2011/09/08

වැප්නි සාන්ත මහතාගේ අති භයංකාර ප්‍රශ්ණ වලට චූටි මහත්තයා දෙන උත්තර දැනගන්න අද රෑ 8.30 ට “කතා බස්“ අහන්ඩ නං එන්ඩ එපා.....! | හේතු, පින්තුර, ඕඩියෝ ඇතුලේ.

වැඩ කොටස් දෙකක් ඇත. ඒ කරන්නඩ පුලුවන් හා බැරි කියලාය. හුඟක් අයට කරන්න පුලුවන් වැඩ තවත් කට්ටියටකට බෑය. සමහරු වැඩ ගොඩ දාගන්න අතර සමහරු ඒවා අනාගනිති. මේ දෙක තේරුං ‍බේරුං කරගන්ඩ බැරි අය වැඩිහරියක් නවතින්නෙ කොට උඩය.

මම මේ බව අපේ අයියාට කොච්චර තේරුම් කරලා දෙන්ඩ ගියත් එයා නෙමේය ඒක ඇහැව්වෙ. කොටින්ම අයියාගේ මුල් කාලයේ ඉඳලා ඉන්න යාලුවෙක් වන වැප්නි සාන්ත මාමා මුලින්ම අයියාට කතා කරපු වෙලේ මම නං කිව්වෙ “තියෙන වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්ඩ” කියලාය. “ඔව්වයෙ ගිහිං මේ අමාරුවෙන් කරගෙන යන බ්ලොග් එකටත් වැඩේ සිද්ද වෙයි” කියා මම කොච්චර කිව්වත් අයියා ඒක ගණන් ගත්තෙ ම නැත.

ඔන්න දැං වැඩේ වෙලාය.

මේ වැඩේ වීමට හේතුව නම් අද හරියට රෑ 8.30 ට අයියා බස් රේඩියෝ එකේ පවත්වන කතාබස් එකට තමන්ගෙ කටහඬ එක්කහු කිරීමයි.

මම ඇවිල්ලා කාටත් උදව් පදව් කරන්න කැමති ළමයෙක්මි. ඒ ගැන ඌරන්‍ට මොන සවුක්යද කියන ලියුමෙනුත් සපත්තු පොලිෂ් කරන හැටි කියලා දුන්නු ලියමනෙනුත් ඕගොල්ලන්ට හොඳටම පැහැදිලි වී ඇතැයි සිතමි. මම මේ ලියමන ලියන්නෙ අද රෑ අයියා වැඩේ අනාගන්ඩ පෙර ඕගොල්ල දැනුවත් කිරීම මගේ යුතුකම කියලා හිතන නිසාය.

මේ තියෙන්නෙ එදා අයියලා බස් රේඩියෝ එකේ කිරි කිරි මැදිරියක ඒ ගොල්ලන්ගෙ කතාබහ පවත්වපු වෙලාවේ ගත්තු පින්තුරයකි.

දැං මං යන්නෙ ඕගොල්ලන්‍ට ඒක පැහැදිලිව තේරුම් බේරුම් කරලා දෙන්නය. ඕගොල්ලන්ටත් පින්තුරේ ලොකු කරලා බලන්ඩ ඕන්නම් වෙනම ටැබ් එකක ඕපන් කරගත්තාට මට කමක් නැත.

ඔය එක අතක් දික් කරාගෙන හෙන පණ්ඩිත විලාසයෙන් කරුණු ගෙනහැර දක්වන්නෙ අපේ අයියාය. එයා එදා කතා කරේ හොඳටම හිතට අරන්ය. එයා කතා කරද්දි “කණට මීපැනි හැලුවට පස්සෙ” වගේය. ටිකකින් කණ කකියන්න ගනියි.

ඒකට වැප්නි සාන්ත මාමාය. ඊට මෙහා පැත්තෙ හුඩ් එක තියෙන රතු ටීෂර්ට් එකක් ඇඳලා ඉන්නෙ එයාය. නිවේදක පුටුවෙ ඉඳගෙන වැප්නි මාමා වැඩස‍ටහන මෙහෙයවන හැටි බලං ඉන්ඩ ආසාය. එයාගෙ කටහඬත් හරි ලස්සනය. අහං ඉද්දි කණට මී පැණි හලන්නා වගේය. ඒත් වැප්නි මාමා එතන පරසක්වල ගහලා කිව්වෙ, “හැබැයි පොටෝ එකේ එයාගෙ මුණ වැටිලා තිබ්බොත් බලාගමු” කියලාය. මොකද වැප්නි සාන්ත මාමාගෙ කටහඬ කන්කලුය. ඒ හින්දා අහන අය එයාගෙ මුණුහොර හිතිං හදාගෙනලු ඉන්නෙ. ඉතිං මුනුහොර පොටෝ එකේ වැටුනොත් ඒ ඒ කට්ටිය හිතේ ඇඳගෙන ඉන්න රූපෙට හානියක් වෙයි කියලා, පොටො අල්ලන අල්ලන ගානේ වැප්නි මාමා ඔය විදිහට මුණ හංගාගත්තේය.

ඊලගට අත්දිග සුදු කමිසයක් ඇඳ බැරෑරුම් මුණක් හදාගෙන ඉන්නෙ බීටල් මාමාය. බීටල් මාමා වනාහි වැප්නි මාමාට ප්‍රශ්ණ හදාදෙන මාමාය. ඒ මාමා එදාට එන එක්කෙනා කියන කරන දේවල් වගේ ඕපදූප ටික දවසකට කලින් ඉදං හොය හොයා ගිහිල්ලා ඉටිකිරිස් ප්‍රශ්ණ වැලක් හදා වැප්නි මාමාට දෙයි. ඔය වැප්නි මාමා එයාගෙ බොක්කෙන්ම එන ප්‍රශ්ණ වගේ අපිට දැනෙන්ඩ අහන්නෙ බීටල් මාමා දාඩිය මහන්සියෙන් හරි හම්බුකරගත් ප්‍රශ්ණය. එදා මම ඔතෙන්ට නොයන්ඩ ඕගො‍ල්ලන්ටත් මේ රහස් කවදාවත් දැනගන්ඩනම් ලැ‍බෙන්නැත.

තව එකක්ය.

වැප්නි මාමා වෙලාවකට මයික් එක අනිත් පැත්ත හරොගෙන වැඩසටහන මෙහෙයවයි. සමහර වෙලාවට ප්‍රශ්ණ මාරු කරලා අනාගනියි. ඒවා ගැනද විමසිල්ලෙන් ඉන්නෙ බීටල් මාමාය. එහෙම උනාම “අප්පා.... සොරි මචං සොරි සොරි.....” කියලා “අනේ ඒ කැල්ල ආපහු ගමුද එහෙනං” කියා ඒකම ආය කරයි. මටනං ටික වෙලාවකින් බලං ඉඳලත් ඇති උනාය. බීටල් මාමා එක ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට ඇඟිල්ල තියාගෙන හරි බෑරෑරුම් මුණක් හදාගෙන ඉන්න හේතුව දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඇතැයි මම සිතමි.

ඕගොල්ලන්ට ඒ මම කිව්ව එක විශ්වාස නැත්තම් මේ කෑල්ල අහලාම ඉන්න පුලුවන්ය. මේ තියෙන්නෙ වැප්නි මාමා මයික් එක වෙන පැත්තකට හරෝගෙන කතා කරලා වැඩේ කොට උඩ ගිය වෙලාවකට පස්සෙ කෑල්ලකි.

හරි දැන් ඔය එහා පැත්තෙ මුල්ලෙම ඉන්නෙ නියම වැඩකාර මාමා කෙනෙකි. නමින් දුලාන්ය. කොම්පියුටර් ජිල්මාට් මාමා කෙනෙකි. එයා ඔය වෙලාවේ කිසි වැඩක් නැතුව අයියලා කරගෙන යන වැඩේ දිහා හිනා මුසු මුහුනින් බලාගෙන ඉදියි. අයියලා කරන වැඩ වලට හිනා නොගියොත් තමාය පුදුමෙ කියා ඕගොල්ලන්ටත් හිතෙනවා නේද?

කොහොමහරි ඒ මාමා වැඩේ යන හැටි බලා ඉදලා අන්තිමේ පටිගත කරපු කටහඩවල් ටික ඉල්ලා ගනී. පස්සෙ ඒවායේ වැප්නි මාමාලා, අපේ අයියලා අනාගත්තු කෑලි කපලා කොටලා දායි. තවද වැඩේ යද්දි අලගෙඩි වෙච්ච තැන් උගුල්ලලා දායි. පස්සෙ පසුබිමට සංගීත සද්ද, බෙර සද්ද, බෝම්බා පුපුරන සද්ද වගේ සද්ද බද්ද දාලා කතාව එක විදිහක් කරන්නෙ ඔය දුලාන් මාමාය. අන්තිමේ දී “අහවල් දවසට එන්නෙ අහවලා, පුලුවන්නම් අදුරගන්ඩ“ කියලා වේලාසනින් දාන සද්ද කෑල්ලත් එයාම හදයි. ඒ හින්දා ඒ මාමා වැඩකාරයෙක් බව මට මොනවට පැහැදිලි විය.

ආ........තව ටිකෙන් එකක් අමතක වෙනවාය.

අයියා බස් රේඩියෝ එකට එනවා කියලා වේලාසන සයිබර් යායේ ලියමනක් දානවනම් මේ ටිකත් කියන්න කියා වැප්නි මාමා මට පැත්තකට අඬ ගසා කොලයක් දුන්නේය. පස්සේ මේක කාටවත් කියන්නෙපා කියා, කොළයේ තියෙන ටික මට හිතුන දේවල් විදිහට දාන්නත් කීවේය. ඒ ටික නොකිව්වොත් වැප්නි මාමාගෙ හිත රිදෙන්ඩ ඉඩ ඇති නිසා මම ඒ ටික ඒ විදිහටම මෙතන ලියමි.

මේ තියෙන්නෙ ඒ ටිකය.

වැප්නි මාමා වනාහි නිවේදනයටම උපන් මාමා කෙනෙකි. කටහඩ අන්තිම ලස්සනය. වොයිස්කලර් එක කොට්ට කොරය, වොයිස් වේරියේෂන් හප්පා.... ඒ ගැන කතාකරලා වැඩක් නැත. එතකොට වොයිස් ටෝන් එක ටිබෑක්ය. ඒ අනුව බලන කල, කාලෙකට පෙර වැප්නි මාමාව වැනීමට යොදා ගත් මේ කවිය මෙතෙන්ට වුවද හරියට ගැලපේ කියා මට සිතේ. (“මට සිතේ” කිව්වට මේ ලියලා දුන්නු එක. මතකනෙ!)

එය නම්,

පරිගණකෙට මූ කෙරුමෙකි - බ්ලොග් කෙරුවාවටත් පොරකි
පණ්ඩිතකොම, කවි, විචාර - පෝස්ට් වලට හරි සමතෙකි
මෙහෙව් රටක මෙහෙව් එකෙක් - හමුවන්නෙ කලාතුරිනි
මට පෙනෙනා හැටියටනං - මූ නං එළ පට්ට බුවෙකි!

(වැප්නි මාමාගේ, මගේ බ්ලොග් කෙරුවාව කවි පන්තියට මා විසින් ලියා දුන් කොමෙන්ටුවකි)

වැප්නි මාමාගේ කොළයේ තිබු ටික එතනින් ඉවරය. මාම කිව්වෙ කොලේ ටික කොපි කරලා ඉවර වෙලා කටේ දාලා හපලා ඈතක තියෙන කුණු කූඩෙකට දමන්න කියාය. වැප්නි මාමේ ඔන්න මම ඒ ටික ඒ විදිහටම කලා.

දැන් අන්තිම ටිකය.

අර මම මුලින් කිව්වා වගේ මේ ලියමන ලියන්න හේතුව කියනවනම් අද හරියට රෑ 8.30 ට අයියා බස් රේඩියෝ එකේ පවත්වන කතාබස් එකට තමන්ගෙ කටහඩ එක්කහු කිරීමයි.

ඒත් වැඩේ කියන්නෙ අපේ වැප් මාමාගේ කටහඩ කොච්චර ලස්සන උනත් අපේ අයියගේ කටහඩ නම් අහන්න කැතය. තහඩු උඩට බොරලු වැටෙන නියම සද්දෙ ඒ කතා බහේ දී ඕගොල්ලන්ටත් හොඳහැටි අසන්නට සිදුවෙයි කියා මම බයෙන් ද පසුවෙමි.

අයියා වැඩසටහන ඉවර වෙලා කිව්වෙ එයාට හම්බුනු මයික් එකේ මොකක් හරි කොස්සක් තියෙනවා කියලාය! එයා කියන්නෙ වැප්නි මාමාලා ඒක කොටුවෙන් රු. 60/- ගානේ දීලා ගත්ත එකක් ද කියලත් සැක හිතෙනලු. අනික රේඩියෝ මැදිරියේ ටෙක්නිකල් ෆො‍්ල්ට් හෙනට තිබ්බලු. ඒකත් එක හේතුවක්ලු අයියගේ වොයිස් එක අල වෙන්ඩ. අයියා කියන්නෙ මැදිරියෙ බිත්ති වලට කොහුබත් ගහලා පිලිවෙලකට හදලා නැතුවැති කියලා. ඒක නියම ප්‍රමිතියට නැති හින්දාලු අයියගේ වොයිස් එක ලෙලදෙන්ඩ වෙලා තියෙන්නෙ.

මං නං ඔක්කොම අහගෙන ඉදලා හොඳවයින් රියන් ටොක්කක් කෑවත් කමන්නැ කියලා අන්තිමට අයියගෙන් ඇහැව්වෙ “නටන්ඩ බැරි මිනිහට පොලොව ඇදයි කියලා කතාවක් තියෙනවා නේද?” කියලායි.

කොහොම හරි අයියා කිව්වෙ “ඕගොල්ලන්ට ඕවා තේරෙන එකක්යැ, ඒවයින් වැඩක් නෑ ලියුමක් දානවනම් පොඩ්ඩක් අපිවත් උස්සලා තියලා මේ ටිකත් දාන්න” කියලාය.

ඉතිං අවසාන වශයෙන් මම ඒ ටික කියලා නතර වෙමි.

මේ තියෙන්නෙ ඒ ටිකයි,

“වැප්නිගේ කොරවෙලායන ප්‍රශ්ණ වැලකට, ඔබේ ආදරණීය චුටි මහත්තයා දෙන ඉටිකිරිස් උත්තර අතරේ කිරිකිරි සින්දු ගෝනියක් අහන්න අද රාත්‍රී 8.30 ට කතා බස් එක්ක එකතු වෙන්න. ඒ විතරක් නෙමේ චුටි මහත්තයාගෙ ඉස්කෝලේ කාලේ අමතක නොවන සිදුවීම මොකද්ද කියලා කතාබහේදී දැනගෙන ඒක මේ ලියමනේ සටහන් කරන පළමු 2000 අතුරින් ජයග්‍රාහී එක්කෙනෙකුට වටිනා ගුවන් සවාරියකුත් දිනා ගන්න පුලුවන්......”

කොරවිල්ල කෙසේ වෙතත් අර සිත්තර තරගෙන් පස්සෙ අයියාට ආතතිය හැදුනු එක වැප්නි මාමලාට කොහෙන්හො ආරංචි වී තිබේ. ඔය කතා බහ අතරතුර ඒ කතාවද ඇදී ආපු හැටියෙන් මට ඒ බව හොඳටම ඒත්තු ගියේය.

ඔය මොනා කිව්වත් මම නං කියන්නෙ තමන්ගෙ කණවල් වලට ආසාවක් තියෙනවා නම් ඕගොල්ලනං කීයටවත් අපේ අයියගෙයි වැප්නි මාමගෙයි කතාව අහන්ඩ බස් රේඩියෝ එක පැත්ත පලාතෙ පස් පාගන්ඩ යන්ඩ එපා කියලාය.

හැබැයි මං කියන දේ අහන්නැතුව, ඕගොල්ල ඒක අහලා, කන් බෙරේ ඉරි යවාගත්තොත් “අනේ ටිකිරියෙ හරි වැඩක්නෙ මට උනේ!” කියාගෙන මාව හොයාගෙනනම් එන්ඩ තියාගනන්ඩ එපා කියලා මම කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද ඕගොල්ලන්ගෙන් කව්රුහරි කෙනෙක් මගේ කීම නාහා ඒ පැත්තෙ ගිහිං අර ගුවන් සවාරිය දින්නොත් ඒ එක්කෙනා මාවත් ගමනට එක්කහු කර ගනු ඇතැයි මම උදක්ම විස්වාස කරමි.

ඔන්න දැන් මගේ යුතුකම ඉටුකලා කියලා මම සිතමි.

එසේ නම් මම නවතිමි. අසා සිටි ඔබ සැමට ස්තුතියි !

......................

- මීට කාලෙකට පසු ඔබ හමුවූ ටිකිරි.

41 ක් කියන්නේ !:

  1. .හික්.....කාලා වරෙන්කෝ.... .ටිකිරියෝ...

    ReplyDelete
  2. ඈ.... ටිකිරෝ...... නාහ කෝමෙයි හරි උත්තරේ දැනගන්නේ?????

    ඒක නෙමෙයි අයියටයි වැප්නි සාතන් අයියටයි මේක දැක්කම තරහා යයිද දන්නෑ.

    අර ලිපිය නම් සෝක්..... ටිකිරා කියපු නිසාම මම යන්නැ ඔය කතාව අහන්ට. තියෙන කන් දෙ නැතිවුනොත් මං මොන දෙයියන්ට කියන්නයැ.

    -මීට කාලෙකින් ටිකිරව දැකපු හා පැටික්කි.

    ReplyDelete
  3. කැස්සක් ආවනේ. :D :D :D

    ReplyDelete
  4. ටිකිරිගේ මතක් කිරීමට ස්තූතිය.. කන නොවේ වෙන මොකක් ඉරුනත්..හිටගෙන හෝ චූටි මහත්තයාගෙ කන් කලු නාදය අසන්නට හිතා ගතිමි..

    ReplyDelete
  5. රේඩියෝ එක අහලම බලමු, කනට හෙන ගහල ගියත්....

    ReplyDelete
  6. මේ ටිකිරියා වැප්නි ගේ කොලේ ඉරලා නේ!

    ReplyDelete
  7. කව්දෑ ඔය වැප්නි සාතන් කියන්නේ? ......

    මම නම් අහන්නේ නැහැ නැහැ නැහැ මයි

    පින්තූරය නම් ෆට්ටය .....
    ඒගන හද පිරි ස්තුතීය

    ඔන්න මම කියනවා එහෙනම් පාසල් කාලයේ අමතක නොවන සිදුවිම ...

    පින්සිපල් ....බීප් බීප් බිප්

    ReplyDelete
  8. ඔය එපා කිව්වට අපි නම් එනවාමයි. ..

    ReplyDelete
  9. ටිකිරි පුතේ උඹ නම් නියම වාර්තාකාරයෙක්... වැප් මාමා මේ මයික් කනේ ගහගෙන කරපු කෝලම වාර්තා කලාට මගේ බලවත් ප්‍රීතිය.. හියැක් හූ....

    ReplyDelete
  10. කොච්චර එපා කීවත් අපිනම් 8.30 වෙද්දි වෑර්ලස් එක ඉස්සරහ ඔන්න. වැපා අනාගන්නා හැටි.ටිකිරගෙන් වැපා ඉන්ටව් වෙන හැටි. ඔවු.. වචනය පුල පුලා අහගන්න බලාපොරොත්තුවෙන්.. එහෙනම් රෑ 8.30 ට්‍ර සෙට් වෙමු.

    ReplyDelete
  11. යකෝ ටිකිරිට තිබ්බනෙ අයිය වෙනුවෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. එහෙනං අපට ටිකිරිගෙ ටිංකිරි වොයිස් කට් එකක් අහගන්න තිබ්බනෙ.

    ReplyDelete
  12. හිහ් හිහ් හිහ්

    වැපාගෙ රෙදිනම් ඔක්කොම ගලවලා තියේ.

    ඒ මොනවා උණත් වැපා වැඩකරුය (මම වැපාට කඩේ යමි)

    ReplyDelete
  13. මේක තනිකරම මොඩර්න් ගරිල්ලා වෝ ෆේයාර් එකක් වගේ....! අසන්නන්ව සයිකොලිජකලි මැනිපියුලේට් කරන්න ලියපු එකක්...!

    ඒ වගේම වැප් අහන්න ඇතැයි සිතන දරුණු ප්‍රශ්න මාලාව නිසා කරපු "රිවේන්ජ් ඔන් වැප්නි-සාන්ත" වගේ එකක්....!

    හරි එහනම් ඔච්චර කියනවනම් අපි ඕක අහන්නෙ නෑ ඔන්න..

    ReplyDelete
  14. ටිකිර කිව්වොත් නාහා කොහොමද? මූ මගේ ලෝකෙ එක වීරයෙක්නෙ :D මම නෙවෙයි මගෙ බල්ලවත් යවන්නෑ ඔය රේඩි එක අහන්න :D

    ReplyDelete
  15. හොඳ වැඩේ අයියට ටිකිරා කියන දේ අහන්නේ නැතිවට. ඔන්න අපිනම් අහන්නේ නෑ අද ඔය රේඩියෝව..:DDD

    ReplyDelete
  16. හෆ්‍ෆා... හොඳ වෙලාවට කිව්වේ.. නැත්තං මාත් අහන්න හිටියේ... ඒත් බොල ටිකිරෝ..මං අහලා තියෙන හැටියටනං උඹේ අයියා කතා කරන්නේ කනට ඇහෙන නෑහෙන ගානෙන්නේ..කොහාමද ඕක රැකෝඩ් කොර ගත්තේ කියන එකයි මට තියෙන පුදුමේ...

    ReplyDelete
  17. හික් හික් හික් හික්

    ඒ කටහඩ නම් ලස්සනයි.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. අඩේ අදත් වැපා ඉන්ටවීව් වෙනවද? සික් මම හිතුවා මේකදිවත් වැපා බේරිලා ඉදීවි කියලා.. දැන් මඩත් වැදිලා තියෙන්නේ... මෙවන් දුශ්කරතා මැද තවමත් නොසැලී සිටිනා වැප්නි සාතන් මහතාට හිස නමා ප්‍රණාමය

    ReplyDelete
  20. මේක කරන්න ගිහින් විඳපු දුක් දන්නේ මායි බීටලේයි,වැප්නි සාන්තයි.. ටිකිරා වයර් ටික පාගලා.. තව ඩිංගෙන් බස්රේඩියෝවට අළුත් රැකෝඩින් මැදිරියක් ගහන්නයි වෙන්නේ.. චිත්තරේ එලැ.. (මම කිව්ව විදියට පොටෝ එක අරන් ඈ එලැ)....අයියා ටිකිරාට ටොක්කක් දීලා වැපාත් එක්ක බැන ගත්ත විදියත් තිබ්බා ඒ කෑල්ල කැපුවද කියලා මතක නෑ.........

    ReplyDelete
  21. මේක නොහාත් බෑ මේකා එපා කියන හින්ඳා හාලත් බෑ...ඒ උනාට ඔන්නොහේ හාලා දාමු...

    ReplyDelete
  22. අඩේ වැපාගේ අතේ සුදු..... චිත්‍ර ශිල්පියාට වර්ණ අන්ධතාවයද?

    ReplyDelete
  23. මාගේ කම්පීටර් එකේ බස් රේඩියෝව වැඩ නොකරයි.
    WMP.asx ෆයිල් 1 ඩවුන්ලෝඩ් කර RUN කරන විට

    "Windows Media Player cannot find the file. If you are trying to play, burn, or sync an item that is in your library, the item might point to a file that has been moved, renamed, or deleted."

    මැසේජ් 1 එනවා. උදවුවක් කරනවද චූටි මහත්තයෝ ..

    ReplyDelete
  24. මමත් දන්න විදිහට ටිකිරිගෙ අයියා කතා කරන එව්වා කනට ඇහෙන්නෙ නෑ. කොහොම රේඩියෝවෙන් ඇහෙයිද මංදා,,,,,

    ReplyDelete
  25. රඹාගේ ගැටලුව බස් රේඩියෝ තාක්ෂණික අංශය වෙත යොමු කලා

    ReplyDelete
  26. අපි අහනවා .. මේ අහන ගමන් .. එල කිරි බුද්දි අයියා ..

    ReplyDelete
  27. ඔන්න අහලාම මේ පැත්තට ආවා... හික් හික් නියමයි වැඩේ :) ටිකිරාගේ ලියමනත් නියමයි........

    ReplyDelete
  28. සඳරු මාමේ,
    ආ... මං කියන දේ අහන්නැතුව කතාව ඇහැව්වනං දැං කන්බෙරේ ගැන ආසාව අතඇර ගන්න එකයි.

    අනිත් අයටත් හොඳවයින් දෙදක් මං උදේට කියන්නංකො.....!

    ReplyDelete
  29. ඇහුවට පස්සෙ කන කීං කීං ගානව.. මොකද මන්දා????
    මල් 1234567යි ඈ !!!

    ReplyDelete
  30. මම නම් හැදුවේ ඔය කියන කටහඬ අහලම කමෙන්ට් එකක් දාන්ට කියලයි. ඒත් කටහඬ කොච්චර ලස්සනද කීවොත් පුටුව උඩ එහෙමම නින්ද ගියානේ...:)

    දැන් ඉතින් මොකෝ කරන්නේ?

    ReplyDelete
  31. අය්යා ටික ලජ්ජා කාරය තමයි. හොඳ සින්දු ටිකක් හෙම තේරුවා . ඕකට චුටි මහත්තයම ගියා නම්තමයි හොඳ . මොනවද බණ වගයකුත් කිව්වා ඇහුනා . අපිට ගොඩක් රෑ වෙලානේ ඉතින් මට නින්ද ගියා

    ReplyDelete
  32. කෝ බං, මේක යූ ටියුබ් එකේ අහන්න නැද්ද?

    ReplyDelete
  33. අයියෝ...මට චූටි මහත්තයාගෙ ඉන්ටවීව් එක අහන්න විදිහක් තිබ්බෙ නෑ නොවැ! දැන් තමයි මේ අහන්න හදන්නෙ

    ReplyDelete
  34. මටත් චූටි මහත්තයාගේ ඉන්ටර්වීව් එක අහන්න බැරිවිය. යූ ටියුබ් එකට ඒක දාලා නම් තියෙන්නේ ඒකේ ලින්ක් එකක් තිබුණොත් හොඳයි. එසේම කලකට පසු ටිකිරාගේ පැමිණීම ගැනද සතුටුය

    ReplyDelete
  35. එදා අහන්න බැරි උනානෙ බං .
    ඕං දැන් තමයි අහන්නෙ.

    මේවා නොඇසූ දෑස මක්කටෙයි බොල??!!

    ReplyDelete
  36. ඹ්ගොල්ල හරි නරකය. එපා කියන දේම කරන කට්ටියකි.

    දැං ඉතිං ඕගොල්ලන්ගෙ කංබේර වල ඉරි ගිහිං ඇතියි කියා මම සිතමි.

    ඒත් මෙදා පාර මම ලියපු ලියමනට උත්තර බැඳපු සියල්ලටම සිතුතියිය.

    වෙන වෙනම උත්තර බඳින්න කාලේ පොඩ්ඩක් හරස් වෙලාය. ඒ මොකද කියනවනම්, ගිය සතියේ බස්රේඩියෝ එකට ගිහිල්ලයි, පස්සෙ එකේ වෙච්චා ලියන්නයි ගිය හින්දා මට ඉස්කෝලෙන් දුන්නු ගෙදර වැඩ ගොඩ ගැහිලය. ඩික්ටේෂන්ද, කවි ද චක්කරෙ කියලද?

    අනිත් ලියමනේන් ඕගොල්ලන්ගෙ උත්තර වෙලට වෙන වෙනම උත්තර බඳින පොරොන්දුව පිට නවතින මා - සයිබර් යායේ ටිකිරි.

    ReplyDelete
  37. මගෙ කනට හෙනයක් ගෙහුවො................! කන් බෙරෙ ඉරි ඔනවට වෙඩී
    ඒ පැත්තෙ මෙ පැත්තෙ කොයි පැත්තෙත් චූටි මහත්තයගෙ වැඩ කිඩ බේරෙනව
    අලු කෙහෙල් සුවන්දයි ,,,,මැක්සා හොන්දේ

    ReplyDelete
  38. රේඩියෝවෙං කතාව අහන්නට බැරිවිය. යූ බටයේ ලිංකුව ලබාදේනම් ටැංකිවු වෙමි . . . . . .

    ReplyDelete
  39. ඈ බොලේ දැංනෙ දැක්කෙ අහන්ට එපා කියල තියෙනව. මොනා කරන්ටද ඉතිං දැං අහල ඉවරකොට. මට කන්දෙකක් තැපැල් කොරන්ට ඈ..

    නියමයි කිව්ව ඕං සංවාදෙනං..

    ReplyDelete
  40. මොකක්ද බොලන් බස් රේඩියෝ කියන්නෙ ? අලුත් ඇෆ් ඇම් එකක්වත්ද ?

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...