මිතුරනි, අද බිනර පුන් පොහොය දිනය.
බ්ලොග් අවකාශයේ දී නොදුටු ඔබත් මමත් දැන් මිතුරන් වී වසර තුනකට ආසන්න කාලයක්. ඇතැම් අය ෆේස්බුක් හරහාත්, ඇතැම් අය බ්ලොග් ලිපි හරහාත්, ඇතැම් අය දුරකතන හරහාත්, ඇතැම් අය දැක කතාබහ කිරීමෙනුත් දැන් කළණ මිතුරන් බවට පත් වෙලා.
කෙසේ වුවත් අපගේ ඒ හමුවීම් වලින් මා තේරුම් ගත් වටිනා ම කරුණ නම් අප තවමත් ඉම නොපෙනෙන සංසාර ගමන ගෙවා දමන එකම මිතුරු කැලක් බවයි. එයින් ව්‍යංගයෙන් කියවෙන්නෙ මෙතුවක් කාලයක් පුරා පහල වූ බුදුපියාණන් වහන්සේලා සියලු දෙනා අපට මඟ හැරී ගොස් ඇති බවයි. නැතිනම් උන්වහන්සේලා දේශනා කළ ධර්මය අවබෝධ කරගෙන සසර ගමන කෙළවර කරගෙන නැති බවයි.
ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?
කෙසේ නමුත් මේ මහා බද්‍ර කල්පයේ පහල වෙන බුදුන් වහන්සේලාගෙන් තව එක් නමක් අපව සසරින් එතෙර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ මෛත්‍රී බුදුපියාණන් වහන්සේ. අපි නිවැරදිවම දන්නවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ වන විටත් තමන්ගේ පාරමිතා සම්පූර්ණ කරලා තුසිත දිව්‍යලෝකයේ සංතුසිත දිව්‍යරාජයා ලෙස සුදුසු කාලය එළඹෙන තුරු එහි වැඩ හිඳිනවා කියලා.
ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?
මීට අවුරුදු හය හතකට කලින් මම කුරුලු හමුදාවේ ඉන්න කාලේ හිතාගෙන හිටියේ ක්‍රීඩකයෙක් හැටියට ලංකාවේ දස්කම් දක්වලා ආසියානු මලළ ක්‍රීඩා තරගය නියෝජනය කරන්න. අවුරුදු හතරක සැලැස්මක් ඇතිව ඉතාම කැපවීමෙන් පුහුණු වුනත් මට ඒ අවස්ථාව මඟ හැරුනා. ගිය සතියේ මම බ්ලොග් මිතුරෙකුට කිව්වා, එළඹෙන සති අන්තයේ මම කොළඹ පොත් ප්‍රදර්ශණය බලන්න එනවා කියලා. නමුත් නොවැලැක්විය හැකි හේතුවක් හින්දා ඒ අවස්ථාව මට මඟ ඇරුනා. ඒ වගේ අද්දැකීම් මට විතරක් නෙමේ ඔබටත් ඇති. අවුරුදු ගණනක සැලැස්මක් තබා, එළඹෙන තත්පරයේ දී අපේ බලාපොරොත්තු කීයක් නම් අපෙන් මඟ ඇරෙනව ද?
ඒ ආකාරයෙන් බලද්දි මේ බද්‍ර කල්පයේ කෙලවරේ බුද්ධත්වය ලබන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නිවන් අවබෝධ කරගන්න බලාගෙන ඉන්නවා කියන්නෙ කෙතරම් මෝඩ කමක්ද? ඒ වගේ අවස්ථාවක් මඟ හැරෙන්න තියෙන ප්‍රතිශතය ගැන උපමාවක් පවා හිතාගන්න බෑ. කාටද ස්ථිර වශයෙන් කියන්න පුලුවන් අපි මෛත්‍රී බුදු පියාණන් පහල වෙද්දි නොරටක නොසිටීවි කියලා, ධර්මය වටහා ගන්න නොහැකි තරම් බුද්ධි මට්ටමක නොසිටීවි කියලා, නැතිනම් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා නොසිටීවි, අපායේ, තිරිසන් ලෝකයක නොසිටීවි කියලා.
දැන් හොඳින් ම වැටහෙනවා ඇති අපි එහෙටත් නැතුව මෙහෙටත් නැතුව සංසාරේ අතරමං වෙලා කියලා. බ්ලොග් එකක් ලියාගෙන, කමෙන්ට් එකක් දමාගෙන "ආතල්" එකේ හිටියට අපි “පට්ට“ අසරණයි. ඔය කරුණ අපිට කලින් ගුණදාස කපුගේ මහත්තයට වැටහුනු නිසා ද, "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ......" කියලා තියෙන්නෙ?
ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?
මනෝරථපුරණී අටුවා පාඨයේ කියවෙන ආකාරයට පිළිසිඹියාපත් රහතුන් වශයෙන් වර්ෂ දහසක් ද, ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, අනාගාමින්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද වශයෙන් පන්දහසක් අවුරුදු ප්‍රතිවේද ධර්මය පැවැත්වෙන බව කියවෙනවා.
පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන්ගේ වර්ෂ දහසක් ද, ෂඬභිඥා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ත්‍රිවිද්‍යා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, පෘථග්ජන භික්ෂුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද බුදු සසුන පවත්නා බව සම්පදානිය සුත්‍ර අටුවාවෙහි කියවෙනවා. ඉන් අනතුරුවත් පහණක් නිවෙන්නා සේ එකවර මෙලොවින් බුදුදහම අතුරුදහන් වෙන්නෙ නෑ. ඒ කෙසේ වුවත් දේව, බ්‍රහ්ම ලෝක වල තවත් කල්ප ගණනාවක් නිර්මල බුදු දහම නොනැසී පවතිනවා.
මේ ගෙවෙන්නෙ බුදු සසුනේ තුන් වන වර්ෂ දහසයි. මේ කාලය මනෝරථපුරණීයේ කියන අන්දමට අනාගාමින් සිටියහැකි කාලයක්. දීඝනීකායට්ඨ කතාවෙහි දැක්වෙන අන්දමට ත්‍රිවිධ්‍යා රහතුන් සිටිය හැකි කාලයක්.
ඒ හැරුනු කොට අප බුදුපියාණන් වහන්සේ ම සුභද්දයන් අරඹයා දේශණා කලේ, "සුභද්දය, මේ භික්ෂුන් මැනවින් වසයි නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය" යනුවෙන්.
ඉතින් මේ කාලයෙත් රහතුන් වහන්සේලා ලෝකය තුල ගිණිය නොහැකි තරම් ප්‍රමාණයක් වැඩ හිඳිනවා විය හැකියි. අනිත් අතට නිර්වාණ මාර්ගයට පිවිසිලා මේ සසර ගමන කෙලවර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයන්ටත් මේ කාලයත් සුදුසු ම කාලයක්.
අප ගෞතම බුදු පියාණන් වහන්සේ පහල වූ කාලයත්, මීලගට බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදුන්වහන්සේ බුදුවන කාලයත් අතරතුර ගෙවී යන කාලය හා සසදා බලන විට අප ගෞතම බුදුන් වහන්සේ මෙලොව පහල වෙලා තවම ගෙවී ඇත්තෙ ඇසිල්ලක තරම් කාලයක්. ඇත්ත වශයෙන් නම් ඒ සඳහා උපමාවක් පැවසිය නොහැකි තරම්. ඉතින් සද්ධර්මය ලඟා කර ගැනීමෙන් අපට අදත් අපගේ ජීවිතය අරුත්බර කර ගැනීමට හැකියාව තිබෙනවා.
ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?
අප වසර 80 කාලයක් මෙලොව තුල ජීවත්වනවා ය කියන්නෙ දින 29 000 පමණ කාලයක්. එයිනුත් දැන් ඇතමුන්ගේ අඩකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති. නමුත් අපට තව දින 15 000 කට ආසන්න කාලයක් ඉතිරි වී තිබෙනවා. ඒ කාලයවත් අපි නිවැරදිව පාවිච්චි කලොත් අපි වාසනාවන්තයෝ ද, අවාසනාවන්තයෝ ද කියලා අපටම මොනවට පැහැදිලි කරගැනීමට හැකි වේවි.
ඉතින් ඒ වෙනුවෙන් අප කල යුත්තෙ බෞද්ධයන් වූ අපගේ අග්‍ර ඵලය වන නිර්වාණ මාර්ගයට පිවිසීමයි.
මිතුරනි, ආමිස සහ ප්‍රතිපත්ති වශයෙන් පිහිටා සිට කුසල් රැස් කිරීමට අපට කාල නියමයක් නෑ. එය කිනම් කාලයකදී උනත් කළ හැකියි සහ කල යුතුයි. ඒ නිසාමයි බුදුන් වහන්සේලා නොමැති කාලවල දී පවා දිව්‍යලොක හිස් නොවෙන්නෙ. නමුත් ඒ කුසල බලයෙන් ලබන දේවත්වය හෝ බ්‍රහ්මත්වය නිසා කෙදිනකවත් ඔවුන්ට ඇරී ඇති අපාය දොරටු නම් වැසෙන්නේ නෑ. එසේ බලන කල බුද්ධාන්තර කාලයක් දේව, බ්‍රහ්ම, සක්විති රජුන් වෙමින්, සොහොන් බිම් පුරවමින් පැමිණෙන අප ගැන කුමන කතාද? ඒ නිසාමයි මහා විමාන තුල විරාජමාන වන දෙවියන්ටත්, කල්ප ගණනින් බ්‍රහ්ම ලෝක වල සුව විඳින බ්‍රහ්මයන්ටත්, මුලු දියතම පාලනය කරන සක්විති රජවරුනටත් වඩා දිළිදු පැලේ සිටින සෝවාන් පුද්ගලයා උතුම් වෙන්නෙ. සොවාන් වීමෙන් පමණයි අපෙන් පළමු වරට අපාය දොරටු වැසී යන්නෙ.
අනෙක් අතට අපේ අම්මා වෙමින්, තාත්තා වෙමින්, සහෝදර සහෝදරිය වෙමින් අපගේ මිතුරා වෙමින් ගණනින් කිව නොහැකි තරම් කාලයක් අප අතර ම හිදිමින් අවසානයේ අපට නිවන් මඟ කියා දුන් අපේ බුදු පියාණන්ට කළ හැකි හොඳම පුජාවත් මඟ පල ලබා නිවන් සාක්ෂාත් කරගැනීමම නොවේද?
ඉතින් බුද්ධිමත් වූ අපත් අදම අපාය දොරටු වසා ගැනීම සඳහා, ඇලිම් - ගැටීම් අවම කර ගනිමින් උසස් වූ, ප්‍රීතිමත් වූ, සැපවත් වූ අරහත් මාර්ගයට පිවිසීමේ පලමු පියවර ලෙස, අපගේ සිත සමනය කර ගනිමු. එය කල හැකි පලමු හා සාර්ථකම පියවර වන්නෙ භාවනාවයි.
ආධුනිකයන් වූ අපට චතුර් ආරක්ෂක භාවනා ලෙස හඳුන්වන බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව සහ මරණානුස්සතිය ප්‍රගුණ කළ හැකිය.
දානය, සීලය යම් ප්‍රමාණයකින් ප්‍රගුණ කර සිටියත් වර්තමානයේ භාවනාව ප්‍රගුණ කිරීම බොහෝ විට අපගෙන් මඟ හැරී යන්නක්.
මිතුරනි, මේ පහලින් දැක්වෙන්නෙ මගේ කලණ මිතුරු චන්දන බණ්ඩාර විසින් සම්පාදනය කරන ලද බුද්ධානුස්සතී භාවනාව හෙවත් මහානුභාව සම්පන්න බුදුගුණ සිහිකිරීමේ භාවනාව ආධුනික අපට පහසු ලෙස කළ හැකි ආකාරය ගැන ලියැවුනු පොතක්.
ඉතින් මේ උතුම් පොහෝ දින මේ පොත ඔබත් ලබාගන්න. අද ම අපගේ බුදු පියාණන් දෙශණා කළ නිවන්මඟ සාක්ෂාත් කරගැනීමට පළමු පියවර තබන්න.
භාවනාව හා සබැඳි සියලු විස්තර මේ පොතේ අන්තර්ගතයි.
මෙහි දැක්වෙන නව අරහාදී බුදු ගුණ සවිස්තරව දැන ගැනීමටත්, අප ශාස්තෘන් වහන්සේ පිළිබඳවත්, උන් වහන්සේ දෙසූ ධර්මය පිළිබදවත්, උන්වහන්සේගේ පැවදි ශ්‍රාවකයින්ගේ ආනුභාවය දැන ගැනීම පිණිසත් රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ රචනා කරන ලද පොත් අතරින් එකක් වන "සුවිසි මහා ගුණය" පරිශීලනය කරන්න. භාවනාව ගැන තවත් තොරතුරු තනූජ ජයසුන්දර මිතුරාගේ මෙම ලිපි පෙලින් දැන ගන්න.
බෞද්ධයන් වන අප තෙරුවන් හොඳින් හැඳිනගෙන සිටිය යුතුයි. තෙරුවන් හැඳින ගැනීමට මෙම සුවිසි ගුණය හැර වෙන ක්‍රමයක් නැහැ. මේ ගුණ සූවිස්ස දැනගෙන මැනවින් තෙරුවන් හැඳිනගත් පුද්ගලයාට කිසි කලෙක වෙනස් නොවෙන, කිසිවෙකුට උපායකිනුත් වෙනස් කළ නොහැකි අචල ප්‍රසාදයක් තුණුරුවන් කෙරෙහි ඇතිවෙනවා. මේවා හරිහැටි නොදැන තුණුරුවන් විවේචනයෙන් පුද්ගලයන් කර ගන්නා අකුසලයේ තරම මෙතෙකැයි කියන්න බෑ. මේ ගුණ සූවිස්ස නොදන්නෙ නම් අපි නාමික බෞද්ධයන් පමණයි!
ගෞතම බුද්ධ සාසනයේ දීම සසර ගමන අවසන් කිරීමට පළමු පියවර අපි අද ම තබමු. පෙර කුසල් හා පාරමී පුරා තිබුනහොත් ඔබත් මේ භවයේ දී අරමුණ කරා ලඟා වේවි. නැතිනම් මෙම පියවර ඉදිරියේ දී පාරමිතා සම්පූර්ණ කරගැනීමට ඔබට ඉවහල් වේවි.
ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?
අදට ලිපිය අවසානයි.
ප්‍රිය මිතුරනි, ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට පහසුම ප්‍රතිපදාවෙන් ගෞතම බුද්ධ ශාසනයේ දීම නිවන ම වේවා!
..........................................
- බුද්ධි.

![]() |
Download |