2010/04/30

සයිබර් යාය වසා දැමේ | සතුටින් සමුගන්නෙමි!

ඔන්න අදත් මම සුපුරුදු පරිදි ආවා. ඒත් අද කතන්දර නෑ. අර උඩින් තියෙන හෙඩිමට අනුව ''සයිබර් යාය වසා දැමේ!'' කියලා කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.

ඒකට හේතු ගොඩයි.

මගේ සයිබර් යාලුවෝ කීප දෙනෙක් දන්න පරිදි මට දැන් කරන රස්සාවට අමතරව සංස්ථාවක් හිමිවූනා. ලැබුනු සංස්ථාව ගැන අපේ සයිබර් යාලුවෝ සමහරක් නං දැනමටත්දන්නවා. දැන් ඉතිං ඉදිරියේ දී ඒ සංස්ථාවේ වැඩ කටයුතුත් මට කරන්න වෙනවා.

ඔය සංස්ථාවේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න මැයි මාසේ 1වෙනිදා ඉදලා මාසයක විතර කාලයක් ''මැලේසියාවේ'' සංචාරය කරන්න අවස්ථාවක් මට ලැබුනා. ඒක හින්ද හෙට ''අර්ලි ඉන් ද මෝනිං'' මම කටුනායකින් මැලේසියාව බලා පිටත්වෙනවා.

අන්න ඒ හේතුව හින්දා මට ''සයිබර් යාය'' වහලා ​දාන්න වෙනවා.

ඔන්න එහෙනං නිල වශයෙන් මම ''සයිබර් යාය'' වහල දැම්මා!

පසුව ලියමි.

ඔය පහල තියෙන්නෙ මම ලියපු කතාවලින් තෝරලා ගත්තු, මමත් ආයේ කියවන්න කැමති කතා ටිකක්!

සයිබර් යාය වහල දැම්මත්, මම ලියපු, ඔබ කියෝපු, මේ පහල තියෙන කතන්දර වල මම හැමදාම ඔයාලත් එක්ක ඉදීවී.......,

01. ටොපි කොල හතලි​හේ කතා වස්තුව | පොඩි කාලේ මගේ මොලේ හිරවුනු තව තැනක්
02.
කදිර පෝතක කතා වස්තුව | පොඩි කාලේ මගේ මොලේ හිරවුණු තවත් තැනක්
03.
බොරලු රොකට්ටුව | හිහ්....හී... මගේ පළමු නව නිර්මාණය චිත්‍රත් එක්කම
04.
ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල්කොටුවේ චූටිමහත්තයා | සිත්තරෙත් එක්කම
05.
මගේ පළමු රාජකාරී ලියුම | මාලනී ටීචර් කියල දුන්නු විදිහටම
06. බබුරු ආච්චිට ආපු ටෙලිග්‍රැම් එකේ තිබූ පෑගුන අකුරු | වැඩිහිටියන්ට සැලකීමට ගියෙමි.

තවත් දෙයක්,

මම ''සයිබර් යාය'' වසා දැම්මත් ඔබට මමත් එක්ක මූණුපොතෙන් හමුවෙන්න පුලුවන්. කැමති කට්ටිය බ්​ලොග් එකේ මුදුනෙ දතුණු පැත්තෙ ඔය උඩින් තියෙන ''එන්න යන්න Facebook'' කියල තියෙන බටන් එක ක්ලික් කරලා එකතු වෙන්න. මේ තියෙන්නෙ මං එතන ඉන්න විදිහ,



මම හිතං ඉන්නෙ මගේ සයිබර් යාලුවන්ට බලන්ට මැලේසියාවේ දී මම යන එන තැංවල පින්තුර ටිකක් මූණුපොතේ දාන්න කියලා. ! එහෙනං මම ගියා.

ආ..... තව දෙයක්,

මම අර සයිබර් යාය වසා දැමේ කිව්වට ඒක වහන්නෙ මම මැලේසියාවේ ඉන්නකං විතරයි හොදේ.... ආපු හැටියේ ආයේත්
''චූටිමහත්තයා'' කතන්දර කියයි. වරද්දන්නැතුව එන්ට ඕන හොදේ. එහෙනං මම ගිහිං එඥ්ඤං!

හෆෝයි තව ටිකෙන් වැදගත්ම කොටහ අමතක වෙනවා නොවැ,

ඔය මැලේසියාව පැත්තෙ ගිහිල්ල තියෙන කට්ටිය කියන්කො එහේ බලල හදල එන්න තියෙන ලස්සන තැං මොනාද කියලා.

ආ...හා... පොරකන්නෙ කව්ද ඔය ඕක කියන්න! ඒක ඔය පහල තියෙන කොටුවේ හීන් සිරුවේ ලියලා යන්නකෝ!!

ආ..... කෝ මේ 27 පාරක් මැලේසියා ගිහිල්ලා තියෙන තරිදුවා.

2010/04/21

මම ආමි. |සයිබර් යාය

සයිබර් යායට මම අන්තිමට පෝස්ට් එකක් දැම්මෙ මීට සෑහෙන කාලෙකට ඉස්සර. ඒ කියන්නෙ 2010 අප්‍රියෙල් 07 වැනිදා! තව දවස් 344 ගියා නං පෝස්ට් එකක් නොලියා හරියට අවුරුද්දක් ගත වෙනවා.

මට මගේ ඊලට කතන්දරේ දාන්න පරක්කු උනේ අවුරුද්දකට සැරයක් එන ''සූර්ය මංගල්‍යය'' සමරන්න ලෑස්ති වෙන්න ගිය නිසයි.

මම ඈතුලු පිරිස මෙවර අලුත් අවුරුදු සමරන්න යොදා ගෙන තිබුනෙ මැරියන්ලගේ අම්මගේ අයියා කෙනෙක්ගේ ගෙදර.

සා..................... මරු පැත්ත. එහෙට කියන්නෙ ''උඩවලවේ'' කියලා. අනේ ඒ ගෙදර කස්ටියත් හරි හොදයි.
බුද්ධි ළමයම පළවෙනි පාරට දැක්ක උනාට කොල්ලව හොදට හිතට අල්ලා වගේ. දැක්ක දැක්ක තැන සැලකිලි!

අපි අවුරුදු සැමරුවට පස්සෙ ගියේ සංඛපාල රජ මහා විහාරයට.
මේ සංඛපාල රජමහා විහාරයේ අපේ බුදුරජානන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව.



මේ තියෙන්නේ ​​චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡායාරූපේ.



මේ තියෙන්නෙ පහල ඉදං ඔය ​චෛත්‍ය ගාවට යන්න තියෙන සුන්දර මාර්ගෙ.


ආ.... මේ කව්ද මේ!


ඊට පස්සෙ මාමලගේ ගෙදර ඉදං පයින් යන දුර තියෙන උඩවලව ඈත් අතුරු සෙවණට.

සා... මහ අලි, පොඩි අලි ටිකිරි අලි ඔක්කොම පොර කකා ''පිටි කුක්කු'' බොනවා.

ඊට පස්සේ උඩවලවේ ඩෑම් එකට.

ඔය තියෙන්නෙ මම ඒ හරියේ සුන්දර සන්ධ්‍යව පටිගත කරගන්න ආකාරය.


පහුවදා උඩවලවේ රක්සිතේට වාහනේං ගිහිං අලි බැලුවා.

ඔන්න ඔහොම අවුරුදු දවසේ ඉදං සෙනසුරාදා වෙනකං මාර නිවාඩුවක් අරං, ඉරිදා උදේම එහෙං පිටත් වෙලා හවස් ජාමේ ගෙදර ආවා.

ගෙදර ආවත් නිකං උඩවලවේ ජාතින වන උයනෙ වගේ හිතෙන්නෙ.

මාර අමාරුයි සදුදා උදේ වැඩට යන්න හිත හදා ගන්න.

ඔහොම ඉද්දි මට මතක් උනා,
'' ඉරිදා සවස 7 රොබින් හුඩ් යනවනේ'' කියලා.

''රොබින්ගේ වීර ක්‍රියාවක්වත් බලල හිත හදාගෙන සදුදා වැඩට යනවා''
මතකනේ කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

හුටා.. මෙන්න බොලේ ''කොරේ පිටට මරේ'' කියලා ​​රොබින් කාරයත් ඉසබෙලාගේ විස කඩු පාර කාලා තනිපංගලමෙම ගහක් පල්ලෙ මැරිලා ගියා.

මට එපා උනා.

මං රොබින්ට රග පාපු ජොනා​ගේ ඉන්ටවිව් එකක් බලල හිත හදාගෙන, සදුදා වැඩට යන්න හිතුවා.

කොහොම හරි නිවාඩුව පුදුම ආස්වාදජනක විදිහට ඉවර උනා.

සා............ මතක් කරද්දිත් සනීපයි.

හැබැයි, ඔය මොනවා තිබුනත් එහෙ ඉන්ටර්නෙට් තිබුනේ නැති නිසා මගේ සයිබර්යාලුවන්ට නැකතට සුබ පතන්න නං බැරුව ගියා.

මං ඉන්නම බැරි තැන හදිසියේ කැෆේ එකකින් සයිබර් අඩවියට ගොඩ වැදුනු වෙලාවෙ මගේ සයිබර් යාලුවෙක් '' උඩවලවේ පැත්තෙ වටිනා කියන බෙහෙත් පැලෑටි වගයක් තියෙනවා පුලුවං නං ටිකක් ගේන්න කිව්වා, මිනිහට රහස් බෙහෙත් වට්ටෝරුවක් හදාගන්ට. ඒක නං මට ගේන්න බැරි උනා. (ඔව්! ඔව්! ඔයා කිව්ව එක තමයි!) දැං මිනිහා මාත් එක්ක තරහ වෙයිද මන්දා?

කොහොම හරි අන්තිම පෝස්ට් එකේ කමෙන්ට් කරලා මට අවුරුද්දට සුබ පතපු අයටයි, ෆේස්බුක් එකෙන් සහ ඊමෙල් මගින් සුබ පතපු අයටයි ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

දන්නවද මේ නිවාඩු කාලේ මං තව දෙයක් කලා. ඒ මගේ අතීත මතක වස්තුවෙ හැංගිලා තිබුනු ම​ගේ පුංචිකාලේ සිදුවීම් ටිකක් මතක් කර ගත්තු එක.

එහෙනං අනිත් දවසේ ඒවයින් එක කතාවක් අරං එන්නං!

එහෙනං ඔන්න ආයෙත් ''මම ආමි.''

ආ.. තව එකක් අපේ සසික නානායක්කාරත් මේදා පාර නිවාඩුවට ඩවුන් සවුත් ගියාලු.

ඔයාල මොකද කලේ අවුරුදු නිවාඩුවට?

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...