2011/08/24

පොතේ නම | සිත්තර තරගෙ අතරතුර!

අද මම මේ ලියමන ලිව්වෙ වැදගත් කතාවක් කියන්නයි.

මගේ නෙක්ටෝ ලියමනට මේ වෙද්දි සිත්තර ලැබීගෙන යන අතරතුර මේ කතාව කියන්න මට පොඩි වෙලාවක් ලැබිච්ච එක ලොකු දෙයක්.

නෙක්ටෝ කතාවේ සිත්තර බාර ගන්න දවස ටිකක් ඉක්මන් කරන්ඩ උනා.

සිත්තර බාර ගන්න අන්තිම දවස අද!

ඒ හින්දා සිත්තර හැකි ඉක්මනින් එවන්න. බ්‍රහස්තින්දා උදේම තරගෙ පටන් ගන්නවා. හොදම සිත්තර ටික කතාවේ අදාල තැන්වලට දාන්නයි බලාපොරොත්තුව. හැබැයි හොඳම සිත්තරේ තෝරන්න ඕනෙත් ඕගොල්ලමයි! වැඩි විස්තර එදාට.

දැන් වැදගත් කතාව පටන් ගන්න යන්නෙ.

එදා කිව්ව වගේ සයිබර් යාය බ්ලොග් එක කරගෙන යන්නෙ හතරදෙනෙක් එක්කහු වෙලා කියලා ඕගොල්ල දැනටමත් දන්නවා ඇති.

ඒ,

01.මම.

02.ටිකිරි

03.විදෙස් චිත්‍ර ශිල්පියා.

04.කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

01. මම නං වැඩි දෙයක් ලියන්නැ. මැදින් පැන පැන කුරුලු හමුදාවෙ විස්තරයි, මගේ කතා කියලා ලේබලයක් හදාගෙන එදිනෙදා වෙන දේවල් වල විශේෂ දෙයක් තිබුනොතින් ලියලා දානවා ඇරෙන්න.

02. විදෙස් චිත්‍ර ශිල්පියා හින්දා තමා සයිබර් යායට පොඩි වෙනස් කමක් ලැබුනෙ. එයා එදා දවසට අදාල කතාව කියෝලා පටස් ගාලා මවුස් එකෙන් බලිකුරුට්ටක් ඇදලා ලියමනට පොඩි ගතියක් අරං දෙනවා.


03. ටිකිරි තමා සයිබර් යායට ගත්තු අන්තිම එක්කෙනා. ලියන්නෙ අමුතු ඒවා. ගොඩක් ඒවා මගෙන්ම හොරා ගත්තුවා. මෙයා කෙහෙල්කො‍ටුවෙ චූටිමහත්තයගේ වයසෙ උනාට ජීවත්වෙන්නෙ වර්තමාන කාලෙ.

04. කෙහෙල්කොටුවේ චූටි මහත්තයා කියන්න දන්නෙ, 1988 න් විතර පස්සෙ වෙච්ච කතා. ඒ කාලේ එයා ජීවත් වෙච්ච ගමේ ගොඩේ විස්තරයි, යාලුවන්ගෙ විස්තරයි තමා සයිබර් යායෙ එයා ලියන්නෙ. සයිබර් යාය කියලා බ්ලොග් එකක් තියෙනවා කියලා වැඩිපුර දෙනෙක් දැනගත්තෙත් ඒ කතා වලින් මං හිතන්නෙ.

මගේ කතා කැටගරියෙ තියෙන දේවල් මම ලියන්නෙ සාමාන්‍ය විදිහට. හරියට ලඟ ඉන්න යාලුවෙකුට දෙයක් කියන විදිහට.

හැබැයි ටිකිරි එහෙම නෙමේ. එයා ලියන්නෙ ලියන බාසාවෙන්මයි. ව්‍යාකරණ නීති රිති දන්න හැටියට පිළිපැදලා. එයා කියන හැටියට “මම“ කියලා පටන් ගත්තොත් ‘මි“යන්නෙන් අවසන් වෙන විදිහට. ඒ කියන්නෙ “මම හේතුහාමි“ වගේලු. “අපි අපේ ගමේ ගම්මු“ වගේ දේවල්ලු. සරළ ව්‍යාකරණ නීති පිලිපැදලාලු.

හැබැයි කෙහෙල්කොටුවේ චුටිමහත්තයා කියන චරිතේ මට පුලුවන් හැටියට ගොඩ නගන්න නම් මම ටිකක් උනන්දු උනා. මම පොත් පත් කියෙව්වා. ඒ පොත් පත් වල චරිත ගොඩ නගලා තියෙන හැටි අවබෝධ කරගන්න උත්සහා කලා. කතාවක් කාගෙහරි හිත දිනා ගන්න හැටියට ලියන්නෙ කොහොමද වගේ දේවල් හොයලා බැලුවා. සමහර තැන් වලට ඒවා ගැලපුනා නියමෙට.

දැං ඕගොල්ලන්ට උනත් තේරෙනවා ඇති, චුටිමහත්තයා මුලින් කතා කියපු විදිහයි දැන් කියන විදිහයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. සමහර වචන පාවිච්චි කරන එක සම්පුර්ණයෙන්ම නවත්තලා දාලා තියෙන්නෙ. ඒ වෙනුවට අලුත් වචන පොත් පත් වලින් වගේම, එදිනෙදා අපි කතාබහ කරන තැන් වලිනුත් හොයාගත්තා.

කාටහරි ඕනෙනම් මං මොනවගේ කතා කියෝලද මේ විදිහට ලියන්න උත්සහ ගන්නෙ කියලා හොයාගන්න අන්න මගේ ප්‍රොෆයිල් එකේ ඇති මං කියොපු කතා පොත් දෙක තුනක විස්තර. ඒ විස්තර මම දැම්මේ බ්ලොග් ලියන්න ගත්තු මුල්කාලේ කියලා ඕගොල්ල දන්නවා ඇති.

දැං මං කියන්න යන්නෙ මේකයි.

හැබැයි මට විතරක් නෙමේ!

අපි හැමොටම තියෙනවා ලස්සන පොඩි කාලයක්. ඒ කාලේ අපෙන් පස්සෙ අයට එන්නෙ නැ. පුලුවන් හැමෝම අපෙන් පස්සෙ එන අයට කියවන්න හරි, අපිටම කියෝලා අපේ අතීතය මතක් කරලා රස විදින්න හරි අපේ පොඩි කාලේ ගැන ලියවනවම් මම කැමතියි.

කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. අපි එදා පොඩි කාලේ හිතපු හැටියට හිතන්න විතරයි.

පොඩි උන් මොන ලෝකෙ හිටියත් පොඩි උන්මනෙ!

එයා ලංකාවේ හද්ද පිටිසර හිටියත්, ඉන්දියාවේ හිටියත්, ඇමරිකාවේ හිටියත්, රුසියාවේ හිටියත් පොඩි එකා හිතන්නෙ පොඩි එකා විදිහට. ඒ හින්දා ඔයා පොඩි කාලේ කොහේ හැදුනා වැඩුනත් ලස්සන කතා ඇති පොත් පිටින් ලියන්න. ඒවා ලියන්න. එතකොට අපිට කියවන්න අලුත්ම අලුත් කතා ගොඩක් එකතු වෙයි.

බොරලු රොකට්ටුවේ කතාව, ටොපිකොල හතලිහේ කතාව, මගේ මීයා සිප් එකට අහුවෙච්ච කතාව, මගේ උත්පත්ති කතාව, මගේ පළමු රාජකාරී ලියුම වගේ දේවල් ඒ කාලේ මටම වෙච්ච දේවල්! වෙන කාටවත් නොවිච්ච දේවල්. කිසිම ළමා පොතක පතක නැති දේවල්. කොටින්ම මම කියන්න කලින් කව්රුත් දන්නැති දේවල්. පොත පත කියවන අය හැටියට ඒ ගැන ඕගොලල් හොඳටම දන්නවා ඇතිනෙ.

කොහොමහරි ඔයාලටත් ඇති ඒ වගේ කතා ඕනැ තරම්!

ඉතිං ඔයාලත් ඒ කාලේ ගැන ලියන්න. හැබැයි එහෙම ලියපු කතා කියෝපු කව්රු හරි ඔයාට කිව්වොත් “අපෝ මේ ලියලා තියෙන්නෙ පොතක තිබුනු එකක කොපියක්නෙ" කියලා, ඒ ගොල්ලන්ට කියන්න තියෙන්නෙ තමන්නෙ පොඩි කාලේ මතක් කරලා බලන්න කියලා විතරයි.

ලියන විදිහ ලස්සන කරගන්න එක පොත පත කියෝලා කරගන්න පුලුවන්. සමහරුන්ට නම් උපතින්ම ඒ හැකියාව තියෙනවනේ.

මම නං ඉස්කෝලෙ යන කාලේ රචනාවක් වත් හරියට ලියන්න උනන්දුව තිබුනු කෙනෙක් නෙමෙයි. මේ බ්ලොග් ලියන්න තියෙන කැමැත්ත හින්දමයි මම එක එක පොත් කියවලා එක විදිහකට ලියන්න පුරුදු උනේ. හොඳ වෙලාවට අම්මා ඒ කාලේ ඉඳලා මට පොත් කියවන්න පුරුදු කරලා තිබුනා.

පොත් කියවන කව්රුත් දන්න එක පොතක් තියෙනවා. මමත් පුස්තකාලෙන් ඒ පොත අරගෙන කට පාඩම් වෙනකම් කියොලා තියෙනවා. ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශණය දවසෙ මම එයින් එකක් ගත්තා හැමදාමට මා ලඟ තියා ගන්න.

ඒ පොත මා ගාව විතරක් තියෙන මැජික් පොතක් එහෙම නෙමෙයි. පොත් කඩේකට ගිහිල්ලා ඕන කෙනෙකුට ගන්න පුලුවන් පොතක්. ඒ හින්දා ඒ පොත ගැන මම මීට කලින් විශේෂයෙන් සඳහනක් කරලා නැති උනාට කියන්න ඕනේ තැන පැහැදිලිව කියලා තියෙනවා.

චුටි මහත්තයා හිතන හැටි ඕගොල්ලන්ට හරි විදිහට දැනෙන්න, ලියන්න මම ඉගෙන ගත්තෙ ඒ පොතෙන්.

ඒ හින්දා මම ඒ පොතට හරිම ආදරෙයි!

කාට හරි කියන්ඩ පුලුවන්ද ඒ පොත මොකද්ද කියලා?

..........................

-බුද්ධි.


40 ක් කියන්නේ !:

  1. තරඟ ප්‍රතිපල බලාගන ඉන්නේ ආසාවෙන්. අන්තිම පැත්තෙන් පලවෙනියා වෙයි කියලා හිතන කොටත් පපුව දරාගන්ට බැරි සතුටකින් ගැහෙනවා...:D

    ඔය පොත සිංහල එකක්ද? නැත්නම් ඉංග්‍රීසි එකක්ද?...

    ReplyDelete
  2. අනේ ඉතිං ඔය පෙරලන පොත අපිටත් කියන්ටකෝ..!! ;)

    ReplyDelete
  3. පොඩ්ඩි, ඉන්දික,
    පොත වෙන අය පෙරලන්ඩ යනවා වගේ හිතුන හින්ද මංම පෙරළලා දැම්මා. ආය මොකටද?

    මේ පෙරලන පොත සිංහලෙන් ඉංගිරිසියෙන් විතරක් නෙමේ බාසා ගාණකින්ම තියෙනවා.

    ReplyDelete
  4. මොකක්ද හැබෑට ඔය අගේ ඇති පොත? කියමු බලන්න අපිට අරගෙනම බලන්න. හැබැයි ගොයියෝ දැං ඉතින් පොතේ නම නොකියා පොත පෙරලනවා එහෙම නෙමෙයි හොඳේ...

    ReplyDelete
  5. Mark Twain's novel "The Adventures of Tom Sawyer" ???

    ReplyDelete
  6. හෝඩි පොතනෙ!
    අයියෝ මමනම් ඕක කියවලා තියා දැකලවත් නෑ :D මට ඕක කියවලා තියන මල්ලි කෙනෙක් කීවෙ, ඕකේ ලස්සන ලස්සන බෝල බෝල කූරු කූරු අකුරුයි චිත්‍රයි තියනව කියල. දවසක අරගෙන බලන්න ඕනෙ ඔය පොතක්...

    අනික ඔයා එහෙම කීවට ටිකිරා තමයි මෙතන පට්ට වැඩ්ඩා. කිසි කෙනෙක් එයා වගේ ලියන්නෑ. අනිත් කෙනා තමයි චූචි මහත්තයා. එයා දැං ඒ කාලෙ ලිව්ව වගේ ලියන්නෙත් නෑ. ඔය පොත කියවලා වෙන්ටැ එහෙම වෙන්ඩ ඇත්තෙ :/

    ReplyDelete
  7. බය වෙන්න එපා පොකු අක්කා අක්කට කලින් ඉස්ථානෙට මම ඉන්නවා. ඒකිව්වේ අන්තිම ඉඳන් 0වට. හික්ස්

    ඇ බුද්ධි අයියේ ඔය පොති සිබිල් වෙත්තසිංහ ඇන්ටිගෙවත් පොතක්ද???? නැත්නම් හිත කියලා අපි හැමෝම ළඟ තියන පොතද????

    ReplyDelete
  8. ඈ බුද්ධියො මටත් කියහංකො බලන්න ඔය පොත මොකක්ද කියල. මාත් බ්ලොග් එකක් පටං අරගෙන අමාරුවෙ වැටිල ඉන්නෙ කියල දන්නව ඇතිනෙ.

    ReplyDelete
  9. පොඩ්ඩි,හරී,හාවි,ප්‍රසන්න,

    දැං මමද මුලින් ප්‍රශ්නෙ ඇහැව්වෙ ඕගොල්ලන්ද? මං එකක් අහපුවාම මෙන්න ආය මගෙන් අහනවා.

    (මේ අවස්ථාව වන විටත් සිත්තරනං ලැබෙමින් පවතිනවා)

    ReplyDelete
  10. මේ බ්ලොග් එක කියවද්දී මට නිතරම මතක් වෙන පොතක් තියනවා. කත්යනා අමරසිංහ පරිවර්තනය කරපු Victor Dragunsky ගේ The Adventures of Dennis පොත. හැබැයි මේ කතා ඊට වඩා රසවත්. මොකද මේකේ අපේ ගතිය වැඩියි.

    ReplyDelete
  11. මම හිතන්නෙ පොත 'Swami And Friends'
    එහෙම නැත්තම් 'සිරිමල් ගේ වික‍්‍රම' (නම හරියටම මතක නෑ)

    එහෙමත් නැත්තම් 'නරියා සහ කැළෑව' වෙන්නත් පුලූවන්

    ReplyDelete
  12. සසීන්ද්‍ර,
    ටිකිරි වැඩ්ඩා තමා! කින්ඩ බිත්තරෙන්ම ඒක තෙරෙනවනේ.

    චුටි මහත්තයා දැං ඒ කාලෙ වගේ ලියන්නැ! කව්ද එහෙම කියන්නෙ. ඒ වගේම තමා ලියන්නෙ. හැබැයි සෝට් ඇන්ඩ් ස්වීට් කරන්ඩයි කල්පනා කරන්නෙ..... එතකොටනේ ලස්සන.

    ReplyDelete
  13. Kusu(http://kusutrouble.blogspot.com/)

    නං හරි උත්තරේ දුන්නා. ලස්සන කමෙන්ට් එකකුත් එක්කලාම. ඒක දාන්නෙ පස්සෙ.

    ...........

    රඹා,
    මේ පෝස්ට් එකෙන් මං කියොපු නැති කතා පොත් ගැනත් දැන ගන්න පුලුවන් වෙයි වගේ. ස්තුතියි කමෙන්ටුවට.

    ReplyDelete
  14. "කාට හරි කියන්ඩ පුලුවන්ද ඒ පොත මොකද්ද කියලා?"

    උත්තරය : දින පොත.

    ReplyDelete
  15. heeeeeee :) මේ බ්ලොග් කියවපු පලවෙනි දවසේමයි අහන්න හිටියේ ඒ පොත ගැන , එත් පොස්ට් එකක් දාන්න හිත එකග කරගන්න බැරිඋනා. ස්තුතියි !!!

    ReplyDelete
  16. අනේ මගේ බලිකුරුට්ට අන්තිම 40 අතරට ආවොත් මට ඒ ඇති :D ඇයි අනේ ලක්ෂ ගානක් අතරින් අන්තිම 40 එනවා කියන එකම මදෑ :D

    අර පොත පොඩ්ඩි අක්කා කිව්ව එක නෙමයි ඒකේ සිංහල එක :D

    ReplyDelete
  17. කතන්දර,
    අම්මෝ එක නං නෙමේ. ඒකාලේ මොකක් හරි වැරැද්දක් කලාම දඬුවම ඕක පාඩම් කරන එක. පැයක් පාඩම් කලොත් පැය කාලක්සෙල්ලම් කරන්න දෙනවා.
    .............

    Tom Sawyer,
    ගෙ උත්තරෙත් නියමයි! ඇත්තටම ඒ පොතත් නැතුව මේක කරන්න බෑ තමා. හැබැයි ඒක තියෙන්නෙ මගේ හිතේ.
    .........

    පූසා,
    අන්තිම 12ට ආවොත් කොහොම තියෙයිද?
    ඒක නෙමේ. අන්න ටොම් සෝයරුත් ඇවිල්ලා කමෙන්ට් කරලා ගිහිල්ලා.

    ReplyDelete
  18. ආ... කෙමෙන්ට් කියෝ කොයෝ ඉන්නකොටයි උත්තරේ ආවෙ පොත තමා වත පොත!

    ඒකෙං මමන්නෑ. කෝ දැං අර සිත්තරා. මැරිලද! :D

    ReplyDelete
  19. පොත මොකක්ද කියලා මම නං හරියටම දන්නෙ නෑ. ඒත් බුද්ධිගෙ කතා කියවනකොට මතක් වෙන්නෙ වැවදෙනියේ ඇල් ඩී මැන්දිස් මහත්තයගෙ පොතක්. ඒකෙ නම මතක නෑ.ඒ පොතේ ප්‍රධාන චරිතයක් තියනව බබා බාරලිස් කියලා.එයා කරන්නෙත් කෙහෙල්කොටුවේ චූටි මහත්තයා කරපු වැඩ.කියෙව්වෙ නැත්නං කියවල බලන්න.

    ReplyDelete
  20. ඔයාගෙ ප්‍රොෆයිල් 1 බැලූවමයි මට මතක් උනේ,
    ඩෙනිස් ගෙ පොත් කියවල නැති උනත් සිරස TV "දඟය" ත් (cartoon) චූටි මහත්තය වගේ තමයි
    කතා කරන/ලියන ශෛලිය එක වගේ

    මොනව උනත් අපිව මොහොතින් අපේ චූටි කාලෙට එක්ක යන අපේ චූටි මහත්තය ඩෙනිස් ට වැඩිය එළ !

    ReplyDelete
  21. පොඩි එකා උදේම මලක් වත් ඇද්දද ? උඩින්ම නොම්මර පේලියට එහෙම පටං අරං, වැඩි දුර යන්න ඉස්සෙල්ල නොම්මරත් අංජ බජල් කොරගෙන මොකාටද එන්න හදන්නෙ?

    ReplyDelete
  22. හික් හික් . . . මතක පොත නේද . . . ???

    ReplyDelete
  23. සසී,
    අන්න කොපියක් ගැහුවා! තාම ඉස්කොලේ පුරුද්ද ගිහිං නෑනේ අම්මපා... සිත්තරා වැකේෂන් ගිහිල්ලලු
    .........

    රාජ්,
    ඒ පොත මම කියෝලා නෑ. දැන් ඒ පොත් ගන්න කියෙනවද දන්නැ. කතෘ තුමා ගැන දැන ගත්තෙත් අදමයි.
    ..........

    ඔබා මාමේ,
    නැ... මේ කතාවත් කියලම ඉන්ඩ හිතුනා. සමහරු මං කියවන පොත් පත් ගැන කියන්නැ කියලා මට පොතක් පෙරලන්ඩ ආවා වගේ හිතුනා.
    .........

    හසිත,
    මතක පොත! ඒකත් ඇත්තටම ඕනැම කරන පොතක් තමා අපි කාටත්. ඇත්තට මමත් ඒ පොතෙන් තමා ගොඩක් දේවල් ගන්නෙ.
    .........

    රඹා,
    කලබල වෙලා මොකද!ආනේ ඔයා දෙවෙනි කමෙන්ට් එකකුක් එව්වද! හැබෑට ඒක කොහෙ ගියාද? පොඩ්ඩක් ඉන්ඩ බලන්ඩ...හිකිස් හිකිස්. ඒක අපි හංගලා තියෙන්නෙ.

    ReplyDelete
  24. චූටි මහතා එදා ලමා පොත් සැට් එකක්ම ගත්තා..

    ReplyDelete
  25. ඉතා සංවේගයෙන් දැනුම් දීමයි.. හෝඩි පොත හැර වෙන මොන මළපොතක්වත් නොදනිමි... :)

    මුල් අකුරට මගෙ හෝඩි පොතේ
    “අ“යන්න කියවෙනවා
    එය කියවනවිට හිතට මගේ
    අම්ම සිහිවෙනවා

    චිත්තරයක් ඇඳගන්නටද නොහැකිවීමි. සිතුරාදා අවසන් දිනය බැව් පවසා පසුව දින වෙනස් කිරීම ගැන බලවත් කණගාටුවෙන් පසුවෙමි...

    ReplyDelete
  26. ඈ බොල කොල්ලෝ, ඔබා මාම කියලවත් මේ පෝස්ට් එකේ 1,2,3,4 ඉලක්කම් වල පිළිවෙල තවම හැදුවෙ නැත්තෙ මොකෝ ..

    ReplyDelete
  27. ඕනයා,
    දැං කීපාරක් කිව්වද! ඒකත් එකක් මං අහන්නෙ ඒක නෙමේයිනෙ.
    ............

    බ්ලොග්,
    කමන්නැ හරි උත්ත‍ර දීපු කමෙන්ට් ඉදිරියෙදී දානවනෙ.
    .........

    ගීතික,
    ආ............ඔය ඉන්නෙ සාක්කි කාරයෝ. ඒකනෙ මං කිව්වෙ ඕවා හංගන් දේවල්යැ.
    .........

    තතෝජා අක්කෙ,
    එහෙනම් පොත් ලිස්ට් එකක් අපේ දිල්මෝනාගෙන්වත් ඉල්ලං අරගෙන කියවන්න.

    ඔය කවියෙ හැම අකුරටම හතර පදයක් තියේනම් පෝස්ට් එකක් විදිහට දාන්නකො අපිටත් කියවන්න.

    වැඩේ කියන්නෙ අක්කා ලියපු අන්තිම ඡේදෙ මට කියොගන්ඩ බැරි එකනෙ
    ..............

    රඹා,
    දෙවි හාමුදුරුවනේ මම ඒක දැනුයි දැක්කෙ.දැං හදලා වැඩක් තියේද මන්දා 500 පන්නලා බලලානේ ‍පෝස්්ට එක.

    ReplyDelete
  28. ගුලිගේ ''මල්ලිගේ විත්ති '' පොතද

    ReplyDelete
  29. චූටි මහත්තය අයියා මොන පොත කියවලා මේ විදියට ලස්සනට ලියන්න ඉගෙන ගත්තත්, ඊලඟ පරම්පරාවෙ ටිකිරිලා, බිංදුලා, පැංචලා, පැංචිලා හැමදෙනාම ලියන්න ඉගෙනගන්නෙ බුද්ධි අයියා ලියන පොත කියවලා බව මට නම් විශ්වාසයි. ඒගොල්ලො වගේම මමත් ඒ පොත කියවන්න බලාගෙන ඉන්නවා. ඒ දවස ඉක්මනටම එනවා නේද?

    ReplyDelete
  30. බින්දි,
    හික් හික් ඒක නෙමේ. මම ඒක කියෝලා නැ! මේ පෝස්ට් එක හින්දා මට කියවන්න පොත් ලැයිසුතුවක්ම එකතු උනා.
    .............

    පැතුම්,
    ඔබගේ කමෙන්ට් එක මට හයියක්. බලමු ඒවගේ දෙයක් කරන්න පුලුවන් වෙයිද කියලා. මිට කලින් මට පැන්ඩත් ඕකම කිව්වා.

    ReplyDelete
  31. මේ පෝස්ට් එක දාන්න ප්‍රධාන හේතුව උනේ මගේ නෙක්ටෝ පෝස්ට් එකට ඕපන් අයිඩී එකකින් ආපු මේ කමෙන්ට් එක.
    .................
    කෙහෙල්කොටුවෙ අයියෙ..ඔයා ඔයතරම් ලස්සනට කතා ලියන්න ගත්තෙ රුසියන් පොතක්වත් කියවලද....එහෙනම් ඒකෙ නමත් දැම්මොත් හොඳා නේද...ඒකනේද අයියෙ හරි විදිහ...-ඩෙනිස් මල්ලි
    ....................
    ඒ වෙනුවෙන් මම පෝස්ට් එකක්ම දැම්මා. මං කියෝන පොත පත ගැන මගේ විස්තර තියෙන කෑල්ලෙ මම දාලා තිබුනෙ බ්ලොග් එක පටන් ගත්තු කාලේමයි.

    කොහොමහරි අද පෝස්ට් එකේ ඒ කමෙන්ටුවට උත්තර පැහැදිලිව මම දුන්නා. එතනදි අහලු ප්‍රශ්නෙට උත්තරේ මුලින්ම දුන්නෙ Kusu,
    මෙන්න මේ විදිහට. ඒ උත්තරේ මගේ හිත ගත්තා. මම බලාපොරොත්තු උනු ජාතියෙ පිළිතුරක් උනා ඒක.
    -------
    මේ බ්ලොග් එක කියවද්දී මට නිතරම මතක් වෙන පොතක් තියනවා. කත්යනා අමරසිංහ පරිවර්තනය කරපු Victor Dragunsky ගේ The Adventures of Dennis පොත. හැබැයි මේ කතා ඊට වඩා රසවත්. මොකද මේකේ අපේ ගතිය වැඩියි.
    --------

    පස්සෙ රඹාත් ඒ ගැන හොයාගෙන තිබුනා. ඒ උත්තරෙත් මට හයියක් උනා. මං බලාපොරොත්තු වෙච්ච විදිහටම. ඒකෙ තිබුනේ මෙහෙම.
    --------
    ඔයාගෙ ප්‍රොෆයිල් 1 බැලූවමයි මට මතක් උනේ,
    ඩෙනිස් ගෙ පොත් කියවල නැති උනත් සිරස TV "දඟය" ත් (cartoon) චූටි මහත්තය වගේ තමයි
    කතා කරන/ලියන ශෛලිය එක වගේ

    මොනව උනත් අපිව මොහොතින් අපේ චූටි කාලෙට එක්ක යන අපේ චූටි මහත්තය ඩෙනිස් ට වැඩිය එළ !
    -------------

    අන්තිමේ දී මේ පෝස්ට් එක දාන්න මුල් උන ඕපන් අයිඩී කමෙන්ට්කරුවා හවස් අතේ මෙහෙම කමෙන්ට් කරලා තිබුනා.
    ----------
    Dennis Dennis said...

    "රත්තරන් යතුර හෙවත් බුරතීනෝගේ හපන්කම්" කියන ලෝකයේ ගොඩක් රටවල කුඩා දරුවන් අතර ඉතා ජනප්‍රිය වුණ පොතේ පෙරවදන ලියන ඇලෙක්සෙයි තෝල්ස්තෝයි කියනව.. එයා ඒ පොත ලිව්වෙ එයාගෙ ආච්චි එයාට කියාදීපු පිනොකියො හෙවත් ලී බෝනික්කාගේ කතාව ඇසුරෙන් කියල.. කතා දෙකම කියවල තියන අය මේ ගැන හොඳට දන්නව ඇති...

    එහෙම කිව්ව කියල ඇලෙක්සෙයි තෝල්ස්තෝයි ගෙ ශ්‍රේෂ්ඨත්වය වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ...

    ඒක නිසා තමුන් කවුරුහරි ලියපු දෙයක් ඇසුරෙන් යමක් ලිව්වහම මම අසවල් ලේඛකයගෙ අසවල් පොතෙන් xx එකක් අරගෙනයි මේක ලිව්වෙ කියල දාන එක හොඳ පුරුද්දක්.. ඒ බව ඉතාම ආසාවෙන් රසවිඳින සහෝදර බ්ලොග් කරුවෙකුට සඳහන් කර තැබීම හැර වෙන කිසි අරමුණක් නැහැ...

    - ඩෙනිස්
    --------
    ඔන්න ඔහොමයි උනා කියන්නෙ. කොහොමහරි මේ පෝස්ට් එකට ආපු කමෙන්ට් වලින් කාලයක් එක දිගට ගලාගෙන ආපු සයිබර් යායටත් මටත් පොඩි නැවුම් ගතියක් එකතු උනා වගේ හැඟිමක් මට දැනෙනවා මේ වෙලාවේ.
    -අද වගේ දිනයක කමෙන්ට් කල සියල්ලන්ට ස්තුතියි

    ReplyDelete
  32. රෝල් ඩාල් ගෙ පොත් සෙට් එකක් සිංහලට පරිවර්තනය කරලා තියනවා, මට නම් ටික මතක නෑ . ඒ පොත්වලත් "ඉට්ටැයිල්" චූටි මහත්තයගෙ "ඉට්ටැයිල්" එක වගේමයි....

    මෙන්න රෝල් ඩාල් ගැන....

    http://www.roalddahl.com/

    http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=19073%3A2010-06-09-08-31-07&catid=94%3Abiography&Itemid=117&lang=si

    http://boondi4kids.blogspot.com/2011/02/kathandara-dosiya_15.html

    ReplyDelete
  33. ''මල්ලිගේ විත්ති '' හරි අපුරු පොතක් . කොහොම හරි කියවන්න .

    ReplyDelete
  34. දිගටම ලියන්න. පුලුවන්නම් පොතකුත්, ජය වේවා !!!

    ReplyDelete
  35. හර්ෂණගෙ ලින්ක් ටිකට ගියා. මාර වටිනවා. පස්සෙ ඔක්කෙම බලන්න ඕනේ.
    ...........
    බින්දි කියපු පොතත් මම කියෝලා නෑ. බලද්දි මම පොත් කියෝලම නැද්ද!
    ...........
    Kusu කවදහරි පොතක් ලිව්වොත් උඔ ගැනත් සදහන් කරන්නම්....

    ReplyDelete
  36. ඔය පොත ගැනනම් මම දන්නෑ.. මම කියන්නෙ උඹට පොතක් ගහන්ඩ කියලා මේ කතා ටික දාලා.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...