සයිබර් යායේ පවත්වපු සිත්තර තරගය ඊයේ හවස හරියට හතරට අවසන් උනේ අපිට කවදාවත් අමතක නොවන කාටවත් මකන්න බැරි මතක ගණනාවක් වගේම පාඩම් ගණනාවකුත් ඉතුරු කරගෙනයි. මේ වගේ සිත්තර තරගයක් කවදාහරි තියන්න මම කාලෙක ඉඳලයි බලාගෙන හිටියේ. ඒ සිත්තර අඳින්න කොච්චර ලේසිද, වගේම කොච්චර අමාරුද කියලා කාටත් දැනගන්නත් එක්කලා. ඒ ඔක්කොම දේවල් වලට පාර කැපුනේ එදා මම දාපු නෙක්ටෝ ලියමනෙන්! කොහොමහරි එදා අපි සිත්තර තරගෙ තිබ්බා. ...