2011/06/22

මම ඒකිගෙ තනෙත් අතගාලා බැලුවා යකෝ....| අනේ පලයං........ | මගේ යාලුවෝ - 3

අපි අහවල්ලුය! මේක ඇවිල්ලා අහවල් තැන වැඩ කරද්දි වෙච්ච එකක්ය. වගේ දේවල් දැං මං කියන්නැ. දිගමට ආපු අය දන්නවා අපි කව්ද මොනවද කලේ කියලා. නැද්ද?

අද කියන්නෙ ෂැවොලියා ගැන. නවම්ලගෙ පැත්තෙ පොරක්. ඇරමන්ට් වලට නං මෙන්න!

මන්දා නවම්ලත් සුදනො වගේ හිටියට මේ වගේද කියලා.

මේ සිද්දිය වෙද්දි අපි කොළඹින් කටුනායකට ක්‍රිඩා පුහුණුවීම් වලට ගිහිල්ලා හිටියෙ. අපේ කොල්ලෝ පූල් (pool) එකයි! කෙල්ලො (pool) පූල් එකයි දෙකම!!

සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙක්ගෙ පුහුණුවීම් අවුරුද්ද පුරා ගෙවෙන්නෙ මෙහෙමයි.

අවුරුද්ද මුල මුලික පුහුණුවීම් පටන් ගන්නවා. පළවෙනි මාසෙ දෙකේ කරන්නෙ ශරීරී යෝග්‍යතාවය නැවත ඉහල නංවන එක. ඊලඟ මාස දෙක තුන ශිල්පීය ක්‍රම පුහුණුව. ඊලග මාස තුන හතර තරග ඉසව්වට පුහුණු වෙනවා. ඊට පස්සෙ එන්නෙ තරග පවත්වන කාලය. ඒ වෙද්දි අපි තරග වලට ලැස්තියි. නොවැම්බර් විතර වෙද්දි අවුරුද්දක කෙරුවාවල් පෙන්නලා, දිනලා, පැරදිලා ඔක්කොම වෙලා ඉවරයි.

ඊට පස්සෙ එන්නෙ ඕෆ් සීසන් එක. ඔය ඕෆ් සීසන් එකටයි අපි කටුනායක යන්නෙ. ඒ කාලෙට කරන්නෙ ෆුට්බොල්, වොලිබෝල් වගේ කණ්ඩායම් ක්‍රීඩාවක් කරලා ස්වීමිං පාරක් දාගෙන සැහැල්ලුවෙන් ඉන්න එක.

ඕකට කටුනායකට වඩා හොඳ තැනක් නෑ. ඔය හැම ක්‍රීඩා පිටියක්මයි, සුපිරි ජිම් එකකුයි, ඉන්ඩෝ ස්ටේඩියම් එකකුයි, චිත්‍රපටි ශාලාවයි, කෑම කන්ඩ තැනුයි ඔක්කොම එකතැනක තියෙනවනං ඒ කටුනායක.

බොරුනං අපේ මාරයගෙන් අහලා බලන්ඩ. මිනිහා ඊයේ දාලා තිබුනු පෝස්ට් එකේ කෑම්ප් එක ගැන හෙන විස්තරයක් දාලා තියෙනවා නිල් කැටේට.

ඔහොම කටුනායක ගිය වෙලාවක තමා මේ සිද්දිය උනේ.

මේකට මාට්ටු උනේ මමයි, ෂැවොලියයි, මොටායි, දිගයි, ජෙට්ලියයි.

අපිට තිබුනෙ කිරිඑළදෙනක් තෝරලා ඒකීව කෝප්රල් දිසා කිව්ව තැනක ගහක බැඳලා තියන්න.

ඒ කාලේ කටුනායක කිරි ගොවිපල බාරව හිටියෙ කෝප්රල් දිසා. පොරගෙන් සර් කෙනෙක් පහුවදා උදේට එලකිරි වගයක් ඉල්ලා තියෙනවා. ඒකට කිරි ගන්නයි මේකිව හොයලා තියන්න කිව්වෙ‍.

පොර අපිට වැඩේ බාර දුන්නෙ වැඩි ලේසියට!

ඒත් අපිට හවස් වෙනකං හාංකවිසියක් ඒ ගැන මතක් උනේ නැ.

හවස අපියි, අපේ පූල් එකේ කෙල්ලොයි දෙකට බෙදිලා මරාගෙන ෆුට්බෝල් ගහලා ග්‍රවුන්ඩ් එකේ වැටිලා ටිකක් කතා කර කර හිටියා. ඒ වෙලාවේ අර සිද්දිය දැන ගෙන හිටපු ගැල්ලමයෙක් "මී ඔගොල්ලං අර වැස්සි බැන්ඳද?" කියලා නිකමට අහද්දියි අපිව උඩ ගියෙ.

කොහොමහරි අපි ගියා ගොවිපල පැත්තට. යදිදි හොඳටම කලුවර වෙලා. හවස හයහාමාරත් පහුවෙලානෙ.

මට නං කොහොමත් හරක් දිරවන්නැ. ජෙටා රතු ටීෂර්ට් එකක් ඇඳලා හින්දැ බෑ කිව්වා. මොටානං ඕන වැඩකට රෙඩි. ඒත් හරක් අස්සෙ ගිහිං ඔට්ටුවෙන්ඩ බැහැලු ෆුට්බෝල් ගහද්දි කකුල ඇමැට්ටි වෙලාලු.

කොහොමහරි අන්තිමට ඉතුරු උනේ ‍ෂැවොලියා.

මිනිහා ගියා කොටුව ඇතුලට‍. එහෙං මෙහෙං රිංගලා අතපත ගාලා, අඬ අදුරෙ ඇඟේ පොහොර වැටිච්ච වැස්සියෙක් අල්ලලා ල‍ණුව දාලා අර කියපු තැන ගිහිං බැන්දා.

පැය බාගයයි වැඩේ ඉවරයි!

පහුවදා උදේම බාස්කට් බෝල් ගේමක් ගහන්න අපි ඉන්ඩෝ එකට යන්න ලෑස්ති වෙවී ඉද්දි මෙන්න කෝල් එකක් ආවා.

“කෝ අර වැස්සි අල්ලපු එවුන්ගෙන් එකෙකුට එන්ඩ කියපල්ලා ‍ෆෝන් එකට"

“ගුඩ් මෝනින් කෝපල් දිසා.........මම අහවලා...."

“ආ..... දැම්ම වරෙල්ලා හතර දෙනා වැස්සි බැන්ඳ තැනට"

“හරි.... කෝපල්......"

මං දැනගත්තා අවුලක් වෙලා කියලා. ඒත් මතක හැටියට අපි වැඩේ තිතට කලා.

“මේ ෂැවොලියා..... උඔට හොඳටම සුවර් නේ ඊයෙ ගැට ගහලා ආවේ 'දෙනක්' කියලා"

“මේ මචං උඔ හිතුවද මම පුරුදු වෙන්න හරක් ගැටගැහුවා කියලා. මම ඒකිගෙ තනෙත් අතගාලා බැලුවා යකෝ...... කලුවරේ අඳුරගන්න බැරි හින්දා "

“අනේ පලයං........ එහෙනං අවුලක් වෙන්ඩ බෑනේ බලමුකො..."

අපි සිද්දිය වෙච්ච තැනට යද්දි කොප්‍රලුයි, පොහොර වැස්සියි අපි බලාපොරොත්තුවෙන් මඟ බලාගෙන ඉන්නවා අපි දුර තියාම දැක්කා.

ටිකක් ලගට යද්දිම, වැඩේ ෂැවොලියා අතිං අල වෙලා කියලා තේරුනා!

අපේ ෂැවොලියා වැස්සියෙක් කියලා කලුවරේ කේප්ප හරකෙක් කියහංකො...ගස් බැඳලා තියෙන්නෙ.

මට ඒක තේරුනේ කිරි ගන්න තැන වෙන මොකද්ද දෙකක් එල්ලි එල්ලි තියෙනවා දකිද්දි. දිසාට උදේම මල පැනලා තියෙන්නෙ ඒකයි එහෙනං.

මං නං කන්දෙක එවෙලෙම ලැස්තිකර ගත්තා දිසාගෙන් හොඳවයින් දෙකක් අහගන්න.

දිසාත් අපි එතෙන්ට කිට්ටු වෙද්දිම විදින්ට ගත්තා විදිල්ලක් අපිට වචනයක් කියන්න ඉඩක් නොතියාම. විදලා විදලා මිනිහා අන්තිමට මෙහෙම ප්‍රශ්ණයක් ඇහැව්වා අපිට උත්තර නැති වෙන්නම.

"
උඔලා මේකව ගස් බැලා ගියේ මට කියලා මුගේ ඇx දෙකෙක් කිරි දොව්වන්ද....?"

..............

ප/ලි-

හොඳම වැඩේ ඒක නෙමේ. අපි දිසාගෙන් මෙහෙමයි කියන්ඩ බැරි තරං බැනුම් අහලා ආපහු එද්දි, අපේ අනිත් කොල්ලොයි, කෙල්ලොයි බාස්කට් බෝලා වගේකුත් කොට කොටා ඉන්ඩෝ එක පැත්තෙ මඟ බලං ඉන්නවා අපි එනකං.

අපේ මුඩ් එක අවුල කියලා දැනගත්තු අර අහවල් ගැල්ලමය ප්‍රමුඛ කෙල්ලො ටිකයි, අපේ අනිත් උනුයි සිද්දිය අහන්ඩ අපිව වටකරගත්තා.

ඊට පස්සෙ වෙච්ච දෙබසයි මේ.

"මොකො අනේ ඌ ගොල්ල අප්සෙට් එකේ.....?"

"අර වැස්සි බැන්ද කේස් එකේ පොඩි අවුලක්...."

"ඈයි.....මොකො...."

"නෑ......මුකුත් නෑ....!

"නැත්තෙ මොකෝ....ඊයේ මූ වැස්සිගේ තනේ කියලා හරකෙක්ගෙ ඇX දෙහෙකට රැවටිලානේ...., ඒකට දිසාගෙන් හොඳට අහගෙන එන ගමං මේ... ආ.....නේ.... සොරි සොරි.... ඇට නෙමේ, ඇට නෙමේ....",

"චීයා අනේ ඒ මොකද්ද ඒ කතාව....."

ගැල්ලමයි ඒ කතාව විස්තර ඇතිව අහන්ඩ ලෑස්ති උනාට මොකද, අර දිසායි, ගොනයි එක්ක අපේ හිතේ තිබ්බ මේව්ව එකත් එක්කලා අපිට වැඩිපුර කියවුනේ අහවල් වචන.

ඒ වචන වලට "සොරි කිය කිය" හරි වචන දාලා කෙල්ලන්ට තේරෙන බාසාවෙන් කතාව කියලා ඉවර කරන්න අපිට තවත් සෑහෙන වෙලාවක් ගියා.

..........................

ප/ප/ලි-
තව කව්රු හරි ඉන්නව නං අත උස්සන්න නොතේරිච්ච තැනක් තියෙන?

47 ක් කියන්නේ !:

  1. අනේ...මචං..උඹලත් කොහොම හරි කොප්‍රල් දිසාව ගොනාට ඇන්දුවා එහෙනම්.

    ඔය තියරිය හැම සතාටම හරියන්නේ නෑ..කියලා ෂැවොලියා එදා හරි දැන ගන්න ඇති නේද.

    ReplyDelete
  2. කියන්ඩ දෙයක් නෑ ඉතින් හිනා වෙලා පන ගියා..........

    ReplyDelete
  3. මදැ ඇ+ කිරි බිව් රිලවු ටික..

    ReplyDelete
  4. 18+ මම කියෙව්වේ නැහැ

    ReplyDelete
  5. ගොනාගෙ ඇට අතගාන්න ගිහිං කරුවලේ, ගොනාගෙන් පයින් පාරක් කාල ෂවොලියගෙ ඇට දෙක කරඇඹේන් නැතුව බේරුනා එක මදෑ.

    ReplyDelete
  6. උපරිමයි..හැබැයි අර මම හැමදාම උඹට ලියන්න කියන පොතට නම් දාන්න එපා

    ReplyDelete
  7. අයියෝ ගෑල්ලමයි ටික.

    ReplyDelete
  8. ඕක කොලේ ෂැවොලියාම කියලා සුවර්ද ?? බුද්දි කියලා එකක් වෙන්න බැරිද?

    ReplyDelete
  9. හිනා කාලා මැරෙනවා මේවා කියවලා..

    ReplyDelete
  10. අප්පද බොල කටුනායක කිරි වැස්සියෝ ටික කිව්වම මතක් උනේ...ෆාම් ෂොප් එකේ තියෙන යෝගට් එක..ඒත් මේ කතාව ඇහැවුවට පස්සේ කොහොමද බං මං කට ඇරලා කියන්නේ ජීවිතේට කාපු හොඳම යෝගට් තිබුනේ ඔය ෆාම් ෂොප් එකේ කියලා...ෂීහ්...

    ReplyDelete
  11. ෂික්..අර උඩ තියන ටයිටල් එක දැක්කම මම හිතුවෙ මොකක් හරි හොඳ වැදගත් කතාවක් කියලනෙ....

    මහ වල් කතාවක්.......

    ReplyDelete
  12. කොප්‍රල් දිසා ෂැවොලියගෙ ඇX මිරිකල කිරි ගත්තෙ නැති එක ඇති.

    ReplyDelete
  13. අයිස් ඒජ් ත්‍රී එකෙත් තියෙනවා ඔහොම සීන් එකක්... :)

    http://youtu.be/L8h14hNNj3M

    ReplyDelete
  14. අනේ මන්දා මෙව්වා කාට කියන්නද කියලා......... හිනා හිනා හිනා වෙලා පණ පණ පණ යනවා..... :D

    ReplyDelete
  15. එළනෙ බං.

    ReplyDelete
  16. අපි නං ඔහොම එකක් වුණාම එදා ඉඳන් ෂැවොලියා ගේ නම වෙනස් කරනවා ඇටතනයා වගේ එකකට!

    ReplyDelete
  17. කෝ මේකෙ සිත්තරේ?

    ReplyDelete
  18. නිල් අහස,
    ඔව් ඒක ඇත්ත. හැමදේම අතගාලා හොයාගන්න බෑ කියන කතාව මමත් පිළිගන්නවා.

    ...............
    සමීර,
    ස්තුතියි හිනාවෙලා යන්න ආවාට. ඊලග කතාව සුවීමිං පුල් කතාවක්. ඒක නං හිනායන්නැ සුවර්. බය නැතිව එන්න.

    ........
    නුවන්,
    මක් කිව්වා නුවන් උඔ. අහුවෙනිංකෝ වෙලාවක.

    ...............
    වැප්,
    ආ.... උඔ සුදනා....., සුවිමින් පුල් කතාවට පස්සෙ එන්නෙ වැප් කියලා මනුස්සයෙක් ගැන කතාවක් . ලැස්ති පිට හිටහං...

    ReplyDelete
  19. මට තියනවා නොතේරුනු තැනක්!
    ඇත්තටම අතගාලා බැලුවේ ෂැවොලියාද නැත්තම් එයත් එක්ක ගිය අනිත් එක්කෙනාද?

    ReplyDelete
  20. "උඔලා මේකව ගස් බැඳලා ගියේ මට කියලා මුගේ ඇx දෙකෙක් කිරි දොව්වන්ද....?"
    හැක් හැක්
    ඒකාලෙ ඔය ටෝච් කියන ජාතිය තිබ්බෙ නැද්ද යකෝ... ඕක අතගාලම බලන්න ඕනෙද...

    ReplyDelete
  21. යකෝ බලන් යද්දී බුද්ධියට මේ මොනවත් වෙලා නෑ නේ,,ශැවොලියටයි, මොටයි,දිගයි ජෙට්ලියයි ට නේ සේරම වෙලා තියෙන්නේ...සුවර ඇට අත ගෑවේ කෙහෙල්කොටුවේ එකාම තමා

    ReplyDelete
  22. හිනා කාල මැරෙන සීන් එකක්නෙ...

    ReplyDelete
  23. හැබැයි තව ටිකක් බුරුල්ල අතගෑව නං . . . . කරුවලේම දොවාගන්නත් තිබුනා . . .

    ReplyDelete
  24. හික්ස්...සිරා සීන් කෝන් එක මචො!

    ReplyDelete
  25. ඔබා අයියා,
    ඒක තමා අරුනුත් වැඩිදෙනෙක් කිව්වෙ
    ................

    පැන්ඩා,
    මං හිතුවේ පොතේ මුල් පිටුවට මේ ගැන සිත්තරයක් දාන්න.
    ..............

    පිණිබිඳු,
    නැ... අපි හොඳට කිව්වා​. ගැල්ලමයිට තේරෙන බාසාවකින්...
    ...............

    දුකා අයියා,
    බුද්ධි කොලුවා හොඳ ළමයෙක්නේ. ඔවා කරයියැ ඒයා.

    ............

    සමීර,
    හෙන කාලෙකට පස්සෙ ඇවිල්ලා හිනාවෙලා යන්න.

    ReplyDelete
  26. මාරයා,
    යෝගට් වල ගාන කොහොමද? මට මතක හැටියට වෙලඳ පොලේ වටිනාකමින් බාගයයි. රස කොහොමද?
    ............

    ලකී,
    මං මෙච්චර කල් හිතාගෙන හිටියෙ ලකී කියන්නෙ ගැල්ලමයෙක් කියලා.
    .............

    ප්‍රසන්න,
    අන්න ඒකනෙ. එහෙම උනානං සොරි තමා නේද?.
    ...........

    බීට්ල්,
    අන්න අපි අයිස් එජ් කලේ ඒ කාලේ.
    .............

    රන්දිල්,
    හිනාගිය හැටියට ද කමෙන්ට් එක දාලා තියෙන්නෙ.
    ...............

    නදීර,
    ස්තුතියි. කමෙන්ටුවට.
    ............

    කතන්දර,
    ෂැවොලියා කියලා නම වැටුනෙත් ඔහොම එකක් හින්දානේ.... ඇටතනයක් මරු නම තමා...
    .............

    වැම්පයර්,
    කාලෙකට පස්සෙ ඇවිල්ලා සිත්තරයක් ගැන අහනවා. ඒක ගොනා කාලා

    ReplyDelete
  27. පුසා,
    නැනැ සැවොලියා තමා..... අපි ​නෙමේ :D
    ...............

    කිඩෝ,
    ටොච් ගහපල්ලකෝ හයාමාරට. අනික අවෙලාවේ ටොච් ගහන්න බැ යකො. බොරුනං අහපං මාරයාගෙං
    ...........

    ඩිලාන්,
    අනේ පලයං ඩිලාන්. මං නං ඕවා අතගාන්න ගිය එකක් නැ. අනික මට වෙච්චමනේ මේ බ්ලොග් එක පුරාම තියෙන්නෙ.......
    .............

    සාතන්,
    ස්තුතියි සාතන්. හිනා වෙන්ට ආවට මට.
    ..............

    ඕනයා,
    අනේද කියන්නෙ. නූලෙං බේරුනේ...
    .............

    Sabith,
    ස්තුතියි Sabith මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  28. මගුලක් කතා කරනවා.....බලපන් මගෙ මූනූ පොත....හපෝයි මට ඉතින්.....

    ReplyDelete
  29. නෑ නෑ අම්මේ තේරුනා තේරුනා. යස අගේට තේරුණා!!!

    ReplyDelete
  30. හපොයි මහ විලිසංගෙ නැති කතාවකටනෙව මේක මයෙ නමත් ගාවගෙන තියෙන්නෙ. දැං කොහොමෙයි මේ පෝස්ට් එක ගෙදර උන්දැට පෙන්නන්නෙ කියහං බලන්න.

    උන්දැ මං ගැන මක්කාවත් හිතයිද මන්ද මේක කියවල?

    ReplyDelete
  31. ලකී,
    මං හිතුවේ අර සලමන් ඛාන්ගේ චිත්රපටියෙ වගේ ලකී කියන්නෙ ගැල්ලමයෙක් කියලා. හික් හික්.
    .............

    වන්නි,
    නැ.... ලැජ්ජා වෙන්ඩෙපා... තේරුන්නැත්තං කියහං.. මං අහවල් වඩන නැතුව කියලා දෙඥ්ඤං!

    ReplyDelete
  32. නවං,
    හපෝ හාමිනේට පෙන්නට නං හිතන්නවත් එපා!

    මගේ හාමිනේ මේක බලලා මගෙ ලකුණු වලින් සෑහෙන ගානක් කපලා දැම්මා කියහංකො....!

    ReplyDelete
  33. වලත්තයා... තව චුට්ටක් ට්‍රයි කලානම් ෂෙවොලියාටම කිරිටික දොවාගන්න තිබුනා...

    ReplyDelete
  34. oya kiyana korpal disa kurunaegalada

    ReplyDelete
  35. යන්තන් පොඩි එවුනුත් එක්ක පොර කාලා ලැප අරගෙන මේ පෝස්ට් එක කියවන්න පටන් ගත්ත විතරයි, ගම හාමිනේ ඇවිල්ලා හෙඩිම දැකපු ගමන් ඇහුවා "ළමයින්ට ගේම් ගහන්න නොදී ලැප්ටොප් එක අරගෙන මොනාද අනේ ඔයා මේ කියවන ජරාව.....?" කියලා.

    ඉතින් මම කිව්වා, "නෑ අනේ, මේ හෙඩිම මෙහෙම දාල තිබුනට මේක මේ තනයක් අල්ලපු ගැන කතාවක් නෙමෙයි, තනේ කියලා වැරදිලා ඇ* දෙකක් අල්ලපු කතාවක් කියලා.....!" . ගම හාමිනේ මගේ දිහා බැලුවා බැලිල්ලක් කොහොමද දන්නවද ? ශුවර් අද දවල්ට මට කන්ඩ වෙන්නෙ කඩෙන්....!

    ReplyDelete
  36. යකෝ මගෙ ඔලුව කැක්කුමයි හිනා වෙලා.... විසේසයෙන්ම කොමෙන්ටු කියවලා.... හහ් හහ් හහ්......

    ReplyDelete
  37. හෆොයි අහිංසක දුමියා . . . ලංකාවට ගිහිල්ලත් කඩෙන් කන්න වෙලා . . පව් අයියෝ . .

    ReplyDelete
  38. චතුවා, දිල්මොනා, මෝල්ඩර්, ගොල්ඩ්ෆිෂ්,
    ලාගෙ කමෙන්ටු වලට මම මොකවත් කියන්නැ. ඒවට උත්තරයක් නිකං හරි බැන්දොත් මගේ ඉතුරු ලකුණුත් කැපෙන එක කැපෙනවා.

    දුමියා කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්. මොකො ඌගේ ගම හාමිනේ අඩි හප්පන හැටි අපි ටීවී එකෙන්ම දැක්ක එකනෙ.....

    ReplyDelete
  39. Today only I saw this Blog...I'm sorry that I'm not still competent enough to comment in Sinhala.Nice style of writing....keep it up..Any way saw that you are an athlete and a 400m school record holder. by that information you reminded me about my good old days...I guess your 'Siripala sir" is susiripala ayya..He was doing long distance while I was representing Sri Lanka.....but that is history...hope you are still on the field..sorry to see that Sri Lankan athletes are not performing as well as they used to perform in my era..Sugath,Rathnakumara Damayanthi,SusanthikaSriyani akka and Mahesh perera were my team mates..Hope you all will bring the golden era back to Sri lanka..All the best..

    ReplyDelete
  40. ඔන්න මට නම් කතාව හොදටම තේරුනා. ඒ නිසා මම් අත උස්සන්නේ නෑ.

    ReplyDelete
  41. හරිම හිනා යන කතාවක් හැබැයි ඉතින් වෙන මොකුත් කියන්න විදිහක් නැහැ.

    ReplyDelete
  42. මධුරංගල, නීතලත් ඇවිල්ලනනෙ

    ReplyDelete
  43. හරක් ගැට ගහන වැඩත් කරන්ඩ තියනවද හමුදාවෙ ?

    ReplyDelete
    Replies
    1. නැතුව ඉස්පිරිතාලවලත් වැඩ කරන්ඩ ඕනේ....!

      Delete
  44. අඩේ මේකෙ වෙන එකෙක් Praසන්ன කියල මගේ ප්‍රෝපයිල් එකෙන් කොමෙන්ට් එකක් දාලනෙ. :D

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...