යාලුවෝ කිව්වම ඉතිං වයිවාරන්නයි!ඒ ඒ යාලුවෝ ආශ්‍රය කලාම ඒ ඒ පල විපාක.මේ ඉන්නෙ මට හිටපු යාලුවොන්ගෙන් ටික දෙනෙක්.දෙයියාඅපිත් එක්ක එකටම වගේ කල්දේරම් බත කන්න එක්කහු වෙච්ච කෙනෙක්. ආපු දවස් වල කිව්වෙ බණ්ඩාරවෙල කියලා. පස්සෙ පස්සෙ හීල්ඔය උනා. කොළඔට පය තියන්න කලින් නිවිච්ච මිනිහා. ආපු දවස් වල රෑ නිදා ගන්න කලින් පන්සිල් ගත්තා. කුණුහරප එහෙම කිව්වෙ නෑ “පිරිහෙයි” කියලා. හැම පෝයමට ගංගාරාමේ පන්සල් යනවා. එන ගමන්...