2010/04/30

සයිබර් යාය වසා දැමේ | සතුටින් සමුගන්නෙමි!

ඔන්න අදත් මම සුපුරුදු පරිදි ආවා. ඒත් අද කතන්දර නෑ. අර උඩින් තියෙන හෙඩිමට අනුව ''සයිබර් යාය වසා දැමේ!'' කියලා කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.

ඒකට හේතු ගොඩයි.

මගේ සයිබර් යාලුවෝ කීප දෙනෙක් දන්න පරිදි මට දැන් කරන රස්සාවට අමතරව සංස්ථාවක් හිමිවූනා. ලැබුනු සංස්ථාව ගැන අපේ සයිබර් යාලුවෝ සමහරක් නං දැනමටත්දන්නවා. දැන් ඉතිං ඉදිරියේ දී ඒ සංස්ථාවේ වැඩ කටයුතුත් මට කරන්න වෙනවා.

ඔය සංස්ථාවේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න මැයි මාසේ 1වෙනිදා ඉදලා මාසයක විතර කාලයක් ''මැලේසියාවේ'' සංචාරය කරන්න අවස්ථාවක් මට ලැබුනා. ඒක හින්ද හෙට ''අර්ලි ඉන් ද මෝනිං'' මම කටුනායකින් මැලේසියාව බලා පිටත්වෙනවා.

අන්න ඒ හේතුව හින්දා මට ''සයිබර් යාය'' වහලා ​දාන්න වෙනවා.

ඔන්න එහෙනං නිල වශයෙන් මම ''සයිබර් යාය'' වහල දැම්මා!

පසුව ලියමි.

ඔය පහල තියෙන්නෙ මම ලියපු කතාවලින් තෝරලා ගත්තු, මමත් ආයේ කියවන්න කැමති කතා ටිකක්!

සයිබර් යාය වහල දැම්මත්, මම ලියපු, ඔබ කියෝපු, මේ පහල තියෙන කතන්දර වල මම හැමදාම ඔයාලත් එක්ක ඉදීවී.......,

01. ටොපි කොල හතලි​හේ කතා වස්තුව | පොඩි කාලේ මගේ මොලේ හිරවුනු තව තැනක්
02.
කදිර පෝතක කතා වස්තුව | පොඩි කාලේ මගේ මොලේ හිරවුණු තවත් තැනක්
03.
බොරලු රොකට්ටුව | හිහ්....හී... මගේ පළමු නව නිර්මාණය චිත්‍රත් එක්කම
04.
ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල්කොටුවේ චූටිමහත්තයා | සිත්තරෙත් එක්කම
05.
මගේ පළමු රාජකාරී ලියුම | මාලනී ටීචර් කියල දුන්නු විදිහටම
06. බබුරු ආච්චිට ආපු ටෙලිග්‍රැම් එකේ තිබූ පෑගුන අකුරු | වැඩිහිටියන්ට සැලකීමට ගියෙමි.

තවත් දෙයක්,

මම ''සයිබර් යාය'' වසා දැම්මත් ඔබට මමත් එක්ක මූණුපොතෙන් හමුවෙන්න පුලුවන්. කැමති කට්ටිය බ්​ලොග් එකේ මුදුනෙ දතුණු පැත්තෙ ඔය උඩින් තියෙන ''එන්න යන්න Facebook'' කියල තියෙන බටන් එක ක්ලික් කරලා එකතු වෙන්න. මේ තියෙන්නෙ මං එතන ඉන්න විදිහ,



මම හිතං ඉන්නෙ මගේ සයිබර් යාලුවන්ට බලන්ට මැලේසියාවේ දී මම යන එන තැංවල පින්තුර ටිකක් මූණුපොතේ දාන්න කියලා. ! එහෙනං මම ගියා.

ආ..... තව දෙයක්,

මම අර සයිබර් යාය වසා දැමේ කිව්වට ඒක වහන්නෙ මම මැලේසියාවේ ඉන්නකං විතරයි හොදේ.... ආපු හැටියේ ආයේත්
''චූටිමහත්තයා'' කතන්දර කියයි. වරද්දන්නැතුව එන්ට ඕන හොදේ. එහෙනං මම ගිහිං එඥ්ඤං!

හෆෝයි තව ටිකෙන් වැදගත්ම කොටහ අමතක වෙනවා නොවැ,

ඔය මැලේසියාව පැත්තෙ ගිහිල්ල තියෙන කට්ටිය කියන්කො එහේ බලල හදල එන්න තියෙන ලස්සන තැං මොනාද කියලා.

ආ...හා... පොරකන්නෙ කව්ද ඔය ඕක කියන්න! ඒක ඔය පහල තියෙන කොටුවේ හීන් සිරුවේ ලියලා යන්නකෝ!!

ආ..... කෝ මේ 27 පාරක් මැලේසියා ගිහිල්ලා තියෙන තරිදුවා.

45 ක් කියන්නේ !:

  1. සුබ ගමන් බුද්ධි...

    ReplyDelete
  2. සුභ ගමන්!! සියළු බෝඩ් මීටින් සාර්ථක වේවා.. !!!!

    ReplyDelete
  3. සුභ ගමන් කිව්වා ඕං !

    ReplyDelete
  4. සුබ ගමන්

    [මේ එහේ තියනවා ලස්සනම ලස්සන දිය ඇල්ලක් එකේ නම දියලුම මතක අතුව ඒක බලන්ඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩ {හිටු මැරියන්ට කියන්ඩ තෝ ඒ නගාට සංස්තාව කිව්වා කියලා } ]

    ReplyDelete
  5. ඕන්න අයියා සමනලීව මුලදි බය කරලා පසුව ඒක හරි ගැස්සුවා..... හපෝයි මුලදි ඔයා කියලා තියෙන්නෙ ආයේ කවදාවත් කතා ලියන්න එන්නේ නෑ වගේනේ???

    හා හා එහෙනම් ඉතින් සුබම සුබ ගමන් ඈ..... පරිස්සමින් ගිහින් එන්න අයියේ.....!!

    ReplyDelete
  6. හපෝයි මම 27 වතාවක් කරල තියෙන්නෙ මැලේසියා යන එක නෙමේ. 27 වතාවක් රටින් පිට ගිහින් තියෙනව. මැලේසියා නම් හිටියේ දවස් 2යි. KL වල විතරයි හිටියේ. ඒ නිසා මුකුත් දන්නෙ නෑ. මතක ඇතුව සින්ගප්පූරු යන්න. වීසා ඕන නෑ. KL වල ඉඳල බස් එකේ යන්න පුලුවන්.

    ReplyDelete
  7. සුභ ගමන්.....
    සියළු දේ සාර්තක වේවා...!!!!

    ReplyDelete
  8. ලෝකෙ තියෙන රන් කරන්න අමාරුම සංස්ථාව ඔය සංස්ථාව කියලනෙ ඔය ඇසූ පිරූ තැන් ඇති උදවිය කියන්නෙ. මට නම් තාම ඔය සංස්ථාවෙ මුල් පුටුවෙ වාඩි වෙන්න ලැබිල නෑ.
    එහෙනම් බුද්ධි අයියට සුභ ගමන්.
    අඃ!! තව පොඩ්ඩෙන් අමතක වෙනව.
    ඔය සමාගමේ සම සභාපතිනි මැරියන් නෝනටත් සුභ ගමන්.

    ReplyDelete
  9. සුබ ගමන් මචන්.

    ReplyDelete
  10. අර කිවුවත් වගේ දියළුම ඇල්ල බලන් වරෙං බඩී...

    ReplyDelete
  11. ඇයි බොල ලෝකාන්තෙ, අමතක උනාද?

    ReplyDelete
  12. ජය වේවා!! සුභ ගමන් !!!
    (යන එකනම් කොහොම හරි ගියා කියමුකුකො ,ඒනකොට අත් දෙක වන වනා නම් එනන එපා :D)

    ReplyDelete
  13. සුබ ගමන් මචන්

    ReplyDelete
  14. Okkotama bohoma sthuthi suba pathuwata! Api dan inne AP eke 8.15 pitaweema. wadee kiyanne ape SLT mamala methana free Internet deelane. eken onnna podi reply kallak danna labuna. gehen liyannammmmmmmmmmmmmmmmmm.
    Buddhi

    ReplyDelete
  15. සුබ ගමන් බුද්ධි අයියේ...!
    හිය වැඩ කටයුතු කරගෙන ඇවිත සයිබර් යාය පැත්තට ඉක්මනින් එන්න...

    ReplyDelete
  16. සුභ ගමන් අයියේ...!!

    ReplyDelete
  17. සයිබර් යායට අවේ නම් මම අදමයි... එත් ඔයා අයේ ඈවිත් ලියනකොට නම් මම එනවාමයි.................. සුභ ම සුභ ගමනක් වේවා....

    ReplyDelete
  18. සුභ ගමන් අයියා..
    පරිසමින් එන්න :)

    ReplyDelete
  19. එල එල සංස්ථාවත් පරිස්සන් කරන් වරෙන් කථා කියන්න...

    ReplyDelete
  20. සංස්ථාවක් කිව්වේ පවුල් ද යාලුවා....හික් සුභ පෑතුම්.ඒත් බ්ලොග් එක පූර්නකාලීනව වහන්න එපා

    ReplyDelete
  21. මුලදි මේක වහනවා කියලා දැක්කම මට හිතුනා මගේ එකත් වහන්න. ඒත් යන්තං ඒක වෙන්නේ නැති නිසා හොඳට ගියා. කොහොම උනත් සුභ ගමන් දෙන්නටම. Executive Director මැරියන්ටත් සුභ පැතුම්.

    ReplyDelete
  22. සමාවෙන්න ඕන පරක්කු වුනාට සෑහෙන කාලයකින් තමයි බ්ලොග් එක පැත්තට ආවේ.......
    අයියේ එහෙනම් දෙන්නටම සුභ කිව්ව ඕං..........
    ජය ජය වේවා :)))))))))

    ReplyDelete
  23. සුබ ගමන් සහෝ......අලුතෙන් බාරගත් සංස්ථාවත් හොඳින් රැකබලාගන්න එහෙනම්.... :)

    ReplyDelete
  24. සුභ ගමන්. අපිටත් එක්ක මැලෙසියාව බලාගෙන එන්න.

    ReplyDelete
  25. @ Mariyan ,Neenoo aiyawath dakkagena me peththatath goda welama yanna enna honde.man ara huan he ganga langata wela balagena innawa :D @ Buddhi, u look better on dat pic bro.... Enjoy d time!

    ReplyDelete
  26. @ Mariyan yana gaman me paththatath goda wela yanna enna neenoo.... mama ara huang he ganga langata wela balan innawa :D @Buddhi u look nice on dat pic bro... Enjoy ur time! tata!

    ReplyDelete
  27. ආ ඇල ඇල!! එනකොට මටත් චොකලට් එකක්වත් අරන් ආවනම් දොසක් කියන්නේ නෑ ඔන්න!

    සුබ ගමන් වේවා!

    ReplyDelete
  28. සුබපැතුම්........ හොදට මැලේ සීයව බලාගෙන එන්න.
    හැමදාම බෝඩ් මීටින් තියන්න.... හිකිස්....

    ReplyDelete
  29. එහෙනම් මමත් කියුවා ඕං සුභ ගමන් කියලා !!!!!

    ReplyDelete
  30. එල එල අයියා පරිස්සමින් ගිහින් එන්න. ඔබ එනතුරු අපි ඇස් දල්වා කට දල්වා අක් පයින් නැගී සිටිමින් බලා සිටින්නේමු

    ReplyDelete
  31. ඔන්න මූණු පොතේ මීටින් එකේ ඡායා රූප පල වෙලා.................................................................................

    ReplyDelete
  32. සුබ පැතු සියලු දෙනාටම ම​ගේ ප්‍රණාමය. ​ගෙදර එනකං පේස්බුක් තුලින් හමුවෙන්ට !

    ReplyDelete
  33. සුබ ගමන් සහෝ....
    සමාවෙන්න පරක්කු වුණාට...
    අළුත් සංස්ථාවේ වැඩ කටයුතුත් සාර්ථක කරගන්න ලැබෙන්න කියල මුළු හිතින්ම පතනවා...!!!

    ReplyDelete
  34. ඔයා තව පැය දෙක තුනකින් ලංකාවත එනව කියල මාරයියගෙ පෝස්ට් එකකට ක්මෙන්ට් කරල තිබුනනෙ. ආපු ගමන් ආයෙත් ලියන්න පටන් ගන්නකන් අපි මග බලාගෙන ඉන්නව.

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. ඵහෙ තමන් නිගාරා කියලා වැසිවනාන්තරයක් තියනවා.
    සිංහරාජෙ කැලේ :)

    ReplyDelete
  37. මොකක්ද බන් අලුත් සංස්ථාවක් හම්බුනා කියන්නෙ ? පවුල් සංස්ථාවක්වත්ද ? මැරියන් එක්ක සංස්ථා ගත උනාවත්ද ?

    ReplyDelete
  38. ආ අප්‍රියලුත් ඉවරයි.. අදට ඔය ඇති..

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...