01. priyantha June 28, 2012 4:41 PM
මේ පහුගිය දවසක පලවුනු වුනු සොත්ති සපත්තුව කතාවට ලැබුනු ප්‍රතිචාර කිහිපයක්.
කතාවලට සිත්තර නැති වුනු එක, සෙනසුරාදාට විතරක් සිත්තර පලවෙන එක ඉබේ සිද්ධ උනු දෙයක් නෙමේ. ඒ කාලෙ ඉදන් සයිබර් යායට ගොඩවෙලා මේකෙ වෙන දේවල් ගැන ඇහැගහගෙන ඉදලා සිත්තර ගැන මට උපදෙස් දුන්නු පොරක්ගෙ කියමනකට අනුවයි මේ දේවල් සිද්ද උනේ.
ඒ කාලේ මම එයාව එච්චර දන්නෑ. ඒත් දවසක් මට ලිඛිත මාර්ගයෙන් කතා කලා.
පොර - මසං... මම අහවල් බ්ලොග් එක ලියන අහවලා. මසං... මං පොඩි දෙයක් කියන්නං උඔ තරහ වෙනවද?
මම - ඉතිං කියාපං.... මම මොකටද තරහා වෙන්නෙ......!
පොර - මසං... උඔගේ ලියුම් වලට සිත්තර දැමිල්ල නැගලා යනවා නේද?
මම - නැතුව අපි වැඩක් කලොත් දන්නවනේ.......
පොර - මසං... තව සිත්තර දෙක තුනක් දාලා ඕක නවත්තපන්....
මම - වට් නොංසං... ආ යු මෑඩ්....!
පොර - නෝ..මේට්! මේ අහපන්....එතකොට අගේ වැඩි වෙනවා. ඉදලා හිටලා එකක් දාපන්... ටික දවසක් යද්දි උඔගෙන් කට්ටිය "සිත්තර දාන්නෙ නැද්ද?, සිත්තර දාන්නෙ නැද්ද?" කියලා අහන්ඩ ගනියි. ඕක පොඩ්ඩක් ඩිමාන්ඩ් කරාපං.....!
මම - එහෙමද? ටැංකොයි!.... උඔලා වගේ අදහස් දක්වන අය ඉන්න එක මට ලොකු හයියක්.
ඔය පොර ඔතනින් නැවතුනේ නෑ. ජාත්‍යන්තර මට්ටමේ කාටුන් වෙබ් අවඩි වල ලින්ක් එහෙමත් මහ ගොඩක් මට එව්වා. ඒවා බලලා ඉගෙන ගන්න කියලා.
ඉතින් මම මිනිහව විශ්වාස කලා. ඒ අනුව කතන්දර වලින් සිත්තර අයින් කරලා සෙනසුරාදාට විතරක් ඒවා දැම්මා. ඔන්න දැං මිනිහා කිව්ව විදිහට වැඩේ පත්තුවෙලා. සිත්තරේ නැතුව සමහරුන්ට කෑවත් නොකෑවා වගේලු. කිව්වට පිළිගන්ඩ මේල් සිය ගාණකින් මගේ ඉන්බොක්ස් එකත් පිරිලා මේ වගේ ඉල්ලීම් වලින්. (ඉන්බොක්ස් එක මට විතරයි නේද පේන්නෙ?)
වැදගත් ම දේ ඒ එක නෙමේ පින්වතුනි, මිනිහා ව මම මගේ සිත්තර උපදේශක තනතුරට පත්කර ගත්තා. අඩු වයසින් ම මිනිහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන ලකුණු පෙන්නුම් කරනවා. එකක් තමා මට එක උපදේශක් දීලා ජනතාව ඉදිරියේ, සොරි! ඕගොල්ල ඉදිරියේ ඕගොල්ලන්ගේ පැත්තට කතා කරන එක. ඔය ඉහල සිත්තර ඕනෑ කියලා කමෙන්ට් කරපු කට්ටිය අතර එයත් කමෙන්ට් කරලා. බලන්ඩකෝ හැමදේම මිනිහා හරි ඉක්මනට අල්ලගන්න හැටි.
ඉතින් මේ විදිහට භාණ්ඩයක හරි සේවාවක හරි ඉල්ලුම වැඩි වෙද්දි මොකද වෙන්නෙ. ඒකේ අගය ඉහල යනවා. එතකොට මොකද කරන්නෙ. එක්කෝ හොඳ ගාණකට විකුණලා දානවා. නැත්තම් අනුග්‍රාහකයෝ කට්ටියක් අල්ලාගෙන වැඩේ ලාබ පිට කරගෙන යනවා.
ඔය විදිහට කල්පනා කරලා බලලා අපි තීරණය කලා "සොත්ති සපත්තුව" කතාවේ සිත් ගත් අවස්ථා කිහිපයක් ඇතුලත් කාටුන් සිත්තර ටිකක් ඇඳලා දාන්න. හැබැයි ඒවා පලකරන්නෙ ඒ ඒ අවස්ථාවන් හා චරිත වලට අනුග්‍රහකයෝ ටිකක් හොයාගන්න පුලුවන් උනොත් විතරයි.
ඔය ගැන කියලා අපි කෙටි දැන්වීමක් දැම්මා කමෙන්ට් එකක් හැටියට. ඒ අවස්ථාවේදීම මේ වැඩසටහනේ වටිනාකම තේරුම් ගත්තු ධනපති බ්ලොග්කාරයෝ ටිකක් වහාම අනුග්‍රහය දෙන්න ඉදිරිපත් උනා. වැඩේ කියන්නෙ හැමදේම ඉක්මනට තේරුම් යන බ්ලොග් ලියන ධනවතීලට ඒක තේරුම් ගන්ඩ ටිකක් වෙලා ගිහිල්ලා.
මේ තියෙන්නෙ ඒකට උදාහරණ.
01. අනුග්‍රහය දක්වන්නේ මොකටද අනේ. ඒකත් විස්තර කරලා දෙන්ට. (කමෙන්ට් මාර්ගයෙන්)
02. මොකද්ද අනේ ඒ කේෂ් එක.... චිත්තෙකුත් අඳින්ඩ ඕනිද? (චැට් මාර්ගයෙන්)
03. ආ... මං හිතුවා අපි එක එක්කෙනා ඇඳලා එව්වම ඔයා ඒ සංඝටක ටික එකට සම්පින්ඩනය කරලා දානවයි කියලා... හිකිස්..... (දුරකතන මාර්ගයෙන්)
ඔය හේතුව හන්දා අපි තීරණය කලා සම්පුර්ණ පැහැදිලි කිරීමක් එක්ක නියමිත ටෙන්ඩර් පටිපාටිට අනුගමනය කරලා ප්‍රසිද්ධ ලියමනක් දාන්ඩ. ඒ අනුව ඊයේ දවසේ චරිත මිල දී ගත්තු අයගේ ගනුදෙනු අවලංගු වෙනවා. ඒකට සමාවත් භජනය කරනවා.
අනික මේ වැඩේ නියමිත ක්‍රියාපටිපාටියට කලේ නැත්තං ඕගොල්ල කියයි, "මේං මෙච්චි විතර දැන්වීමක් දාලා තිබුනේ... ඒක අපි දැක්කෙත් නෑ. වගකිවයුතු ආයතනයක් හැටියට මෙහෙමද ඕගොල්ල වැඩ කරන්නෙ.... නඩුත් හාමුදුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ..... වෙනටද පිටුවක් පුරෝලා ඇඩ් දානවා. මේකට මෙච්චිම මෙච්චි කොමෙන්ට් කෑල්ලක් ඉතරයි..... අපිට මේ සිද්ධි දාමය ගැන සාධාරණ මෙව්වා එක්ක පහල වෙනවා..... වහාම මේ ටෙන්ඩර් එක අවලංගු කරලා නැවත තියන්න" වගේ කතා.
ඒක හින්දා ඉතාමත් පැහැදිලිව නිරවුල් ව පහත දක්වලා තියෙන විස්තර කියවලා ඕගොල්ලන්ටත් පුලුවනි අනුග්‍රාහකයෙක් වෙන්න.
කොන්දේසි -
01. ඔබ කල යුත්තෙ පහතින් අප දක්වා ඇති චරිත හා අවස්ථාවන්ගෙන් ඔබ කැමති චරිතයක් හෝ අවස්ථාවක් තෝරාගෙන අනුග්‍රහය දැක්වීමයි.
02. රුපියල පාවෙන නිසා සියලු ගණුදෙනු යුරෝ මගින් සිදු කෙරේ.
03. එක් පුද්ගලයෙකුට ලබාගත හැක්කෙ එක් අනුග්‍රාහකත්වයක් පමණි. ඔබ කැමති දේට දැනටමත් අනුග්‍රහය දක්වා ඇති නම් ඔබට සම අනුග්‍රහය හිමිවේ.
අනුග්‍රාහකත්වය ලබා ගත හැකි චරිත, අවස්ථා හා ඒවායේ මිල ගණන්.
01. පන්ති නායක. :- යුරෝ - 2,500
02. පද්මිණී ටීචර්.:- යුරෝ - 4,500
03. පොර කන අවස්ථාවේදී නැගෙන දුවිල්ල සහ එයින් පිටවෙන ළමයා. :- යුරෝ - 4,500
04. සිත්තරයේ උඩින්ම යොදන මාතෘකාව.:- යුරෝ - 9,500
05. රබර් බෝලය. :- යුරෝ - 6,800
06. කලු කොටුව :- යුරෝ - 6,900
07 .ඉඳි ආප්ප භාජනය (ටීචර්ලාගේ අතුත් සමඟ). :- යුරෝ - 22,000
08. නව සොයා ගැනීම කියවෙන වැකිය. :- යුරෝ - 45,000
09. නිරූපා ටීචර්.:- යුරෝ - 65,000
10. සපත්තුවේ සිට ඇඳි කඩ ඉරි පේලිය. :- යුරෝ - 76,000
11. අවසන් ජවනිකාවට පණ පොවන නලින්.:- යුරෝ - 90,000
12. සපත්තුව. :- යුරෝ - 96,000
13. කෙහෙල්කොටුව පාපන්දු කණ්ඩායම. :- යුරෝ - 10,000,000
14. කෙහෙල්කොටුවේ චුටි මහත්තයා.:- යුරෝ - 1,000,000,000,000,000,000
උදාහරණ - මෙහි දැක්වෙන රූප බලන්න. ඹයිට හපං අනිත් එව්වා.
අනුග්‍රහය ලබා ගන්නා ආකාරය.
01. මුලින්ම ඔබ කැමති චරිතය තෝරාගන්න.
02 එහි අංකය සහ නම සටහන් කරන්න.
03. එම චරිතයට ඔබ අනුග්‍රහය දක්වන්නෙ ඇයි දැයි සටහන් කරන්න.
04. ඔබගේ අනුග්‍රහය සමග යෙදිය යුතු වැකියක් ඇතොත් සටහන් කරන්න.
උදා-
අපි හිතමු සෙන්නා මහතා චුටි මහත්තයා දැක්වෙන සිත්තරේට අනුග්‍රහය දක්වනවයි කියලා. එතකොට වෙන්නෙ මෙහෙමයි.
14.කෙහෙල්කොටුවේ චුටි මහත්තයා. - මම මේ චරිතයට අනුග්‍රහය දක්වන්න තීරණය කලේ ඔහු හැබෑ දක්ෂයෙක් නිසයි. අනික හරිම ක්‍යුට් අනේ. ලොකු වෙද්දි රටට වැඩදායි පුරවැසියෙක් වෙනවා නොඅනුමානයි.
අනුග්‍රාහක වැකිය - සෙන්නා - කුරුන්දට ආවොත් ඉතිං සොරිම තමා.....!
(සැලකිය යුතුයි - මේ කොටස් හතර අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතු අතර අඩක් සම්පූර්ණ ඇති අනුග්‍රාහකයින් ඉවත් කෙරේ. ඔවුන් ගෙවා ඇති මුදල් මකර කටට බැර කෙරේ.)
ප්‍රචාරණය -
මෙම අනුග්‍රාහක දැන්වීම් ඇතුලත් අලුත්ම ආකාරයේ කාටුනය ජූලි 06 වන සෙනසුරාදා උදේ 6.00 සිට විකාශය වේ.
වැඩි විස්තර -
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න. cyberlipi@gmail.com
...............................
- යුරො දෙකේ වීරයා.
ප/ලි -
විශ්වාස කටයුතු ආරංචියක් ආවා කට්ටියක් සූදානම් වෙලා ඉන්නවලු “චුටි මහත්තයට“ අනුග්‍රහය නොදී අනික්වට විතරක් අනුග්‍රහය දීලා, චුටි මහත්තයගේ ජනප්‍රියත්වේ අන්තිමට බැහැලා කියලා බොරු ප්‍රචාරයක් යවන්න. ඕගොල්ල නං මේකට අහුවෙන්ඩ එපා හොදේ!
මේකේ සිත්තරේ නැද්දෝ...:(
03.අසේල June 28, 2012 1:04 PM
ඇයි චිත්‍රයක් නැත්තෙ.....
02.හසී June 27, 2012 9:48 PM
සිත්තරා නිවාඩු ගිහින් ද?
03.පරිකල්පන June 27, 2012 7:45 PM
කෝ සිත්තරේ...?
04.සෙන්නා June 27, 2012 3:32 PM
හැකියාවයි, උපකරනයි තියන එකේ, සිත්තරේකුත් දැම්මනම් නරකද.. ?
05.Beetle June 27, 2012 10:38 AM
මේකට සිත්තරයක් නැති එක නම් වස පාඩුවක්...
06. Sahan WeerasingheJune 27, 2012 9:34 AM
ඒකනේ දැං සිත්තර එන්න එන්නම අඩු වෙනවා,,, මටත් දැං එපාවීගෙන එන්නෙ...
07.වෙද ගෙදර මහ වෙදනාJune 27, 2012 9:12 AM
නරකද මේ ගැන ලස්සන රූපයක් ඇන්දොත්. විදෙස් සිත්තරා නම් කැමති ඇති.