ පොලේ යාම මානසික වදයකි. පොලේ යාම වනාහී වැඩිහිටියන්ගේ රාජකාරියකි. මා මෙයට ඇඳීමෙන් ඔවුන් කරන්නෙ බලවත් වරදකි. බොහෝවිට පොළට "එහෙටත් මෙහෙටත්" නැති කොලු ගැටයින් එන්නේ නම් ඒ අතලොස්සකි. ලිස්ට් එක පොල මැද දිග ඇරගන්නා මා හට ඉන් පසු සිදුවන අකට‍යුතුකම් බොහෝය.

තනිවම පොලේ යෑමෙන් තරුණයන්ගේ පතිවත කෙලෙසෙයිද?

මේ ගැටලුවට පිළිතුරු සෙවීමට සිදුවූයේ හදිසියේ ඊයේ සවස් කාලයේ මට පොලේ යාමට සිදු වීම නිසයි. ඇරත් තනියෙම!

ඇත්ත වශයෙන්ම කියතොත් මා වැනි කඩවසම් කදිම ඉලන්දාරියෙකුට පොලේ යාම වැනි කටයුත්තක් තරම් නොවේ යැයි මම සිතමි. මොහොතක් සිතන්න. පතෝල, වැටකොලු, මුරුංගා දඬු හිරවී එලියට පනින්න හදන මල්ලක් රැගෙන පැත්තට ඇලවී සිය රථය කරා බඩු මල්ල ඔසොවාගෙන එන කඩවසම් තරුණයෙක්. ඒ වෙන කව්රුත් නොව ඔබගේ ආදරණීය යුරෝ දෙකේ වීරයා නම්. අහෝ බේදයකි. සොරි! ඛේදයකි.

අපේ පොල සඳුදා හවස සිට අඟහරුවාදා දෙක තුන වන තුරු පවතින්නකි. ඒ හේතුවෙන් පොලට එන බහුතරය වන අක්කලාට සහ නැන්දලාට සුවඳ විළවුන් ගා කදිමට සැරසී ඒමට ඉඩ කඩ ඇත. අයියලා බොහෝමයක් ගසා එන්නෙ ආම්ස්කට් හෝ බොක්සිං බැනියම්ය. බැලු බැල්මට සඳුදා රාත්‍රිය වන විට පොල පිටින් සිට බලන්නෙකුට දිස් වෙන්නෙ කානිවල් එකක් ලෙසය. ඇතුලට ගිය විටය, පේන දෙයට වඩා දකින දේ වෙනස් බව වැටහෙන්නෙ.

මම කුඩා කල සහ ගැටවර වියේ පොලේ ගොස් අද්දැකීම් ලබා ඇති නිසා ඉලන්දාරි වයසේ තනිවම පොලේ යාමේ ආදීනව හොඳින් දනිමි.

කෙසේ වුවද හදිසියේ මට පාත් වන මෙවැනි මරාල සියල්ලම වාගේ ලිහා ඒවා සමනය කර දෙන්නෙ හැමදාම වගේ මැරියන්ය. ඈ මෙයටද කදිම උපායක් යෙදීවීය. ඒ ගෙන ආ යුතු බඩු ලිස්ට් එකක් සාදා නවීන පන්නයට ගැලපෙන ලෙස එය ම‍ගේ ජංගම දුරකථනයේ ඩ්‍රාෆ්ට් කර දීමය. මට තිබෙන්නෙ තුන්ඩු කෑලි ඇදගෙන දැඟලීම වෙනුවට මගේ අති නවීන ජංගම දුරකථනය කාටත් පෙනෙන සේ එලියට ගෙන එයින් බලා බඩු මුට්ටු ගැනීමයි. ලිස්ට් එක ඩ්‍රාෆ්ට් කර තිබුනේ මෙසේය.

Ala 1kg
Luunu 1kg
Maiyokka 1kg
Bonchi 500g
Beet 500g
Carrot 500g
Thalana batu 500g
Karawala Jathi 2, Hal Masso 250g
Goraka 100
Kaha kudu 50
Mukunuwanna, Gotukola, Karapincha Mitiya bagin.

වෙලාව පැමිණියේය. මම සවස් කාලයේ පොල වෙත ඇදුනෙමි. වෙනදා මා දැක පුරුදු සියල්ල මට මුල සිටම නුහුරට පෙනෙන්න ගත්තේය.‍

මුලින්ම හමුවෙන මයියොක්කා (ඇත්ත වශයෙන්ම නිවැරදි වචනය මඤ්ඤොක්කා වුවත් මා එය ලියන්න නොදනිමි. එය මගේ වරදක් නොව මේ අධ්‍යාපන ක්‍රමයේ වරදකි.) මාමා මා සමඟ සිනාසුනේ සුහදව උනත් මට එය පෙනුනෙ ඔලොක්කුවට කළ සරදමක් ලෙසය. ඇරත් එතනින් මයියොක්කා ගැනීම ඉබ්බගෙන් අත මාරුවට පිහාටුවක් ගන්නවාට වඩා අමාරුය. මයියොක්කා වල ගුණ දොස් බැලීමට මනාව දෙකට නැමීගෙන සිටින නැන්දලා (ඇත්ත වශයෙන්ම මෙය "ඇන්ටිලා"  විය යුතුය. නමුත් ඇන්ටි යන වචනයේ ධ්වනිතාර්ථයට මා සතුටු නැත.) බොහෝය. ඒ අතරට මා ගොස් පිවිතුරු සිතින් මයියොක්කා කිලෝ එකක් ඉල්ලුවද, අර නැන්දලා මා දෙස බලන්නෙ සෙනග වැඩි බසයකට, ජැක් එකක් අතින් ගෙන ගොඩවූ ටින්කර් බාස් කෙනෙක් දෙස බලන්නාක් මෙන් දවා හලු කරන බැල්මකි.

අනෙක් අතට ජංගම දුරකතනය බලාගෙන එළවලු ඉල්ලීමද සිතූ තරම් ප්‍රා‍යෝගික නැත. එක අතකින් බඩු මල්ල ගෙන අනිත් අතින් දුරකතනයේ ඇති එළවලු වල අපබ්‍රන්ස සිංග්‍රිසි නම් සිංහලට පෙරලමින් සිටිය දී තිරය නිවී යයි. නැවත එය පත්තු කර මෙතැනින් ගත යුත්තේ මේ සෙට් එකය යන්න නිර්ණය කර එළවලු ඉල්ලීමට ලැස්ති වෙන විට මට පිටුපසින් හෙන ට්‍රැෆික් ජෑම් එකක් හැදි තිබේ. ඒ ගොල්ලන් " බලන්ඩ අනේ මුගේ තියෙන මෙව්වා කම" කියලා එකිනෙකාට පවසමින්මගේ පිටට යවුල් පහර දෙක බැගින් දී එතනින් අමාරුවෙන් පාර පනියි.

කරෝල ගැනීමේ දී මට තවත් සුලු අකරතැබ්බයක් විය. ඒ සුවඳ මාරු වීම නිසාය.

කරෝල ගැනීමේ දී සැලකිය යුතු මුලික කාරණා දෙකක් හා අනුකාරණා රාශියකි. ඒ ගැන මට මුලින් උපදෙස් දී තිබුනි. කරෝලයා බැලූ බැල්මට වියලි පෙනුමෙන් සිත ඇද ගත යුතුය. දෙවැන්න එයට නැහැය ලං කර බැලීමේ දී අමු‍වෙන් උනත් කෑමට සිතෙන සුවඳක් එයින් විහිදිය යුතුය. ඒ පරීක්ෂණ දෙකෙන්ම  කරෝල යාලුවා පාස් වූ පසු අනුකාරණා සලකා බැලේ. ඒවා නම් උෂ්ණාධික කරෝල වර්ගයක් නොවීම, කෑවායින් පසු කට කාරවා නොයෑම, පොත්ත අඩු මස් වැඩි ජාතියක් වීම, ඔලුව කුඩා හෝ ඔලුවක් නොමැති ඇඟ ලොකු උන් වීම ආදියයි.

ඉදින් මේ සියල්ල සලකා බැලූ මට එක් දෙයක් අමතක වී ඇති බව පසක් විය. ඒ සුවඳ බැලීමයි. මම කරෝල යාලුවා නැහැයට ලංකොට සුවඳ බැලීමි. එවිට මට ආවේ පිච්ච මල් හා ඉංග්ලිෂ් රෝස් මල් සුවඳින් සුවඳවත් වූ කදිම ලැවැන්ඩ සුවදකි. මා ඒ රසය උරාගෙන කරෝල අයියාගෙන් කෝචෝක් ස්වරයෙන් මෙසේ ඇසීමි. "ඕගොල්ලන් මේ කරෝල පිච්චමල් වතුරෙන් හෝදලද වේලන්නෙ?". එවිට කරෝල අයියා මුකුත් නොකියා නිකං සිටි අතර, අසල තක්කාලි තෝරමින් සිටි නැන්දා කෙනෙක් "ආ... උඔලගෙ කෙල්ලොන්ට විතරයි සෙන් පවුඩර් ගහලා පොලේ එන්ඩ පුලුවන්..... අපි ගහපුවාම තමා උඔලට අමාරු නේ" කියාගෙන ඇයගේ දැවැන්ත පස්චාත්තියෙන් මට ඇනගෙන යන්ට ගියාය.

ඒ සියල්ල විද දරාගෙන සිටි මා, මද අස්වැසිල්ලක් සොයා සරුවත් කඩේ පැත්තට ඇල්ලුවෙමි. සරුවත් කඩේ වනාහි පොලේ මුල්ලක පිහිටි, පොඩි ආවරණමය ගතියක් ඇති නිදහස් තැනකි. රුපියල් 40/- දී සරුවත් එකක් ගෙන අර ආවරණමය පෙදෙසට වී ඕනෑ නම් පොඩි ස්ටූලයක ඉඳගෙන එය පානය කල හැකිය. එයින් මගේ ආතතිය සමනය වේ යැයි මම සිතුවෙමි.

මම සරුවත් කෝප්පක් ගෙන එයින් උගුරක් බොමින් මෙතෙක් සිදු වූ සියල්ල ආවර්ජනය කරමින් අර ආවරණමය පෙදෙසට ගියෙමි. අවාසනාවක මහත! එහි වැඩිපුර සිටියේ බඩු ගන්න ආ කාන්තා පක්ෂයේ අයයි. අවාසනාව එය නොවේ. කාන්තා පක්ෂයේ මුහුණු අතර මට දැක පුරුදු මුහුණු ගණනින් දෙකක් විය. ඒ අපේ පුංචි ඉස්කෝලෙට (ඇත්ත වශයෙන්ම Star Kids Academy - ගෙදර වගේ කැමති විදිහට ‍ලේසි විදිහට ඉගෙන ගන්න එන්න.) එන ග්ලෝරියා දැරිවිගේත්, එහන්සා දැරිවිගේත් අම්මලාගේ මූණුය. දරුවන් ද අලිගැට පේර බොමින් ළඟ ළඟම සිටිති.

මා දුටු පමණින් ඔවුන් මට අසීමිත ගෞරව සම්ප්‍රයුක්ත බවක් දක්වමින් හුනස්සෙන් නැගිට්ටෝය. පොඩ්ඩෝ "අර අපේ සර් යැ"යි (ඇත්ත වශයෙන්ම මම සර් කෙනෙක් නොවෙමි. මැරියන් ටීචර් වූ දිනම ඇගේ ගෝලයන් විසින් මා සර් තනතුරට උසස් කරනු ලැබීය.) තම යහලුවන්ට හදුන්වාදෙයි. මට මහත් අපහසුතාවයක් දැනුනි. මට සිතුනේ, මා බඩු මල්ලක් අතින් ගෙන නිර්වස්තරයක් ඇඳගෙන ඔවුන් ඉදිරියේ කස කසා ඇට දැමූ සැකරින් වීදුරුවක් පානය කරන තකතීරුවෙකු ලෙසය. මට එතනින් චුත වීමට හැකි උනානම්!

ඇත්ත වශයෙන්ම තනිවම පොලේ යාම ඛේදවාචකයකි. ඩබල් දමා යන්නේනම් එය සැබෑ ආනන්දයකි.

ඉදින් තෙරපෙමින්, ඇනෙමින්, වදිමින්, දවා හලු වෙමින්, නැවත හරියමින්, සුවඳ උරමින් ආදී එකි නොකී මහත් වූ කෝලාහලයන්ට මුහුණ දෙමින් මා එදින පොලේ යාම අවසන් කලෙමි.

කෙසේ හෝ එක දෙයක් මා කිව යුතුය. එදා පොලේ නැන්දලා පොඩ්ඩ බැරිවන විට මා දෙස බැලුවේ, කුඩා කළ මෙන් මම පිටිපස්සෙන් ගොස් ඔවුන්ට බොම්බයි මොටයියෙන් ඇන්නා වැනි බැල්මකිනි. සිදූ වු කලබගෑනි නිසා මට බොම්බයි මොටයිය තබා, බොම්බයි මොටයියට ගසන කූර ගැනවත් ඒ අවස්ථාවේදී මතක් නොවීය.

අවසාන වශයෙන් මම‍ මෙසේ කියමි.

පිරිමින් වන අපට කවදාවත් පතිවත සුරැකිය නොහැකිය. ඒ මක්නිසාද යත් අප පිරිමින් වන බැවිනි. අපට සුරැකිය හැක්කෙ බඹසරයි.

ඉදින් එය රැකී ඇද්දැයි සොයන්නෙ කුමන ක්‍රමවේදයෙන්ද? එයට ක්‍රමවේදයක් තිබේද? බඹසර බිඳුනත් එය බිදී ඇත්තෙ මගේ වරදින්ද? පොලේ දී සිදූ වූ සිදුවීම් වලින් මගේ බඹසර වලට මෙව්වා වී ඇත්ද?

වෛද්‍යාචාර්යතුමනි, මට පිළිතුරක් ලබා දෙන්න. (ඇත්ත වශයෙන්ම මේ මොහොතේ සිට ඕගොල්ලන් සියලු දෙනාවම මම වෛද්‍යවරු තත්වයට උසස් කරමි.)

.............................
- මීට අසරණ යුරෝ දෙකේ වීරයා.

බිඳිලද නැද්ද කියා ශුවර් නැති නිසා මා මානසිකව ඇඳවැටී අත උලුක්කු වී ඇත. ඒක නිසා චිත්‍ර ඇඳීමට නොහැකිය. ආදරණීය මිතුරනි, මගේ සිත හැදෙන්න මෙයට ගැලපෙන චිත්‍ර කිහිපයක් ඇඳ හැකි ඉක්මනින් එවන්න. මම ඒවා "අද කාටුන් - 11" තුලින් ප්‍රචාරය කර මේ ඔක්කොම අමතක කරලා දමමි.

චිත්‍ර ඇඳ එවීමේ කොන්දේසි -

  • වයස අවුරුදු 6ට වැඩි ඕනෑම අයෙකුට මෙයට සහභාගි විට හැකිය.
  • චිත්‍ර එවීමේදී ඊ මේලයට ඇටෑච් කර සබ්ජෙක්ට් එකට CYC යනුවෙන් නම් කර එවන්න.
  • චිත්‍ර ඇඳීමට ඕනෑම මාධ්‍යක් භාවිතා කළ හැකිය. වැල්ලේ ඇඳ පොටෝ ගසා එව්වද කම් නැත.
  • නිරුවත් හෝ අසභ්‍ය දර්ශන ඇතුලත් චිත්‍ර ඉවත් කරනු ලැබේ. කලාත්මක නම් කමක් නැත.
  • චිත්‍ර භාර ගැනීම 14 වෙනි ඉරිදා සවස 6 න් අවසන් වේ. 
  • චිත්‍ර ප්‍රදර්ශණය "අද කාටුන් - 11" යටතේ ඊලග සතියේ සඳුදා උදෑසන 6 ට ආරම්භ වේ.
  • ඔබගේ වටිනා නිර්මාණ cyberlipi@gmail.com යන ලිපිනයට එවන්න.

වැදගත්-
  • මෙය එදා මෙන් චිත්‍ර තරගයක් නොවේ. චිත්‍ර තරගයක් පැවැත්වීමට තවමත් කල් මදිය.
  • මගේ අතින් කාටුන් වුනු අයට මෙය කදිම අවස්ථාවකි. 
  • නිවාඩු දිනයන් තුන හතරක් එන නිසා අඳින්නට වෙලාවක් වෙන් කර ගැනීමට හැකිවේ යැයි සිතමි.
  • ඔබට සාර්ථක චිත්‍රයක් ඇඳ එවීමේ හැකියාව ලැබේවා! මට එය සාර්ථක කර ගැනීමට ලැබේවා!   
 මේ අලුත් අවුරුද්දට කලින් එන අන්තිම ලිපියයි.  
.........................
 
  සයිබර් යායේ රසික පිරිසට සුබ අලුත් වේවා. නිවාඩු කාලය සතුටින් ගෙවන්න හැකිවේවා!  
 
         

2012/04/06

අද කාටුන් - 10 - බුදුරජාණන් වහන්සේ....! | පෝය ඩේ ස්පැෂල්.

බුදුරජානන් වහන්සේ මේ ලොව පහල වු අති උත්තම පුරුෂ රත්නයය.

ලෝභ, ද්වේශ, මෝහ අකුශල ධර්මයෝ සපුරාම නැසුවා වූ නික්ලේශී උතුමන් අතර අග්‍රතමයාණෝය. සසර පුරා මනා කොට වඩනා ලද බුද්ධ කාරක පාරමී ධර්ම හේතුවෙන්, කලාගාරයක් බඳු වූ, දුටු දුටුවන් මන බඳනා පෞරුෂයෙන් යුත් රූ සිරින් හෙබි සිරුරක් දැරු මහා පින්වතාණෝය. සිංහයෙකුගේ බඳු ප්‍රෞඩ ගමන් ඇති, අනතුරු හමුවේ නොසැලෙන අභීතයාණෝය. බුද්ධත්වයට පත් වී හතලිස් පස්වසරක් පුරා තමන්ට කියා මොහොතක් වෙන් කර නොගනිමින්, නිදි සුව ලැබීම ද දෙපැයක් වන් සුලු කාලයකට සිමා කොට සියලු දෙව් මිනිසුන්ගේ අවුල් තැවුල් වලට අකාලික වූත්, ප්‍රායෝගික වුත්, සර්ව සාධාරණ වූත් දහම් විසඳුම් පෙන්වා දුන් උත්තමයාණෝය.

බ්‍රහ්ම ස්වරයෙන් ද, ඔපවත් වූ මනා වූ ස්වර ගලපා සඳහම් අමා වැසි වැස්ස වූ සුමධුරයාණෝය. මනු ලොවද, සදෙව් ලොවද ඇතිතාක් සුවඳ මනහර මලින් පුදන්න එකම සුදුස්සාණෝය. ලොව ඇති තාක් මිහිරි සුවඳ දුමින් පුජා කරන්නට සුදුස්සාණෝය. සක්වල ගබ පුරා මිණි පහන් දල්වා ආලෝක පූජා කරන්නට  සුදුස්සාණෝය. මධූර වු අග්‍රභෝජන පූජා කරන්නට සුදුසු උත්තම ප්‍රතිලාභියාණෝය.

“බුද්ධ“ යන වචනයෙන් පවා චිත්ත සංතානයක නිතර සිහි කරන්නට ශ්‍රේෂ්ඨ වූ මිහිරාණෝය. අප චිත්ත සන්තානයට නිතර වැඩමවා ගන්නට සුදුසුකම් ඇති අග්‍රතර නිකෙලෙස් පිවිතුරාණෝය. අග්‍ර වෙදැඳුරාණෝය.

කවරාකාර හෝ දුකක් ඇතොත් කියන්නට සුදුසු හිතෛෂිවන්තයාණෝය. ජීවිතයේ දුක් දොම්නස් දුරළන්නට සරු උපදෙස් දෙන කළණ මිතුරාණෝය. උත්පත්තියද අති උත්තම වූ පරිනිර්වාණයද අති උත්තම වූ පින්වන්තයාණෝය. දුන් දේ වෙනුවෙන් තුති පිදුම් ද ගැතිකම් ද යාදිනි ද ඉල්ලා නොසිටින මහත්මා බවින් පිරිපුන් අග්‍රස්ත මහතාණෝය.

බුදු රුව දෙස බලා සිත පහදවා ගත් පමණින් ද, සුමධුර වූ හඬ අසා සිත පහඳවා ගත් පමණින්ද දෙව් මිනිස් සැප අත්පත් කර දෙන පරම ජීවිතාරක්ෂකයාණෝය. දමනය කළ නොහැකි මිනිස්, දේව, යක්ෂ, නාග, බ්‍රහ්ම යනාදී නානා විධ මානයෙන් උඩගු වූවන් මනා කොට දමනය කළ බලවතාණෝය. හාස්කම් වසුරු පිඩක් සේ ඉවත ලූ, සුමධුර ධර්මයෙන් ම ජිවිතාවබෝධය ලබා දුන් පියාණෝය.

ස්වකිය විශිෂ්ඨ ඥාණයෙන් අවබෝධ කරගත් ධර්මයෙන් සහශ්‍රී ලෝක ධාතුවටත්, ඉන් ඔබ්බටත් දහම් අමා වැසි වැස්සවූ ශ්‍රීමතාණෝය. “බුද්ධ“ යන වචන මාත්‍රය සිහි කලත් සියලු ආරක්ෂා ගෙන දෙන්නා වූ අති උත්තම ආරක්ෂකයාණෝය. විශ්වයේ කිසිඳු ශාස්තෘවරයෙකුට නොමැති “යමාමහ පෙළහර“ පාන හැකියාව ඇති, රජුන් අතර මහෝත්තම රජූ වූ බුදු රජාණෝය.

මහා බල ඇති රහතන් වහන්සේලා සතර නමක් විසින් කල්පයක් පුරා කියන ලද ද, කල්පය අවසන් වුවත් අවසන් කළ නොහැකි ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ රුව මම කෙසේ සිත්තම් කරන්නද?

බුදු රජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ මෙනෙහි කරමින් බුදුරුව සිතේ සිත්තම් කරගන්නවා මිස.....!


 .................................
- මීට විදෙස් සිත්තරා
(ඇසුර - චන්දන බණ්ඩාර මහතා - සදහම් දේශක, සදහම් ලේඛක)

2012/04/02

මෙන්න Big Mad Pill උණු උණුවේ ඩවුන්ලෝඩ් කරගන්න. | සයිබර් යායෙන් !

කියවන විට සිංහල ලියවෙන සුපිරි මෘදුකාංගය ගැන මම ඊයේ ඕගොල්ලන්ට කිව්වා. සමහරු ඊයේ අප්‍රේල් පළමු වැනිදා හින්දා තරමක් සැකයෙන් මේ ප්‍රවෘත්තිය දිහා බලලා තිබුනේ.

ඊයේ ඒ ගැන දැන ගන්ඩ ලැබුනෙ නැතිනම් කරුණාකරලා ඒ ලිපිය කියවලා ආවොත් මේ වැඩේට වඩා ලේසියි.

බීටලේ නම් දැක්කෙ මලයගෙ පොටෝ එක පසු බිමේ The Future Today කියලා තියෙනවලු. ඒක හන්දා මිනිහට සොෆ්ට්වෙයා එක එපාලු.

අනිත් අය කියලා තියෙන දේවලුත් මේ වෙද්දි මට කට පාඩම් වෙන තරමට හුරු වෙලා තියෙන්නෙ. හුඟක් අඳුරන මුණු එක්කලා අලුත් අයත් හරි හරියට එතන හිටියනෙ. 

පැතුම් හේරත් අහලා තිබුනා “අර මායා බන්ධන ඇඳුම හදපු එකයි, අකුණු පෙන්නපු කතාවයි ඔක්කොමත් බොරු ද, නැත්නම් රටින් ආපු සොෆ්ට්වෙයාර් එක විතර ද බොරු?“ කියලා.

ඒ ගැන වචනයක් කියලා හිටියොත්, මලයා මට නම් විශේෂ ඩයල් එකක්. මූලික දේ පොර මාර ස්පීඩ්. පොඩි කාලේ ගෙනල්ලා දූන්නු ජෝයිස්ටික් වලින් පොරට ඇත්තටම ගේමක් තිබුනේ නෑ. ලෙවල් එක නැට්ටටම දැම්මත් ඒ වේගෙට කලින් පොරට හිතලා ගේම ගොඩ දාගත්තැකි වට දෙක තුනක් යද්දි.

අර කියපු විදිහට මිනිහගෙ මදර් බෝඩ් එක හැදිලා තියෙන්නෙ අලුත් දේවල් වලටමයි. මායා බන්ධන ඇඳුම, අකුණු මැසිම වගේ දේවල් කොල්ලා හැදුවේ හෙන ම පොඩි දවස්වල. ටිකක් ලොකු උනාම ඇන්කර් පෙට්ටි රේඩියෝ, ටොපි මැසිම වගේ ජිල්මාට් කෑලි සෑහෙන්ඩ හැදුවා. තාත්තා අයින් කරන රේඩියෝ, ටීවී, සෙලියුලර් ෆෝන් වලින් කෑලි ගලෝගෙන ඇවිල්ලා මොකක් හරි ජල්බරියක් දාලා වෙනම ගැජමැටික් එකක් හදනවා. ඒවා පෙන්නද්දි ලඟට ගිහිං අල්ලලා කරලා බලන්ඩත් බයයි අත හපයි කියලා. මම බයේ උන්නෙ ඔහොම හදපු ජිමික් එකකට වෙලාවක පණ ඇවිල්ලා අපි සේරෝම දෙනාව කාලා දායි කියලා.

ඉදලා හිටලා මිනිහටත් වැරදුනා. එහෙම තමා අලුත් දේවල් හොයාගන්න යන ගමනේ දී. එදා කොල්ලා ලැබ් එක විදිහට යොදාගෙන තියෙන්නෙ තාත්තගෙ බැටරි චාජ් කරන කඩේ. කරගෙන ආපු පරීක්ෂනේ පොඩ්ඩක් එහෙ මෙහෙ වේලා මුලු බැටරි කඩේටම ගිනි ඇවිලුනා මෙහෙම කරද්දි.

කොහොමහරි දැං කොල්ලා වැඩ කරන්නෙ බීටලේ හොයා ගත්තු විදිහට The Future Today කොම්පැනියේ. මූණුපොතේ මිනිහගේ අන්වර්ථ නාමෙනේ ඔය Big Mad Pill කියන්නෙ. ඒ උනාට කොල්ලා ඔය වැඩ කරන තැන ගැන හිතලා බලද්දි එතන පොඩි කොස්සක් තියෙනවා කියලා මට කොච්චරවත් හිතෙනවා. මිනිහා දැන් කරන වැඩ කොටස දැන උගත් ඕනැම පොරකට කරන්න පුලුවන්. ඒ උනාට අරවගේ ජිමික් ඔලුවක් හැමෝටම පිහිටන්නෙ නෑ. ඒකයි!

ඒ කතාව ඉවරයි. එහෙනම් මෙන්න ඕගොල්ලන්ට වැදගත් ටික.

Big Mad Pill!

ඕක ඕන කට්ටිය අදහස් ලියලා යන්ඩ කිව්වම, සමහරු කෙලින්ම ඕක එපා කිව්වා. ඉතිං ඒකත් අදහසක්නෙ. සමහරු මගේ උපන්දිනේ කියලා සුබ පැතුවා. ඉතිං ඒකත් අදහසක්නෙ. ඔය විදිහට විවිධ කට්ටියගෙ විවිධ අදහස්. සමහරු කෝකටත් කියලා සද්ද නැතුව ගිහිං සඳුදා අටට එන්නත් හිතාගෙන ඇති.

ඒක නිසා තෝරා බේරාගැනීම ලේසි නෑ. අනික අපි හිතුවෙ මේක කොහොමත් නොමිලේ දෙන්නනෙ. ඒක නිසා තේරිලි බේරිලි ඕනේ නෑ. ඔක්කෝමලා ඩවුන්ලෝඩ් කරලා ම බලන්න.

හැබැයි මතක ඇතුව ඕක මෙව්වා කරලා ගුණ දොස් කියලා යන්ඩ නම් අමතක කරන්ඩ එපා. ඒකයි මේවගේ තැනකදී අපිට වැදගත් වෙන්නෙ.

එහෙනම් ආයෙත් දවසක හමුවෙමු. මෙන්න ලින්ක් එක.


.....................
- යූරෝ දෙකේ වීරයා.

2012/04/01

සිංහල බ්ලොග් කරුවෙක්ද? මෙන්න කියවන විට සිංහල ලියවෙන සුපිරි මෘදුකාංගය උණු උණුවේ.....!

සාමාන්‍යයෙන් මම ඉරිදට පෝස්ට් දා‍න්නෙ නෑ. විශේෂයෙන් තාක්ෂණික ලිපි ‍කොහොමත් මම දාන්නෙ නෑ. මොකද මම ඒ ගැන දන්නෙ නැති හින්දා.

ඒත් සිංහලෙන් බ්ලොග් ලියන අයට විශේෂ වැදගත් කමක් තියෙන දෙයක් ගැන කියන්න හින්දයි මම‍ මේ ලිපිය දාන්නෙ.

මේ කියන්න යන්නෙ බ්ලොග් කරුවන්ට සුබ ආරංචියක්!!!

මෙච්චර කල් ඕගොල්ල ඇඟිලි ගෙවෙනකල් සිංහලෙන් ටයිප් කරපු කාලේ අදින් ඉවරයි. මේ කියන්නෙ ඒ ගැන විස්තරේ. 

මීට අවුරුදු දෙකකට විතර කලින් අපේ මලයා කෙනෙක් ගියා Malaysian Institute of Information Technology එකට වැඩිදුර ඉගෙන ගන්න. මිනිහට ලැබුනේ ශිෂ්‍යත්වයක්. පොඩිම කාලේ කෙහෙල්කොටුවේ ගමේ ඉපදිලා, මූලික අධ්‍යාපනය කෙහෙල්කොටුවේ ඉස්කෝලෙන් ලබාගෙන පොර පහේ ශිෂ්‍යත්වේ පාස් උනා. ඒ නිසා අපිට පුලුවන් උනා පොරව අපි ගිය ඉස්කෝලෙට ඇතුලත් කරලා වැඩිදුර උගන්වන්න අපේ ගෙදර නවත්වගෙන. 

මෙන්න ඩයල් එක
පොරගේ තාත්තත් ගැජමැටික් පැත්තට බර කෙනෙක් හින්දා ‍පොරටත් ඒ අංශෙට බර මදර් බෝඩ් එකක් පිහිටලා තිබුනා. කොල්ලා මුලින්ම හැදුවේ මායා බන්ධන කතාවේ එන අශ්කගෙ බල ඇඳුම. ඒකෙන් ගිනි බෝල විදින්ඩ බැරි උනාට අත් දෙක එකට ලං කලාම ගිනි පුලිගු පැන්නා. දවසක් ගිනිපෙට්ටියෙන් නව නිර්මාණයක් කරන්ඩ ගිහිං කොල්ලා එයාගෙ තාත්තාගේ බැටරි කඩේට ගිනි තිබ්බා. ඒ ගැන පස්සෙ කතා කරමුකෝ. කොහොම හරි පොඩිම කාලේට ඒ මදෑ! 

ඊලගට පොර හැදුවේ අකුණක් කොහොමද ඇති වෙන්නෙ කියන එක පෙන්නුම් කරන අටමගලයක්. ලෑලි කෑල්ලක් උඩ ස්පෝක් කම්බි දෙකක් හිටෝලා මොකද්ද මන්දා කරද්දි එක පාර මෙහා කණුවෙන් එහා කණුවට "චිටිස්" ගාලා අකුණක් වදිනවා. පොර කණු දෙක මැදින් තේ හදන හැන්ද මට අල්ලගන්ඩ කියලා අකුණක් ගැස්සුවා මගේ අතටත්. මගේ අතම හිරි වැටිලා ගියා. ඒවා කලෙත් පොර හයේ දි හරි හතේ දි හරි. 

දවසක් තිබුනා අපේ ඉස්කෝලෙ පොලක්. පොර ඒකට හදාගෙන ගියා ඇන්කර් පෙට්ටියෙන් රේඩියෝ එකක්. ජාති ජාති වයර් අස්සට දාලා සතියක් විතර ඔට්ටු වෙලා. මිනිහා ඒක පෙන්නලා හොඳ ගානක් කපා ගත්තා. එතකොට මම ඒ ලේවල්. කොල්ලා මහන්සි නොබලා මටත් හදලා දුන්නා නියම ජිල්මාට් එකක්. ඒකට රුපියල් 5/- ක් මෙහෙන් දාපුවාම එහෙන් හැක්ස් ටොපියක් වැටෙනවා. ඒක මම ප්‍රාතමික අංශෙ පැත්තෙ ගිහිං අටවාගත්තා. එදා පොඩි උන් පොරකෑවා සල්ලි මෙහෙන් දාලා එහෙන් ටොපිය ගන්ඩ.  උන්ට වටිනාකම අවුලක් නෑ. ටොපිය වැටුන නම් ඇති.

කොහොමහරි මිනිහා එහෙ ගියාට පස්සෙ කෘතගුණ සැළකීමක් හැටියට මගෙන් ඇහැව්වා මොනාද කෙරෙන්න ඕනෙ කියලා. අන්න ඒ අවස්ථාවෙදී තමා පින්වතුනි මම මං ගැන විතරක් හිතන්නෙ නැතුව සියලු සිංහල බ්ලොග් කරුවො ගැන ම හිතලා මිනිහට මේ විදිහේ යෝජනවාක් ගෙනාවේ.

"මේකයි මල්ලී, මට පුලුවන්නම් හදලා දෙන්නකෝ සිංහලෙන් කියවද්දි, ඒක ටයිප් වෙන ගැජට් එකක්".

ඕක කිව්වම මිනිහා ඔලුවේ අත ගහගත්තා. ඉංග්‍රිසි බාසාව වෙනුවෙන් නම් ඕන තරම් ඔය වගේ දේවල් තිබුනට මම දන්න තරමින් ඔය වගේ සිංහල ටයිප් වෙන ගැජමැටික් එකක් තාම නෑ.

ඒ උනාට මිනිහට පුලුවන් යැයි මගේ කීමක් අහක දාන්ඩ. මම ඇවිල්ලා පොරව ඇහේ මූණෙ තියාගෙන අදාගත්තු අයියණ්ඩි වෙච්චි! 

අන්න ඔහොමයි සිංහලෙන් කියවද්දි, සිංහල යුනිකෝඩ් අකුරු ටයිප් වෙන මෘදුකාංගයේ ඉතිහාස කතාව.

කොහොම හරි මිනිහා හැදුව සොෆ්ට්වෙයා එකට නම දාලා තියෙන්නෙ Big Mad Pill කියලා. නම නම් ටිකක් අවුල් තමයි. නම වැටෙන්නෙ ඉතිං හදන මිනිහගේ කැමැත්තටනේ.

දැං අපි බලමු Big Mad Pill මෘදුකාංගයේ පහසුකම් ‍මොනවද කියලා.

Big Mad Pill ‍ගේ මූලිකම හැකියාව තමා අපි මයික්‍රෆෝනයක් ආධාරයෙක් යමක් සිංහලෙන් කියද්දි ඒක සැනින් එසැණින් සිංහල යුනිකෝඩ් අකුරු වලට පෙරලන එක. මේකෙ තියෙන තවත් සුවිශේෂි හැකියාවක් තමයි අපේ ශබ්ධ ද්වනිය තේරුම් අරගෙන වාක්‍යයේ අවසානයට එන්න ඕන විරාම ලක්ෂණය ස්වයංක්‍රීවය යෙදීම. තවත් පහසුකමක් වෙන්නෙ Delete  හරි Backspace හරි කියලා Shift යතුර ඔබාගෙන සිටින තාක් ආපස්සට හරි ඉස්සරහට හරි ලියපු දේවල් මැකීගෙන යන එක.

Big mad pill මෘදුකාංගයේ ස්ක්‍රීන් ෂොට් එකක්
ඔය ඔක්කොම දේවල් පැත්තකින් තියමුකො. 

Big Mad Pill අද කාලෙට ගැලපෙන ප්‍රධානම හේතුව ඒක නෙමේ. මෙය ක්‍රියාත්මක කරන්න ස්ටූඩියෝවක් ඇතුලේ වගේ නිහඬ බවක්වත්, හොඳ තත්වයේ මයික්‍රෆෝන හරි කම්පියුටර් හරි ඕන වෙන්නෙ නෑ. 

අපි හිතමු ඕගොල්ලෝ වාහනයේ තනියෙම ගමනක් යමින් ඉන්නවා කියලා. නැත්තම් දුම්රියක තනියෙන් යනවා කියලා. අන්න එතකොට ඕගොල්ලන්ට පහලවෙනවා නේද බ්ලොග් ලියන්න සිතුවිලි. ගැල්ලමයිට තමයි මේක වැඩිපුර වෙන්නෙ. අන්න එතකොටම ඕගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඕගොල්ලන්ගෙ ජංගම දුරකතනයේ රෙකෝඩින් පහසුකම ක්‍රියාත්මක කරලා ඕගොල්ලන්ට හිතෙන දේ කියන්න. පස්සෙ ඒ ඔක්කොම mp3 හඬක් විදිහට සේව් කරලා Big Mad Pill හරහා නැවත වාදනය කරන්න. ඕගොල්ලන් පුදුම කරන ගමන් ඕගොල්ලන්ගෙ හඬ අකුරු බවට පෙරලෙයි බලාගෙන ඉද්දිම.

ඇත්තම කියනවනම් හොඳම දේ ඒක නෙමේ. මේකයි. මේ අලුත්ම අලුත් සොෆ්ට්වෙයා එක අපි ඕගොල්ලන්ට දෙන්නෙ සම්පූර්ණයෙන් නොමිලේ. එහෙම තමයි අපි! 

හැබැයි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් හැටියට මම මේක මුලින්ම දෙන්නෙ සයිබර් යායේ රසිකයන්ට විතරයි. ඔබත් සයිබර් යාය ලුහුබඳින්නෙක් හරි නිතර දෙවේලේ යන එන කෙනෙක් නම් ඔබට මෙය නොමිලේ හිමිවෙනවා. අද උනත් ඒකට පරක්කු නෑ.

අද දවසේ ඔබගේ වටිනා අදහස් සටහන් කර ගියායින් පසුව සඳුදා උදෑසන 8 වෙන කො‍ට ඔබට මෙම මෘදුකාංගය බාගත කරගැනීමේ යොමුව ලැබෙයි. මතක ඇතුව Subscribe by Email උ‍ඩ ක්ලික් කරලා යන්ඩ.

සඳුදා සිට කීබෝඩ් වලට නිවාඩු දෙමු. Big Mad Pill රජ කරවමු! 

................................
- මීට යූරෝ දෙකේ වීරයා.

ප/ලි -  මේ තොරතුර දැනගත්තු වෙලාවෙ ඉඳලා හදවතේ බුර බුරා නැගුණු ආවේගය නිසයි අද ලියමන හදිස්සියෙ දැම්මෙ. ඒක හින්දා ඊයේ ඇඳපු මාතලන් ගොයියගේ සිත්තරේ යට යනවා. ඕන්නං ඒකත් බලලා යන එකයි තියෙන්නෙ. මේ තියෙන්නෙ ෆාර.

ප/ප/ලි -
අප්‍රියෙල ‍02 වෙනිදා උදේ 11.00 ට ඇතුලත් කරන ලදී.

මෙතනින් ගිහිල්ලා Download ලින්ක් එක ගන්න. >>>

Related Posts Plugin for WordPress, Blogger...