2016/05/26

අපූරු බැලුම් බෝලය! | වැඩිහිටියන්ටත් සුදුසු යි!

අද සයිබර් යායෙන් ඉදිරිපත් කරන්නේ පුංචි චිත්‍ර කතන්දරයක්. පුංචි චිත්‍ර කතන්දරයක් කිව්වට මේක වැඩිහිටි අය බැලුවත් ඒකේ කිසි වරදක් නෑ කියලයි මේ ගැන කලින් අධ්‍යයනය කළ විද්වතුන් ප්‍රකාශ කලේ.

සයිබර් යායෙන් ඔබ හමුවට එන කෙහෙල් කොටුවේ චූටි මහත්තයා මීට දශක තුනකට විතර එපිටින් තමන්ගේ ළමා කාලය ගෙවා දාන්න පටන් ගත්තු දරුවෙක් කියලා ඕගොල්ල දන්නවා. හැබැයි අද පටන් ගන්න මේ චිත්‍ර කතන්දර වලින් කියවෙන්නේ වර්තමානයේ තමන්ගේ ළමා කාලය ගෙවමින් ඉන්න දරුවෙකුගේ අද්දැකීම්!

මේ චිත්‍ර කතන්දරය ඔයාලගේ දරුවන් ට  පෙන්වන්න තරම් සුදුසුකම් සපුරලා කියලා හිතුනොත් දරුවන්ට පෙන්වලා ප්‍රතිචාර අපටත් කියන්න. තව අයටත් බලන්න, දන්න කියන තැන් වලට ෂෙයා කරන්න. 

එහෙනම් මෙන්න චිත්‍ර කතන්දරේ -  අපූරු බැලුම් බෝලය !





ප/ලි :
කාට හරි මේ කතන්දරේ මුද්‍රණය කරපු පොතක් ඕනේ ද?










2016/05/05

“බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?“ | පිරිමි සංහතිය වෙනුවෙන් සිතුවම් සහිත හෙළිදරව්ව....!

මේක කෙටි කතාවක්!

“බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?“

ඔය ගොල්ලන්ටත් ඔයාලාගේ හාමිනේ හරි, පෙම්වතිය හරි ඔය විදිහට ආමන්ත්‍රණය කරලා තියෙනව ද?

අපේ හාමිනේ නම් එහෙම කියන්නේ මම තුවා එල්ලන කෑල්ලේ කලිසම් එල්ලපුවාම, සපත්තු දෙක තියෙන තැන ම මේස් දෙකත් දැම්මා ම වගේ තැනට නුසුදුසු දෙයක් කලාම. කලාම කිව්වට අපි ඒ දෙවල් හිතලා කරන්නෙ නෑ.  ඒවා හිතා මතා කරන වැරදි නෙමෙයි, හදිසියේ වෙන අත්වැරදි. නමුත් හාමිනේ අර වගේ දෙයක් ඇහැව්වා ම පුදුමෙන් වගේ සිද්දිය වුනු තැනට යන එක අපේ වගකීම. ඊට පස්සේ මේ වගේ සංසිද්ධියක් වෙන්න හේතු වුනු පරිසර සාධක ඉදිරිපත් කරන්න ඕන. ඒත් ඒවා ගඟට කපාපු ඉණි වාගේ. මොකද අපි වැරැද්දකුත් කරලා තියෙද්දි එයැයිලා කවදාවත් නිහඬ ව ඉඳියි ද?

එයාලා කියන එකම කතාව මේක අත්වැරැද්දක් නෙමේය කියලා. මොකද අත්වැරදි වෙන්නේ කලාතුරකින්. අනික “කොමන් සෙන්ස් නැද්ද ඔයාලට!“ කියලා අපිව මානසිකව වැටෙන ප්‍රකාශ වුනත් එයාලා කරන්න පුලුවන්.

ඒ වුනාට පිරිමි අපි සැලෙන්න ඕනේ ද? නෑ. ඒකයි පිරිමිකම කියන්නේ. ඒ වෙලාවට තමා  අපි ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරන්න ඕන. එහෙම කළා ම හාමිනේ ලා වුනත් දැනගන්නවා රාළගේ තරම.

ඔන්න බලන්න මට වුනු වැඩේ!

මේ පහුගිය දවසක මම අන්තර්ජාලයේ කෑම වෙබ් අඩවියක තිබුනු විශේෂ කෑමක් පුතාට හදලා දෙන්න ලෑස්ති වුනා. ඒකට මම කූනිස්සෝ ටිකක් හෝදලා අරගෙන ඔරෙන්ජ් පාට පෙරණයට දාලා වතුර බේරලා කෑම හැදුවා. ඊට ටික වෙලාවක ට පස්සේ කුස්සියට ගිය හාමිනේ මට මෙහෙම කිව්වා.

“බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?“

අන්න සුපුරුදු සබ්දය! මාව උඩ ගියා. ඇයි මම දැනුවත් ව මුකුත් වරදක් කරලත් නෑනේ....! ඊලඟට මම කුස්සියේ පෙනී හිටියා.

“බලන්ඩ ඔයා පළතුරු පෙරණ එකෙන්නේ  කූනිස්සෝ පෙරලා තියෙන්නේ...... අර එල්ලලා තියෙන කොළ පාට එකනේ ඔය වගේ වැඩ වලට ගන්නේ.....?

ඉතින් පින්වතුනි තමුන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව හොඳම එකෙන් මෙහෙය වන්න ඕන මේ වගේ වෙලාවල් වලට නේද? එදා දඹදිව වාසය කළ කුණ්ඩලකේසී බැමිණියත් කිව්වේ මොලේ තියෙන්නේ අඟුරුගොඩේ පුච්චලා ලොඳ කන්න නෙමෙයි පාවිච්චි කරන්න කියල යි. අපිත් අන්න එහෙමයි හිතන්න ඕනේ. එහෙම කල්පනා කරලා මමත් මෙහෙම උත්තරයක් දුන්නා.

“මොකටද කොළ පාට එක ගන්නේ, අපිට ඉස්කෝලෙදි උගන්නලා තියෙන්නේ කූනිස්සෝ කියන්නේ පළතුරක් කියලා......“

ඒ උත්තරේට ගැලපෙන්න හාමිනේට ඕන හැටියේ උත්තර තියෙන්න ඇති. ඒත් එයා මට මුකුත් ම නොකියා අර ඔරෙන්ජ් පාට පෙරණය හෝදන්න ගත්තා.

කෙටි කතාව ඉවරයි!

ඕගොල්ලත් මේ විදිහට ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරලා හාමිනේලගේ, පෙම්වතීලගේ හිත දිනා ගත්තු අවස්ථා තියෙනවා නම් අපටත් කියලා යන්න අමතක කරන්න එපා.

ජය!

මේ තියෙන්නේ අපේ විදෙස් සිත්තරා ඒ අනභිභවනීය මොහොත සිතුවමට නගපු ආකාරය.
 ....................................
- යූරෝ දෙකේ වීරයා.

ප.ලි - කාලයක් ලියන්න බැරිව හිටපු මම ලියන්න ගත්තෙත් හාමිනේ ගේ උපදෙස් පිට. පහුගිය දවසක මම හාමිනේ ට මෙහෙම කිව්වා.

“අර බ්ලොග් වසන්තය කියන කෙහෙල්මල ආයෙත් ඇවිල්ලනේ, අනේ මන්දා මොනවා කරන්න ද කියලා?“

හාමිනේ මගේ හිත දැකලා, එදිනෙදා වැඩ වලට කිසිම බලපෑමක් වෙන්නේ නැතිවෙන්න මට කොම්පියුටරේ ලඟ වාඩි වෙලා ඉන්න වෙලාවක්, මෙහෙම කරනකොට හදලා දුන්නා. ඒ රෑ දොලහේ ඉඳලා පාන්දර දෙක වෙනකල්. කොහොමද වැඩ!

ප.ප.ලි - ආන්න ඒ වෙලාව ප්‍රයෝජනයට අරගෙන cyberyaya.blogspot.com බ්ලොග් අඩවියට ලියපු ලිපි වගයක් බ්ලොග් වසන්තය ඡන්ද පොලේ තියෙනවා. මනාපයක් දෙන්න කැමති අය ඉන්නවා නම් පොරකන්නේ නැතිව පහල ලින්ක් එකෙන් යන එකයි.

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...