2010/02/27

කොල්ලෙකුට බබෙක් හමිබවුනු ඈත්ත කතාවක්.

හැමදාම හමුදාවෙ කතා කියපු නිසා මට හිතුනා පොඩිකාලේ වෙචිච අපූරු සිද්ධියක් කිවිවොත් හොදයි කියලා!

බොහොම ඉස්සර කාලේ මගේ පූංචිම කාලේ මගේ ලොකෙ පිරිලා තිබුනෙ තනිකර ප්‍රශ්ණ වලින්. මොන දේ කෙරුවත් මොන දේ බැලුවත් හැමදාම මට ගනන් කර ගන්න බැරි තරමි ප්‍රශ්ණ ගොඩාක් විසදගන්න බැරුව ඉතිරි වෙනවා!

ඒ කාලේ අපි ඉතාම සරළ ජීවිතයක් ගත කෙරුවා. අලුත් අවුරුදු කිටිටු වෙද්දි අපි නෑගමි යනවා.
අපි හැම අලුත් අවුරුද්දෙම යන අපේ නැත්දාලාගේ ගෙදරක් තිබුණා. ​ඒ ගෙදර පිහිටලා තිබුණෙ ටිකක් පිටිසර පැත්තක.

අපේ නැන්දටයි මාමටයි ගොවිපොලක් තිබුණා. අවුරුදු කිටිටු වෙද්දි අපේ අමිමලාගෙ පැත්තෙ නෑයොයි අපේ තාත්තලාගේ පැත්තෙ නෑයොයි ඔක්කොම එකතු වෙන්නෙ මෙ ගෙදරට. ඒක නිසා පොඩි උන් කටිටියක් එකතුවෙනවා. අපේ නැන්දටයි මාමාටයි ළමයි 4 හිටියා. පළමුවැනියා ලොකූ, දෙවැනියා බබා, තුන්වැනියා චන්ඩි, අන්තිමයා බට්ටී.

දවල්ට අසල තියෙන දං කැලේට ගිහිල්ලා ඈති වෙන්න දං කනවා. නැත්තං මා​මලාගේ ගොවිපලේ පැල වලට, මෝටර් වලින් වතුර දානවා බලං ඉන්නවා. හවස් අතේ මාමලගේ කජු වත්තට ගිහිං ඈතිවෙන්න කජු පුහුලං කනවා. එද්දි පුලුපුලුවං හැටියට කජුත් අහුලං එනවා.

හරක් ගාල්, එලුකොටු, කුකුලු කොටු හැමදෙයක්ම හැමකෙනෙක්ම අපේ යාලුවො වෙනවා ඒ කාලෙට.
ඔය ඔක්කොම කරලා හවස් අතේ නෑදැයෝ කටිටියම එකතු වෙලා කජු පුචිචනවා. ඒවා කන්නෙ හවස තේ වෙලාවට.

ඔන්න ඔය තේ වෙලාවට අපේ අමිමලාගේ නැන්දලාගේ රසකතා එලිය​ට එනවා. අපිත් ඒ වෙලාවට අමිමලාගේ ඔඩොක්කුවට වෙලා ඒ රස කතන්දර අහගෙන ඉන්නවා. ඔය කතා වැඩිහරියක් ඉවරවෙන්නෙ මට තනියෙන් විසදගන්න බැරි ප්‍රශ්ණ ගණනාවක් ඉතුරු කරමින්.

ඔන්න එක දවසක් මම ඔය කතා අතරෙ අතරමං වෙලා ඉද්දි මට විසදගන්නවා තියා හීනෙන්වත් හිතන්න බය ප්‍රශ්නයක් මගේ ප්‍රශ්ණ ගොන්නට එකතු උනා.

ඒක උනේ නැන්දා එදත් කතාවත් පටන් ගත්තු හින්දයි. නැන්දා කතාව පටන් අරං ටිකක් කියවං ගියා. මමත් නිසොල්මනේ අහං හිටියා. නැන්දා එක පාරටම,
''ඒකාලේ මෙහට එන්න තිබුනෙ අඩි පාරවල්. ඔය ඉස්සර ගෙදර අප්පුහාමි මාමලාගෙ ගෙදරට නුවර ඉදලා පුතෙක් ඈවිල්ලා, පාර හොයාගන්න බැරුව හංදියෙ ඉදල තියෙනවා. ඔන්න ඔය වෙලාවෙදි තමයි ඒ කොල්ලට අර පංසල් හන්දියෙදි බබා හමිබවෙලා තියෙන්නෙ''

''මොනවා '' මාව උඩ ගිහිං කජු අත්තක වැදුනද මන්දා?

හිතාගන්නත් බෑ. ''කොල්ලෙකුට හංදියකදි බබා බමිබවෙලා?'' මම හිතුවා.

නැන්දා එක දිගමට කතාව කියං යනවා. කටිටිය හිනා වෙනවා. පුදුම වෙනවා, බය වෙනවා. මෙ ඔක්කොම මට පෙනුනත් මට කියන කිසිදෙයක් තේරුනේ නෑ. මම සැහෙන වෙලාවක් කල්පනා කලා. කල්පනාකරලා වැඩිකමට මගේ මොලේ හිරවෙන ගතියක් ආවා. මම අමිමගෙන් ඈහැවිව '' අමිමෙ ඉස්සර කාලේ අයියලාටත් බබලා හබිබවෙලා තියෙනවද?'' කියලා.

හරි දැං කතාව තේරුණ අය හිනාවෙන්න. අනිත් අය අයෙත් කතාව කියෝල බලන්න.

ඔය ඉන්නේ ඒ කාලේ ප්‍රශ්ණ ගොඩකට මැදි වෙලා හිටපු මං!

යන්න කලිං මේ පොඩි එකාට කියවන්න ටිකිරි කොමෙන්ටි එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..

2010/02/21

ඔබෙ මොනිටරෙත් ඔබව හිනස්සනවද?


හොදට බලන්නකො ඔය කාටූන් එක දිහා. ඔය වගේ සිද්දියක් ඔයාට වෙලා නැත්තං ඔය පහල තියෙන පෝස්ටි ඔයා මීට කලිං කියොලා නැති කෙනෙක් වෙන්න ඔනී.

අද වීවෙකී ඉරිදා දවස කිවිවට මොකද ගොඩක් කටිටියට නං අද තමා බිසිම දවස. වත්ත සුද්ද කරන්න, මකුලු දැල් කඩන්න, සතියෙම හෝදන්න මග ඈරිචිච රෙදි හෝදන්න, වාහනේ හෝදගන්න, නැත්තං සතියෙම ඈරියස් වෙචිච නින්ද කවර් කරගන්න. වත්තෙ මල් පාත්තිය බලන්න, යාලුවොංගෙ ගෙදරකට ඔලුව දාලා එන්න, ගැණු ලමයා අතේ එල්ලං රට වටෙ ගිහිං පර්ස් එකේ බර හෑල්ලු කරගන්න. පාක් එකට පිරිමි දරුවත් එක්ක ගිහිං සුරංගනා කතා කියන්න. ඒ මුතුත් නැත්තං යාලුවො සෙටි එකත් එක්ක ඔහේ පාරවල් ගානෙ පා වෙන්න. කොචිචර වැඩද?
අද මමත් කොමිපියුටරේ ගාවට අ​වෙ අලුත්ම පෝස්ටි එකක් දාන්න හිතාගෙන. ඒ උනාට මටත් අර ඉස්සෙල්ල කියපු වැඩ වලින් එකක් සෙටි උනානෙ! ඒක හින්ද මම හිතුවා මගේ ඉස්සෙල්ලා පෝස්ටි 3 ඔයාට බලන්න දෙන්න. හෙට අනිද්ද දිහා තවත් රස වෑහෙන මට වෙචිච අනුවේදනීය සිද්දියක් කියවන්න ලෑස්තිවෙලා ඉන්ඩ හොදේ?

විවෙකී ඉරිදා දවසේ කොමිපියුටරේ ලග ඉන්න සුලු පිරිසෙන් එක්කෙනෙක් නං ඔයා ඔය පහල තියෙන ලිංක් එකෙන් ගිහිල්ලා මගේ පෝස්ටි කියවලා බලන්න. ඔයාගෙ මොනිටරෙන් ඔයාව හිනස්සනවද කියලා.

01 ගුවන් හමුදාවට ආපු සෘෂිවරයා කී කතාව
02 ගුවන් හමුදාවෙ හිටපු පැණි කුරුලු රංචුව
03 ගුවන් හමුදාවෙ ප්ලේන් යන්නෙ තෙල් වලින් ද තටු වලින් ද?

(මම කවුද
දන්නවනෙ නේ?. දන්න අයයි ඔවා කියොපු අයයි එහෙම ලිංක් වලට කොටලා අහුවෙන්ඩ එපා හරිද? )

2010/02/19

ගුවන් හමුදාවෙ ප්ලේන් යන්නෙ තෙල් වලින් ද තටු වලින් ද? | තවත් පුංචි රස කතාවක් හොදේ

ඔන්න ගුවන් හමුදාවෙ ඉන්න කාලෙ චෙවිව තවත් රසබර කතාවක් අරං මම ආයෙ ආවා. ඉස්සෙලා දවසෙ දාපු පෝස්ටි වලටනං මට බඩ කට පිරෙන්න කොමෙන්ටි තිබිබා. ආස්...සාවෙ බෑ. සින්ඩියෙ මුල ඉදල හක්කලං ගහපු සද්දන්තයො​ වගේ ම අපිත් එක්කම සිංහල බිලොග් කොස්ගෙඩියෙ මදුලක් වෙචිච අයත් මට එදා කොමෙන්ටි දීලා තිබුනා. ඉතිං මම කොමෙන්ටි දිහා බල බල සමාධි සුවයෙන්ඉන්න කොට තමයි මට මෙ සිද්දිය මතක් උනේ.

මෙක උනේ අපි ගුවන් හමුදාවෙ මුලික පුහුණුවක් ඉවර කරලා ආයෙත් කොළඹ ඈවිත් ක්‍රීඩා පුහුණුවීමි කරන අතර තුරදි. ගුවන් හමුදා පුහුණුවෙදී අපට ගුවන් යානා ගැන, අවිඅආයුධ ගැන න්‍යායික පුහුණුවක් ලබා දුන්නා.

කොළඹ ඉන්න කාලේ අපි පුහුණුවීමි කලේ නිදහස් චතුරස්රය ඉස්සර පිහිටි ටොරින්ටන් ක්‍රීඩාංගණයේ.
ඉතිං පුරුදු විදියට මම හවස ප්‍රැක්ටිස් කරලා මගේ සෙටි එකේ අනිත්ගොබිලෝ ටික එනකං නිදහස් චතුරස්රයේ බැමිමක් උඩට වෙලා ඉදං හිටියා.

සිද්දිය උනේ මං ඔතන ඉන්න කොටයි. හුලං පාරක සිහිල් සුවය විද ගනිමින්, මාරයාට බයේ බල්ලොත් අරං චතුරස්රය වටෙ යන කටිටිය දිහා කොචිචර බලං හිටියත් එපා වෙන්නැ. හරියට තොරණක් දිහා බලං ඉන්නව වගේ.
ඔන්න ඔය ​වෙලාවෙ තමා හරියටම සිද්දියට මුල පිරුවෙ

''මචං'' කියද්දි මම බැලුවා. කතාකරලා තියෙන්නෙ මගේ හොද යාලුවෙක්. ඈලෙක්ස් කියලා.
''අමමට.........ඈලානේ කොහොමද බං''
ඔහෙ ඉන්නවා මචං. ඒක නෙමෙ බං මං උඹෙං අහන්නමයි හිටියෙ, මචං ඔය උඹලගේ ප්ලේන් උඩ යන්නෙ තෙල් වලින්ද බං?
''පිස්සුද යකෝ''
''බොරු නොකියා ඉදහං. එහෙනං අර රත්නායකයා කියන්නෙ තෙල්වලිං කියලා.''
''පිස්සුද බං. ප්ලේන් එක උඩ අහසේ තියෙන්නෙ තටු වලින්.....''
''න්නැ........................සිරාවට. අනේ බොරු නොකියා ඉදහං. ඈත්ත කියපංකො බං?
මෙ යකාගෙන් බෙරුමක් නැහැනෙ. තොරණ් බැලිල්ල පැත්තකින් තියලා කෝස් එකේදි අපිට කියලා දුන්නු දැණුමෙන් ටිකක් මූට පොවන්න මං තීරණය කලා. කරේ දාං හිටපු බෑග් එකයි, වතුර බෝතලෙයි බිමිං තිබිබා.

''මෙහෙමයි මචං ඈලා. අහසේ ප්ලෙන් එක රැදිලා තියෙන්නෙ හුලං හින්දා. හුලං අතරෙ තටු දෙක රැදිලා තියෙන හින්දයි ප්ලේන් එක උඩ තියෙන්නෙ. ප්ලේන් එක බිම ඉදං රොද වලිං යද්දි තටු දෙක පාත් කරනවා. එතකොට ප්ලේන් එක උඩට යනවා. තටු බැලන්ස් නං ප්ලේන් එක කෙලිං යනවා. තටු උස්සපු ගමන් ප්ලේන් එක කඩාගෙන පහලට එනවා.'' මම හිටගෙන මගේ අත් දෙකෙන් ඩිමෝ එකක් පෙන්නන ගමන් ඈලාට කියලා දුන්නා.
ඈලා ජපං හයිකු කවියක් ලතින් බාසාවෙන් අහනවා වගේ මගේ මූණ දිහා බලං ඉන්නවා. තත්පර 3 න් විතර ගල් වෙලා හිටපු ඈලා,
'' පලයං පච කෙලින්නැතුව. එහෙනං හෙලිකොප්ටර් යන්නේ ඔය අපූරුවට. තටු නැතුව!''
''යකෝ'' මට ඉන්නෙ කුරුදුවත්තේ බව අමතක උනා.
''හෙලිකොප්ටරේටත් සිද්ධාන්තෙ ඒක තමයි!, ඔය හෙලිකොප්ටරේ රූමිපෙත්තේ තමයි ඉතුරු ඔක්කොම කැලි එල්ලිලා තියෙන්නෙ. රූමිපෙත්තත් අර වගේමයි. කැරකෙන රුමිපෙත්ත පාත් කරද්දි උඩ​ට යනවා. උස්සද්දි පහලට එනවා. රූමි පෙත්ත ගැලවුනොත් ඉතිං සොරි තමා හුටස් ගාලා හෙලිකොප්ටරෙ බිම'' මං ඈලාව බය කලා.

''සිරාවටද බං. පලයං බං යන්ඩ. උඔලගෙන් නොදන්න දෙයත් අහනවට වැඩිය හොදයි.............'' ඈලා සද්දෙ දාලා රත්නායකයා එක්ක යන්න ගියා.
'' නෙද්දකිං විතරක් මුන්ට යමක් කියලා දෙනවට වැඩිය හොදයි මෙ තඩි පුං කලසෙ කට උලා ගත්තනං'' මම හිතුවා. මම උංව අමතක කරලා මගේ කස්ටිය එනකං තොරණ් බැලිල්ල පටං ගත්තා.

ආ ඔය එන්නේ කටිටිය.....
''යමං එහෙනං'' චමියා කිවිවා. (චමියා - මතකයිනෙ බුවා කවිද කියලා?)

මමත් පාඩුවෙ කස්ටිය එක්ක නිදහස් මාවතේපාවුනා.

ඒ අස්සේ ඈලා රත්නායකයා එක්ක බර කතාවක,
අපි එතනිං යද්දි රත්නායකයා '' මෙ මචං..... මෙ ඈලා කියන්නෙ ප්ලෙන් යන්නේ තටු වලිං කිවිවා කියලා. මූ ලබන බදාදා මැලේසියා යන්ඩ ඉන්නෙ මීටි එකකට. මූ දැං ප්ලේන් එකේ යන්න බයේ. දැංමම උණ වගේලු'' රතා හිනා උනා.

මෙ මොන හෙනගෙඩියක්ද යකෝ. මූ රට යන්න බැහැ කිවිවොත් ඒකේ පාපෙත් මටනෙ.
''ඒ ඈලා..... මං විහිලුවක් බං කලේ. ප්ලේන් යන්නෙ තෙල් වලින් තමා.''
''ඒකනෙ බං කියන්නෙ. උඹලත් මාර බඩුතමයි''
''නෙදකිං මෝඩයා'' කියලා මම හිතුවට '' ගනන් ගන්ඩ එපා මචං කියලා මම කිවිවා''
ටික දුරක් එන කොට චමියා අහනවා,
'' මොකද්ද මචං කේස් එක?''
''නෑ බං. මෙ ඈලා අහනවා අහසෙ ප්ලේන් යන්නේ තෙල් වලින්ද තටු වලින්ද කියලා?''
'' තෙල්වලින්නේ!!!!!! උඹ මොනවද කිවිවෙ'' චමියත් කියපි.

මොනවා යකෝ මෙ මී හරකත් ඒකම කියනවා. මූ මමත් එක්ක එකට කෝස් එක කෙරුවට මොකද මුගෙ ඔලුවෙ තිබිබි මැටි නං හේදිලා ගිහිල්ලා නැද්ද කොහෙද? මෙ මී හරකත් එහෙම කියන එකේ ඈලා මොනවා කිවිවම මොකද?!

''යකො මිනිහෙටිට හරි යද්දි ඉරිසියා කන්ඩ එපා බං. උ ඔය ඉස්සෙල්ලාම ප්ලේන් එකක යන්න යනවාමද කොහෙද? තෝ උව හොදටම බය කෙරුවා නේද කැ.....(බීප් බීප්)...යා. මං බලාගෙන උඔ අත් වන වනා උට මොනවද කියනවා.'' චමියා දිගමට බුරනවා.

'' ​මෙ චමියා, මාත් එක්ක පොඩි ගමනක් යන්ඩ වරෙන්කො....''
''කොහෙද බං?''
'' අර නිදහස් චතුරස්රෙ ගාවට ටිකක්''
''ඈයි?''
'' අර එතන තියෙන තඩි පුංකලසේ කට ටිකක් උලා ගන්ඩ''
''??!!''
..............................................................

ඔය ඉහලින් තියෙන්නෙ මම ඈලාට පාඩම කියලා දෙන එක විදෙස් කාටුන් ශිල්පියෙක් දැක්ක විදිහ. (හිකිස්.)
දැං ඉතිං කොමෙන්ටි කික් එකක් දෙනවානේ නේ....









2010/02/17

සයිබර් යාය සින්ඩියේන් අතුරුදහන්...

සයිබර් යායේ ඊයෙ පල කළ පෝස්ටි එක සින්ඩියේ දතුරුදහන් වෙලා තිබුනා. පස්සෙ හොයලා බලද්දි ඒක තිබුනෙ 15 වෙනිදා පළ වුණු පෝස්ටි ගොඩක පතුලෙ හිරවෙලා තිබුනා. සමහර විට මගේ ලොස්ටි එකකින් එහෙම වෙන්න ඈති. ඒක එහෙම උනායින් දෙන්නෙක්ට අසාධාරණයක් වෙලා. ඒ ඊයෙ නිදිමරපු මගේ ඈස් දෙකයි, අකුරු කොටපු මගේ ඈගිලියි. කොහොම හරි කියෝපු නැති අයට පහල තියෙන ලින්ක් එකෙන් මම ගුවන් හමුදාවෙ හිටපු කාලෙ වෙචිචි රසබර සිදුවීමි කියොලා බලන්න පුලුවන්.

ගුවන් හමුදාවට ආපු සෘෂිවරයා කී කතාව

ගුවන් හමුදාවෙ හිටපු පැණි කුරුලු රංචුව

2010/02/15

ගුවන් හමුදාවට ආපු සෘෂිවරයා කී කතාව

ඔන්න ගුවන් හමුදාවෙ හිටපු මම නිවාඩු යන්න ගිහිං වෙචිචි අකරතැබිබය මම එදා කිවිව. කියොපු නැති අය මෙතැනින් ඒක කියවන්න. එදා මම කිවිව වගේ මම කතා කියන්න මෙ බිලොග් එක පටන් ගත්තෙ නැති උනත් එදා කතාවට කොමෙන්ටි දාල තිබුණු Wiz Kun, චතුරංග, දොඩන්, ගයාන් බාලසූරිය, samudrika, thariya, panhida, Doc. Hondahitha වගේ අයගේ කොමෙන්ටි දැක්කහම දිගට​ම ලියන්න පොඩි කික් එකක් ආවා.

හරි අද මම අපේ කෝසෙක් (එතට හමුදාවට ආපු අපේ බොක්කක්) පෝය දවසක කරපු වැදගත් වැඩක් ගැන කියන්නයි යන්නෙ.

පොය දවසක් කියන්නෙ හමුදාවෙ හිටපු අපිට ඒ කාලේ පුදුම Fun දවසක්. එදා දවස හරිම සැහැල්ලුවෙන් අපි ගෙවලා දානවා. අපේ කීඩා පුහුණුවීමි එදිනත් තිබුනත් රජයේ නිවාඩු දවස් මුලු ලංකා​වම භුක්ති විදිද්දි අපි විතරක් මොන එහෙක​ට පුහුණුවීමි කරන්නද කියලා අපිත් එදාට නිවාඩු දානවා.

පෝය දවසේ අපේ දින චරියාව මෙන්න මෙහෙමයි.
උදේම නැගිටලා මුණ කට හෝදලා හමිබවෙන තේ එකත් බීලා. අපේ සෙටි එකම කෑමිප් එකේ ඉදං ගෝල් පේස් එකට පොඩි ජොගිං පාරක් දානවා. ආයේ ඈවිත් නාලා එහෙම උදේට කාලා 10ට 10.30 විතර සෙටි එක එකතු වෙලා එක්කෝ කිකටි ගහනවා. නැත්තං වොලිබෝල් ගහනවා. ආයේ දවල් කෑම වෙලාව ආපුවාම සෙල්ලං ඉවර කරලා නාලා කාලා එහෙම පොඩි රෙස්ටි එකක් ගන්නවා.

ඒ වෙලාව​ට ඉතිං එක එකාට වෙචිචි දේවල් මතක් කර කරා හිනාවෙනවා. සමහරු පත්තර බලනවා, චිතුපටි බලනවා. රෙදි හෝදනවා, නැත්තං කැමිප් එකේ බොක්ස් පොලීමෙන් එකක් බදු අරං මාසයක් එකතු තරපු රුපියල්පහේ එවා ඉවර වෙනකං මල් නෙලනවා. මුකුත්ම කරන්න නැත්තං නිදාගන්නවා. හැන්දැවට ඔක්කොමලා වගේ ගංගාරාමෙට ගිහිං මලක් පහනත් පූජා කරල එනවා. අමිමෙ බලන්ට එපැයි එතකොට අපේ උන්ගෙ සිල්වත් කම.

අද මම කියන්න යන කතාව සිද්ද උනේ අර ඉස්සෙල්ලා කිවිව දවල් කෑමෙන් පස්සෙ හමිබ වෙන වෙලාවෙදි.

එදත් සුපුරුදු විදියට අපේ කෝප්රල් ආව. එයා වෙලාවකට දෙයියෙක් වගේ. වෙලාවකට යකා ! කොහොම හරි මෙයා එද්දි කොහොමත් අපේ බඩවල් වල අමුතු දැවිල්ලක් එනවා. මිනිහා ව​චන දෙකක් තුනක් කතා කලාම එක්කෝ ඒක වැඩිවෙනවා. නැත්තං හොද වෙනවා.

කොහොම හරි මිනිහා එදා කැප්ටන් කූල්.

මිනිහා කියනවා ''උඹලා දන්නවද අද දවසෙ වැදගත් කම. හරි උඹ කියපං බලන්න අද දවසේ වැදගත් කම'' කියලා අපේ කොල්ලෙක්ගෙ පැත්ත බලල ඔලුව වැනුවා.
මම හිතුවා '' අනේ උෘයි මායි දන්න දවසෙ වැදගත් කම. උ කියයි අද කෑමට මස් දෙන්නෙ නැහැ. ඒකයි වැදගත් කම'' කියයි කියලා.

උත්තර නැති තැන අපේ කෝප්රල් එකෙක් පෙන්නලා ''හරි උඔ දැං ඉදලා හිමාලෙන් ආපු සෘෂිවරයෙක්. සෘෂිවරයා දැනගන්න ඔනා අද දවසේ වැදගත් කම උඹ කියපං'' කිවිවා.

කෝප්රල් කිවිවාම ඉතිං බෑ කියන්න යෑ. උෘ සුදු බෙඩිශීටි එකක් ඔතාගෙන සෘෂිවර වෙස් අරං අහසින් වඩිනවා ඈදංවලිං පැන පැනා. ඔක්කොමලා බලං ඉන්නෙ මූ මොකාටද එන්න හදන්නේ කියලා. කොප්රල්ටත් කාලෙකට පස්සේ හිනාවක් ගහිල්ලා තියෙන්නෙ.

මු අහසින් වැඩියා ඩබල් බෙඩි එකක උඩ ඈදට. ඈවිත් අද දවසේ වැදගක් කම ගැන කියන්න ගත්තා. මට පෙන්නෙ සෘෂිවරයා පොය දවසේ මදිනොකියන්න පවු ටිකක් පුරොගන්න වගේ යන්නෙ. දැන් සෘෂිවරයා ඈද උඩ දැහැනට සම වැදිලා

'' එමිබා ගුවන් භටයිනි අද දවසේ ලොකෙට වගේම ලංකාවෙ අපිටත් වැදගත් දවසක්. අද තමයි තපස්සු භල්ලුක වෙළද දෙබෑයෝ බුදු රජාණන් වහන්සේට විලදයි මී පැණියි දීලා බණත් අහලා කේෂ දාතුවකුත් අරං ලංකාවට අවෙ. අන්න ඒක දැන ගනිල්ලා. නැතුව අද දවස වෙන්කරලා තියෙන්නේ 5හේ කාසි වලිං මල් කඩන්න නෙමෙයි'' කියලා සෘෂිවරයා එර්දි උනා.

කෝප්රල්ට විතරක් නෙමෙ අපිටත් හොදමට හිනා ඒක වෙචිච විදියට.

ඊට පස්සෙ තමයි කතාවෙ හොදම හරිය එන්නෙ.

කෝප්රල් ඈති වෙන්න හිනාවෙලා හිනාවෙලා ''හරි උඹලගෙ A4 කොල වලින් එකක් අරං කතාවෙ හිත්ගත්තු තැනක් චිත්රයට නගපල්ල කියලා'' මූටත් අපිව බයිටි කරනවට වැඩිය දැයක් නැහැ.

මම '' යකෝ තෝ හිතුවද කෝප්රල් අපි හොඩියෙං මෙතෙන්ට වැටුන කියලා '' අහන්නත් ගිහිං ආයෙ මොකටද එයාගේ හිත රිද්දන්නෙ කියලා නිකං හිටියාග කතාවෙ සැරට කෝප්රල්ට ඈඩුනොත් එහෙම අපිටනෙ හොද නැත්තෙ.

දැං කොල්ලො එක100ගානට ට චිත්ර අදිනවා. ඈදලා ඉවර උනාම ඔක්කොම එකතු කරලා පොලිම​ට තිබිබා. කොල්ලො තමන්ට හැකි පමණින් ඈදලා. මොකට කියනවද ලස්ස​නේ බෑ චිත්ර ටික. කොහොම හරි ඈදපු චිත්ර වලින් ඔක්කොම තේරුමි ගත්තැකි එකක් ඈර.

මොකද්ද යකො මෙ මූ ඈදල තියෙන්නෙ. මුලු ​බෙෘද්ධ ඉතිහාසෙම මතක් කලත් මෙ වගේ අවස්ථාවක් ම​ට මතක් වෙන්නෙ නෑ.

මම '' මොකද්ද බං මෙ ඈදලා තියෙන්නෙ''

''ආ.... උඹලට තේරෙන්නෙම නෑ..... කොහෙද ඉතිං උඹලට රසවින්දනයක් තියෙන එකක් යෑ! මෙ ඈදලා තියෙන්නේ තපස්සු භල්ලුක දෙන්නා බුදු හාමුදුරුවන්ගෙන් බණ අහන අවස්ථාව යකෝ!''

මොන තපස්සු භල්ලුක ද යකෝමෙ. මට නං හිතාගන්න බැහැ. මට විතරක් නං කමක් නැහැ. අනිත් එවුනුත් සක්වල ජීවියෙක් දැක්ක වගේ බලං ඉන්නවා. උන්ටත් තේරැං ගන්න බැ ම​ගෙ හිතේ.
මම කෝප්රල් දිහා බැලුවා මිනිහත් තරු පටි ඹක්කොම අමතක කරලා කොල්ලො එක්ක එකතු වෙලා මෙ සිතුවම විශ්ලේෂනය කරනවා.

''හරි උඹම තේරුං කරපං මෙක'' මම කිවිවා.

යකෝ උඹලා බබාලද " මෙ ඉන්නෙ අපේ බුදු හාමුදුරුවෝ. මෙ ඉන්නේ බල්ලො දෙන්නා.''

''බල්ලො දෙන්නා කිවිවෙ?''

''ඈයි සෘෂිවරයා කිවිවෙ තපස්සු භල්ලුක කියලා දෙන්නෙක් බණ ඈහැවිවයි කියලා. ඉතිං ඒක තමා මෙ ඈදලා තියෙන්නෙ. මෙ බුදු හාමුදුරුවො. මේ තපස්සු භල්ලුක කියන බල්ලො දෙන්නා.''

යකො මූව කටු ඉඹුලේ නග්ගන්න එපැයි! මෙ කරලා තියෙන අපරාදෙට . අපරාදේ කොහොම උනන් අපේ කොල්ලො ඔක්කොම බඩ පැලෙනකං හිනාවෙනවා. අමිමො එහෙම හිනාවිල්ලක්. හකු රිදෙනකං හිනාවුනා. ඒත් මදි. කමිමුල් ගල් වෙනකං හිනාවුනා. ඒත් මදි! බඩ ලොක් වෙනකං හිනා උනා. ඒත් මදි. මූගේ චිත්රෙ බල බලා ඈතිවෙනකං හිනාවෙනවා.

'' යකො තපස්සු භල්ලුක කියන්නේ මිනිස්සු දෙන්නෙක්'' මම හිනාව අස්සෙං කියලා දැමිමා.

''සිරාවටම.........බල්ලො දෙන්නෙක් නෙමෙයිද? කියලා උත් අපිත් එක්කම එකතු වෙලා උගෙ චිත්රෙට හිනා වෙනවා.
කටිටියම ඈති වෙනකං හිනා උනා. හොදම වැඩෙ තමයි චිත්රෙ ඈදපු එකත් ඒක දිහා බල බල

'' සිරාවටමද මචං'' කිය කිය හිනාවෙචිච එකයි.
ඉතිං ඔන්න ඔහොම ජීවිතේ අමතක නොවෙන පෝය දවසත් ගෙවිලා ගියා. එදා හවස පංසල් යනකං අපිට හිනා වෙන්න හොද හේතුවක් තිබුනා.

(හරි දැං කතාව ඉවරයි. එක කතාවක් කියන කොට තවත් කතා ලොටි එකක් මතක් වෙනවා. කතාව ඔක්කොම කියෙවිවනං කොමෙන්ටි එකක් දාන්න. එතකොට ආයත් ලියන්න පොඩි කික් එකක් එනවා. )

2010/02/12

ගුවන් හමුදාවෙ හිටපු පැණි කුරුලු රංචුව

බිලොග් නං ඔනා තරං ලිවිවැහැකි. නමුත් පහුවදාට බලද්දි කොමෙන්ටි එකක්වත් නැත්තං වැඩැක් නැහැ නියල මට හිතෙනවා. සින්ඩියට ආවට පස්සෙ ලියපු මුල්ම පෝස්ටි එකට නමි හිතේ හැටියට පුතිචාර තිබුනා.

හරි.... මම මෙ බිලොග් එක පටන් ගත්තෙ කතා කියන්නම නෙමෙ උනත් විශේෂ ඔත්තුවක් හොයාගන්න බැරි උන නිසා මම ගුවන් හමුදාවෙ ඉද්දි වෙචිච රසවත් සිද්ධියක් කියන්න හිතුවා.

මම අපොස උපෙළ කරපු ගමන්ම වාගේ ගුවන්හමුදාවෙ මළල කිඩා සංචිතයට බැදුනා.
සාමාන්‍ය පුද්ගලයෙක් හමුදාවට ගිය ගමන් ඔවුන්ව හමුදා පුහුණුවට යොමු කරනවා. ඔවුන් මාස 9කට පස්සේ කෑමිප් එකෙන් එන්නේ සමිපූර්ණ වෙනස් පුද්ගයෙක් වෙලා. අංග සමිපූර්ණ හමුදා භටයෙක් වෙලා. හැබැයි අපි හමුදාවට ගියේ ඒ ආකාරයෙන් නෙමෙ. අපි ගුවන් හමුදා මළල කීඩා සංචිතව නියෝජනය කරන නිසා හමුදාවෙ තියෙන ආයුධ පුහුණුව අපට පසුව ලබා දෙන්නෙ.

ඉස්සල්ලොම කෑම්ප් එකට ගිය ගමන් කිසිම දෙයක් දන්නේ නැහැ. කරකවලා අතඅරිනාව කියන්නෙ මොනද්ද කියලා තේරුනේ කැමිප් එකට ගියාට පස්සේයි. කෑම ගන්න තැනට ගියහම කැම ගන්න පිලිවෙල දන්නෙ නැහැ. පෝලිමක ඉන්න දන්නෙ නැහැ. ඈදකට බෙඩි ශිටි එක දාන්න දන්නෙ නැහැ. උදේට නැගිටල කරන්න තියෙන වතාවත් දන්නෙ නැහැ. කොටින්ම කිවිවොත් කෑමිප් එකේ ඈතුලෙ සිදුවෙන කිසිම දෙයත් දන්නෙ නහැ.

කොහොම හරි අවුරුද්දක් දෙකක් යනකොට අපි කෑම්ප් ඓකේ නීතිරීති බෝහෝ දුරට අපි දැනගන්තා.

මම හිතන්නෙ එහෙදී හමුවුන යාලුවෝ තරමි හොද යාලුවො ටිකක් ආයේ ජීවිතේකවදාවත් හමුවන්නෙ නැහැ කියලා මට හිතෙනවා.

කොහොම උනත් දැන් තමා කතාවෙ හොද හරිය.

එක දවසක් අපේ කෝප්රල් කෙනෙත් ඈවිත් ''උඔලට දවස් 7 කට නිවාඩු හමිබාවලා තියෙනවා නිවාඩු ඉල්ලුදමිපත් පුරෝපල්ලා කිවිවා. හමුදාවෙ හිටිය අපිට මෙ වචන ටික දෙවිලොවෙන් පැමිණි දේව වාඛ්‍යක් වගේ.

අපේ කටිටියත් ඉතින් නිවාඩු ඉල්ලුමි පත් පුරවන්න කලින් හොයන්නෙ ටිපෙක්ස් හින්දා නිවාඩු ඉල්ලුමි පත් පුරවන්න වෙනම යාලුවො දෙන්නෙක් හිටියා. නිවාඩු දාන එකත් ලේසි වැඩත් නෙමෙ. ඒක වෙන්නෙ මෙහෙමයි,
01. මුලින්ම නිවාවු යන ඔක්කොමලා ඉල්ලුමි පත් පුරෝනවා.
02. අපි වෙනුවෙන් ඉහලට වග කියන උසස් නිලයක් හිමි පුද්ගලයෙන් අපගේ නිවාඩු දීමට සුදුසු බව කියමින් එය අනුමත තරනවා.
03. කිඩා අංශය භාර උසස් නිළධාරියෙක් අනුමත කරනවා.

ඊට පස්සෙ තමයි හොදම හරිය.
අනුමත කරපු නිවාඩු ඉල්ලුමි පත් ටිකත් ඈරන් ගුවන් හමුදාවෙ විනයාරක්ෂක කාර්යාලට​ ගොස් එවා භාර දෙන්න ඔනි.
එවා භාර දෙන්න යන්න නියම උනොත් ඉතින් සොරිම තමා. වියනාරක්ෂක කාර්යාලය කියන්නෙ අපි වගේ හමුදා පුහුණුව නොලබපු අයගේ අපායක්. කාර්යාලයේ අය අපි කවුද කියලා බලන්නෙ නැහැ විනය කැඩුවොත් ඉතින් එවෙලෙම පනිෂ්මන්ටි හමිබ වෙනවා. මහුදාවෙ පනිෂ්මන්ටි ගැන අහලා ඈතිනේ. ඉතින් ඒවා මතක් වෙද්දි මොන නිවාඩුද කියලා හිතෙනවා. ඒ සවස් 7ත් කෑමිප් එකම ඉන්න හිතෙනවා.

කොහොම හරි කෝප්රල් ඈවිත් මෙ මගුල් ටික භාර දෙන්න යන කෙතාන තොරන්න පටන් ගත්තා. කටිටිය පොලීමි වෙලා ඉන්නවා එකෙක් ඔලුව උස්සනනෙ නැහැ.
කොප්රල්ට මල පැන්නා "ඈයි යකො තොපි බිම බලං ඉත්නෙ තොපේ ----(බීප් බීප්)---- බිම වැටිලද '' කියද්දම මම ඔලුව ඉස්සුවා. හුටා කෝප්රල් කියපි " උඹයි චමින්දයි ගිහිං මෙවා භාර දීපං" කියලා. අපිට ගුවන් හමුදාවට එන දවසෙ කිවිවෙ අපිට ඉහලින් ඉන්න පිදුරු ගහක් හරි මොනවා හරි කිවිවොත් ඒක කරන්න ඔනි කියලා. දැං ඉතිං මොනවා කරන්නද අපි ගිහහිං එක භාර දුන්නා කියමුකො. නිවාඩු ඉල්ලුමි පත් දවල් ගිහින් දුන්නම හවස් වෙද්දි අනුමත වෙනවා.

හවස 5.30 වෙද්දි කටිටිය ලැස්ති වෙලා නිවාඩු යන්න. ඊට කලින් මමයි චමින්දයි අයේ යන්න ඔනි අර වීර චාරිකාව. ඉල්ලුමි පත් අරං එන්ත. අතරමග හමුවෙන සියලු උසස් නිළයන්නට ආචාර කරමින් නිවැරදිව පාද හසුරුවමින් අපි කාර්යාලට ගියා කිසි ගින්නක් නැතිව. හවස 5.30 පහුවෙලා හින්දා ඔපිස් එකේ කටිටිය අඩුයි. ඒත නිසා ඈතුලෙ හිටපු නිළධාරියෙක් " ඈතුලට ඈවිත් උඹගගේ ඒවා තියෙනවද කියලා බලපල්ලා කිවිවා. මොන හෙන ගෙඩියක්ද යකෝ. වෙනදට දොර ගාව ඉදං ඉල්ලුමි පත් තොරලා අරං යන අපිට අද ඈතුලට ඈවිත් තොරගන්නලු. ඔක ඈතුලට අඩිය තියනවා තියා ඒ පැත්ත බලන්නත් අපි බයයි කියලා මෙ යකා දන්නවා යැ. මම චමිටා දිහා බැලුවා උෘ පොලිස් කාරයට ටිකටි කඩපු කොන්දොස්තර වගේ මගෙ දිහා බලං ඉන්නවා. දැං ඉතිං මොනවා කරන්නද මම චමිය​ට ඹලුවෙන් සිග්නග් එක දීගෙන ඈතුලට ගියා. චමියා ඉල්ලුමි පත් මිටියම අතට ගත්තා. එතන එදා දවසේ නිවාඩු යන ඹක්කගේම නිවාඩු පත් ටික. ඔක්කොම 70 විතර තියෙන්න ඈති. හැබැයි හමුදාවෙ වැඩ ගැන කියන්න ඔනි නැහැනි . ඔක්කොම වැඩ නීටි. එක ඉල්ලුමි පතක් හොයාගත්තා නමි එතන ඉදලා ඉස්සරහ​ට පිළිවෙලට ඔක්කොම තියෙනවා.

නිවාඩු ඉල්ලුමි පත් ටිත ඹක්කකොම ක්ලිප් කරලා තිබුණු තැනින් චමියා අල්ලං ඉන්නවා. මම කොල එකිං එක තෝරලා කොහෙං හරි අපේ එකෙක්ගෙ නම තියන කොලෙයක් හොයනවා.

එක පාරටම මම දැක්කා අපේ එකෙක්ගෙ නම තියෙන කොලයක් මම ''චමියා තියෙනවා'' කිවිවා.
මෙකා ක්ලිප් එක බුරුල් කලා. ඈයි මූත් ඉන්නෙ එලො මෙලෝ නැතිවතේ. මමත් දමලා සෙටි එකම ඈද්දා. අනා........................................තයි!!! ක්ලිප් එකෙන් නිදහස් වෙචිච ඉල්ලුමි 70වම කුඩුවෙන් ඈරපු පැණි කුරුලු රංචුවක් ​වගේ නිදහසේ පා වෙලා ගියා. ඔපිස් එකේ දාලා තියෙන fපැන් එක හින්දා මුන් ටික බිමට බහින්නෙම නැහැ. ඔපිස් එකේ හිටපු කොප්රල් "යකෝ තොපිව ලං කරගත්තොත් ඉවරයි.. හිටපිය තොපිට '' ඹක්කොමලා නිවාඩු යනකං තොපි ඔතනම කිඹා හිටපල්ලා'' කිවිවා. කිඹා ඉන්නව කියන්නෙ ඔන්න ඔකට. ඔකට පොතේ හැටියට නමි හමුදාවෙ කියන්නෙ 'රජුට ආචාර කිරීම කියලා''

අපි කියලා මොනවා කරන්නද ? පැයක් විතර කිඹා ඉදල ඉල්ලුමි පත් ටිකත් අරං එලියට යන කොට මුලු ලෝකෙම කැරකෙනවා වගේ. මම චමියා දිහා බැලුවා. උගෙ ඹලුවෙනුත් තරුයි​ කොමිබුයි විසිවෙනවා. සෙටි එකට ඔක්කොම ආරංචිවෙලා. කරන්ට දෙයක් නැහැ ඉතිං ඔවා හමුදවෙ ඉන්න කාටත් සිද්ධ වෙන සාමාන්‍ය දේවල්නෙ කියලා හිත හදාගෙන 138 බස් එකේ නැගලා කොටුව​ට ගියා.

එතනින් A/C බස් එකක් අරං ගෙදර යද්දි රෑ 9.30 පහු වෙලා.
ගෙදර ගිය ගමන් අමිමා අහනවා ඈයි මෙචිචර රෑ උනේ කියලා.
''නෑ.... අපි මෙ පැයක් විතර කිඹා ඉදලා ආවෙ අමිමෙ'' කියන්න ගිහිං
'' දන්නැද්ද අමිමෙ ඔය හමුදාවෙ වැඩ'' කියාගෙන කාමරේට ගියා.


මෙවා කියවන්න කමිමැලි නැත්තං මට කොමෙන්ටි කරන්න කියලා අමුතුවෙන් කියන්න ඔනි නැහැනෙ.....

2010/02/08

හුරේ.....100% නොමිලේ වෙබි හෝස්ටිං !

වෙබි සයිටි එකක් හෝස්ටි කරන්න බලාපොරොත්තු වෙන අයට මෙන්න සුබ ආරංචියක්! ඔබෙ වෙබි අඩවිය හෝස්ටි කරන්න ඔබට වැය වෙන මුදල කොපමණද? ඔබ එම මුදල ගෙවන්නේ කෙ​ඩිටි කාඩි එකෙන්ද? නැත්තමි බැංකු ගානෙ රස්තියාදු වෙලාද? ඒ ඹක්කොම ගැටලු වලට විසදුමක් දෙන වෙබි හෝස්ටිං ආයතනයක් මට හමිබ උනා. මීට කලින් මෙ ගැන කී දෙනෙක් දැන ගෙන හිටියද කියල මම දන්නෙ නැහැ? නමුත් නොදන්න අයටයි මෙ කියන්නේ!

මෙම ආයතයෙන් අපේ වෙබි අඩවිය හෝස්ටි කරන්න 250 MB ක් එක්ක 100 GB බෑන්ඩිවිත් එකක් දෙනවා. ඊට අමතරව ආධුනිකයෙකුට උනත් පහසුවෙන් හසුරුවන්න පුලුවන් විදියේ cPanel control panel දෙනවා.

මට නමි හිතෙන්නේ වැදගත්ම දේ තමයි නොමිලේ ලැබෙන වෙනත් වෙබි හෝස්ටින් ආයතන වල මෙන් අප​ගේ වෙබි අඩවිය තුල ඔවුන්ගේ කිසිම වෙළද දැන්වීමක් පළ නොකිරීමයි!

ඔබ දැනටමත් වෙබි අඩවියක් නිර්මාණය කරල තියෙනවානමි මෙම ආයතනයෙන් හෝස්ට් කරන්න පුලුවන් දැන්ම. ඒ කියන්නේ ඔබ සයිටි එක අප් ලෝඩ් කරපු ගමන්ම ඔවුන් එය අන්තර්ජාලයට එකතු කරනවා.

මෙ තියෙන්නෙ එයාලා නොමිලේ දෙන සේවාවන් කිහිපයක්,
-1500 MB ඉඩක්
- 100 GB Bandwidth
-
ඔබෙම ඩොමෙන් නේමි එකක් යෙදීමට හැකි වීම
- cPanel Control panel
- Website Builder
-
වෙබි ටෙමිප්ලේටි 500 පමණ
- Free POP3 Email Box and Webmail access
- FTP and Web based File Manager
- PHP, MySQL, Perl, CGI, Ruby.
- No Ads at all !


හරි මෙන්න ලින්ක් එක! දැන්ම ගිහින් බලන්න. මතක් කරල මෙ ගැන කොමෙන්ට් එකක් තියන්නත් අමතක කරන්න එපා හොදේ.

Free Website Hosting


...................................................................

Related Posts Plugin for WordPress, Blogger...