2012/04/06

අද කාටුන් - 10 - බුදුරජාණන් වහන්සේ....! | පෝය ඩේ ස්පැෂල්.

බුදුරජානන් වහන්සේ මේ ලොව පහල වු අති උත්තම පුරුෂ රත්නයය.

ලෝභ, ද්වේශ, මෝහ අකුශල ධර්මයෝ සපුරාම නැසුවා වූ නික්ලේශී උතුමන් අතර අග්‍රතමයාණෝය. සසර පුරා මනා කොට වඩනා ලද බුද්ධ කාරක පාරමී ධර්ම හේතුවෙන්, කලාගාරයක් බඳු වූ, දුටු දුටුවන් මන බඳනා පෞරුෂයෙන් යුත් රූ සිරින් හෙබි සිරුරක් දැරු මහා පින්වතාණෝය. සිංහයෙකුගේ බඳු ප්‍රෞඩ ගමන් ඇති, අනතුරු හමුවේ නොසැලෙන අභීතයාණෝය. බුද්ධත්වයට පත් වී හතලිස් පස්වසරක් පුරා තමන්ට කියා මොහොතක් වෙන් කර නොගනිමින්, නිදි සුව ලැබීම ද දෙපැයක් වන් සුලු කාලයකට සිමා කොට සියලු දෙව් මිනිසුන්ගේ අවුල් තැවුල් වලට අකාලික වූත්, ප්‍රායෝගික වුත්, සර්ව සාධාරණ වූත් දහම් විසඳුම් පෙන්වා දුන් උත්තමයාණෝය.

බ්‍රහ්ම ස්වරයෙන් ද, ඔපවත් වූ මනා වූ ස්වර ගලපා සඳහම් අමා වැසි වැස්ස වූ සුමධුරයාණෝය. මනු ලොවද, සදෙව් ලොවද ඇතිතාක් සුවඳ මනහර මලින් පුදන්න එකම සුදුස්සාණෝය. ලොව ඇති තාක් මිහිරි සුවඳ දුමින් පුජා කරන්නට සුදුස්සාණෝය. සක්වල ගබ පුරා මිණි පහන් දල්වා ආලෝක පූජා කරන්නට  සුදුස්සාණෝය. මධූර වු අග්‍රභෝජන පූජා කරන්නට සුදුසු උත්තම ප්‍රතිලාභියාණෝය.

“බුද්ධ“ යන වචනයෙන් පවා චිත්ත සංතානයක නිතර සිහි කරන්නට ශ්‍රේෂ්ඨ වූ මිහිරාණෝය. අප චිත්ත සන්තානයට නිතර වැඩමවා ගන්නට සුදුසුකම් ඇති අග්‍රතර නිකෙලෙස් පිවිතුරාණෝය. අග්‍ර වෙදැඳුරාණෝය.

කවරාකාර හෝ දුකක් ඇතොත් කියන්නට සුදුසු හිතෛෂිවන්තයාණෝය. ජීවිතයේ දුක් දොම්නස් දුරළන්නට සරු උපදෙස් දෙන කළණ මිතුරාණෝය. උත්පත්තියද අති උත්තම වූ පරිනිර්වාණයද අති උත්තම වූ පින්වන්තයාණෝය. දුන් දේ වෙනුවෙන් තුති පිදුම් ද ගැතිකම් ද යාදිනි ද ඉල්ලා නොසිටින මහත්මා බවින් පිරිපුන් අග්‍රස්ත මහතාණෝය.

බුදු රුව දෙස බලා සිත පහදවා ගත් පමණින් ද, සුමධුර වූ හඬ අසා සිත පහඳවා ගත් පමණින්ද දෙව් මිනිස් සැප අත්පත් කර දෙන පරම ජීවිතාරක්ෂකයාණෝය. දමනය කළ නොහැකි මිනිස්, දේව, යක්ෂ, නාග, බ්‍රහ්ම යනාදී නානා විධ මානයෙන් උඩගු වූවන් මනා කොට දමනය කළ බලවතාණෝය. හාස්කම් වසුරු පිඩක් සේ ඉවත ලූ, සුමධුර ධර්මයෙන් ම ජිවිතාවබෝධය ලබා දුන් පියාණෝය.

ස්වකිය විශිෂ්ඨ ඥාණයෙන් අවබෝධ කරගත් ධර්මයෙන් සහශ්‍රී ලෝක ධාතුවටත්, ඉන් ඔබ්බටත් දහම් අමා වැසි වැස්සවූ ශ්‍රීමතාණෝය. “බුද්ධ“ යන වචන මාත්‍රය සිහි කලත් සියලු ආරක්ෂා ගෙන දෙන්නා වූ අති උත්තම ආරක්ෂකයාණෝය. විශ්වයේ කිසිඳු ශාස්තෘවරයෙකුට නොමැති “යමාමහ පෙළහර“ පාන හැකියාව ඇති, රජුන් අතර මහෝත්තම රජූ වූ බුදු රජාණෝය.

මහා බල ඇති රහතන් වහන්සේලා සතර නමක් විසින් කල්පයක් පුරා කියන ලද ද, කල්පය අවසන් වුවත් අවසන් කළ නොහැකි ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ රුව මම කෙසේ සිත්තම් කරන්නද?

බුදු රජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ මෙනෙහි කරමින් බුදුරුව සිතේ සිත්තම් කරගන්නවා මිස.....!


 .................................
- මීට විදෙස් සිත්තරා
(ඇසුර - චන්දන බණ්ඩාර මහතා - සදහම් දේශක, සදහම් ලේඛක)

79 ක් කියන්නේ !:

  1. අනේ ඉතිං මේවා පේන්න අපි පිං කරලා නෑ නොවැ. මේවා පේනවා ඇත්තේ ආගම බේරගන්න ෆේස්බුක් එකේ පොටෝ සෙයාර් කරන අයට විතරක් වෙන්න ඇති! :P

    ReplyDelete
  2. කියවලා නෑ වගේ :P

    ReplyDelete
    Replies
    1. මේවා අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන! අපි එන වෙලේ ඕවා ලියලා තිබ්බේ නෑ!

      Delete
    2. හරි පුදුමයි!

      Delete
  3. ලස්සන, භක්තිය උතුරා යන, හිතට වදින පොස්ට් එකක්.
    ඒත් සිත්තරේ පේන්නේ සෝවාන් උනු අයට විතරද? :D

    ReplyDelete
    Replies
    1. පේන්නෙ කොහොම උනත් දකින්න බලමු ! :)

      Delete
  4. හී හී...අපිට මනසේ සිත්තම් කරගන්ටනේද කියලා තියෙන්නේ. ඔන්න සිත්තම් කරගත්තා.

    සිත නිවී පහන්වී යනවා ....සාධු...සාධු...සාධු....

    ReplyDelete
    Replies
    1. සිත නිවී පහන්වී යනවා// ඕක ඔය විදිහටම තියාගන්ට බලන්ට....!

      Delete
  5. හොද පොස්ට් එකක්.... ජය වේවා!

    ReplyDelete
  6. ලියල තියෙන ඔක්කොටම වඩා වැදගත් පින්තූරේ... හිස් බව කියන දේ දකින්න අපිට මතක් කරල දෙන්න... මහ හයියෙන් සාදු කාර දෙනවට වඩා හිස් චිත්තරේ දිහා පොඩ්ඩක් බලල කල්පනා කළා නම් ඔන්න පෝය දවසේ පිනක් කර ගන්න තිබ්බා..

    ReplyDelete
  7. සාදු. සාදු.. සාදු...

    ReplyDelete
    Replies
    1. සාදු. සාදු.. සාදු...

      Delete
  8. මම උඹේ චිත්‍රෙ බලන්න පහලට ස්ක්‍රෝල් කලා. කො‍ටුව හිස් නිසා පේජ් රීලෝඩ් කලා. ම්හු! ඊට පස්සෙ තමා කියෙව්වෙ. ඇත්තටම කාලෙකින් බුදුගුණ කියෙව්වෙ. අපි ඇත්තටම අපේ ආගමෙන් හෙමිහිට ඈත්වෙමින් පවතිනවා කියන එක මට හිතිලා තියෙන්නෙ. විශේෂයෙන්ම බුද්ධාගම බෞද්ධයන්ට එපා කරවන වැඩසටහනක්නෙ දැන් යන්නෙ.

    එහෙන් ආගමට අයිතිකාරයො. මෙහෙන් අන්තවාදියො. තව අය ආගම දේශපාලනීකරනය කරනවා. ගාථා පාඩම් නැත්නම් වැ‍ටුප්වර්ධක නොදෙන කතා කියනවා. දහම් පාසල් සහතික රස්සාවක් දෙන්න නිර්නායක කරනවා. කොට කලිසම් විරෝධියො. ක‍ටු ගහලා රෙදි ඔතලා තමයි සිද්ධස්තානවලට යන්න වෙලා තියෙන්නෙ. ඇඳුම සුදුසුද නුසුදුසුද කියලා තීරණය කරන්නෙ ගේට්‍ටුවෙ ඉන්න පොලිස් කාරයො. ඔය වගේ දෙවල් වලින් අපිව ආගමෙන් ඈත් කරනවා.

    උඹ හරියට පිං වැඩ කරනවා මේ දවස්වල නේද? මොකද හොරේ? අර Mad Pill එක ඩවුන් ලෝඩ් කරගත්ත එවුන් තවම පින් දෙනවා මං හිතන්නෙ. මහගෙදර පැත්තෙ කාටවත් කිඹුහුම් එහෙම යනවද කියලා අහලා බැලුවේ නැද්ද බුද්ධි?

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම හිතෙන් අයින් කරලා දාලා බුදුගුණ සිහිකරලා නැවත වැඩේ පටන් ගන්න බලන්න.
      ............

      බිග් මැඩ් පිල් නියමෙට වැඩ කලා... ලොන්ච් කරපු දවස හොඳයිනෙ...

      Delete
  9. සාධු සාධු සා..............................

    ReplyDelete
  10. ගතානුගතික තියරි කාරයන්ට නම් නීරස පොස්ට් එකක් වේවි!:)

    ReplyDelete
    Replies
    1. වෙන්ඩත් පුලුවන්... ඒත් මම වැරැද්දක් කියලා නෑනේ නේද? බයවෙන්න ඕනේ නෑ :D

      Delete
  11. පෝසුටුව නං වටී...පින්...
    ඒත් මං පත්තු කරන් යන රජෙක් හින්දා පින්තූරෙ නොම පෙනේ :)

    ReplyDelete
    Replies
    1. නිවන්ඩ කාලේ හරි නැද්ද තාම...

      Delete
  12. පට්ටම කාටූන් එක..
    එල!!!

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්නද මන්දා? :)

      Delete
  13. නියමයි. මේක නම් ............අතිවිශිෂ්ටයි සර්!!

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයෝ,

      මෙයින් මට යම්කිසි කුසලයක් හිමිවේනම්, එය අඩු නැතිව මා මෙවැනි දෙයකට යොමු කල චන්දන බන්ඩාර සොහොයුරාටත්, මා බුද්ධ ධර්මය වෙත වශීකෘත වූ පොත් පෙළක් රචනා කළවදාල රේරුකානේ චන්දවිමල ස්ථවිරයන් වහන්සේටත් ලැබිය යුතුමයි. දෙවනුව මෙයින් සිත පහදවා ගත් ඔබටත් මටත් පින් කැමති සියල්ලන්ටත් මේ පින් අනුමොදන් වේවා....! අවසන මේ බුද්ධ මූලයේම නිවනම වේවා...!

      Delete
  14. පොස්ට් එක නම් ශ්‍රේෂ්ටයි.. පින්තුරේ මට පෙන්නේ නැත්තේ මම පින් කරලා නැති හන්දවත්ද. ?

    (සමහරු කියනවා පින්තුරේ හිස් කියල, අනේ මන්ද පින්තුරේ මාතෘකාවට බුදුරජානන් වහන්සේ කියල දාල හිස් අවකාශයක් විතරක් පෙන්නන එක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා හරිද වැරදිද කියල.)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. පින්තූරේ හිස් නෑ. දකින්න උත්සහ කරන අයට....

      Delete
  15. පොටෝ එක ලෝඩ් වෙන්නෑ නෙ අප්පා.. :(

    ReplyDelete
    Replies
    1. පොටො එක ලො‍ඩ් වෙන්න නම් හිත Refresh කරගන්න වෙයි හො‍දේ

      Delete
  16. සිත්තම් කර ගත්තා . සාධු සාධු !

    ReplyDelete
  17. පොටෝ එක‍ ලෝඩ් නොවේ :((

    ලිපිය හොදයි. ස්තුති සහ පිං !

    ReplyDelete
    Replies
    1. සිහින,
      හිතේ ලෝඩ් කරගන්න.
      ..........
      ගිම්හානි,
      එහෙනම් සාධූ සාධූ.......!
      ............
      සෑම්,
      මෙයින් මට යම්කිසි කුසලයක් හිමිවේනම්, එය අඩු නැතිව මා මෙවැනි දෙයකට යොමු කල චන්දන බන්ඩාර සොහොයුරාටත්, මා බුද්ධ ධර්මය වෙත වශීකෘත වූ පොත් පෙළක් රචනා කළවදාල රේරුකානේ චන්දවිමල ස්ථවිරයන් වහන්සේටත් ලැබිය යුතුමයි. දෙවනුව මෙයින් සිත පහදවා ගත් ඔබටත් මටත් පින් කැමති සියල්ලන්ටත් මේ පින් අනුමොදන් වේවා....! අවසන මේ බුද්ධ මූලයේම නිවනම වේවා...!

      Delete
  18. පෝය දවසේ මාර පිනක් කොරගන්න යන්නේ..මම මේකේ ප්‍රින්ට් අවුට් එකක් අරගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අරගන්න... බෙදන්න...!

      Delete
  19. පේනිලා නොපෙනිලා ගියා වගේ....

    ReplyDelete
    Replies
    1. දිගමට ට්‍රයි කරන්න

      Delete
  20. ධම්මං පස්සති, සො මං පස්සති

    ධර්මය දකින්න බුදුන් දකී

    ReplyDelete
    Replies
    1. උත්තර ඕනි නෑනේ....

      Delete
  21. මේක නම් ඇත්තටම සුවිශේෂයි අයියේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,
      මෙයින් මට යම්කිසි කුසලයක් හිමිවේනම්, එය අඩු නැතිව මා මෙවැනි දෙයකට යොමු කල චන්දන බන්ඩාර සොහොයුරාටත්, මා බුද්ධ ධර්මය වෙත වශීකෘත වූ පොත් පෙළක් රචනා කළවදාල රේරුකානේ චන්දවිමල ස්ථවිරයන් වහන්සේටත් ලැබිය යුතුමයි. දෙවනුව මෙයින් සිත පහදවා ගත් ඔබටත් මටත් පින් කැමති සියල්ලන්ටත් මේ පින් අනුමොදන් වේවා....! අවසන මේ බුද්ධ මූලයේම නිවනම වේවා...!

      Delete
  22. හපොයි.....තේලුම් ගන්ඩ මං තාම තූති වැඩිඩ මන්ඩ....:/

    ReplyDelete
  23. ටිකක් වෙලා ගියාට පස්සෙ තමයි තේරුණේ......
    තෙරුවන් සරණයි........!

    ReplyDelete
    Replies
    1. අග්නි ධාරා, කිරිපුතා,

      තේරුම් ගන්න බැරි වෙන්නේ නෑ උත්සහ කලොත්

      Delete
  24. බුද්ධානුස්සති භාවනාව කියන්නේ පුංචි වෙලාවක් හරි මම ට්‍රයි කරලා තියෙන භාවනා දෙක තුනෙන් මට පුද්ගලිකව කරන්න ලේසිම සහ පොඩ්ඩක්වත් වෙහෙසක් නැති භාවනාවක්...

    අනන්ත බුදුගුණ තිබුනත් මට එකපාරම හිතට වදින්නේ උන්වහන්සේගේ මහා කරුණාව... ඒක ගැන හිතද්දී එන ගෞරවේ ගැන කියන්න නම් වචන නෑ...

    මේ සුදු පසුබිම දීලා තියෙන්නේ ඒවගේ තම තම නැන පමණින් එතනට පිංතූරයක් දමාගන්න වෙන්නැති...

    ReplyDelete
  25. පොහොය දවසේ පහළ වූ පින් සිතුවිලි දැක පැහැදිමි..
    //“වක්කලී යෝ ධම්මං පස්සති සෝ මං පස්සති - නුඹට මා දකින්නට ඕනෑ නම් ධර්මය දකින්න” //

    ReplyDelete
  26. සාදු. සාදු.. සාදු...

    ReplyDelete
    Replies
    1. රූ, මකරා,

      ඔව් ධර්මය දකින්නයි මේ උත්සාහය

      Delete
  27. අන්තර්ජාල ආගම්වාදියන්ට මේක අල්ලයිද දන්නේ නෑ,,,ඔන්න අපි දන්නේ නෑ බුකිය පුරා උබේ නම ගියොත්,,

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ.... මං වැරැද්දක් කිව්වැයි...!!

      Delete
  28. බුදු හාමුදුරුවො අපිට අඳින්න බෑ. මොකද උන් වහන්සේ දකින්න අපි පිං කරලා නැති නිසා. අපි අඳින්න ගියොත් ඒක ඒ ඒ අය කැමති විධියට අඳින්නෙ. සමහරු ගෑණු වගේ අඳිනවා. මම හිතන්නෙ එතුමා ගරු ගාම්භීර කෙනෙක්. ඉතින් එක එක විධියට අඳිනවට වඩා සිතේ ඉහළම තැනක සිත්තම් කර ගන්න එක තමා හොඳම දේ. බුද්ධි උඹ හරි. ඒ වගේම නිවැරදි බණක් ඇහුවා හුඟ කාලෙකින්. සාධූ.... උඹටත් පිං..

    ReplyDelete
  29. ලියල තියන එක ගොඩක් වටිනවා. චිත්‍රයක් ඇඳපුනැති එක ඊටත් වඩා වටිනවා.

    ReplyDelete
  30. අපුරු පින්තුරේ.... සාධු සාධු... සාධු...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු පුතා සහ පිස්සන් කොටුව

      Delete
  31. බුද්ධියා, පූර්ණ උපෝසථ දිවසෙහි, සිය බුද්ධි ප්‍රභාව පතුරුවමින්, බැලු බැලූ බොහො ජනා සිත් නිවා සනහමින්, ශ්‍රී සර්වඥ බුද්ධ කාය මොනවට හුවා දක්වමින්, බුද්ධ රශ්මිය තුන් ලොව තුළ පතුරුවා හරිමින්, මහාමේරුව අභිබවන ලොව්තුරු බුද්ධ ගුණ සමුදාය සකල සත්වයින්ගේ හද බැතිය උතුරා යනයුරු චිත්‍රණය කෙරෙමින්, විචිත්‍ර වූ බුදු රුවක් මවා පා ඇති බැව් අප නේත්‍ර යුග්මයට පෙනී ගිය සෙයක් යැ.

    සාදු, සාදු, සාදු !

    ප. ලි.: අදහසත්, බසත් අපූරුයි. ඒත් බුද්ධි, පැරණි කළා කරුවත් ඔය ලෙසටම හිතුවා නම් අද අපට අවුකන, සමාධි හෝ ගල් විහාර බුද්ධ ප්‍රතිමා දක්නට ලැබෙන්නේ නැතිවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. පොත් ගුල්ලා,

      මේ විවරණයෙන් ඔබ සිත පහන් වූවා නම්, ඔබ වැනිම බොහෝ දෙනෙකුගේ සිත් පහන් හැගුමින් නිවි ගියේනම් මාගේ අරමුණ ඉටු උනා කියලා හිතනවා.

      මෙයින් මට යම්කිසි කුසලයක් හිමිවේනම්, එය අඩු නැතිව මා මෙවැනි දෙයකට යොමු කල චන්දන බන්ඩාර සොහොයුරාටත්, මා බුද්ධ ධර්මය වෙත වශීකෘත වූ පොත් පෙළක් රචනා කළවදාල රේරුකානේ චන්දවිමල ස්ථවිරයන් වහන්සේටත් ලැබිය යුතුමයි. දෙවනුව මෙයින් සිත පහදවා ගත් ඔබටත් මටත් පින් කැමති සියල්ලන්ටත් මේ පින් අනුමොදන් වේවා....! අවසන මේ බුද්ධ මූලයේම නිවනම වේවා...!

      ................
      ප.ලි - අවුකන පිළිම වහන්සේලා වැනි පිළිම කරවූ අය ඇත්තටම කලාකරුවන්ට වඩා කලා විරුවන්......! ඔවුන්ට අප සියලු දෙනාගේ ගෞරවය හිමි විය යුතුයි.

      Delete
  32. බුදු ගුණ අනන්තය!

    ReplyDelete
    Replies
    1. මහා බල ඇති රහතන් වහන්සේලා සතර නමක් විසින් කල්පයක් පුරා කියන ලද ද, කල්පය අවසන් වුවත් බුදු ගුණ නම් අවසන් නොවේ.

      Delete
  33. බුද්ධි උඹ මාව වාරණයට ලක් කරලද ? කෝ මගෙ කොමෙන්ට් එක...

    කොම වුනත් ...

    සාධු..සාධු...සාධු,....

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක පබ්ලිෂ් කලා. ඒත් ඒක නෑ. ඒකේ තිබුනේ පින්තුරේ විතරක් වෙනමම තිබුනොත් අවුලක් වෙයි කියලා වගේ අදහසක් නේද?

      Delete
    2. ස්පෑම් එකේ බලපං. මේ දවස් වල බ්ලොගර් පිච්චු කෙලිනවා. මටත් ඔහොම වුනා.

      henryblogwalker the Dude

      Delete
    3. ස්පෑම් එකෙත් නෑ.... මේල් වලින් ඩිලීට් කලා. මොඩරේෂන් පිටුවෙත් නෑ. මගේ අතින් ඩීලීට් වෙන්න ඇති

      Delete
  34. මම හිතන්නෙ ඔබ හරි.බුදුරඡානන්වහන්සේ මනසින්දැකගන්න පුලුවන්නම්...දැකඇසුරුකරන්න පුලුවන්නම්...එතනයි නිවිම..

    ReplyDelete
    Replies
    1. ඔව්. අපි ධර්මය දැකිය යුතුයි. එවිට බුදුන් වහන්සේ දැක්කා හා සමානයි....

      Delete
  35. //බුදු රජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ මෙනෙහි කරමින් බුදුරුව සිතේ සිත්තම් කරගන්නවා මිස.....! //

    සාධු..සාධු...සාධු,....!!!

    ReplyDelete
    Replies
    1. සාධු..සාධු...සාධු,....!!!

      Delete
  36. මේ පුර හඳ පායන දවසෙ මේකට මුකුත් වෙලා වත් ද?

    ReplyDelete
  37. නොදන්න කමට අහන්නෙ, භක්තිය තුලින් සත්‍යය දකින්න පුළුවනිද, භක්තිය විමර්ශණය කිරීම වලකනවා නොවෙයිද? විමර්ශණයෙන් තොරව යමක් අවබෝධකරගත හැකිද ?

    ReplyDelete
    Replies
    1. නවම් අයියා හරිම තැනින් අල්ලගෙන වගේ!
      බොහොමයක් දෙනාට භක්තියයි ග්‍රද්ධාවයි පැටලිලා තියෙන්නේ!

      Delete
  38. මුලින් විමර්ශණය කරන්න. භක්තියත් අවබෝධත් පැමිනේවී.

    ReplyDelete
  39. හිතන්න ෙපාලඹවන ෙපා්ස්ට් ඒකක් !

    පින්තූරුය හිස් ඒක ගැන ෙපාඩි තරහක් නාවාමත් ෙනෙව්. පස්ෙස් තමා වැටහුෙන් ! බුදු රුව අැසින් දුටු අයටත් බුදුගුණ වනන්න බැරි ඒෙක් බුද්ධි ෙකාෙහාම කරන්නද !

    බුදුදහම කියන්ෙන් ශාස්තෘ විකුණන් කන අාගමක් ෙනෙව්. වර්තමාන ව්‍යවහාරික බුදුදහම බුදුපිළිමයට ෙලාකු තැනක් දුන්නත්, වඩා වැදගත් වන්ෙන් බුදුෙග් පිළිමයට වඳින ඒක ෙනෙව්. තමන්ෙග් හිෙත් හදාගත් බුද්ධ දර්ශණයට හිස නමන ඒක.

    කීෙබා්ඩ් අවුලක් ! ෙම්කට ෙකාෙමන්ට් ඒකක් දාන්නම ඔ්න නිසා ඒෙහම්මම දැම්මා. කිෙයා්ගන්න අමාරු වුනාට කමාව !!!

    ෙබාෙහාම පිං බුද්ධි !!! ඥාණය පහල ෙව්වා !!!

    ReplyDelete
    Replies
    1. බාධක මැද ප්‍රතිචාරයක් දැක්වූවාට මුලින්ම ස්තුතියි.

      ආමිස හා ප්‍රතිපත්ති පුජාවන් ගැන වැරදි මත ගොඩක් තිබෙනවා. මුලින් සඳහන් කළ රේරුකානේ ස්වාමින් වහන්සේගේ පොත් තුලින් මා ඉගෙන ගත් ප්‍රධාන කාරනා අතර මෙයත් එකක්.

      මෙයින් මට පිනක් ලැබෙන්නේ නම් ඒ හා සමව හිතමිතුරු චන්දන බණ්ඩාර සොයුරාටත් රේරුකානේ මහාස්ථවිරයාණන් වහන්සේටත් පින් ලැබිය යුතුයි. දෙවනුව පින්කැමති සියල්ලන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ බුද්ධ මූලයේම නිවනම වේවා...!

      Delete
  40. මේක හොදයි.ඒත්...කාටුන් කියන වචනයට අදාළ නැතිව වෙනත් විදියකට ලිව්ව නම් හොදයි.

    ReplyDelete
  41. සිත නිවී පහන් වුනේ මේ ලිපිය කියවපු පෝය දවසෙමයි..දැන් තමයි ආයිමත් සාමාන්‍ය තත්වයට පත් උනේ.. ආයිමත් ලබන පෝයට..
    දැන් කාලෙ එහෙමයිනෙ මල්ලි මේක කරන්න පුළුවන්..
    රෙරුකානෙ හාමුඩුරුවන්ගෙ පොත් ටික මන් අන්තිමට කාට හරි පූජා කලා..ආයි එකක් දෙක අරන් කියවන්න ඕනි..ගොඩක් කරුනු හිතෙන් ගිලිහිලා ගිහින්..අනේ අපි කවදා මේ කෙලෙස් කන්දෙන් එතෙර වෙන්නද මන්දා ?

    ReplyDelete
    Replies
    1. අතෑරපන් වෙනී අයියේ සේරම, නිදහස් වෙයන් බැඳීම් වලින්, ආසාවන් ප්‍රහීන කරපන්, මතක ඇතුව අතරිනවනං අර කැමරාව මට දීපන් හොඳේ...

      Delete
  42. යෝ ධම්මං පස්සති යෝ මං පස්සති.. යමෙක් ධර්මය දකීද හේ මා දකී.. (බුදුන් වහන්සේ)

    ReplyDelete
  43. පින්සිද්ධ වෙච්චාවේ !!!

    තෙරුවන් සරණයි !!

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...