2011/12/22

චුටි මහත්තයා හේන් ගොවියෙක් වෙයිද? | සිත්තර ඇතුලේ......!

"අම්මෙ මට ගෙදර ගිය හැටියෙ කළගෙඩියක් අරන් දෙනවද?"

"කළගෙඩියක්....." ඒක ඇහිච්ච තාත්තා ඇහැව්වා.

"ඕ......මමත් ලොකු උනාම හේනක් කරන්ඩයි හිතාගෙන ඉන්නෙ....!"

"හේනක් කරන්ඩ....ඒ මොකෝ....එතකොට හමුදාවට යන්නැද්ද.....?" තාත්තා මං දිහාට කඩපු කජු පුහුලමකින් ගහන ගමන් අම්මගෙන් ඇහැව්වා. එයා හිටියෙ අපිට ටිකකට එහායින් කජු ගහ පල්ලෙ "යසිකා" කැමරාවත් කරේ එල්ලගෙන.

"ඔය ලොකු අක්කලා වතුර දානවා බලං ඉඳලා වෙන්ඩැති....මෙයාටත් වතුර කිව්වොතිං ඉතිං......"

"චුටි මහත්තයට පුලුවනෑ.....උදේ ඉදං දවල් වෙනකං අර විදිහට වතුර අදින්ඩ...." තාත්තා පොටෝ එකක් අල්ලන්ඩ දෙයක් හොයන ගමන් කියලා දැම්මා.

"අන්න බලන්ඩකො අම්මේ තාත්තා මං ගැන හිතාගෙන ඉන්න හැටි.....!" මම අත් දෙක ඉනට තියාගෙන තරහ ගිහිං වගේ මූණ හදා ගත්තා.

"ආ......හරි හරි පුලුවන්නං කමන්නැ...."

"ආං....ඒකනෙ. බලන්ඩකො ඒ ගොල්ලං කොච්චරවත් වතුරෙමනෙ. ඕං මටනං බෑ ලොකු වෙලා තාත්තා වගේ කන්තෝරුවට වෙලා රස්සාවක් කරන්ඩ......" මම තාත්තා මට ගහපු කජු පුහුලම අරං තැඹිලි ගහට ඉලක්කෙ ඇල්ලුවා.

"හා...හා....බලමුකො එහෙනං..."

ඇත්තටම දෙක වසරට හරි, තුනට හරි එනකල්ම ලොකු වෙලා කව්රු වෙනවද කියලා හරි අදහසක් මට තිබුනේ නෑ. මුලින්ම මම හිතාගෙන හිටියේ එඩ්වඩ් ජයකොඩි මාම වගේ කොන්ඩේ ගොඩාක් වවාගෙන සින්දු කියන්න. පස්සෙ පස්සර නැන්දලාගෙ ගෙදර යන්න කෝච්චියෙන් බදුලු යද්දි, තාත්තා එන්ජින් මාස්ටර්ව පෙන්නුවට පස්සෙ මං හිතාගත්තා ඒ රස්සාව තමා මට හරියන්නෙ කියලා. අර සුදු පාට කොස් ඇට මීයෙක් තැගි දුන්න අපේ බාප්පා වගේ නැවක රස්සාවක් හොයාගන්ඩත් හිතෙ තිබුනා කාලයක්. ඒත් ඒ ඔක්කොටම වඩා හොඳයි හමුදාවට යන එක කියලා තේරුනේ එක දවසක් අපිව බස් එකෙන් බස්සලා ඒ ගොල්ල බෑග් සෝදිසි කරන්ඩ ගත්තමයි. ඉතිං මමත් ලොකුවෙලා හමුදාවට යන්න හිතාගත්තා. හමුදාවේ ලොකු මහත්තයට කියලා කොහොමහරි බෑග් චෙක් කරන අංසෙට ගියොත් වැඩේ හරි. එතකොට මට හිතෙන හිතෙන අයගේ බෑග් වල මොනාද තියෙන්නෙ බලන්න පුලුවන් වෙයි. බාග වෙලාවට පාට පාට පෑන්, තුල් මාරු කරන පැන්සල්, මැකුවාම සුවද හමන මක්ක කෑලී, එක එක ස්ටීකර් ජාති උනත් ඒවයේ තියෙන්ඩ පුලුවනි.

ඒත් මේ නිවාඩුවට අපි ලොකු නැන්දලාගෙ දිහා ගියානෙ. එහෙදි තමා මට හිතුනේ මම කවදම හරි හේන් ගොවියෙක් වෙනවා කියලා. හේන් ගොවියෙක් වෙන එක අනිත් හැම රස්සාවකටම වැඩිය නියම රස්සාවක්. කවදහරි ලොකුවෙලා හේනක් කරන්න තියෙනවා නං එයා හරි ලක් කාරයෙක් තමා.

හේනෙ වවලා තියෙන දේවල් දැක්කාම මට එක පාර කැරකිල්ලට ආවා. එච්චර එලවලු පළතුරු ගොඩාරියක් මම කවදාවත් එක තැනකදි දැකලා තිබුනේ නෑ.

වැටෙන් ඇතුල් වෙන තැනම තියෙන්නෙ මාලු මිරිස් යායක්. මාලුමිරිස් කරල් යායට දිලිසි දිලිසි තියෙනවා. ඊට පස්සෙ වම්බටු. තක්කාලියි, ළුණු ගසුයි තිබ්බෙ මැදට වෙන්ඩ. කෙරෝලෙම බඩ ඉරිඟු යාය. අනිත් පැත්තෙ මිදි. මිදි පොකුරු හිටියෙ ඒවාට එල්ලිලා ඉන්ඩ හදලා තිබුනු මැස්සවල් යටින් රිංගලා හුලඟට හරි බරට පැද්දි පැද්දියි. පේන තෙක් මානෙක තිබුනේ මේ වගේ බෝග වර්ග. ඈත වැට මායිමේ කෙහෙල් යායක්. කෙහෙල් ගස් ගැනනං ඉතිං දන්නවනේ........ ඒ ඇරුණම ගොවිතැන් කරලා නැති හරියවල් වල තිබුනා ලොකු කජු ගස්. ඒ ගස් යට කජු අහුලලා ගස් යටම පුච්චලා කෑවයි කියන්ඩ පුලුවන් සලකුණු හැම තැනම තිබුනා. කජු ගස් වල මායිමෙන් මාමලාගෙ ඉඩම ඉවර වෙද්දිම අනිත් අයගේ හේන් පටන් ගන්නවා.

"අපි දැං මේවට වතුර දාන්නයි යන්නෙ....." ලොකු මාමා මගේ කල්පනාව බින්දා.

"මොනවා මේ ඔක්කොටම......."

"නැතුව....." බට්ටි අක්කා කට දැම්මා.

"මගේ අම්මො...." පැලේකට දෙකකට වතුර දාලා තිබුනට මේ පේන තෙක් මානේ තියෙන හැම ගහකටමට වතුර දානවා කියන එක මම කො‍හොම විස්වාස කරන්නද?

ඉස්සරින්දා නැන්දලාගෙ ගෙදරට ආවට, හවස් උන නිසා අපි හේනට ආවේ පහුවෙනිදා උදේ.

අපි එද්දි උමබලකඩ දාලා හදපු ලුණුමිරිස් එක්ක කන්න රොටියි, තේ වතුරයි අරං ඇවිල්ලා තිබුනෙ.

මට හේන් ගොවියෙක් වෙන අදහස මුලින්ම ආවේ ඒගොල්ල පැල වලට වතුර දාන්ඩ පටන් ගත්තම. මාමලා, නැන්දලා උදේම නැගිටලා කෑම හදාගෙන ඒවත් අරගෙන ඒ ගොල්ලන්ගෙ ළමයි එක්ක හේනට එනවා. ඇවිල්ලා හේනේ පැලේ තියෙන කළගෙඩි අරගෙන පල්ලෙහා "පතහ"ට යනවා. ගිහිං කලගෙඩි වලින් වතුර ගෙනල්ලා පැල වලට දානවා. එක කළගෙඩියක වතුර ඇතිවෙන්නෙ පැල දෙක තුනකට විතරයි. ඉතිං ඒගොල්ලං උදේම වැඩ පටං අරං දවල් වෙනකම්ම වතුර දානවා. ළමයිවත්, මාමාලවත් මහන්සියි කියලා අපි වගේ තැන තැන ඉදගෙන ටැක්ගැහෙන්නැ. හරියට එක මැසිමක දැති රෝද වගේ එක දිගට, එකම වෙලාවට ඒගොල්ල රවුමට රවුමට පතහෙ ඉදලා එනවා, දානවා, යනවා.උදේ සීතල පින්න, ඒ එක්කම පින්නයි, මීදුමයි අරගෙන යන්න එන සීතල හුලඟ, පස්සෙ වැටෙන අව්රැල්ල තියා මද්දහන වෙද්දි ඉන්න හිටින්න බැරි ගානට වැටෙන ගින්දර රස්සෙ අව්ව වත්, ඒ හින්දා අඩිය තියන්න බැරි තරම් රස්නෙ වෙන වැලි පොලොවට වත් බෑ ඒගොල්ලන්ගේ මේ රාජකාරියට බාදා කරන්න. ඒ වටපිටාව කොච්චර වෙනස් උනත් ඒ ගොල්ල දිගමට ඒ වැඩේ කරගෙන ගියා.

වතුර පැලවලට දාලා ආපහු පතහට යන ගමනෙදි මමත් එක්ක හිනාවෙලා අතේ ඉතුරු වෙලා තියෙන වතුර ටික මගේ ඇගට ඉහලා යන්නත් ඒ ගොල්ල අමතක කරේ නෑ. ඒ වැඩේටනං මම හරි කැමතියි. ඒත් ඒ වෙලාවට මම අම්මගේන් හොඳ නම ගන්ඩ,

"සික්....අන්න බලන්ඩකො ඉතිං...කරපු වැඩේ..." කියලා ටීෂර්ට් එකේ යට කෙරෝලවල් දෙක ඉස්සරහට ඇඳගෙන අම්මා දිහා බැලුවට අම්මා නෙමේ මාව පයිසෙකටවත් මායිම් කලේ.

ඒ පැත්තෙ තැනිතලා බිම හින්දා හුලං සැරට හමනවා. ඉතිං කළගෙඩියෙන් වතුර පැළ වලට වැටෙද්දි ඒවා හුලං පාරට අහුවෙලා ඇඟවල් වලත් විසිරෙනවා. බලා ඉන්ඩ ලස්සනයි. අනික විඩෙං විඩේ කාටද පතහට බහින්ට වාසනාවක් ලැබෙන්නෙ.

මේ හැමදේම කරන්ඩනං, වැදගත්ම දේ, සැරින් සැරේ ගිහිං පතහට බැහැලා කළගෙඩි පුරවන්ඩ වගේ හරි සෝක් රස්සසාවක් කරන්ඩ නං, කරන්ඩ තියෙන එකම දේ ඉතිං මේ පැත්තෙන් ඉඩම් කෑල්ලක් අරං හේනක් කරන එක තමා.

මේ සේරම ගැන දුර දිග කල්පනා කරලා මගේ යෝජනාව අම්මට ඉදිරිපත් කලා. මමයි, අම්මයි, නංගියි හිටියේ හේනේ කෙරෝලක තියෙන මාදං ගහ යට මැස්සක. එතන තමා මාමලා, නැන්දල, කෑම කන්නෙ, තේ වතුර බොන්නෙ. කතාවට පටන්ගැන්මක් විදිහට මම මෙහෙම ඇහැව්වා.

"අම්මෙ මට ගෙදර ගිය හැටියෙ කළගෙඩියක් අරන් දෙනවද?" ඔන්න මම මුලින්ම වැඩිහිටියො දැනුවත් කලේ ඒ විදිහට.

“මමත් ලොකු උනාම හේනක් කරන්ඩයි හිතාගෙන ඉන්නෙ.....හාද අම්මේ......?

කොහොමහරි තවත් සෑහෙන වෙලාවකින් කට්ටිය කළගෙඩිත් අරං මාදං ගහ පැත්තට ආවා. කජු අහුලන්ඩ කියලා ගිය තාත්තලාගෙ නඩෙයි, තැන තැන ටැක් ගැහි ගැහි හිටපු අනිත් අයයි ආවා ඔක්කොම මාදං ගහ යටට. වතුර දාපු නැන්දයි මාමයි, ඒ ගොල්ලන්ගේ ළමයි වෙන බට්ටි අක්කයි, චන්ඩි අයියයි, බබා අයියයිත් කලගෙඩි ටික පැත්තකින් තියලා තැන් තැන් වල ඉඳගෙන හොඳ හුස්මක් ගත්තා. හරියට මෙච්චර වෙලා හුස්මක් කටක් ගන්ඩ අමතක වෙලා තිබුනා වගේ.

දැං කට්ටිය ලෑස්ති වෙන්නෙ අර ගෙනාපු රොටි උදේ කෑම විදිහට කාලා, ‍තේ වතුර බොන්ඩ. අපේ තාත්තා නං කොහෙ ගියත් "යසිකා" කැමරාව කරෙ එල්ලා ගත්තු ගමන්නෙ. ඉතිං තාත්තා කලේ අපි රොටි කන්ඩ යන හැටි පොටෝ අල්ලපු එක.

"පුතා රොටි කන්ඩ කැමති ද පුතේ......" ඒ නැන්දා.

"ඕ.....මං කැමතිම කෑම වලින් එකක්නෙ රොටී...."

"තව මොනාටද පුතා කැමති....."

"ම්........ හැබැයි ගොඩක් කෑමවලට මම කැමති නෑ...."

"ඒ මොකෝ අනේ....පොඩි අය උනාම හොඳට කන්ඩෙපැයි...හරි, එතකොට චුටි මහත්තයා කැමති ඒවා මොනාද......?" ඒ පාර බට්ටි අක්කා මැදට පැන්නා.

"මං කැමතියි විස්කිරිඤ්ඤා කන්ඩ, සීනි දාපුවනං නිකං.... නැත්තං තේ එක්කලා පොඟවං, තව වැලි තලප, ලැවරියා, ආස්මි, හැබැයි රතුපාට පැණි දාපුවා, සීනිබොර, තල ගුලි, හුලං විස්කෝතු පැතලි එවා, පැණි වලලුත් මරු.... පරිප්පු තිබ්බොත් රෝස්පාන් කන්නත් ආසයි.... එතකොට......"

කෝ ඉතිං මම හරියකට ඒ ටික කියලා ඉවර වෙන්ඩ කලින් ඒ කට්ටිය කැකිරි පලන්ඩ තියාගත්තා.

"එතකොට අකමැතියි කිව්වෙ මොනාටද? චන්ඩි අයියා හිනාව තද කරාගෙන ඇහැව්වා.

"අල කන්ඩ...."

"එච්චරද?"

"ඕ.......ඇයි?" මම ඕනෑවට එපාවට උත්තර දුන්නෙ ඊලඟට මේ ගොල්ල මොනා කරයිද හිතාගන්න බැරි උන හින්ද.

"නෑ, නෑ. මොකවත් නෑ" ඔන්න ආයෙ කට්ටියගෙ කැකිරි පැලිල්ල. හරියට ඒ ගොල්ල මං දිහා බලන්නෙ, ඒ ගොල්ලන්ට කෝලං පෙන්නන්න දුර පලාතකින් ආපු කෝලං කාරයෙක් දිහා බලන ගානට.

කොහොම හරි මගේ හොඳ වෙලාවට ඔය අල්ල පනල්ලෙ නැන්දලා, අම්මලා අපි ඔක්කොටම රොටී බෙදලා, කපං ආපු කෙහෙල් කොල කෑලි වලට ලුණු මිරිසුත් බෙදලා ඉවර වෙලයි තිබුනේ. මං නං ලුණු මිරිස් දාගත්තෙ රොටිය උඩටමයි.
පස්සෙ අපේ බබා අයියා, මටයි එයාටයි ඉඳගන්ඩ පොල් බිඩංග දෙකක් කඩාගෙන ආවා.

"කොහොමද චුටි මහත්තයා ඉතිං.....සෙල්ලං කරන්ඩ නැතුව කම්මැලිද?" එයා කතාව වෙන පැත්තකට හැරෙව්වා. අනිත් කට්ටියටත් වෙන වෙන කතා පටන් ගත්තා.

"අපෝ.....නෑ චුට්ටක්වත් කම්මැලි නෑ..... ඕගොල්ලං වතුර දානවා කොච්චර වෙලා හරි බලං හිටියෑකි....." මං රොටි කෑල්ලක් කඩාගෙන ලුණුමිරිස් වල ගාලා කටේ දා ගත්තා.

"ආ.... එහෙනං කමන්නැ... අපි මේවට වතුර දාලා ඉවර වෙලා හවස් අතේ සෙල්ලං කරමු එහෙංන......." බබා අයියා තෙමිච්ච කමිසේ ඉස්සරහින් අල්ලලා ගසන ගමන් කිව්වා.

"හවස් අතේ කිව්වෙ මේවා කාලා ආයෙ වතුර දාන්ඩ යන්ඩද යන්නෙ...."

"ඔව්...තාම බාගෙකට විතරනේ දැම්මෙ..... දවල් වෙද්දි තමා ඔක්කොටම දාලා ඉවර වෙන්නෙ...." බබා අයියා වතුර ඉහිරිලා හින්දයි, දාඩිය හින්දයි තමන්ගෙ ඇඟට ඇලිලා තියෙන අත්දිග කමිසෙ අත් නමන්න ගත්තා.

"ශා.............මරුනේ....."

"ඒ මොකො...."

"මරුනේ ඕගොල්ලං දවස් බාගයක්ම වතුරෙනේ......මමත් ලොකු වෙලා හේනක් කරන්නඩ හිතාගත්තා....."

"හේනක්......." කියලා බබා අයියා හිනාවෙලා මා දිහා බලලා මෙහෙම කිව්වා.

"ඒකට නං කමන්නැ....හැබැයි ඉතිං මහන්සි වෙන්ඩ වෙයි......"

"ඉතිං....මට පුලුවං....අනික මං වතුරෙ ඉන්ඩ කොච්චර ආසද?"

බබා අයියා ටිකක් වෙලා සද්ද නැතුව ඉඳලා ඈත බලාගෙන මෙහෙම කියන්න ගත්තා,

"වතුර විතරක් දාලා හේන් කරන්ඩ බෑ අයියෝ. මේවා බලාගන්ඩ ඕනේ. පෝර දාන්ඩ ඕනේ.... ගෙඩි හැදුනම සත්තුන්ගෙන් බලාගන්ඩ ඕනේ. පස්සෙ ඒවා කඩන්ඩ ඕනේ. ගෝනි වලට දාලා කරත්තෙ පටෝගෙන ටවුමට ගෙනියන්ඩ ඕනේ. පස්සෙ කොළඔ ගෙනියන ලොරිවලටයි, මෙහෙ වෙලෙන්දොන්ටයි විකුණන්නඩ ඕනේ....වැඩ කොච්චරද?"


"ඉතිං මරුනේ...... ඇයි ඉතිං ඒවා ලේසි වැඩනෙ......මම සීයා එක්කලත් පොල් පටොගෙන කරත්තෙ යනවා. ඒක නං ශෝක් වැඩක්නෙ...."

"හාහා.....එහෙනං ලොකු වෙලා කරලා බලන්ඩකො.... චුටි මහත්තයත් නිකං අපි වගේ වෙයි... පේන්නැද්ද අපේ ලස්සන...."

මම පොඩිම කාලේ මෙහෙ එද්දි බබා අයියලා ඉස්කෝලෙ යනවා. හැබැයි ඒ කාලෙට වඩා නං බබා අයියලා දැං ගොඩක් වෙනස් තමා. ඒ අය දැං ලොකු මිනිස්සු වගෙයි වැඩ. කතා කරන්නෙත් අඩුවෙන්. අත පය වල සමහර තැන් වල ඕනැවට වඩා ලොකු මස්ගොබ දාලා, සමහර තැන් ඕනැවට වඩා කෙට්ටුයි. අල්ලෙ කරගැට ඇවිල්ලා. වැල්ලත් එක්ක බරට අඩිය තියන හින්දා එයාගේ ඇගිලි හරියට මහත් වෙලා ඇත් වෙලායි තියෙන්නෙ. අනික අව්වට එයාගෙ හම හොඳටම පිච්චිලා ගිහිල්ලා. එයා හුස්ම ගද්දි අපේ කුමාරගේ වගේ තෙත කමිසේ අස්සෙන් ඉල ඇට කූඩුව පිම්බිලා ආයෙ නැතිවෙලා යනවා. හැබැයි මුණත් ඇදිලා ගිහිල්ලා ඇස් ඇතුලට ගිහිල්ලා තිබුනට අර ඉස්සර වගේම ඇස්වල දිලිසෙන ගතිය නං තාම තියෙනවා.

“බලාගෙන ඉන්නෙ මොකද, ඔය රොටිය කන්ඩ......දැං ලුණු මිරිස් ටිකත් හලා ගන්නවා....ආ...?“ කියාගෙන බබා අයියා, එයාගේ ලුණුමිරිස් වල තිබුනු උම්බලකඩ කෑල්ලක් මට පෙන්නලා ගන්ඩයි කිව්වා.

"මට කන්ඩ බෑ වගේ.."

"ඒ මොකෝ...."

"ඔයා කියන්නෙ හේන් කරන හින්දා ඔයාව කේට්ටුවෙලා කියලද?, අනික ඔයා දිගමට මම වගේ සපත්තු දැම්මනං ඔය වගේ කකුල් ලොකු වෙලා ඇගිලි ඇත්වෙන්නැ.....ඔයා බොරු කියනවා නේද.... මට....."

"කෝ දැං ඔය දෙන්නා ඉන්ඩ බලන්ඩ පොටෝ එකට...." බබා අයියා ඒකට උත්තරයක් දෙන්න කලින් තාත්තා කෑ ගැහුවා.

බබා අයියා ඔක්කොම පැත්තක දාලා එතනම සීරුවෙන් හිටගත්තා. මම නං එහෙම නෑ. මම දන්වනෙ පොටෝ වලට ඉන්න හැටි. ඉතිං මම ටිකක් පැත්තට හැරිලා කෙලිම්ම කැමරාවේ කාචේ දිහා බලලා පොඩි හිනාවකුන් දාගත්තා. පස්සෙ බබා අයියා එක අතක් මගේ කරට දා ගත්තා. එතකොටයි මට තේරුනේ එයා කොච්චර කෙට්ටුවෙලා හිටියත් එයාගෙ අත කොච්චර බරද, කොච්චර ශක්තිමත්ද කියලා.

"ආ..... ඔය මොකද "බබා" සීරුවෙන් හිටගෙන..... නිකං ඉන්න විදිහට ඉන්ඩ...." කව්දෝ කිව්වා.

ඉතිං බබා අයියා ආයෙත් කොන්ද පාත් කරලා, පැත්තකට ඇල වෙලා හිටගත්තා. හැබැයි අතේ බර ගතිය නං මුලින් වගේම මට දැනුනා.

.................

-කෙහෙල් කොටුවේ චූටි මහත්තයා.

2011/12/16

ගෙට්ටුගෙදර් | ඕං මමත් කැපවීමෙන් වැඩක් කොලා....!

පහුගිය ටිකේ මට හරියකට ලියමනක් දාන්නත්, ලියමනක් කියවගන්නත් වෙලාවක් නැති වෙලා තිබුනේ. මේ තියෙන්නෙ ඒකට හේතුව. අපේ Star Kids පොඩි අයගේ පුංචි ඉස්කෝලේ වාර්ෂික හමුව මේ පාරත් අපි සංවිධානය කලා. ගිය පාර අපි මේක කලේ අපේ පුංචි ඉස්කෝලෙමයි. හැබැයි මෙදා පාර පොඩි වෙනසකටත් එක්කලා අපි උත්සවේ තිබ්බේ අපේ පැත්තෙම තියෙන ග්රෑන්ඩ් හොලිඩේ රිසෝට් එකේ.

වෙනම තැනක තියන්න ලෑස්ති කරගත්ත හින්දා වැඩ වැඩි උනා. හැම දෙයක්ම එතෙන්ට උස්සං යන්න එපැයි.

කොහොමහරි බ්ලොග් ලියමනක් නොලියා ඔන්න මමත් කැපවීමෙන් වැඩක් කලා.

කැමති අයට බලන්න පින්තූරු ටිකකුත් දැම්මා.

බලලා යන්න.


මේ තියෙන්නෙ දොරටුව ගාව ලියලා අද අහවල් අයගේ අහවල් උත්සවේ තියෙනවා කියලා.


පටන් ගන්නකං ඉන්ඩ බැරිව ලත වෙන අය.


ආපු ගමන් වෙල් කම් ඩ්‍රින්ක්.


ආං නත්තල් සීයාත් එනවා.


ඔව් ඔව්.... මම තමා.


ඇත්තට කව්ද මේ නත්තල් සීයා.


සෙල්ලම් පටන් ගත්තා.


මහන්සියට කෑම.


අල බහින කල් හිටියට මොකද තැම්බෙන කල්නෙ ඉන්ට බැරි.


අපි වැඩිය කැමති කෝන් එකේ අයිස් කිරිං කන්න. මේක අපේ අදහසක්.


නත්තල් සීයා තෑගිත් දුන්නා.


ගවලෙනක් ව‍ගේම, තෑගී බෝග වටවෙච්ච නත්තල් ගහකුත්.


සෙට් එකෙන් කට්ටියක්.



මෙන්න අපේ මතක සටහන පොඩි අයට.


හොඳම කට්ටියට.


ආපු එකේ නාලම යන්ද?

ඔන්න ඔහොමලු උනේ....!

..........................

ඊලඟ දවසේ ඉදලා අයිමත් කතා දානවා. මුලින්ම දාන්නෙ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ලොකු වෙලා හේන් ගොවියෙක් වෙන්න ගිය කතාව. එදාට සිත්තර දෙක තුනකුත් වැටෙයි.

ප/ලි-

නොකිව්වට මොකද බෞද්ධ අය හැටියට වෙසක් එකට දුන්නා වගේ, මෙදා නත්තලට අපි නත්තල් දන්සැලක් දෙන්නයි හිතාගෙන ඉන්නෙ. හැබැයි ඉදිච්ච ආහාර නෙමේ මෙදා පාර දෙන්නෙ, වියලි ආහාර පැක් එකක්. ඕගොල්ලන්ටත් ඕන්නං සම්බන්ධ උනැකී. හැබැයි සල්ලි බාර ගන්නැ. බඩු ගෙනැල්ලා දෙන්ඩ ඕනේ :D

ඔන්න මම ඒක වෙලාසනම කිව්වෙ ආය ලියමනක් එහෙම දාන්ට පරක්කු උනොත් අපිව අමතක වෙලා යාවී දෝහොයි කියලා ආපු බය හින්දා කියලා නං කව්රුත් හිතන්ඩ එපා!

අසා සිටි ඔබ සැමට ස්තුතියි.

.............
-මීට යුරෝ දෙකේ වීරයා.

2011/11/14

නාඳුනන සෙබලා ! | සයිබර් යාය.

අපි උඩ ගොස් බිම වැටුනෙමු.

කළ යුත්තෙ කුමක්දැයි සිතා ගත නොහැකි වූ අපි ඇඳන් මතින් බිමට පැන්නෙමු. උදේ තේ වෙලාවද? නැත. තවමත් මැදියම ගෙවී හොරා කිහිපයක් පමණක් ගෙවී ගොස් ඇති බව මට හැඟිණි. මම ඔරලෝසුව බැලුවෙමි. දෙකයි තිස් අටයි.

පසුදින අප මාසික වේතනය ගෙන, දින හයක නිවාඩුවට නිවෙස් බලා යාමට සිටි නිසා පුහුණුකරු අපට අධික ලෙස ව්‍යායාම කරවා අප වෙහෙසට පත් කලේ, “දවස් හයක් තිස්සෙ උඔලා පුස් ඌරෝ වගේ කාලා එන්නෙ කියලා මම දන්නවනේ...“ යැයි පවසමිනි. නිවාඩුව නිසා සිත ප්‍රීතියෙන් ඉපිලෙමින් තිබුනද, ව්‍යායාම නිසා පෙර දින අප නින්දට ගියේ ඉතා තෙහෙට්ටුවෙනි.

මම ඇය‍ගෙත්, නංගීගෙත් ජංගම දුරකතන වල එල්ලිය හැකි හුරුබුහුටි කුඩා ටෙඩියන් දෙදෙනෙකු මිලට ගෙන සිටියෙමි. මෙය කදිම තෑග්ගකි. නිතර දෙවේලේ ජංගම දුරකතනය පේන මානයේ තබාගෙන සිටින ඔවුන්ට, මේවා දකින දකින වාරයක් පාසා මා මතක් වනු ඇත.

නමුත් සිදු නොවිය යුතු දෙයක් සිදු වෙමින් පවතින බව මට ඒත්තු යමින් තිබිනි. එක්ස්.ආර්. මෝටර් බයික් කිහිපයක් අපගේ නිවස්නය ඉදිරිපිට මොර දෙමින් තිබේ. එයින් බැසගත් අය යැයි කිව හැකි විශේෂ පුහුණුව ලත් සෙබලු කිහිප දෙනෙක් “උzයි ගන්” (Uzi gun) සහ “ටී‍ ෆිෆයිව් සික්ස්” අතැතිව අපගේ නිවස්නය වෙත පැමිණ කෑමොර දෙමින් සිටියහ.

“ඒයි තොපි බුදිද යකො.....අරහෙ අරුං ගහනවා..... තොපි නිදි... නැගිටපියව්........”

ඒ අතර තුර වරින් වර ඔවුන් අහසට වෙඩි තැබූහ. උzයි ගන් වලින් නැගෙන තියුණු “ටිකි ටිකි” හඬ අතරින්, ටී ෆයිව් සික්ස් වල ගොරොසු “ටිකි” හඬින් නික්මුනු උණ්ඩ අහස කරා ගියේ, අතර මැද දී හමුවු, අතුරන ලද ශිට් වහලය සිදුරු කරගෙනය. ආරක්ෂිත පියවරක් ලෙස විදුලිය විසන්ධි කර තිබූ නිසා හාත්පස කලුවරය. සයිරන් නලා අඬ අපගේ අවුල් වූ මනස ඒකාග්‍ර කර ගැනීමට ඉඩ නොදෙයි.

කෙමෙන් සියල්ල පැහැදිලි වෙමින් තිබිනි. අප කිසිදිනෙක බලාපොරොත්තු නොවු යම් කිසිදෙයක් සිදු වී ඇත. අපේ මහගෙදර හොරු පැන තිබේ. අධි ආරක්ෂිත කලාපයක ආරක්ෂිතව සිටි අපි අනාරක්ෂිත වී ඇත. දැන් කළ යුතුව ඇත්තෙ එක් දෙයකි. ඒ මීට පෙර පුහුණු කර තිබූ පරිදි අපි සියල්ලෝම නිළ ඇඳුම් ඇතිව හෝ නොමැතිව ආයුධ ගබඩාව වෙත දිවීමයි. මම “කොල්ලන්“ හොරකම් කරාවි යැයි බියෙන් කොට්ටය යට සඟවා තිබූ ටෙඩියන් දෙදෙනා සාක්කුවේ රුවාගෙන ආයුධ ගබඩාව දෙසට දිව්වෙමි.

එහිදී අපට ආයුධ ද, අණ දෙන්නෙක්ද ලැබිනි. යුධ කටයුතු මනාව මෙහෙයවා ඇති අණදෙන්නා අප සමඟ ගොස් අඩි හතරක් පමණ ගැඹුරු, කඳවුර පුරා දිව යන දිය අගල් ඔස්සේ අපව ඉදිරියට මෙහෙයවීය. ඔහු අතේ වූ පණිවිඩ හුවමාරු යන්ත්‍රයේ හඬ ඉතා අඩුකර තිබිණි. නමුත් එයින් දිගින් දිගමට විධාන ලැබෙමින් පැවතිනි.

“පුලුවන් තරම් ඉක්මනින් පාර ක්‍රොස් කරන තැනට යන්න. ඕවර්....”

සතුරන් අප කඳවුරු භූමිය ආක්‍රමණය කර ඇත.

නමුත් ඔවුන්ගේ ලේසර් හිසක් සහිත සැහැල්ලු තුවක්කු තවමත් වැඩි හරියක් නිහඬය. ඔවුන් තිදෙනෙක් තුන් පැත්තක සිට ලේසර් කිරණ ආධාරයෙන් එක එල්ලයක් ලබා ගනී. පසුව එක් තුවක්කුවකින් “ටක ටකස්” හඬින් වෙඩි කිහිපයක් තබා, නැවත නිහඬ වෙයි. මේ හේතුවෙන් කඳවුරට කෙතරම් සතුරන් ප්‍රමාණයක් පැමිණ ඇත්ද, ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය කුමක්දැයි අපට නිවැරදි තීරණයකට පැමිණිය නොහැකිව තිබිනි.

තවත් සුලු මොහොතකින් සියල්ල වෙනස් විය.

කඳවුරේ ආපන ශාලාව පෙදෙසින් අත් බෝම්බයක් පුපුරා ගිය අතර එදෙසට වෙඩි කිහිපයක් එල්ල කල බව කලුවර විනිවිදගෙන ගිය ගිණි පුලිඟු සාක්ෂි සැපයීය. ක්ෂණිකව ඊට ප්‍රතිවිරුද්ධ ගිනි පුලිඟු කිහිපයක්ද නික්මිණි. මේ අනුව උන් අපෙන් ප්‍රසිද්ධියේ “ගේම ඉල්ලීමට” පටන් ගෙන ඇති බව තහවුරු විය. නමුත් අප තවමත් ඊට මීටර් සීයයකට පමණ මෙපිටින් දිය අගලක් දිගේ ඉදිරියට ඇදෙමින් සිටියෙමු.

ක්ෂණිකව අප පසුකර ගිය ට්‍රක් රථයක් අත් බෝම්බය පුපුරාගිය පෙදෙස පසුකර ගොස් නැවැත්වීය. සැනින් එයින් පැනගත් අප සහෝදර සෙබලු “දිගට හරහට” වෙඩි තබන්නට විය. “එකවර අතිවිශාල වෙඩිබලයක් පෙන්වීම සතුරාගේ මානසික ඒකාග්‍රතාවය බිඳ හෙලීමේ එක් උපක්‍රමයකි“. මට පෙර දිනක ඉගැන්වූ පාඩමක් සිහිපත් විය. ඔවුන්ද ඊට ප්‍රතිචාර දැක්වීය.

සටන ඇරඹිනි.

අප කඳවුරු භූමියට පැමිණ, අපට වෙඩි තබන්න හැක්කෙ කාටද? අප ඔවුන් සොයා ඉදිරියට ඇදුනෙමු. කෑලී කැපිය හැකි කලුවරේ සහෝදර සෙබලු සමග ඔවුන් වෙඩි හුවමාරුක යෙදී සිටිති.

ඔවුන් අප කඳවුර මනා සේ අධ්‍යනය කර ඇත. ඔවුන්ගෙ ලේසර් පහරවල්, වරින් වර අප ගමන් කරන දිය අගල හා සමාන්තරව දිවෙන කඳවුර තුල ඇති ප්‍රධාන පාරට එල්ල වෙමින් පවතී.

“පාර ක්‍රොස් කරපල්ලා............” අපට විධාන ලැබුනි.

පාර හරහා ගමන් කිරීම යනු දැන දැන මරණයට ගමන් කිරීමකි. මක් නිසාද ඔවුන් දැනටම පාර වෙත ඔවුන්ගෙ අවධානය යොමු කර ඇත. යම් හෙයකින් අප පාරෙන් එපිටට පැන ගත හොත් ඔවුන්ට පැති දෙකකින් පහර එල්ලවනු ඇතැයි යන්න පැහැදිලි බැවින්, ඔවුන් සටන අතරතුර පාර ගැන විශේෂ අවධානයක් යොමු කරමින් සිටිති.

කෙසේ හෝ එක් සගයෙක් පාර හරහා පනිනු ලැබීය. මේ වන විට අඳුරට දෑස් හුරුවීම නිසා ලඟ සිටින්නා හඳුනාගත හැකි වුවද, අඳුරේ ඔහු එහා පැත්තට ගියා දැයි අපි නොදැක්කෙමු.

ඒ සමඟම වෙඩි වරුසාවක් පාර දෙසට එල්ල විය. ඔවුන් ඉතා පහලින් වෙඩි තැබුහ. සමහර උණ්ඩ තාර පාරේ වැදී පොලා පනිමින් ඉදිරියට ඇදෙමින් තිබේ. ගිනියම් වූ උණ්ඩ අපගේ ඉලක්කය ප්‍රමාද කරමින් ඇත. නමුත් නියෝගය අපට පිලිපැදීමට සිදුවී ඇත. අණදෙන්නා දෙවරක් සිතා නැවතත් පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් ප්‍රධානියා ඇමතීය.

“සර් උන් පාරට ෆයර් කරනවා.........ඕවර්”

“එකා පිට එකා වැටිලා හරි පාර ක්‍රොස් කරපල්ලා................” අවසන් නියෝගය ලැබිණි.

මට පෙර මගේ යහලුවන් කිහිප දෙනෙක් පාර හරහා පැනීමට සිටි අතර ඔවුන් නැවත වරක් අප දෙස හැරී බැලීය. ඔවුන්ගේ නෙත් සමඟ අපගේ නෙත් එකට ගැටෙද්දී හැමදාටම වඩා වෙනස් හැගීමක් ඒ අතර දෝලනය විය. ඊලඟ මොහොතේ ඔවුන් නොපෙනී ගියේ එපිටට ගියාදැයි සලකුණක් ඉතිරි නොකරමිනි.

පිපුරුම් වේගයෙන් තුවක්කුවෙන් නික්මෙන ගිනියම් වූ ලෝහ උල් කැරකෙමින් ඉදිරියට ඇදෙන බවත්, ඒවා එක තුවක්කුවකින් තත්පරයකට පහලොවක් පමණ පැමිනෙන බවත් අප මුලදී ඉගෙන ගෙන තිබිනි. මේ වන වි‍ට එවැනි ගිනියම් වූ ලෝහ උල්, වරුසාවක් මෙන් අපට සමාන්තරව ගමන් කරයි. ඔවුන් අපට පාර හරහා මාරු විය නොහැකි සේ ඉතා පහලින් පාරට වෙඩි තබමින් සිටියහ. නමුත් කෙසේ හෝ අප ඒ හරහා යා යුතුව ඇත. කාලය ගණනය කළහොත් අපට ඒ සඳහා අවම වශයෙන් තත්පර තුනකට වඩා කාලයක් ගතවනු ඇත.

වෙඩි වරුසාවකට, තත්පර තුනකට අධික කාලයක් නිරාවරණය වීම ගැන මම හොඳින් දනිමි. මේ පැමිණ ඇත්තෙ මගේ අවසන් මොහොතද?

අප කුමන අරමුණක් මුදුන් පත් කරගැනීමට මෙහි පැමිනියද, දැන් අප සටනකට මැදිව ඇත. මේ මොහොතේ තීරණ ගැනීම අපට අයිති දෙයක් නොවන අතර සියල්ල තීරණය වෙමින් පැවතිනි. සියල්ලෙහි ම අවසානය මෙය විය යුතුය.

මට මගේ අම්මා, තාත්තා සහ නංගී සිහි විය. නංගී කර දඬු උස්වූ කෙල්ලෙක් වුවද මා ගෙදර ගිය දිනවලට උදේ පාන්දර කොට්ටෙත් රැගෙන පොඩි කාලේ මෙන් මගේ කාමරයට පැමිණ මා සමඟ උදෑසන වෙන තුරු නිදාගන්නීය.

මා කුඩා කල සෙල්ලම් කල යහලුවන්, ගස් කොළන්, සතුන් සහ කඩමණ්ඩිය යන සියල්ල මා ඉදිරියේ මැවී අතුරුදන් වෙයි. මගේ පාසල පන්තිය හා හවස ක්‍රීඩා කල ආකාරය මට සිහි විය. “ඇය” මා වෙනුවෙන් බලා සිටිනු මට පෙනේ. තවත් වසරකින් අප විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියෙමු.

එහෙත් සියල්ල නොසිතු ලෙස සහ ඉතා කෲර ලෙස මගෙන් උදුරා ගැනීමට පසුබිම සැකසෙමින් තිබිනි. මීට පැය කිහිපයකට පෙර සතුටින් ඉපිලෙමින් සිටි මගේ ඉරණම විසදීමට ඇත්තෙ තවත් මිනිත්තු කිහිපයකි. සිතන්නට නොහැකි, අත දරන්නාට නිරන්තරයෙන් කීකරු වන, හිතක් නොමැති තුවක්කුවක් තුල උණ්ඩ පොදියක් මගේ ඉරණම විසඳීමට දැනටමත් සැදී පැහැදී සිටින බව මට ඒත්තු යමින් තිබිනි. මේ වෙනුවෙන් මට කළ හැකි කිසිවක් නොවීය.

අඟල් දෙකකටත් අඩු ගිනියම් වූ යකඩ උලකට මගේ පවුලේ අයගෙත්, ඇයගෙත් සියලු බලාපොරොත්තු විසුනු කිරීමට ඉඩ දීම කෙතරම් අසාධාරණද?

මට පොඩි කාලෙයේ දී මෙන්, “අනේ අම්මේ...... බේරගන්ඩකෝ.....” යැයි අම්මාට ඇසෙන සේ මොර දීමට උවමනා විය.

නමුත් එයට කාලයක් ඉතිරි නොවීය. මගේ වාරය පැමිණ ඇත. මම මේ වන තුරුත් මගේ සාක්කුවේ රුවාගෙන සිටි හුරුබුහුටි ටෙඩියන් දෙදෙනා හැකි තරම් වෙර ගෙන ඈතට විසි කර, පාර ගිලගෙන ඇති අඳුර, විනිවිදිමින් යන උණඩ වරුසාවට පැන්නෙමි.

නිමි !.

2011/11/13

නිවාඩු දවසට බලන්ඩ මරු කතාවක් | නීතා, කතන්දර, මකරා, උන්නැහේ.....

මේක පරණ කතාවක්. ඒත් නිවාඩු දවසට බලන්ඩ මරු. ‍මොකෝ සිත්තර විතරනෙ තියෙන්නෙ.

ඕගොල්ලන්ට මතක ඇතිනෙ කාලෙකට කලින් තිබ්බා සිත්තර තරගයක්. ඒක ඉවර කරලා අපේ විදෙස් සිත්තරා පොරොන්දු උනා සිත්තර තරගෙට ඉරිදිපත් උන කට්ටිය, ඒ සිත්තර අඳින වේලාවේ ගත්තු පොටෝ බලාගෙන ඇඳපු සිත්තර සැරින් සැරේ මෙතන දානවැයි කියලා.

එහෙම පොරොන්දු වෙලා මුලින්ම දැම්මෙ නීතා නැන්දගේ සිත්තරේ. මේ තියෙන්නෙ එදා දාපු එක. ටිකක් ‍ලොකුවට බලන්ඩ නම් මේවා වෙනම ටැබ් එකක ඕපන් කරං බලන්ඩලා.



ඔන්න අපි ඊලගට ගියේ කතන්දර මාමලයි දිහැ. අපි යද්දි එයානං සිත්තරේ ඇඳලා ඉවරයි. ඒත් අර පොටෝ එකක් ගන්න ඕන හින්දා, ආය එයා ලස්සන කලාකාරයෙක් වගේ ඇඳුමකුත් ඇදගෙන ආවා. මේ ඒ ගොල්ලන් අලුතෙන් හදපු ගෙදර කාමරයක්. තාම බඩු දාලත් නෑ. ඔය ලස්සනට කලාත්මකව පින්සෙලෙන් අඳිනවා වගේ හිටියට මොකද, ඕක නිකං රඟපෑමක් විතරයි හොඳේ.



ඊලගට ඉන්නෙ කව්ද කියලා බැලු බැල්මෙන්ම හොයාගත්තැකි නේද? මේ තමා මහා මකර අධිරාජ්‍යයේ අධිපති මකරා මාමා. දැහැමෙන් සෙමෙන් රාජ්‍ය විචාරුවට මොකද සිත්තර අඳින පැත්ත පලාතෙ නං කටවත් එන්ඩ දීලා තිබුනෙ නෑ. හේතුව ඕගොල්ලන්ට හිතාගත්තැකිද?



අන්තිමට සිත්තර අඳින්ඩම උපන් හපං උන්නැහේ මාමා. කුඹුරු වැඩකාරිය එහෙම අහවර කරලා, ගහක් යටට වෙලා හීන්සීරුවේ සිත්තරේ අඳිනවා. ඕගොල්ල හිතනවා ඇති ඒ මාමා සිත්තරේ ඇන්දට ඒක ඊ මේල් එකකින් කොහොම එව්වද කියලා. මොකද මේ වගේ ගම් තුලානකට කොහෙද ත්‍රීජී සිග්නල් තියෙන්නෙ නේද? හොඳට සිත්තරේ දිහා බැලුවොත් ඒගැනත් හොයා ගන්න පුලුවන් වෙයි.


එහෙනං අදට එච්චරයි. අනිත් අයගේ ඒවා වෙන දවසක. වේලාවක් තිබුනොත් සිත්තර ටික හොඳට අධ්‍යනය කරලා ඒ ගැන විචාරයක් දීලා යන්න.

ලබන සඳුදා මතක ඇතුව ආය එන්න. එදාට ඕගොල්ලන්ට පුලුවන් වෙයි නාඳුනන සෙබලෙක් අඳුනගන්න.

...................
-යුරෝදෙකේ වීරයා.

2011/11/07

යූරො දෙකේ වීරයා වැස්සකට කොටු වෙයි !

“පව් නේද අර බබා.......”

“පොරගෙ සෙරෙප්පු කුට්ටමට හරි වගේ නේද......?”

“පව් අනේ.............”

“හ්ම්..........”

“ඔයාටනං ගානක් නෑ! තමන්ගෙ දෙයක් නැතිවෙච්ච කෙනෙක්ම තමා එකේ අමාරුව දන්නෙ...... ඔයාගෙ සෙරෙප්පු එහෙම නැති වෙලා නෑ නේද......?”

“අපෝ නෑ. මං පන්සල් ගියාම කෙලින්ම ඇතුලට සෙරෙප්පු කුට්ටම අරං ගිහිං අරලියා ගහේ දෙබලෙ හංගලයි යන්නෙ......... එතකොට නැතිවෙන්නැ.... ඇයි ඔයාගෙ සෙරෙප්පු නැතිවෙලා තියෙනවද, ඔච්චර අර පොඩි එකා ගැන මෙව්වා වෙන්නෙ.......”

“ඔව්..............”

පහුගිය දවසක අපි රැල්ල පාගන්න ගියා.

ටිකක් වෙලා ගල් පොත්තක් උඩ ඉඳගෙන කතා කරකර ඉද්දි ඊට ටිකකට එහායින් දෙමව්පියෝ එක්ක ඇවිල්ලා හිටපු පොඩි එකෙක් අම්මලාගෙන් මොනාදෝ ඉල්ල ඉල්ල ඒ පැත්තම දෙක කරනවා. බලද්දි පොඩි එකාගෙ සෙරෙප්පු කුට්ටම තිබ්බ තැන නෑ. එක්කෝ රැල්ලට ගිහිල්ලා. නැත්තං උස්සලා.

ඒ දිහා බලං හිටපු අපියි ඔහොම කතා උනේ.

“එහෙනං කියන්ඩකො.......මට අහගෙන ඉන්ඩත් එක්කලා.....” එහෙම කිව්වට මම හිතුවේ නෑ එයා කතාව පටන් ගනී කියලා. මෙන්න මෙයා එයාගේ ලස්සන මිරිවැඩි සඟල නැති වුනු කතාව කියන්න ගත්තා. ඒත් ආදරේ‍ට කොහෙද බාධා නැත්තෙ. කතාව පටන් ගද්දිම අහස එකපාරට කලු කරගෙන ආවා. අපි ඉක්මනින්ම අයිස්කිරිං වෑන් එක ගාව ගහලා තියෙන යාලත්ත ගාවට ගිහිං කවර් උනා. කෝකටත් කියලා අපි ලොකු කුඩේකුත් අරගෙන ආවේ. මොකද මේ දවස් වල නිතර දෙවෙලේ වැස්සත්නෙ.

වැඩේ කියන්නෙ මේ අව් අස්සෙ මට හරියට අයිස්කිරිං උම්මා එකකවත්, සමනල් හාදුවක්වත් දී ගන්ඩ බැරුව ගියා. අරුන්දැ අපිට එච්චර සහසුද්දෙන් පංති තියලා කියලා දීලත්. චුයිංගම් එකක් නං හක්කෙ තිබ්බා. ඒත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න හැටිත් මට වේලාසනින් අහගන්ට බැරි වෙලානෙ තිබුනෙ. ඒයැයිට නං ඒවයෙ වගේ වගක් නෑ. මං ඇන්නා හොඳවයින් ටොක්කක්. හිතෙන්!

"එක අලුත් අවුරුද්දක‍්, එතකොට අපි පොඩියි, උඩවල‍වේ මාමලයි දිහා යන්ඩ ලැස්ති උනා. අපේ තාත්තයි, මමයි, අම්මයි, අක්කයි. තාත්තා හැම අවුරුද්දකම අපිට අලුත් ඇඳුං ගේනවා කොහෙ හරි යද්දි ඇඳගෙන යන්ඩ.....”

“ඉතිං......අපෙත් එහෙම තමයි. ඒ උනාට මතක් වෙද්දත් ඇඟ හිරිවැටිලා යනවා. කමන්නැ.... කියන්ඩකො, කියන්ඩකො.....”

“ඒ මොකො.....?”

“ඇයි මං ඔයාට කිව්වෙ නැද්ද? එක පාරක් අවුරුද්දට හඹරාදූවෙ නැන්දලාගෙ ගෙදර යන්ඩ අලුත් ඇඳුං අඳින කොටනෙ මගේ මීයා සිප් එකට අහු උනේ........”

“චීයා..............අනේ.... වටේ පිටේ මිනිස්සුන්ටත් ඇහෙයි..... මොනා කියනවද මම දන්නැ.....”

“අනේ උන්ට නං මොකද....? මටනෙ මෙව්වා උනේ..... හරි හරි කතාව කියන්ඩකො......”

ඔ‍හොම කිව්වට මොකද වැස්ස ටික ටික තද කලා. අපි හිටිය අයිස්කිරිං යාලත්ත ගාවත් දැං සෙනග. හුලං පාරක් කරකොලා ගහනවා කියන්නෙ......! හරියට කල්ප විනාසේ පටන්ගද්දි එනවයි කියන මුරුගසං වරුසාව එන්ඩ වගේ. මට නං හෙනට බය හිතුනා.

ඒ උනාට අපේ මැරියන් නොනා, එයාටනං ඒකෙ වගේ වගක් නෑ. එයා පටන් ගත්තු කතාව දිගටම කන්ටිනිව් කරගෙන යනවා. අන්න ගෑල්ලමයි, මොන බාදකේ ආවත් ගනං ගන්නෙ නෑ.

කොහොමහරි වෙරළෙ තිබ්බ පොල් ගස්වල වේලිච්ච අතු ඈතට පාවෙලා ගියා. ඒවා තාර පාර පැත්තට ගිහිං වැටෙන්ඩ ඇති. පොල් ගස් ටිකනං අපරාදේ! ඒවා ඇඔරි ඇඔරි හුළඟත් එක්ක පොර බැදුවට මොකද තව ටිහිකිං ගැලවිලා යනවයි කියලා මම දැන ගත්තා. එච්චරට තද හුළඟ. තාමත් හරිහමන් තැනකට රිංග ගන්ඩ බැරි උන අයගෙ කුඩ අනිත් පැත්ත ගැහුනා. සරම් ඇඳගෙන ඇවිල්ලා හිටපු මුදලාලි මාමලාටයි, සායවල් ඇඳගෙන ඇවිල්ලා හිටපු නැන්දලාටයි තමා මාර වැඩේ උනේ.

ඔන්න ඊලග මොහොතෙදි වැස්ස පටන් ගත්තා. මුලදි කැකුලු හාල් ඇට සයිස් වැහි බිංදු, ටිකකින් නාඩු සයිස් වුනා. තව ටිකකින් ඒවා දොඔ ගෙඩි සයිස් වෙලා, අන්තිමේ පොල්ගෙඩි සයිස් හෙන වැහි බිංදු වෙලා, හුළඟත් එක්ක එක්කහු වෙලා, ඒ මේ අතේ කැරකි කැරකි මහ වැස්සක් පටන්ගත්තා. කොහොම හරි,

වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා

අන්තිම වෙද්දි අපි හොඳටම තෙමිලා. වැස්ස එක පැයක් විතර අල්ලලා හිටියා. ඒත් ඒ වගේ “පුංචි” වැස්සකට පුලුවන් යැයි මගේ මැරියන්ගෙ කට වහන්ඩ! එයා තවත් පැය බාගයක් විතර එක දිගට කතා කලා. මේ වෙද්දි වැස්සත් ටිකෙන් ටික අඩු උනා. මුලු වෙරළම සීතලයි. ළමයි ක්‍රිකට් ගහපු, සෙල්ලම් කරපු තැන්වල හෑරිච්ච් වලවල් වල බැහැගෙන යන වතුරට යන්තං පොද වැටෙනවා විතරයි. රැල්ලට නං වගේ වගක් නෑ. එනවා, යනවා, එනවා, යනවා. හරියට මොන බාදකේ ආවත් නැවැත්තුවෙ නැති මැරියන්ගෙ කතාව වගේ.

ඔහොම හිතලා ඉවර වෙද්දිම වගේ මැරියන් නැතිවුනු සෙරෙප්පුවෙ කතාව මට කියලා ඉවර කලා. කොහොම හරි ඒ සේරම අහගෙන ඉඳලා මම කිව්වා “අපරාදේ ඒ කාලෙයි ඔයාට මාව හම්බවෙන්න තිබුනෙ. එහෙනං මං සුනිලට හොඳ පාඩමක් උගන්නනවා” කියලා.

ඒක අහගෙන ඉදලා මෙයා මගේ ඉහමොල හීතල වෙලා යන කතාවක් කිව්වා.

“මේ........ ගිය දේ ගියාවේ අනේ......, ඔයා හැමදාම ඔයාගෙ කතා ලියන එකේ ඔය සෙරෙප්පු දෙක නැතිවෙච්ච කතාවත් ලියලා දාන්ඩකො ඔයාගෙ බ්ලොග් එකේ.”

“මොකද්ද.......?“

“ඒවා ඇහෙන්නැ නේද......හ........“

“නෑ......මේ.......ඒක තමා මාත් බැලුවේ.....ලියන්ඩනං බැරිකමක් නෑ අනේ.... ඒත් පැයක්, දෙකක් එක දිගට කිව්ව කතාවක්, ටයිප් කරනවා කියලා හිතත්දිත් මට නිකං කැරකිල්ලට වගේ එනවා. අනික මගේ ඇඟිලි බිත්තර ටිකත් ගෙවිලා යයිනෙ.........”

“අපූ අප්පා........මං කියන ඒවා තමා මෙයාට ලියන්ඩ බැරි..........“

“හරි හරි..... අපි මෙහෙම කරමු. මේ කතාවේ හොඳම ටික අරං මම බ්ලොග් එකේ දාන්නං.....කමන්නැනේ....හා මං මේක දැම්මොත් ඔයා මට මොනාද දෙන්නෙ....“

“ඔයා කැමති දෙයක් කියන්ඩ......“

“එහෙනං ඊ ලඟ දවසෙ ඔයා හඹලපෙති වලින් අග්ගලා හදාගෙන එනවද? මං හෙන කැමතියි ඒවා කන්ඩ......“

“ අපෝ හා..... මං හදං එන්නං. හැබැයි එකක්. හොඳම ටික අරං බ්ලොග් එකේ දැම්ම‍ට කමන්නැ.... අර ඕගොල්ලන්ගෙ අක්කලාට යුරෝ හොයලා දුන්නු කතාවේ වගේ කෑලි අයින් කරලා, ඔයා කැමති කෑලි හේම අතින් දාලා ලියන්ඩ බෑ හො‍‍දේ......”

“අපෝ පිස්සුද? මම එහෙම කරනවැයි..........”

ඉතිං එදා පොරොන්දු වෙච්ච විදිහට මම දැන් ඕගොල්ලන්ට කියන්ඩ යන්නෙ ඒ කතාව. මුරුගසන් වරුසාව මැද්දෙ එයා එක දිගට පැයක් හමාරක් තිස්සෙ කිව්ව කතාවේ කිසිම වැදගත් කොටසක් මම අයින් කලේ නං නෑ.

නැතිවූ සෙරෙප්පු ජෝඩුවේ කතාව

මැරියන්ලා අලුත් අවුරුද්දට උඩවලවේ ඉන්න මාමලාගෙ ගෙදර ගිහිල්ලා සතියක් විතර එහේ ඉඳලා ඇවිල්ලා, හවස් අතේ ඒ ගොල්ලන්ට අරං දුන්නු අලුත්ම සෙරෙප්පු හෝදලා වේලෙන්ඩ දාලා නිදාගත්තලු. පහුවෙනිදා උදේ බලද්දි මැරියන්ගෙ සෙරෙප්පු ජෝඩුව නැති වෙලාලු. ගමේ හිටියලු ඔය සෙරෙප්පු, සබන් පෙට්ටි වගේ සිල්ලර බඩු හොරකම් කරන අහිංසක හොරෙක්. පස්සෙ තාත්තයි, මෙයයි කෙලින්ම හොරා හොයාගෙන ගිහිල්ලා “මේ සුනිල්, කරුණාකරලා මේ ළමයගේ සෙරෙප්පු ජෝඩුව ගත්තනං දෙන්ඩ.” කිව්වලු. සුනිල් කිව්වලු, “මේ මහත්තයා, මේ ඇඹිටිල්ලං මීයෙක් වගේ ඉන්න ළමයින්ගේ සෙරෙප්පු හොරකං කරන්ඩ මට පිස්සු නෑ. මට සෙරෙප්පු ඕන්නං මං පන්සල් වත්තෙන් හොයාගන්නවා” කියලා. පස්සේ තාත්තා, “ආ.... එහෙමද, ආයෙ අපේ වත්ත පැත්ත පලාතෙ පස් පෑගුවොත් බලාගත්තැකි“ කියලා මෙයාවත් එක්කගෙන ගෙදර ආවලු. අන්තිමේ මෙයාට සෙරෙප්පු ජොඩුවත් නෑලු, සුනිල් මාමා පස් පෑගුවෙත් නෑලු.

එච්චරයි.

.................

-යුරෝ දෙකේ වීරයා.

ප/ලි -

මම උදේම එස්එම්එස් එකකින් කිව්වා “අර කතාව මම දැම්මා කියලා!“ සමහර විට හඹලපෙති අග්ගලා ටික මට ළඟදීම ලැබෙයි.

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...