2011/11/13

නිවාඩු දවසට බලන්ඩ මරු කතාවක් | නීතා, කතන්දර, මකරා, උන්නැහේ.....

මේක පරණ කතාවක්. ඒත් නිවාඩු දවසට බලන්ඩ මරු. ‍මොකෝ සිත්තර විතරනෙ තියෙන්නෙ.

ඕගොල්ලන්ට මතක ඇතිනෙ කාලෙකට කලින් තිබ්බා සිත්තර තරගයක්. ඒක ඉවර කරලා අපේ විදෙස් සිත්තරා පොරොන්දු උනා සිත්තර තරගෙට ඉරිදිපත් උන කට්ටිය, ඒ සිත්තර අඳින වේලාවේ ගත්තු පොටෝ බලාගෙන ඇඳපු සිත්තර සැරින් සැරේ මෙතන දානවැයි කියලා.

එහෙම පොරොන්දු වෙලා මුලින්ම දැම්මෙ නීතා නැන්දගේ සිත්තරේ. මේ තියෙන්නෙ එදා දාපු එක. ටිකක් ‍ලොකුවට බලන්ඩ නම් මේවා වෙනම ටැබ් එකක ඕපන් කරං බලන්ඩලා.



ඔන්න අපි ඊලගට ගියේ කතන්දර මාමලයි දිහැ. අපි යද්දි එයානං සිත්තරේ ඇඳලා ඉවරයි. ඒත් අර පොටෝ එකක් ගන්න ඕන හින්දා, ආය එයා ලස්සන කලාකාරයෙක් වගේ ඇඳුමකුත් ඇදගෙන ආවා. මේ ඒ ගොල්ලන් අලුතෙන් හදපු ගෙදර කාමරයක්. තාම බඩු දාලත් නෑ. ඔය ලස්සනට කලාත්මකව පින්සෙලෙන් අඳිනවා වගේ හිටියට මොකද, ඕක නිකං රඟපෑමක් විතරයි හොඳේ.



ඊලගට ඉන්නෙ කව්ද කියලා බැලු බැල්මෙන්ම හොයාගත්තැකි නේද? මේ තමා මහා මකර අධිරාජ්‍යයේ අධිපති මකරා මාමා. දැහැමෙන් සෙමෙන් රාජ්‍ය විචාරුවට මොකද සිත්තර අඳින පැත්ත පලාතෙ නං කටවත් එන්ඩ දීලා තිබුනෙ නෑ. හේතුව ඕගොල්ලන්ට හිතාගත්තැකිද?



අන්තිමට සිත්තර අඳින්ඩම උපන් හපං උන්නැහේ මාමා. කුඹුරු වැඩකාරිය එහෙම අහවර කරලා, ගහක් යටට වෙලා හීන්සීරුවේ සිත්තරේ අඳිනවා. ඕගොල්ල හිතනවා ඇති ඒ මාමා සිත්තරේ ඇන්දට ඒක ඊ මේල් එකකින් කොහොම එව්වද කියලා. මොකද මේ වගේ ගම් තුලානකට කොහෙද ත්‍රීජී සිග්නල් තියෙන්නෙ නේද? හොඳට සිත්තරේ දිහා බැලුවොත් ඒගැනත් හොයා ගන්න පුලුවන් වෙයි.


එහෙනං අදට එච්චරයි. අනිත් අයගේ ඒවා වෙන දවසක. වේලාවක් තිබුනොත් සිත්තර ටික හොඳට අධ්‍යනය කරලා ඒ ගැන විචාරයක් දීලා යන්න.

ලබන සඳුදා මතක ඇතුව ආය එන්න. එදාට ඕගොල්ලන්ට පුලුවන් වෙයි නාඳුනන සෙබලෙක් අඳුනගන්න.

...................
-යුරෝදෙකේ වීරයා.

36 ක් කියන්නේ !:

  1. මරු චිත්‍ර ටික චුටි මහත්තයා....
    අර තඩි මකර රජතුමානම් රාජ්‍ය විචාරන ගමන්ම වගේ තමයි මම හිතන්නේ මේ වැඩේට බැහැල තියෙන්නේ.
    කතන්දර සහ උන්නැහෙත් ලෙසටම ඉන්නවා.
    උන්නැහේ මාමට සිග්නල් වලින්නම් අඩුවක් වෙන්න විදිහක් නැහැ වගේ, අර පිටිපස්සේ මෙව්වා එකක් තියෙන්නේ.
    හැබැයි පිටිපස්සේ තියෙන මෙව්වා එක විතරක් මදිනේ, එයා ගාවත් මොකක් හරි මෙව්වා එකක් තියෙන්න එපැයි ඔය චිත්තරේ අමුණලා එවන්න. අනේ මන්ද මට එහෙම එකක්නම් පෙනුනේ නැහැ.
    කතන්දර මාම අර විජය පත්තරේ ඉන්න "මල් මාම" වගේ... හික්
    අර නැන්දවනම් මට දැකල පුරුදු නැහැ. ඒත් එයාට හෙම්බිරිස්සාව හැදිලාද කියල මට හිතුනා. එයාගේ වටේටම ගුලි කරලා විසික් කරලා දාපු කොළ කෑලිනේ.

    ReplyDelete
  2. යුරෝ,

    අළුත් ග්‍රැපික් ටැබ‍ය පාවිච්චි කරන හැඩයි...

    සිග්නල් කොහොම වුනත් උන්නැහේලටත් කණු නම් තියෙන්නෙ

    කසූ, අර ගලවලා පැත්තකට දාල තියෙන්නෙ සාටකේ වෙන්ටෑ.. :D

    මේ සිත්තර ටිකත් මරුය ( එලය )!!

    ReplyDelete
  3. සිත්තර ටික නන් මරු බං... පට්ටයි..

    ReplyDelete
  4. සුලඟ,

    නැනැ... මේ ග්‍රැෆික් ටැබයෙන් කරපුවා නෙමේ. මේ ටිකත් පරණ ක්‍රමේටම ඇඳපුවා...තාම අරක ටැස්ටිං..

    ලොක්කටයි, පසනටයි, පස්සෙ කතා කරඤ්ඤං...

    ReplyDelete
  5. හහ් හහ් හහ්. චූටි මහත්තයා අර ග්‍රැ‍ෆික් අහවල් එකෙන් සෑහෙන වැඩ දානවද කොහෙද අපිට ඉරිසියා හිතවන්න. අපි නං අහුවෙයි ඕවට. හැබැයි පට්ටයි ඈ?
    henryblogwalker the Dude

    ReplyDelete
  6. .
    ආව් තැන්කූඌඌඌඌ වේවා.
    කතන්දර මාමනම් මල් මාම වගේම තමා

    ReplyDelete
  7. උන්නැහේවනං පංකාදු ටිකට ඇවිල්ලා තියෙනවා...ඒත් කෝ අර මකර මාමාගේ බොකුටු කොණ්ඩේ..?

    යකඩෝ කාකාට මෙහෙන් ලබු කිරිබත් ටිකක්වත් හදලා යවන්ට වෙයි වගේ..ඇදිලා ගිහිල්ලා..හිටියැයින් බාගයයි නෙව...

    ReplyDelete
  8. මේ මේ මේ.
    .
    අර සිත්තර අඳින පැත්ත පලාතෙ නං කටවත් එන්ඩ දීලා තිබුනෙ නෑ එකට හේතුව මටවත් හිතා ගන්න බෑනෙ බොලේ :)

    ReplyDelete
  9. පොඩි එකාට නිමාඩු දවසෙ පින්සල අහුවෙලා එහෙනං....

    ReplyDelete
  10. මගේ මූණත්තහඩුව ඊලග දවසෙවත් ඇදෙයිද දන්නෑ... නොදැම්මොත් බලාගම්මු... පොටෝ සොප් වලින් පන පිටින් ඉන්නව වගේ Sketch Art අදින ක්‍රමේ දැනටම මම හොයාගෙන තියෙන්නෙ (ග්‍රැ‍ෆික් අහවල් එකක් නැතිව).

    ReplyDelete
  11. හැහ් හැහ් . . මරු ඕයි . . . . ඒක නෙමේ . . අර තට්ටයට "සබං පෙට්ටි කට්" එකට කපාපු ‍රැවුලක් තියනව නේද ???

    ReplyDelete
  12. @ ලොකු පුතා,

    හෙම්බිරිස්සාව හැදිල නෙවෙයි අනේ චිත්‍රෙ ඇඳ ගත්තෙ කොච්චර අමාරුවෙන්ද මම. ඒක නෙවෙයි මට තියෙන ප්‍රශ්නෙ ඔයා හෙම්බිරිස්සාව හැදුනාම පාවිච්චි කරන්නෙ කොල කෑලිද?

    ReplyDelete
  13. ගීතික කියන්නා වගේ කෝ මගේ සිත්තරෙත් නෑනේ. චූටි මහත්තයා හරිම නරකයි නේද ගීතික? නොදැම්මොත් බලාගම්මුකෝ...:)

    කකා මාමාට ඉක්මනට බිත්තර ටිකක් උදේට , උදේට බොන්ට දෙන්ට වෙයි. එයා ඇදිලා ගිහින් තමා.

    මකර මාමා නම් ඔය ඉන්නේ යස අපූරුවට. දැක්කාම බොහොම ගාම්භීර පාටයි. පාට විතරයි හොඳේ.

    උන්නැහේගේ පින්තූරේ තමා ලස්සනම. ගෑනු ලමයිගෙන් බේරිල්ලක් වෙන්නේ නැතිවෙයි මේක දැක්කාම...:D

    ReplyDelete
  14. හපොයි නීතා නැන්දාගේ සිත්තරේ ගැන මුකුත් කියන්ට බැරි උනානේ. එයා එදා අඬ, අඬා ඔය සිත්තරේ ඇන්ඳේ මගේ වදේට. ඔය වටේ තියෙන්නේ කඳුලු පිහදාපු ඒවා.

    අනේ පව්නේ....:D

    ReplyDelete
  15. හොඳ වෙලාවට අපි නෑ

    ReplyDelete
  16. මගෙ පිංතූරෙකුත් ඇදල දෙන්න පුලුවන්ද?
    මට තාම මැගසින් එක ලැබුනෙත් නැහැ.....

    ReplyDelete
  17. උන්නැහේනං කිසි තෙතමනයක් හිතේ නැති මිනිහෙක්. ඒකනෙ පපුවෙ මයිලක්වත් නැත්තෙ.
    අනික කෝ අර කකා ගෙ රැවුල.

    ReplyDelete
  18. ෂ..ලස්සන චිත්තර ටික....

    ReplyDelete
  19. අර මකරු තීන්ත ගෙනත් තියන්නෙ ගුරුලේත්තු වලට නේ?? උන්නැහේ කනුවෙ වනාල තියන්නෙ අඹුඩෙ වෙන්ටැ මයෙ හිතේ...
    පට්ටයි ඈ ‍පිංතූර ටික...

    ReplyDelete
  20. උන්නැහේගෙ චි‍ත්‍රෙ නං අනිවාර්යෙන් ලංකාවෙ එකක් කියල කිවුවහැකි. මොකද ලංකාවෙ කොහේ බැලුවත් කණුවක් තියෙනවනෙ.
    නියම චිත්‍ර ටික.

    ReplyDelete
  21. වෙලාවට මූට චිත්‍ර ඇඳල එව්වෙ නැත්තෙ ඕනයය්, මායි

    ReplyDelete
  22. කිව්වත් වගේ කකා ගේ රැවුල කෝ? තට්ටේ ගාන ඉරිදා දවසේ රැවුලක් කැපිලා ගිහින් වගේ!

    මකරා ගේ කිමෝනාව නං අපූරුයි නොවැ!

    ReplyDelete
  23. හපෝ කතන්දර බිම හලාගෙන නේද...

    ReplyDelete
  24. හෙහ් හෙහ් .... කොලුවා මයෙ අමුඩ කෙටියෙ පාට ටක්කෙටම හොයා ගත්තෙ කොහොමෙයි කියලයි මං මේ දස අතේ කල්පනා කෙව්වෙ.

    ReplyDelete
  25. මරු සිත්තර ටික !!!
    එතකොට කෝ පොඩ්ඩි නැන්දගෙයි පූසා මාමගෙයි සිත්තර !!!

    ReplyDelete
  26. මමත් මේ බලන් ඉන්නේ පූසගේ චිත්‍රේ එනකන්

    ReplyDelete
  27. අඩේ මකර අධිරාජ්‍යයා කියන්නෙ කොණ්ඩෙ බැඳපු චීනෙක් එහෙනං...
    උන්නැහේ ලඟ මෙච්චර පාට ගොඩක් තිබිලත් චිත්‍රෙ පාට කරලා එව්වෙ නැත්තෙ ඇයිද දන්නෑ...

    ReplyDelete
  28. කියන්න වදන් නෑ... චරිත වලට වැඩිය මම රසවින්දේ බැක්ග්‍රවුන්ඩ් ටික... :D

    ReplyDelete
  29. @ඔබ්සර්වර්:
    සිරාවටම අයිය . . එවුවනං විනාසයි . . .

    @පැතුම් හර්ෂණ:
    පාට උඩ ගිහිල්ල . . ඒකයි

    ReplyDelete
  30. අඩේ මැක්සා බන් . .

    උඹේ මේ සිත්තර දස්ස කමෙන් මීට වඩා පල පොරොජන ගන්න ඕනි කියලයි මම නම් හිතන්නේ බන්

    ReplyDelete
  31. ලොකු පුතා,

    අන්න විචාර. දීර්ග විචාරයට ස්තුතියි.
    ............

    සුලඟ, පසන්, ඩූඩී,

    අහවල් එකෙනුත් අඳින්නං පොඩ්ඩක් හිටින්ඩකෝ. කෙහෙල්කොටුව පැත්තෙආවට ස්තුතියි.
    ..............

    මාරයා,
    උඔලා වගේ නෙමේ කකා දැං ජිම් යනවා.
    .............

    මකරා,
    සිත්තර අදින පැත්ත පලාතෙ එන්ඩ දුන්නෙ නැත්තෙ මහන්සියෙන් ඇඳපු සිත්තරෙ පිච්චිලා යයි කියලා.
    ...........

    ඔබා මාමා (බුන්ට සීයා),
    පින්සලක් නෙමේ, කොම්පියුටරයක්.
    ............

    ගීතික,
    බය වෙන්ඩ එපා. එව්වර කල් යන්නැ, අඩුම ඕන්නං අවුරුද්දක් යයි.
    .............

    ඕනේ,
    ඔය ඉඳලා ඉඳලා ඒක කපපු දවසක උදේ.
    ...........

    කුමාරිහාමී,
    වලව්වේ පොටෝ ගොඩක් තියෙනවා. කුමාරිහාමි කව්ද කියලා "අඳුරගන්ඩ" බෑ තාම. ඒකයි පරක්කු.
    .........

    ඉෂාර,
    ඊලග පාර අනිවා අඳින්ඩ වෙයි. නැත්තං ගෙදරට ඇවිදිං බලෙන් ඇඳගෙන යන්නෙ.
    .............

    අසේල,
    මැගසීන් එක පරක්කුවට සමා වන්න. මම ඒක වෙන තැනකින් හරි හොයලා එවන්නම්.
    ...........

    ඉන්දික උපශාන්ත,
    උඔ මයිල් ගැන මනෙ හොයන්නෙ.
    .........

    චතු,
    ස්තුතියි මේ පැත්තෙ ආවට.
    .........

    සිහින,
    ඔය තේරිලා තියෙන්නෙ නියමෙට. ස්තුතියි ඇ....
    ........

    ප්‍රසන්න,
    අන්න ඒකනේ.... තව ඕකට පැටලුණු වයර් ටිකකුත් ගියානං පංකාදුයි නේද?
    ..........

    බුන්ට මාමේ,
    ඊලග පාර එව්වෙ නැත්තං වීසා කැන්සල් හොඳේ....

    ReplyDelete
  32. කතන්දර,

    ඔයා දන්නැද්ද? මේක ගත්තෙ රැවුල කපපු දවසෙනේ......
    ...........

    පැණි දොඩම්,
    ‍මොනවා කියනවද මන්දා:D
    ..............

    උන්නැහේ මාමා,
    ඒක මම හොයාගත්තෙ නෑ අනේ. එක්කෙනෙක්ගෙන් අහගත්තා. හක්ක හක්ක හා....
    ..........

    මධුරංග,
    ඒ ගොල්ල තාම පෝලිමේ.
    ............

    නඳුන් උයන,
    ස්තුතියි ඈ......
    ............

    ඩිලන්,
    පූසගේ චිත්රේ මීයෙක් කාලා.

    ..............
    පැතුම්,
    අධිරාජ්‍යයෝ එහෙම තමා. ඒ ගොල්ල පාට ගාන්නැ. ගාන්නෙ අනිත් අය.
    ...........

    බීටලේ,
    ස්තුතියි පසුබිම් විචාරයට.
    ..........

    දුකා භයියාගේ අවංක ඇගයීම මා සතුටු කොලා.

    ReplyDelete
  33. හිකිස්ය, එලස්ය, පට්ටය..

    ReplyDelete
  34. ෂෝක් අනේ... හරිම ලස්සනයි

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...