2011/05/30

පුතා හෙවත් බලුහොම්බා | මගේ යාලුවෝ !

යාලුවෝ කිව්වම ඉතිං වයිවාරන්නයි!

ඒ ඒ යාලුවෝ ආශ්‍රය කලාම ඒ ඒ පල විපාක.

මේ ඉන්නෙ මට හිටපු යාලුවොන්ගෙන් ටික දෙනෙක්.

දෙයියා
අපිත් එක්ක එකටම වගේ කල්දේරම් බත කන්න එක්කහු වෙච්ච කෙනෙක්. ආපු දවස් වල කිව්වෙ බණ්ඩාරවෙල කියලා. පස්සෙ පස්සෙ හීල්ඔය උනා. කොළඔට පය තියන්න කලින් නිවිච්ච මිනිහා. ආපු දවස් වල රෑ නිදා ගන්න කලින් පන්සිල් ගත්තා. කුණුහරප එහෙම කිව්වෙ නෑ “පිරිහෙයි” කියලා. හැම පෝයමට ගංගාරාමේ පන්සල් යනවා. එන ගමන් ගැල්ලමයි දෙතුන් දෙනෙකුට ෆෝන් එකේ නම්බරේ දීලා, පෝය සතිය ගෙවෙනකං ෆෝන් එක ඔෆ් නොකර ඉන්නවා. මොනා කලත් මීටර්කාරයා, කඩ්ඩ හොදා.

සපා
සපා උනේ සප්රාස් කියන නම කොටකරලා. සප්රාස් කිව්වට තනි හෙළයා. මිනිහා මනංපිටියෙ පාලමෙං එහා. සපා හෙන ආඩම්බරෙන් කියන්නෙ “පාලමෙනුත් එහෙ හෙන කෑලේක බං අපේ ගෙවල් තියෙන්නෙ” කියලා. පොර නිවාඩුවට ගෙදර ගිහාම මිනිහගේ සෙට් එකයි, කොටි කොල්ලොයි ඔට්ටු දාලා ක්‍රිකට් මැච් ගහනවා කියලා “පොරටෝක්” දුන්නා ඒ කාලේ.

පුතා
අන්න ඊලගට “පුතා”. අප්පො.... පච පප්පා, මිනිහා නුවරඑලියෙ කිය කියා හිටියෙ. ඒ උනාට පොර අඹගමුවෙ. ගෙදර යද්දි අපිට හොරෙං ටෝච් එකක් බෑග් එකේ අඩියටම දාගෙන යන්නෙ ඇයි කියලා හොයලා බලද්දියි හොරේ අහුඋනේ. හැබැයි අපේ කාගෙත් බඩු මිනිහගේ වගේ කියලා හිතන හොද පුරුද්දක් එයා ගාව තිබුනා. අනේ පව්, තෙත තුවායක් උනත් කාගෙත් ඇස්වහලා නිවාඩු යද්දි බෑග් එකේ දාගෙන ගෙදර අරං යනවා ගේමක් නැතුවම.

චමියා
මතකද, අර එක පාරක් නිවාඩු යන්න ගිහිල්ලා විනය කාර්යාලේ කිඹා හිටියෙ පොරයි මායිනෙ. පොර “කුරුණැගල සිටි” එකේ වගේ ඉන්නෙ. ගිහිල්ලා බලද්දි පොල්පිතිගමත් පාස් කරලා යන්නෝන ගෙවල් වලට හැරෙන පාරට යන්ඩ විතරක්. ඒක අහුඋනේ අපි රටේ සංවර්ධනය ගැන කතා කරකර ඉද්දි. කතාව කොච්චර සීරියස් ගියාද කියනවනං චමියට නිකම්ම කියඋනා “වැඩිය ඕන්නැ මචං, පොල්පිතිගම හංදියේ වව්නියා බස් එක නතර කර ගන්ඩ මාර ගේමක්නෙ දෙන්ඩ ඕන, ඉතිං තවත් මොනාද කතා” කියලා.

සූරියා
ඔක්කොමට හපං ඌ. අර "හෙලෝ ප්ලයිට්, " කියලා ටැලිෆෝන් එකෙන් එක කෝලමක් කලේ මෙයානෙ. මිනිහා මහියංගණේ. අපි එයාට “වැද්දා වැද්දා” කියලා විහිලු කරන හින්දා මිනිහා අපිට කියලා තියෙන්නෙ මිනිහගෙ ගම හසලකය කියලා. පොර හිතං ඉන්නෙ හසලක ඉන්න ඔක්කොම වීරයො කියලා. කොච්චරවත් සීනියර් මෑන්ලා එක්ක කට ගහගෙන ගිහිං අපිට බඩකට පුරා ඉල්ලලා දෙනවා. එදා වගේ තමා.

ජෙට්ලි
අපේ ජෙන්ට්ලිමන්ලගෙනුත් ජෙන්ට්ලිමන් තමා “ජෙට්ලියා”. හෙන මාර්ෂල් ආට් කාරයා. අනික පිළිවෙල. කැන්ටිමට යන්න ගියත් ෂෝටයි, ස්කිනර් එකයි අයන් කරලා සෙන්ට් විදලා එහෙම තමා එලියට බහින්නෙ. ආපු දවස් වල නං කිව්වෙ “කොළඹ ක්ලයිමේට් එක මට දිරවන්නැ මචං” කියලා. මොකද පොර කැන්ඩිවලලු. මම හිතුවේ පොරගේ ගෙවල් නුවර දළදා මාලිගාව පිටිපස්සට වෙන්ඩ ඔහොම මෙහෙම වෙන්ඩැති තියෙන්නෙ කියලා.

හැබැයි මට වැරදිලා!

ගෙවල් ඊට ටිකක් මෙහා ගම්පොල කියලා තැනක. උන්ගෙ නංගිගෙ කොටහලු මගුලට අපි බලෙන්ම වගේ ගම්පොල ගිහිං ‍ජෙටාගේ ගෙවල් හොයද්දියි දැනගත්තෙ ගම්පොලම නෙමේ ටිකක් ඇතුලෙ “පුස්සැල්ලාව” කියලා ගමකය කියලා. පුස්සැල්ලාවට ගියාම එහෙ කොන්ඩෙ බැදපු මාමා කෙනෙක් කිව්වා‍ “ පුස්සැල්ලාගම කියලා තව ඇතුලට වෙන්න ගමක් තියෙනවා පුතාලා කියන්නෙ එහෙ එක්කෙනෙක් ගැන වෙන්ඩැති” කියලා. බලං ගියාම මාමා හරි.

ෆර්ඩි
අර සුද්දට කැපිටල් කුණුහරපෙන් බැන්නෙ මෙයා, මතකයිනෙ. ගෙවල් නං අත ලඟ. ගම්පහ. කොච්චියෙන් ඇද්දත් විනාඩි හතලිහක් යයි උපරිම. ඒත් පොර ඕන දේකට හැමදාම පරක්කුයි. 8-5 කියලා වේලාව දීලා තිබ්බොත් ගෙදරින් අටට ඇවිල්ලා ගෙදරට 5 යන ජාතියේ. මිනිහටත් ඉතිං වැරැද්දක් කියන්න බෑ. ගෙදර ඌරො, කුකුල්ලුයි, ගිරව්, රටහාවො පිරිලා. උන්ගෙ වැඩ කරල එපැයි මිනිහා ගෙදරින් දොට්ට බහින්න. කොච්චර පරක්කු උනත් අම්මා.........උගේ කටේ සව්දමේ නං අඩුවක් නෑ. අතේ පැලවෙන පච ගහලා ගහලා, කොහොම හරි පනිස්මන්ට් මග අරිනවා.

ෂැවොලින්

අන්න ඒකට මිනිස්සු. බෙන්තර ගගෙන් එහා හොඳ ඇංජිමක්. කරගන්ඩ බැරි ඕනැ දෙයක් පොරත් එක්ක ගිහිං කරගත්තැකි. කටින් වගේම තමා අතේ පයේ වැඩත්. ඒකනේ අපි ඔය නම දැම්මෙත්. හැබැයි ඉන්බොක්ස් එකට ගිහිල්ලා, ආපු මැසේජ් එක අරං කියවන්න වගේ පොතේ පතේ වැඩ බෑ.

මොනා නැතත් හොඳ මිනිහා. “ඒ බං උඔලා කෑවයි මචං” කියලා තමා තමන්ගේ කෑම පිඟාන උනත් අතට ගන්නේ. පොරට “මාතරය, කොළඔය, කොටුවෙය” කියලවත් “සාජන්ය, කොප්රල්ය, ප්ලයිට්ය” කියලාවත් “හොස්පිටල් එකය, ස්ටේසන් එකය, කෑම්ප් එකය කියලවත් කිසි වෙනසක් නෑ ඕං” ඇංජිම කරකවන්න ඕනැ කොතනද, ඒක කරකෝලා ඇති ගානට. මිනිහ නං ගාල්ල ටවුමේ ඉදං අතේ දුර. එදා අපි ත්‍රීවිලර් එකේ ගෙදරටම ගියෙ රු. 1950/-කට.

හොඳ ළමයා

මිනිහා නං නිවිච්ච කොල්ලා. බොරු නෑ. වංඥාව නෑ. සිරිමත් මගේ සකි වගේ. එයා යහපත් ළමයෙකි. උදයෙම පිබිදෙනවා. ගුරුදෙගුරු, තෙරුවන් සිහිකරලා වැඩ අල්ලනවා. වෙලාවකට මේ වගේ තැනකට හොඳ වැඩිද කියලත් හිතෙන තරං. කවදාවත් පනිස්මන්ට් කන්න වෙන විදිහෙ වැඩක් කරනවා තියා හිතලවත් නෑ. කොටින්ම බෝ පැලයක් වාගේ. හරි අහිංසකයි. වචන නෑ ගුණ කියන්න. මිනිහගේ නම ඉතිං අමුතුවෙන් කියන්න ඕන්නැනේ.

ඔය ටික දෙනා ගැන කතන්දරයි මම ඊලඟ දවස් වල කියන්න හිතාගෙන ඉන්නෙ.

මේ ගොල්ලන්ට මේ නම් වැටුනේ ඇයි? මේ ගොල්ලං ඒ කාලේ කරපු රාජකාරී මොනාද? හොබී එකට මොනාද කරන්නෙ? වගේ විස්තර ඒ ඒ කතාවත් එක්කයි කියන්නෙ.

ලෑස්ති පිට ඉන්ඩ.

ඔය විස්තරේ කියෙව්වම ඊ ලඟ කතාවෙන් කා ගැන කිව්වොත් හොඳයි කියල ද හිතන්නෙ?

වැඩි කැමැත්තට මමත් ලෑස්තියි......!

28 ක් කියන්නේ !:

  1. බුද්ධි අයියේ සපා ගැන මුලිංම... ඊට පස්සේ ඕනේ එකෙක්...

    ReplyDelete
  2. බලමු බලමු ඊළඟ ඒවත් කියවලාම

    ReplyDelete
  3. මට නම් ඕන ෂැවොලින් ගැන.
    ඇයි අප්පේ අපිත් ඒ පැත්තේ නෙවැ.....

    ReplyDelete
  4. හොඳ ළමය කියන කෙනාගෙ ඇර අනික් අය ඕනෙ කෙනෙක්ගෙ!

    මම දන්න විදිහට හොඳ ළමයින්ගෙ කියන්න කියල විසේස දෙයක් නෑ, අද්දැකීමෙංම යි කියන්නෙ එහෙම දෙයක් ඇත්තෙම නෑ වගේ... :D

    ReplyDelete
  5. හො‍ද ළමයා ගැන ඉස්සෙල්ල කියන්න.
    ඔය කියන තරං මිනිහ හොද නැතිවෙයි..

    ReplyDelete
  6. ඇයි බුද්ධි කියන්නේ සූරියා හිතන් හිටපු හැටි වැරදියි කියලය... හසලක ඔක්කම වීරයෝ තමා ආය..

    ReplyDelete
  7. සෙරටම කලින් අර බුද්ධි කියන බුද්ධිමතා ගැනත් කියන්න වෙයි වගේ..

    ReplyDelete
  8. ඉක්මනටම පොස්ට් එකක් ඕනෙ, ඔක්කොමත් එක්ක

    ReplyDelete
  9. මඩයාගේ තත්වෙට බුද්ධි අය්යත් පත් වේගන එනපාටයි

    ReplyDelete
  10. මොකා උනත් කමක් නැහැ. ලියන්නයි ඕනා.

    ReplyDelete
  11. ආන්න මං ආස ජාතියේ කතාමාලාවක් පටන් ගන්න යනවා... අපේ පත්තර බලපු රත්ගම බුවා මතකනේ..ආන්න එහෙම සෙට් එකක්ම මටත් ඉන්නවා..උම පටන් ගනින්කෝ..මාත් එඤ්ඤං...

    ReplyDelete
  12. ඕනේ එකෙක් ගෙන් පටන් ගන්න චුටි මහත්තයා, මං නං ගම්පහ, ඒ හින්ද ගම්පහ එකා ගැන නං නොකිව්වත් කමක් නැහැ.

    ReplyDelete
  13. ගෝල්ඩ්ෆිෂ්,
    සපාට තාම එක ඡන්දයයි. බලමුකො.
    ...............
    පූසා,
    එහෙනං බලං ඉන්ඩ
    ..........
    නිල් අහස,
    එහෙනං ෂැවොලින් ගැන විශේෂයෙන් දැන ගන්න දෙයක් නැති වෙයි.
    ..................
    සසී,
    හොඳ ළමයගේ කතාමනේ මෙච්චර කල් ඇහැව්වෙ නේද

    ReplyDelete
  14. ප්‍රසන්න,
    මං හිතන්නෙ හොඳ ළමයා ගැන අන්තිමට කිව්වොත් හොඳයි කියලා. ඔයාලා වගේ නෙමේ මිනිහා හරිම හොඳයි
    ...........
    පුතා, ත් හසලකද කොහෙද? ආ.... නැ නැ සූරියා වගේ මෙයත් මහියංගනේ වෙන්ඩැති.
    ...............
    පිණිබිඳු,
    හ්ම්.....ඒත් තමන් ගැන තමන්ම ලියන පුදුරුද්දක් නැලු ඔයා කියන ජාතියෙ මිනිස්සු අතර හිකිස්

    ReplyDelete
  15. තාරක,
    පොඩ්ඩක් හදිස්සි නොවී හිටහංකො.
    ..............
    රත්ගමයා,
    නැනැ මඩ නෑ මේකෙ.
    ...............
    ප්ලෙන් මාමට, තියෙන හදිස්සිය අප්පා.

    ReplyDelete
  16. මාරයා,
    අන්න මිනිස්සු. එහෙනං ඩබල් එකේ කරං යං.
    ..................
    ඔබ්සවර් අයියා,
    දැංම බය වෙලාවගේ. ඒ කියන්නෙ ගම්පහ හැ​මෝම එක වගේ ද?

    ReplyDelete
  17. ඕන කෙනෙක් ගැන ඉස්සෙල්ලම ලියන්න, හැබැය් සිත්තරේ නම් ඕනමය්

    ReplyDelete
  18. මඩ දෙන්නයි යන්නේ බාල්දි පුරෝලා!

    ReplyDelete
  19. ඈ බං චූටි මහත්තයෝ, කාලයක් ග්‍රාම සේවක පට්ටමක් වත් කලාද, මෙච්චර හොඳට චරිත සහතික ලියන්නෙ.....?

    මෙතන කවුරුවත් නෑනේ බොලං උඹලගේ චරිත සහතිකේ ලියලා දාන්න.....!

    ReplyDelete
  20. චූටි මහත්තයාට කියන්න.... මම දන්න කෙනෙකුත් ඉන්නවා මිනිහ කියන්නෙ නම් ඉන්නෙ වෙන්නප්පුවෙ කියල. දවසක් මට කිව්වා උදේ 6ට එහෙන් එන්නම් කියලා. යාන්තම් දවල් දොලහට විතර මට කෝල් කරලා කිව්වා ඔන්න දැං පිටකොටුවට ළඟයි කියලා. මම හිතාගෙන ඉන්නෙ ලබන පාර එහෙ ගෙවල් පැත්තෙ ට්‍රිප් එකක් යන්න.

    ReplyDelete
  21. ඔය සපා කියන්නෙ එහෙම් පිටින්ම සර්පයො අත අරින පොරක් වැන්ටෑ...

    මුලින්ම ජෙට්ලි ගැන දාමු...

    ReplyDelete
  22. හොඳ ළමයා ගැන තමා ඕන!

    ReplyDelete
  23. කවුද බොලං අර "හොඳ ළමය" ඊලඟට අර බෙන්තරින් එහා එකා ගැන කිව්වනං.. අපේ පළාත නෙව.

    ReplyDelete
  24. සමාධි,
    සිත්තරේ තමා ප්‍රස්නෙ. මේ දවස් වල තීන්ත ඉවර වෙලා තියෙන්නෙ.
    ..........
    කතන්දර,
    මඩ නෑ. බලන්ඩකො.
    ........
    දූමී,
    මං ගැන මොනවා ලියන්නද අප්පා. සිරිමත් වගේ තමා....
    ...........
    හරී, හාහා.... ඔය මොනවද කියන්නෙ. කට කට

    ReplyDelete
  25. සාතන්,
    ජෙට්ලිට එක ඡන්දයි තාම
    ............
    වීතරාගී,
    හොඳ ළමයා ගැන ඉතිං නිතර දෙවේලෙ කතකරනවනේ.
    .........
    නවම්,
    හොඳ ළමයා සිරිමත් වගේ එක්කෙනක්.
    උඔ කියන්නෙ ෂැවොලියා ගැන කියන්න කියලද? බලමු

    ReplyDelete
  26. පුතා ගැන කිව්වනම් තමා හොද. නියම චරිත ටිකක් තමා.

    ReplyDelete
  27. මටනම් ඕ. පු. දැන් ඉතින් පෙරහැර ගිහින් ඉවරනෙ !

    ReplyDelete
  28. මට නම් ඕ. පු. දැන් ඉතින් පෙරහැර ගිහින් ඉවරනෙ !

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...