2011/10/27

චූටි මහත්තයගේ විප්ලවයේ නියම කොටස්කාරයෙක් වන්න! දැන්ම එන්න සයිබර් යායට...!

අද මට කතා කරන්න තියෙන්නෙ පුංචි කරුණු තුනයි. මේ කරුනු තුන කියවලා ඕගොල්ලත් තීරණේකට එන්න මේ විප්ලවයේ කොටස් කාරයෙක් වෙනවද නැද්ද කියලා.

මේ තියෙන්නෙ ඒවා,

ආදරය

ආදරය කියන්නෙ දෙන්න ඕන දෙයක්. ඒක දෙන්න ඕන කෙනා අනුවත් දෙන කෙනා අනුවත් වෙනස් වෙනවා. ආදරය කරන්නත්, ආදරය ලබන්නත් පින් කරලා තියෙන්න ඕනේලු. අපේ හිත කොහොම උනත්, ලබන කෙනාගේ හිත පි‍රිලා ඉතිරිලා යන්න ආදරේ කරන්න පුලුවන්නම් අන්න නියම ආදරේ!

ආදරේ සංකේතය මොකද්ද? ටාජ් මහලද? මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ ආදරේ සංකේතය හැටියට ටාජ් මහල සලකන්න. සාජහන් රජතුමා බිරිඳ නැති වුනු දුකට ඒක හැදුවා තමා. ඒත් ඒකෙන්ම තමා එයා ලෝකෙට පෙන්නුවෙ එයා කොච්චර ආත්මාර්ථකාමී කෲර ආදරවන්තයෙක්ද කියලා. ටජ් මහල හදපු ගමන් එයා කලේ ටාජ් මහලේ සැලසුම් ශිල්පින්ගෙයි, සිතුවම් ශිල්පීන්ගෙයි ඇස් උගුල්ලලා දාපු එක. මොකද ‍ඒ ගොල්ලන්ට මේ වගේ ලස්සන නිර්මාණ ආයෙත් කරන්න බැරි වෙන්න. අන්න ඒකයි මම ටජ් මහලට අකමැති. සාජහන් වගේ අපිත් ආදරේ කරන්න ඕනේ තමන්ගෙ අයට විතරද?

තෑගි

ඕනම කෙනෙකුට හීන තියෙනවා. සුබ සිහින සෑබෑ කරගන්න කව්ද අකමැති. හීන සැබෑ කරගන්න බැරිවෙන අය කරන්නෙ ඒක තමන්ගෙ හද පතුලේ ඇතුලු කොනේ තියෙන කාමරේකට දාලා වහලා දාන එක. අපිට පුලුවන්නම් ඒ දේ මොකද්ද කියලා දැනගෙන හැමදාටම හිරකරලා දාපු ඒ සිහිනය යථාර්ථයක් කරන්න අන්න නියම තෑග්ග! ඒක මොකක් උනත් කමක් නෑ. තෑග්ගක් හැටියට දෙයක් ලැබුනම කෙනෙක් කොච්චර සතුටු වෙනවද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මමත් ඒ අද්දැකීම බොහොම වාරයක් අත්වින්ද කෙනෙක්.

මං කැමති දේවල් මට තෑගි විදිහට ලැ‍බෙන්නෙ කාලෙක ඉදලා. කුමාරයයි මායි හුලං ගහපු බයිසිකලේ තාත්තා අරං දුන්නෙ රු. 500 ක ලොතරැයි දිනුමකින්. කටු නැති ඉලක්කම් ඔරලෝසුවක් මුලින්ම අරන් දුන්නෙ අර නෙක්ටො කතාවෙ ඉන්න පියරත්න මාමා. සුදුපාට ලොකු බුදු පිළිමයක් අරන් දුන්නෙ ආච්චි. කතන්දර සීයා පොල් සල්ලි වලින් මං කැමති කොකබුරා බැට් එකකුයි බෝල ටින් එකකුයි අරන් දුන්නා. ලැප්ටොප් කම්පියුටර් එකක් අරන් දුන්නෙ මැරියන්ගෙ අම්මා. මැලේසියාවෙදී, වෘත්තිය මට්ටමේ ඩිජිටල් කැමරාවක් මට අරන් දුන්නෙ මැරියන්. ඒවා ඔක්කොම ඒ ඒ කාලවල මගේ සිහින. නමුත් තම තමන්ගෙ පුද්ගලික හීන යටපත් වෙනවා අපේ පොදු අරමුණු වලට යද්දි. ඒත් නොහිතන වෙලාවල් වල ඒ හීන හැබෑ වෙද්දි දැනෙන සතුට මට වගේම ඕගොල්ලන්ටත් දැනිලා ඇති?

මේකෙ ආසන්නම සිද්ධිය මේ ලඟපාත දවසක වෙයි කියලා මම හිතුවෙ නෑ. ඒ මට ග්‍රැෆික් ටැබ්ලට් එකක් තෑගි ලැබුනු එක! මීට අවුරුද්දකට එකහමාරකට විතර කලින්, කාලයක් තිස්සෙ බ්ලොග් එකක් කරගෙන යන කෙනෙක් ඇහැව්වා ග්‍රැෆික් ටැබ්ලට් එකක් අරන් දෙන්නද කියලා. මං එපා කිව්වා. ඒ වගේ තෑග්ගක් මට බර වැඩි හින්දා. පස්සෙ එයා මං ඇඳපු සිත්තර වලට අසාධාරණ වටිනාකමක් දීලා ඒකෙ මිල ගෙව්වේ ග්‍රැෆික් ටැබ්ලට් එකෙන්. ඒක මගේ අතට ලැබුන දා මම කොච්චර සතුටු උනාද!


විප්ලවය

“චේ ගුවේරා” වීරයා‍ට විප්ලවය දරු ප්‍රසූතියක් වගේලු. මුලින්ම නොඉවසිල්ල, දෙවෙනියට විලාප හඬ, තෙවෙනියට ලේ වැගිරීමකට පස්සෙ මහා නිහැඩියාවක්. ඔන්න ඊට පස්සෙයි බලාපොරොත්තුව උපදින්නනෙ. ඒ පොඩි එකෙක් අඬන සද්දෙන්! චේ කියන්නෙ විප්ලවයත් ඒ වගේ කියලා.

චේ ට විප්ලවය දරු ප්‍රසූතියක් වගේ උනාට, අපේ අම්මට නං දරු ප්‍රසූතියම විප්ලවයක් උනා. ඒ මම හින්දා. ඒක කලින් මම කිව්වනෙ. අපි හින්දා හැම අම්ම කෙනෙක්ම කරන්නෙ විප්ලවයක්! ඒක හරි.

අපේ අම්මා එහෙම පණනල දුන්නු විප්ලවයේ එක්තරා තැනකට අද මම ඇවිල්ලා තියෙනවා.ඉතාම සරළව කියනවනම් මේ ලෝකෙ කිසිම සිද්දියක් අහම්බයක් නොවේය, සියල්ල මේ වෙන විටත් සැළසුම් වෙලා හමාරයි කියන සරළ සිද්ධාන්තෙ ඉදලා බැලුවොත්, විප්ලවයේ ඇරඹුමත් අවසානයත් දැනටම තීරණය වෙලා හමාරයි.

ඉතිං ඒ කාලය අතරතුර ගෙවෙන සංක්‍රාන්තියෙ තවත් එක පියවරක් අද ගෙවුනා. ඒක කව්රු මොන විදිහට නිර්වචනය කලත් සරළම එක උපන් දිනේ කියන එකයි.

එතකොට ආදරයයි, තෑගියි, විප්ලවයයි කොහොමද එකට ගලපන්නෙ?

විප්ලවයට අම්මලා පණනල දුන්නට, ඒක ඉදිරියට ගෙනියන්න ඕනෙ අපි.

ඒකට අපිට ආදරයයි, ත්‍යාගශීලි කමයි කියන අවි ආයුධ පාවිච්චි කරන්න පුලුවන්නෙ. හැබැයි සාජහන් වගේ නෙමේ හොඳද......

අපි අපේ වැඩේ හරියට කලොත් මීට අවුරුදු ගානකට කලින් අපේ අම්මලා පණනල දුන්නු විප්ලවයේ නියම ප්‍රථිපලය වෙන්න අපිට පුලුවන් වේවි...!

අපි, සියලු දෙනාට ආදරේ කරන, හැකි සෑම අවස්ථාවකම ත්‍යාගශිලිවන්ත අය උනොත් අම්මලාට පුලුවන් වෙයි අපි දිහා බලලා සතුටු වෙන්න.

මම විප්ලවය ඉදිරියට ගෙනියන්න කැමති එහෙමයි.

ඒ විප්ලවය ඉදිරියට ගෙනියන්න අද වගේ දවසක මමත් එක්ක ඕගොල්ලත් එකතු වෙනවද?

විප්ලවයට ජය වේවා!!

....................

- මීට යුරෝ දෙකේ වීරයා

58 ක් කියන්නේ !:

  1. සුභ පැතුම් තව තවත් ලස්සන සිත්තර අඳින්න ...!

    ReplyDelete
  2. සුභ උපන් දිනයක් වේවා කියල පතනවා එක්කම, අළුත් චිත්‍ර අළුත් විදියට අඳින්න කාල වේලාව වැඩි වැඩියෙන් ලැබේවා කියලා පතන්නම් හදවතින්ම !

    ReplyDelete
  3. චූටි මහත්තයට සුභ උපන්දිනයක් වේවා. (උපන්දිනේ දවසට කවදා වුනත්)
    අර ග්‍රැ‍ෆික් ටබ්ලට් එකෙන්ද ඔය ලස්සන චිත්‍ර අඳින්නෙ? මම ආසම චිත්‍රය අර මගේ උප්පත්ති කතාවට ඇඳපු බංකුවෙ වැටිලා අම්මගෙ කතා අහන් ඉන්න එක.
    විප්ලයයට ජය වේවා.
    henryblogwalker the Dude

    ReplyDelete
  4. මූ මොකාටද එන්න හදන්නෙ..!!?? :)

    ReplyDelete
  5. ම්ම්ම්ම්.. සතුටුයි ආරංචියට එහෙමනම්...
    ලස්සන විදිහට කිව්වා නෙව පණිවිඩේ....!!!

    ත්‍රිවිධ රත්නයේ පිහිටාරක්ෂාවයි.....!

    ReplyDelete
  6. අනේ චූටි මහත්තයෝ, මේක කියවලා මට ඇඬෙන්න ආවනේ. ලොකූම ලොකු ඇත්තක් ඔයා කියලා තියෙන්නේ. විප්ලවයට ජය වේවා. අපිත් එකතු වෙනවා ඒ ආදරණීය විප්ලවයට. සුභ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  7. සුභම සුභ උපන්දිනයක් බුද්ධි...!!!

    යකෝ ඔක්කොම තියෙන්නේ තෑගි හම්බ වෙච්චනෙ.

    ඉස්සරහට ලස්සන සිත්තර ටිකක් බලා ගන්ට ඇහැක් වෙයි නේද අපට....

    ජය..!!!

    ReplyDelete
  8. සුභ උපන් දිනයක් චූටි මහත්තයෝ...!

    යුරෝ දෙකේ වීරයගෙ විප්ලවයට ජය වේවා..!

    ReplyDelete
  9. මට හිතෙන විදිය හරි නම් ඉතින් මගේ සුබ පැතුම්. අම්මා ආරම්භ කරපු විප්ලවය ඉස්සරහට ගෙනියන්න නේද හදන්නේ.

    අපිත් ඔය විදියේ විප්ලවයකට එක්වෙන්ට කැමතී. ඔයාට වගේ තෑගි දෙන, ආදරේ කරන 'කෙනෙක්' ඉන්නවානම්...:D

    ReplyDelete
  10. උඹ මොනවා හරි කිව්වද..?

    ReplyDelete
  11. සුභ පැතුම් බුද්ධි...... විප්ලවයට ජයවේවා !!!

    ReplyDelete
  12. sha niyama post ekak....salute for ideas and concepts...liyala thiyen widihath upariamai....jaya wewa

    subaupan dinayakuth wewa!!!!

    ReplyDelete
  13. sha niyama post ekak....realy like your ideas....jaya wewa
    suba upan dinayakuth wewa!!!!

    ReplyDelete
  14. බොලේ එතකොට කතන්දර කාරයගෙය්, කෙහෙල් කොටුවෙ පොඩි එකාගෙය් උපන් දිනය එක දවසෙ.
    "විප්ලවයට ජයෙන් ජය....!!!"

    P.S.
    ඔය "ග්‍රැෆික් ටැබ්ලට්" කියන්නෙ චිත්‍ර අඳින්න හැකියාව පහල කරන බෙහෙත් පෙත්තක් වත්ද, අර "ව්යාග්‍රයා"ද මොකාද වගේ?

    ReplyDelete
  15. විප්ලවයට ජය වේවා !! චුටි මහත්තයා දිනේවා !!

    ReplyDelete
  16. අද ගොඩක් උන්ට විශේශ දවසක් වගේ . .

    කකාගේ ත් උපන් දිනේ . .

    දුකාගේ ඇනිවසරිය . . .

    සුභ උපන් දිනයක් කෙහෙල් කොටුවේ චූටි මහත්තයෝ . . . !!

    ReplyDelete
  17. සුභ උපන්දිනයක් වේවා චූටී මහත්තයෝ... විප්ලවයට ජයෙන් ජය...

    ReplyDelete
  18. මචන්....බුද්ධි උඹේ විප්ලවයට මගේ උපරිම සහය.

    එයට ප්‍රධාන හේතුව ... මීට අවුරුදු 36කට කලින් අපේ අම්මත් විප්ලවයක් කලෙත් අද වගේ දවසක.
    කොටින්ම කීවොත්, අද මගෙත් උපන් දිනය.
    අද මගේ අම්ම ජීවතුන් අතර නැහැ.. අපි කාගෙවත් ජීවිතේ ලස්සන අම්මට බලන්න බැරිවුනා. අවුරුදු 51ක් වගෙ වයසකින් එයා අපිව දාලා ඈතට ගියා.

    ReplyDelete
  19. සුබ උපන් දිනයක් වේවා බුද්ධි.
    විප්ලවයට ජය වේවා.....!

    ReplyDelete
  20. බුද්ධි
    ත්‍රිවිධ රත්නයේ ම පිහිටයි සේරටම.
    ඹටත් හිතෙන්නෙ තිස්ස අයියා ට හිතෙන දේම තමයි.

    ReplyDelete
  21. සුභ උපන්දිනයක් වේවා චූටි මහත්තයාට...
    සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවේවා..!!!

    ReplyDelete
  22. ම්ම්ම්ම්.... සුභ උපන්දිනයක් වේවා අයියාට. අපිට කේක් ඕනෙ අයියේ....

    ReplyDelete
  23. බුද්ධියෝ...
    1. සුබ උපන්දිනක් !

    2. විප්ලවයට ඉතසිතින් සුබ පෑතුම්!

    බුද්ධි ලියන සිනා සාගරය කියවල බුද්දිගෙ හෑකියාව දුටුවට , බුද්ධි දෙයක් හංගලා මාර ශාප් විදියට ලියනව දැක්කා අද. ඒක සයිබර් යායෙ මම දුටුවෙ අද.

    සාජහාන් සිට විප්ලවය දක්වා ගෙතුව වියමන නම් අපූරුයි. ඒ වගෙම සාජහාන්ට වඩා බෑම්බුවට වඩා විප්ලවීය තෑග්ග නම් ඉතින් අපූරුම වේවි කියල ගෙස් කරන්න වෙනවා !

    :)
    සුබ පෑතුම් සහෝ. දුකා පවුලත් බුද්දි පවුලත් එක වගෙම සුන්දර නිසා, ඒ දෙගොල්ලන්ටම එක දවසෙ දිග සුබ පෑතුම් දෙකක් ලියන්න ලෑබීම හරිම සතුටක්.

    ජය !

    ReplyDelete
  24. සුභ උපන්දිනක් බුද්ධියෝ....ඇත්තටම අද උපන්දිනේ දෑ....

    ReplyDelete
  25. සුභ උපන්දිනක් වේවා.. විප්ලවයම සරු වේවා!! :)

    ReplyDelete
  26. ඔව්ව ඔහොම කිය කිය කොරන වැඩයැ?

    http://cyberyaya.blogspot.com/2010/12/blog-post_10.html?showComment=1294992257022#c254486168590267579

    සති තිස් ගානකින් අපි එන්නංකෝ බලල කියල යන්න ජොංසනුත් එක්ක.

    ReplyDelete
  27. සුභම සුභ උපන්දිනයක් වේවා....!

    මොනව උනත් උඹට දෑවැද්දට ලැපකුයි, ප්‍රොෆෙෂනල් කැමරා එකකුයි ලැබිච්ච එක කොච්චර හොඳද ?

    ReplyDelete
  28. විප්ලවයට ජයවේවා!!!! සුභ උපන්දිනක් වේවා!!

    ReplyDelete
  29. විප්ලවයක සැබෑ ස්වරූපයත් මේ වගේද? ‍බොහෝ දෙනාට විප්ලවය පෙනෙද්දි, සමහරු දකිනවා.....!

    ReplyDelete
  30. විප්ලවයට ජය වේවා! චුටි මහත්තයට සුභ උපන්දිනයක් වේවා! තෑගි තව වැඩි වැඩියෙන් ලැබේවා!

    ReplyDelete
  31. ව්ප් ලවයට ජය වේවා!!!!!

    ReplyDelete
  32. විප්ලවයට ජයවේවා . . . . .

    ප.ලි.
    අර කැරම් බෝඩ් එකේ කතාවට මම දාපු කොමෙන්ට් එක ක්‍රියාවට නගන්න කාලෙ හරි . . .

    ReplyDelete
  33. හුටාස්, මූ ඒක තමා එහෙනං දුමියා දොළදුක් ගැන කතාකරද්දි බය වුනේ.. විප්ලවේ සදා දිනේවා..!!

    ReplyDelete
  34. විප්ලවයට ජයවේවා !

    සුභ උපන්දියනයක් වේවා!!

    ReplyDelete
  35. අනෙ අම්මපා මුංගෙ මේ කෙහෙල්මල් බොලොක්ක හින්දා හැමදාම වැඩක් පලක් කරගන්න තියන පැය දෙක තුනක්ම අහක යනව නෙ... එහෙන් අර කතන්දර ලොක්කා 500ක් ගහගෙන උපන්දිනයට.. මෙහෙන් චූටි මහත්තයා විප්ලව කරන්න හදනවා....

    සුබ උපන්දිනයක් වේවා බුද්ධි.....
    විප්ලවයට ජයවේවා.....

    ReplyDelete
  36. සුබ උපන්දිනක්!! සහ සුබ පැතුම්!!

    ReplyDelete
  37. ඔන්න එහෙනම් සිත්තර අඳින්න දිගටම. සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  38. විප්ලවකාරී චුටි මහත්තයට සුබ උපන් දිනයක් වේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  39. ප්‍රසන්න, වෙනී,

    හැමදාම එන ඕගොල්ලන් දෙන්නට ගොඩක් ස්තුතියි සුබ පැතුම් වලට!
    ............

    Dude,
    ස්තුතියි සුබ පැතුමට! ඔයා කියන සිත්තරේ ඇන්දෙ මවුස් එකෙන්. ග්‍රැෆික් ටැබ්ලට් එක ලැබුනේ මේ ළගදී. එකෙන් ඇන්දෙ තාම සිත්තර දෙක තුනයි.
    ..........

    බූරා,
    :D. අපි අහිංසකයි ආයිබෝං!
    .........

    සිතුවිලි,
    ඒක තමා සිතුවිලි. මොනා කලත් ඒ විප්ලවයට පණනල දුන් අම්මලාට අපිට හරියට සලකලා ඉවර කරන්න බෑ නේද කවදාවත්.
    .........

    නචියා,
    මීට අමතරව තව තෑගි කොච්චර තියේද? මම සල්ලි දීලා අරං තියෙන්නෙ ෆෝන් එකයි. ඒත් මම දැන් පාවිච්චි කරන්නෙ 5 වෙනි ෆෝන් එක. අනික්වා තෑගි....හිකිස්.
    ................

    ලකී, රන්දිල්,
    හැමදාම එන ලකී සුබ පැතුවට ස්තුතියි. විප්ලවේටයි, උපන් දිනේටයි.
    ..................

    මයියා,
    ඔබේ කමෙන්ට් එක මගේ හිත ගත්තා. ඒත් මොකෝ මේ දවස් වල ඉංගිරිස් අකුරු වලින් කමෙන්ට් කරන්නෙ..... මං දැක්කා තැන් දෙක තුනක්ම.
    .................

    ඔබා මාමා,
    ඒ විතරක් යෑ. තරුගෙත් උපන්දිනේ, දුකා භයියගෙ ඇනිවසරි එක විතරක් නං මදැයි ප්‍රියා සූරියසේන මහත්තයගේ විතරක් නෙමේ මල්කුමාරි ගීතරානි අක්කගෙත් උපන්දිනේ අදනේ.... කොහොමද වැඩේ!

    ගැෆික් ටැබ්ලට් එකෙන් සිත්තර අදින්න විතරක් නෙමේ ගොඩක් දේවල් පහසු කරනවා. ඒක පැත්තක තියන්ඩකො. ව්‍යාග්‍රා එකෙන් මොනාද පහසු කරන්නෙ.
    ................

    බින්දි,
    විප්ලවයට ජය වේවා !! චුටි මහත්තයා දිනේවා !! හුරේ...... එසේම වේවා එසේම වේවා.....!!
    .......................

    දුකා භයියා,
    අන්න බලන්ඩ ඒකෙත් හැටි.....! සික් අපේ කව්රු හරි අහවල් තැන හිටිය නං ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වත් ප්‍රකාශයට පත්කරගන්න තිබුනා. ඇයි ඉතින් මේක එසේ මෙසේ දිනයක් යැයි නේද!
    ...............

    ඔබ නොදුටු ලොව,
    ස්තුතියි මලන්ඩ.
    ...........

    පැතුම්,
    ස්තුතියි, ස්තුතියි.

    ReplyDelete
  40. සුභ උපන්දිනයක් වේවා බුද්ධි, ආදරයයි, ත්‍යාගශීලි කමයි කියන බර අවියි...තව උඹ ගාව තියෙන සුළු අවි එහෙම පාවිච්චි කරලා ඒ විප්ලවය අවසානය වෙනකල්ම කරගෙනයන්න අවස්ථාව ලැබේවා...

    @ඕබ්සර්වර් /බුද්ධි

    //ඒක පැත්තක තියන්ඩකො. ව්‍යාග්‍රා එකෙන් මොනාද පහසු කරන්නෙ.//

    ව්‍යාග්‍රා කියන්නෙ ඔබාමාමා වගේ අය රෑට නින්දෙන් රෝල්වෙලා ගිහින් ඇදෙන් බිමට වැටෙන එක නවත්තන්න දෙන පෙත්තක් නේද..? [ඔන්න ටියුබ්ලයිට් කියන්නෙපා]

    ReplyDelete
  41. තරු,
    මෙච්චර කල් මම හිතං හිටියෙ තරු කියන්නෙ අක්කා කෙනෙක්ය කියලා...:D.

    අම්මා ගැන කතාවනං හරිම දුක්බරයි. එහෙම තමා මචං..... අපි සංසාර සාගරේ අතරමං වෙලා ඉන්නෙ......වැඩියෙන් තියෙන්නෙ දුක. වහා වහා ධර්මය අවබෝධ කරගත්තොත් මේ දුක ගැන වෙනස් විදිහට දකින්න පුලුවන් වෙයි.

    දෙමාපියන් අහිමීවීමේ දුක ගැන නං හිතනකොටත් බයයි.

    බුදු රජාණන් වහන්සේ දේශනා කලේ ජීවිත කාලයම දෙමාපියන් උර මත තබාගෙන උවටැන් කලත් අපිට ණය ගෙවලා ඉවර කරන්න බැහැයි කියලා. ඒත් ඒ ණය ගෙව්වා වෙනවා අපි විසින් දෙමාපියන්ට ධර්මය අවබෝධ කරලා දුන්නොත්.

    ඉතින් අපි පුලුපුලුවන් වෙලාවට ඒ දේවල් කරගෙන ඉන්න එක තමා කරන්න තියෙන්නෙ....
    .....................

    ප්‍රසන්න,
    හැමදාම වෙලාසන එන මනුස්සයා අද පරක්කු වෙලා. කොහොමත් ස්තුතියි සුබ පැතුම් වලට.
    ..........

    ප්‍රියන්ත, නිසුපා,

    ස්තුතියි ඔය දෙන්නටත්. කේක් එව්වා.
    .............

    කුෂ්,
    ඇත්තටම උපන් දිනේ අද! මොනාහරි වෙලා මුනුපොතේ ඒක යන්නෙ නෑ. ගියපාර ගියෙත් නෑ. සුබ පැතුවට තුති!
    ...........

    දුමී,
    හිකිස්! අපි නවීන පන්නෙට හැදෙන අය හැටියට දෑවැදි ප්‍රතික්ෂේප කොලා. ඕවා තෑගි.
    .................

    ඩිලන්, මුහුදු, වැප්,ඕනෙ, පබලු,

    උඔලා සේට්ටම ස්තුතියි. සුබ පැතුවට. ඕනයා අර මොනවා කියනවද මම දන්නැ....
    .................

    හර්ෂන,
    85 හේ ඉපදුනාට උඔගේ කතාව හෙන පණ්ඩිත පාටයි. කමෙන්ට් එක මගේ හිත ගත්තා. සුබ පැතුවට ස්තුතියි.
    .............

    හිම කුමාරි, මධුරංග, ලොකුපුතා,
    ඕගොල්ල සේට්ටමත් ස්තුතියි, දිගටෝම එන්ට අලුත් කතා කියවන්ට‍.

    ReplyDelete
  42. තිස්ස, මාරයා, ඉෂාර, කතන්දර, බූරා, සුලඟ, පැතුම් හර්ෂණ කියන අයියලාට සහ පොඩ්ඩි, දිල්මොනා යන අක්කලාට :D,

    මේ විප්ලවය වෙනස් විදිහට දැක්ක එක ගැන මගේ සතුට. හැම විප්ලවයක්ම වගේ මේ ගැනත් විවිධ කට්ටිය විවිධ විදිහටනෙ කතා කලේ. සමහරු විප්ලවය ගැන කියෝලා, සමහරු බලලා, සමහරු දැකලා තිබුනා.

    සමහරුන්ට විප්ලවේ ගැන හරි තීරනේකට එන්ට බැරුව මට පුද්ලිකව කතා කරලා මේකෙ තෙරුම අහවල් එකද කියලා අහනවා.

    තීරණේ මොකක් උනත් විප්ලවය ඉදිරියටම යනවා.

    අක්කලා දෙන්නගෙන් පොඩ්ඩි අක්කත් විප්ලවේකට කැමැත්ත පලකරලා තියෙන එක ගැන මට සතුටුයි.

    දිල්මොනා අක්කනං පුරුදු මෙව්වා එකෙන් බුද්ධියෝ කියලා අමතලා තියෙන්නෙ එදා අපේ ෆිට් එක මතක් කරමින්, දිල්මොනා අක්කා ලියන කවි වගේ ලියුම් ලියන්ට බැරි උනත් එයා මේක අගය කරපු එක ගැන මට සතුටුයි.

    අර පැතුම් හර්ෂණ පොඩියට ඉඳගෙන හිතපු දුර මදැ. අනිත් අයියලා ටිකට නං විප්ලව කෙරිල්ල ගැන හොඳ අවබෝධයක් ඇති පාටයි.

    ReplyDelete
  43. බීට්ල්,
    ස්තුතියි බීට්ල් අවංක සුබ පැතීම ගැන.

    ඒක නෙමේ ඔයා මොකද්ද මේක කියෝලා ගත්තු පණිවිඩේ...? ඒකත් කියන්නකෝ. එතකොට තමා මම ලිව්ව දේ ඕගොල්ලන්ට දැනිලද නැද්ද කියලා මට හරි තීරනේකට එන්න පුලුවන් වෙන්නෙ....:D:D:D:D:D

    ව්‍යාග්‍රා, එකට ඔබා මාමා උත්තර බඳීවි

    ReplyDelete
  44. සුබ උපන්දිනක් වේවා චූටි මහත්තයට...

    ReplyDelete
  45. ඇයි මේ හැමෝම චූටි මහත්තයට උපන්දිනේට සුභ පතන්නෙ? මටනං හිතුනෙ වෙන දෙයක්.

    ඔහෑ ඔහෑ ඔහෑ.......!!!!!

    උණුසුම් සුභපැතුම් සහෝ.

    ReplyDelete
  46. පුජ්ජලිකයි. හාසිගතයි FOR PUS' EYES ONLY
    සමාවෙන්න පැනලා දෙනවට. මේ ඕනයා මට කිව්වා අර ව්යාග්‍රා ටැබ්ලට් එක ගැන රහසක් කාටවත් කියන්න එපා පූසට හැර කියලා.ඒකයි මේ පුද්ගලිකවම කොමෙන්ට් එකක් හැටියට දැම්මෙ. ඔබා මාම බ්ලොග් ලියන්නෙත් ඕක ගහලලු. අර බීටල්ගෙ ඇ‍ඳෙන් වැටෙන තියරියත් හරියට හරි. තව තෙලැස්ට්‍රෝවෙත් ව්යාග්‍රා වල අමතර ප්‍රයෝජන ගැන පෝස්ට් එකක් ගියා.
    HENRYBLOGWALKER THE DUDE

    ReplyDelete
  47. තෝර බලයි, බුද්ධි දෙස බලයි, අපි නං බලයි.

    ප.ලි.
    ඇයි මේ කෂ්ටිය ඉෂ්ෂි ඉෂ්ෂි බලන්නෙ?

    ReplyDelete
  48. උපන් දිනේට සුභ පැතුම් ....මම උදේ පාන්දරම ලේ කෝප කරගෙන මේකේ කොමෙන්ටුවක් දැම්මා කෝ ඒ ලිපිය ??

    ReplyDelete
  49. බුවා,
    මේ දවස් වල කනෙක්ෂන් එක සලෝ කරලා තියෙන්නෙ. ඒ හින්දා එකපාර පළවෙනි ඡෙදය එක්ක අප් වෙන්නෙ නැ සින්ඩි වලට. හදිස්සියට දෙවෙනි පාර කරද්දි වැරදීමකින් ඩිලිට් උනා. වෙනදට මම වෙන තැනක ටයිප් කරලා දාන්නෙ. මේක ඊයේ හිතිච්ච එකක් හින්දා එතනමයි ටයිප් කලේ. ඒක හින්දා කොපියකුත් නෑ...... ස්තුතියි සොයා බැලුවට. කමෙන්ට් එකනං ඇති කමෙන්ට් මොඩරේෂන් පේජ් එකේ. මම බලන්නම්.

    ReplyDelete
  50. පරක්කු වුනාට මගෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  51. ස්තුතියි තාරක

    ReplyDelete
  52. කාලෙකට උඩදී හංගලා ලිව් බ්ලොග් ලිපියක්ය
    ඒක කියවලා කට්ටිය ෆුල් අඤ්ඤ කොරොස්ය
    ඒ වුනාට වටහා ගත් අයත් ඒ අතරේ හිටියාය
    එදා කිව්ව විප්ලවේ කොල්ලා දිනලාය

    කොල්ලාගේ හිසේ වටිනා මලක් පිපිලාය
    ඒ මල ලොවට සුවඳ දී දින දින බැබලේය
    කොල්ලාත් කෙල්ලත් සතුටින් ඉපිලේය
    අපේ කොල්ලාට හිත පිරෙන්න ලැබිලාය

    ඉතිං මිතුරනි මෙහේ වරෙල්ලා
    අපේ කොල්ලට සුභ පතල්ලා
    චූටි චූටි මහත්තයෙක් ගෙනැල්ලා
    මුළු සයිබර් යාය ම කළ එලි වීලා

    ReplyDelete
  53. එක දෙක වූයෙ කෙදිනක දන්නැ මල්ලී
    දෙක තුන උනාලුනෙ මගෙ හද යයි ඉපිලී
    මේවන් සතුටු දායක මොහොතක මල්ලී
    සුපැතුම් එක් කරමු එක්වී හැම එල්ලී

    ReplyDelete
  54. විප්ලවයට ජයවේවාzzzzzzzzzz :D

    ReplyDelete
  55. අපිත් අන්තිමටම පරක්කුම වෙලා ඇවිත් සුභ පතනවා.....!!!!!

    ReplyDelete
  56. සුබ උපන්දිනයක් වේවා !!

    මාර සිතුවිල්ලක්...සත්තයි මටනම් මේ වගේ දෙයක් ගැටගහගන්ඩ බෑ..

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...